2015-10-25

මහා පාර මර උගුලක් කිරීම...

මනුස්සයෙක් මළාම ඒ දේහයට සුදුසු ගෞරව සහිතව අවසාන කටයුතු කිරීම මේ ලෝකේ පුරාම ඉන්න මොකක් හෝ ශිෂ්ඨාචාරය කට අනුව හැඩ ගැහිච්ච හැම ජන කොට්ටාශයකම තියෙන උතුම් සිරිතක් ය.

මේ රටෙත් ඒ දේ එහෙම්මමය.
බෞද්ධ, කතෝලික, හින්දු ,මුස්ලිම් වගේ ඒ ඒ ආගමට වෙන් වෙච්ච ආවේනික වෙච්ච සිරිත් විරිත් අනුව මරණයකදී කටයුතු කරනවා අපි හැමෝම දැක ඇත. ඒ ගැන කිසි විවාදයක් ද නැත.

2015-10-04

අපේ මීඩියා



ලෝකයේ ප්‍රසිද්ධ කියමනකට අනුව "ජනමාධ්‍ය" කියන්නේ රටක සිව්වැනි ආණ්ඩුවය. ඔස්තාර් ලාගේ අර්ථ දැක්වීම් අනුව ප්‍රජාතන්ත්‍රවාදය කියන මන්දිරයේ බර දරාගෙන ඉන්න කණු කීපයෙන් එකක් ය. තව කට්ටියක් කියනා විදියට ජනමාධ්‍ය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ මුර දේවතාවෙක් ය. කවුරු කොහොම මොනා කිව්වත් ඔය කියනා නානාප්‍රකාර ඩෙෆිනිෂන් සියල්ලම අදාළ වන්නේ වලංගු වන්නේ සිටින සිරිඉල්ලන්කාව නමැති අමුතු දූපතෙන් එපිට තියෙන ලෝකයට ය.

2015-10-01

අපට අද රෙදි ඇඳිය හැකිද?(ලෝක ළමා දිනය වෙනුවෙනි)

ලෝක ළමා දිනය කියලා නම් කරලා තියෙන අද දවස , ලෝකේ හැම තැනම වගේ නානාප්‍රකාර වැඩසටහන් එක්ක සමරන්න හැම රටක්ම  වාගේ කටයුතු කරන කොට මෙදා පාර අපිටත් හෙන උජාරුවෙන් සමරන්න අවස්ථාව ලැබී ඇත. ඒ කාගේ වාසනාවට ද එහෙම නැත්නම් කාගේ අවාසනාවට ද කියලා හිතා බලන එක වෙනම කටයුත්තක්ය.
කොහොම වුනත් මෙදා පාර ලංකාව ලෝක ළමා දිනේ සමරන්නේ සුපිරියටම රිහසල් කරලා ඇට්ටි හැලෙන්න ප්‍රැක්ටිස් කරලා ය.