2015-04-19

ධාතු සහ මළකුණු

ඉල්ලන්කාවේ බෞද්ධ සහ කතෝලික යන ආගම් දෙකේම ඉන්න අම්බරුවන් රැලකට පුදුමාකාර ධාතු පිස්සුවක් සැදී ඇත. ධාතු කිව්වේ අර අරවා ධාතු නොවේ. එව්වා ගැන වුනානම් ටිකක් හරි හිත හදා ගන්න පුළුවන් වුනත් කරුමේ කියන්නේ මුන්  සේරම පිස්සු වැටිලා ඉන්නේ ලෝක පූජිත මනුස්සයින්ගේ ශරීර කොටස් වලට වීමය.



ඉතිහාසයේ ඉඳන්ම එන දන්ත ධාතු වන්දනාව ට අමතරව දැන් මෑතක පටන් වෙන වෙන ධාතුත් මහා ඉහලින් ප්‍රදර්ශනය කරන අවස්ථා එන්න එන්නම වැඩි වී ඇත.

මේ මොලේ අමාරුවේ උච්ඡතම අවස්තාව දැක බලාගන්න පුළුවන් වෙන්නේ හෙට අනිද්දා එන වෙසක් පොසොන් පෝය දවස් වලටය. එක එක මීඩියා මුදලාලි ලා රටේ එක එක තැන්වල දාන වෙසක් කලාප කාර්නිවල් වලදී බුදුහාමුදුරුවන් ගේ වගේම උන්වහන්සේ දේ ගොලයින්ගේත් නානා ප්‍රකාර ධාතු තැන් තැන් වල හදාපු ස්ටෝල් වල  ප්‍රදර්ශනය කරණ කොට අත දරුවා ගේ ඉඳන් හෙට අනිද්දා පරලෝකප්‍රාප්ත වෙන එකා හෝ එකී වෙනකම්ම මිනිස්සු පැය ගණන් දවස් ගණන් පෝලිම් වල ඉඳන් සහ හිටං මෙව්වා සාධුකාර දීල වැඳලා පුදලා එන්නේ හරියට ආගම ඇදහුවේ එදා විතරක්ම වාගේ පස් වනක් ප්‍රීතියෙන් පිනා ගිහින් ය.

එක තැනක බුදුන්ගේ එක්තරා ධාතුවක් ය. තවත් තැනක උන්වහන්සේ ගේ තවත් ධාතුවක් ය. තවත් තැනක තවත් එකක් ය. ඔය ඔක්කොම අස්සේ සැරියුත් මුගලන් දෙනමගේ ධාතු ද ප්‍රදර්ශනයේ ය. තව තව කට්ටියගේ ධාතු තව තව තැන් වලය.

විභීෂණ ගේ මතකය හරි නම් මීට අවුරුදු දෙකකට විතර කලින් සෝමේ ගේ රත්තරන් චැනල් එකයි, රාජාගේ ත්‍රිකෝණ චැනල් එකයි දෙකම වැඩිම ධාතු ගානක් ප්‍රදර්ශනය කිරීමේ පොරය්ක්ද ගෙනිච්චේය. කොහොම හරි ඒ වෙසක් කාලේ ත්‍රිකොනේ වෙසක් කලාපේ ධාතු දහයක්ද කොහෙද ප්‍රදර්ශනය කළා කියාලා මහත් අබිමානෙන් කටවාචාල කොල්ලොයි කෙල්ලොයි දාලා නිවුස් වල කියෝනවා අපි අහං බලං හිටියේ හරි පුදුමාකරා මෙව්වා එකකින්ය. ගොඩක් වෙලාවට ටීවී එක දිහාවට ඉස්සුනේ අතේ මැද ඇඟිල්ල ය.
සැබෑ ප්‍රේක්ෂක ප්‍රතිචාර යනු එව්වය. හැබැයි ඉතින් එව්වා දැක්කනම් ඒ ලපටි කොල්ලෝ කෙල්ලෝ රෙදි ඉරාගෙන ගඟට පනිනාවා අනිවා සහ දෙපා ය.

මෙව්වාගේ  ජිගිබිරිස් විච්චූරණ දැකල ඊරිසියාවට ද කොහෙද සම හරක් කතෝලික ලොක්කෝ ද පහුගිය අවුරුදු දෙක තුනේ කතෝලික ශුද්ධවන්තයින්ගේ ධාතු ඉල්ලන්කාව්ට ගෙනත් අලුත්ම ජෝගියක් නැටුවේ ඉල්ලන්කාවේ කතෝලික වංශ කතාවේ අලුත්ම පිටුවක් පෙරලන්න හිතා ගෙනය. කොච්චිකඩේ පල්ලියේ මංගල්ලෙට ගෙනාවේ අන්තෝනි මුනිතුමාගේ ධාතුවක් ය. රට වටේම ප්‍රදර්ශනය කරපු එදේවල් මේ වෙනකොට කොච්චිකඩේ පල්ලියේ තැන්පත් කර ඇත.

ඊට ටික කාලෙකට පස්සේ දොන් බොස්කෝ මුනිතුමාගේ ධාතු වැඩම කෙරෙව්වේය.රට වටේම ගෙනිච්චා වුනත් එව්වා නම් කොහෙවත් තැන්පත් නොකර තිබ්බ රටටම ආපහු යවන ලද්දේය.

ඊට පස්සේ ගෙනාවේ සෙබස්තියන් මුනිතුමාගේ ධාතු ය.පෙර සේම රට වටේ චාරිකා කරවා මේ වනකොට කඳාන පල්ලියේ තැන්පත් කර ඇත.


හරියට ආගම ඇදහීම කියන්නේ  ඒ ධාතු වැඳීම , ඉඹීම , සිප ගැනීම, ඇත ගෑම හෝ වෙන මොනවහරි  දෙයක් කිරීම ය කියන  යන පට්ට පල් බොරු ව ඉහ ගහගෙන පිස්සු කෙලින උන් හැමතානමය. මේ අමාරුව නැත්නම් අසනීපෙ තදින්ම වැලදී ඇත්තේ ඉල්ලන්කාවේ බෞද්ධ සහ කතෝලික දෙගොල්ලන්ටය.

ප්‍රායෝගික මට්ටමේ පෙනෙන්න තියෙන ඇත්ත කතාව නම් ඉන්නේ සුළුතරයක් වුනත් බෞද්ධයින් හෝ බුද්ධාගම් කාරයින් වාගේම ධාතු පිස්සුවක් කතෝලික හරක්ටත් වැලදී ඇති බව ය.

ධාතුදැක්කාම,වැන්දාම නිවන් යන්න පුළුවන්නම් සුවර්ගේ ඇනෙක්ස් එකක් අල්ල ගන්න පුලුවන්නම්  ඉතින් මේ වෙනකොට පවුකාරයින් අධික ලෙස හිඟවීමෙන් හෝ නැත්තටම නැති වීමෙන් ආපාය දැඩි අර්බුධයකට ලක්වෙලා වෙන්න ඕන ය. සාතන් හෝ ලුසිපර් වේලි වේලි ඉන්නවා වෙන්න ඕනය. ඒ මොකද කියනවානම් උඩ ඉඳන් පහලටම ඉන්න අම්බ හොරු බහුතරය ඔය වගේ ධාතු උත්සව වලට වන්දනා වලට එක පයින් බැරි නම් දෙපයින් ම ද සහභාගී වෙන හින්දාය.

එහෙමනම් මේ ලෝකෙට ආගම් වල දර්ශන වල අවශ්‍යතාවයක් නැත . කොහේ හරි තියෙන මළකුණු ටිකක් අරන් ඇවිත් හොඳට හෝදලා කරලා හිටං පලිඟු හරි රත්තරන් හරි කරඬු වල දාලා තිබ්බනම් බඩු බනිස් ය. ලුසිපර යා නොකවුට් ය.

තුන් හාර මාසෙක දේශපාලන පොස්ටු වලට පස්සේ පොඩි මෙව්වා එහෙකටත් එක්ක මේ වගේ තවත් බැනුම් අහගන්නා ජාතියේ එකක් කොටන්න විභීෂණ ට මතක් වුනේ ටික කාලෙකට කලින් සිද්ධ වෙච්ච අපූරු සිද්ධියක් මේ ඊයේ පෙරේදා ආපහු මතක් වෙච්ච හින්දය.

අර මම මුලින්කියාපු ශුධවූ දොන් බොස්කෝ තුමාගේ ධාතු අපේ ගමට අල්ලපු ගමටත් වැඩම කෙරෙව්වේ එහෙ දොන් බොස්කෝ පල්ලියක් , ඉස්කෝලයක් හා සේමනේරියක් එහෙම තියෙන නිසාය. ඉතින් ඔය ධාතු ආව වෙලාවේ මහා පාරේ ඉඳන් ඒ පල්ලිය ට  පුදුම පෝලිමක් ය. විභීෂණ ගේ ගෙදර කට්ටියත් ඉතින් මේ පෝලිමට එකතු වෙලා සූදානම් වුනේ මොනවා වුනත් ඉතින් ශුද්ධ්වන්තයෙක් ගේ ධාතුනේ, දැකබලාගත්තට ඇති වරදක් නැහැනේ කියලා හිතපු නිසාය.

කොහම හරි පැය එකහමාරක් විතර පෝලිමේ තැපල තැපැල යාන්තම් පල්ලිය ඇතුලට අපි හතර දෙනා ගොඩවුනේ ය. මට ඉස්සරහින් අපේ තාත්තා හිටි අතර පිටිපස්සෙන් අම්මා නංගි දේපල සිටියේය. අපි හතර දෙනාම පල්ලියට ඇතුල් වෙච්ච වෙලේ ඉඳන්ම මහා චකබ්ලාස් සීන් එකක් දිහා පුදුම කේන්තියකින් බලා හිට්යේ ඒ වෙලේ තිබ්බ සිටුවේෂන් එකත් එක්ක අපි හිටියේ ඊට විරුද්ධව මොකුත් කරන්න බැරි නිසා ය. ඔය නස්කූරී සීන් එක වෙන මොකක්වත් නොව වැඳීම ය. වෙන මොකටවත් නොව ධාතු කරඬුවට වැඳීම ය. පිළිම හෝ ධාතු වන්දනාව කතෝලිකයින්ට අකැප නැත .ඒ වගේම අවශ්‍යත් නැත.
 
අනික ජේසු ගේ අතිවිශාල සුරුවමක් පැත්තකින් තියෙද්දී මේ මැටි හරක් ටික ඒ දිහා හැරිලාවත් බලන්නේ නැතිව පහලින් තියෙන ධාතු වට වැඳ වැඳ යන එක අනිත් එවුන්ට කොහොම වුනත් අපි හතරදෙනාට නම් පට්ට කේන්ති ගෙනාපු කාරනාවක් විය.

කොහොම හරි අපේ වාරෙත් ලඟා විය. අපිට කලින් හිටපු කීප දෙනාත් අනිත් එව්වෝ වගේම අරකට දනගහලා වැඳලා හිටං එතනින් චුත විය. ඊළඟට තිබුනේ අපේ චාන්ස් එකය. දැන් තාත්තා සහ අපි හැමෝම  කරඬුව තියෙන තැනට ඇවිත් ඒ දිහා බලාගෙන තප්පර යක් දෙකක්  නිශ්ශබ්දව ඉන්නකොට......



එතන ළඟ හිටපු  බ්‍රදර් කෙනෙක්  :-  "ආ ධාතු වලට වඳින්න ධාතු වලට වඳින්න.."

--

එහෙම ඇහිච්ච ගමන් ඒ බ්‍රදර් දිහා විභීෂණ ත්  තාත්තාත් එකපාරටම වගේ හැරිලා බැලුවේය..

ඊළඟ වචන ටික මෙසේය...

විභීෂණ පියා :- "ඒ මොකටද ධාතු වලට වඳින්නේ...අපි වඳින්නේ ජේසුට..ඔයාට ඕන නම් වැඳගන්න...."

බ්‍රදර් තුමාගේ මූණ අපි බලන් ඉන්නකොටම හරි ස්මූත් එකට හරි හතරැස් විය. තාමත් බලන්න ආසය.ඊට පස්සේ ඉතින් බ්‍රදර් ගේ කටින් මුකුත් පිටවුනේ නැතිය.එත් ඉතින් වෙච්ච දේ ගැන අපිට කිසි දුකකුත් තිබුනේ නැත .


ධාතු දැකබලා ගත්තාට කමක් නැත. එත් එව්වට පුක උඩ  දමාන වඳින්න අවශ්‍ය නැත. ඔව්වා වල වටිනාකම වැඩිවෙන්නේ ශුද්ධවන්ත කම වැඩිවෙන්නේ එව්වා අයිති ඒ උතුම් මිනිස්සුන්ගේ උතුම් ජීවිත ක්‍රමය අපේ ජීවිත වලටත් බද්ධ කරගත්තොත් විතරය.

ජේසු තුමා ඉගැන්නුවේ ලෝකේ තියෙන හැම වසල වැඩක්ම කරලා පස්සේ මැටි කඳන් වලට වඳින්න වත් මළකුණු සිපාචාර කරනවත් නොවේය. එක තේරුම් ගන්න බැරිකම අපේ කතෝලික හරක්ගේ මෙන්ම උන්ට හරි හමන් විදියට ආගම උගන්න ගන්න බැරි ලෝගු ඇඳගත්තු මුදලාලි ලා ගේද වැරැද්ද ය.

බුදුන් වහන්සේ කිසි කෙනෙක්ට වෛර කලේ නැත. එත් උන්වහන්සේ ගේ ධර්ම යේ නිල අයිති කාරයෝ කියලා පපුවට ගහගෙන කෑකෝ ගහන ඉල්ලන්කාවේ අයියල ත් , එයාලට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන සැලකිය යුතු කහකඩ රොත්තත් "නොකරන්නේ ද " ඒ ටිකම ය.

උන්ට ඕනේ දෙමලුන්ගේ හෝ මුස්ලිමුන්ගේ ලේ බොන්න ය.
පුළුවන් තරම් සිංහල ගෑනු ලව්වා ළමයි හදවන්න ය.
සිංහල නොවන කඩ , ගෙවල් ගිනි තියන්න ය....
තව බොහෝධර්මානුකූල ක්‍රියා කිරීමට ය...

වෙලාවක් තිබුනොත් බුද්ධාගමත් ටිකක් අදහන්න ය.

බුද්ධාගමේ අදහන්න දෙයක් නැති බවවත් නොතේරෙන උන්දා ලට එතනින් එහා යමක් කමක් තේරුම් කරන්න වලි කන එක ඇත්තටම අපි අපිටම කරගන්න පාප කර්මයක් ය.

අපේ උන් ආදරය ආදරය කරන්නේ ධර්මයට නොව ඒ ධර්මය කියාදීපු අයගේ ශරීර කොටස් වලටය, ධාතු වලට ය. බුදුන්ගේ , ජේසුගේ අනුශාසනා හෝ දේශනා වල හරයන් වලට නොව සිමෙන්තියෙන් හදාපු මාලිගා, පල්ලි, පන්සල් සහ අසපු ගුබ්බැ යම් වලටය.
හරියට ආගම ට ධර්මයට අනුව ආකල්ප හද නොගෙන කොටි ගණන් වටිනා මාලිගා හදෝලා, තවත් කොටි ගානක කරඬුවල ඔබ්බලා හතර වටේ තාප්ප ගහලා , ළඟ පාතකින් රථ වාහන යන එකත් තහනම් කොරලා ආගම ධර්මය නගා හිටුවන්න ඒ ආගම ධර්ම වලට අනුකූල මිනිස් සමාජයක් බිහි කරන්න මොකෙක් ටවත් බැරිය.
එතකොට ඔය ධාතු , නිකම්ම නිකන් දත් කෑලි, කෙස් කෑලි, හම් කෑලි හෝ මස් කෑලි මිසක්ක වෙන කිසි දෙයක් නොවන්නේය.

ඉල්ලන්කාව ට වෙලා තියෙන දේවල් වලින්ම ඒ පුංචි ඇත්ත ඔප්පු වී ඇත.


මෙව්වා ලිව්වේ වෙන මොකක්වත් හින්දා නොව හෙට අනිද්දට එන වෙසක් නාඩගම් බලන්න යන හැමෝටම  පොඩ්ඩක් හරි හිතන්න ය. බුද්ධිමත් ව ධාතු වන්දනා ව කරන්න ය.

එහෙනම් අපි ගිහින් එන්නම්,

අදට ඇති වගේ...

65 comments:

  1. මේ ඇටකෑලි වන්දනා කරන අය ඉන්නෙ ලොකු මුලාවක. ඔය ඇටවල අයිතිකාරයො ජීවත්වුන කාලෙ ඒ අයට කිසිම විශේෂ සැලකිල්ලක් තිබුනෙ නෑ. ඒ අය මැරුණට පස්සෙ තමයි මේ ගූඪ බව ආරෝපනය වුනේ.
    මේක නම් මහ පිස්සුවක්. මේ අය කියපු දේවල් හොයන්නෙ නැතිව ඇට බලන්න යන එක හිනා යන වැඩක්.
    ශ්‍රේෂ්ටයන් දැන් සොබාදහමට එකතුවෙලා. ඒ අයගෙ ඇටවල බලයක් නෑ.

    ReplyDelete
    Replies
    1. බලේ තියෙන්නේ ඇට වල නොව ඒ ඇට අයිතිකාරයෝ කියාදීපුවා හරියටම ක්‍රියාත්මක කරන මිනිස්සු ඇතුලේ කියල තේරුම් ගන්න පුළුවන් එව්වෝ ඉන්නේ කීයෙන් කී දෙනෙක් ද?

      Delete
  2. හරියට ආගම ට ධර්මයට අනුව ආකල්ප හද නොගෙන කොටි ගණන් වටිනා මාලිගා හදෝලා, තවත් කොටි ගානක කරඬුවල ඔබ්බලා හතර වටේ තාප්ප ගහලා , ළඟ පාතකින් රථ වාහන යන එකත් තහනම් කොරලා ආගම ධර්මය නගා හිටුවන්න ඒ ආගම ධර්ම වලට අනුකූල මිනිස් සමාජයක් බිහි කරන්න මොකෙක් ටවත් බැරිය.++++++++++++++ සහතික ඇත්ත​

    ReplyDelete
  3. 'රෝමානු' කතෝලිකයන් ලෙස හැඳින්වීම වඩාත්ම නිවැරදිය.කතෝලික යන්නේ අර්ථය 'සමස්ත ලෝක අපෝස්තලීක සංඝය' යනුයි.
    සියළුම ක්‍රිස්තියනි සංඝයන් පොදුවේ කතෝලික හෙවත් සමස්ත ලෝක අපෝස්තලීක සංඝයේ කොටස් වෙයි.
    රෝමානු කතෝලිකයන්, රෝමය මුල්කොටගත් වතිකානයට සම්බන්ධ හෙයින් ඔවුන් 'රෝමනු' කතෝලිකයන් ලෙස ක්‍රිස්තියානි ලෝකයෙහි හැඳින්වෙයි

    ජයම්පති

    ReplyDelete
    Replies
    1. ජයම්පති පොරෆිල් පික් එක දැක්කම හිතුණේ ජුයිස් ද කියලා,,, පහන් රුක (හනුකා) තියෙන නිසා

      Delete
    2. නිවැරදි කරවීම ගැන බොහොම ස්තුතියි ජයා..

      Delete
  4. ඇදහීම සහ අනුගමනය අතර වෙනස! ආගම් යන සංකල්පයේ ඇදහීමච දර්ශනය යන්නෙහි අනුගමනයද ඇත.

    ReplyDelete
  5. හම්මෝ ඕම කියන්න එපා බන් උබව හිරේ දායි අම්බරුවෝ සෙට් වෙලා, ....කොටින්ම අපේ අම්මලා කියන විදියට ඔය දාතු වල හෙන අනුහස් ලු නේ බන්

    එදා යේසුස් වහන්සෙව මැරුවෙත් උන්වහන්සේ මිනිස්සුන්ට ඇත්ත කියන්න ගිහින්,, පල්ලි වල ෆාදර් ලා ඇත්ත දැනගත්තත් එයාලට ඕනේ තමන්ගේ ජොබ් එක කරගෙන යන්න ... එයාලා කියවන බයිබලේ තියෙන්නෙත් "කැපු රූපයක් වත් පිලිමයක්වත් තියාගන්න එපා ඒවාට වඳින්න එපා කියලා තියෙන බයිබලෙමයි "

    සාදු සාදු සා

    ReplyDelete
    Replies
    1. // ඔය දාතු වල හෙන අනුහස් ලු නේ බන් //
      --අනුහස් ඇත්තටම තියෙන"ධාතු" වලට වඳින්න එකෙක් නැහැ...

      Delete
    2. දර්මය දේසනා කලේ ජේසු නම් එයාගේ අම්මා වන මේරි ව පුම්බලා එයාගේ පිලිම හැමතැනම තියාගෙන වඳින්නේ ඇයි?

      ජේසු දෙසුව දර්මයට කිසිම සම්බන්දයක් නැති ජේසු ගේ ආච්චි (සාන්ත ආනා), සීයා (සාන්ත් ජොකිම්?? අනික් සීය සාන්ත කයිතන්) වගේ ලඟ ම නෑයන් හට සාන්තුවර ලැබෙන්නේ පවුල්වාදය නිසාද?

      Delete
    3. හොද පොයින්ට් එකක්. ඔය කතාව තමයි කියන්නෙ ගෙවල් ගානෙ බයිබල් බෙදන අය . බයිබලයෙ තිබෙනව කැපූ රූපයක් තබාගන්න එපා කියල. පරණ ගිවිසුමෙත් ඒක පැහැදිලිව තිබෙනව.නව ගිවිසුමෙත් තියනව.
      රෝමානු කතෝලික සභාව පිළිම වන්දනාව කරන්නෙ ඇයි.
      ගෙවල් ගානෙ බයිබල් බෙදන අයගෙ මතය තර්කානුකූලයි නේද

      සාරස කියන කතාව ත් තර්කානුකූලයි ඇත්තටම එතන ඇයි යේසු තුමාගේ පවුලම අදහන්නෙ . ඒක පවුල්වාදයක් නේද
      එතනදිත් ගෙවල් ගානෙ බයිබල් බෙදන අයගෙ මතය තර්කානුකූලයි .ඔවුන් මරියතුමී , සාන්තුවරයන් ඔය කිසිම කෙනෙක් අදහන්නෙ නැහැ. එකම දෙවියන් වහන්සේ පමනයි.

      මේ කියන්නෙ පිටස්තරයෙකුගෙ දෘෂ්ටියෙන්. මේවට ඔයාලට වෙනම අදහස් ඇති. මම පෞද්ගලිකව ක්‍රිස්තියානි ආගම්වලින් කතෝලික සභාවට කැමති එහි ඔවුන්ගෙ සහජීවන ප්‍රතිපත්තිය නිසා. ගෙවල් ගානෙ බයිබල් බෙදන අය මූලධර්මවාදීන්. ඔවුන් අයි එස් අයි එස් ලගෙ මත වලට කිට්ටුයි.තමන් හැර අනෙක් අය වැරදියි කියල කියන්නෙ.

      Delete
    4. ධර්මයි ආගමයි එකක් නොව දෙකක් කියල තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේ වගේ අවස්ථා වලදී තමයි.

      ජේසු තුමා එකතරා දර්ශනයක් දේශනා කළා. එක තමයි ජේසුගේ ධර්මය. ජේසු එදා ක්‍රිස්තියානි ආගම දේශනා කලේ නැහැනේ. ධර්මය මැදි කරගෙන එක එක මතවාද, සංස්කෘතික අංග, ඇදහිලි, විශ්වාස සහ එක එක කාල වකවානු වල දී ලැබුණු රාජානුග්‍රහයන් වල බලපෑම් නිසා තමයි ආගම කියන එක නිර්මාණය වෙන්නේ.

      ජේසු දහම මුල් කරගෙන කතෝලික ඇතුළු ක්‍රිස්තියානි ආගම් සමූහයත් , බුදු දහම මුල්කරගෙන ශ්‍රී ලංකාව ඇතුළුව තවත් රටවල පවතින විකෘති බුද්ධාගම් සමූහයත් අපිට උදාහරණ කර ගන්න පුළුවන්.

      පිළිම වන්දනා ව ක්‍රිස්තියානි සභාව න් ප්‍රතික්ෂේප කරනවා.ම.ම හරි.

      එත් කිසිම සාම්ප්‍රදායික පැරණි ක්‍රිස්තියානි සභාවක පිළිම වන්දනාව "තහනම් නැහැ" . මුස්ලිම් ආගම වගේ මේ ආගම් කිසිම දෙයක අන්තවාදයකට ගිහින් නැහැ.

      මෙතන තියෙන බරපතල වැරැද්ද ක්‍රිස්තියානි පූජක තුමන්ලා මේ කාරනා හරි විදියට තේරුම් කරන්නේ නැහැ මිනිස්සුන්ට. ආසන්නම හේතුව තමයි පිළිම මගින් සාභා වලට එන ආදායම් වල වටිනාකම.

      ක්‍රිස්තියානිය විතරක් නෙමේ බුද්ධාගමත් එහෙමයි.

      Delete
    5. ජේසුස් වහන්සේ ආගමක් පිහිටවන්න ආවේ නැහැ,, ජේසුගේ අම්මව වදින එක සහ පවුලේ අයව වදින එක ජේසු අනුමත කල දෙයක් නෙමේ,, ඒවා මිනිස්සු හදාගත්ත දේවල් තමන්ගේ පවුල් වල නඩත්තුවට... කොටින්ම ජේසු තමන්ව අදහන්න වත් කීවේ නැහැ,,

      Delete
  6. දැන් ඉන්න මිනිස්සු හුඟක් දෙනෙක් ආගමේ කියලා තියෙන දේ මොනවද කියලවත් හරියට දන්නේ නැති උනාට ආගම ආරක්ෂා කරන්නනම් සෑහෙන්න වැඩ..

    ReplyDelete
    Replies
    1. නොකරන්නේත් ආගම ඇදහීම විතරයි...

      Delete
  7. ධාතු කියලා හාල් ඇටයක් පෙන්නුවත් වඳින හරක් ඉන්නේ...

    ReplyDelete
    Replies
    1. ඇත්ත මාතලන්...

      අර මැරිච්ච අප්පච්චි කෙනෙක්වත් කරගහන් යන සැට් එකක් ඉන්න එකේ මේ වගේ එව්වෝ මොක්කුද?

      Delete
  8. //By the end of the Middle Ages so many churches claimed to possess a piece of the True Cross, that John Calvin is famously said to have remarked that there was enough wood in them to fill a ship://http://en.wikipedia.org/wiki/True_Cross
    //The trade in relics was so brisk that one cleric quipped that there were enough pieces of the "True Cross" to make a forest. He was answered that this was just one more holy miracle!/ /http://www.eskimo.com/~mwirkk/dl/man/DL_man_Goth_church.HTM

    එක කාලෙක යුරෝපයේ ශාන්තුවරයින්ගේ රෙලික්ස් නිශ්පාදනය නැගල යන කර්මාන්තයක් වුනා. ඇට කැබලි වර්ණ ගැන්වීම වැලලීම ආදී ක්‍රමවලින් පරණ බව පෙන්වලා. දැන් නම් වතිකානය ඒවා පිලිගැනීමට තද නීති දාල තියනවාගෙ මගෙ හිතේ.

    ලංකාවෙ නම් ධාතු නිකම්ම වඩිනවනේ. සමහරු කියනව සම්යක් දෘශ්ටික දේවතාවො ඒවා ගෙනල්ල දානව කියල. ඒගොල්ල කොහෙන්ද දන්නෙ නෑ හොයාගන්නෙ.

    අඳුරු යුගයේ හා මුල් මධ්යතනකාලයේ යුරෝපයේ වාගේ වර්ථමාන ශ්‍රී ලංකාවේ මිත්යාවිශ්වාස තියනව නේ?. ඔය අතින් බුද්ධියෙන් පිටුපසට යන වේගවත්ම රට ශ්‍රීලංකාවද දැනට ?

    ReplyDelete
    Replies
    1. //...there were enough pieces of the "True Cross" to make a forest// බඩ අල්ලන් සිනා..

      Delete
    2. සිනාසී බද රිදෙන බව බොහොම අපහසුවෙන් දැනුම් දෙමින්...

      Delete
    3. ඇත්ත ප්‍රා,

      ඔය කතාව මාත් අහල තියෙනවා...

      බුද්ධියෙන් වේගෙන්ම පිටිපස්සට යන්න අපි බව ට උදාහරණ නම් කොච්චරද?

      Delete
  9. අපේ ගමේ පරණ පංසලකත් ධාතු මංදිරයක් තියෙනවා.. වෙසක් වලට විශේශ පෝය වලට එහෙම කියල ධාතු ප්‍රදර්ශනේ කරනකොට හැමෝම පෝළිමේ ගිහින් වඳිනවා.. ප්‍රදර්ශනේ ඉවර උනාම ආපහු අර මන්දිරේට දාල වහනවා.. මං දවසක් ඔය කාමරේ ඇතුලට ගිහිං බැලුවා.. ප්‍රදර්ශණය නොකරන වෙලාවට ධාතු වලට සලකන විදිය දැක්කම ඇඬෙනවා.. මං ඒක දැක්ක බව දැක්ක ලොකු හාමුදුරුවොංගේ ධාතු සිවුර පුරා.. හැක්..

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නේ ප්‍රදර්ශනය කරන්නේ වෙන මොකක්දෝ එකක් වගේ..එහෙම නැතිව හාමුදුරුවන්ට ධාතු සිවුර පුරා යන්න විදියක් නැහැ...

      Delete
  10. මේවා දැක්කා ම ධාතු පිටවෙනවා නේද විභී

    ReplyDelete
  11. තෝ ඔච්චර මේ වගේ වැඩ වලට අකමැතිනම් බුද්ධාගම් කාරයින්ගෙන් කොපි කරගෙන පෙන්නපු දොන් බොස්කෝ ගේ ඇටදෙක බලන්න ගියේ මොන පුකටද

    උඹේ ප්‍රොෆයිල් එකේ නමත් හරියට ගලපෙන්නම දාගෙන තියෙනවා, රාවණා ට පුකේ අරින්න ඉඩ හදල දීල තමන්ගේ ජාතියට කෙලවපු විභීෂණ කියන නම උඹට නියමෙට ගැලපෙනවා.
    සිංහල බෞද්ධයා කරන මගුල් උඹට වැඩක් නැහැනේ.
    සුන්දන්ගේ පුකවල් ලෙව කාල, උන්ගෙන් තාන්න මාන්න ගන්න ඕනේ කමට උන්ට විරුද්ධ නැති බව පෙන්නන්න උන්ගේ ආගමට විකිණිච්ච එව්වෝ තොපි.
    එහෙව් තෝ බුද්ධාගම් ගැන කතා නොකර හිටපං.

    අර ඇණ හතරෙන් එල්ලිලා ඉන්න මනුස්සයාගේ ආගම කරපින්නාගෙන ඉන්න බුද්ධාගම් කාරයින්ව කොපි කරන තොපි වගේ වලහැඩියෝ කරන දේවල් විවේචනය කරපන් අනුන්ගේ හොරි කහන්න යන්නේ නැතුව
    වල් පරවියා

    ReplyDelete
    Replies
    1. තව මොනවහරි තියෙනවා නම් ලියල පලයන් මචන්...

      කමෙන්ට් බොක්ස් එකේ ඕන තරම් ලියන්න පුළුවන්..ගූගලෙන් කිසි අවුලක් නැහැ...

      Delete
    2. කතෝලික ආගම නියම ෆන් ආගමක් ය... අපි නම් වැඩීන් ම ලයික් පෝප් VI ඇලෙක්සැන්ඩර් ට ය... සොමි බුවෙකි...

      එතුමා ගේ මාමා වන පෝප් තුන් වන කැලික්ස්ටස් බෑනා ව වලෙන්සියා වෙ බිශොප් කලේ වාසගම රාජපක්ස නිසාය.

      හය වන අලෙක්සන්ඩර් ට හොර ගැනු ම සැට් එකක් සිටියේය. ඉන් එකියකට අලෙක්සන්ඩර් ට දාව දරුවන් හතර දෙනෙකු ද සිටිමි.

      වඩාත් ම ෆනි කෑල්ල නම් නාමල් රාජපක්සට සොරි සොරි.. පෝප් හයවන ඇලෙක්සැන්ඩර් ගේ එක් පුතෙකු වන සීසර් බෝර්ගියා ව වැලෙන්සියාවේ ආච් බිශොප් කිරීමය...

      තව ඉන්ෆෝ පසුවට....

      Delete
    3. බක්කා ඔබ කලබල වෙන්න එපා. ඕනම කෙනෙකුට තමන්ගෙ මතය දරන්නත් එය ප්‍රකාශයට පත්කරන්නත් අයිතිය තියනවා. මිනිසා මෙම දිගු ගමන ආවෙ ඒ නිදහස තුලින්.
      මත ගැටෙන්න ඕන එවිටයි හොඳ ප්‍රතිඵල ලැබෙන්නෙ.
      විවේචනයට ලක් නොවන කිසිම දෙයක් නෑ

      සාරස @ මධ්‍යතන යුගයෙ පාප්වරු ගැනනම් කියල වැඩක් නෑ. හැබැයි ඒකට හේතුව එදා යුරෝපීයයාගේ අන්ධ භක්තිය. කොයි ආගමෙත් පූජකයො පිස්සු කෙළිනව ජනතාව අන්ධ භක්තිකයන් නම්.
      අපේ රටේම උදහරන ඕන තරම් තියනවානෙ.

      Delete
    4. මේ රටේ හැම දෙකටම හාමුදුරු වරු සහ දේවාලවල කපු රාලලා බලපෑම් කරන්නා වාගේම ඒ රටවල ඒ ජොබ් එක කාලාන්තරයක් කරන්නේ ක්‍රිස්තියානි පූජක වරු. කරන්නේ එකම බලු වැඩේ. එත් ඔතන් ඉන්න රෙද්ද විතරයි වෙනස්.

      Delete
  12. ගස් ගල් වැදීමෙන් පසු පටන් ගත්ත අලුත් චාරිත්‍රේ....
    ඒකත් නරක නෑ...

    ReplyDelete
    Replies
    1. බොහොම හොඳ ආදායමක් තියෙන චාරිත්‍රයක්

      Delete
  13. බොස්කෝ ලොක්කා ගේ අතේ දාතුව බලන්න අපිත් ගියෙමි... එහි තිබූ පෝස්ටර් වලට අනුව ඔහු අද දින හිටියානම් තරුන පිරිමි ලමුන් හට ලමා අපචාර කලා යැයි අමා හා කාන්තා එකේ බලුකූඩුවේ ලගිනු නිසැකය!

    ReplyDelete
  14. රටක් යටත් කරන් හිටිය වශී බෝල වල ට වශී වී ඒවායින් මත්වී ඒ මතට වහ වැටී වලාකුළු මත පිනුම් ගසමින් සිටි සමහරක් අසරණයින් ඒ බෝල වල බල හදිසියේ බිඳුණු කල හිටිවනම බිම වැටී පුක තදින් බිම වැදී තැලී රිදී පොඩිවී කිසිවක් කර කියාගත නොහැකිවී වල්මත් වී නන් දොඩවමින් පිස්සු කෙළිමින් අවසිහියෙන් වචන පාවිච්චි කරමින් සිටින බව අපි නොදන්නවා නොවේ නේද සරසෝ...

    ReplyDelete
    Replies
    1. මම මෙල්බර්න් නගරයේ ජීවත් වෙන කාලේ පෝප් කෙනෙක් එහෙ ආවේය.... එතුමා නතරවී සිටි ඉස්තානයට රැස් වූ කතෝලික පල්ලියෙන් පාලනය වූ ලමා නිවාස වල ජීවත් වෙද්දී අපචාර වලට ලක් වූ වැඩිහිටියෝ බොහෝ දෙනා නා නා ප්‍රකාර සන්ගීත බාන්ඩ හඬවමින් පෝප්පයාට නින්ද ලබීම වැලක්වූහ... පසුව පෝප්තුමාව අන්ඩිස්ක්ලෝස්ඩ් ලොකශන් එකකට රැගෙන යාමට සිදුවිය... ඊට පස්සේ පෝප් තුම අර ලින්ගික අපචාර වලට ලක්වූවන් හමුවී සොරි යැයි කීවේය...

      මෙවුවා සිදු උනේත් මහින්ද මහත්තයා පැරදුනු නිසාද?

      SYDNEY, AUSTRALIA — Pope Benedict XVI met privately Monday with Australians who were sexually abused as children by priests, ending a pilgrimage to the country with a gesture of contrition and concern over a scandal that has rocked the Roman Catholic church.

      The pontiff held prayers and spoke with four representatives of abuse victims, two men and two women, in the last hours of his nine-day visit to Australia.


      ඉතින් සාන්ත බොස්කෝ තුමා ගේ වැඩ සහ කිඩ ගැන කුමන කතාද?

      Delete
    2. ලන්කාවට ගෙන ආවේ බොස්කෝ ගේ අතයි.... මුලු සිරුරම පෙනෙන සේ ප්‍රතිමාවක් සදා තිබුනත් එහි වූ ඔහු ගේ ශරීර අන්ගය අත පමනක් විය!!

      ඔබ එය නොදැන සිටීම පුදුමය.

      Delete
    3. රටක් යටත් කරන් හිටිය වශී බෝල වල ට වශී වී ඒවායින් මත්වී ඒ මතට වහ වැටී වලාකුළු මත පිනුම් ගසමින් සිටි සමහරක් අසරණයින් ඒ බෝල වල බල හදිසියේ බිඳුණු කල හිටිවනම බිම වැටී පුක තදින් බිම වැදී තැලී රිදී පොඩිවී කිසිවක් කර කියාගත නොහැකිවී වල්මත් වී නන් දොඩවමින් පිස්සු කෙළිමින් අවසිහියෙන් වචන පාවිච්චි කරමින් සිටින බව අපි නොදන්නවා නොවේ නේද සරසෝ...

      Delete
  15. මේ ලන්ඩන් වල දාතු පෙන්නූ දවසේ සිජ්ජ වෙච්චි දෙයකි:

    Pope Benedict XVI has met with clerical abuse victims as an estimated 10,000 demonstrators paraded through London protesting against the Catholic Church.

    The protesters marched to Downing Street to condemn the church for its attitude to condom use, homosexuality, women's rights and child abuse.

    Earlier the Pope had issued an apology to those who were abused by the clergy and he expressed his deep sorrow for the "unspeakable crimes."

    But the protesters said they wanted not words but action, in the form of an independent inquiry

    පිස්සු හැදුනද? කේන්ති ගියාද ? දුම් පිටවුනාද ? හිනා ගියාද ?
    මේ ලියපු දේවල් ගැන මොනවහරි හිතුනද

    නුඹ නාඩන් නටුවේ කටු-මිදී තිත්තයි නරි රාලේ

    ReplyDelete
    Replies
    1. රටක් යටත් කරන් හිටිය වශී බෝල වල ට වශී වී ඒවායින් මත්වී ඒ මතට වහ වැටී වලාකුළු මත පිනුම් ගසමින් සිටි සමහරක් අසරණයින් ඒ බෝල වල බල හදිසියේ බිඳුණු කල හිටිවනම බිම වැටී පුක තදින් බිම වැදී තැලී රිදී පොඩිවී කිසිවක් කර කියාගත නොහැකිවී වල්මත් වී නන් දොඩවමින් පිස්සු කෙළිමින් අවසිහියෙන් වචන පාවිච්චි කරමින් සිටින බව අපි නොදන්නවා නොවේ නේද සරසෝ...

      Delete
  16. සිහිවටන සොඳුරුයි.. ඒත් පිස්සුවන් විකෘතියි..

    කාලෙකින් හම්බුනේ ම්චෝ...

    ReplyDelete
    Replies
    1. එක නේන්නම් ...

      දැන් නිවාඩු ද?

      Delete
  17. ජාතික ගීයේ දෙමළ පරිවර්තනයට පක්ෂව කතා කරනකොට ඔයා මතුකල ප්‍රධාන තර්කය තමයි එය වසර 60ක් පමණ පරණයි කියන එක.
    ඒ විදියට බැලුවාම ධාතු වන්දනාව වසර 60 000ක් වත් පරණයි. මොනවා නැතත් පරණ නිසාම ඒක හොඳයි.
    ඔයාලා වගේ ක්‍රිස්තියානි කාරයෝ ජේසුට විහිලු කරන්න පුලුවන්, මරිය තුමියට කුනුහරුප කියන්නත් පුලුවන් මම ඒකට පුදුම වෙන්නේ නෑ. නමුත් ඔයාලා දෙමලෙක්ට විරුද්ධව වචනයක් කියන්නෙ නෑ.
    බෞද්ධ අය මේ වගේ අයගේ පොර ටෝක් වලට අහුවෙන්න එපා.
    මම හිතන්නේ ජේසු අයිති දෙමළාට විතරක් වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. දැන් මේ ජගත් පතිරණ කියන උපාසක මහත්තයා ට අවශ්‍ය වන්නේ මොකෙක් වුනත් කමක් නැහැ දෙමළෙක් ට බනින එක ශ්‍රද්ධාවෙන අහගෙන ඉඳලා සෝවාන් වෙන්න වත්ද?....

      ===
      උඹලා තමයි හලෝ දවසකට වත් පට්ට හිංගලබෞද්ධයෝ...

      Delete
    2. අවුරුදු 60 පරණ ජාතික ගීයට වඳින්න කියල මගේ පොස්ට් එකේ මම කොහේ හරි ලියලා තිබුනාද?

      Delete
    3. දෙමළුන්ට බනින්න කියල බුදු හාමුදුරුවෝ කියාපු තැනක් ඔය ත්‍රි පිටකයේ කොහේ හරි ලියල තියනවානම් හොයලා දෙනවා ද?

      Delete
    4. ශ්‍රී ගෞතම සිද්ධාර්ථ අයිති සිංහලුන්ට විතර වෙන්න ඇති./

      Delete
  18. සුද්ද බයිබලය ලතින් බාසාවෙන් ඉන්ග්‍රීසි බාසාවට පෙරලපු විලියොන් ටයින්ඩේල් පූජක තුමා ව පල්ලිය විසින් ගෙල සිරකර මරා පුච්චා දැම්මේ ඇයි?

    ReplyDelete
    Replies
    1. උඹට ඕකට මගෙන් නම් උත්තර යක් හම්බු වෙන්නේ නැහැ. මොකෝ මම නෙවෙයිනේ එයාව මැරුවේ. ඒ හින්දා මම ඕකට හේතුව දන්නේ නැහැ. උඹම පොඩ්ඩක් හොයල බලපාන් ඕකට ජේසුගේ හරි මරියතුමීගේ හරි බලපෑමක් තිබ්බද කියලා...

      Delete
  19. පල්ලියෙන් ටෙම්ප්ලාර් නයිට් හාදයන් ගේ ලොක්කා වන ජේක්ස් ඩි මොලේ තුමාව කනුවක ගැට ගසා ගිනිතියා මරා දැම්මේ මහින්ද මහත්ත්යා කී නිසාද?

    ReplyDelete
    Replies
    1. මහින්ද මහත්තයා එහෙමත් කියල තියෙනවාද?

      අම්මට හුඩු...මහින්දයා මාර බඩ්ඩක් නේ..

      සරසෝ උඹ කියනකන් ඔහොම වගේ වගක් අපි කවුරුත් දැනන් හිටියේ නැහැනේ බන්...

      Delete
  20. පෘතිවිය වටා හිරු කැරකේ කියා ඔබත් විස්වාස කරනවාද?

    ReplyDelete
    Replies
    1. උඹ හිතන්නේ උඹ විශ්වාස කරන හැම එකම මාත් විශ්වාස කරන්න ඕන කියලද ?

      ඔව්වා කියපන් අර මහින්ද මහත්තයා ට උක පුඩ දා ගෙන වඳින එකෙක් ට.

      එයාලා තමයි තමුන් විශ්වාස කරන දේම අනිත් එව්වොත් විශ්වාස කරන්න ඕන කියලා හිතන් ඉන්නේ..

      Delete
  21. මේ අදහස පළ කරන්න පරක්කු වැඩිද දන්නේ නෑ. නිතර බ්ලොග් කියවන්නේ නැති නිසා මේක අද දැක්කේ. සාමාන්‍යයෙන් ඕනම අාගමකතිබෙන දෙයක් තමයි සංඛේකත සහ සංඥා. ඒ අාගම්වල අාදීකතෘන් වෙනුවට ඔවුන් වාසය කළ තැන්, ඔවුන් පාවිච්චි කළ භාණ්ඩ, ඔවුන් මිහිදන් කළ තැන්, දෙවියන් විසින් දුන්නා කියලා සලකන පොත් පත් අාදියට අාගමික ශාස්තෘවරයන්ට තියන භක්තියෙන්ම සලකන්න අාගම් අදහන්නන්නම් පුරුදු වෙලා ඉන්නවා. බුදුදහමේනම් ධාතු වන්දනාව, බුදුන් වහන්සේ වැඩසිටි ස්ථාන වන්දනාව, කතෝලිකයන්ගේ සුරුවම් වන්දනාව, ඉස්ලාම් භක්තිකයන් කුරාණයට දක්වන ගෞරවය මේ අාදී වශයෙන්. මේක අැත්තටම අාගම්වල තිබෙන හරය ජීවිතයට එකතු කරගන්න බැරි අඥාන බැතිමතුන්ගේ වැඩ දැන් ඉන්න පූජ්‍ය පක්ෂයත් මේවා ප්‍රමෝට් කරනවා, සමහරවෙලාවට පන්සල් වගේ ස්ථාන නඩත්තු වෙන්නේම ඔය වැඩේ හරහා. හොදම විහිලුව තමයි වර්තමාන බුදුදහම - බුදුන් වහන්සේම කියලා තියනවා මම නෙවෙයි මගේ ධර්මයට ගරු කරන්න කියලා, බුදුන් වහන්සේම කියනවා දත්, නියපොතු, කෙස් වගේ දේවල් දෙතිස් මහා කුණප කොටස් හෙවත් අපි විසින් පිළිකුල් කරලා අත්හැරිය යුතු දේවල් කියලා. ඒ වුනාට අද බෞද්ධයෝ වැඩියෙන්ම ගරු කරන්නේ ඒ කියපු පිළිකුල් කළ යුතු දේවලට.

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ ප්‍රගීත්. ඔතනින් එහාට ආගමේ වර්ධනයක් තියෙයි කියලා හීනෙකින්වත් හිතන්න පුලුවන්ද?

      මේ කියමන අපේ කතෝලික ක්‍රිස්තියානි ආගම් වලටත් අදාලයි..

      Delete
    2. http://nelumyaya.com/?p=1836

      Delete
  22. සැබෑ කිතුනුවා පොළවේ රාජ්‍යයන්ට ඇති බැඳීම අත්හල යුතුයි. ඔහු පක්ෂපාතී වියයුත්තේ ස්වර්ගයේ පිහිටුවා ඇති දිව්‍ය රාජ්‍යයටයි. 1914 සිට ජේසු එහි රජකම දරනවා.
    එමනිසා ඔබ පොළවේ රාජ්‍යයන් සමඟ ඇති බැඳිම් අත්හල යුතුයි.
    එනම් දෙමළ ජාතික ගීයට පක්ෂවීම. යහපාලනයට පක්ෂවීම. රනිල්ට පක්ෂ වීම. ඊලම වෙනුවෙන් රෙදි නැතුව කඩේ යාම. මහින්ද රාජපක්ෂට වෛර කිරීම. ඥානසාර හිමිට, සෝම හිමිට විරුද්ධ වීම, ISIS විරුද්ධ වීම සහ එයට විරුද්ධ නොවීම පිළිබඳව ලංකාවේ මුස්ලිම් වරුන්ට දොස් කීම ආදී පොළවේ දේෂපලනයෙන් ඔබවැලකිය යුතුයි.එවාත් මලකුණු වලට වැඳීම හා සමානම මිත්‍යා දෘෂ්ඨික දේවල්. අවශ්‍යනම් නිවසට ඇවිදින් බයිබල් පාඩමක් කියා දිය හැකියි

    ReplyDelete
    Replies
    1. ජගත් පතිරණ ගෙන් බයිබල් පාඩමක් ඉගෙන ගන්න තියේනම් බොහොම අගෙයි..

      ----
      //සැබෑ කිතුනුවා පොළවේ රාජ්‍යයන්ට ඇති බැඳීම අත්හල යුතුයි. ඔහු පක්ෂපාතී වියයුත්තේ ස්වර්ගයේ පිහිටුවා ඇති දිව්‍ය රාජ්‍යයටයි.//
      ----ජගත් ,මෙව්වාඅපේම සම හරක් ෆාදර් ලා සහ අපෙන් කැඩිච්ච පිස්සු සභා වල ලොක්කෝ උගන්නන මනස්ගාත. ඇත්තෙන්ම එයාල උගන්නන්නේ ජේසු දහම නෙමෙයි. ඔය පිස්සු යුතුකම් නම් මම කරන්නේ නැහැ. මට ස්වර්ගය කියල තව කොහෙවත් දෙයක් නැහැ. එකත් මෙහෙම තමයි තියෙන්නේ. අපායත් මෙහෙම මයි. මේක අපායක් කරගැනීම නොගැනීම මගේ වගකීම මිසක් වෙන කාගෙවත් නෙවයි.

      \\1914 සිට ජේසු එහි රජකම දරනවා. එමනිසා ඔබ පොළවේ රාජ්‍යයන් සමඟ ඇති බැඳිම් අත්හල යුතුයි.\\
      ---ජේසු හැබෑවටම රජකම් කරනවානම් අනිවා එතුමාට මේ වෙනකොටත් නහුතෙට පිස්සු හැදිලා ඇති. එක්කෝ කාගෙහරි සාරියකින් බෙල්ලේ වල දාගෙන මැරිලා ඇති. ඇයි බන් මේ එව්වෝ එතුමාගේ නම පාවිච්චි කරලා කරන පිස්සු වැඩ දැක්කම.

      ==========
      ප.ලි

      මාත්, මගේ පියාත් ජේසු දහමේ ඇත්ත නැත්ත අපේ තර්ක ශක්තියෙන් විමසන්න ගිහින්, අනිත් අයට කියාදෙන්න ගිහින් ඕන තරම් වාර ගානක් අපේම ය අතර කොන්වෙලා තියෙනවා . අපි කතෝලික. ඇත්ත. එත් අපි මිනිස්සු. අපිට මොලයක් තියෙන්නේ එක පාවිච්චි කරලා හිතලා මතලා යමක් කරන්න මිසක් සභාවෙන් උගන්නපු පලියට එහෙයි කියලා පිළිගන්න නෙමෙයි.

      ජේසු උගන්නපු දහම දැනට ප්‍රසිද්ධියේ තියෙන කිසිම ක්‍රිස්තියානි සභාවක නිවැරදිව සම්පූර්ණයෙන් උගන්වන්නේ නැත . එසේ ඉගැන්වීමට ද බැරිය.

      ජේසු ඉගැන්නුවේ ආගමක් නොව සරල ජීවිත දර්ශනයකි. එය සැබෑ ලෙස අනුගමනය කිරීම ප්‍රසිද්ධිය තකා සිදු කල නොහැක.

      Delete
  23. භක්තිය වැඩි වෙලා දැන් මිනිස්සුන්ගේ :)

    ReplyDelete
    Replies
    1. එසේය එසේය..

      මවුගුණ දොරේ ගලනවා සමහර තැන් වැලදී....

      Delete
  24. ඇත්ත මිනිස්සුන්ගේ අන්ධභක්තිය තමයි හේතුව.ආමිස පූජාව ප්‍රභල වෙලා ප්‍රතිපත්ති පූජාව නැත්තටම නැති වෙලා .මිනිස්සු මේ තරම් තිරිසන් වෙලා තියෙන්නේ ඒකයි.ඔය පෝලිමේ එන්නේ භත්කියට නෙමෙයි.....“අපි අහවල් ධාතු බලන්න ගියා“ කියලා පුරාජේරු ගහන්න ඕන කමට

    ReplyDelete
    Replies
    1. එකනේ වත්සලා...

      එතනින් එහාට මුන්ගේ බෞද්ධ කම ගැන කියන්න කිසි දෙයක් ඉතුරු වෙන්නේ නැහැ නේද?

      Delete
  25. //ධාතු දැකබලා ගත්තාට කමක් නැත. එත් එව්වට පුක උඩ දමාන වඳින්න අවශ්‍ය නැත. ඔව්වා වල වටිනාකම වැඩිවෙන්නේ ශුද්ධවන්ත කම වැඩිවෙන්නේ එව්වා අයිති ඒ උතුම් මිනිස්සුන්ගේ උතුම් ජීවිත ක්‍රමය අපේ ජීවිත වලටත් බද්ධ කරගත්තොත් විතරය.//

    ReplyDelete

කමෙන්ට් කලාපය....