2014-08-16

හම්බ පංගුව සහ ඇත්ත පංගුව

"සිංහල බෞද්ධ පුනරුදය" කියා  මොකක්දෝ අමුතු එකක් මේ දවස්වල ලංකාවේ හැම තැනම පැතිර ගොස ඇත. ඇත්තම නම් එවන් දෙයක් පැතිර යැව්වා මිස පැතිර ගියා නොවේය.

බුකිය ඇතුලේ පිනුම් ගහන , පැය විසි හතරම බුකියේ කැලෑ පත්තර නිෂ්පාදනය කරන අම්බ ගොන්නු රැලක් මේ වෙන කොට මාර්ක් සුකර්බර්ග් ටත් නහය වහගන්න වෙන තරමට බුකියේ රීලා හමාරය. 

පැත්ත පලාතම පට්ට ගූ ගඳය. 


මේ පිස්සෝ රැල අත් දෙකේ ඇඟිලි දිය වෙනකන් බුකියේ ඉස්ටෙට්ස් අප්ඩේට් වලින් බෙරිහන් දෙන්නේ මුසල්මානුවන් දැන් රට අල්ලගන්න මාන බලන බවයි.

 උන් අපේ සිංහල අක්කල, නන්ගිලාව එක එක උප්පරවැට්ටි දාල වඳ කරන්න වැඩ කරන බවයි. 

රටේ සිංහල ජනගහනයේ ප්‍රතිශතය ටිකෙන් ටික අඩුවෙන බව සහ සාපේක්ෂව මුස්ලිම් ගහනය වැඩි වේගෙන යන බවයි.

මුන් දෙන ලොකුම ජාතිමාමක නිවේදනය නම් සිංහල ජාතිය බේරා ගැනීමට සියලු සිංහලයින් දැන් නැගී සිටිය යුතු බවයි.

හම්බ හැතිකරේ මේ රටින් පලවා හරිය යුතු බවයි.

සිංහලයින් පුළුවන් තරම් ළමයි හැදිය යුතු බවයි.

මේ බුකි කාරයෝ ටික පිස්සු කෙලිනවා  උනත් උන් කියන්නේ සම්පූර්ණ බොරු නෙමේ ය . 
ඒ හැම කතාවේම කියන තරම් දරුනුවටම නැති වුනත් ඇත්තක් තියෙනවා ය.

ලංකාවේ ඇතුලේ නොසලකා හරිය නොහැකි තරමට කෘතීම ජිහාඩ් කාරණයක් සිද්ධ වෙමින් යන බව විභීෂණ ටද අවබෝධ වී ඇත්තේය. 

එය ක්‍රියාත්මක  කරන්නේ ඉතා සුළු පිරිසක් වුනත්  ඒ සුළු පිරිසේ බලපෑම් වලට සාමාන්‍ය මුස්ලිම් ජනයාත් ගොදුරු වෙමින් සිටින බවත් බොහෝ තැන් වලදී අපට අසන්නට දකින්නට ලැබී ඇත.

මෙය ලංකාවේ අනාගතය ට බලපාන අනිවාර්ය කාරණාවක් ය. තිස් අවුරුද්දක් යුද්ධ කරලා සිංහල දෙමල ජනතාව ලක්ෂ ගානක් නැති කරගෙන කෝටි ගානක දේපල, සම්පත් විනාශ කරගෙන යන්තම් හුස්මක් කටක් ගන්න යනකොට දැන් තව රෙද්දක් ය.


කොහොම හරි කරුණු කාරනා එසේය. හැමෝම දන්නා හම්බ ප්‍රශ්නේ ගැන එහෙමත්  නැත්නම් ශ්‍රී ලංකා ජාතියේ විනාශයේ ලෝකල් තලේබාන් පංගුව ගැන විභීෂණ ත් මෙතන දේශනා දෙන්න සූදානම් නැත.

විභීෂණ කියන්න යන්නේ වෙනත්  කතාවක් ය. එක මේ හම්බ ප්‍රශ්නෙටත් වඩා එහා ගිය දරුණු නමුත් හරියට කාටවත් අඳුන ගන්න බැරි සිද්ධි දාමයක් ය.

ඥානසාර හාන්දුරුවෝ වගේම නූතන සිංහල බෞද්ධ පුනරුදයේ මුල් පෙලේ නායක කාරකාදීන් උදේ හවා මතුරන්නේ රටේ වර්ධනය වෙමින් පවතින මුස්ලිම් කරණය ගැනයි. එහි මතු පලවිපාක ගැනයි. 

මෙතනදී විභීෂණ ට මතුවෙන එක ප්‍රශ්නයක් ඇත. ඇත්තටම ජාතිය විනාශ වෙන්නේ මුස්ලිමුන් නිසාද? ඔවුන්ගේ ත්‍රස්තවාදී සුළුතරය ගෙනයනු ලබන ජිහාඩ් කරණය නිසාද?

මේ ප්‍රශ්නෙට විභී උත්තරේ දෙන්නේ "අපෝ නැහැ " කියලය.

කෘත්‍රිම ව ඇති කරන ලද ජිහාඩ් කාරණයත් එයට එරෙහිව ගොඩනැගුනු සිංහල බෞද්ධ විරෝධයත් නිසා මෙතෙක් ශ්‍රී ලංකා ජාතිය විනාශ මුඛයට ඇදගෙන ගිය විවිධාකාර බලවේග වල සෙවනැලි පවා අපි හැමෝටම අමතකව ගොසින්ය.

මුස්ලිම් අන්තවාදය පොඩ්ඩක් පැත්තකින් තියල පාට කන්නාඩි  එහෙම ගලවල හොඳට ඇස පිහිදාළ බැලුවොත් පෙනේවි අර අහවල් මුස්ලිම් අන්තවාදය ටත් වඩා බිහිසුණු දරුණු බලවේග කීපයක්ම විසින් රට ටිකෙන් ටික ගිල ගනිමින් පවතින බව.

අපි මුසිල්මුන්ගේ ජිහාඩ් කරණය, තලේබාන් කරණය ගැන කතා කර කර, බුකී පෝස්ටර් ගගහ ඉන්නකොට අපි කාටවත් හිතෙන්නේ නැතිව ඇති මුස්ලිමුන්ට වඩා දරුණු විදියට අපේම එවුන් අපේ බඩට ගහල අපේ රීරි මාන්සේ සූරාගෙන කාල පට්ට සැප ගන්නේය.

මේවා විභීෂණ කියන්නේ නිකන් කටට ආවට නොවේය. හේතු භූත කාරණා රාශියක් එක්කය .

කුඩු ත්‍රස්තවාදය මේ බලවේග වලින් ප්‍රධානම එක  ලෙස හඳුන්වන්නට පුළුවන.

කන් හැන්දක ප්‍රමාන වලින් , කට ඇතුලේ, පුක ඇතුලේ, බඩ ඇතුලේ, යට ඇඳුම් ඇතුලේ සහ තව නා නා ප්‍රකාර පොට් අස්සේ ගහගෙන පුදුමාකාර කට්ටක් කාගෙන කුඩු ආනයනය වුණු මේ රටට දැන් කුඩු එන්නේ කන්ටේනර් පිටින්ය. 


දැන් රටේ අස්සක් මුල්ලක් නෑර හැමතැනම පාන් පිටි ගානට කුඩු ව්‍යාප්ත වී ඇත. රටට සම්පතක් වෙච්ච තරුණ කොල්ලෝ කෙල්ලෝ රටට කෙසේ වෙතත් කුඩු මුදලාලිලාට නම් සම්පතක් වී ඇත.

මේ කුඩු මුදලාලි ලා කියන්නේ වෙන කොහෙන්වත් ආනයන කරපු මිසිස්සු සෙට් එකක් නොව අපේම ඡන්දෙන් විල මැද කෝලම් මඩුවට පත්වෙච්ච අපේම දේශ මාමක දේශ සේවන සැට් එකය. 

විභීෂණ කියන එව්වා විශ්වාස කරන්න බැරිනම් අහන්නකො අපේ අර බලවත්ම පියන් උන්නැහේ ගෙන් ..ඒ කියන්නේ අපේ දී මුත්තාගෙන් .

උන්නැහ කියල දෙයි හරි අපූරුවට ලංකාවේ කුඩු ජාතකේ.

එත් ඉතින් මෙච්චර වින්නැහියක් සිද්දවෙලා තියෙන කොට මේ ගැන බුකියේ මඩ පත්තරයක් අඳින්න එකෙක් නැත. 

ඉඳල හිටලා කුඩු ගැන කාටූන් කීපයක් නම් බුකියේ එහෙ මෙහ යනවා විභීෂණ දැක ඇත,



එත් ඉතින් බුකියේ තිබ්බ මුස්ලිම් විරෝධයේ හැටියට මෙව්වා ත් මෙව්වද කියල හිතෙන්නේය.

බොදු බල සේනාව උද්ඝෝෂණ කරන්නේ මුස්ලිම් ව්‍යාප්තවාදය ට එරෙහිවය. ඒ කර්තව්‍යය වෙනුවෙන් ඔනෑම කැප කිරීමක් කරන්නට ඔවුන් පෙළ ගැසී සිටිති( යයි කියා කියති).

එත් මුස්ලිම් ව්‍යාප්තවාදය ට ත් වඩා බලවත් කුඩු ව්‍යාප්ත වාදය ගැන හ්ම් නැත. 

මිනීමැරුමක් අමතකවෙච්ච මනුස්සය හොඳ සිහියෙන් රටට ගෙන කුඩු ගැන සද්ද නැත. 

එත් විජිත ගේ ඇට ගලවන්න කට්ටිය පොලිමේය.

ලොකු තාත්තා මීගමු පැත්තේ වැඩලා කුඩ්ඩෙක් ව ඉඹ ගත්තු එක ගැන කටක් හොල්ලන්නෙ නැත.

තිතට මත ව්‍යාපාරයට සම්බන්ධ වී එක පිට එක තැබෑරුම් අරින දේශප්‍රේමී ආණ්ඩුවේ හා අධිරාජ්‍ය ගැති විපක්ෂයේ ඉන්න නරි ගැන කතා නැත.

හරක් මරණ එකට විරුද්ධව නුවර ඉඳන් කොළඹට පා ගමන් තියන්න උනන්දු වෙන අය ( ඔය ඔව්වට මූලිකත්වය ගන්න හාන්දුරු ගොල්ලද මේකට අයිතියි ) රටේ ලොකු ලොකු තැන්වල අනුහසින් ආනයන ය කරන කුඩු වලට විරුද්ධව පඩයක් වත් අරින්නේ නැත.

කන්ටේනර් පිටින් එතනෝල් ගෙනාපු  එවුන් ගේ නම් ප්‍රසිද්ධ වී තිබුනත් උන්ට විරුද්ධව එකෙක් උද්ගොෂනය ක් කලේ නැත . පෙළපාලියක් ගියේ නැත. 

මුස්ලිම් රෙදි කඩවල් වල තියෙන නා නා ප්‍රකාර යට ඇඳුම් වල තියනවයි කියන එක එක කෙමිකල් ජාති හින්ද රටේ සිංහල කාන්තාවන්, පිරිමින් වඳ බවට පත්වෙනවා කියල මඩ පෝස්ටර් වලින් බුකිය වහන එවුන්ට කුඩු ගැහුවම ත් මිනිස්සු වඳ වෙන බව පේන්නේ නැත. 
දැනෙන්නේ නැත.


ඒ හින්ද ඒ වගේ දේවල් වලට විරුද්ධව පෝස්ටරයක් , කැලෑ පත්තර තියා මොන අමුඩයක් වත් බුකියේ නැත.

ඒ හින්ද කුඩු ගෙන එවුන්ට විරුද්ධව රට ඇතුලේ නිදි මතයක් මිස වෙන කිසිම මතයක් නැත.

ගව ඝාතනයට විරුද්දව දළදා මාලිගාව ඉස්සරහ හාමුදුරු නමක් ගිනි තියාගෙන මළේය. 

එත් දීමුත්තා සහ අමතක සිල්වා ගෙන කුඩු වලට විරුද්ධව රට ජාතිය වෙනුවෙන් පාරම් බාන කවුරුත් ගිනි තියා ගන්න මේ වෙනකන් ගියේ නැත.

මීගමුවේ බුදු පිලිමෙටයි, ජේසු පිලිමෙටයි ගහ මරා ගන්න ගිය එවුන් එකෙක් වත් ලොකු තාත්තා මීගමුවටම ඇවිත් කුඩ්ඩ ඉඹ ගන්නකොට කටක් ඇරියේ නැත.

ෆේමස් බඩු පොට් එකකින් පොලොසියට සංස්කෘතික ඇමති කෙනෙක් අහුවෙනකොට ඌට විරුද්ධව ක්‍රියාත්මක කරන්න නීති හොයාගන්න තිබුනේ නැත.

ඌට විරුද්ධව උද්ඝෝෂණයක් කරන්න බල්ලෙක් තියා බල්ලාගේ ඇඟේ හිටපු මැක්කෙක් වත් නැත.

විභීෂණ ය මේ කියාගෙන ගියේ පහුගිය කාලේ මේ රට ඇතුලේ වෙච්ච දහදුරා වැඩ කීපයක් පමණය.

මේ වගේ වැඩ කිලෝ ගානින් වුනත් දෙන්න පුළුවන් තරමට මේ වෙනකොට වාර්තා වී ඇත.

ඉතින් මේ වගේ එවුන් ඉන්නකම් මේ වගේ දුරාචාර රටේ පවතිනවානම් මුස්ලිම් එවුන්ව පැන්නුව කියල හරි , සිංහල ජනගහනය සීයට සීයක් වුනා කියල හරි ශ්‍රේෂ්ඨ  ශ්‍රී ලංකාවක් බිහිවෙන්න නැත.

විභීෂණ නම් කියන්නේ කුඩු , එතනෝල් වගේ දේවල් හොයන්න, ගණිකා  මඩම් ගැන කතා කරන්න  බොදු බල සේනා, රාවනා බලය වගේ   සංවිධාන පටන් ගන්නවානම් මුස්ලිම් ප්‍රශ්නේ ගැන කතා කරන්න වෙලාවක් නැතිවෙන බවය.


ඇත්තටම මෙව්වා එක්ක බලන කොට මුස්ලිම් ප්‍රශ්නේ ත් ප්‍රශ්නයක්ද කියල වෙලාවකට හිතෙන්නේය.

කොටින්ම ජාතියේ වැනසීම කියන කාරණයට මුස්ලිම් අන්තවාදයේ සම්මදමට වඩා මේ කුඩු එතනෝල් ගණිකා දුරාචාරවල සම්මාදම ඉතාමත්ම වැඩිය.

හම්බ පංගුවට වඩා ඇත්ත පංගුව අති විශාලය.

ඒ හින්දා තව තව පිරිස් හොයාගෙන තව තව සංවිධාන හදන්න සිද්ධ වෙන්නේය.


එව්වා මහා බරපතල කේස් ය. 

එත් රට වෙනුවෙන් කරනවානම් අනිවාර්යෙයන් කල යුතු වැඩ ය.

එව්වා කරන්නේ නැතිව ඇග පත පණ තියෙන, කොන්ද කෙලින් තියන් වැඩ කරන්න පුළුවන් ,ලෝකෙට අතපාන්නේ නැති ජාතියක් බිහි කරන්න සක්කරයා තියා මොන දෙය්යන් වහන්සේටවත් බැරිය.



ඉතින් රටට අබ මිස වෙන මොන සරණද?

අදට නැවතුම..

ආයු බෝ..ජය වේ..!!!


34 comments:

  1. මට නං කුඩු එපා වෙලා තියෙන්නේ.. කොහේද කිලෝ බර ගණනං වලින් නේ අහු නේනේ..

    ReplyDelete
    Replies
    1. දෙශෝ ...කිලෝ ගණන් වලින් එන එකේ අපිත් හදමුද බන් කුඩු රොටි...ජාතික ආදායමට අපිටත් ලොකු ශක්තියක් වෙන්න පුළුවන් වෙයි....

      Delete
    2. එතකොට මාකට් කරන්නේ කුඩු පොල් රොටි කියලද පොල් කුඩු රොටි කියල ද

      Delete
    3. කුඩු මිශ්‍ර පොල් රොටි...

      හැබැයි බිස්නස් එක පටං ගත්තොත් ජැකී ගේ 200 ආප්පේ කැලේ...

      Delete
  2. බොරු බලු සේනාවට ඇත්තටම සිංහල ජාතිය ගැන කැක්කුමක් තියෙනවනම් මුලින්ම අනුන්ගෙ ඇස්වල තියෙන පොල් කෙඳි ගලවනවට කලින් තමුන්ගෙ ඇස් වල තියෙන පොල් පරාල ටික අයින්කරනවා. ඔබ කියන්න වගේ සිංහල ජාතිය වැනසෙන්නෙ තමන් අතින්මයි. කාටවත් කාවවත් වනසන්න බෑ. රටේ ඉහලම පුටු වල ඉඳල ප්‍රාදේශීය මන්ත්‍රී වරුන්ට එනකල් ඉන්න ගොන් රැලගෙ තමයි රටේ බාර් වලින් සියේට අනූවක්ම. උන් සිංහල. රටට කුඩු ගේන්නෙ ලොකුම දේශපාලන අතු. උන් සිංහල. රටට එතනෝල් ගේන්නෙත් උන්. රටේ ගණිකා ව්‍යාපාර පවත්වගෙන යන්නෙත් උන්. උනුත් සිංහල. රටේ ලොකුම හොරු ටික ඉන්නෙත් පාර්ලිමේන්තුවේ උනුත් සිංහල. ප්‍රසිද්ධියේ මිනී මරන්නෙත් උන්. ඒ වගේම ලෝකෙ ලොකුම බොරු ටික හිරිකිත නැතිව දෙසාබන්නෙත් මුන්. ඒත් සිංහල. සූදු කෙලින්නෙත් මුන්. කැසිනෝ ගහන්නෙත් මුන්. මුනුත් සිංහල. එතකොට සමරිය මෙහෙමයි.
    පාණාතිපාතා-මිනී මැරුම්,
    අදින්නාදානා-හොරකම් දූෂණ,
    කාමේසුමිච්චාරා-ස්ත්‍රී දූෂණ, ගණිකා නිවාස,
    මුසාවාදා- ගල් පැලෙන බොරු කාරයෝ,
    සුරාමේරය - සුරාව, කුඩු, කැසිනෝ.

    තව ඕකට නච්ච ගීත වාදිත විසූකත් එකතුවෙනවා. එතකොට ඇත්තටම බොරු බලු සේනාව කරන්නෝනි මේ ටිකට විරෝධය පාල ඉස්සෙල්ල තමන්ගෙ පැත්ත හදාගන්නෙකනෙ. ඊළඟට බැරිය උපත් පාලනේට විරුද්ධවෙන්න.

    මුං සේරම කරන්නෙ අමූලික බොරු. පට්ටපල් වංචා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත මචන්...මුන් ඔක්කොම එකතු වෙලා ඇත්ත ප්‍රශ්න අපෙන් හංගනවා..අපේ ගොන් හැත්ත අනේ සාධු කියාගෙන මේ කහකඩයෝ පස්සේ ගාටනවා..

      Delete
  3. ධර්මාධිකරණයට කැදවීමි ස්වාමීනි මෑ...

    මැගේ නම ලංකාය...
    ඉන්දියන් සාගරේ වසන්නී...
    මුසාවෙන් මුළාවී සිටින්නී...
    විමුක්තිය නාමයෙන් හඬන්නී...

    උපත ලැබ බොහෝ කල් සොම්නසින් විසුවාය මෑ...
    මල්වරව නාඹරව බබළමින් සිටියාය මෑ...
    සල්ලාල පාෂයෙන් බොහෝ වර මිදුණාය මෑ...
    සිත දුබල වූ දිනෙක වියවුලෙහි වැටුණෑය මෑ...

    කුමරි බඹසර පුදා නෙක ගැහැට වින්දාය මෑ...
    සලෙළුනට රැවටෙමින් සිය රුසිරු පිදුවාය මෑ...
    ඉසුරු සඳ හා ඔවුන් උගසට ද තැබුවාය මෑ...
    අසරණව අද මෙසේ මහමඟට වැටුණාය මෑ...

    ගායනය - නන්දා මාලනී
    පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න.
    සංගීතය - ඔස්ටින් මුණසිංහ.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඇත්ත...

      බොහොම ඉස්තුතියි සින්දුවා..

      Delete
    2. සිංදුවාට පිස්සු. අපේ රට මෙන්න මෙහෙම එකක්,

      දන්සල් දොරෙහි නැත යදියෝ…
      සල්පිල්වලය පුරවැසියෝ...
      පන්සිල් රකිති මැරවරයෝ…
      මේ කේතුමතී නුවරයි…


      නොමැත ඇසක කඳුලක් නොවැටුනොත් රොඩු කැබැල්ලක්
      දකිණු නොහැක ලේ බිඳුවක් නොමලොත් මකුණෙක් මදුරුවෙක්
      මළ බැඳුණු ගිණි දණ්ඩේ දැල් බඳිත් මකුළු සේනා
      වෙඩි හඬ අසනු රිසි දනෝ පුපුරවති අහෝ රතිඤ්ඤා

      මැරුණත් මේ පුරේ - මේ මනරම් සමේ
      උපදින්න මතු වාසනා


      දස රද දම් හි නිති පැවතී නරපති ඇමති වඩන රුතී
      සත වෙත පතල මෙත සදතී මේ කේතුමතී නුවරයි
      මේ කේතුමතී නුවරයි

      රැකෙයි අකුරට නීතිය
      දෙයක් දේ නම් යම් සුදුස්සාටම අයිතී වී ඇත
      නැත අක්‍රමිකතා වැඩේ සුහදතා සුන්දරතා සුවතා
      අහෝ සැපයි සැපයි මෙපුර විසුම නම්
      මැරුණත් මේ පුරේ - මේ මනරම් සමේ
      උපදින්න මතු වාසනා


      කියමින් නිබඳ ගී මියුරූ දකිමින් අවට රූ සොඳුරූ
      සතුටින් රඟති මේ නුවරූ මේ කේතුමතී නුවරයි
      මේ කේතුමතී නුවරයි

      නැත මුදලේ වටිනාකම් බුහුමන් කරයි ශිල්ප ශාස්ත්‍රයටම
      නැත පවුල්වාද, පිල් බේද, කුලවාද, දෑ වාද
      නැත බදුබර, පවුල් බර ජීවන බර
      මැරුණත් මේ පුරේ - මේ මනරම් සමේ
      උපදින්න මතු වාසනා


      දන්සල් දොරෙහි නැත යදියෝ
      සල්පිල්වලය පුරවැසියෝ
      පන්සිල් රකිති මැරවරයෝ
      මේ කේතුමතී නුවරයි


      පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න.
      ගායනය : නන්දා මාලිනී
      සංගීතය - සරත් දසනායක.

      Delete
    3. මම හිතන්නේ මේ වෙන රටක් වෙන්න ඇති .....

      ඔලුව තදින් නරක් වෙච්ච - මිනිසුන් පිරිසක් රැදිච්ච
      අරුම පුදුම රටක් තියෙනවා ඕයි
      අඹගෙඩියක හැඩය ගත්ත මහ මුහුදින් වට කෙරිච්ච
      ඒකට මරු නමක් කියනවා ඕයි
      ඒ රටේ මිනිස්සු තනිකර කෙළින්නෙ පිස්සූ..///
      එකෙක් නගින කොට ඉහළට ඇහේ කටු ඇනෙයි අනෙකට
      අඩිය ‍බිමට හෙළයි පහළට ඕයි
      නිස්සො සුදුස්සෝ යටකොට පුස්සෝ වැඩ දෙනව යමරෙට
      සෙතක් වෙයිද එහෙම රටකට ඕයි
      බඩට නැතිවුනත් ලුණු කැඳ - ඉඇඟට ඕනෙමයි විල්ලුද
      ඒකයි ඉහළම සංතෝසේ ඕයි
      නැතිබැරි අඟ හිඟකම් මැද - බියසැක මැද දුක් විඳ විඳ
      පෙන්නයි ලෝකෙට පරකාසේ ඕයි
      ඒ රටේ මිනිස්සූ තනිකර කෙළින්නේ පිස්සූ...///

      Delete
    4. අපෝ මේකනම් වෙන රටක සීන් එකක් තමයි...

      වචන ටික දකින කොට හිතන්න බැරිද සින්දුවෝ..මේ වෙන මොකක්ද ගුබ්බයමක් කියල...

      Delete
    5. අද්‍යතන ලංකා මාතාවගේ කතා පුවත ....

      අවුරුදු දෙදහස් පන්සීයක් දැන්
      වයසයි මට මගෙ දූ පුතුනේ....
      ලේ කිරි දුන් උන් ලේත් උරා බී
      ලේ කළඳක්වත් නෑ දෙතනේ.....

      දරුවොත් වැදුවා.. දරුවොත් හැදුවා..
      උන් වැඩි හරියක් සොර දෙටුවන්
      දරුවන් වුව උන් පරයන් මැරයන්
      මගෙ දේ කා මට වින කැටුවෝ...

      උනුන් කොටවලා උගුල් අටවලා..
      රජවෙති මගෙ උන් හැමදාමත්
      මගෙ රජ දරුවන් මගෙ ජන දරුවන්
      ගැන බැලුවේ නෑ කවදාවත්

      තමන් හැදෙනු මිස නන්ගිලා මල්ලිලා
      හදන්න ඕනෑ කමක් නැතී.
      ගේ දොර කණ කර උගසට තියලා
      වළඳත් විකුනාගෙන බුදිතී.......

      අවුරුදු දෙදහස් පන්සීයක් දැන්
      වයසයි මට මගෙ දූ පුතුනේ.......

      උතුරේ දරුවන් මියැදී ඉවරයි..
      දකුනේ දරුවොත් මිය ඇදෙතී..
      මගේම මහ උන් මගෙ නම විකුනා
      කොටවා මගෙ දරුවන් මරතී...

      අවුරුදු පන්දහසක් තව ඉන්නට....
      පරමායුෂ මට ඇති බැවිනි....
      මගේ පොඩි පැටවුනි...
      තෙපිවත් මේ සොර..
      මුලුවෙන් මා..
      ගලවනු...
      මැනවි.......

      Delete
    6. ඔහොම ඉල්ලුවට ඒ ඉල්ලීමට ඇහුම්කන් දෙන්න කවුරුත් ඉන්නවද කියල තමයි සැක.

      Delete
  4. අඩෝ, කුඩු, එතනෝල් ඔනෑ එකකට බැනපන්, බඩු පොට් වලට බනින්නෙ නැතුව.... හරිය??


    ගනිකාවට අත නොතබනු... අත තිබ්බොත් පොරොන්දු වූ මුදල ගෙවනු!

    ReplyDelete
    Replies
    1. >>
      ගනිකාවට අත නොතබනු... අත තිබ්බොත් පොරොන්දු වූ මුදල ගෙවනු! <<.... Yes .... එකෙන්ම මචෝ.....

      Delete
    2. ආ උඹ කියනකම්ම තමයි හිටියේ...

      උඹෙන් අවසර ගන්න ඕනේ ඇති මයේ හිතේ ගණිකාවට ඇත තියන්න...

      අනේ පලයන් සරසෝ යන්න...

      කෙන්ජියටත් අදාලයි හරි...

      Delete
  5. අපේ ගනින්නාන්සේලව දාල......ඔය කුඩු කේස් අමතක කොරවන්න ....සාරට කුඩු පොවල & සල්ලි දීල එවන්නෙ ලොක්කගෙ මල්ලිනෙ ...
    ගෝටා බාප්පිගේ සුදු පුතාට එරෙහිව මොකාද ලියන්නෙ .......
    කවද හරි ...... අපේ නලිය ....ජීවිතෙ සැදා සුවය විදිමින් ඉන්න වෙලාවක ලිව්වොත් මිසක්ක.... 2030 විතර.....හාන්සි පුටුවක ඉදගෙන ... හෙක්...හෙක්....

    ReplyDelete
    Replies
    1. //සාරට කුඩු පොවල & සල්ලි දීල එවන්නෙ ලොක්කගෙ මල්ලිනෙ//

      හරියට දේවදත්ත ය නාලාගිරිට රා පෙව්වා වගේ...

      Delete
  6. මුස්ලිම් ජිහාඩය සම්බන්ධ උඹේ මතය මගේ මතයට සමානය.ජිහාඩය රන් කරන්නේ සුලුතර මුස්ලිමුන් පිරිසකි නමුත් එම සුළුතරයත් අයිලන්ඩ් වයිඩ් පැතිර පවතී.අනෙක් අතට කොපමන කුඩු ලංකාවට ආවත් කුඩ්ඩන් ප්‍රමාණය එදාට සාපේක්ශව අඩු බවක් හැගේ.එය මගේ අවුලක් දැයි නොදනිමි.යටගිය දවස පඳුරකට පයින් ගැසූ විටද කුඩ්ඩන් 10ක් 15ක් විසිවේ.මගේ මතයනම් කුඩ්ඩන්ද පොශ් වී ඇති බවයි.එනම් කුඩු බහුල වී ඇත්තේ සමාජශාලා හා බීච් පාටි සංස්කෘතිය තුල බවයි.රුපියල් 100 කට කිට්ටු වී ඇති හාල් කිලෝවද අමාරුවෙන් ගන්නා අපි වැනි මධ්‍යම පාන්තිකයන්ට.කුඩු තියා පරිප්පු සමග බත් කන්නේ ද අමාරුවෙනි.ඒ නිසා සමාජශාලා වල ගැවසෙන ඇමති පුතුන් කුඩු නැත්තම් බඩු ගැහුවාටද මට කම් නැත.නමුත් මවපියාගෙන් යැපී ඊනියා පොශ්කරණය පසුපස දිවයන අපේ අහින්සකයින්ට කුඩු පෙවීමට කත් අදීනම් උන් එකෙක් 2ක් මරා මහරජාගේ සුදු වෑන් එකේ ගියද කම්නැත.

    ප.ලි
    තොපේ මෙවැනි ලිපි නිසා කෝප වන ලේ දාතුව කූල් කිරිමට ඇති අපහසුතාව නිසා එම පාරිශුද්ධ කේන්තියපිටම කෙටූ කොමෙන්ටුවකි.(මුදල් ගෙවා ප්‍රචාරයකල දැන්වීමක්නොවේ )

    ReplyDelete
  7. මල්ලියෝ ඇත්තම ඇත්ත...

    ඉස්සර අපි දැකපු කොනේ වවාගත්තු, නාන්න අමතක වෙච්ච, හඩු ගඳ සපිරි පිස්සෝ වගේ කුඩ්ඩො දැන් නැත. ඒ වෙනුවට ඉන්නේ ටයි කෝට් දාගත්තු, ඩෙනිම් දාපු, සඟ දාපු ෆුල් පොෂ් කුඩ්ඩො ය. උන්ව දැක්කොත් එකපාරටම මේ කුඩ්ඩෙක් කියල අඳුරගන්න බැහැ.

    ඇමති පුත්ටුනම් ඕන බඩුවක් ගහ ගත්තු දෙන්. එත් එව්වටත් අපේ රටේ සල්ලි , අපේ සල්ලි නාස්ති කරන එක තමයි ඉවසන්න බැරි කාරණේ...

    ReplyDelete
    Replies
    1. මේ ලංකාව හදන්න බෑ දෙයියො.අම්මපා පොඩි කාලෙ ඉදන් හිතන් හිටියෙ මේකෙම ජීවත් වෙලා.මේකෙම මැරිල යනවා කියලා දැන් නම් අන්තිම කැමති පත්තරෙත් ලියලා තියන්න හිතෙනවා මැරිච්ච දවසක අන්තර්ජාතික මුහුදට ගිහින් අතෑරපියවු කියලා.ජනාදිපති ඇමති පුත්තු සහ ගෝල බාලයන්ට නීති නැත දඩ කොල නැත.කැහැටු බල්ලන්ද කකුල් උස්සා සුලුදිය පහකොර යන්නේ අපේ ඇඟටය.

      Delete
    2. අනිච්චේ දුක්ඛේ ..

      ජීවත් වෙනවා කොහොම වෙතත් මේකෙම මැරිලා යන්න නම් අපි හැමෝටම වාසනාව තියෙයි මල්ලියෝ...

      Delete
  8. එකෙන්ම එකගය.සින්හල ජාතිය රැකෙන්නෙ මුස්ලිම් අඩුකිරිමෙන් නෙමෙයි.සින්හලුන් තවතව බිහිකිරිමෙන්.බුද්දධර්මය රැකෙන්නෙ වෙනත් ආගම් නැතිකිරිමෙන් නොව එම ධර්මයෙ හැසිරෙන මිනිසුන් වැඩිවිමෙන්.දැන් හදන්නෙ මෙ සෙනා එකතුවෙලා තව තවත් සින්හල බවුද්දයා අමරුවෙ දැමිමක්.
    කුඩුගැන නම් මට හිතෙන්නෙ අපි මෙ දවස්වල වැඩිපුර කතාකරන්නෙ කුඩ්ඩො වැඩිවෙලා නිසා නෙමෙයි කුඩු පොලිසියෙන් වැඩිපුර අල්ලන නිසාඅ.එක හොද දෙයක් හැටියටයි මටනම් පෙන්නෙ.හැබයි මට එක සැකයක් තෙයෙන්නෙ මෙ ඔක්කොම අල්ලල එකෙක්ට විතරක් ඔය බිස්නස් කරන්න ඉතුරුකරයිද දන්නෙ නැ.අර මට මතක නැ බබත් අදික්සනෙ කොරන වනෙ අපෙ ආරක්සක මෙවුව එක.

    ReplyDelete
    Replies
    1. සමහරවිට කියන්න බැහැ..මේ යන විදියට ලොකු තාත්තා ඒ බිස්නස් එක නිල වශයෙන්ම තමන්ට සහ පවුලට පවර ගනියිද දන්නේ නැහැ...

      Delete
  9. රජයක වගකීම අද තිබෙන ගැටලුවලට විසඳුම් දීම පමණක් නෙමෙයි. හෙට අඇතිවිය හැකි යම ්යම් දුර තිබෙන විපත්වලට සැලසුම් සකස් කර ඒවා සමනය කිරීමද රජයකට බාරයි. නමුත් අවාසනාවට ලංකාවෙදි එමෙ වෙන් නැහැ.

    ReplyDelete
    Replies
    1. ලංකාවේදී ඉතින් අද තියෙන ගැටලුවලටවත් විසඳුම් නැහැනේ...

      ඔන්න ඕකයි ආශ්චර්යේ...

      Delete
  10. මුස්ලිම් සංවිධාන වගේ නෙවි කුඩු කතාව...... කිඩු කතාව වහන පලිහ තමයි මුස්ලිම් කතාව.......... මුස්ලිම් කතාව වතුර බේසමක් නම් කිදු කතාව මහා මුහුදක් ....... ඔය මතුපිටට පෙන දේ විතරයි ඕක ඇතුලේ කොච්චර ගබුරුද කියලා දන්නේ ඕකට වැටිලා අපහු කවදාවත් උඩට එන්න බැරි උන එවුන් විතරයි ....... ඔහෙන් ඒ මුහුදට වැටිලා මෙහෙන් ගොඩ ගහපු කීප දෙනක් එක්ක කතා කෙරපු දවසේ ඉදන් සතියක් විතර යනකන් මට කතා කර ගන්න බැරුව හිට්යා බොලන්

    ReplyDelete
    Replies
    1. අන්න නියම උපමා උපමේය ගැලපුම..

      Delete
  11. අපේ රටේ මිනිස්සුන්ව දැන් මුලා කරලා මදිවට කුඩු පොවලා හරි කමක් නෑ හීන ලෝකෙට දාලා තියන්නයි දැන් මේ උත්සාහය.. කිලෝ ගනන් බඩු අහුවෙනවා කියන්නේ ලේසි පහසු දෙයක් නෙමෙයි..

    ReplyDelete
    Replies
    1. රාජකීය මොළ සේදීමක් තමයි වෙලා තියෙන්නේ...

      Delete
  12. හැම ප්‍රශ්නෙම දාල අන්තිමට කෙල වෙන්නෙත් අපිටමයි.. ඔයිට සමාන කතාවක් මමත් කිව්ව..
    http://mysihinasiththam.blogspot.com/2014/08/nationality.html

    ReplyDelete
    Replies
    1. හ්ම්..ඇත්ත...එත් ඇත්ත ප්‍රශ්න යටගහල වැඩකට නැති ප්‍රශ්න එලියට ගත්තම වෙන්නේ රෑ වැටුණු වලේ දවල් ගිහින් පැන්න වගේ වැඩක් තමයි.

      Delete
  13. බොසා මං පරක්කුයි නේ … හෙට ඉඳං වෙලාවට එනවා ඈ … තරහ අවසර

    ReplyDelete
    Replies
    1. හරි හරි පත්තරේ....

      වෙලාවට වරෙන්...

      Delete

කමෙන්ට් කලාපය....