2017-06-03

විශේෂ නිවේදනයයි....

අනෙකකාකර ප්‍රශ්න සහ වැඩ රාජකාරි නිසා විභීෂණ නොදැනුවත්වම බ්ලෝග අත ඇරී යාම හේතුවෙන් මේ වනවිට පැහැදිලි සයිබර් තර්ජනයකට ලක්වී ඇත.

"ගුටි නොකා බ්ලෝග ලියාපිය" කියා ලිඛිතවම පණිවිඩයක් ලැබී ඇත.

ඩිජිටල් අවකාශය ඇතුලේ ප්‍රසිද්ධියේ ගුටි කෑමට හෙවත් "සයිබර් ගුටි ප්‍රහාරයකට " ලක්වීමට තිබෙන බිය නිසාම විභීෂණ ගේ මේ සූදානම නැවත දේවාලයට වඩින්න ය.

මකුළුවනේ, දැන් ඉතින් පලයව් වෙන තැනකට.
ආපහු දේවාලේ වැඩ පටන් ගන්න යන්නේ.

නැත්තන් අරකි ඇවිත් මගේ බෙල්ල විකයි යකුනේ...


14 comments:

  1. මකුළු දැල් සිඳ දූලි පිසදා දෙවොල පිරිසිඳු කරන්නයි
    මිඳුළු අතුගා පිරිත්පැන් ඉස බ්ලොගය කල එලි කරන්නයි
    සදළු තලයෙන් බ්ලොගට බැහැලා බ්ලොග් ලොවේ රජ කරන්නයි
    සියළු වරමෙන් විභීෂණ යළි අකුරු පදවැල් කරන්නයි......

    ජයවේවා!!!

    ReplyDelete
  2. ඇති යාන්තම් මකුළුදැල් කඩල. පහුගුය දවස් වල මේ පැත්තෙ ආවම මකුළු දැල් වල එතිලම හුස්ම හිර උනා. ආයෙත් ආපු එක හොඳයි. දැන් ලියමු :)

    ReplyDelete
  3. "ගුටි නොකා බ්ලෝග ලියාපිය

    ReplyDelete
    Replies
    1. ඇත්තටම බයවුණා දොස්තර මහත්තයෝ./

      Delete
  4. හාන්දුන්නේ... මම මේ මෙලෝ සංසාරයක් ගැන නොදන්නෙමි.. මම නිර්දෝසයි හාංදුන්නේ.....

    (මම කිව්වා නම් කියන්නේ ඔහොම නෙවෙයි.. හුහ්!)

    ReplyDelete
    Replies
    1. ඔබ තුමී නම් නෙමෙයි තමයි.

      ----
      //මම කිව්වා නම් කියන්නේ ඔහොම නෙවෙයි.. හුහ්!//
      --ඒ කියන්නේ ඔබ තුමී "හු" යන්නෙන් පටන් අරන්ද මට දේශනා කරන්නේ.

      Delete
  5. අනේ පල යන්න ගස් කෑදැත්තා
    ඇති බිසියකුත් නෑ.
    මෙතන ඇවිත් බොරුවට පීදෙන්න හදනව
    හුහ්
    :-D :-D :-D

    ReplyDelete
    Replies
    1. කාදැත්තෝ ගස් වල නැතුව වෙන කොහෙ ඉන්නද බින් ඌරෝ.

      :D :D :D

      Delete

කමෙන්ට් කලාපය....