ආයුබෝ වේවා හැමෝටම..
ඔන්න අද ඉඳන් දෙවෙනි විභීෂණ වන මමත් බ්ලොග් ලෝකේ ට සේන්දු වෙනවා.
ඒ ඉතින් බ්ලොග් ලෝකේ අල්ලගන්න ආක්‍රමණය කරන්න දිග් විජය කරන්න නම් නෙමේ. පොඩි පහේ රස්තියාදු පාරක් ගහල අලුත් අලුත් පොරවල් ටිකක් මේ අවකාශේ ඇතුලෙත් අඳුනගෙන පොඩි පහේ සොමියක් ආතල් එකක් ගන්න විතරයි.
කෙනෙක් කිව්වට සමාව භාජනය කරන සේක්වා.
එතුමා එසේ මෙසේ කෙනෙක් නෙවේ. මහා බලසම්පන්න උත්තමයෙක්.
එතුමාව හඳුන්වන්නේ "විභීෂණ දෙයියෝ " කියල මිසක් රජ්ජුරුවෝ කියල නෙමෙයි.
රාවනා රජ්ජුරුවන්ගෙන් පස්සේ රට පාලනය කරපු ඒ උත්තමය ලඟින් තියා එතුමා ඇවිදපු අඩි පාරක් ළඟින්වත් තියන්න පුළුවන් එකෙක් නෙමෙයි මම.
ජීවත් වෙන්න රස්සාවක් කරගෙන ගෙදර කට්ටියවත් බලාකියාගෙන ,පොඩියට බ්ලොග් එකකුත් කොරාගෙන සන්තෝසෙන් ජීවත් වෙන්න දඟලන මනුස්සයෙක්.
මෙතනදී මම කලේ එතුමාගේ නම පාවිච්චි කරපු එක විතරයි.
කාලයක් තිස්සේ බ්ලොග් ගොඩාක් කියවල ටික කාලයක් බ්ලොග් එකකුත් කරලා දැන් අලුත් වැඩක් පටන් ගන්න තමයි මේ යන්නේ.
ඉතින් ඔය යන එන ගමන් මේ පැත්තේ ගොඩ වෙලා ලියල තියෙන දෙයක් කියවල කාරිය හිතට එන දියක් කියල, වැරද්දක් පෙන්න්නල දීල ගියාට මගේ නම් හිතේ කිසිම කහටක් නැහැ ඕං ...
එහෙනම් හැමෝවම ආදරෙයන් සාදරෙයන් පිලිගන්නවා ඕං...
මීට දෙවෙනි විභීෂණ.