අපි ගහක් කැපුවෙමු.
එසේ මෙසේ ගහක් නොව එක මහා වෘක්ෂ රාජයෙක්ය. අතු පතර හැම තැනම විහිදා ගොස් තිබුණු පලාතම අල්ලාගෙන හිටපු මේ ගහේ හෙවනැල්ල යට හැම කුණු ගොඩම හැම කුණු වැඩේම නොපෙනී ගොස් තිබුණි . හැම නරියාම හැම බල්ලම මොන අලුගුත්තේරු වැඩේ කලත් මේ ගහේ අස්සේ රිංගා ගත්තාම ආයේ සක්කරයට වත් හොයන්න බැරිය. හොයන්න ආපු එකාටත් වෙන්නේ අන්තිමේදී ගහ අස්සේ හිරවෙලා අතුරුදහන් වෙන්න ය.
ඒ හින්දා මේ ගහ කපන්න ඕන කියල කාලයක් තිස්සේ අපි කතා කර කර හිටියෙමු. එත් කපාගන්න විදියක් තිබුනේ නැත.
එත් මේ ළඟදී හොඳ හයිය හත්තිය තියෙන CHAIN SAW එකක් එක්ක පට්ට වැඩකාරයෝ සැට් එකක් එක්ක එකතු වෙලා මේ පජාත ගහ කපල අයින් කරන්න අපිට පුළුවන් විය. එක අස්සේ හැංගිලා තිබ්බ කුණු කන්දල් පේන්න පටන් ගන්නේ දැන්ය. එව්වා පට්ට ගඳය. පළාතේ යන්න බැරිය.
Showing posts with label Constitution. Show all posts
Showing posts with label Constitution. Show all posts
2015-01-31
වැඩ ඉවර නැත ( PART I )
වර්ගීකරණය..
Chandrika,
Constitution,
JVP,
Mahinda,
Maithripala,
Politics,
Ranil,
UNP,
UPFA
2014-12-11
අවසාන....
ඉල්ලන්කාවේ පොදු විපක්ෂේ උණු උණුවෙම එලියට දාපු ඉතිහාසගත project එකේ සීරියස් ම ගේම් ටික මේ වෙන කොට හැටට හැටේ රජ( වෙන්න හිතාගෙන) ගමනේය.
ඊට කොහෙත්ම දෙවෙනි නැත.
රනී වගේම , එතෙක් මෙතෙක් පොලිටිකල් ප්‍රොජෙක්ට් වලට නම්දරාපු මරා ත් මේ වෙනකොට තමුන්ගේ අලුත්ම ප්‍රොජෙක්ට් එක දියත් කරලා ය. ඒ වෙන මොකටවත් නොව රනී ගේ ප්‍රොජෙක්ට් එක බංකොලොත් කරන්න ය.
හැමදාම අපි උදේට දවල්ට රෑට දකින්නේ අහන්නේ බලන්නනේ මේ ප්‍රොජෙක්ට් දෙකේම නානාප්‍රකාර ප්‍රතිඵල ය.
වර්ගීකරණය..
Chandrika,
Constitution,
JVP,
Mahinda,
Maithripala,
Politics,
Ranil,
UPFA
2014-11-11
මේක 94 නෙවෙයි 2014
ඔන්න දැන් ආපහු අනූ හතරක් ඇවිල්ලලු.
දූෂණය භීෂණය පලවා හරින්න, රෙජිමේ ගෙදර යවන්න , යහ පාලනේ ඇති කරන්න , උණ්ඩුක පුච්චියේ වාතය සමනය කරන්න, මුත්‍රාශයේ ගල් අයින් කරන්න, අධෝමුකයේ හිල ලොකු කරන්නන වගේ මෙකී නොකී කප්පරක් දේවල් කරන්න ඔන්න දැන් ආපහු අනූ හතරක් අවිල්ලු.
2014-08-09
හෑන්ඩ් බිල් වියවස්තාව..
රටක ව්‍යවස්ථාව කියන්නේ ඒ රටේ උත්තරීතර ලියැවිල්ල කියල විභීෂණ දන්නේ ඉස්කෝලේ බඩගාන කාලේ සිටය.
ඒ එක්කම ලෝක ඉතිහාසයේ උත්තරීතරම ව්‍යවස්ථාව ඇත්තේ අපේ ඉල්ලන්කාවේ කියලත් මේ විභීෂණය දන්නේය. එත් එක ඉගෙන ගෙන තියෙන්නේ අපේ අර පම්පෝරි මාධ්‍ය වලින් මිස ඉගෙන ගත්තු ඒ පින්බර ඉස්කෝලෙන් නම් නොවේය.
Subscribe to:
Posts (Atom)



