2015-02-07

ISIS සහ ඉස්ලාමයේ සාමය

දැනට මාස කීපෙකට කලින් ඉපදිච්ච ISIS කියන තක්කඩි අන්තවාදී තුප්පහි කල්ලිය ගොවියෝ ගොයම් කපන්නා වගේ උන්ගේ අත්අඩංගුවේ ඉන්න අන්‍යාගමිකයන් ගේ  අන්‍ය ජාතිකයින්ගේ බෙලි කපන්නේ අහරේ මෙහෙ හැංගිලා නොව ලෝකෙටම පේන්න එළි පිටම ය. මරාපු මිනිස්සුන්ගේ බෙලි බාල්දි වල දාලා තියෙන ෆොටෝ දහස් ගණන් මේ දවස් වල ජාලේ එහා මෙහා සරි සරන්නේ මේ මොලේ පිළිකා කාරයින්ගේ අසනීප තත්වේ ලෝකෙට ම පෙන්නුම් කිරීමට ය.  ඒවායේ ෆොටෝ මගේ මේ බ්ලෝග  ඇතුලේ දාන්න විභීෂණ කැමති නැත. කැමැත්තෝ google දෙයියෝ ලඟට මන්ගච්චලා "ISIS Brutal " කියලා image search එකක් දුන්නා නම් මේ පාහරයින්ගේ වැඩ කිඩඅඩු  නැතිව බලාගන්න පුළුවන.



මුන් කරන්නේ අල්ලාහ් ටත් අපහාස වෙන මහා තුප්පහි බලු වාදය.උන්ගේ රෙද්දේ අන්තවාදී මුස්ලිම් ආගම ට එකතු නොවෙන ගෑනුන් ව, පොඩි කෙල්ලන්ව ප්‍රසිද්ධියේ වෙන්දේසි වල දාලා ගණිකා වෝ විදියට අලෙවි කරන්නේ, මහා පාරවල් වල දූෂණය කරන්නේ  කිසිම හිරිකිතයක් නැතිවය. අන්‍යාගමික පිරිමින් ව මහා  දවල් ප්‍රසිද්ධියේ චර්මඡේදනය කරනවා කියලත් ලෝකේ වටෙන් ඇහෙන නිවුස් වලින් දැනගන්නට ලැබී ඇත.


ආසන්නම සිද්ධිය අර ජෝර්දානේ පයිලට් කෙනෙක් ව පන පිටින් ගිනි තියපු එකය.  හරක් මරණ එකට විතරක් විරුද්ධ ව තමන්ටම ගිනි තියාගන්න එක මොලේ කොලොප්පන් කමේ සහ හරක් කමේ ලක්ෂණයක් වුනත් වෙන එවුන් එක්ක තමුන්ට තියෙන කෝන්තර පිරිමහ ගන්න ලෝකේ කොහෙහරි තැනක අම්මෙක්ගේ කුසින් ඉපදිච්ච අහිංසක කොල්ලෙක්ව පන පිටින් ගිනි තියල මරනවා කියන එක වසල කමේ ,තුප්පහි කමේ ලක්ෂණයක් ය. ඒ දේ හරියි කියල මොහොතකට හරි හිතන ඕනෑම මුස්ලිම් එකෙක්ව මනුස්සයෙක් විදියට හඳුන්වන්න නම් විභීෂණ කැමති නැත. සත්තුන්ට අපහාස වෙන නිසා සතෙක් ලෙස හඳුන්වන්නේද නැත.

විභීෂණ දැන් ලැස්ති වෙන්නේ ISIS ගැන දේශනා කරන්න ට නොව අපේ රටේ වගේම ලෝකේ වටේම  ඉන්න සාමාන්‍ය මුස්ලිම් ජනතාව ගැන යමක් කියන්න ය.

"ඉස්ලාම් " කියන්නේ ලෝකෙටම "සාමය" දේශනා කරන ආගමක් ය. ලෝකේ පුරාම විකාශය වන "PEACE TV" කියන මුස්ලිම් චැනල් එක පැය 24 පුරාම එක එක මුස්ලිම් මිනිස්සුන්ව , පූජක්යින්ව ගෙනල්ලා කුරානයේ පිටුවෙන් පිටුව අකුරෙන් අකුර දේශනා කරවන්නේ ඒ පොතේ තියෙන "දේව වචනය " ඒ දේව වචනේ ඇතුලේ තියෙන "සාමයේ පණිවිඩය" ලෝකෙට බෙදා හරින්නය.
කියන්නේ එහෙමය.කියන එව්වා හරිද වැරදිද කියලා දන්නේ ඉතින් දන්නා අයම විතරය.

එත් විභීෂණ ට තේරෙන විදියට ලෝකේ පුරාම මුස්ලිම් ආගමේ නාමයෙන් සිද්ධ වෙන ජඩ වැඩ සාරාංශ ගත කලාම අර පොතේ ලියලා තියෙන දේවල් ඇත්තටම කිව්වේ දෙවියන් වහන්සේද වෙන කවුරු හරි වහන්සේ කෙනෙක්ද කියන එක ප්‍රශ්නයක් නැගෙන එක මෙලෝ යකෙක්ට නවත්තන්න පුළුවන් කාරණයක් නොවේය. එක එච්චරටම බරපතලය.

ISIS ලා මේ තුච්ඡ මිනීමැරුම් පටන් අරන් දැන් මාස ගානක් වෙනවා ය. ඉස්ලාම් ධර්මයේ මූලිකම සංකල්පය කියල කියන "සාමය" ට ඒ මිනීමැරුම් කිසිම විදියකින් ගලපන්න බැරි බව මී හරකුන්ගේ වංශයේ නොවන ඕනෑම මනුස්සයෙකුට තේරන කාරණයක් ය.

මුන් කරන්නේ අහස පොලව නුහුලන අපරාධයක් බව ලෝකෙම දන්නා කාරණයක් වුනත් මහපොළවේ ජීවත් වෙන මිනිස්සු වන අපිට ප්‍රශ්නයක් හටගන්නේ උන් එක්ක නොව අපි එක්කම ජීවත් වෙන සාමාන්‍ය මුස්ලිම් ජනතාව ගැනය.ඒ මොකද කියනවනම් මෙච්චර දෙයක් වෙලා තියෙද්දිත් අපේ විතරක් නෙවේ ලෝකේ ගොඩක් තැන් වල සාමන්‍ය මුස්ලිම් මිනිස්සු "හ්ම්" නැත.

මේ මුස්ලිම් ජාතිකයෝ හරි එයාලගේ නායකයෝ හරි පූජකයෝ හරි එකෙක් වත් මේ වෙනකන් එයාලගේ ආගමේ නාමයෙන් සිද්ධ වෙන මේ මිනීමැරුම් වලට විරුද්ධ ව හඬක් නැගුවේ නැත. මට මතක විදියට ටික කාලෙකට කලින් ලංකාවේ මුස්ලිම් සංවිධානයක් මේකට ඒගොල්ලන්ගේ තියෙන විරෝධය ලියුම් කෑල්ලක ලියලා මීඩියා වලට දීල කට වහගත්තේ ය.

එත් ලෝකේ කොහේ හරි තැනක කුරානේ තියෙන වාක්‍යයක වැරද්දක් කිව්වොත්,  මුස්ලිම් ආගම විවේචනය වුනොත් , මුස්ලිම් ආගමට නැතුව ආගමේ නාමයෙක් පෙනී ඉන්න මිනීමරුවෝ ගැන කියවෙන ෆිල්ම් එකක් හැදුනොත් ( උදාහරණය :- VISHWAROOPAM) , අල්ලාහ් ගැන නබි නායක තුමා ගැන ෆිල්ම් එකක් හැදුනොත් ( උදාහරණය :- INNOCENCE OF MUSLIM ) මුළු ලෝකෙම ඉන්න මුස්ලිම් මිනිස්සුයි  අපේ මුස්ලිම් අයියලයි උන්ගේ ගෑනුයි, දරුවොයි රොත්ත බුරුත්ත ඔක්කොම පාරට බහින්නේ තමුන් අතරේ තියෙන මොන ප්‍රශ්නෙත් අමතක කරලය. ඒ වගේ උද්ගෝෂණ බලන්න ආසය. ඒ වෙලාවට උන් ඉන්නේ මිනිස් වෙසෙන් ඉන්න සත්තු වගෙය. කොහොමහරි හදන්නේ එකෙක් දෙන්නෙක් බාවන්නම ය.

එත් කුරානේ වගේම නබි නායක ගේ වගේම අල්ලාහ් ගේ නමෙත් මඩ ගාන ISIS ලගේ මිනීමැරුම් ලෝකේඉන්න අනිත් මුස්ලිම් මිනිස්සුන්ට පේන්නේ නැත. ඇහෙන්නේ නැත. ඒ වගේ වෙලාවල් වලට උන්ගේ ඇස කන් පොට්ට බීරි වෙනවා වෙන්න ඇතිය.

මොනා වුනත් නානසාරයාගේ බේබදු සේනාවට අයිති නැති , මුස්ලිමුන් එක්ක කිසි ප්‍රශ්නයක් නැතිව එකට කන බොන අඳින පළදින මැරෙන මින්ස්සු හැටියට අපිට කියන්න තියෙන්නේ මේ ටිකය.

මිනිමරලා සාමය ඇතිකරන්න බැරි බව එදා නබි නායක ඉගැන්නුවාද කියලා අපි දන්නේ නැති වුනත් මෙදා ඉන්න මුස්ලිම් ජනතාව මොලේ පාවිච්චි කරලා තේරුම් ගත යුතුය.එතුමා උගන්නුවේ නැති වුනාට කමක් නැත අද ඉන්න ය තමුන්ගේ දරු පරපුරට හරි දේ ඉගැන්විය යුතුය. තමුන් අදහන ආගම ඇතුලේ තියෙන දර්ශනේ ඉස්සරහට යන්නේ එතකොටය. ඒ දේ මේ වෙනකන් නොකෙරුණු හින්දා ඉස්සරහට ඇවිල්ල තියෙන්නේ දර්ශනේ නොව වත් පිළිවෙත් ටික පමණය. ඒ හින්දා තාමත් මුස්ලිම් යනු මධ්‍යතන යුගයේ ගෝත්‍රික ගති මිශ්‍ර වෙච්ච ඇදහිල්ලක් බවට පත් වී ඇත.



තමුන්ගේ ආගමට අපහාස වෙන දේවල් සිද්ධ වෙන කොට ඒ දේවල් වලට විරුද්ධව එලියට බහින්න තියෙන ධෛර්යයෙන්ම , ගැම්මෙන් ම තමුන්ගේ ආගමේ නාමයෙන් ජඩ වැඩ, තුප්පහි වැඩ, කුපාඩි වැඩ වසල වැඩ සිද්ධ  වෙන කොටත් ඒවාට විරුද්ධ ව එලියට බහින්න කොන්ද පණ තිබිය යුතුය.
බහුතර සිංහල කතා කරන බෞද්ධ ජනතාව (සිංහලබෞද්ධ  නොවේ ) නානසාර ව පිළිකුල් කරන්නේ ඒ කොන්ද ටිකක් හරි ඒ මිනිස්සුන්ට තියෙන හින්ද ය. ඒ දේ අද ලෝකේ පුරාම මුස්ලිම් ත්‍රස්තවාදයට විරුද්ධව සිද්ද වුනා නම් ආගමේ නාමයෙන් මිනි මරණ ISIS ලා විතරක් නොව උන්ගේ අම්මගේ එක වන අල් කයිඩා එකද අද ලෝකේ ඇතුලේ නන්නතාර වී හමාරය.

ලෝකේ ගොඩක් මුස්ලිම් මිනිස්සුන්ට නැති කොන්ද ජෝර්දානේ රජ්ජුරුවන්ට
තිබුනේය.මිනිහා තමුන් මුස්ලිම් කියලා ISIS ල ට කොන්ද නැමුවේ නැත.තමුන්ගේ කොල්ලව පණ පිටින් පුච්චපු ගමන්ම පැය විසි හතරක් යන්න කලින් ISIS හය දෙනෙක්ව එල්ලලා රිටර්න් එක දුන්නේය.තමුන්ගේ කොන්දේ හයිය ලෝකෙටම පෙන්නුවේය. මරණ වරෙන්තුව අතේ තියාගෙනම මේ ISIS පාහරයින්ට විරුද්ධව ගේමට එන්ටර් වුනේය.

අපි බණ  කියන්නේ වෛරයෙන් වෛරය නොසන්සිඳේ කියල වුනාට විසෙන් විස නසන්න වෙලාව ආපුවාම බණ අහන්න බැරි බව හැමෝම තේරුම් ගත යුතුය. ඒ හින්දා ජෝර්දානේ රජ්ජුරුවන්ගේ ක්‍රියාව විභීෂණ ට නම් අනුමත කල හැක.

ඕනෑම ආගමක් ස්වභාව ධර්මය කියන ආගමට යටත් ය. ස්වභාව ධර්මය ඇතුළේදී වරදට නිසි දඬුවම නියත බව ඇස පනාපිට හැමදාම ඔප්පු වෙන දෙයක් ය. ස්වභාව ධර්ම කියන ආගමට යටත් අපි කාටවත් ඊට එරෙහි වෙන්න තහනම් ය. ජීවිතය මෙන්ම මරණය ද සොබාදහමට මිස අපිට අයිති නැත. එක තේරුම් නොගෙන වැඩ කරපු හැමෝටම මේ වෙනකොට ප්‍රතිපල ලේඛන පිටින්ම ලැබී ඇත. තලේබාන් ලාට ඇෆ්ගනිස්තානයෙ දී වුනෙත්, ඔසාමට පකිස්තානේදී සිද්ධ වුනෙත් ප්‍රභාකරන්ට නන්දිකඩාල් වලදී වුනෙත් ඒ ටිකය.

එහින්දා මේ ISIS  ලා හයිස්පීඩ් එකේ ඉවක් බවක් නැතිව කරන මේ මිනී මැරුම් වලට වන්දිය වැඩි කල් නොගිහින් ම ගෙවන්න සිද්ධ වෙන බව ස්ථීරය. ඒකාන්තය. එදාට ලියන පොස්ට් එකේදී අද ලියපු මේ පොස්ට් එකත් මතක් කරලා ම ලින්ක් එකක් දානවා ම ය.

මොනපැත්තෙන් ආවත් මොන ආගම ට මුවා වෙලා ආවත් ත්‍රස්තවාදයට "මිනිසුන් " විරුද්ධ විය යුතුය. තමුන්ගේ ආගම මුල්කරගෙන ක්‍රියාත්මක වන "ත්‍රස්තවාදය " නොදැක්ක වගේ ඉන්න එක ට කියන්නේ "සමාදානය" ,"සාමය" ,' එකමුතුකම" , "සංහිඳියාව" නොව "මෝඩ කම", "උද්ධච්ච කම", "අහංකාරකම", "කුපාඩිකම", "තුප්පහි කම " කියල ය.අපේ මුස්ලිම් සහෝදරවරු අයිති වෙන්නේ මොන පැත්තේ ද කියල සිංහලයො විදියට නොව 'මිනිස්සු" විදියට අපි දැන  ගන්න බොහම මනාපය.

එහෙනම්

අදට ඇති වගේ.

ගිහින් එන්නම්.







44 comments:

  1. ශෛලිය හොඳයි. සියළුම බ්ලොග්කාරයො එක අච්චුවක දාන්න ඕන නෑ.හැමෝම තම තමන්ට ආවේණික ආරකට යන්න ඕන.අවංකව විවෘතව යමක් කවුරු ලිව්වත් මෙහෙම තමයි ලියන්නෙ .නමුත් උබ ඇර අනික් සමහර එවුන් පෝස්ට් එක සොෆ්ට් කරන්න බටර් ගාන නිසා හැඟීම් වල නියම ගතිය එන්නෙ නෑ. බ්ලොග් වලට ඕන කට්ට සම්බෝල වගෙ පෝස්ට්.

    සුළුතරයක් ලෙස අප අතර ඉන්න මුස්ලිම් අය නම් මේක හෙළා දකිනව.මට හිතෙන්නෙ නැගෙනහිර වගෙ මුස්ලිම් බහුතරයක් ඉන්න තැන්වලට වඩා අප අතර ඉන්න මුස්ලිම් අය ශිෂ්ට වෙලා කියල .කාලයක් අපි හැමෝම ස්ටෑන්ඩ් අගේන්ස්ට් රේසිස්ම් කියල අත ඉස්සරහට දාගෙන ප්‍රොෆයිල් හදාගෙන හිටියනෙ.මුස්ලිම් අයත් හුඟක් මෙහෙම ප්‍රොෆයිල් හදාගෙන ඉන්න අතරෙ තමයි අයි එස් කල්ලිය ආවෙ.මේ අය බොදුබලසේනාව විවේචනය කරන අතරෙ අයි එස් ලට චියර් කරනව අල්ලාහු අක්බර් කියල.

    මුන් ප්‍රතිමා නාශක පුන්‍ය කර්ම කියල මිල කළ නොහැකි පුරාවස්තු විනාශ කරනව.ඉස්ලාම් ආගම සාමයෙ ආගම කියල උඹ කිව්වට ශාස්තෲන් වහන්සෙම මේ දේවල් කරල තියනව.උන් වහන්සෙ ආගමික සහජීවනය පිළිගත්ත. ඒ වගේම යුක්තිගරුකයි. හැබැයි මෙහෙම දේවලුත් කළා. අපි ත්‍රස්තවාදී වැඩකියල හදුන්වන වැඩ ඔය ආගමේ උසස් අය ( සහබා වරු - බුද්ධාගමේ රහතන් වහන්සෙල ගෙ මට්ටමේ අය ) කරල තියනව.මෙතන වෙලා තියෙන්නෙ මේ අය ලෝකය 14 වෙනි සියවසට ගෙන යන්න හදන එක.මේ මතවාදය ලංකාවෙ වුනත් ජනප්‍රිය වෙනව.මොකද ඒ අයගෙ ආගමට සම්බන්ධ නිසා.

    මේකෙන් වෙන්නෙ මුළු ලෝකයම මැදපෙරදිග ආක්‍රමනය කරන එක. ජෝර්දාන් රජුගෙ ස්ථාවරය හරි. ත්‍රස්තවාදීන්ගෙ එකම ශක්තිය උන්ගෙ බාෂාවෙන් අනෙක් අය කතා නොකරන බවට උන් තුල තියන විශ්වාසය. කොටින් හිතුවෙත් එහෙම. ශිෂ්ට ලෝකය මානව හිමිකම් වාගෙ ශිෂ්ටත්වයෙ සළු පැළදගෙන් ඉන්නෙ ත්‍රස්තවාදීන් ඉවක් බවක් නැතිව ජඩකම් කරනව. මේ විදියට භාෂා දෙකකින් කතා කරනකොට දෙගොල්ලට අදහස් හුවමාරු කරගන්න බෑ.ත්‍රස්තවාදීන් ශිෂ්ට බාෂාවෙන් කතාකරන්න එන්නෙ නැත්නම් ශිෂ්ට ලෝකට ත්‍රස්තවාදීන්ගෙ භාෂාවෙන් කතා කරන්න වෙනව .එහෙම වුන පළ මුවෙනි මොහොතෙම ත්‍රස්තවාදෙ ඉවරයි.උන්ට දුවන්න ඇඩ්‍රස් නැතිවෙනව.

    කුඩා පිරිසකට විශාල කලබලයක් කළ හැක යන සිද්ධාන්තය මෙතන යොදන්නෙ.මේ වීඩියෝ වලින් මුන් මුළු ලෝකෙම බය කරනව.මේක අවසන් වෙන්නෙ ඇමරිකාව ,රුසියාව ඇතුළු මුළු ලෝකෙම මැදපෙරදිග ආක්‍රමනය කරන එක.මුස්ලිම් වරු ශිෂ්ට කරන්න ඕන ඒ අයව 21 වැනි සියවසට ගන්න ඕන,පුනරුත්ථාපනය කරන්න ඕන කියන හැඟීම අද ශිෂ්ට ලෝකයෙ වර්ධනය වෙනව.ලඟදිම ඒ දේ වෙයි.මුන් අනාගතයෙදි මීට වඩා අතිශයින්ම ම්ලේච්ඡ වීඩියෝ මුන් මුදා හරින්න ඉඩ තියෙනව.

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++++

      Delete
    2. මගේ බ්ලෝග ගැන කියල තියෙන දේට ස්තුතිය.
      ---------------------------------------------------

      බටහිර කුමන්ත්‍රණ කියා කියා ඉඳල හරියන්නේ නැත. මේ ISIS බල්ලන්ව මේච්චල් නොකරොත් කුමන්ත්‍රණය කරන්නවත් බටහිරක් නැතිව යනු ඇත.

      එත් වැඩි කල් යන්න කලින් බටහිරයි පෙරදීයි හැමෝම මුන්ට කෙලිනවා. දැන් ජපානේ එක්කත් වලියක් දාගෙන නේ ඉන්නේ උන්ගේ දෙන්නෙක්වත් මරල.

      -----------------------
      මුස්ලිම් ආගමයි එකේ අනුගමිකයෝයි මේ වර්ත්මානෙට ගෙන්න ඕන ඉක්මනටම.


      අදහස් දැක්වීම ට බොහොම ස්තුතියි.

      Delete
    3. @ madhu

      උඹ ලොකු වැටක් එහෙම ගහල ඉන්නේ නේද?

      Delete
    4. ///සමහර එවුන් පෝස්ට් එක සොෆ්ට් කරන්න බටර් ගාන නිසා හැඟීම් වල නියම ගතිය එන්නෙ නෑ. //
      කාලෙකින් ආවේ. පෝස්ට් එකයි කමෙන්ට් එකයි එහෙම්ම කියෝගෙන ආවේ,,

      ඔබේ සියළු අදහස් සමග එකගයි.. ජෝර්දාන් රජ්ජුරුවෝ කරපු වැඩේ නියමයි,, ඒත් මේ පලි ගැනීම් වල කෙලවර ව්දවන්නේ අහිංසකයින්

      Delete
  2. ජෝර්දානයේ රජ්ජුරුවන් ගේ රිටර්න් එක ගැන කියන්න තියෙන්නේ

    මුගුරක් අවැසි තැන මුගුරක් ගෙන නැගෙනූ...
    කඩුවක් අවැසි තැන කඩුවක් ගෙන කොටනූ...
    සංග්‍රාමයට නවගුණ වැල ගෙන නොඑනූ...
    සංග්‍රාමයෙන් පසු නවගුණ වැල ගනිනූ...

    ReplyDelete
    Replies
    1. අන්න එක තමයි කියන්න ඕනේ.

      යුද්ධෙට ගන්නේ නැති කඩුව ආයේ කොස් කොටන්න යැ

      Delete
  3. ISIS කාරයෝ පුචිචල මැරුවේ එකයි අපේ කි දෙනක් ටයර් වල පිචිචුවද
    උන් තාම බෙලි කීයද කැපුවේ එ අතින් උන්ට තාම අපිට ලංවෙන්නවත් බැ
    ඔය හැම කන්ඩායමක් පිටි පස්සේම ඉන්න FBI CIA සහ ඇමරිකාව ඇතුලු ප්‍රබල රාජ්‍යන්
    උන්ට ..තියෙන මහා සල්ලියයි අධීවේගි ජන ගහන වර්ධනයයි එක්ක ඉස්ලාමි ලෝකේටම කවදහරි දරැණු භිශණයක් වෙනව කියල දැනගත්ත ඇමරිකාබ ප්‍රමඛ බටහිර
    බුද්ධි අංශ කෘතිමවම ස්ලාමි වර්ධනය පාලනය කරන්න ගහපු ගැට ගොඩක් එවා හරිගියා
    මට හිතෙන විදිමට 9/11 සිද්දියත් අමරිකාවේ ගැටයක් එතැනනි තමයි උන් ගේම ගහන්න සාධාරණ හේතුවක් හදාගත්තේ

    ReplyDelete
    Replies
    1. //ISIS කාරයෝ පුචිචල මැරුවේ එකයි අපේ කි දෙනක් ටයර් වල පිචිචුවද
      උන් තාම බෙලි කීයද කැපුවේ එ අතින් උන්ට තාම අපිට ලංවෙන්නවත් බැ //

      මේකත් සහතික අතහ බන්..

      --------------------------
      FBI CIA කතා වල ඉතින් ඇත්තක් ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ. උන් ඉන්නවා කියල අපි හිතන තැන් කිසිම එකක උන් නැහැ. එත් උන් ඉන්න එකක් නෑ ඉයල හිතන ගොඩක් තැන් වල උන් රංචු පිටින් ඉඳගෙන ගේම දීල තියෙන්නේ.

      Delete
    2. ලෙවියාතන් කියන්නේ හිබ්රු වලින් තල්මහට

      Delete
    3. hmmmm ලෙවිායත්න කියන්නේ තල්මහ නැත්නමි බයිබලේ කියල තියෙන හැටියට මුහුදු රාක්ශයෙක්
      මමත් එක මේක ලගදි දැනගත්තේ

      Delete
    4. ඔවු ඔවු.

      අපිත් කියවා ඇත. ඉගෙන ගෙනද ඇත.

      Delete
  4. උන් උන් මරා ගත්තට මට නම් කිසිම අවුලක් නෑ. සුන්නි ෂියා කිය කියා මරා ගන්නේ උන් උන්මයි. නමුත් අපේ රටේ එක තම්බියෙක් මීට විරුද්ධව කටක් හොල්ලන්නේ නෑ. අපේ උන් හොල්ලන්නෙත් නෑ. හේතුව මැද පෙරදිග රැකියා. දැන් කොහොමත් හෙට අනිද්දා වෙන කොට මැද පෙරදිග ත්‍රස්තවාදය නැති රටවලත් අනිවාර්යයෙන් ඇති වෙනවා. හේතුව එමිරේට්ස් රටවලුත් ජෝර්දානය හා එක්වීම. එතකොට අපේ රැකියාවලටත් කෙල වෙයි.

    මෙහේ තම්බි කෑ නොගහන හේතුව. මෙහෙත් මුස්ලිම් අන්ත්වාදය අති දරුණු ආකාරයටම ක්‍රියාත්මක වීම. 2009 යුද්ධය අහවර ව්න තුරා, අරාබි ලෝගූ දාගත්ත පිරිමිවත්, ගොනි බිල්ලෝ වගේ ගෑණුවත් උන්නේ නෑ. එහෙම උන්නා නම් ඒක ටෙරාලට මාර වාසියක් වෙනවා. මේ ක්‍රියාදාමය අති දරුණු ලෙස ක්‍රියාත්මක වෙනවා නැගෙනහිර පළාතේ. රාජ්‍ය ආරක්ෂාව ගැන හිතන උන්ට මේවා පේන්නේ නැත්තේ. උන්ට වෙන වැඩ තියෙන නොසාද? එහෙම නැත්නම් තම්බින්ගෙන් ගානක් හම්බ වෙන නිසාද කියලා දන්නෙත් උන් විතරයි.

    ReplyDelete
    Replies
    1. මොකද නැත්තෙ? මමනම් ඕන තරම් බුකියේ දකිනවා ඇරත් මගෙ මුස්ලිම් යාලුවෝ මේකට සම්පූර්නයෙන්ම විරුද්ධයි එකම අවුල උන් සන්විදානයක් ලෙස එලියට එන්නෙ නැති එක

      මාතා කොහොමත් තම්බින් එක්ක මලනෙ ඉතින් මෙවා පෙන්නෙ නැති එකනම් පුදුමයක් නොවෙ

      Delete
    2. ම්ම කිසිම ජාතියක් හෝ ආගමක් හෝ පුද්ගලයකු සමග තරහා නෑ.. නමුත් අන්ත්වාදයට මොකා කලත් කැමති නෑ.. ඒක හින්ගල බෞද්ධ හරක් කලත් එකයි. මුස්ලිම් මිනීමරුවෝ කලත් එකයි.. දෙමළ කොටි කලත් එකයි..

      Delete
    3. @අන්නොන්,
      අන්තවාදී තම්බි එක්ක මාතලන් විතරක් නෙමෙයි එහෙම නොවෙන හැම එකාම ඉන්නෙ මලෙන්.

      Delete
    4. @ මාතලන්

      //රාජ්‍ය ආරක්ෂාව ගැන හිතන උන්ට මේවා පේන්නේ නැත්තේ. උන්ට වෙන වැඩ තියෙන නොසාද?//
      -------අන්න එක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. හිටපු එකා මේ වගේ ප්‍රශ්න වවාගෙන කෑවා. දැන් ඉන්න එව්වෝ එහෙම දෙයක් නැහැ වගේ කවදාවත් දැක්කේ නැහැ වගේ ඉන්නවා. මුන් දෙගොල්ලොම එකයි.

      @ UNKNOWN
      මොලේ තියෙන එවුන් සංවිධානය වෙන්නේ නැත්නම් එක තමයි උන් උන්ටයි මුළු ලෝකෙටයි කරන ලොකුම වැරැද්ද. මොකද දැන් සත්තු ටික සංවිදානය වෙලා ඉන්නේ. මිනිස්සු සංවිධානය නොවුනොත් කෙළ වෙන එක ඉස්තීරයි.

      අන්තවාදය ( අනතුරුදායක තකතීරුකම) මොන විදියට ආවත් විරුද්ධ වෙන්න ඕන.

      @Madhumadhavi
      ඇත්ත මධු වෝ. උන් මේ බලු වැඩ වලට විරුද්ධව කටක් අරින්නේ නැති හින්දා උන් නොදැනම උන්ව ත්‍රස්තවාදීන් ගේ පැත්තට වැටෙනවා.

      Delete
    5. විරුද්ද වෙන්නෙ නෑ කියන්නම බෑ විරුද්ධව මත ප්‍රකාශ කරන අයත් ඉන්නවා උදා: සෞදියේ ලොකුම උලමා මේකට විරුද්ධව මත ප්‍රකාශ කලා ලගදි..

      http://www.theguardian.com/world/2014/sep/17/saudi-clerics-fatwa-declares-terrorism-heinous-crime-sharia-law

      "Terrorism is contrary to the purposes of the great religion of Islam, which came as a mercy to the world … and to ensure the system of worldly coexistence," said the 21-strong council of senior scholars, according to the Saudi Press Agency. "Terrorism has nothing to do with Islam, which is innocent of this deviant ideology … [terrorism] is nothing more than corruption and criminality rejected by Islamic sharia law and common sense."

      Any Muslim who thinks that jihad (which means "struggle") means joining a terrorist group "is ignorant and has gone astray", the clerics declared on Wednesday.

      මගේ අදහස මුස්ලිම් මිනිසුන්ගෙ විරුද්දත්වයට..... මුස්ලිම් වරුන්ගෙ නාමයෙන් කරන ත්‍රස්ත ක්‍රියාකාරකම් වලට ලැබෙන පබ්ලිසිටිය ලැබෙන්නෙ නෑ............. එහෙම කලොත් ඉස්ලාමික් ටෙරරිස්ම් කියන මාර්කට් එකට කෙලවෙන නිස වෙන්න පුලුවන්

      Delete
  5. මේකේන් මුස්ලිමිස්ලා මිලියන් ගානක් මැරැණා තවත් මිලියන් ගානක් දරැවන් බිහිකරන්න බැරිවිදිහට අන්ගවිකල කලා ඒ කියන්නේ අනාගතයේ බිහිවෙන්න හිටිය මුස්ලිමි වරැ කෝටි ගනනකගේ උපත් නැවැත්වුවා මම අහල තියෙනව ස්ලාමයේ අවසනම
    අරමුණ තමා ලෝකේ පුරා ස්ලාමි වරැ බිහිකරල උමිමා කියන ශක්තිය වැඩිකර ගැනිම ISIS ලගේ තේමාගිතය අහල බලන්නකේ

    ReplyDelete
    Replies
    1. ඔබතුමා මා මතුකරනා කාරනයට ආවා... එවුන් අන්‍යය ආගමිකයන් පමනක් නොවේ මුස්ලිමුන්වද මරාදානවා මුස්ලිම් මිනිසුන්ට ගරහන මුස්ලිම් මිනිසුන් මිනීමරනවා යයි හන්වඩු ගහන අය මේ දේ මුලින්ම අමතකකරලා දානවා නැතිනම් නොදැක්කා වගෙ ඉන්නවා ISIS කියන ත්‍රස්තවාදී කන්ඩායම තමන්ගෙ දුෂ්ට ක්‍රියා සදහා ලෝකෙ තියෙන හොදම මාර්කටින් මෙවලම වෙන ඉස්ලාමික් ටෙරරිස්ම් බවිතයට අරන් තියෙන්නෙ නැතිව ඉස්ලාමය මේකට සම්බන්ධ නෑ කියලයි මම හිතන්නෙ

      මගෙ මතයනම් ත්‍රස්තවාදීන්ට ආගමක් දහමක් ජාතියක් ජන්මයක් නෑ

      Delete
    2. @ ලෙවි

      //අරමුණ තමා ලෝකේ පුරා ස්ලාමි වරැ බිහිකරල උමිමා කියන ශක්තිය වැඩිකර ගැනිම//
      ---උන්ගේ රෙද්ද තමයි. ඕකට කියන්නේ බන් මෝඩකම. අපි එකට උන්ට අනුකම්පා කරන්න ඕන . එත් එක භූමිකම්පාවක් වෙනකම් හිටියොත් සොරි ඩොට් සහ කොම්.

      @ UNKNOWN
      //මගෙ මතයනම් ත්‍රස්තවාදීන්ට ආගමක් දහමක් ජාතියක් ජන්මයක් නෑ//
      --අකුරක් නෑර එකඟයි

      Delete
  6. උඩහ මධ්‍යස්ථයි මාතලනුයි කියූ දේවල් වලට පූර්ණව එකඟයි පළමුව.
    ඇත්තටම කාලීන මාතෘකාවලට අතගැසීමේ වේගය අතින් උඹ මාතලන්ටත් වඩා ඉදිරියෙන් කියලා හිතෙනවා වෙලාවකට.
    මේ ලිපියට විරුද්ධව වුණත් පාරට බහින්න පුලුවන් සෙට් එකක් ඔය. මචං අපි ඇඟේ හයියෙන් බලය ඇල්ලුවා. ඊට පස්සෙ ආයුධ වලින්. නමුත් අද මිනිස්සු ගැටෙන්නෙ එහෙම නෙමේ. මතවාදීව. මොලෙන්. මිනිස් මොලය දියුණු වෙනවා කියන්නේ ඒකයි. අනෙක ශිෂ්ඨාචාරගතවීම, මානව හිමිකම් ආදියෙන් කියවෙනවා සෑම කෙනෙකුටම ජීවත් වීමේ අයිතිය. කෙනෙක්ගෙ ජීවිත තවත් කෙනෙකුටවත් ආගමකටවත් අයිති නැහැ. මුන් කරන්නේ තමන්ගෙ මතයට විරුද්ධ හැම එකාම තුච්ඡ නින්දික කාලකන්නි මේ ලෝකෙනැති මිලේච්ඡ ක්‍රමේකට මරා දාලා ඒක ලෝකෙට පෙන්නලා මුලු ලෝකෙම බය කරන්න හදන එක. ඇත්තටම මුනුත්, මුංගෙ මේ තිරිසන් වැඩවලට විරුද්ධ නොවෙන මෙහේ ඇතුලුව ලෝකෙම ඉන්න ඒ ආගම අදහන උනුත් කරන්නෙ ලෝකය ආපස්සට ගෙනියන එක. මුන් මිනී මරන්නෙත් ආගමේ පාඨ කියව කියවා. අපි මේ ගැන කතාකරන එකටත් මුන් උද්ගෝෂණය කරයි. ඒ තරම් උන්ගෙ ලේ රත්වෙලා තියෙන්නෙ. අපි ඉන්න පලාත්වල සද්ද නැතිව ඉන්නෙ උන්ගේ හොඳකමකට නෙමේ බලය නැති නිසා. ඔය පාසිකුඩා - හබරණ අතරෙ නගරයක් තියෙනවා තනිකර ඔය ජාතිය. පොලීසියෙ විතරයි අනික් උන් ඉන්නෙ. ඒ වුනාට එකෙක් වරදකට ඇල්ලුවොත් මුලු නගරෙම උන් ඇවිත් පොලීසිය වට කරනවා. කවුරු මොන බණ කිව්වත්, ජාතිවාදී කියලා අපිට බැන්නත් කියන්න තියෙන්නෙ මුන් ලඟ තමා ජාතිවාදය තියෙන්නෙ. ඇඳුමෙන්, කෑමෙන් බීමෙන් හැමදේකින්ම උන් හදන්නේ අනික් මිනිස්සුන්ගෙන් වෙනස් කට්ටියක් කියලා පෙන්වන්න. මාතලං කියනවා වගේ නැගෙනහිර දැනටමත් ලංකාවෙ කොටසක්ද කියන්න බැරි තරම්. මුන්ට විරුද්ධව අවි ඔසවන්න මම කවදාවත් කියන්නෑ. ඒත් මේ රටේ රජයක් තියෙනවා. ආරක්ෂක අමාත්‍යංශයක් තියෙනවා. අර ඉහේ ඉඳන් පොරෝන රෙද්ද ගලවන්න බැරිවුණා. බලහත්කාරෙන් අල්ලගන්න ඉඩම් ගලවගන්න බැරිවුණා. මේහේ පැලවෙන්න ඉඩදීලා ඉවරයි. අයිසිස්ලව සහමුලින්ම හැඳිගෑවිලා යන්න දෙයක් දැන්ම නොකලොත් අපි හැමෝටම ඔය දේවල් මේ රටේ අපේ ඇස් පනාපිට දකින්න ලැබෙන්නැද්ද බලහං. උන් යන ගමන ඕනි ගොනෙකුට තේරෙනවා. උඹ කියනවා වගේ මුන් සත්තුන්ටවත් සමාන කරන්න බෑ. සත්තු මිලේච්ඡත්වය ප්‍රදර්ශනය කරන්නෑ. මදුරුවා වුනත් බඩ පිරුණම පෙරේතකමට ලේ බොන්නෑ. මුන් ලේ එකතුකරන මලපෙරේත හැත්තක්. ලෝකෙ ලේ පයින්ට් එකක් නැතිව මිනිස්සු මැරෙද්දි මුන් ආගම කියව කියවා ලේ එකතුකරනවා කල්දේරම් වලට. නොදකිං...

    ReplyDelete
    Replies
    1. නැත විරුද්ධවන පිරිසකුත් ඇත නිහඩව සිටින පිරිසකුත් ඇත සහයොගය දක්වන පිරිසකුත් ඇත කවුරු කවුරුන්ද යන්න වටහා ගැනීම අසීරුය එහෙත් අප පාට කන්නාඩි ගලවා සෙවිය යුතුය වැරැද්ද පෙන්වා දිය යුතුය

      Delete
    2. @ මධු

      මගේ බ්ලෝග ගැන කියල තියෙන දේට උඹටත් ස්තුතිය.

      ----------------

      //මේ ලිපියට විරුද්ධව වුණත් පාරට බහින්න පුලුවන් සෙට් එකක් ඔය.//
      //පි මේ ගැන කතාකරන එකටත් මුන් උද්ගෝෂණය කරයි.//
      ---අනේ අම්මේ එක නම් ඇත්ත. මුන් එච්චරටම ඔටෝ ෆෝම් ඩයල් ටිකක්. මොනා කරන්නද බන්. අපි ප්‍රවේසම් වෙන එක තමයි කරන්න තියෙන්නේ.

      //ඒත් මේ රටේ රජයක් තියෙනවා. ආරක්ෂක අමාත්‍යංශයක් තියෙනවා//
      ---අර මම උඩින් මාතලන් ටත් රිප්ලයි කරලා තියෙන්නෙත් ඕකමයි. හිටපු එකා ප්‍රශ්නේ වවාගෙන කාව. දැන් එවුන් සද්ද වහල බුදි. ප්‍රශ්නයක් තියෙනවා කියල පෙනී පෙනී තියෙද්දිත් සද්ද වහල ඉන්න එකනම් එච්චර නුවනට හුරු කාරණයක් නෙමේ. අපේ ඡන්දෙන් ආණ්ඩු පත් වෙන්නේ ඔහොම බුදියන්න නොවේය.

      @Unknown
      මේ ප්‍රශ්නෙදී ගොඩක් වෙලාවට වෙන්නේ අන්න හඳ කියල හඳ පෙන්නුවම අපේ ඇඟිල්ල දිහා බලන්න වගේ වැඩක්. ඕක තමයි ප්‍රශ්නේ.

      Delete
  7. මමනම් හිතන්නේ මේ මුස්ලිම් අන්තවාදීන් ඉක්මනින්ම තමන්ගේ අවසානය ළඟා කරගන්නවා. උන් තව මේ වගේකෲරකම් ටිකක් කරපු ගමන් ලෝකයම උන්ට එරෙහිව එකතුවෙනවා. එදාට ISIS, තලේබාන්, අල්කයිඩා, ඔක්කොටම අඩු නැතුව කෑම හම්බවෙනවා.

    ReplyDelete
    Replies
    1. එක නම් ඇත්ත විචාරක. දැනටත් බටහිරයි පෙරදීයි බලවතුන් එක්ක මුන් පැටලිලා ඉන්නේ.
      මුන් ට ළඟදීම ඇරියස් එක්ක කන්න හම්බවෙනවා. එදාට බලමු අපේ අය මොකද කරන්නේ කියල.

      Delete
  8. සියලු භේද වලට මුල:


    උත්පත්ති 11:1-32


    ඒ දවස්වලදී, මුළු පොළොවෙම තිබුණේ එක භාෂාවකි.* 2 මනුෂ්‍යයන් නැඟෙනහිර දෙසට ගමන් කරමින් සිටියදී ඔවුන්ට ෂීනාර්+ දේශයේ තැනිතලාවක් සම්බ විය. ඔවුහු එහි පදිංචි වූහ. 3 ඔවුහු, “එන්න! අපි ගඩොල් කපා ඒවා පුලුස්සා ගමු” යයි එකිනෙකාට කීවෝය. ඔවුහු ගල් වෙනුවට ගඩොල්ද බදාම වෙනුවට තාරද* භාවිත කළෝය.+ 4 පසුව ඔවුහු මෙසේද කීවෝය. “එන්න! අපි නුවරක් හදාගමු. එහි අහස උසට+ කොතක් ගොඩනඟා ගෙන අපටම කීර්ති නාමයක් හදාගමු.+ එසේ නොකළොත් පොළොව පුරාම විසිර යන්න අපට සිදු වෙයි.”+ 5 යෙහෝවා දෙවි මනුෂ්‍යයන් දෙසට තම ඇස් යොමු කර ඔවුන් ගොඩනැඟූ නුවරද කොතද පරීක්ෂා කර බැලුවේය.*+ 6 ඉන්පසු යෙහෝවා දෙවි මෙසේ කීවේය. “මේ මිනිස්සු එකම භාෂාව කතා කරන,+ එක සෙනඟක් මෙන් සිටිති. ඔවුන් දැන් මේ ආකාරයට හැසිරෙනවා නම් මින් ඉදිරියටත් තමන් කැමති දේ කෙසේ හෝ ඉටු කරගනීවි.+ 7 ඒ නිසා ඔවුන් කතා කරන දේ එකිනෙකාට නොතේරෙන ලෙස අපි+ ඔවුන්ගේ භාෂාව+ අවුල් කරමු.”+ 8 යෙහෝවා දෙවි එසේ කරමින් ඔවුන්ව පොළොව පුරා විසුරුවාහැරියේය.+ එබැවින් ඔවුහු නුවර ගොඩනැඟීමේ කාර්යය ක්‍රමක්‍රමයෙන් අත්හැරියෝය.+ 9 යෙහෝවා දෙවි එම ස්ථානයේදී පොළොවේ වැසියන් කතා කරමින් සිටි භාෂාව අවුල් කළ නිසා එම නුවරට බාබෙල්*+ යන නම තබන ලදි. යෙහෝවා දෙවි එම ස්ථානයේ සිට ඔවුන්ව පොළොව පුරාම විසුරුවාහැරියේය.+

    ReplyDelete
    Replies
    1. ඔය යොහෝව ගැන කියනකොට මම ගැනත් කියවෙලා ඇතිනේ
      එ කියන්නේ මේ ලෙවියාතන් ගැන

      Delete
    2. ඕකත් වෙන්න පුළුවන්. හැබැයි ඉතින් යෙහෝවා තමයි දන්නේ එයා ඇත්තටම මොකද කලේ කියල.

      Delete
  9. මටත් මේ අන්තවාදී ගෝනි බිල්ලෝ පෙන්න බැ මචෝ .උන් උන්වම මරා ගන්නවා .අල්ලාහු අක්බර් කියලා මිනිසුන්ගේ බෙල්ල කපනවා නිකම් බෝයිලස්ලාගේ වාගේ .අනේ මන්දා බන් .ආගම් තියෙන්න ඕන මින්සුන්ගේ ජිවිත මිසක් ආගම් වෙනුවන් ජිවිත නැති කරන්න නෙවෙයි ....

    "සාමේ ඉරේ රැස් ධාරාවේ
    සාමේ ස‍ඳේ රැස් මාලාවේ..
    ආලෝක ලෝ තුල පැතිරේවා
    ලෝකෙම ඉන් කල එළිවේවා."

    (මේරියන්ස් )

    ReplyDelete
    Replies
    1. ඇත්ත. බන් සහතික ඇත්ත.

      එත් ඔය ඇත්ත තේරෙන්නේ බොහොම සුළු පිරිසකට විතරයි.

      ඔන්න ඔතන තමයි ප්‍රශ්නේ.

      Delete
  10. අපි මිනිස්සුන්ගේ වෙනස් මතවාද වලට ඉඩ දෙන්න ඕනේ.අපිට අහස නිල් පාටට පේන නිසාඅ පි ඒක නිල්පාටයි කියනවා.ඒත් අහස රතු පාටට පේන එකාට අහස රතුපටයි කියල කියන්න ඉඩ දෙන්න ඕනේ.හැබැයි එහෙම ඉඩ දෙන්න ඕනේ නිල්පාටයි කියන එකාගේ ඇස් අන්ධ කරලා නෙමෙයි.මුස්ලිම් විතරක් නෙමෙයි.ඕනෙම ආගමක අන්තවාදයට එරෙහි වෙන්න ඕනේ.ලන්කාවේ උනත් ඒක එහෙමයි.මේ අන්තවාදී කාළකන්නී මැඩපවත්වන්න මේ රටේ නීතිවලට පුළුවන්.ඒත් වෙලා තියෙන්නේ කතිරෙකට තියන තන්හාව නිසා එක එක පැතිවලට එක එක නීතිය ක්‍රියාත්මක කිරීම නිසා ලන්කාවේ මිනිස්සුන්ගේ මනුස්සකම පර්දාවටයි ,සිවුරටයි වැහිල ගිහින් තියන එකයි.
    අගේ ඇති ලිපියක්.ජය වේවා.....

    ReplyDelete
    Replies
    1. තියෙන නීති ටික හරියට ක්‍රියාත්මක කලානම් එක ඉහටත් උඩින්. එත් එහෙම කරන්න පුළුවන් කොන්දක් අපේ නායකයින්ට නැහැ.

      Delete
  11. මේ රටේ ඉන්න මුස්ලිම්කාරයෝ අයිඑස්අයිඑස් කාරයන්ට විරුද්ධ වෙන්නෙ නැත්තෙ අහවල් එකක් නිසාද කියල මටත් හිතාගන්න බෑ. වෙන්න පුළුවන් හේතු ගොඩක් තියනව.
    1. මුන් ඔක්කොම අයි එස් අයි එස් කාරයන්ගෙ වැඩ වලට පක්ෂපාත වීම.
    2. ඉස්ලාම් ආගමේ ලෝක නායකත්වය (එහෙම එකක් තියනවනම්) අයි එස් අයි එස් එකට පක්ෂපාතයි කියල හිතාගෙන ආගමට විරුද්ධ වෙන්න බය වීම.
    3. ලංකාවෙ මුස්ලිම් ආගමේ අයිතිකාරයො ලෙස පෙනී ඉන්න උලමාවරුන් අයිඑස්අයිඑස් එකට පක්ෂපාත වීම.
    4. විරුද්ධත්වය සංවිධානාත්මකව ප්‍රකාශ කළ හැකි ආකාරයේ සංවිධානයක් හදාගැනීමට ආගමික නායකයන්ගෙන් තහංචි වැටී තිබීම.
    5. ලංකාවේ සිංහල හා දෙමළ මිනිස්සු තමන්ට විරුද්ධවාදිකම් කරන නිසා අයිඑස්අයිඑස් එකට විරුද්ධ වීමෙන් තමන් තවදුරටත් අසරණ වීම.

    ඔය වගේ ප්‍රශ්න ගොඩකින් කීපයක් හරි එකක් හරි වෙන්න පුළුවනි. දැන් බොදුබල සේනාවට විරුද්ධව වැඩකරන සංවිධානයක් ලංකාවෙ නෑනෙ බෞද්ධයො කොච්චර නානසාරට විරුද්ධ වුනත්. ඒ වගේ තමයි මුස්ලිම් එවුන්ටත් වෙලා තියෙන්නෙ.

    මෙතනදි මං හිතන්නෙ සංවිධානයක් හැදෙන්න ඕනැ සියළු ආගමික අන්තවාදයන්ට එරෙහි වන. ඒ සංවිධානය සියළු ජන කොටස් වලට තියන අයිතිවාසිකම් පිළිගන්න ඕන. ඒවට ගරු කරන්න ඕන. අන්තවාදයට විරුද්ධයි කියාගෙන “මේ රටේ පොරවල් වගේ ඉන්න පුළුවන් අපට විතරයි, අනිත් එවුන් අපි යටතෙ ඉන්න ඕනැ, අපි උන්ට හොඳට සළකන්නම්“ කියල කිව්වට වැඩක් නෑ.

    මේ ලිපිය කාලීන අර්ථවත් ලිපියක්

    ReplyDelete
    Replies
    1. //“මේ රටේ පොරවල් වගේ ඉන්න පුළුවන් අපට විතරයි, අනිත් එවුන් අපි යටතෙ ඉන්න ඕනැ, අපි උන්ට හොඳට සළකන්නම්“ //

      ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. මුස්ලිම් කතා පැත්තකට දැම්මම අපේ ඉන්න සිංහල මිනිස්සු බහුතරෙත් ඔය ගොඩේම තමයි. මෝඩ කම මිසක්ක වෙන මොකක්ද?

      Delete
  12. අයි එස් අයි එස් කාරයෝ ගැන නානසාරගේ මතය දන්නවද?

    ReplyDelete
  13. මෙහෙම හිතන්නකෝ. දැන් එංගලන්තේ හෙම ඉන්න මේකට සපෝර්ට් හරක් රැල සිරියවට් යනවා. උන්ට ආයි මෙහෙට එන්න බැහැ . ආවත් උන්ව මාක් වෙලා. මටත් වෙලාවකට හිතන දෙයක් තමයි මේ හැංගිලා හිටපු අන්තවාදින්ව එලියට ගන්න ගහපු ගැටයක්ද කියල? මොකද උන් සෝෂල් මීඩියා වල ලියන කොට කොහොමත් අහුවෙනවා. එකට එකතු කරලා පස්සේ බෝම්බ දාල මරණ පොටක්ද කව්ද දන්නේ. සිඅයිඑ කාරයෝ ඔය වගේ ගේම් අනන්ත දෙනවා. මගෙත් ලොකුම ප්‍රශ්නේ තමයි අනිත් මුස්ලිම් අය මේවට විරුද්ධව කතා කරන්නේ නැත්තේ ඇයි කියල.

    ReplyDelete
    Replies
    1. hmmmm..... අන්න හරි මුස්ලිමි අය මේ ගැන කතාකරන්නේ නැ එයාල ඉන්නේත් ISIS එක්ක

      Delete
    2. CIA ඔහොම ගේම් දෙනවා කියන එක ඇත්ත.

      උඹ කියන එකත් වෙන්න පුළුවන්.

      Delete
  14. ලිපිය නම් ඉතාමත් අගෙයි....
    ලංකාවෙ බෞද්ධ අපි කොච්චර පිංවන්තද?

    ReplyDelete
  15. ISIS යනු ඉස්ලාමය නොවෙයි, ඉස්ලාමයට ඉඳුරාම පටහැනියි. ISIS ලාගේ ක්‍රියාකාර කම් වල කිසි තැනක හෝ ඉස්ලාමයේ මූලික ඉගෙන්වීම් පිළිබිඹු වන්නේ නැත​. ISIS පිටුපස යම්කිසි අදිසි හස්තයක් හෝ හස්ත සමූහයක් ක්‍රියාත්මක වෙනවදෝ කියා කුකුසක්ද ඇති වෙයි. ISIS ලාව කරලියට ගෙන ඒමේ මූලික අරමුන ඉස්ලාමයේ හරය​ ප්‍රකුර්ති කරවීම හා ලෝකයා ඉදිරියේ ඉස්ලාමය පිළිකුල් කරවීමයි. සමහර මුස්ලීම් තරුණයින් තමන්ව පීඩනයට ලක්කරන බටහිර කුමන්ත්‍රනකාරීන්ට එරෙහිව යුද කරන නියම විප්ලව වාදීන් ලෙස සිතාගෙන සමඟ අත්වැල් බැඳගන්නේ නොදන්නා කම නිසාමයි. තමන් ලව්වාම තමන් විනාශ කරන කූට උපායට මොවුන් අසුවෙලාය​. මේ සිද්ද වෙන දේ සිද්ද වීමට තිබූ දෙයක් බව කුරානය ශාශ්තෲන් විශ්වාසකර කරන මුස්ලීම හොඳාකාරවම දනීයි. ඉස්ලාමය තේරුම් ගත් එය හරියට පිලිපදින මුස්ලිම් වරයා මෙය පිළිකුල් කරයි, පිළිකුල් කල යුතුයි, එසේ නොකලා නම් ඔහු මුස්ලීම් වරයෙක් නොවෙයි. මුස්ලිම් වරුන් මේ ක්‍රියාව සිතෙන් පිළිකුල් කලත් ප්‍රසිද්දියේ හෙළා දැකීමේ ප්‍රවනතාවය අඩුවීම දුකට කරුණකී.

    සත්‍යය සත්‍ය ලෙසම කියවුනු හොඳ ලිපියක් !

    ReplyDelete

කමෙන්ට් කලාපය....