2015-12-31

හැපී නිව් ඉයර්...එහෙනම්....

වලි
බලි
අවලාද
මරාගැනිලි
පිස්සු කෙලිම්

2015-12-30

ගුඩ් බායි-යකෝ උඹට වැරදිලා

විභීෂණ බ්ලොග් එක  පටන් ගත්තු කාලේ ඉඳන්  පොස්ටුවෙන් පොස්ටුවට මුණ ගැහිච්ච අපේ "මධ්‍යස්ත මතධාරියා" බ්ලොග් ලෝකෙට ටටා බායි කියපු උගේ පොස්ටුව දැක්කේ අදය.

2015-12-18

ගණිකාවට අපහාස නොකරනු.



 යහපාලනවාදී දත් දොස්තර උන්නැහේ ඊයේ පෙරේදා පට්ටපල් අමු තිත්ත බොරුවක් කටේ දිවේ ගෑවෙන්නේ නැතිව කිව්වා කියා බොහෝ නිවුස් චැනල් වලින් දැනගන්න ලැබුනේය.
උන්නැහේ කට එහෙම ඇද  කරලා කියලා තිබුනේ "රජයේ සේවකයෝ ගණිකාවෝ වගේ" ය කියලා ය.

2015-11-29

බුකියට අහු වුනො...බේරගනියෝ....

අයියෝ...
බෝගලේගම කවුරුත් නැද්දෝ...

විභීෂණ බුකියට අහුවෙලෝ....

2015-11-08

පෙරගමන්කරු නික්මුනේය.



 සුදු වෑන් ඇතුලේ ලියාපු මරණ  සහතික වලින්,
අනේකාකාර තර්ජන, ගර්ජන, බියවැද්දීම් වලින්
රටක් නිශ්ශබ්ද කර තිබුණු යුගයක ,

2015-11-01

උගත් මෝඩකම සමග නූගත් අමනකම

"උසස් අධ්‍යාපනය" කියන මහා ලොකු මෙව්වා එක කරන කොල්ලෝ කෙල්ලෝ බහුතරය අමු මෝඩ රැලක් බවත් ධර්ම චක්කරේ අතේ ගහගෙන කාකි සූට් ඇඳන් ඉන්න එවුන් තනි පට්ට අමනයින් බවත් එදා ඉඳන් කරගෙන ආවා වගේම පෙරේදා කොළඹදී ත් ඔප්පු කරලා පෙන්න්නුව මේක කියෝන හැමෝම දන්නවා විය යුතුය.

2015-10-25

මහා පාර මර උගුලක් කිරීම...

මනුස්සයෙක් මළාම ඒ දේහයට සුදුසු ගෞරව සහිතව අවසාන කටයුතු කිරීම මේ ලෝකේ පුරාම ඉන්න මොකක් හෝ ශිෂ්ඨාචාරය කට අනුව හැඩ ගැහිච්ච හැම ජන කොට්ටාශයකම තියෙන උතුම් සිරිතක් ය.

මේ රටෙත් ඒ දේ එහෙම්මමය.
බෞද්ධ, කතෝලික, හින්දු ,මුස්ලිම් වගේ ඒ ඒ ආගමට වෙන් වෙච්ච ආවේනික වෙච්ච සිරිත් විරිත් අනුව මරණයකදී කටයුතු කරනවා අපි හැමෝම දැක ඇත. ඒ ගැන කිසි විවාදයක් ද නැත.

2015-10-04

අපේ මීඩියා



ලෝකයේ ප්‍රසිද්ධ කියමනකට අනුව "ජනමාධ්‍ය" කියන්නේ රටක සිව්වැනි ආණ්ඩුවය. ඔස්තාර් ලාගේ අර්ථ දැක්වීම් අනුව ප්‍රජාතන්ත්‍රවාදය කියන මන්දිරයේ බර දරාගෙන ඉන්න කණු කීපයෙන් එකක් ය. තව කට්ටියක් කියනා විදියට ජනමාධ්‍ය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ මුර දේවතාවෙක් ය. කවුරු කොහොම මොනා කිව්වත් ඔය කියනා නානාප්‍රකාර ඩෙෆිනිෂන් සියල්ලම අදාළ වන්නේ වලංගු වන්නේ සිටින සිරිඉල්ලන්කාව නමැති අමුතු දූපතෙන් එපිට තියෙන ලෝකයට ය.

2015-10-01

අපට අද රෙදි ඇඳිය හැකිද?(ලෝක ළමා දිනය වෙනුවෙනි)

ලෝක ළමා දිනය කියලා නම් කරලා තියෙන අද දවස , ලෝකේ හැම තැනම වගේ නානාප්‍රකාර වැඩසටහන් එක්ක සමරන්න හැම රටක්ම  වාගේ කටයුතු කරන කොට මෙදා පාර අපිටත් හෙන උජාරුවෙන් සමරන්න අවස්ථාව ලැබී ඇත. ඒ කාගේ වාසනාවට ද එහෙම නැත්නම් කාගේ අවාසනාවට ද කියලා හිතා බලන එක වෙනම කටයුත්තක්ය.
කොහොම වුනත් මෙදා පාර ලංකාව ලෝක ළමා දිනේ සමරන්නේ සුපිරියටම රිහසල් කරලා ඇට්ටි හැලෙන්න ප්‍රැක්ටිස් කරලා ය.

2015-09-20

විලම්භීත ධර්මද්වීප


ඉල්ලංකාව කියන්නේඑක එක වයිවාරන්න නම් ගහපු  බොරු බෝඩ් ලෑලි  වලින් කවර් කරලා තියෙන ගඳ ගහන ගූ ගොඩක් බව වරක් දෙවරක් නොව සිය දාස් වාරයක් ඔප්පු වෙන කාරණයක් බව කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපිට පිළිගන්නට සිදුවෙන තිත්ත ඇත්ත ක්ය .

2015-09-13

උඹට වැරදුනා කෙල්ලේ...

කෙල්ලේ

උඹට මතකද

ආයෙත්
මේ ලෝකෙට එන්න හිතාගෙන
මිනිස්සු එක්ක ජීවත් වෙන්න හිතාගෙන
දහසක් දස දහසක් පෙරුම් පුරපු හැටි

2015-09-09

ඉවරයි ඉවරයි ඉවරයි...ඇති යන්තම් ඉවරයි...

අවුරුද්දක් හෝ ඊට වැඩි කාලයක් එක දිගට වෘත්තිය පාඨමාලා කිරීම යනු සසර කලකිරෙන වැඩක් බව විභීෂණ මේ වෙනකොට තේරුම් ගෙන හමාරය. ඒ බව තේරුම් යන්නට මේ තරම් කාලයක් ගත වෙච්ච එක ගැනත් ඇත්තේ එසේ මෙසේ කනගාටුවක් නම් නොවේ. කතාව මෙසේ ය.

2015-08-17

සමාදානයේ සැතපේවා | Be Rest In Peace

http://sd.keepcalm-o-matic.co.uk/i/keep-calm-and-rest-in-peace-15.png
අවසාන මොහොත මාගේ...
පෝරකය දෑස මානේ...

බුකිය මේ වෙනකොට අසරණ බයියන්ගේ අදෝනා වලින් පිරී ඉතිරී යමින් පවතින බව විභීෂණ බොහොම අනුකම්පාවෙන් යුක්තව පවසන්න කැමතිය. 

2015-07-31

එක | ONE

විභීෂණ කියන ආරූඪ නමින් පෙනී ඉන්න මම "විභීෂණ අඩවිය" පටන් ගන්න කලියෙන් අවුරුදු දෙකක් විතර බ්ලොග් ලෝකේ එහෙට මෙහෙට රස්තියාදුවේ රවුම් ගගහා හිටපු චරිතයක් විය.

2015-07-26

කිලෝ විස්සකුත් ගැහුවා එහෙනම්...



මෙහෙම වෙනකන් 
විභීෂණ අඩවිය විසිට් කරපු , ලියාපු පොස්ට් කියෝපු , කමෙන්ට් කරපු , වලි දාපු බැනපු හැමෝටම 
දෙවැනි විභීෂණ ගේ 
හදපිරි ස්තුතිය.

2015-07-24

බයියන් සීනුවටත් බයයි

මහින්දගේ නව පංච මහා බලවේගය( කුඩු, එතනෝල්, කැසිනෝ, ගණිකා, කප්පම්) ට අයිති එවුන් එක්ක උන්ට කඩේ යන මැටි බයියෝ ටික මේ දවස්වල දේශපාලන තුන් බියකට හොඳටෝම සහලෝලා බය බිරාන්ත වී ඇත.

නිට්ටාවටම බය වෙලා කියලා තේරුම් යන්නේ මේ තුන්බියට අදාළ චරිත සහ කණ්ඩායම් වලට මේ මැටි බයියෝ අම්ම මෝ නැතුව කුණුහරුපෙන් බනින හැටි දැක්කා මය. 

2015-07-18

කණ කුඩු කරන බුරුම හවුල

බුරුමය කියලා හඳුන්වන දේවල් දෙකක් ඇත. එක බුරුමයක් තියෙන්නේ ආසියාව කියන මහාද්වීපයේ ය.රටක් ය.
කාලාන්තරයක් තිස්සේ බුරුමය කියලා හඳුන්වපු ඒ රටට දැන් කියන්නේ මියන්මාරය කියලා ය.  විභීෂණ දන්නා විදියට මේ රටේ අතිශය බහුතරය ථෙරවාදී බෞද්ධ යින්ය. මම කියාපු දේ වැරදිනම් සමාවෙලා මව නිවැරදි කරන සේක්වාය.

2015-07-15

හරි පුදුම ආප්පේ..

දහයට හැම තැනමත්
දෙසීයට එක තැනකත්
ගන්න තියෙන

2015-07-10

බුද්ධිමතුන් හොයන මෝඩයින්.


පහුගිය ඉරිදා මරදානේ ඉස්ටේසමේ ඉන්නකොට ත් හොඳට ඉඩ තියෙන කොච්චියටත් නවත්තලා තියෙද්දී නගින්නේ නැතිව ඒක අද්දන කොට ෆුට් බෝඩ් එකේ පහලම එකට එක කකුලක් තියන් හෙන පොරවල් වගේ යන වාහෙලා දහ පාලොස් දෙනෙක්ම දකින්න විභීෂණ ට පුළුවන් විය. හැමදාම ඔය වගේ එවුන්ව ඕන අතරම දැකල තිබ්බත් එදා අපේ මහජනතාව ගැන එයාලගේ බුද්ධිමත් කම ගැන මොකක්දෝ අමුතු අදහසක් විභීෂණ හිස මත කඩා පාත් විය.

2015-07-04

මෙතෙ බුදුන් පහල විය!!! සාදු කියපියව් ඩො...


දුක , දුකට හේතුව , දුක නැති කිරීම , දුක නැතිකිරීමේ මාර්ගය කියාදුන් ගෞතම බුදුන් ගෙන් පසුව මෛත්‍රී බුදුන් ගේ ආගමනය හැම බෞද්ධයෙක්ගේම ප්‍රාර්ථනාව ය. ගෞතම බුදුන් ගේ පිළිම හදනවා වගේම මෛත්‍රී බුදුන් ගේ පිළිමත් මේ විභීෂණ ඉඳ හිට තැන් තැන් වල දැක ඇත. නිවන් දකින්න  මධ්‍යම ප්‍රතිපදාව ගෞතම බුදුන් ඉගැන්නුවා වගේ ම දෙයක් මෛත්‍රී බුදු හාමුදුරුවොත් අනාගතේ උගන්නනු ඇත.

2015-07-01

මුදලාලි විවරණය( කඩේ යන ගමන් )


කඩේ යනකොට මුදලාලි කියපු වචන.

ඉන්ටවල් ඉවරයි | Restarting the Blog...

වෙල්කම් බැක් කිව්වලු...(කවුද කියලා එහෙම අහන්ඩ එපා ...ok?)

සති තුනක් තිස්සේ එග්සෑම් එහෙකට නැහිලා නැහිලා , පහුගිය හෙනහුරාදා ඒකත් ලියලා ඉවර කරලා ඔන්න ආපහු විභීෂණ බැක් ටු ද බ්ලොග් .

2015-06-07

සොඳුරු මතකයන් මා හදේ අවදිවී...

සොඳුරු මතකයන් මා හදේ  අවදිවී...
සිහින ලෝකයේ...
ම හද පාළුවේ...

නින්ද නැති මේ පාලු රාත්‍රියේ ..
මගේ ප්‍රේමියේ...
ම හද පාළුවේ...

සුරඟනක් සේ මා ඔබ දුටුවේ...
සුමුදු වදනින් මාහට දෙඩුවේ...
ආදරේ සුවඳින් මහද පිරී...

ඈත අහසේ තරුවැල් අතරේ..
අපගේ ආදරේ සුසුමන් සැරුවේ...
ඇයිද අද මා තනි වීලා මෙලෙසේ...

සිතුවිලි මා හද රිදවන්නේ...
සැම තැන ඔබේ රුවමයි දැන් ඒ....

සොඳුරු මතකයන් මා හදේ  අවදිවී...
සිහින ලෝකයේ..
ම හද පාළුවේ...
නින්ද නැති මේ පාලු රාත්‍රියේ ..
මගේ ප්‍රේමියේ...
ම හද පාළුවේ...

කඳුකරයේ සීත වසන්තේ..
කිවූ පෙම් බස් ඔබගේ තුරුල්ලේ..
මතකයන් පමණි සිහින ලොවේ..

මිරිඟුවක් සේ දෑස් ඉදිරියේ..
ඇයිද මෙලෙසේ මහද තනි කලේ...
අන්ධකාරේ මා තනිකර මෙලෙසේ...

සිතුවිලි මා හද රිදවන්නේ...
සැම තැන ඔබේ රුවමයි දැන් ඒ....

සොඳුරු මතකයන් මා හදේ  අවදිවී...
සිහින ලෝකයේ..
ම හද පාළුවේ...
නින්ද නැති මේ පාලු රාත්‍රියේ ..
මගේ ප්‍රේමියේ...
ම හද පාළුවේ...

සසර පුරා ඔබ සොයමින් සැරිසරා..
මන්ද මේ ලෙසේ මහද තනි කලේ..
සොඳුරු මතකයන් මා හදේ  අවදිවී...


------------>.>
Song Sonduru Mathakayan by Bonnie Fabion ft Aruna Lian.
This song written by Bonnie/ Aruna

2015-06-03

ජාතික ගඩොල් සංහිඳියාව


මීට ටික දොහකට කලින් විභීෂණ මේ රටේ තියෙන සිමෙන්ති වන්දනාව ගැන ලිපියක් ලිව්වේය. ඊට පහු කාලෙක මළකුණු වන්දනාව ගැනත් ලිව්වේය.එව්වා කියෝපු සමහරක් , මම ආගම් වලට අපහාස කරනවා කියලා කියාගෙන මා එක්ක ඩිජිටල් වලි වලට ද සැට් විය. ආගම් වල වැරදි ඕනෑතරම් ඇත. අවශ්‍යමනම් කිලෝ ගානට වුනත් කිරා බෙදා හරිය හැකිය. ඒ වැරදි ගැන අපි කරන විවේචන තමතමුන්ගේ ආගම් වලට වෙන අපහාසයක් විදියට පෙන්වා නම් උන් ආගම ඉගෙන ගෙන තියෙන විදිය ගැන අපිට හොඳ හැටි හිතා ගන්න පුළුවන.

2015-05-24

මිනි කාක්කන් ගෙන් ප්‍රවේසම් වෙමු

යාපනේ ප්‍රදේශයේ හිටපු තරුනියක්ව දූෂණය කර මරා දැම්මේය. උතුර වගේම දකුණත් මේ වෙනකොට  ඒ සිද්ධිය හින්දා එකසිය ගානට රක්ත තපත වී ඇත. එත් විභීෂණ ට පෙන විදියට දෙපැත්ත රත් වෙලා තියෙන්නේ දෙවිදියකට ය .

2015-05-17

විරහව ලද මතකය


පළමු රැකියාව ය.
ගොස් වසර දෙකක් පමණය
 
ඇය පහල නිලයකය
මට පියවරක් පමණ .
මගේ නිලයට ම ඇය 
උසස් විය ටික කලකින්ම .
අලුත් ජොබ් එකේ 
අලුත් දේවල් 
දැනකියා ගන්න ඈ 
ආවේ නිතරම මා ගාවටය

2015-05-14

හරකා සහ භූමිකම්පා ව



නෙපාලේ ඇති වෙච්ච මහා භූමිකම්පාවයි, එකෙන් ඇති වෙච්ච දරුණු විනාසෙයි අද ලෝකේ හැමෝම කතා කරන ටොප්ම ස්ටෝරිය බව විභීෂණ අමුතුවෙන් කිව යුතු නැත .එයින් බහුතරය, අතිබහුතරය කතා කරන්නේ ඒ රට ආපහු ගොඩනගන්නේ කොහොමද, භූමි කම්පාවේ බලපෑම මොන වගේද, එක අනාගතේට බලපාන්නේ කොහමද වගේමුළු ලෝකෙටම වැදගත් කරුණු කාරනා ය.

2015-05-06

බෝඩිම

මෙන්න බෝඩිම.....


2015-05-02

තොට ඔහොම වෙලා මදි

යකෝ,
ඔච්චර මහන්සි වෙලා ඉගෙන ගෙන , 
කැම්පස් ගිහින් ඩිග්රි ත් ගහල, 
ඊට පස්සේ  උඹ වගේම දුක් මහන්සියෙන් ඉගෙන ගෙන 
කැම්පස් ආපු කොල්ලෝ කෙල්ලන්ට උගන්නන 
ඩොක්ටර් කෙනෙකුත් වෙලා 
කැම්පස් වල ඉන්න අනික් සර් ලා මැඩම් ලා වෙනුවෙනුත් පෙනී ඉඳලා, 
ඒ මොකුත් ඕන නෑ 
රටම පිළිගන්න උගතෙකුත් වෙලා 

2015-04-30

The කොන්ද


කොන්ද කියන්නේ මහා පුදුම අයවැයකි.අයවයවකි අවයවයකි. මේ කූර සමාජය ඇතුලේ යාන්තමින් හරි ඔලුව උස්සන්න පුංචි හො කොන්දක් තිබිය යුතුය. ඒ වගේම "කියන්න තියෙන දේ කෙලින්ම කීම "නමැති දරුණු පාප කර්මය පලිසන් දී හදිසියෙන්ම අර කියාපු කූර සමාජෙන් හිටිහැටියේ වලකජු ගැසීමට අවස්තාවක් උදාවීමටත් ඔය කියන කොන්ද මූලිකම සාධකයක් වෙන්නේ මොකද කියල කියන්න උවමනා නැත.

2015-04-19

ධාතු සහ මළකුණු

ඉල්ලන්කාවේ බෞද්ධ සහ කතෝලික යන ආගම් දෙකේම ඉන්න අම්බරුවන් රැලකට පුදුමාකාර ධාතු පිස්සුවක් සැදී ඇත. ධාතු කිව්වේ අර අරවා ධාතු නොවේ. එව්වා ගැන වුනානම් ටිකක් හරි හිත හදා ගන්න පුළුවන් වුනත් කරුමේ කියන්නේ මුන්  සේරම පිස්සු වැටිලා ඉන්නේ ලෝක පූජිත මනුස්සයින්ගේ ශරීර කොටස් වලට වීමය.

2015-04-18

හැර ගියේ නැත

බ්ලොග් ලෝකය තුල මා හිතවත් සියලුම දෙනා වෙතයි,

හදිසියේ ම ඇති වූ කාර්මික දෝෂයකට පින් සිද්ධ වෙන්නට යසට තිබූ විභීෂණ laptop එක top lat එකක් බවට පත්විය. ඒ නිසා අකාලයේ මාසයකට ආසන්න කාලයකට විභීෂණ බ්ලොග් අවකාශය තුල අතුරුදහන් විය. මේ හේතුව නිසා විභීෂණ යන නමත් "නොකියාම ගිය " බ්ලොග් කරුවන්ගේ ලැයිස්තුවට ඇතුල් කලානම් හෝ කරන්න සිතුවා නම් එසේ නොකරන ලෙස මෙසේ විභීෂණ ඉල්ලා සිටී.

මේ වනවිට ඒ TOPLAT එක නැවතත් යසට වැඩකරන laptop එකක් බවට පරිවර්තනය කර ඇති හෙයින් ආපසු බ්ලොග් ලෝකේ කරක් ගහන්න පට්ටං ගත්තෙම්.

ඉතින් ආපහු සැට් වෙමු එහෙනම්..

මීට
දෙවැනි විභීෂණ
2015-04-18


2015-03-25

අනාගත ජනාධිපති අතිගරු පුස්වෙඩිල්ල | The Future President HE. Puswedilla

දැකලා පුරුදු නොවෙන්න පුළුවන්. 
එත් හොඳටම අත්දැකලා පුරුදු නාට්‍යයක් කෝළමක්.





මොකද හිතෙන්නේ....????

2015-03-21

දෙමළ අජීරණ වීම | Fucking Sinhala Extremists

මේ ලංකාව අයිති සිංහලයින්ට විතරයි කියල හිතන ගොන් බඳින කණු ටික මේ දවස් වල රටේ ජාතික ගීය අල්ලාගෙන අම්බානෙට කුලප්පු වෙලාය. ජාතික ගීයේ දෙමළ පරිවර්තනෙ ගායනා කරන්න මීට පස්සේ කිසිම බාධාවක් නැහැ කියලා ජනාධිපතිවරයා කිව්වා කියලා මුන් ටික දැන් ඉන්නේ පුක දාච්ච නරි වගෙය. මේ නරි සේරම මේ වෙලාවේ තොරතෝංචියක් නැතිව මෛත්‍රී ට මඩ ගහන්න පටන් අරන් ඇත. ජාතියේ අවාසනාවක් ගැන දුක් ගාවිනා ගයන්නට පටන් අරන් ඇත. මෙහෙව් අවජාතක නරි රැලක් රටක සිටීම ඇත්තටම මුළු රටම කරලා තියෙන මහා පවුකාර කමක් ය.

2015-03-20

ජාතික ආණ්ඩුවෙන් සේරම හරියයි ද | Will everything OK with a National Government?

අපි අහල තියෙන විදියට ජාතික ආණ්ඩුවක් කියල කියන්නේ රටේ පාලනය නිවැරදි ලෙස ගෙනියන්න පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම පක්ෂයක්ම එකතුවෙලා එකට යන ගමනක් ය. ඔව්ව ඔහොම ලේසියෙන් කිව්වට බොහොම උසස් සංකල්පනා ය. හරියට තේරුම් ගන්නත් , හරියට කරන්නත් බුද්ධිමත් ( ඩිග්රි කාරයෝ විතරක් නොවේ ) නායකයින් රටට අවශ්‍ය ය. මොකක්දෝ හේතුවකට එහෙම නායකයින් මේ රටේ නැත. ඉන්නවනම් ඉන්නේ ඒ ලඟට එන එවුන් කීප දෙනෙක් විතරය.

2015-03-14

මම කුඩු ගසමි ( බ්ලොග් ලියමි ) | Addicted to Drugs ( Blogging)

කුඩු ඇබ්බැහියකි. විභීෂණ කුඩු ගහලා නැත.
බ්ලෝග කලාවකි. විභීෂණ බ්ලොග් ලියන්නෙකි.
අහෝ බේදයකි..

2015-03-12

අපි යහපාලනේ ගැන කලකිරිලද? | Are we dissapointed on YAHAPALANAYA ?


 
මුළු රටක් ම එකතු වෙලා මෛත්‍රී සහ එයාගේ යහපාලනේ ට රට බාර දුන්නට මොකද යහපාලනේ ඇතුලේ ඉන්න "වෙන්ඩ පොරවල් " ටික මේ දවස් වල ඉන්නේ ඇදගෙන නාන ගමන් ය. හැංගි හොරා නොව අමු නිර්වස්තරෙන් පට්ට ප්‍රසිද්දියේ ය. මුලින්ම නෑවේ ඇවන්ගාඩ් ලිඳෙන් ය.තාමත් ඉවර නැත . මේ දවස්වල නාන්නේ මහා බැංකු ලිඳෙන් ය. නාන්න පටන් ගත්තා විතරය . ඊයේ පෙරේදා ෆුල් ෆේස් ළිඳකින් ද යාන්තමට නාගෙන මේ වෙනකොට තාවකාලිකව ලිඳෙන් එලියට ඇවිත් ඇත.
තව මොන මොන ළිං වලින් හෙට අනිද්දා ට නාන්න සිද්ද වෙයිද කියල දෙයියොත් ඉන්නේ දෙගිඩියාවෙන් ය.

2015-03-02

සතියක ට වැනිෂ්

මාතෘකා නම් එමටය.
ලියන්න කොටන්න බොහෝ දේවල් ඇත.
එත්
exam විභාගයකට සූදානම් වීමට ඇත.
ඒ නිසා මේ වෙනකොට වෙලාව යනු රත්තරන් ය.

ඉල්ලන්නේ පුංචි සමාවක් ය.
විභීෂණ නිවාඩු යන්නේ සතියකට විතරය .

ආපහු ලබන ඉරිදා හම්බුවෙමු.

හැමෝටම සුබ සතියක්.

2015-02-17

සංගණනයට හෙළ rap උත්තමාචාරය

\
ජනවාරි -9 වෙනිදා -ලෙසටම -කිච වුන
පිලිකන්නේනුත් එලියටම -වැටුන
හතර හන්දි -පන නැති-මී හරක් -රෑන
ඔන්න මචන්- සැට් වෙනවලු-නුගේගොඩට  -දෙක/දහ අට

2015-02-11

එලෝමුද මූව ?

එලෝමුද මූව?

ආ ???

එ-ල-ව-මු-ද  මූ-ව ?

2015-02-07

ISIS සහ ඉස්ලාමයේ සාමය

දැනට මාස කීපෙකට කලින් ඉපදිච්ච ISIS කියන තක්කඩි අන්තවාදී තුප්පහි කල්ලිය ගොවියෝ ගොයම් කපන්නා වගේ උන්ගේ අත්අඩංගුවේ ඉන්න අන්‍යාගමිකයන් ගේ  අන්‍ය ජාතිකයින්ගේ බෙලි කපන්නේ අහරේ මෙහෙ හැංගිලා නොව ලෝකෙටම පේන්න එළි පිටම ය. මරාපු මිනිස්සුන්ගේ බෙලි බාල්දි වල දාලා තියෙන ෆොටෝ දහස් ගණන් මේ දවස් වල ජාලේ එහා මෙහා සරි සරන්නේ මේ මොලේ පිළිකා කාරයින්ගේ අසනීප තත්වේ ලෝකෙට ම පෙන්නුම් කිරීමට ය.  ඒවායේ ෆොටෝ මගේ මේ බ්ලෝග  ඇතුලේ දාන්න විභීෂණ කැමති නැත. කැමැත්තෝ google දෙයියෝ ලඟට මන්ගච්චලා "ISIS Brutal " කියලා image search එකක් දුන්නා නම් මේ පාහරයින්ගේ වැඩ කිඩඅඩු  නැතිව බලාගන්න පුළුවන.

2015-02-04

එකයි හතරයි කිලෝ දහයයි

විභීෂණ ට අද උදේ එකයි හතරක් ලැබුණි. 
එකයි තුන ලැබුනේ මීට මාස දෙකකට පොඩ්ඩක් විතර කලින් ය. එදත් මේ වගේ පොස්ටුවක් ගහලා පුංචියට වගේ සැලිබරේට් කලේ ඉතින් තාමත් අපි මේ බොගලේගම පොඩි එවුන් හින්ද ආපු සන්තෝස මෙව්වා එකට ය. එකයි හතර වගේම එකයි තුනත් නිකම්ම අමතක කරලා දැමිය යුතු අවස්ථා නොවේය.

2015-02-03

මහින්ද වෙත ආදරයෙන්














හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාණෙනි,

මේ ලිපිය ලියන්නේ විභීෂණ වන මමද ඇතුළුව රටේ අකුරු කියවන්න දන්නා සහ පත්තරයක් සල්ලි දීල ගන්න පුළුවන් හැමෝම වගේ මේ ඊයේ පෙරේදා දවස් දෙක තුනේ දකින නිවුස් එකක් ගැන මගේ පෞද්ගලික මතය ඔබ වෙත දැක්වීම පිණිසය.

2015-01-31

වැඩ ඉවර නැත ( PART I )

අපි ගහක් කැපුවෙමු.

එසේ මෙසේ ගහක් නොව එක මහා වෘක්ෂ රාජයෙක්ය. අතු පතර හැම තැනම විහිදා ගොස් තිබුණු පලාතම අල්ලාගෙන හිටපු මේ ගහේ හෙවනැල්ල යට හැම කුණු ගොඩම හැම කුණු වැඩේම නොපෙනී ගොස් තිබුණි . හැම නරියාම හැම බල්ලම  මොන අලුගුත්තේරු වැඩේ කලත් මේ ගහේ අස්සේ රිංගා ගත්තාම ආයේ සක්කරයට වත් හොයන්න බැරිය. හොයන්න ආපු එකාටත් වෙන්නේ අන්තිමේදී ගහ අස්සේ හිරවෙලා අතුරුදහන් වෙන්න ය.

ඒ හින්දා මේ ගහ කපන්න ඕන කියල කාලයක් තිස්සේ අපි කතා කර කර හිටියෙමු. එත් කපාගන්න විදියක් තිබුනේ නැත.

එත් මේ ළඟදී හොඳ හයිය හත්තිය තියෙන CHAIN SAW එකක් එක්ක පට්ට වැඩකාරයෝ සැට් එකක් එක්ක එකතු වෙලා මේ පජාත ගහ කපල අයින් කරන්න අපිට පුළුවන් විය. එක අස්සේ හැංගිලා තිබ්බ කුණු කන්දල් පේන්න පටන් ගන්නේ දැන්ය. එව්වා පට්ට ගඳය. පළාතේ යන්න බැරිය.

2015-01-29

ලෝකේ හිනැස්සවීම සහ අන්ධ ගෑනි බලු වීම


මිනිස්සු හිනැස්සවීම කියන වචනේ අහන්න ලේසි වුනාට කරන්න බොහොම අමාරු දෙයක් බව විභීෂණ ත් කියෝන ඔහෙලත් හොඳින්ම දන්නා කාරනාවක් ය. විහිලු සපයන්න හැකියාව නැති එවුන් නොදන්නා රෙදි කඩමාලු කරන්න ගිහින් ඇදගෙන නාන අවස්ථා ඕන තරම් අප දැක ඇත.

ඒ කියන්නේ මිනිහෙක්ව හිනස්සවන්න පුළුවන් කියල කියන්නෙත් එක්තරා ආකාරයක පට්ට ටැලන්ට් එකක් බවය . එව්වා ඔය හැමෝටම කරන්න බැරි ය.

මිනිස්සු හිනස්සවන එක එච්චර අමාරු නම් ලෝකේ හිනස්සන එක කොච්චර අමාරුද කියල තේරුම් කරන්න මෙතන අමුතුවෙන් උදාහරණ දෙන්න අවශ්‍ය නැත.

එත් ඉතින් ඔච්චර අමාරු වැඩේ කජු කනවටත් වඩා ලේසියෙන් කරන්න පුළුවන් හැබෑම දස්ස යස්සයෝ ටිකක් ඉල්ලන්කාවේ ඉන්න බව නම් හැමදාම වගේ අපේ ඇස් පනා පිට ඔප්පුවෙන කාරණයක්ය.

2015-01-26

මූණු දෙකේ කෝලම

දැකල තියෙනවද මූණු දෙකේ කෝලම් .
දේශපාලනේ නම් තියෙන්නෙම ඕව තමයි. 
එත් මූණු දෙකක් නම් නෙවයි.
ඒ වුනාට මේ තියෙන්නේ දේශපාලනේ තියෙන කෝළමක් නෙවෙයි.
අවුරුදු ගානකට කලින් ඒ කියන්නේ විභීෂණ ත් පැටියා කාලේ වේදිකා ගත වෙච්චි , පස්සේ කාලෙකදී ටී වී එකෙත් පෙන්නපු ,
දයානන්ද ගුණවර්ධන ගේ "මධුර ජවනිකා" වේදිකා නාට්‍යයෙය් තමයි මේ මූණු දෙකේ කෝලම තියෙන්නේ. 
පරණ වුනත් පට්ට නිර්මාණයක්.
ඔහෙලා ඕන තරම් දැකලත් ඇති.
පොඩි වෙනසකටත් එක්ක තමයි මේවගේ එකක් දැම්මේ.

මම මෙතන විචාර දෙන්න යන්නේ නැහැ.
බලන්නකෝ කොහොමද වැඩේ කියල ..


2015-01-25

හිටං විප්ලවේ අතුරු කතාවක්




විභීෂණ ගේ ඔපීසියේ වැඩකරන විභීෂණ ට බොහොම හිතවත් "නිලධාරී තැන්පතී " ලා කීප පොළක්ම පහුගිය දවස් ටිකේ මරා ට බැහැගෙනම වැඩ කළේය . එත් ඉතින් මුන් අපි වගේ බ්ලොගක් බලලා, බුකියේ රවුමක් ගහලා රටේ දේශපාලනේ ගැන ඇඹිටිල්ලන් දැනුමක් වත්  තියෙන එව්වෝ නොවේය. දේශපාලනේ ගැන මුන්ට වඩා දැනුමක් අපේ ගෙදර ඉන්න පෑස් පුට්ටා ටත් ඇත.
මෙයාල ගැන විභීෂණ කියන්න කැමති මෙන්න මෙලෙසය.

2015-01-10

සීයට හතලිස් අටේ අවජාතකයෝ

ජය ගත්තෝ ජයපැන් බොති. පැරදුනු එකා ශිෂ්ඨ සම්පන්න ජාතියක උපන් සුජාත දරුවෙක්  නම් මේ වෙලාවට කරන්නේ පරාජය වුනත්  ජය ගත් එවුන්ට සුබ පතන අතර ජයග්‍රාහකයාගේ අලුත් ගමනට හැකි පමණ සහය දෙන එකය.

එත් මේ ගෙවෙන්නේ රටේ කරුමෙට  පහලවෙච්ච අවජාතක සූකර රෑනක් විසින් ආපහු රටට කෙලවන්න, රටට ආපහු ලෝකයා ඉස්සරහ ලජ්ජා කරවන්න පුක ඉරාගෙන ඇට පලාගෙන වැඩ කරන මහා අශීලාචාර ත්‍රස්තවාදී නිමේශයක් ය.

2015-01-09

වීරයා නුඹයි මැකෝ

මෛත්‍රිපාල සිරිසේන මහත්තයා මේ වෙනකොට ශ්‍රී ලංකාවේ ජනාධිපති වී අවසන් ය. මේ මොහොත වෙනුවෙන් උන්නැහැගේ විපක්ෂ සන්ධානයට කරන්න සිද්ධ වුනේ මහා මෙහෙයුමක් සහ ඇති විශාල කැප කිරීමක් ය.

තමන් හීනෙකින්වත් හිතපු නැති මහා මඩ ප්‍රහාරයකට, තර්ජන ගර්ජන සමූහයකට මූන් දෙන්නට මේ විපක්ෂේ නායකයන්ට සිද්ද විය.