2016-10-05

50000 යි


ලියන ලියන හැම දේම කියවන්න
කොහොම කොහොම හරි ඇවිත් ගොඩවෙන
මොනවා මොනවා හරි ලියලා යන
මොනවා මොනවා හරි බැනලත් යන
මොනා වුනත් 
විභීෂණ අඩවිය  අමතක නොකර
අද මේ වෙනකන් 
හිටපු
හිටින
හැමෝටම
දෙවැනි විභීෂණ ගේ 
හදපිරි
ස්තුතිය
ප්‍රණාමය
භක්තිය
ආදරය
ගෞරවය
පිළිගැනීම
ප්‍රේමය
දයාව
අරක
මේක හැම එකම
....
එහෙනම් ඉස්සරහටත් 
හම්බුවෙමු 
නේද??

2016-10-02

සමාවෙන්න හංසි(3)...

දිගටම ලියාගෙන ගිහින් ඉවර කරන්න හැදුවත් , කොටස් දෙකක් ඉවර වුනු තැන හදිසියේ නවත්තන්න සිද්ධ වුනු "සමාවෙන්න හංසි" කතා මාලාව නැවතුනු තැනින් අද සිට පටන් ගන්නේය.
කතා ලිවීමේ මහා ලොකු හැකියාවක් නැති මේ විභීෂණ ඔන්න ඔහේ උන්නත් දාහයි මළත් දාහයි කියලා, කියෝන එකෙක් කියවයි නේ කියලා හිතලා ඒ තරම් ඕන කමක් නැතුව ලියන්න පටන් ගත්තු මේ කතාව හිතුවාට වඩා ටිකක් විතර සාර්ථකයි කියලා දැනෙන්න පටන් ගත්තේ කතාව හදිසියේ නතර කලාට පස්සේ ය.
අපේ බ්ලොග් ලෝකේ ඉන්න හංසි ත්, නිර්මාණි ත් බුකියේ සැට් වෙච්චි කීප වතාවකදී ම  ඇහුවේ අර කතාව ලියන්නේ නැද්ද කියලා ය.
පොලිටි කල් ම ලියලා ලියලා කුරුවල් වෙලා තියෙන මේ අඩවියට මේ කතාව පොඩි වෙනසක් එකතු කරලා වගෙය.
කොහොම හරි ඉතින් බාගෙට වැඩක් කරලා අතැරලා දානවා ට වඩා ඉවර කරන හිතට සැනසීමක් නිසා , හදිසියේ නැවතුනු කතාව ආපහු පටන් ගන්න විභීෂණ කල්පනා කළේය.

එහෙනම් ඉතින් ඔන්න කතාව...

=========================================================================
මෙතෙක් කතාව ....

අද එතැන් සිට..

"සිහින කුමරිය..සිහිනලෝකෙක..තනි කරා මා ...ආ.ආ..ආ..
මගේ හැඟුමන්..නුඹේ හැඟුමන් යා කලා...ආ...ආ..."
ආ...ආ...ආ..

ආ...ආ...ආ...

"