Showing posts with label Mahinda. Show all posts
Showing posts with label Mahinda. Show all posts

2018-09-23

තරු හතේ ප්‍රජාතන්ත්‍රවාදය හෙවත් අම්මගේ රෙද්ද


ප්‍රජාතන්ත්‍රවාදය කියන කාරණාව අරගෙන බැලුවොත්  රටක්ම මෛත්‍රීපාල සිරිසේන රනිල් වික්‍රමසිංහ  ගේ පෙරමුණට ඡන්දේ දුන්නේ වෙන මොකක්වත් හින්දා නොව ඊට කලින් තිබුනේ රාජපක්ෂලාත් එයාලගේ ලැට් වඩන නිලමේලාත් වටකරගෙන හැදිච්ච අන්ත තුප්පහි මජරවාදයක් නිසාය.
දෙදාස් දහතුන වගේ වෙනකොට ඔය මජරවාදේ ඉහවහා ගිය තත්වෙට වැටුනේ ය.
වෙන වචන වලින් කිව්වොත් ලොක්කා  හිටගෙන කරද්දී ගෝලයෝ දුව දුව කරන තැනට පත්වුණේය.

රටම එක ලොකු පාතාලයක් බවට පත්වුණේය.

ඕවා දැන් අවුරුදු තුනක් විතර පරණ , එක්ස්පයර් වෙච්ච සුරංගනා කතා ය.


2017-06-11

යහපාලනේ විද්‍යාත්මක ආතල් එක

ලෝක දේශපාලනේ ට අනුව "යහපාලනය " කියන්නේ Good Governance වලට වුනාට මේ සිරි-ඉල්ලංකාව  ඇතුළේදී ඒක එහෙම නොවෙන වග මේ වෙනකොට ඕනෑවටත් වඩා ඔප්පු වී හමාර වග  අවුරුදු දෙකක "යහපාලන" කල්ක්‍රියාව අහපු දැකපු ඕනෑම කෙනෙක්ට තේරුම් යන දෙයක් බව කියන්න අමුතුවෙන් අවශ්‍ය නැත. ඕනා තරම් සාක්ෂි නිදර්ශන ආණ්ඩුව විසින්ම සපයා ඇත.

2016-08-01

අලුත් කුණුහරුප -01; යහපාලනය

යහපාලනය කියන්නේ ලෝක දේශපාලන ය ඇතුලේ දශක ගානක් හෝ ශතක ගානක් කියවෙච්ච නමුත් සිරි ඉල්ලන්කාවේ දේශපාලන ඩික්ෂනරියට  මීට අවුරුදු දෙහෙකටවිතර කලින් එක්කාසු වෙච්ච හරි අපූරු වචනය ක් බව හැමෝම දන්නා කියන කාරණාවක් ය.

2016-02-29

රන්ජා වෙත...

දෙවැනි විභීෂණ,
විභීෂණ අඩවිය


අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී  වන් ෂොට් හෙවත් රන්ජා වෙත කරුණාවෙන් ලියන වගයි

2016-02-06

දෙවොල් දෙවියන්ගෙන් කෝල් එකක්

නිසකලංකව පත්තරේ බලං ඉන්න අස්සේ එකපාරටම විභීෂණ ගේ අලුත්ම  සන්සුන් අන්දිරිස් ලොලිපොප් පෝන් කට්ට තොරතෝංචියක් නැතුව රින්ග් වෙන්න පටන් ගත්තේය ය.
මොකටත් කියලා ආන්සර් කරන්න කලින් නොම්මරේ බැලුවේ නොදන්නා එවුන්ගෙන් එන කෝල් හැකිතරම් මග ඇරීම ෆෝන් පාවිච්චි කරන්න පටන් ගත්තු කාලේ ඉඳන්ම තිබ්බ පුරුද්දක්නිසාය.

2016-01-20

මහින්ද මහත්තයෝ අති විශිෂ්ඨ යි..

හරි හමන් නිවුස් එකක් නැතිව 
වේලි වේලි ඉන්න

නිරුවත් ගෑනු මළමිනී
ලේ බින්දු
කඳුළු
පුලුවන්නම්
කවුරු හරි "පොරක "  ගේ 
වමනේ ගූ හුජ්ජ හරි
පෙන්නගෙන
රේටින්ග්ස් අප් කරන්න දඟලන

2015-11-01

උගත් මෝඩකම සමග නූගත් අමනකම

"උසස් අධ්‍යාපනය" කියන මහා ලොකු මෙව්වා එක කරන කොල්ලෝ කෙල්ලෝ බහුතරය අමු මෝඩ රැලක් බවත් ධර්ම චක්කරේ අතේ ගහගෙන කාකි සූට් ඇඳන් ඉන්න එවුන් තනි පට්ට අමනයින් බවත් එදා ඉඳන් කරගෙන ආවා වගේම පෙරේදා කොළඹදී ත් ඔප්පු කරලා පෙන්න්නුව මේක කියෝන හැමෝම දන්නවා විය යුතුය.

2015-08-17

සමාදානයේ සැතපේවා | Be Rest In Peace

http://sd.keepcalm-o-matic.co.uk/i/keep-calm-and-rest-in-peace-15.png
අවසාන මොහොත මාගේ...
පෝරකය දෑස මානේ...

බුකිය මේ වෙනකොට අසරණ බයියන්ගේ අදෝනා වලින් පිරී ඉතිරී යමින් පවතින බව විභීෂණ බොහොම අනුකම්පාවෙන් යුක්තව පවසන්න කැමතිය. 

2015-07-24

බයියන් සීනුවටත් බයයි

මහින්දගේ නව පංච මහා බලවේගය( කුඩු, එතනෝල්, කැසිනෝ, ගණිකා, කප්පම්) ට අයිති එවුන් එක්ක උන්ට කඩේ යන මැටි බයියෝ ටික මේ දවස්වල දේශපාලන තුන් බියකට හොඳටෝම සහලෝලා බය බිරාන්ත වී ඇත.

නිට්ටාවටම බය වෙලා කියලා තේරුම් යන්නේ මේ තුන්බියට අදාළ චරිත සහ කණ්ඩායම් වලට මේ මැටි බයියෝ අම්ම මෝ නැතුව කුණුහරුපෙන් බනින හැටි දැක්කා මය. 

2015-05-24

මිනි කාක්කන් ගෙන් ප්‍රවේසම් වෙමු

යාපනේ ප්‍රදේශයේ හිටපු තරුනියක්ව දූෂණය කර මරා දැම්මේය. උතුර වගේම දකුණත් මේ වෙනකොට  ඒ සිද්ධිය හින්දා එකසිය ගානට රක්ත තපත වී ඇත. එත් විභීෂණ ට පෙන විදියට දෙපැත්ත රත් වෙලා තියෙන්නේ දෙවිදියකට ය .

2015-04-30

The කොන්ද


කොන්ද කියන්නේ මහා පුදුම අයවැයකි.අයවයවකි අවයවයකි. මේ කූර සමාජය ඇතුලේ යාන්තමින් හරි ඔලුව උස්සන්න පුංචි හො කොන්දක් තිබිය යුතුය. ඒ වගේම "කියන්න තියෙන දේ කෙලින්ම කීම "නමැති දරුණු පාප කර්මය පලිසන් දී හදිසියෙන්ම අර කියාපු කූර සමාජෙන් හිටිහැටියේ වලකජු ගැසීමට අවස්තාවක් උදාවීමටත් ඔය කියන කොන්ද මූලිකම සාධකයක් වෙන්නේ මොකද කියල කියන්න උවමනා නැත.

2015-03-12

අපි යහපාලනේ ගැන කලකිරිලද? | Are we dissapointed on YAHAPALANAYA ?


 
මුළු රටක් ම එකතු වෙලා මෛත්‍රී සහ එයාගේ යහපාලනේ ට රට බාර දුන්නට මොකද යහපාලනේ ඇතුලේ ඉන්න "වෙන්ඩ පොරවල් " ටික මේ දවස් වල ඉන්නේ ඇදගෙන නාන ගමන් ය. හැංගි හොරා නොව අමු නිර්වස්තරෙන් පට්ට ප්‍රසිද්දියේ ය. මුලින්ම නෑවේ ඇවන්ගාඩ් ලිඳෙන් ය.තාමත් ඉවර නැත . මේ දවස්වල නාන්නේ මහා බැංකු ලිඳෙන් ය. නාන්න පටන් ගත්තා විතරය . ඊයේ පෙරේදා ෆුල් ෆේස් ළිඳකින් ද යාන්තමට නාගෙන මේ වෙනකොට තාවකාලිකව ලිඳෙන් එලියට ඇවිත් ඇත.
තව මොන මොන ළිං වලින් හෙට අනිද්දා ට නාන්න සිද්ද වෙයිද කියල දෙයියොත් ඉන්නේ දෙගිඩියාවෙන් ය.

2015-02-17

සංගණනයට හෙළ rap උත්තමාචාරය

\
ජනවාරි -9 වෙනිදා -ලෙසටම -කිච වුන
පිලිකන්නේනුත් එලියටම -වැටුන
හතර හන්දි -පන නැති-මී හරක් -රෑන
ඔන්න මචන්- සැට් වෙනවලු-නුගේගොඩට  -දෙක/දහ අට

2015-02-03

මහින්ද වෙත ආදරයෙන්














හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාණෙනි,

මේ ලිපිය ලියන්නේ විභීෂණ වන මමද ඇතුළුව රටේ අකුරු කියවන්න දන්නා සහ පත්තරයක් සල්ලි දීල ගන්න පුළුවන් හැමෝම වගේ මේ ඊයේ පෙරේදා දවස් දෙක තුනේ දකින නිවුස් එකක් ගැන මගේ පෞද්ගලික මතය ඔබ වෙත දැක්වීම පිණිසය.

2015-01-31

වැඩ ඉවර නැත ( PART I )

අපි ගහක් කැපුවෙමු.

එසේ මෙසේ ගහක් නොව එක මහා වෘක්ෂ රාජයෙක්ය. අතු පතර හැම තැනම විහිදා ගොස් තිබුණු පලාතම අල්ලාගෙන හිටපු මේ ගහේ හෙවනැල්ල යට හැම කුණු ගොඩම හැම කුණු වැඩේම නොපෙනී ගොස් තිබුණි . හැම නරියාම හැම බල්ලම  මොන අලුගුත්තේරු වැඩේ කලත් මේ ගහේ අස්සේ රිංගා ගත්තාම ආයේ සක්කරයට වත් හොයන්න බැරිය. හොයන්න ආපු එකාටත් වෙන්නේ අන්තිමේදී ගහ අස්සේ හිරවෙලා අතුරුදහන් වෙන්න ය.

ඒ හින්දා මේ ගහ කපන්න ඕන කියල කාලයක් තිස්සේ අපි කතා කර කර හිටියෙමු. එත් කපාගන්න විදියක් තිබුනේ නැත.

එත් මේ ළඟදී හොඳ හයිය හත්තිය තියෙන CHAIN SAW එකක් එක්ක පට්ට වැඩකාරයෝ සැට් එකක් එක්ක එකතු වෙලා මේ පජාත ගහ කපල අයින් කරන්න අපිට පුළුවන් විය. එක අස්සේ හැංගිලා තිබ්බ කුණු කන්දල් පේන්න පටන් ගන්නේ දැන්ය. එව්වා පට්ට ගඳය. පළාතේ යන්න බැරිය.

2015-01-25

හිටං විප්ලවේ අතුරු කතාවක්




විභීෂණ ගේ ඔපීසියේ වැඩකරන විභීෂණ ට බොහොම හිතවත් "නිලධාරී තැන්පතී " ලා කීප පොළක්ම පහුගිය දවස් ටිකේ මරා ට බැහැගෙනම වැඩ කළේය . එත් ඉතින් මුන් අපි වගේ බ්ලොගක් බලලා, බුකියේ රවුමක් ගහලා රටේ දේශපාලනේ ගැන ඇඹිටිල්ලන් දැනුමක් වත්  තියෙන එව්වෝ නොවේය. දේශපාලනේ ගැන මුන්ට වඩා දැනුමක් අපේ ගෙදර ඉන්න පෑස් පුට්ටා ටත් ඇත.
මෙයාල ගැන විභීෂණ කියන්න කැමති මෙන්න මෙලෙසය.

2015-01-10

සීයට හතලිස් අටේ අවජාතකයෝ

ජය ගත්තෝ ජයපැන් බොති. පැරදුනු එකා ශිෂ්ඨ සම්පන්න ජාතියක උපන් සුජාත දරුවෙක්  නම් මේ වෙලාවට කරන්නේ පරාජය වුනත්  ජය ගත් එවුන්ට සුබ පතන අතර ජයග්‍රාහකයාගේ අලුත් ගමනට හැකි පමණ සහය දෙන එකය.

එත් මේ ගෙවෙන්නේ රටේ කරුමෙට  පහලවෙච්ච අවජාතක සූකර රෑනක් විසින් ආපහු රටට කෙලවන්න, රටට ආපහු ලෝකයා ඉස්සරහ ලජ්ජා කරවන්න පුක ඉරාගෙන ඇට පලාගෙන වැඩ කරන මහා අශීලාචාර ත්‍රස්තවාදී නිමේශයක් ය.

2014-12-11

අවසාන....



ඉල්ලන්කාවේ පොදු විපක්ෂේ උණු උණුවෙම එලියට දාපු ඉතිහාසගත project එකේ සීරියස් ම ගේම් ටික මේ වෙන කොට හැටට හැටේ රජ( වෙන්න හිතාගෙන) ගමනේය.

ඊට කොහෙත්ම දෙවෙනි නැත.
රනී වගේම , එතෙක් මෙතෙක් පොලිටිකල් ප්‍රොජෙක්ට් වලට නම්දරාපු මරා ත් මේ වෙනකොට තමුන්ගේ අලුත්ම ප්‍රොජෙක්ට් එක දියත් කරලා ය. ඒ වෙන මොකටවත් නොව රනී ගේ ප්‍රොජෙක්ට් එක බංකොලොත් කරන්න ය.

හැමදාම අපි උදේට දවල්ට  රෑට දකින්නේ අහන්නේ බලන්නනේ මේ ප්‍රොජෙක්ට් දෙකේම නානාප්‍රකාර ප්‍රතිඵල ය.

2014-12-06

බම්බු ගේ බම්බු

මීට සති දෙහෙකට කලින් උප්පත්තිය ලබපු අපේ පොදු එකා වන බම්බු මසී සහ රනිල්, සැටලයිට් , රතන , රාජිත පරිවාර සේනාව මේ දවස්වල ඉන්නේ හරියට හම්බන්තොට සුවිමින් පූල් එකට නැව් එනකන් බලන් ඉන්න, මත්තල කොන්ක්‍රීට් පිට්ටනියට ප්ලේන් එනකන් බලන් ඉන්න බලධාරී, නිලධාරි ඇමති ධාරී තැන් වාගෙය.

ඒ පිට්ටනියයි , පූල් එකයි ඕපන් කරපු දවස් වල ලොක්කෝ බොක්කෝ හැත්ත බුරුත්තම චැනල් බදු අරන් බෙරිහන් දුන්නේ එයින් පස්සේ මේ ඉල්ලන්කාවම සුරපුරයක් වෙනවා කියලය.

2014-11-23

ව්‍යාපෘති කළමනාකරණය සහ මෛත්‍රී පාලනය

Project Management කියන්නේ එක්තරා කළමනාකරණ විෂයයක් ය.කැම්පස් වල උගන්නන සහ  ඩිග්‍රී සාප්පු  වල යහමින් විකිනෙන මේ සබ්ජෙක්ට්  එක ඉගෙන ගන්න ඕන තරම් කොල්ලෝ කෙල්ලෝ ද ඇත. මේ විභීෂණ project management කියන දේ subject එකක් වශයෙන් කොහේදීවත් හෝ කිසිම පන්තියකට ගිහිල්ල වත් හෝ ඉගෙන ගෙන නැත.