2017-06-11

යහපාලනේ විද්‍යාත්මක ආතල් එක

ලෝක දේශපාලනේ ට අනුව "යහපාලනය " කියන්නේ Good Governance වලට වුනාට මේ සිරි-ඉල්ලංකාව  ඇතුළේදී ඒක එහෙම නොවෙන වග මේ වෙනකොට ඕනෑවටත් වඩා ඔප්පු වී හමාර වග  අවුරුදු දෙකක "යහපාලන" කල්ක්‍රියාව අහපු දැකපු ඕනෑම කෙනෙක්ට තේරුම් යන දෙයක් බව කියන්න අමුතුවෙන් අවශ්‍ය නැත. ඕනා තරම් සාක්ෂි නිදර්ශන ආණ්ඩුව විසින්ම සපයා ඇත.

2017-06-03

විශේෂ නිවේදනයයි....

අනෙකකාකර ප්‍රශ්න සහ වැඩ රාජකාරි නිසා විභීෂණ නොදැනුවත්වම බ්ලෝග අත ඇරී යාම හේතුවෙන් මේ වනවිට පැහැදිලි සයිබර් තර්ජනයකට ලක්වී ඇත.

"ගුටි නොකා බ්ලෝග ලියාපිය" කියා ලිඛිතවම පණිවිඩයක් ලැබී ඇත.

ඩිජිටල් අවකාශය ඇතුලේ ප්‍රසිද්ධියේ ගුටි කෑමට හෙවත් "සයිබර් ගුටි ප්‍රහාරයකට " ලක්වීමට තිබෙන බිය නිසාම විභීෂණ ගේ මේ සූදානම නැවත දේවාලයට වඩින්න ය.

මකුළුවනේ, දැන් ඉතින් පලයව් වෙන තැනකට.
ආපහු දේවාලේ වැඩ පටන් ගන්න යන්නේ.

නැත්තන් අරකි ඇවිත් මගේ බෙල්ල විකයි යකුනේ...