2015-06-07

සොඳුරු මතකයන් මා හදේ අවදිවී...

සොඳුරු මතකයන් මා හදේ  අවදිවී...
සිහින ලෝකයේ...
ම හද පාළුවේ...

නින්ද නැති මේ පාලු රාත්‍රියේ ..
මගේ ප්‍රේමියේ...
ම හද පාළුවේ...

සුරඟනක් සේ මා ඔබ දුටුවේ...
සුමුදු වදනින් මාහට දෙඩුවේ...
ආදරේ සුවඳින් මහද පිරී...

ඈත අහසේ තරුවැල් අතරේ..
අපගේ ආදරේ සුසුමන් සැරුවේ...
ඇයිද අද මා තනි වීලා මෙලෙසේ...

සිතුවිලි මා හද රිදවන්නේ...
සැම තැන ඔබේ රුවමයි දැන් ඒ....

සොඳුරු මතකයන් මා හදේ  අවදිවී...
සිහින ලෝකයේ..
ම හද පාළුවේ...
නින්ද නැති මේ පාලු රාත්‍රියේ ..
මගේ ප්‍රේමියේ...
ම හද පාළුවේ...

කඳුකරයේ සීත වසන්තේ..
කිවූ පෙම් බස් ඔබගේ තුරුල්ලේ..
මතකයන් පමණි සිහින ලොවේ..

මිරිඟුවක් සේ දෑස් ඉදිරියේ..
ඇයිද මෙලෙසේ මහද තනි කලේ...
අන්ධකාරේ මා තනිකර මෙලෙසේ...

සිතුවිලි මා හද රිදවන්නේ...
සැම තැන ඔබේ රුවමයි දැන් ඒ....

සොඳුරු මතකයන් මා හදේ  අවදිවී...
සිහින ලෝකයේ..
ම හද පාළුවේ...
නින්ද නැති මේ පාලු රාත්‍රියේ ..
මගේ ප්‍රේමියේ...
ම හද පාළුවේ...

සසර පුරා ඔබ සොයමින් සැරිසරා..
මන්ද මේ ලෙසේ මහද තනි කලේ..
සොඳුරු මතකයන් මා හදේ  අවදිවී...


------------>.>
Song Sonduru Mathakayan by Bonnie Fabion ft Aruna Lian.
This song written by Bonnie/ Aruna

2015-06-03

ජාතික ගඩොල් සංහිඳියාව


මීට ටික දොහකට කලින් විභීෂණ මේ රටේ තියෙන සිමෙන්ති වන්දනාව ගැන ලිපියක් ලිව්වේය. ඊට පහු කාලෙක මළකුණු වන්දනාව ගැනත් ලිව්වේය.එව්වා කියෝපු සමහරක් , මම ආගම් වලට අපහාස කරනවා කියලා කියාගෙන මා එක්ක ඩිජිටල් වලි වලට ද සැට් විය. ආගම් වල වැරදි ඕනෑතරම් ඇත. අවශ්‍යමනම් කිලෝ ගානට වුනත් කිරා බෙදා හරිය හැකිය. ඒ වැරදි ගැන අපි කරන විවේචන තමතමුන්ගේ ආගම් වලට වෙන අපහාසයක් විදියට පෙන්වා නම් උන් ආගම ඉගෙන ගෙන තියෙන විදිය ගැන අපිට හොඳ හැටි හිතා ගන්න පුළුවන.