2015-02-03

මහින්ද වෙත ආදරයෙන්














හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාණෙනි,

මේ ලිපිය ලියන්නේ විභීෂණ වන මමද ඇතුළුව රටේ අකුරු කියවන්න දන්නා සහ පත්තරයක් සල්ලි දීල ගන්න පුළුවන් හැමෝම වගේ මේ ඊයේ පෙරේදා දවස් දෙක තුනේ දකින නිවුස් එකක් ගැන මගේ පෞද්ගලික මතය ඔබ වෙත දැක්වීම පිණිසය.
කියන්න යන්නේ වෙන මොකක්වත් ගැන නොව තව තුන් මාසෙකින් එන්න හදන ඡන්දෙට ඔබතුමා අලුත් පක්ෂේකින් අගමැති අපේක්ෂකයා විදියට ඡන්දේ ඉල්ලන්න යන්න හදන ඒ නිවුස් එක ගැනය.

ඔබතුමා අගමැති අපේක්ෂකයා නෙවේ ජනාධිපති අපේක්ෂකයා විදියට ඉදිරිපත් වුනත් අපි කනගාටු වන්නේ වත් බය වන්නේවත් නැත. ඒ අපි වගේම අඩුම ගානේ තව ලක්ෂ හැට දෙකක ජනතාවක් ඔබ තුමාට ඡන්දය නොදෙන නිසාය. ඒ ගැන කිසි සැකයක් හිතාගැනීමට අවශ්‍යතාවයක් නැත.

ඔබ තුමාට ආපහු පාරක් ඡන්දේ නොදෙන්න හේතු මෙතන දක්වන්නේ නැත. නිදහස් වෙලාවක නිවී සැනසිල්ලේ කොම්පුටරේ දාගත්තු වෙලාවක මගේ නොව අපේ මාතලන්ගේ බ්ලොගේ  හරි පැරා ගේ බ්ලොගේ හරි ජනවාරි 8 ට කලින් ලියාපු එව්වා  post by post කියෙව්වොත් සහ සුද්දෙන් , පිරිසිඳු හිංගලෙන් පරීක්ෂණ නිරීක්ෂණ නිගමන එක්ක දැන  ගත හැකි වනු ඇත.

ඒ මොනවා වුනත්  විභීෂණ වගේම අර  "අඩුම ගානේ ලක්ෂ හැට දෙකත් " කනගාටු වන වෙනත් එක කාරණයක් ඇත.

ඒ ඔබ තුමා ඡන්දේ ඉල්ලන්න යන පක්ෂේ ඔබ තුමා ට බැක් කරන්න  ඉන්නේ , පට්ට ලවු වගේ පෙන්න පෙන්න ඔබතුමාව එක පාරක් නොව සිය දහස් පාරක් රට ඉස්සරහ අපහාසයට ලක්කරපු, මගෝඩි කම් වලට ඩිග්‍රී ගහපු , වසලකම් වලට පී එච් ඩී ගහපු  , කුනුකතාවලට ,ගොබ්බ කතා වලට ,මඩ කතාවලට සහ පාවා දීම් වලට මාස්ටර්ස් ගහපු පට්ට පජාත මූසලයෝ හතර පස් දෙනෙක් වීම ය.

අර උදේ හවා "අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ ", "අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ " කියා කියා තප්පුලන පච වංශ යා දැන හෝ නොදැන කලේ ඔබ තුමාට තිබ්බ ඡන්ද ටිකත්  පුළු පුළුවන් හැටියට නැති කරපු එක ය. ඒක ඌ දන්නවා ද නොදන්නවා ද කියන උගේ ප්‍රශ්නයක් ය.එත් ඔබතුමා නොදන්නවානම් එක ඔබේ මෙන්ම රටේද ප්‍රශ්නයක්ය.

ජාතියේ බෙල්ල බේරගන්න  කියලා හිටං ඔබතුමා ගාවට දඩි බිඩියේ ඇවිත් මෛත්‍රී ට මඩ ගහන්න ගිහින් ඔබතුමාගේ නැෂනල් සූට් එකේ වගේම සාටකෙත් මඩ ගාපු ,ජාතියේ බෙල්ලට කොහොම වෙතත් ඔබ තුමාගේ බෙල්ල චකබ්ලාස් කරපු අර සුපියල් සීයේ හිඟන්නා විදියට පතල නමක් තියෙන ගෙම්බන්පිල ,
මූ කලෙත් අර වංශ යා කරපු ටිකේ සබ් කොන්ත්‍රාත්තුවක් ය.

මේ දවස් වල ජුදාස් ස්කාරියොත් ඒ කියන්නේ අර  කාලෙකට ඉස්සර ජේසු තුමාව නායක පූජකයින්ට අල්ලලා දීපු මනුස්සයත් ඊළඟ ආත්මේ ඉපදෙන්න කලින් උපදෙස් ගන්නේ මේ හොරිකඩයෝ දෙන්නගෙන් ය.

පරණ වමේ ( මෙය මේ වනකොට කාගේදෝ අධෝ මුඛයක සැඟවී ඇත) වාටු නාසු ත් , තිත්ත විතා-රෙන තේ ඉන්නේ ඔබතුමාට කෙළවන පෙරමුනේය. එත් මුන්  ගැන නම් ඔබතුමා වැඩියේ බය වෙන්න උවමනා නැත. මොකද කියනවානම් උන්ට  ඔබ තුමා ට තියා උන්ට  වත් කෙලෝ ගන්න තරම් හයිය හත්තිය නැති හින්දය. උන් ගේ ත්‍රී වීල් එක ඒ තරම් ම පවර් ෆුල් ය. සැමදා කහින්නේ ණයට ය.

මුන් ඔක්කොම කලේ ඔබතුමාව ජනාධිපති කමේ තියාගෙන, මහා රජාණෙනී කියල ඔබ තුමා ට දුම්  අල්ලලා පහන් පත්තු කරලා  පුළුවන් තරමට ඔබ තුමාව අන්දලා උන් දන්න සේරම වලත්ත වැඩ , බලු වැඩ රට වටේම කරපු එකය.

එත් උන් ඔබතුමාට ඇන්දෙව්වේ එසේ මෙසේ රෙදි නොව සීතාම්බර සළු පිලි බව අවශ්‍යම කරන වෙලාවේදී ඔබ තුමා තේරුම් ගත්තේ නැත.

ඒ මොනා වුනත් අපේ ලක්ෂ හැට දෙකේ අති බහුතරයත් කියන එක දෙයක් ඇත. ඒ අපි ඔබතුමාට විරුද්ධව මෛත්‍රී ට ඡන්දේ දුන්නේ ඔබ තුමා එක්ක තිබ්බ කිසිම තරහවක් හින්දා නොවය.

යුද්ධෙ දිනපු වෙලේ රටේ අපි හැමෝගෙම නායකයා වෙලා හිටියේ ඔබ තුමාය. ඔබ තුමා ඒ කාලේ කොන්ද කෙලින් තියාගෙන ගත්තු ඒ තීරණ ගැන අදටත් අපි ඉන්නේ බොහොම ගෞරවයෙන් ය.

එත් ඒ ගෞරවය නැති වෙන්න ගියේ මහා ලොකු කාලයක් නොවේය. යුද්ධෙ දිනපු ඔබතුමාට රටේ මිනිස්සු දිනා ගන්න පුළුවන් වුනේ නැත. එදා ඡන්දේ දීපු මිනිස්සුන්ට වඩා ඔබ තුමාට ඔය මම කලින් කියපු එවුන්ද පවුලේ සම-හරක් ද ඇතුළු පඩත්තල යින් ව ලොකු වුනේය.

යුද්දේ අන්තිම කාලේ ප්‍රභාකරන් ව බේරගන්න කියලා හිටං මෙහෙ ආපු එක සුද්දෙකුටවත් බය වෙච්ච නැති ඔබතුමා අර පඩත්තල යින්ට කොන්ද නැමුවේය. ඔබ තුමාගේ "චින්තනේ" ට අනුව නොව උන් ට ඕන කරන හැටියට රට කරවීය.

වැරැද්ද උනේ ඔතනය. තේරුම් ගැනීම මේ දවස්වල විවේක සුවයෙන් ඉන්න ඔබතුමාගේ වගකීමය.

ඔබතුමාට විරුද්ධව කවුරුහරි මතයක් ඉදිරිපත් කරපුවාම ඊට විරුද්දව බුරාගෙන පැනපු අර පාදඩ බල්ලෝ බිරුවේ නිකම්ම නොව ඔබතුමාගේ ගේ පුරාම කක්කි කර කර හුජ්ජ දම දම බව අපි එදාම තේරුම් ගත්තත් ඔබතුමා තේරුම් ගන්නකොට පෙරහැර ගොස් අවසානය.

දැන් මේ පජාත බල්ලෝ හදන්නේ ආපහු ඔබ තුමා ට කෙලවන්නය.

මේ වෙනකොට ඔබ තුමාට ලක්ෂ 57ක ඡන්ද ලැබී ඇත. එත් අර වසල හැත්ත එක්ක වෙනම ඡන්දේ ඉල්ලුවොත් නම් ආපහු ලක්ෂ 57 ක් ගැන කතා බහ කර අවසාන වන බව මත තබා ගන්න එක ගොඩක් ප්‍රයෝජනවත් ය . බනිස් වෙන්න වත් බඩු ඉතුරු නොවෙන බව ස්ථීර ය. ඒකාන්තය.

ඔබේම යහපත වෙනුවෙන් අපි ඉල්ලන්නේ එ දේ තේරුම් ගන්න ලෙසය.

අද පැරදිලා ගෙදර හිටියත් යුධ ජයග්‍රහණයේ වැඩි ගෞරවය ඔබ තුමාට ය. ලක්ෂ 57 ට මෙන්ම 62 ටද අදත් ඔබ රට බේරාගත් නායකයා ය. එත් මේ රට තව දුර යන්න ගමනක් තියෙනවා කියල අපිට තේරුනාට ඔබට නොතේරුණු නිසා ( හෝ අර වසලයෝ එක තේරුම් ගන්න නොදුන්නා නිසා ) ඔබ අද ගෙදරය.

අවසානයට පෙර තව එක දෙයක් කියන්න උවමනාය.

අපි කිසිදාක ඔබතුමාව සිහි කරන කොට ඔබේ මෑණියන් ව සිහි කලේ නැත. එත් අර කලින් කිව්ව වච පංශ , ගෙම්බන් පිල , වාටු නාසු, විතා-රෙන වගේ  අය අපිට නිතැතින්ම සිහි වන්නේ ඔවුන්ගේ මෑණියන් වරු ද සමගය. ඒ හින්දා ඒ වගේ උන් එක්ක වාඩි ගසා පිස්සු නටා බලුවෙන්න ගියොත් අපිටත් වැඩි කල් යන්න කලින් ඔබේ මෑණියන් ද සිහිපත් වෙන එක වලක්වන්න පුළුවන් එකෙක් එදාට නොඉන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩිය.

ඒ හින්දා කොන්දක් තියෙන ඔබතුමා අර හොරිකඩයෝ හදන මුරුංගා ගහේ නගින්න කලින් දෙපාරක් නොව තව කීප පාරක්ම හිතා බලන්න කියන එක ත් , ඔබේ මිතුරා මෛත්‍රී ගේ සහ රනිල් ගේ වැඩකටයුතු වලට මහත්තයෙක් වගේ උදවු කරන්න කියන එකත් ලිපිය මෙතනින් අවසන් කරන විභීෂණ ගේ ඉල්ලීමය.

එහෙනම් අයාලේ නොගිහින්, දිරච්ච මුරුංගා ගස්වල නගින්න යන්නේ නැතිව , පහුගිය 8 වෙනිදාට කලින් හිටිය මරා වගේ නොව මහින්ද විදියට මේ රටේ දේශපාලනේ ඉස්සරහටත් දකින්න ලැබේව කියාලා ප්‍රාර්ථනා කරන ගමන් සමුගන්න අවසරයි.

මීට ,
මෛත්‍රී ට ඡන්දේ දුන්නු,
රට බේරගත්ත මහින්ද ට තාමත් ආදරේ,
රට කාපු , කනඑවුන්ට සලකපු මරා ට පට්ට වෛර ,

දෙවැනි විභීෂණ.


32 comments:

  1. එමෙ උනොත් මේ සෙට් එකට ආසන 25කට විතර යන්න පුළුවන් වෙයි ඒ අර ලක්ෂ පනස් හතෙන් බිඳිලා ආපු කොටසකින්.. එතකොට රනිල් ප්‍රමුඛ එජාපය වැඩිම ආසන ප්‍රමාණයක් අරගන්නවා.. (දැනට තියන තත්වේ අනුව 113 අමාරුයි)..

    ජ ය වේ වා !! කොහොම හරි රනිල් ආයේත් අගමැති..

    ReplyDelete
    Replies
    1. 25 ක් නම් හීනයක් විදානේ.

      අච්චර වැඩ කරලා 2001 දී ජේවීපී එකට තනියෙන් ගන්න පුළුවන් වුනෙත් 11 යි.

      ----------

      කොහොමත් මේ සැරේ රනිල්.
      ඇත්ත ම කියනවා නම් මෛත්‍රී ජනාධිපති වුනාට ගේම් එකේ වැඩි බර අදින්නේ රනිල්.

      Delete
    2. 25ක් උපරිමේට තියලා කිව්වේ.. ආසන දෙකක් තුනක් ගන්න පුළුවන් කොළඹ, ගම්පහ, හම්බන්තොට වගේ ඒවයින්.. උතුරු නැගෙරහිර ඇර අනික් ඒවයින් එක ආසනේ ගානේ තියලා ජාතික ලැයිස්තුවෙනුත් තුනක් තියල වැඩිපුර දෙකක් විතර ඇඩ් කරල තමයි 25ක් කිව්වේ..
      මේ පාර ජවිපෙට ආසන 15-20ක් අතර ප්‍රමාණයක් ලයින් කරන්න පුළුවන් වෙයි ..
      මොකද හිත බිඳිච්ච සන්ධාන ඡන්ද ජවිපෙට වැටීමේ වැඩි ඉඩක් තියනවා..

      Delete
    3. හැම ඉස්තිරික්කෙන් ම 1 ගානේ ගන්න නම් ඉතින් මුන්ට මෛත්‍රී ගේ සපෝට් එකත් ඕන. නැත්තන් ඕක කරන්න බැහැ.

      Delete
    4. 25 ක් නම් ගන්න බැහැ.ඔවුන් ඉල්ලන එකේ හානිය ශ්‍රීලනිපයටයි.ඊලඟ ඡන්දෙන් එජාපය දිනනව.ඔවුන් දෙමළ මුස්ලිම් පක්ෂ එක්ක 113 ගනීවි.ශ්‍රීලනිපයත් එක්ක සභාගයක් හදාවි.ඒ අවුරුදු දෙක තුල විපක්ෂය බවට ජවිපෙ පත්වෙයි.සභාගයෙ වැඩවල වගකීම දෙගොල්ලම ගන්න නිසා විපක්ෂයෙ කාර්යභාරය නිතැතින්ම ජවිපෙට හිමිවෙනව.ශ්‍රීලනිපයේ ගමනක අවසානය තමයි.

      Delete
    5. //ශ්‍රීලනිපයේ ගමනක අවසානය තමයි.//

      ඔවු. මේ අවසානය ආරම්භ කලේ මහින්ද ම තමයි. දැන් කරන්න දෙයක් නැහැ.

      Delete
    6. jvp එක විපක්ෂෙට ගෙන්න පුළුවන් නම් රටේ ජයග්‍රහණයක්. ඒ මොකද කියනවා නම් කටවාචාල කමට දොඩවන එක විපක්ෂේ ජොබ් එක නොවන බව තේරුම් ගත්තු එකම පක්ෂේ jvp එක විතරයි.

      Delete
  2. විභී....................

    ඔය කියන විදිහට වෙනත් පක්ෂයකට අැවිල්ලා පාර්ලිමේන්තුවේ බලය අල්ලන්න බැහැ.. ඒක අැත්තක්... මෙෙත්‍රී වෙනත් පක්ෂයකින් අාවාට ඒ වෙලාවේ යූඒන්පීයට තිබුණ සහයත් ඒක්ක ඔවුන් සීයට සීයක් ම උදව් කලා... අනික පරද්දන්න ඔ්න වුනේ මහින්දලාගේ පවුල. ඒ කියන්නේ හොද මාතෘකාත් තිබුණා... ඒත් මහින්දට වෙනම පක්ෂයක් හදාගෙන ඒන්නට මේ කිසිම දෙයක් නැහැ..... ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනිවාර්යෙන් ම ඡන්දයට ඒනවා..... ඒකට හිටපු අැමතිලා ටිකක් ඉන්නවා. මහින්දට හැමෝම ගලවන්න බැහැ... ඒ කියන්නේ ඔය අලුත් පක්ෂයට හිතන තරම් කිසිම දෙයක් කරන්න බැහැ...... අයියා මලෝ ටිකට පාර්ලිමේන්තු ඒන්නට හැකි වෙයිද දන්නෙවත් නැහැ..........

    අනික විභී දැනට පේන්නට තියෙන හැටියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට ඊළග ඡන්දයට ඒන අයත් රනිල්ලා ඒක්ක යම් ඒකගතාවයකින් ඡන්දයට ඒයි කියලා හිතෙනවා.. ඔවුන් ඡන්දයෙන් පසුව ජාතික අාණ්ඩුවකට ඒකතු වේවි කියලත් හිතෙනවා.... ඒ නිසා ප්‍රධාන පක්ෂ දෙකම ඊළග ඡන්දයට ඒවි..... මේ නිසාමයි මහින්දට බැරි.............

    ReplyDelete
    Replies
    1. මහින්ද මහත්තයා ආයෙත් ඇඳගත්තොත් ?????

      Delete
    2. //ඒ කියන්නේ ඔය අලුත් පක්ෂයට හිතන තරම් කිසිම දෙයක් කරන්න බැහැ...... අයියා මලෝ ටිකට පාර්ලිමේන්තු ඒන්නට හැකි වෙයිද දන්නෙවත් නැහැ.......... //

      ඕක තමයි ඇත්ත.

      ---
      කියෙව්වද පැරා ගේ බ්ලෝග. අන්න එකේ තියෙනවා මහින්දගේත් අවසරය නැතිව ලු අර වංශ ලා එයාගේ නම පාවිච්චි කරලා පක්ෂේ මාකට් කරන්න හදන්නේ.

      පූර්ණ වශයෙන් අනාත වූවන්ගේ අසාර්ථක ව්‍යායාමයක් කියල තමයි අපිට කියන්න තියෙන්නේ.

      Delete
    3. @ විදානේ
      -----------

      එහෙම නොවේවා කියලා ප්‍රර්ථනා කරමු.

      Delete
    4. හැබැයි කුරුටු ප්‍රධාන පක්ෂ දෙකම එකට සභාගයකට යන එකනම් විකල්ප පිරිසකට වාසියක්.ඒත් ඔය කියන අය එක්ක ඒක කරන්න බැහැ.සභාගයත් එක්ක හොරුන්ට රක්ෂනයක් ලැබෙනවමයි.විපක්ෂයකුත් නැහැ.මොනව කිව්වත් ජාතික ආණ්ඩුවක් වෙන්නෙ නැහැනෙ.ඔක්කොම එකතුවෙන්නෙ නැහැනෙ.ඉතින් උගතුන් බුද්ධිමතුන් එකතුකරගෙන මහින්දගෙ ජනප්‍රියත්වයත් කළමනාකරනය කරගෙන ගමනක් යන්න බැරිත් නැහැ.ඒත් මේ එන ඡන්දෙටනම් නොවෙයි. මේ අය එක්ක ඡන්දෙකට ගියොත් විනාසයි.

      හැබැයි 2020 ඡන්දෙ ඉලක්ක කරල තුන්වැනි බලවේගයක් හදන්න නම් පුළුවන්.ඒ හොරු එකතුකරගෙන නොවෙයි.අළුත්ම පිරිසක් එකතුකරගෙන.රාජපක්ෂලට එල්ලවන චෝදනා පිළිනොගන්න ඔවුන්ට ගරුකරන ජනතාවක් මේ රටේ ඉන්නව.මහින්ද කවචයක් ලෙස භාවිතා කරල එහෙම බලවේගයක් ඕන නම් හදන්න පුළුවන්.හැබැයි මේ තුන් මාසෙට නම් මොකුත් කරන්න බෑ.

      Delete
    5. //සභාගයත් එක්ක හොරුන්ට රක්ෂනයක් ලැබෙනවමයි.විපක්ෂයකුත් නැහැ//

      ඔන්න ඕක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ. මහා ගෙවල් දෙකේම ඉන්නේ එක වාගේම කඹ හොරු. දෙගොල්ලෝ එකතු වුනාම කොන්ට්‍රෝල් කරන්න මොනා හරි විකල්පයක් තියෙන්නම ඕන.

      Delete
  3. මීට ,
    මෛත්‍රී ට ඡන්දේ දුන්නු,
    රට බේරගත්ත මහින්ද ට තාමත් ආදරේ,
    රට කාපු , කනඑවුන්ට සලකපු මරා ට පට්ට වෛර ,

    දෙවැනි විභීෂණ.


    අපි ඔක්කොටම කියන්න තියෙන්නේ මේ ටික තමා. නමුත් මරාගේ මොලේ මේ දවස්වල තියෙන්නේ කොහෙද කියන එක තමා පුරස්නේ.

    ReplyDelete
    Replies
    1. කල එලි බහින විදියට තමා හිතා ගන්න වෙන්නේ එක කොහෙද තිබුනේ , කොහෙද තියෙන්නේ කියල...

      Delete
  4. මේ රටේ මිනිස්සු ඡන්දෙ දෙන සිස්ටම් එකක් තියනවා.ප්‍රධාන පක්ශ දෙකෙන් එකකින් ආවොත් තමයි අගමැති වෙන්න පුළුවන් වෙන්නෙ.ලක්ෂ 57 න් ලක්ෂ 5 ක් වත් ගලවන්න බෑ.මහින්ද නැතත් ඉතිරිය අකමැත්තෙන් හෝ ශ්‍රීලනිපය තුල රැදෙයි.මහින්ද නැතිව අර කට්ටිය ආවොත් ඇපත් නෑ.මොකද ඔතන රෙද්දක් ඇදගෙන පාරට බහින්න පුළුවන් දිනේෂ් ට විතරයි.කිසිම චෝදනාවකට ලක් නොවූ ඔහු සැබෑ මහත්මයෙක්.
    පරන වම කියන්නෙ පුද්ගල කන්ඩායමක් විතරයි.එතනෝල් කාරයො කුඩු කාරයො සෙට් වුනොත් ඕක පක්ෂෙකට වඩා විහිළුවක් වෙයි.
    මහින්ද කළයුතු බුද්ධිමත්ම වැඩේ දේශපාලනයෙන් විශ්‍රාම ගැනීම.

    හැබැයි මෙහෙම දෙයක් තියනව.දැන් දේශපාලනයෙ රික්තයක් ඇතිවෙලා තියෙනව.ඒ ජාතික මතය දරන පිරිසකට සහ වමට.ඒ හැර එජාප ශ්‍රීලනිප හවුල් ආණ්ඩුවක් ආවොත් විපක්ෂයකට රික්තයකුත් ඇතිවෙනව.පසු කාලෙක ඒ රික්තය ජේවීපී එකෙන් පිරවෙයි.ඉදිරියෙදි ශ්‍රීලනිපය එජාපය තුල දියවෙයි.

    සිංහල ජනතාව 55% ක් මහින්දට ඡන්දය දුන්නෙ ඔවුන් හොරකම් දූෂන,පවුල්වාදය ,නීතියක් නැතිකම,මිත්‍යා මත වපුරමින් රට පිස්සන් කොටුවක් කිරීම ආදිය නොදැන නොවෙයි.මේ ලක්ෂ 57 මම හදුන්වන්නෙ බෙදුම්වාදයට එරෙහිව දුන් ඡන්ද ලෙස.2009මැයි 19 ට පෙර බස් එකකට නැග්ගෙ ඒක කොයි වෙලේ පුපුරයිද නොදැන.හැමතැනම නවත්තල සර්ච් කරනව,ලඟ ඉන්න එකාවත් සැකයි,බඩුමලු උඩින් තියන්නත් බෑ.දෙමවුපියො දෙන්න එකට එන්නෙ නෑ.එක් කෙනෙක් බස් එකේ ගියොත් අනෙක් කෙනා කෝච්චියෙ යනව.එක් කෙනෙක් මැරුනොත් තව කෙනෙක් දරුවන්ට ඉතිරි වෙන නිසා.2009 මැයි 19 ට පෙර මේ රටේ මිනිස්සු නිදහසේ හුස්ම ගත්තෙ නෑ කියල කියන්න පුළුවන්.


    ලක්ෂ 62 බෙදුම්වාදයට පක්ෂ ඡන්ද කියල කියන්නෙ නැහැ.හැබැයි ඒ ලක්ෂ 62 න් සුළුජාතික ඡන්ද කවර අරමුණු වලින් මේ විදියට පාවිච්චි වුනාද කියල කියන්න කල් වැඩියි.


    ආරාංචි හැටියට මහින්දට දැන් ඕන වෙලා තියෙන්නෙ පවුලෙ අය එක එක චෝදනාවලින් නිදහස් කරගෙන නාමල් ගෙ හම්බන්තොට උරුමය සුරක්ෂිත කිරීමයි.අනික් අපේක්ෂාවන් ප්‍රායෝගික නැති බව පළපුරුදු දේශපාලනඥයෙක් වන මහින්ද දන්නවා.

    ReplyDelete
    Replies
    1. //ඔතන රෙද්දක් ඇදගෙන පාරට බහින්න පුළුවන් දිනේෂ් ට විතරයි//
      ------------සහතික ඇත්ත.. එත් උන්නැහ ගේ කට වාචාල කම තමයි පේන්න බැරි.

      //මහින්ද කළයුතු බුද්ධිමත්ම වැඩේ දේශපාලනයෙන් විශ්‍රාම ගැනීම//
      -----------ඇත්ත. එත් මගේ නම් අදහස පරණ මහින්ද විදියට එන්න පුළුවන් නම් සහ ලෝස් නැතිව මෛත්‍රී ට සපෝට් කරන්න පුළුවන් නම් එක රටටත් හොඳයි. එත් ඉතින් බන් මම මේ කියන ඒවා මේ තියෙන අරුම පුදුම සිස්ටම් එක ඇතුලේ හීන විතරයි. එක හින්ද මොනා වුනත් පැන්ෂන් යනවා නම් එතුමාට හොඳයි.

      //2009 මැයි 19 ට පෙර මේ රටේ මිනිස්සු නිදහසේ හුස්ම ගත්තෙ නෑ කියල කියන්න පුළුවන්. //
      ---ඇත්ත. අපි මෛත්‍රී ට ඡන්දේ දුන්නේ ඔය බව අමතක කරලා නෙවයි. එත් මහින්ද ට මතක තිබුනේ ඔය ටික විතරයි. එතනින් එහාට තව වැඩ ගොඩක් තියෙනවා කියන එක රනිල්ට, මෛත්‍රී ට දැනුනා. එක අපෙත් ලොකු අවශ්‍යතාවයක් වුනා. ඒ හින්දා තමයි රටේ බහුතරෙකට දැඩි තීරණයක් ගන්න සිද්ද වුනේ.

      //හැබැයි ඒ ලක්ෂ 62 න් සුළුජාතික ඡන්ද කවර අරමුණු වලින් මේ විදියට පාවිච්චි වුනාද කියල කියන්න කල් වැඩියි.//
      -------සහතික ඇත්ත. අපිට තව ටික කාලයක් බලන් ඉන්න වෙනවා.

      //අනික් අපේක්ෂාවන් ප්‍රායෝගික නැති බව පළපුරුදු දේශපාලනඥයෙක් වන මහින්ද දන්නවා.//
      ------------ඔවු. එතුමා ගේ පළපුරුද්ද එතුමාට හරි පාර කියා දෙවි කියල බලාපොරොත්තු වෙනවා.

      ================

      උඹේ කමෙන්ට් එක නම් මල් හතයි. නම වගේම තමයි මේ ත්‍රෙඩ් එකත්.
      මේ වගේ සංවාද කරන්න පුළුවන් නම් මාත් ගොඩක් කැමතියි.

      Delete
    2. මට මතක හැටියට දිනේෂ්ලාට කේස් එකක් තිබුණා.

      කිරුලපන-දෙමටගොඩ පාරට අයිති වුණු පිලිප් ගුණවර්ධ පවුලේ ඉඩමක් වෙනුවෙන්, දිනේෂ්, ඉන්දික ඇතුළු දරුවන් චන්ද්‍රිකා සමයේ ලබාගත් වෙනත් රජයේ ඉඩම් ගැන කතාවක්.

      හරියට අර විජේපාල මෙන්ඩිස් කේස් එක වගේ එකක්?

      Delete
    3. ඔවු. ඔහොම කතාවක් ඒ කාලේ අපි අහල තිබුනා. එත් වැඩි විස්තර දන්නේ නැහැ.

      Delete
  5. දැනට හෙලි කරලා තියෙන තොරතුරු අනුව ලක්ෂ 57 කොහෙත්ම ඉතිරි වෙන්නේ නෑ. වෙනම පක්ෂයක් විදිහට ආවොත් එයින් බාගයක්වත් නැතිවෙයි.
    අර ත්‍රී වීලර් එකට අඩුයි ඩියු ගුණසේකර.

    ReplyDelete
    Replies
    1. ඔව් මධුවෝ. ඩිවූ වවුලා ව අමතක් වුනා නේ. තැනක් යූ මතක් කළා ට.
      ==========
      ඇත්ත . වෙනම ඉල්ලුවොත් නම් ඉතින් මහින්ද ටත් අනිත් එවුන්ට වගේ ත්‍රීවීල් පක්ෂයක් තමයි ඉතුරු වෙන්නේ. එච්චර මෝඩ වෙන එකක් නැහැ කියල ප්‍රාර්ථනා කරමු.

      Delete
  6. ඕක නම් ඉතින් ඇත්තටම මෝඩ වැඩක්.. මේ ඡන්දේ පැරදිලා මේ මල්ලිලා කරපුවා ගැන මිනිස්සු කතා වෙද්දි ආයෙම මහ මැතිවරණේට වෙනම එන්න තරම් මහින්ද මහත්තයා මෝඩ නැහැයි කියලයි මම නම් හිතන්නේ.. ඕක තනිකරම ප්‍රධාන පක්ෂ දෙක වෙනම ඉල්ලන්න ගත්ත තීරණේ එක්ක අනාත උන පොඩි එවුන් මහින්ද මහත්තයගේ පස්සෙන් එල්ලිලා ගොඩ යන්න හදන වැඩක්.. කලිනුත් වටේ ඉන්න එවුන් ගන්දා කෙළවගත්ත එකේ ආයෙම ඒ දේ නොකරනු ඇතැයි අපි සිතමු..

    ReplyDelete
    Replies
    1. ඔවු.\

      අනාතයෝ එක්ක එකතු වෙලා හිතා මතා අනාත වෙන්න තරම් එතුමා මෝඩ වෙන එකක් නැහැ කියල තමයි මාත් හිතන්නේ.

      Delete
  7. අලෙ මන්දන්නෑ ආලෝ.............
    අන්තෝ ජටා බහි ජටා
    ජටාය ජටිතා පජා
    තං තං ගෝතම පුච්ඡාමි
    කෝ ඉමං විජටයේ ජටං
    සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ
    චිත්තං පඤ්ඤංච භාවයං
    ආතාපි නිපකො භික්‍ඛු
    සො ඉමං විජටයේ ජටං

    ReplyDelete
    Replies
    1. මේ මොකද බන් මේ..?

      මැලේ යො..මචන් මට ඕව තේරෙන්නේ නැහැ. මට ඕව ඉගෙන හම්බුවෙලා නැහැ.

      පොඩ්ඩක් සිංහල තේරුම දාපන්කෝ...

      Delete
  8. මෛත්‍රී ට ඡන්දේ දුන්නු,
    රට බේරගත්ත මහින්ද ට තාමත් ආදරේ,
    රට කාපු , කනඑවුන්ට සලකපු මරා ට පට්ට වෛර ප්‍රොෆ එකෙන්ම එකගයි උබ එක්ක

    ReplyDelete
  9. මම හිතන්නේ නෑ මහින්ද එච්චර අඳ බාලයෙක් කියලා , බලය තියෙන වෙලාවට මොලේ නැති වුනාට බලය නැති වෙලාවට මොලේ හොඳට වැඩ කරනවා ඕන කෙනෙක්ගේ . විශේෂයෙන් මහින්ද වගේ දේශපාලනයේ තෙම්පරාදු වෙච්ච මිනිහෙක්ගේ. ඒ නිසා කවදා හරි නාමල්ට ලැබෙන්න තියෙන මොකක් හරි තැනක් නැති කරලා මේ වගේ මෝඩ වැඩක් මහින්ද කරයි කියලා හිතන්න අමාරුයි

    ReplyDelete
    Replies
    1. //මහින්ද වගේ දේශපාලනයේ තෙම්පරාදු වෙච්ච මිනිහෙක්//
      --------------එක නම් ඇත්ත තමයි, එත් සදාකල් ඉන්න ලෑස්තිවෙලා හිටපු වෙලේ එක කෙස් ගහින් සේරම ලොස් වුනාම් අදරා ගන්න බැරුව ඇති. රාජ උස්නේ තාම ගිහින් නැත්නම් අනිවා මොන තෙම්පරාදු වෙලා තිබ්බත් මෙයා නගියි අරුණගේ පතෝල මැස්සට . ඒ හින්දා මොලේ කල්පනා කරලා වැඩ කලොත් තමා එතුමාට හොඳ. නැත්නම් ඉතින් I.O. රාජපක්ෂ තමයි.

      Delete
  10. මහින්ද අද අනාතයෙක්. එයාට එහෙම වෙන්න ඕන. එයා කළේ ඔක්කෝම අනාථ කළ එක. කොන්දක් තියෙනවා නම්. උන් එක්ක එකතු වෙන්න අකමැති වගේම. එයාගේ නම විකුණගෙන නටන්න හදන නාඩගමටත් අකමැති වෙන්න ඕන. ඒත් එහෙම වෙන්නේ නෑ. මොකෝ රාජ උණ තවම ගිහින් නෑ. ඒකනේ කාල්ටන් එකේ බණ තලන්නේ. සල්ලි දීලා මිනිස්සු ගෙනල්ලා, ආයෙත් එන්න කියන්නේ. ඔව් එන්න පුළුවන්. ඒත් අගමැති නෙමෙයි, ඕන නම් පාර්ලිමේන්තු මන්ත්‍රි කෙන්ක් වෙලා. ඒ වගේ නෝන්ඩි වෙනවට වඩා හොඳ නැද්ද. අර මැඩම් වගේ පැත්තකට වෙලා ඉන්න එක. 365 දවසෙම බණ ඇහුවත් වැඩක් නෑ. ආනන්තරීය පාප කර්ම කියලා කරුම ජාතියක් තියෙන බව නොදැන. අපි නම් ඔහේට ඒ කාළේ ඉඳන්ම මේවා කිව්වා..

    පුළුවන්නම් පජාත නොවී ඉන්න.

    අරුන් කරන්න හදන්නේ මැරිච්ච අප්පච්චි වලේ දාලා වහලා දාන්න.. ඔන්න ඔහේ මිනීය ගෙදර තියාගෙන අඬ අඬා ඉමු අප්පා...

    ReplyDelete
    Replies
    1. මෙය පාර්ලිමේන්තු ආවොත් එහෙම අපිට ඉතිහාස පොතකින් තමයි සිරිලංකා පක්ෂේ ගැන ඉගෙන ගන්න සිද්ද වෙන්නේ.

      Delete
  11. ජවිපෙට ජයවේවා
    ජවිපේට ජයවේවා

    ReplyDelete

කමෙන්ට් කලාපය....