දැනට මාස කීපෙකට කලින් ඉපදිච්ච ISIS කියන තක්කඩි අන්තවාදී තුප්පහි කල්ලිය ගොවියෝ ගොයම් කපන්නා වගේ උන්ගේ අත්අඩංගුවේ ඉන්න අන්යාගමිකයන් ගේ අන්ය ජාතිකයින්ගේ බෙලි කපන්නේ අහරේ මෙහෙ හැංගිලා නොව ලෝකෙටම පේන්න එළි පිටම ය. මරාපු මිනිස්සුන්ගේ බෙලි බාල්දි වල දාලා තියෙන ෆොටෝ දහස් ගණන් මේ දවස් වල ජාලේ එහා මෙහා සරි සරන්නේ මේ මොලේ පිළිකා කාරයින්ගේ අසනීප තත්වේ ලෝකෙට ම පෙන්නුම් කිරීමට ය. ඒවායේ ෆොටෝ මගේ මේ බ්ලෝග ඇතුලේ දාන්න විභීෂණ කැමති නැත. කැමැත්තෝ google දෙයියෝ ලඟට මන්ගච්චලා "ISIS Brutal " කියලා image search එකක් දුන්නා නම් මේ පාහරයින්ගේ වැඩ කිඩඅඩු නැතිව බලාගන්න පුළුවන.