2016-03-27

නෙලුම් යාය ට ආවෙමු..පීනුවෙමු...


ඔන්න ඉතින් අපිත් නෙලුම් යාය ට ආවේය.
තෑගි බෝග වගේම සම්මානත් ගත්තේය.



නාලක් ගුනවර්ධන වගේ සීනියර් බ්ලොගර් කෙනෙක් ගෙන් තෑගී ගන්න ලැබීම බොහොම සන්තෝස ජනකය. ඒ අවස්තාව විභීෂණ ට  ඊයේ ලැබුනේය. ඒ හොඳම කාලින ලිපිවලට අදාලව තුන් වෙනි ස්ථානය ටය .



ඊට අමතරව තවත් තෑගී ගොඩක්හම්බ වුනේය.


ඔය මොනා වුනත් ඉතින් ලොවෙත් ලේඛකයෙක් නොවුණු විභීෂණ ට මේ හම්බවෙච්ච දේ ගැන බොහොම සන්තොසය .
විභීෂණ ලිව්වේ හිතේ සන්තෝසෙට ය. හිතේ සන්තෝසෙට වුනත් හිතෙන හැමදේම ලියන්න ඒ කාලේ තිබ්බ ටිපිකල් මීඩියා අවකාශය එච්චර හොඳ තැනක් නොවුණු නිසා ගැලපෙන තැනක් හොයනකොට බ්ලොග් හම්බුනේය. ඉතින් ලිව්වේ ය.
මගේ පොස්ටුවක් නිරෙදෙෂිත නම් අස්සේ තියෙනවා දැක්කාම මටම පුදුම හිතුනේ අන්න ඒ නිසාය.
ප්ලේස් එකක් හම්බුවෙයි කියලා ලොවෙත් හිතුනේ නැත. ඒ නිසා තෑගී ගන්න ස්ටේජ් එකට නගින කොට දැනිච්ච දේ ගැන මෙතන කියන්න ලොකු හැකියාවක් නැත. එච්චරටම සන්තොසය.


ඒ ඔක්කොමටත් වඩා ලොකු බොහොම වටිනා කියන තෑග්ගක් ලැබුනේය .

ඒ තෑග්ග නම්  මෙච්චර කාලයක් සයිබර් අවකාශය කියන වහන්තාරාව ඇතුලේ ඉඳගෙන එල් සී ඩී ස්ක්‍රීන් එකක් හරහා දැකපු කී බෝර්ඩ් මවුස් පාවිච්චි කරමින් යුනිකෝඩ් වලින් කතා බහ කරපු සිංහල සයිබර් අවකාශයේ විභීෂණ ගේ හිත මිතුරු සැට්  එක එක්ක මහා පොළොවේ පය ගහලා ඇස දෙකෙන් බලලා දන්නා පුරුදු සිංහල භාෂාවෙන් කටින් කතා බහ කරන්න පුළුවන් වීමය ය.

විභීෂණ ට නම් අතිශය සුවිශේෂී කාරණයක් ම වන්නේ ය.

අටම්පහුරා ,බස්සා ,ටෙක් සයුරේ මල්ලියා ,ඩ්‍රැකි යා,යාන් හෑල්ලේ සුරංගයා වගේම ඉවාන් පවුලුෂා,කම්මල් කාරයා වගේ කීප දෙනෙක් ම වැඩේ යන අතරම කතා බහ කරන්න සැට් විය.
ටෙක් සයුරේ මල්ලියා ,ඩ්‍රැකි යා,යාන් හෑල්ලේ සුරංගයා හිට්යෙ මා එක්ක එක පෙලට ය.
ටික වෙලාවකට පස්සේ දැනගත්තේ අපිට පිටිපස්සේ හිට්යේ කුරුටු ගාපු සැට් එකය.
තව වටපිට බලනොකොට ඔමා ව සහ විචා දැක ගන්න පුළුවන් විය . එත්  ඒ ඩබල හරියටම පහ මාර වෙනකොට ධූරීම්භූත වෙච්ච් නිසා කතා බහ කිරීමේ චාන්ස් එක මිස් වුනේය.

දිලිනි නිමන්තිකා වත් හැබැහින් මුලිනම දැක්කේ ඊයේ ය. ඇත්ත ම කිව්වොත් කෙල්ල ඒ ඇඳන් හිටපු ඇඳුමට බොහොම හැඩය. පියකරුය. පන්කාදුය,etc, etc.....

උත්සවේ වැඩ කටයුතුත් පංකාදු පහට කෙරුනා කියා දැනෙන්නේ ය.
බ්ලොග් කස්ටියගේ ගීත ගායන ය, බයියාගෙයි ටෝයියගෙයි කෝලම ආයේ  දෙකක් නැත උපරිමෙන්ම ඉස්තරම් ය.
නාලක් ගුණවර්ධන ගෙයි පැරා ගෙයි සාකච්ඡාව බොහොම වටිනා එකක් විය. ඔය වගේ සාකච්චාවක් ප්‍රධාන ධාරාවේ යයි කියන මොකක් හරි තැනකත් කරන්න පුළුවන් නම් කොච්චර  වටිනවද කියලා තේරුනේ ඒ දෙන්නාගේ කරුණු කාරනා වල තිබ්බ වටිනාකම නිසා මය.
ඒ දෙන්නා කතා කරන ආතරෙදී මැදින් මැදින් පැන පැන සර්විස් දෙන්න දඟලපු ඉවාන් පවුලුෂා ටද අපගේ හද පිරි මෙව්වා එක ය.

අර අන්තිමේට තිබ්බ ඩ්‍රාමා එක නම් එල කිරි සහ ජලය ය . මල් හත් වරක් හැත්තෑව ය. එච්චරටම ඕපන් ය, සංවාදශීලිය, කාලීනය, ඉස්තරම් ය අරක  මේකය හැම එකමය.

උත්සවේ අහවර වුණායින් පස්සේ රසික,මාතලන් , අජිත් පැරකුම් සහ ප්‍රාජේ එක කතා බහ කරන්න චෑන්ස් එක ලැබුණේය.


ඔක්කොම අහවර වෙලා හිටන්ලැබිච්ච තේ පැන්  සංග්‍රහයේ දී තව තව කස්ටිය දැක අඳුනගන්න කතා බහ කරන්න චාන්ස් ලැබුණි.

අටමා,බස්සි, හංසි,සුමියා , කටුස්සා( ද කෙට්ටුම කෙට්ටු මෑන් ), , අචාර්ය වීරකෝන්, කුරුටුවෝ සැට් එක, සුදික, මනෝ මන්දිර,වර්ණ දිනේෂ්, වැව් ඉස්මත්තා, තරු දානේ ලියන විදානේ යා, පඩංගු සජ්ජා, කල්‍යාණ මිතුරා, වගේ එවුන් එක්ක සැට් වුනේ මෙන්න මේ වෙලාවේ දීය,

ඒ චාන්ස් එක නම් ඉතින් මට තෑගී බෝග වලටත් වඩා බොහොත් වටිනවා ය.
වැඩිය දික්ගස්ස්න්නේ නැතිය.
ඊයේ තිබ්බ උත්සවේ ගැන විභීෂණ ට කියන්න ඇත්තේ මෙසේය.

නෙලුම් අජිත්, සහ කල්‍යාන මිතුරා සහ නම නොකියවුණු නමුත් සංවිධායක මණ්ඩලයේ හිටපු සෑම  සියලු දෙනාටම  ත් තෑගී බෝග වලට සම්මාදම් වුනාය කියන එක්සත් ජාතීන්ගේ සංවිධානයටත් සහ අනෙකුත් සියලු දෙනාටත් බොහොම ස්තුතිය.
 කෙටියෙන් සිංහලෙන් කිව්වොත්
"මචන් ලා වෙල් ඩන්...වැඩේ එලටම කළා" කියලා බය නැතුව කට ඇරලා කියන්න පුළුවන. පොඩි පොඩි අඩුපාඩු තිබුනා වෙන්න පුළුවන. එත් වැඩේ එලටම ලෙසටම සිද්ධ විය.

මේ ඔක්කොම එක්ක ඊය්හොඳම බ්ලොගර්ස් ල විදියට තේරුණු බස්සි, පැරා විචා ඔමා ඇතුළු ඒ ඒ කැටගරි වල සෑම  සියලු දෙනාටම ත් ජීවිත කාලයටම එක්වරක් ලැබෙන නෙලුම් යාය සම්මාන ලබපු නාලක් ගුණවර්ධන සහ රසික සුරියආරච්චි ටත්  විභීෂණ ගේ උණුසුම් සුබ පැතුම් මෙලෙස එක් කරන්නේය.



පොස්ට් එක ලියන මේ වෙලාවේ දැනෙන කනගාටුව නම් උත්සවේ ෆොටෝ කීපයක් ගහගන්න බැරි වීමය. 

ඔය උඩ තියෙන ෆොඉටෝ දෙකත් ගත්තේ පැරා ගේ බ්ලොගෙන් සහ බස්සි ගේ බුකී පිටුවෙන් ය .

ඒ වෙන මොකක්වත් හින්දා නොව කැමරාව උලුක්කා කරගෙන ෆොටෝ ගහනවාට වඩා ඇස් දෙකෙන් උත්සවය රස විඳපු හින්දාය.
ඒ ගැන පොස්ටුව කියෝන ඔය හැමෝගෙන්ම සමාවභාජනයකට ඉල්ලන්නේය. පුළුවන් එකෙක් ඉන්නවා නම් බුකියට හරි වෙන් කොහෙට හරි ෆොටෝටික  අප්ලෝඩ් කරන්න කියා ඉල්ලන්නේය.

----------------------------

කොහොමෙන් කොහොම හරි වැඩේ අහවර වෙලා ආපහු ආවේ ටෙක් සයුරේ මල්ලියා, උගේ මව් තුමිය සහ අර පිස්සු ඩ්‍රැකි යා එක්ක ය.
කොළඹ ඇවිත් වැඩේ කොරන් ගිහින් මිස රස්තා ගසා නැති විභීෂණ ත් ටෙක් සයුරා වත් නාරාහේන්පිට ට බස් තියන් පයින් අරන් ගියේ ඔන්න ඩ්‍රැකි යා. තුන් සරණේ ක ගියානම් සුපියල් හතලිහක විතර දුර ඌ අපිව කකුල් දෙකෙන්ම අවිද්දෝගෙන අරන් ගියේය.
ඩ්‍රැකි යා වෙන බස් එහෙකට ගොඩවුණු අතර ටෙක් සයුරා, මව් තුමිය් සහ මම කොටුව බස් එකේ කොටුවට ම ආවේය.
එතනින් බැහැගෙන මම මීගමු බස් එකක් අල්ලාගෙන ගෙදර ආපු අතර ටෙක් සයුරා සහ මව් තුමිය පරිස්සමෙන් ගෙදර ගියා ය සිතමි...

යන්න  කලින් කියන්න ඕන දෙයක් ඇත. 

වැඩේ කවර් කරන්න මීඩියා කීපෙකින්ම ඇවිත් තියෙනවා දකින්න ලැබුනේය.නෙලුම් යයෙන් දීපු ඉන්විටේෂන් එකපිලි අරගෙන ඔන් ටයිම් වැඩේට ආපු එකට අපි උන්ට ස්තුති  කල යුතුය.
කට්ට අව්වේ දාඩිය දාගෙන තියෙන වැඩත්  එහෙ මෙහෙ කරගෙන "කැපවීමෙන්" එන උන්ටඅපි සැලකිය යුතුය.
උන්ගේ අතිනුත් වැරදි සිද්ධ වීම ස්වභාවිකය.
හිරගෙදර ගහල තියෙන්නේ සිරකාරයෝද මනුෂ්‍යයෝ ය කියලා ය.
ඊයේ නාලක ගුණවර්ධන කිව්වේ "බ්ලොග් කාරයෝද දරු පවුල් කාරයොය " කියලා ය.
ඒ එක්කම මම කියන්නේ "මීඩියා කාරයෝද මනුෂ්‍යයෝ ය " කියලා ය.
උන්ට කියලත් ආත්මාභිමානයක් කියලා දෙයක් ඇත( උන්ගේ ලොක්කන්ට නැති වුනාට). එකට අපි ගරු කල යුතුය. එක අපි රැක ගත යුතුය.

-
-
-
-
-
-
-
-
-
-
-

-
-
මම මේ කියන්නේ ඊයේ කරපු මොකක්දෝ පොඩි වැරැද්දකට කරු ජයසූරිය උන්නැහෙත් ස්ටේජ් එකේ ඉන්න වෙලාවේ ඉස්ටෙජ් එක ඉස්සරහා ම පහල මීඩියා අයියා කෙනෙක්ව දන ගස්සලා තිබ්බ එක ගැනය.
එයා කරපු වරද්ද මොනා වුනත් ඒ වගේ පනිෂ්මන්ට් දෙන එක වැරදි ය. මිනිහා එහෙම්මම පැය  කාලක් විතර තිස්සේ එහෙම දන ගහන ඉන්නවා මම, ටෙක් සයුරා ,ඩ්‍රැකි යා සහ සුරංගයා බොහොම කනගාටුවෙන් බලාගෙන සිටියෙමු ය.  වටේ හිටපු අනිත් මීඩියා වරු මේ වගේ වගක් නැතුව ෆොටෝ ගගහා හිටපු එක ඊටත් වඩා නරකය.
තමුන්ගේ සහෝදරයෙක් වගේ එකෙක්ට එහෙම වෙලා තියෙන කොට උන් ඊට වඩා නැගී සිටිය යුතුය.
ඒ අයියාට සිද්ධ වෙච්ච අසාධාරණය බලන් ඉන්න බැරිම තැන මාත් , ටෙක් සයුරාත්  ඩ්‍රැකි ය සහ සුරංග  යාත්උගේ ෆොටෝවක් ගත්තේ දකින කවුරු හරි මේ වෙනුවෙන් සාධාරණය ඉෂ්ඨ කරාවි ය කියන උතුම් අරමුණ පෙරදැරි කරගෙනය. 
=
=
=
=
=
=
=
=
=
=
=



ඕකත් කියාගෙනම ඉපි ඉතින් යන්නම් ය.

එහෙනම් පොස්ටුවක් එක්ක ආපහු හම්බුවෙමු.ය ..

එහෙනම් ඉතින් ගොහින් එන්නම් ය.



===================

92 comments:

  1. Replies
    1. ඇනෝෆිලිස් බිම වහල..... එතුමා ගැන වැඩිය කියන්න බෑ (ඒ කැමරාවෙත් පින්තූර තිබෙන නිසා )

      විභීෂණට සුබ පැතුම්
      හමුවීම සතුටක්.... .කසුන්වත්

      Delete
    2. නැතුව නැතුව අපේ හමු වීම දුකක් වෙන්න කොහෙත්ම බෑ.

      විබියව හම්බුනේ නෑ. ඒ ගැන කනගාටුයි. මට ආපු ගොඩක් අය මිස් වුනා. ආයේ දවසක හම්බෙමු.

      Delete
    3. කසුන් නමැති සොඳුරු මිනිසා හඳුනාගැනීමට ලැබුණා... ඒ ගැන බොහොම සතුටුයි... අටමගෙ වචන වලින්ම කිව්වොත් ආෆ්ටර් පාටි එක වැඩියෙන්ම වින්දෙ කසුන්... ඒ වගේම කසුන්ගේ හැකියාවට අලගු තියන්න ඔතන ඉන්න එකෙක්ට වත් බෑ කියන ඒකයි මගේ අදහස. සම්මාන නැති උනත් එදා දවසේ වැඩියෙන්ම සන්තෝෂ උන මනුස්සය කසුන් කියල මම දන්නවා...හැට්ස් ඕෆ්...

      Delete
    4. කසුන්...
      අඩෝ මචෝ උඹව සැට් කොර ගන්න බැරිවුනානේ...

      පොඩි දුකක් නම් තියෙනවා ඒ ගැන...

      එත් ඊළඟ සැරේ හම්බුවෙමු...

      Delete
    5. ප්‍රජේ...

      කවුද බන් හිතන්නේ අච්චර සයිස් මදුරුවෝ ඉඳියි කියලා හිටන්..අනික කැමරාවකුත් එල්ලගෙන...
      ------------------
      සුබ පැතුමට ස්තුතියි...

      Delete
    6. //කසුන්ගේ හැකියාවට අලගු තියන්න ඔතන ඉන්න එකෙක්ට වත් බෑ //
      ----සජ්ජෝ..කතාව නම් සහතික ඇත්ත..------

      Delete
    7. ආ දෙය්යනේ.. ඇනොෆිලික්ස් ඔතරම් සයිස් නම්, කටුස්සා 'අර කියනා' සයිස් නම්.....

      සැකයක් නැහැ අපි ඉන්නේ තාම ඩයිනොසර යුගයේ!!!

      ඒ කියන්නේ.... අද පාරේ යනකොට මගෙත් එක්ක පාර පනින්න ඩයිනොසරයෙක් හිටගෙන උන්නොත් මම කලබල වෙන්න ඕනේ නැහැනේ නේද?

      Delete
    8. උඹ නම් කලබල වෙන්න දෙයක් නැහැ...
      එත් ඩයිනොසරයා කලබල වුනොත් එහෙම ඔන් අපි නැහැ ඔකේ..

      Delete
    9. මම ගිටාර් එකට තඩි බානකොට කසුනාට තේරිලා මට අතින් කියලා තියෙනවා. මං වගේ දක්ෂ ගිටාර් වාදකයෙකුව ඌට නවත්වන්න පුලුවන්ද ?:)

      Delete
  2. තේ පැන් සංග්‍රහයක් දුන්නනං ඒකත් හරි එහෙනං... මට 5ට ඇඳිරිනීතිය හින්ද පස්සෙ පේලියෙ කැමරාමන්ලා අස්සෙං, ප්ලග් බේරගෙන රිංගල එන කොට කට්ටිය මාර දෝස්මුරයක් දැම්මනෙ අපිට වතුර ටිකක්වත් දෙන්නෙ නැද්ද ඕගොල්ලො කියල... මං ඉතිං මක්ක කියල කරන්නද... මොකෝ මං ගාව එක්කෙනෙක්ගෙවත් ෆොන් නම්බර් එකක්වත් තියෙනව කියලයැ... දන්න කියල එකම එකාත් ස්ටේජ් එක උඩ... මේවත් ඔගොල්ලන්ගෙ ඔය සයිට් වල ලියන්න කිය කියපු හින්ද මං ඔලුව වනලා මාරු උනා... ඔන්න ඒකත් එහෙනං ලිව්ව...හි හි....

    ReplyDelete
    Replies
    1. කෞෂි කොහෙන් මාරු උනාද මන්ද අන්තිමට.. කැමරාමන්ලගේ ආවතේව කරන්න වෙනම මිනිස්සු දාන්නත් ඕනයැ නේද... අර දොරෙන් එලියට ආව නං පැලෙන්න කන්න බොන්න තිබ්බෙ ඕනතරම්.. බොරු කියන්නෙ මොකටද දවල්ට කාල නොහිටපු මං රෝල්ස්ම 5කට 6 කට වග කිව්ව ..

      Delete
    2. මමත් බලාගෙන ..කෞෂි යා හොරෙන් හොරෙන් කාටත් නොපෙනී වහන් වෙනවා...

      Delete
    3. සජ්ජෝ...බොහොම පංකාදුයි ලන්ච් එක...

      Delete
    4. අඩේ මං පෙනී නොපෙනී ගියෙ නෑ බං.. ඒ වෙලාවෙත් සම්මාන දෙනව.. හොඳ නෑ නේ කතා කරන්න යන එක... ඒක නිසා ටටා කියාගෙන ආවෙ.... හි හි...

      Delete
    5. ඒ අයියල ඉතින් හැමදාම හැම තැනම ඔහොම්මයි , හැමෝටම කන්ඩ බොන්ඩනේ බං අර මහා විසාල කැම ගොඩක් තිබුනේ , ‘‘අපි මීඩීයා කියල ‘‘ හැම තැනම රගන්ඩ හදන උන්ගෙයි පොලිස්කාරයන්ගෙයි වෙනස බොහොම ටිකයි , රැ වැල්ලෙදිනං පොරකට දුන්නා මං රිදෙන්ඩ

      Delete
  3. අපිට එන්න බැරි උනේය.
    සම්මාන ගත්ත ඔක්කොටම සුබ පැතුම් ය..

    ReplyDelete
    Replies
    1. උඹත් ඊයේ දකින්නම ඕනා ලිස්ට් එකේ හිටපු පොරක් ය..
      මිස් වීම දුකක් ය...
      ලබන සැරේවත් හමුවෙමුය..
      -සුබ පැතුමට ස්තුතිය...

      Delete
    2. පල යන්න අමුඩෙ
      කෙප්ප හිහි :-D :-D :-D

      Delete
    3. මොකක්ද බොල මෙතන කෙප්පෙ.

      Delete
  4. මුලින්ම විභියාට උණුසුම් සුභ පැතුම් ය. සම්මානය ගන්න යද්දී හැඩහුරුකම් හොඳට බලාගත්තත් පස්සේ කතා කරන්න හම්බ වුණේ නෑ ය. (මං හිතන් හිටියේ සෑහෙන වයස අංකල් කෙනෙක් කියා ය.) අන්තිමට පෙන්වූ නාට්‍යය ගැන නම් කියන්න දෙයක් ඇත්තේම නැත. නාට්‍යය මෙන්ම නළු නිලි දෙපළගේ රංගනයද අතිවිශිෂ්ට ය. වීඩියෝ එකක් හොයාගන්න ඕනෑය.

    අර ඇනෝෆිලිස්ව නේද දනගස්සවල තියෙන්නෙ? මමත් ඊයේ අඳුරගත්තෙ. :D

    ReplyDelete
    Replies
    1. තැනක් යූ අශාන්..
      උඹත් මම කැමතිම ෆීල්ඩ් එකක් ගැන ලස්සනටම ලියන බ්ලොග්කාරයෙක් තමයි...
      උඹේ හිතේ මං ගැන තිබ්බ රූපේ කඩන්න පුළුවන් වෙච්ච එක ලොකු සතුටක් ය..

      --------------
      ඌ බ්ලොග් කාරයෙක් නේද?
      කවුද බන් දන්නේ ඉතින්...

      Delete
    2. නර බං කමෙන්ට් කාරයෙක් ( වැඩිය එන්නේ ඇනෝ )

      Delete
  5. කව්ද ඩෝ ඒ කැත වැඩේ කලේ......

    සුපැතුම් විභීෂණයෝ......!!!

    ReplyDelete
    Replies
    1. අනිවා නෙලූම අජියා වෙන්නෝන..පේනවද ඇත දෙකත් බැඳන් ඉන්න අපූරුව ස්ටේජ් එක උඩට වෙලා..\

      ---------
      සුබ පැතුමට බොහොම ස්තුතියි මාතො...
      ඊටත් වඩා සතුටුයි මූනට මූණ හම්බ වෙලා වචන දෙක තුනක් කතා කරන්න ලැබීම...

      Delete
  6. මම දණ ගැහුවෙ පිටි පස්සෙ ඉන්න වීඩියෝ කැමරා කට්ටිය ගැන හිතල ....
    ලෝඩ් පකීර්ල වගේ ඉස්සරහට ගිහින් හිටගෙන පොටෝ ගන්න උංට වීඩියෝ කට්ටිය කියන දේවල් හරිම සොඳුරුයි......
    මොලේ පිලිකාවක් තියන අපේ අම්මට එකදිගට හච්චිං සීයක් විතර ගියාම දැනෙන අමාරුව මට හිතාගන්ඩ පුලුවං හිංදම තමා මම දණ ගහගත්තෙ .... හැක හැක හැක ......

    ReplyDelete
    Replies
    1. මාත් දැක්ක සමහරු එතනින් යද්දී රෙදි වැලක් යටින් රිංගනව වාගෙ නැමි නැමි යනව... ඔය සබ්ජෙක්ට් එක දන්නා එකානෙ ඔව්ව දන්නෙ... කොහොම මොනවා උනත් පොඩි අවවාදයක් දෙන්නම් කට්ටියටම .. ඔය කට්ටියගෙම ෆයිල් මූ ගාව තියනව.. හැක් හැක්...

      Delete
    2. අනොපිලසෝ..
      අනේ බන් ඉතින් අපි උඹව අඳුන ගත්තේ නැහැනේ..
      කමක් නැහැ කමක් නැහැ..
      අම්මව බෙරගන්න දරපු මහන්සිය අපි හැමෝම අගය කොට සලකනවා...
      ------------
      සජ්ජෝ..
      පලවෙනි සැරේ ඔහොම එකෙක් නැමෙන කොට මම නම් ඇත්ත ටම හිතුවේ මොකක් හරි නූලක් එතනින් අදාල ඇති කියලා.
      පස්සේ තමයි වැඩේ තේරුනේ...

      Delete
    3. හහා ඇනෝපිලිසාට දණගහන්න වෙච්ච සිද්ධිය මට බස්සා කිව්වා. කරූගෙ මීඩියා මෑන් පොල්ගහ වගේ ඉස්සරහින් හිටගෙන ෆොටෝ ගන්න පටන් ගත්තයින් නේද ඕක උනේ?

      Delete
    4. කරු ස්ටේජ් එකට නැග්ගට පස්සේ තමයි ඔක වුනේ...

      හරි හරි...

      Delete
  7. ආ අපි පරිස්සමට අවා විභී... ගෙදර අවේ 1.30 විතර... ඊට පස්සෙ 2 ට විතර ඇඳට වැටෙනවා යාන්තමට වාගේ මතකයි.... ආයෙ නැගිටිනකොට 7 යි...
    සිරාවට නාට්ටි දෙක නම් මරේ මරු ෆට්ට යි.... ඇත්තටම මුලු දවසම ෆට්ටයි... සෑහෙන ෆ්‍රෙන්ඩ්ස් ල ටිකක් අඳුනගන්න ලැබුණ එකට ෆට්ටම හැපි... විභීෂණ මගේ පට්ට උණුසුම් සුභ පැතුම් පතනවා. දිගටම ලියාගෙන ලියාගෙන යන්න විෂ් කරනවා...
    දෙනෝදාහක් ඉදිරිපිට හිස නමාගෙන දනා ගසාගෙන සිය මාදිය මෙහෙවර වෙනුවෙන් අපිරිමිත කට්ටක් කෑ ඒ මීඩියා සහෝදරයාට තව තවත් අලුත් ඈන්ගල් වලින් පොටෝ ගන්න ලැබේන්ඩ ඕන...!

    ReplyDelete
    Replies
    1. අවුලක් නැතුව ගෙදර ගියානම් එච්චරයි කොල්ලෝ...

      සුබ පැතුම ටත් බොහොම ස්තුතියි...
      ඔබටත් මගේ උණුසුම් සුබ පැතුම්...

      Delete
  8. විභියා හමුවීම සතුටකි.. (සතුටක් කියන්නෙ මං මූව හොයාගත්තේ මූණත් තහඩුව මතක තියාන ඉඳල බොහොම අමාරුවෙන්.) කොහොම නමුත් වැඩේ නැගල ගිය එක සහ කට්ටියව හම්බවීම සම්බන්ධව අප්‍රමාණ සන්තෝසයි....

    ReplyDelete
    Replies
    1. උඹව ඇස දෙකෙන් දකින්න ලැබිච්ච එකත් ඒ වගේම ලොකු සතුටක්...

      මට නම් සම්මාන වලටත් වඩා වටිනවා ගොඩක් දෙනෙක්ව අඳුන ගන්න ලැබීම් ගැන...

      Delete
  9. විහී උඹ රාවණාව දාලා ආපු එක කැතයි හොඳේ

    ReplyDelete
    Replies
    1. ඊයේ උත්සවේට ඇවිත් හිටපු කෙල්ලෝ ගොඩ දෙනෙක් අවුලක් නැතුව ගෙදර ගියේ මම රාවණා ව දාලා ආපු හින්දා තමයි...

      එහෙම නොවුනා නම් වාල්මිකී ගේ ජොබ් එකේ සීසන් 2 කරන වෙන්නේ විභීෂණ ටයි ඉවාන් පවුලුෂා ටයි..

      Delete
    2. මචෝ උඹ ව දැකල කතා බහ කරන්න ලැබිච්ච එක ලොකු සතුටක්...

      Delete
  10. මුලින්ම විභීෂණ ට මගෙන් සුබපැතුම්... මම හිතන් හිටියේ විභීෂණ හෙන උස මහත වයසක කෙනෙක් කියල හැක් ඊයෙ දැක්කෙ පොඩි පහේ දෙය්යෙක් :P හමුවීම වගේම කතාකරන්න ලැබීමත් සතුටක් :)

    ReplyDelete
    Replies
    1. විභීෂණ කියන්නේ කොහොමත් පොඩි පහේ දෙයියෙක් නේ හංසි යෝ..
      පලවෙනි විභීෂණ ත් එහෙමයි ..දෙවෙනි එකත් එහෙම තමයි...

      ------
      මොනා උනත් ඉතින් හංසි වත් හම්බවෙලා කතා බහ කරන්න ලැබිච්ච එක ලොකු සතුටක්..
      ආයේ ඉතින් දෙකක් නැහැ උඹ නම් මම හිතන් හිටපු රූපෙට වඩා බොහොම පොඩ්ඩයි වෙනස් වුනේ..

      Delete
    2. හී ... හිතාගෙන හිටිය අප්සට් මූණමද දැක්කේ ...ප්‍රීති ..ප්‍රීති :D

      Delete
    3. කොහෙද හලෝ අප්සට්..ඔය පංකාදු පහට තිබ්බේ...
      මම හිතන් හිටපු රූපේ කන්නාඩි කුට්ටමක් තිබ්බේ නැහැ..අන්න එක තමයි ලොකුම වෙනස...

      Delete
    4. කණ්නාඩි දානවලු ඉතිං ඉඳල හිටලා :)

      Delete
    5. ඉඳලා හිටලා කිව්වේ...

      ඇස් පෙන්නේ නැතුව යන්නේ ඉඳලා හිටලද?

      Delete
    6. යා යා ..සමහර වෙලාවට පේන්නෙ නැති උනත් කණ්නාඩි දාන්නෙ නැහැ ;)

      Delete
    7. කන්නාඩි ත් නොදා ඇස පේන්නෙත් නැතුව කරන විකාර ඉතින් ගෙදර කට්ටිය හොඳට දන්නවා ඇති.

      Delete
  11. අම්මට සිරි ඈ...
    මට ඊයෙ එන්න බැරිවෙලා කියහල්ලකො. මොනව කරන්නද. වැඩ තියෙන්න ඇති නෙව.
    උඹලව හම්බෙන්න ලැබිලත් නෑ.
    දුකයි මචං දෙයියෝ...
    හැක්..

    සුභ පැතුම් විභී.. දිගටම ලියමු.. ජයෙන් ජයම වේවා...

    ReplyDelete
    Replies
    1. එසේම වේවා..සහ තැනක් යූ වේවා..

      Delete
  12. විභියා උඹ සම්මානයට යන වෙලාවෙයි දැනගත්තේ කවුද කියලා...... ඉතින් අපි කලින් ම කතා වෙලා හිටියත් අන්තිම වෙනකල් හදුනා ගන්න බැරි වුණ නිසයි කතාව ටිකක් පරක්කු වුණේ..... කොහොම හරි කතා කරලා සෙට් වුණානේ.... සුභ පැතුම් මචං සම්මානයට වගේ ම උඹේ ඉදිරි බ්ලොග් ගමනට..... ජයවේවා...

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. වැඩි වෙලා උඹලා එක්ක කතා බහ කරන්න බැරි වෙච්ච එක දුකයි තමයි.
      එකට එකම හේතුව වුනේ අපිට ඒ කියන්නේ කතෝලිකයින්ට විශේෂ දවසක් වීම.
      රැ 9ට පල්ලි යන්න ඕන නිසා 8.30 වෙනකොටවත් ගෙදර ඉන්න බලාගෙන මම කලින්ම පිට වුනා.

      එහෙම වැඩක් තිබ්බේ නැත්තන් ඊයේ බීච් පාටියටත් ගිහින් තමයි මම ගෙදර යන්නේ...

      සුබ පැතුමට ස්තුතියි..

      ඊළඟ ඉවෙන්ට් එහකදී වත් හම්බවෙලා කතා බහ කරමු...

      Delete
    3. අනිවා මචං.........

      උඹලාව කලින් අදුනා නොගැනීම තමා අවුල.... නැත්තං මීට වඩා සාකච්ඡාවක් දාන්න හැකි වෙනවා.... ජයවේවා....

      Delete
    4. ආපහු සැට් වෙමු...
      මොකක් හරි මෙව්වා එහෙකුත් එක්කම....
      දෙක තුනක් අනුමත කරගෙනම කතා බහ කරන්න පුළුවන් නේ..

      Delete
  13. උඹ කතාකරනවා හීනෙන් වගේ මතකයි.. :)
    අර ෆොටෝ කාරයා මහා දරුණු එකා.. ඌ ගාව අපි හැමෝගෙම ෆයිල් තියෙනවා. ඒක නිසා මමනම් මොකුත්ම කියන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. ඌටත් වඩා ෆයිල් තිබ්බ දරුණු එකෙක් හිටය බන්...කෝ උට වෙච්ච දේකුත් නැහැනේ..ඔය තැන් තැන් වල කියෝ කියෝ යන්නේ..

      ඒ නිසා අපි නම් බය නැහැ බන්.
      ඔහොම කිව්වට පොඩි බයකුත් නැතුවාම නෙවයි..

      Delete
  14. විභීෂනට හදපිරි සුභ පැතුම්. හදුනා ගන්න ලැබීම සතුටක්.
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. මටත් ඒ වගේම සතුටුයි මනා...

      සුබ පැතුමට බොහොම ස්තුතියි...

      Delete
  15. විභියා මෙන්න මේ වගේ උස මහත කලු පොරක් වෙන්න ඇති කියලා මම හිතාගෙන හිටපු විභියම මට මුන ගැහුනනේ මචෝ. ටික වෙලාවයි කතා කරන්න මුන ලැබුනේ. ආයෙත් මේ වගේ හමු වෙමු මචෝ.
    සම්මානයට සුභ පැතුම්....

    මචං ඔය කරු ඉස්සරහ දන ගහගෙන ඉන්න බුවා හවස බීච් එකේදි දන ගහගෙන එලි වෙනකම් පොටෝ ගැහුවා. හරි අහිංසක පොටෝ කාරයෙක් බං. මම නැවතිලා බෝඩ්ම කිට්ටුවමයි ඔය බුවා ඉන්න

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ උඹට බොහොම නිවැරදිව ගෙස් කරන්න පුළුවන් .

      ටික වෙලාවක් හරි කතා කරන්න ලැබිච්ච එක ලොකු දෙයක්.
      ආපහු හම්බුවෙමු...
      -----
      ඇනෝපිලසා ගැන දැනගත්තෙත් අද බන්...ප්‍රසිද්ධ ෆයිල් කාරයෙක් ලු නේ,...

      Delete
    2. අය්යෝ මනෝ ඊයෙ ආවද ? දුකයි කතා කරන්න බැරිඋනානේ :( මම දැනන් හිටියේ නැහැ ඇවිත් ඉන්නවා කියල නැත්නම් හොයාගෙන ඇවිත් කතා කරනව ..

      Delete
    3. සම්මාන දෙන වෙලාවේ හංසි නම කියවෙන කොට මම දැක්කා පුංචි නංගියෙක් වේදිකාව පැත්තට සේන්දු වෙනවා. ඒ වෙලාවේ තමයි මමත් දන්නේ හංසි ඇවිත් කියලා. යන්න කලින් මුන ගැහෙන්නම් කියලා හිටියත් එලියට ආවම හොයාගන්න බැරි වුනා.

      Delete
    4. හංසි යා ව මාත් දැකගත්තේ එදා තමයි බන්...

      Delete
    5. මනෝගෙ නම වත් කනට ඇහුනේ නෑනෙ නැත්නම් බෙල්ල දික්කරල බලන්න තිබ්බ. විභීෂණව නම් මට ඈත තියාම පෙන්නුවා දෙය්යෙක් ඉන්නවා දැක්කේ නැත්නම් බලන්න කියල .. :P

      Delete
    6. විභීෂණ ව කවුද ඈත තියාම පෙන්නුවේ...????

      Delete
    7. සොඳුරු මිනිසා (සොමියා)

      Delete
    8. අන්න මිනිස්සු..දෙයියොන්ව ඈත තියාම දැකලා අඳුරගෙන අනිත් අයටත් අඳුන්වලා දෙනවා...

      පින් දෙන්න ඕනා..

      Delete
  16. සුභ පැතුම්..!
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. තැනක් යූ වේවා...එසේම වේවා..

      Delete
  17. උඹට සුභ පැතුම්. දැක්කා එහෙත් කථා කරන්න ලැබුණේ නැහැ.

    ReplyDelete
    Replies
    1. තැනක් යූ...

      අයියෝ...කෙස් ගහෙන් මිස් වෙලා නේ..

      Delete
  18. ඔයාාගෙ ෆොටෝ එවන්න පුලුවන්... ඒත් මම ඔයාව අඳුරන්නෙ නෑ. කෝල් මී 071 5 919646

    ReplyDelete
    Replies
    1. හරි මචෝ..මම ගත්තා උඹේ බුකී පිටුවෙන්...

      තැනක් යූ වෙරි මච්!!!

      Delete
  19. උඹලා ඔක්කොමලාව සිතෙන් වැළඳගත්තා. මගේ ලොකු අක්කාගේ මහත්තයාගේ දේහය උඩුකුරුව දපා තිබියදී, ඒ අවමගුලේ බර මගේ කර මත තිබියදී තමයි, පැය කීපයකට ආවේ. උළෙල ඉවරවුන ගමන් පැන්නේ ඒ නිසයි.

    මේ කමෙන්ට් එක දැම්මේ ලිපිය උඩින් පල්ලෙන් බලලා සහ වෙනත් කිසිම කමෙන්ට් එකක් කියවන්නේ නැතුව.

    හරිම දුකයි හුඟක් දෙනෙකුට කතාකරන්න නොලැබීම ගැන.

    ජයවේවා! නෙළුම් යාය තව තවත් සුවඳවත් වේවා!!

    ReplyDelete
    Replies
    1. මටත් බොහොම කනගාටුයි විචෝ..වචන දෙක තුනක් වත් කතා කරගන්න බැරි වෙච්ච එක ගැන...

      කමක් නැහැ කමක් නැහැ..
      ආපහු වතාවක හම්බුවෙමුකෝ...

      ජය වේ...

      Delete
  20. සුබපැතුම්.

    බලාගෙන යනකොට ඇත්තටම බ්ලොග් වසන්තයක් ඇවිල්ලා මේ ඉවෙන්ට් එකෙන් පස්සේ. බොහොම සන්තෝසයි

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ උපේක්ස්හෝ..
      පංකාදු පහයි...
      මල හතයි...

      Delete
  21. සුභපැතුම් විභියෝ! අඳුනගන්නට ලැබීම සතුටක්!

    ඔය දණගහන් ඉන්නේ අපේ බ්ලොග් ඉවෙන්ට් බොහොමයකට කැමරාවෙන් වෙඩි තියන දක්ෂ ෆොටෝග්‍රැෆර් කෙනෙක්. ඇනෝපිලිසා.

    ReplyDelete
    Replies
    1. බොහොම සන්තෝසයි බස්සියෝ වචන දෙක තුනක් වත් කතා කරන්න ලැබිච්ච එක ගැන...

      ලැබිච්ච සම්මානෙට මගෙත් උණුසුම් සුබ පැතුම්...

      ---------

      ඇනෝපිලිසා.මට එච්චට මතක නැහැ බන්..
      මට ආරංචියි කොමෙන්ට් කාරයෙක් කියලා...

      Delete
  22. සුබ පැතුම්..

    ReplyDelete
  23. සුභපැතුම් විභීෂණ... එන්න බැරිවුන නිසා හැමදෙනාවම ලයිව් දැකගන්න තිබ්බ චෑන්ස් එක මිස් උනා.. මොනා කරන්නද.. අපේ අවාසනාව තමා..

    ReplyDelete
    Replies
    1. දවසක වාසනාව උදා කරගෙන කතා බහ කරමු....

      සුබ පැතුමට බොහොම ස්තුතියි...

      Delete
  24. උඹ දැකල කතා කරන්ඩ ලැබීම ලොකු දෙයක් බං.

    අර පොටෝ කාරයට කුයිනිං දීල නේද දණගස්සල තිබ්බෙ?

    ReplyDelete
    Replies
    1. මටත් එහෙමයි ...
      ----

      අනේ මන්දා...කවුද බන් දන්නේ ඒ ඉඳලා තියෙන්නේ නම ගිය කමෙන්ට් කාරයෙක් කියලා...
      මොනා වුනත් පවු වැඩේ...

      Delete
  25. කතාකරන්න බැරිවුණා...
    සුභපැතුම්! 

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි...

      ආපහු වතාවක හම්බ වෙමු...

      Delete
  26. සුභපැතුම්!

    ReplyDelete
  27. බොහොම සතුටුයි විභීෂණ අපි නම් තාම බ්ලොග් වලට ආදුනිකයෝ සුබ පතනවා මගේ බ්ලොග් එකත් බලලා යන්න එන්න topnetsystem.blogspot.com

    ReplyDelete
    Replies
    1. ඔන්න මම ඒ පැත්තේ ගිහින් කමෙන්ට් එහෙකුත් දාලාම ආව

      Delete
  28. විභියා හමු වීම සතුටක්. ලාස්ට් මොමන්ට් එකේනේ හමු වුණේ. අපි එහෙමනම් ආයෙමත් හමු වෙමු.

    ReplyDelete
    Replies
    1. එහෙමයි එහෙමයි..

      අයෙත් හමුවෙමු..

      Delete

කමෙන්ට් කලාපය....