2016-04-03

නීතියෙන් එක්සෙප්ෂන්(Exceptions) බලාපොරොත්තු වීම.

සාමාන්‍ය පොදු අර්ථ දැක්වීම අනුව නීතිය කියන්නේ හැමෝටම එක සමානව සලකන සහ සැලකිය යුතු යාන්ත්‍රණයක් වුනත් නීතිය ඉදිරියේ හැමෝම එක සමාන වුනත් සිරි ඉල්ලන්කාවේ සමහරුන්ට ඒ වගේ නීතියකින් වැඩක් නැති වග ඒ වගේ නීතියකට කැමති නැති බව අපිට හොඳ හැටි පැහැදිලි වන්නේ ය.
මෑතකදී සිද්ධ වෙච්ච සිද්ද්ධි කීපයකින්ම අපිට ඒ බව කිසිම කරදරයකින් තොරව තේරුම් බේරුම් කර ගන්න පුළුවන.


ආසන්නම් සිද්ධිය සිද්ධ වුනේ ඊයේ ඒ කියන්නේ අප්‍රේල් 1 වෙනිදා ය.
සංචාරක වීසා වලින් රට ඇතුලට ඇවිත් දේශපාලනය කිරීම ,  වීසා ඉවර වෙලත් රටින් පිට නොවීම කියන ආගමන විගමන නීති කැඩුවා ය කියලා අවුරුද්දකට කිට්ටු කාලයක් රිමාන්ඩ් වෙලා හිටපු පෙරටුගාමේ ත්‍රීවීල් එකේ  ඩ්‍රයිවර් උන්නැහේ ඒ කියන්නේ කුමාර් ගුණරත්නම් ව අවුරුද්දකට ආණ්ඩුවේ බෝඩිමේ නවාතැන් දෙන්න උසාවියෙන් තීන්දු කෙරුවාට පස්සේ පෙරටුගාමී මන්දබුද්ධික සංගමය ආගමන විගමන කාර්යාලය ට බලෙන් ඇතුල් වෙන්න ගිහින් පොලෝසියෙන් ගුටිත් කාලා විකාර කලේ අර මනුස්සයාව වහාම නිදහස් කරන්නය කියලා ය.
ඒ යකා රිමාන්ඩ් වෙලා හිටපු කාලෙත් ඔය පෙරටුගාමී ත්‍රීවීල් පාටියේ එවුන් මාස ගානක් තිස්සේ කොටුව ඉස්ටේසමඉස්සරහ පතෝල මැස්සක් අටෝගෙන "කුමාර් ගුණරත්නම් වහ නිදහස් කරනු" කියලා ලොකු බැනර් එකකුත් පාර මැද්දේ තමුන්ට පෙන විදියට ගහගෙන ප්‍රසිද්ධියේ ස්වයංවින්දනයේ යෙදුනේය.
හැබැයි අද වෙනකොට නම් ඒ ත්‍රීවීල් එකේ ඉහල සාමාජිකයෝ කියන්නේ එයාලා ගියේ කුමාර් ගුණරත්නම් ට සිරි ඉල්ලන්කාවේ පුරවැසි කම ඉල්ලන්න ඇප්ලිකේෂන් එකක් දෙන්න ය කියලා ය. එක කොච්චර පට්ටපල් බොරුවක් වුනත් එක මොහොතකට තප්පරෙකට ඒ කතාව ඇත්ත කියලා නිකමට හිතුවොත් උන්ට නම් පශ්චාත් භාග දෙකේ ඉඳන්ම පිස්සුය කියලා කෙනෙක්ට හිතෙන්න මහා වෙලාවක් යන්නේ නැත. එතරමටටම ඒ කතාව පීචන් ය. 
මෙයාලගේ ඉල්ලීම වෙන්නේ රටේ නීති කඩකරලා හිරේ දාලා ඉන්න මනුස්සයා "දේශපාලකයෙක්" නිසා නිදහස් කරන්න්නය කියලා ය.
ඒ කියන්නේමොන පජාති වැඩේ කලත් "දේශපාලකයින්ට" නීතිය ඇතුලේ "එක්සෙප්ෂන්" එකක් තිබිය යුතුය කියලා ය.




කොටදෙනියාවේ අර අහිංසක කෙල්ලගේ මරණෙට සැකයි කියලා පජාති මීඩියා වලින් නම කියවෙන කියවෙන එකාව මරන් කන්න හදපු  "උපාසක සනුහරේම " මීට අවුරුදු කීපෙකට කලින්  අතදරුවෙක්, ළමයෙක් ඇතුළුව දෙමල පවුලක්ම ඝාතනය කලාය කියලා මරාණ්ඩුව කාලේ අත්අඩංගුවට අරගත්තු හමුදා නිලධාරියා ට  ( මෙයාට "රණවිරුවා" කියලා අපිට කියන්න බැරිය) මරාණ්ඩුව කාලේදීම අවුරුදු කීපයක් නඩුව අහලා යහපාලන ආණ්ඩුව කාලෙදී මරණ දඬුවම නියම වුනාම ඒ දඬුවම නියම කරපු නඩු කාරයින් ව  සිරිසේනව වික්‍රමසිංහ ව මරන්න එයාලගේ දෙමවුපියන්ට "සලකන්න " දඟලන්නේ "මිනීමරුවා ව නිදහස් කරන්න" කියලා ය.
මේ අසමජ්ජාතීන්ට අනුව හමුදාවේ වුනාම ඕනෑම වරත්තු වැඩක් කරන්න ලයිසන් තියෙනවා ය, එකෙක් දෙකෙක් නොව පවුල් පිටින් අහිංසකයින්ව සමුල ඝාතනය කලත්  කරලා අහුවෙන හමුදා සාමාජිකයින්ට දඬුවම් නොදිය යුතුය, උන්ව නිදහස් කල යුතුය .
ඒ කියන්නේ නීතිය ඇතුලේ  හමුදාවට එක්සෙප්ෂන්(Exceptions) එකක් තිබිය යුතුය.





තමුන්ගේ මනුස්සයා අතුරුදහන් වෙච්ච එකට සම්බන්ධ නඩුවට ඇවිත් යන කොට උසාවි භූමිය අතුලේදීම ඒ ගෑනු මනුස්සයාට බලු කතා කියලා අපහාස කරලා උසාවියට නීතිය උගන්නන්න හදපු නානසාර සිවුරු-හොරා ට "අධිකරණයට අපහාස කිරීම " කියන චෝදනාව යටතේ නඩු දාලා හිරේ යවනකොට එකාගේ පස්සෙන් වැටුණු අවජාතක කහකඩ හැතිකරේ ඉල්ලුවේ "සිවුරු හෝරාව නිදහස් කරන්න ය. කාට සැලකුවේ නැතත් සිවුරට සලකපල්ලාය " කියලා ය.
නානසාරගේ පොලිටිකල් සහෝදරයා වන ඉත්තෑකන්දා ව ත් ඒ වගේම වැරැද්දකට ඇතුලට ගන්නකොටත්, සෝභිත හාමුදුරවො වෙනුවෙන් තනියම පොස්ට් මොටම් එකක් කරපු එම්බ්‍රොයිඩර් සාදුවත් ඇතුලට ගන්නකොට කහකඩ වරිග සභාව වැදාරුවේ ඔය මන්තරයමය.


ඒ කියන්නේ මහා සිවුරු හොරුන්ට  සහ උගේ අන්තේවාසික කහකඩ බත් බැලයින්ට අනුව සිවුරක් අඳින ඕනෑම එකෙක්ට (හොරක් ට වුනත්) නීතිය ඇතුලේ එක්සෙප්ෂන් තිබිය යුතුය .






ඊයේ පෙරේදා මාර්ග නීතියක් කඩ කලාය කියලා පොලිස් රාලාහාමි කෙනෙක්ට අහුවෙච්ච මනුස්සයා වැරැද්ද තේරුම් අරගෙන පිළිඅරගෙන දඩ කොළෙත් ලියවෙන වෙලාවේ එතෙන්ට කැමරාව උලුක්කා කරගෙන සෝම-වාහිනී යේ වේලන මීඩියා කාරයෙක් ඒ මනුස්සයා කරපු වැරැද්ද වීඩියෝ කළේය. කිසිම අදාලත්වයක් නැති නිවුස් එහෙකට වැඩකුත් නැති දෙයක් මීඩියා කාරයාට අර දඩ කාපු මනුස්සයා මනුස්සයා  ආසන්න ශුද්ධ සිංහලෙන් ආමන්ත්‍රණය කරපු එකට මල පැනපු මීඩියා කාරයා පොරක් වෙන්න හදලා එතැනදී පොර ටෝක් එකක් දුන්නේ "අපි මීඩියා. අපිට ඕන තැනක යන්න පුළුවන් " කියලාය.
ඒ කියන්නේ මීඩියා කාරයින්ටත් ඕනා බලු වැඩක් කුප්ප වැඩක් නසරානි වැඩක් කරලා බේරිලා ඉන්න පුළුවන්විදියට නීතිය ඇතුලේ එක්සෙප්ෂන් තියෙන්න ඕනය කියලා ය,











දැන් බලාගෙන ගියාම හැමෝම තමුන්ගේ දැන  ඇඳුනුම් හිතවත් කම් එක්ක නීතියෙන්මොකක්හෝ එක්සෙප්ෂන් එකක් බලාපොරොත්තු වෙනවා වගෙය.
නීතිය හැමෝටම එකසමාන ව ක්‍රියාත්මක වෙන්න ඕනය, නීතිය ඉදිරියේ හැමෝම  සාමානය කියලා පාරම්බාන මිනිස්සු වුනත් තමුන්ට කෙස් එකක් වැටුනාම අඩිය පොඩ්ඩක් පස්සට ගන්නනේත් අරගෙන ඉවරාවෙලා තම තමුන්ගේ තත්වය අනුව  නීතියෙන් තමුන්ට ගන්න පුළුවන් එක්සෙප්ෂන් එක මොනවාද කියලා හොයලා බලන්නෙත් ඒ නිසාය.
රටම වගේ ඒ විදියට ය. ගොඩ ඒමක් නම් නොපෙනෙන මානයේනුත් එහා වාගෙය.








නීතිගරුක මිනිස්සුට නීතියෙන් එක්සෙප්ෂන්  අවශ්‍ය නැත.
නීතිගරුක මිනිස්සු හොරු වංචාකාරයෝ නිදහස් කරන්නය කියලා උද්ගොෂන් කරන්නේ නැත.
නීතිගරුක මිනිස්සු අනුන්ගේ ලබ්බවල් හොයන්න දඟලන්නේ නැත.
නීතිගරුක් මිනිස්සුපොලීසි උසාවි වලට නීති උගන්නන්න මහන්සි වෙන්නේ නැත.
නීතිගරුක මිනිස්සු පොලීසි උසාවි තියෙද්දී තනියම නීති ක්‍රියාත්මක කරන්න යන්නේ නැත.
එව්වා කරන්න ඕන වෙන්නේ පජාති වැඩ කරන වංචාකාරයින්ට ය.


දේශපාලනය කරනවා නම් රටේ බලය ලබන්න බලාපොරොත්තු වෙනවා නම් සේරටම කලින් නීතිය ඉගෙන ගෙන එන්නය කියලා කුමාර් ගුණරත්නම්, දුමින්ද නාගමුව වගේ අයටත් ,
උසාවි වලට නීති උගන්නන්න කලින් හරියට බුද්ධාගම ඉගෙන ගෙන එන්නය කියලා අපිට නානසාර ,ඉත්තාකන්දාවගේ  සිවුරු හොරුන්ට ත් ,
මීඩියා කියන්නේ ඕනා එකයි එපා එකයි හැම ලබ්බම , හැම රෙද්දම පෙන්නලා සල්ලි හම්බකරන රස්සාවක් නොවන බව ත් තමුන්ගේ හැරමිටිය වනීමේ නිදහස අනිකාගේ නැහැය ගාවින් අවසන් වෙනවා ය කියලාත් වේලෙන මීඩියා කාරයින්ට ත්
තම තමුන්ට හිතු මනාපෙට තම තමුන් කැමති මිනිස්සුන්ව රකින්නත් අකමැති මිනිස්සුන්ව මරන්නත් කාටවත් ලයිසන් ලැබී නැති බව කොටදෙනියාවේ මී හරක් වගේ රට හැමතැනම ඉන්න ඒ ජාතියේ මීහරක්ටත් කියන්න පොදු ජනතාව විදියට අපිට සිදුවෙනවා ය.


රටක් ගොඩනගන්න නම් හරි හමන් "ශක්තිමත් පද්ධතියක්" හැමෝටම එක සමාන නීතියක් අනිවාර්යයෙන්ම ඕනා ය.
එහෙම එව්වා නිකම් හැදෙන්නේ නැතිය. ඒවගේ දෙයක් කරන්න මහජනතාව ත් ලොකු වගකීමකින් කටයුතු කල යුතුය .
ආණ්ඩුවේ වගකීම නීතියට අනුකූලව ජීවත් වෙන මිනිස්සු පිරිසක් හදන එකය. එහෙමහදන්න නම් එක එකාට එක්සෙප්ෂන් දෙන එක නවත්තලා තරාතිරම නොබලා වැරදි වලට දඬුවම් දෙන්න පුළුවන් විදියට සිස්ටම් එක අලුත්වැඩියා කල යුතුය. රෙපයාර් කල යුතුය. වැඩේ හරියන විදියට කරගත්තොත් වාසිය රටට ය.
නොකලො ත් ඉතින් දෙයියන්ගේම පිහිට තමා ය.

එහෙනම් මේ යන්නට වෙලාවය.
ගොහින් එන්නම් ය.

44 comments:

  1. Sahathika aththa!Deshapalakayantayi,Hamuduruwantayi,Hamuda,polici wala ayatayi ona ,ona widihata neethiyata pitin katayuthu karanna kohethma ida nothabiya yuthuyi!

    ReplyDelete
  2. මදර් තෙරේසා ගේ මොරටුවෙ බේබි ෆාම් එකටත් නීතිය ක්‍රියාත්මක වෙන්න යනකොට මැල්කම් රන්ජිත් ඒකට විරුද්ද වුනේ, එසේ නීතිය ක්‍රියාත්මක වුනොත් මින් මතු කතෝලික පල්ලිය රාජ්ය උත්සව වලට සාබාගෙ නොවෙමි කියනා බ්ලැක්මේල් පනිවිඩයෙන්..

    ආමෙන්!
    http://www.sundayobserver.lk/2011/11/27/fea05.asp

    ReplyDelete
    Replies
    1. කවුරු වුනත් කරේ වැරැද්ද නම් වැරදියි තමයි ....

      අවුරුදු 5ක් පරණ ලින්ක් එකක් මහන්සි වෙලා හොයලා දැම්මා ට බොහොම ස්තුතියි..

      Delete
  3. මගේත් හිතේ නිතරම වදදෙන ප්‍රශ්නයක් තමයි ඕක​, සෑම ආන්ඩු කාලයේම පැවැතුනත්, රිලව් බඩ පිනුම් ගහන්න ගත්තේ මහින්දගේ කාලයේ තමයි, ආයුධය අතේ තිබුනු එකා එදා චන්ඩියා උනා.

    වටිනා අදහසක් ඔබ මතුකරේ.............පැසසුම​

    ReplyDelete
  4. සේයා දැරියගෙ පින්තූර ආයෙත් දාන්න එපා කියලා ඒ දරුවගෙ අම්මා ඉල්ලීමක් කලා දැක්කෙ නැතෙයි

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි මාතො...
      එක මට මතක නැතුව ගියා...
      ----------------
      ඔන්න මම ෆොටෝව එඩිට් කළා...

      Delete
  5. මෝඩයාගේ දවසේ මාත් ගියා මෝඩයෙක් වගේ විභාගයක් ලියන්න. Constitutional Law ගැන. අම්මපා මේ ටික කලින් කියුවනම් මේවා Propose කරන්න තිබ්බා ඊළඟ Amendment එකට.
    සමහරුන්ට නීතිය ඇතුලේ Exceptions (ව්‍යාතිරේක) තියෙනවා. සමහරු සම්පුර්ණ නීති පද්ධතියෙන්ම exempted (මුක්තයි). අපි වගේ උන්ට තමයි නිදහසේ සෙල්ෆියක්වත් ගහන්න බැරි.

    ReplyDelete
    Replies
    1. කමියා කියන කතාව ඇත්ත..
      ඔක්කොම පවර්ස් පෙනන්න්නේ පොඩි එවුන්ට තමයි..

      ==========================
      හොඳ වෙලාවට එක්සැම් එකට පස්සේ පොස්ට් එක දැම්මේ..
      නැත්තන් උඹ මේකේ තියෙන එව්වා ලියලා මොඩියුල් රිපීට් වුනාම මේ කොහෙවත් ඉන්න මම තමයි වගකියන්න වෙන්නේ...

      Delete
  6. ඇත්ත කතාව...!!!

    ReplyDelete
  7. උඹ මතු කරන කතන්දරේ හරි වටිනවා..... නීතිය සැමට සමානය කියන අපි ම තමා ඒක තුළ හිල් හදන්නත් ට්‍රයි කරන්නේ.... නීතියට ගරු කරනවාය කියලා වැඩි පුර පෙන්නන උන් ම තමා ඒකට නිග්‍රහ වෙන වැඩ කරන්නෙත්.....

    ReplyDelete
    Replies
    1. උඹේ අදහසට එකඟයි...
      ----
      දැන් යන තත්වේ හැටියට බන් මට පෙන්නේ නීතිය කියන මහා දැලේ අතරින් පතර හිල් තියෙනවා නෙමෙයි මහා හිස් අවකාශයක් ඇතුලේ තැනින් තැන නීතිය කියලා දැල් කෑලි තියෙනවා කියලයි...

      Delete
  8. නීතිය ඇතුලේ එක්සෙප්ෂන් තිබිය යුතුය//////////////////// only in Sri Lanka

    ReplyDelete
  9. රට කරවන උදවිය තමුන්ගේ හිතවාදීන්ට සහ ප්‍රතිවාදීන්ට ප්‍රසිද්දියේ නීතිය ඇතුලේ එක්සෙප්ෂන් දෙන්න සූදානම් විභීෂණ.. ඥාතීන් සහ දරුවන් දේශපාලනයෙන් ඉවත් කරගෙන පැත්තකට වෙලා ඉන්නවනං රාජපක්ෂ පවුලට එරෙහි චෝදනා වලට එක්සෙප්ෂන් දෙන්න යහපාලානේ සූදානම්.. උප්පැන්න පාස්පෝර්ට් අයිඩෙන්ටි කාර්ඩ් දෙක තුන තියන එවුන් පාර්ලිමේන්තුවේ බඩපිලුම් ගහනවා..වංචා දූෂණ වලට කප් ගහපු එවුන් ප්‍රභූ ආරක්ෂාව එක්ක පාර්ලිමේන්තුවේ..පාලනයට දක්වන පක්ෂපාතිත්වය නිල නොවෙන මට්ටමින් නීතියෙන් ගැලවීමක් ලැබෙන ලියවිල්ලක් වගේ වෙලා.. මේ දේවල් දිහා බලාගෙන පිට කොන්දක් තියන මිනිස්සුන් තවදුරටත් ලංකාවේ ජීවත් වෙන්නේ කොහොමද කියන එක මටනම් හරිම ප්‍රශ්නයක්..අපේ රට ලෝකයේ අංක එකට එන්නේ ලැජ්ජාවක් සහ හර්දශාක්ෂියක් නැති මින්ස්සු ඉන්න රටක් විදිහට..

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ පිට කොන්දක් තිබ්බ මිනිස්සුනට රටින් අයින් වෙන්න සිද්ධ වුනා. එහෙම බැරි වෙච්ච එවුන් වෙනුවෙන් සුදු වාන් ආවා...

      එතකොට දැන්..?
      තාම පටන් ගත්තේ නැහැ...තව ටික කාලෙකින් වැඩ පටන් ගනී,,,

      Delete
  10. නීතිය කෝමෙයි බලන්න ලයිසන් නැතුව හෝ කල් ඉකුත් වූ ආදායම් බලපත්‍ර සමග බයික් එකකින් ගොස් ටැපික් රාලාමි කෙනෙකුට කො‍ටුවන්න... දඩ කොලයට අඩුවෙන් වැඩේ සේප් කර ගත හැකිය.... නීතිය අකුරට වෙන්නෙ ආන්න එහෙමය... (හැම ටැපික් රාලහාමි කෙනෙකුන්ම මේ තොප්පිය දාගත යුතු නැත..)

    ReplyDelete
    Replies
    1. ආ..අන්න එකනම් පට්ට නීතිය රොහා...
      මමත් කීප පාරක් ම ක්‍රියාත්මක කරලා තියෙනවා...

      Delete
  11. මේක නාගමුවලා හරි කියන්න කොටන එකක් නෙමෙයි.ඒත් කුමාර් ගුණරත්න ක්‍රියාවලියම මටනම් අවුල්.විමල්ට ක්‍රියාත්මක නොවන නීතිය කුමාර්ට ක්‍රියාත්මක වෙනවා.විමල් ඇතුලට ගියොත් ඒක රනිල්ට පාඩුයි.විමල් එලියේ හිටියොත් විතරයි නිදහස් පක්ශය දෙකඩ කරන්න පුළුවන්.ඒක නිසා එතන නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ.මහින්ද වටේ ඉන්න එවුන් එලියේ ඉන්නකන් රනිල්ට වාසියි.ඒක නිසා උන් ඇතුලට යන්නෙත් නෑ.මහින්ද විරුද්ධවාදීන් උන නිසාම හිතනවා රනිල්ගේ පට්ට මොලේ.ඌ කපටි නරියෙක් කියලා.ඒත් මැදහත්ව බලනකොට රනිල් අද කරන්නෙත් මරා එදා කරපු දේමයි.වෙනස මරා එදා බයකරලා කරපු දේවල් රනිල් අද මොලෙන් කරනවා.රනිල්ට අද ඕන තැනක කියන්න පුළුවන් මේක උසාවි නියෝගයක්.මගේ බලපෑමක් නෑ.කුමාර්ව අතඩංගුවට ගත්තෙත් පහුගිය ආණ්ඩුවේ සිටම කරපු පරීක්ශන වලට අනූව කියලා.ඒත් රනිල් එදා විමල්ගේ ප්‍රශ්නෙට මැදිහත්වුන ආකාරයට කුමාර්ගේ ප්‍රශ්නෙට මැදිහත්වුනේ නෑ.පෙරටුගාමීන් කියන්නේ රනිල්ට අභියෝගයක් නෙමෙයි.උන්ගෙන් අභියෝගේ අනුරලට.අනුරලා මොනවා කිවුවත් ඔවුන්ට බෑ ඇත්තෙන් හැන්ගෙන්න.ඔවුන් දන්නවා වෙන්වෙන්න ඉස්සල්ලා පක්ශේ දරදිය ඇද්දේ අද පෙරටුගාමීන් වෙලා ඉන්න කොටසබව.අද ජ.වී.පෙ. කියන්නේ එදා මහජනයට විවෘතවුන කොටස විතරයි.මෙතනදී රනිල් කරන්නේ අනුරලට කළගුණ සැලකීමක් විතරයි කුමාර්ව ඇතුලට දාලා.බිම් මටමට පැමිනීමේ එජාප දුර්වලතාවය රනිල්, මේ ප්‍රශ්ණ හරහා වසාගන්නට උත්සහ කරනවා.මේකෙන් පැහැදිලි වෙන්නේ එකම දෙයයි.ලංකාවට ඕනේ සිස්ටම් වෙනසක් මිස ඔළුගෙඩි මාරුකිරීමක් නොවන බවයි.ඒත් ඒ හීනය ගොඩක් දුරයි.

    ReplyDelete
    Replies
    1. කුමාර් ගුණරත්නම් ට ක්‍රියාත්මක වුනු නීතිය විමල් ට ක්‍රියාත්මක නොවීම ඇත්තටම ප්‍රශ්නයක්.
      හැබැයි එකක් තියෙනවා.දෙන්නාටම තියෙන්නේ ආගමන විගමන කේස් වුනාට දෙන්නා කරලා තියෙන වැරදි දෙකක්.
      විමල් ගේ කෙස් එකට රනිල් මැදිහත් වෙච්ච් එක කිසිම විදියකින් අනුමත කරන්න බැහැ.

      රනිල්-විමල් සම්බන්ධෙ ගැන කටුස්සාගේ මතය සිද්ධවෙච්ච සහ නොවෙඡ්චා දේවල් අරගෙන බලපුවාම සහතික ඇත්ත.
      එත් රනිල් මැදිහත් වුනේ මොන කෙස් එකටද නොවුනේ මොන කෙස් එකටද කියන එක ප්‍රශ්නයක්.
      සමහර විට කිසිම එහෙකට සම්බන්ධ නොවී හිටියා වෙන්නත් පුළුවන්. එහෙම නැත්තන් කෙස් දෙකම "සුදුසු විදියට" හැන්ඩ්ල් කළා වෙන්නත් පුළුවන්.
      අපි ගොඩක් දෙනෙක් මේ උභාතොකොටිකයේ පැටලෙන්නේ එක්තරා ඇත්තක් නිසයි.
      කටුස්සා බොහොම ලස්සනට එක ලියලා තියෙනවා.
      //මරා එදා බයකරලා කරපු දේවල් රනිල් අද මොලෙන් කරනවා//
      ඔන්න්න ඕකයි ඇත්ත.
      රනිල් කවදත් සොඳුරු ප්‍රඥාවන්ත ඒකාධිපතියෙක්.
      පක්සේ ඇතුළේදී තමුන්ව එලවන්න කීයක් නම් කුමන්ත්‍රණ ආවාද.
      එත් රනිල් තාමත් පක්ෂ නායකයා. ඒ මදිවට අගමැති ත් වෙලා. තමුන්ගේ බලයෙන් වෙන් පක්ෂෙක ජනාධිපති කෙනෙකුත් පත් කරලා.
      එයාව එලවන්න ගිය එවුන් තැන තැන වල අනාත වෙලා.
      මරා ත් ගොඩක් තැන් වලදී සොඳුරු යි , හැමතැනම වගේ එකාධිපතියි, එත් ගොඩක් තැන වල මෝඩයි. හත් පොලේ ගාගන්නවා වැඩියි.
      රනිල්ගෙයි මරා ගෙයි වෙනස එකයි.
      ----------------------------------------
      (වෙන පඳුරක් තැලුවාද මන්දා...)

      Delete
    2. කටුස්ස එක්ක මාත් එකඟයි. ඕක ගැන ලියන්ඩ උන්නෙ. අපසාදෙ...!

      Delete
    3. ඔන්න ඔහේ ලියපන්.හිතේ තියන ඒවා මේවගේ වෙලාවට එළියට දැම්මට ලිප්යක් ලියන්න තරම් කික් එකක් එන්නේ නෑ ඔය මාතෘකාව සම්බන්දයෙන්.ඒ තරමට දේශපාලනේ තිත්තවෙලා. දැක්කද සබීතා පෙරේරගේ සැමියට දුමින්ද කළගුණ සලකලා තියන අපූරුව?

      Delete
    4. මාත් කියන්නේ එකම තමයි. ඔන්න ඔහේ ලියාපන් ..

      Delete
  12. ඇයි මතකද ඉනෝකා ගාල්ලගේ කියල කෙල්ලෙක්ව දෂණය කළා කමල් අද්දරආරච්චි? ඊට කලිං රමණි බර්තොලමියුස් මැරුවා.

    ඒ කියන්නෙ නළුවන්ටත් බඩු කාර‍යන් වීමේ නිදහස ඇත?

    ReplyDelete
    Replies
    1. ඉස්සර නම් නළුවන් යනු හොඳම බඩුකාරයින්ය.ඇසුරක් නැති බැවින් වර්තමානයේ අය කෙසේදැයි නොදනිමි.

      Delete
    2. @ ඩ්‍රැකී
      //නළුවන්ටත් බඩු කාර‍යන් වීමේ නිදහස ඇත//
      -නැතුව නැතුව. නළුවෙක් වෙනවා කියන්නේ බඩු කාරයෙක් වෙන්න තියෙන එක ලයිසන් එකක් නේ.

      ඔය සමහරු අවුරුදු ගානක් එකට හිටපු කසාද ගෑනියි ළමයි නුයි අතැරලා ගිහින් වෙන කෙල්ලෝ එක්ක ඉඳලා උන්ට ළමයි හදලා දීලා කලින් ගෑනි එක්ක සින්දු කියලා පස්සේ ටික කාලෙකින් අර අලුත් කෙල්ලත් අතැරලා ආපහු පරණ ගෑනි ගාවටම යන්නේ.
      ලයිසන් නැතුව ඔව්වා කරන්න පුලුවන්ද බන්...?

      Delete
    3. @Helapa kade
      ඉස්සර නළුවන් කියනේ හොන්ද්දම බඩු කාරයෝ ය.
      එතකොට දැන්...?
      ආ දැන් නළුවෝ නැහැ. ඉන්නේ බඩු කාරයෝ විතරයි. උන් ඉඳලා හිටලා නළුවෝ වගේ ඇට් කරනවා.

      Delete
    4. බඩුකාරයන් වීම ගැන මගෙ අවුලක් නැත. බඩුකාරයින් වීමට නීතියෙන් ලයිසන් ඉල්ලීම අවුලකි...!

      විභී,
      ඇත්ත. දැං ඉන්නෙ නළුවො නං නෙමෙයි. වෙන මොක්කු හරි.

      Delete
  13. "කුමාර් ගුණරත්නම් වහ නිදහස් කරනු"

    ඔය ඉන්නේ කොටුවේ ස්ටේෂන් එක් ඉස්සරහා තවම

    ReplyDelete
    Replies
    1. දැන් එතකොට ඕකෙන් අධිකරණයට අපහාස වෙන්නේ නැද්ද දන්නේ නෑ..නේ?

      Delete
  14. හ්ම්ම් අර පාඨලී චම්පික හැප්පුව සංදීප් ගැන විස්තරයක් නැහැ ඒව එහෙම්මම යට ගිහින් ඔහොම නැතිව සංදීප් පාඨලී ව හැප්පුවනම් අද බලාගන්න තිබ්බ හොඳ හොඳ දේවල් :/

    ReplyDelete
    Replies
    1. කොල්ලා හොඳ වෙලාය, දැන් ව්‍යායාම කරන්න රාගම හොස්පිටල් ඇඩ්මිට් කරලා ය කියලා පත්තරේ දාල තිබුන දැක්කා.

      ----------
      //සංදීප් පාඨලී ව හැප්පුවනම් අද බලාගන්න තිබ්බ හොඳ හොඳ දේවල්//

      ඉතින් හංසියෝ, සන්දීප් කොල්ලා තමයි පාඨලී ව හැප්පුවේ.බයිසිකලේ හැප්පිලා තියෙන්නේ පාඨලී ගේ වාහනේ පිටිපස්සෙනේ. අයි දැක්කේ නැද්ද?
      වාහනේ දමේජ් එක තියන්නේ පිටිපස්සේ.

      Delete
    2. ඈ ....... එතකොට මම පත්තරේ කියෙව්වෙ? මට මතක අර පාඨලී හැප්පුව කියල. ඒ මනුස්සය ඊට පස්සේ පැනල ගියාලු පස්සෙ වෙන රියදුරෙක් එයා වෙනුවට දැම්මලු ..හා එහෙම නෙවේද ?

      Delete
    3. හංසි යෝ..
      ඔය විදියට කතාව ලියලා තියෙන්නේ දිවයින පත්තරේ..
      ඔය කෙස් එකට බයිසිකලේ ආපු කොල්ලෝ දෙන්නා දෙපාරකදී වෙනස් කට උත්තර දෙකක් දීලා තියෙනවා.
      එතන පොඩි කේ එකක් තියෙනවා
      ඒ එක්කම ගොඩක් වේ සයිට් වල තියෙනවා චම්පික ගේ හැප්පුණු වාහෙනේ.
      එකේ තැලිලා තියෙන්නේ පිටිපස්ස.

      ---------------------------
      ඇත්ත විස්තරේ පොඩ්ඩක් හරි දැනගන්න ඕන නම් එකක් නෙමේ පත්තර දෙක තුනක්ම බලන්න වෙනවා..

      Delete
  15. අමුත්තක් නැත . රටක් හදන්නට ආණ්ඩු මාරු කළ යුතුම නැත . හරි දෙය හරි ලෙසත් වැරදි දෙය වැරදි ලෙසත් බය නැතුව දකින්නට මනෝභාවයන් මාරු කර ගත යුතුය .

    සුපිරියි විභූ , ඉලක්කය ටක්කෙටම හරිය .

    ReplyDelete
    Replies
    1. තැනක් යූ වේවා...

      -----------
      මනෝභාවයක් වෙනස් කරන්න ඉතින්....
      අනේ මන්දා..
      කවද වෙයිද කියලා හිතා ගන්නන් බහ..

      මේතු වා දන්නවා ත් ඇතිනේ..
      ලංකාව දියුණු වෙන කාලේ ගැන අහපුවා ම සක්කරයාත් අඬා වැලපුනා ලුනේ...

      Delete
  16. බලාන්ඩ පින්වත්නී..........මේ රට ගලවාගන්න ඉන්න උඩුවේ බලන, කන්දේ ඉත්තෑ මූණ, බෙංගමුවේ ආලවක, අලගොඩ ගත්තේ ගන්දස්සාර වගේ අය නැත්නම්, සෑසනෙත් නැත, පඬු හැලියත් නැත.

    නරකද උඩුවේ බලන අග විනිසුරු කරන එක. එතකොට නීතිය ඉන්තේරුවෙම්ම රැකෙනවා. ඕ යේස්.

    ReplyDelete
    Replies
    1. උඩුවේ බුවා ව අගවිනිසුරු කරලා , අර දියවන්නා පැත්තේ කෙල්ලෙක් එක්ක ජින්කිජිකා කරලා මාට්ටුවුන එකාව නීතිපති කරලා ගත්තනම් හිටන් , නීතිය ඩේෆිනිටලී ඉන්තෙරුවෙම්ම රැකෙනවා...

      අම්මපා...

      Delete
  17. හැක ලංකාවේ දේශපාලනෙයි නීතියයි හැමට සමානවැ හා සදාරනව නැත. හිරේ යන මහා උන්ට ලෙඩ වෙනවාය, උන් ඊට පස්සේ සැප රෝහලකට වී හිර බත් කනවාය, PSD එකට ඉරි කපන් යා හැක, අපට මැරෙන්න යන එකෙක්ව පටවන් ඉස්පිරිතාලේ ගියත් ඉරි කැපිය නොහැක.

    ReplyDelete
    Replies
    1. ආ...
      එව්වා ගැන කතා කරලා පවු සිද්ධ කරගන්න්නද හදන්නේ..?
      ------
      ලොක්කන්ට එහෙම තමයි බෝල...
      උන්ට ඉරි කැපිලි අදාළ වෙන්නේ නැහැ.

      කොටු පනිලි විතරයි පොඩ්ඩක් හරි අල්ලල යන්නේ...

      Delete
  18. මේක අමනාපෙන් කොටන එකක් නොවේ හොදේ.........සිවුරට බනින එක නම් නවත්තාපන් මචෝ මම දන්නේ නෑ ඔබ මෙතන හාමුදුරුවන්ට බන්නේ ඇයිද කියලා එතුමා හඩ නැගුවේ අපි හැමෝම වෙනුවෙන් ඔයිට වඩා ජරා කුප්ප වැඩ කරන දේශපාලනය කරන එවුන් ඉන්නේ ඒ හිමියන් කොහොමත් එහෙම අර ගැනු කෙනාට බැන්න එක වැරදි එක මමත් පිලිගන්නවා ඔබ බුද්ධාගමද වෙනත් ආගමකද කියන්න මම දන්නේ නැ එත් ඔබට ඔය විදියට "සිවුරු හොරා " ලෙස බැනීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නෑ .වචන පාවිච්චි කිරීමේදී ඔයිට වඩා ශිෂ්ට සම්පන්නව කටයුතු කලොත් නේද හොද ?

    ReplyDelete
    Replies
    1. උශාන්,
      කතාව වැරදි තැනින් අල්ලගන එපා මචෝ.
      සිවුරේ වැරද්දක් නැහැ. සිවුර පොරවන් ඉන්න හොරා ව තමයි මම විවේචනය කලේ.

      සිවුරක් හෝ ලෝගුවක් පොරවන් ඉන්න හොරුන්ට "ස්වාමින් වහන්ස" , "ෆාදර් " කියා ගරු නම්බු දෙන්න මගේ කැමැත්තක් නැහැ. එහෙම කරන්න ඕන නම් අපි මිනිස්සු වෙන්න ඕනත් නැහැ..

      Delete

කමෙන්ට් කලාපය....