2019-07-13

මරණ දඬුවම ට ඉක්මනින් ම අවශ්‍යයි


සිරිසේන ලොක්කා මරණ දඬුවම ආපහු ගේනවා කියපුවාම හැම තැනම බෝවෙලා ඉන්න මානව හිමිකම් පෙට්ටි කඩ කාරයින්ගෙයි, එන්ජීඕ කූඩැල්ලන් ගෙයි අධෝමුක ඇතුලේ හදිසියේම ගෝන්ඉ ප්‍රී ත්තෑ ධාවන තරඟ පටන් අරන් ය.
දිනපතා මාධ්‍ය සාකච්චා සංදර්ශන පවත්වලා ශිෂ්ට සම්පන්න රටවල් වල මරණ දඬුවම නැතිය, එක වනචාරි යුගයට අයිති දඬුවම් ක්‍රමයක් ය. බෞද්ධ රටකට මරණ දඬුවම ගැලපෙන්නේ නැතිය,අරකය මේකය කිය කියා බෙරිහන් දෙන්න පටන් අරන් ය.

2019-06-16

The කණපිට සිංදුව

නෙල් මලන්න
නොන්සල් පයන්න
ගයම ජන්න
ගඩිය කොන්න

2019-06-07

විභීෂණ වෛද්‍ය සේවය 1- ජලභීතිකාව පරදමු


බල්ලෙක් පැටියා කාලේ ගෙදර ගෙනාපුවාම ගෙදර හැමෝගෙම ආදරය දිනාගන්නේය.
හැමෝම උගේ හුරතල් හිනාව, බිරීම, පිස්සු නැටීම වගේ සේරම හරි ආදරයෙන් විඳින්නෝය.
ඌ හැමෝගෙම සැලකිලි ලබන්නේය.

2019-06-05

කාදිනල් තුමා ගේ ජාතිවාදය හා මංගලගේ බණ මඩුව


2019/4/21 වෙනිදා මුස්‌ලිම අන්තවාදී කල්ලියක ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් අහිංසක කතෝලික මිනිස්සු 250 කට වැඩි ගානක් අවාසනාවන්ත විදියට මරණය වැළඳ ගන්න කොට ...

2019-04-17

2020 රට කාටද ? අනාවැකියක් ....


කාලාන්තරෙකට පස්සේ ලියන පලවෙනි පොස්ටුවෙන් විභීෂණ මේ සූදානම් වෙන්නේ ලැස්ති වෙන්නේ එක්තරා ආකාරයකට අනාවැකියක් කියන්නට ය.
එත් මේ  රටේ දේශපාලනේ ගැන නාඩියෙන් ඉන්න එවුන්ට නම් විශේෂයෙන්ම අපේ කාව්‍ය සිරෝමනි, දේශපාලන බ්ලොග් විචාරක මාතලන් වගේ ඩයල් වලට නම් මේක  මහා අමුතු , පුදුම සහගත ඇඟේ මයිල් කෙලින් වෙන ආරංචියක් නොව මේ  වෙනකොට ඉස්තීරෙන්ම  දන්නා , ඉර හඳටත් වඩා බුදු ෂුවර් අනාවැකියක් බව කියන්නට ම ඕනෑය.

2019-03-17

මේ ඇහුනා දෝ...

අඩේ..
කෝ කවුරුත් නැද්දෝ...
මං මේ විභීෂණ..
ඔව් ඔව් ...
අර කාලෙකට කලින් 
බ්ලොග් ලිය ලිය ඉඳලා 
අතුරුදහන් වුනේ....
මං මේ බුකියේ හිරවෙලා ඉඳලා 
ආපහු ආවේ බොලන් ..
උඹලා ව දැක බලා ගන්නය කියලා..
මේ 
උඹලා තාම බ්ලොග් ඇතුලේ ඉන්නවදෝ...
පොඩි සද්දයක්කත් 
දාපල්ලකෝ බන්...
මෙහෙම තනියම ඉන්න බැහැ බන්..
කෝ..


2018-09-23

තරු හතේ ප්‍රජාතන්ත්‍රවාදය හෙවත් අම්මගේ රෙද්ද


ප්‍රජාතන්ත්‍රවාදය කියන කාරණාව අරගෙන බැලුවොත්  රටක්ම මෛත්‍රීපාල සිරිසේන රනිල් වික්‍රමසිංහ  ගේ පෙරමුණට ඡන්දේ දුන්නේ වෙන මොකක්වත් හින්දා නොව ඊට කලින් තිබුනේ රාජපක්ෂලාත් එයාලගේ ලැට් වඩන නිලමේලාත් වටකරගෙන හැදිච්ච අන්ත තුප්පහි මජරවාදයක් නිසාය.
දෙදාස් දහතුන වගේ වෙනකොට ඔය මජරවාදේ ඉහවහා ගිය තත්වෙට වැටුනේ ය.
වෙන වචන වලින් කිව්වොත් ලොක්කා  හිටගෙන කරද්දී ගෝලයෝ දුව දුව කරන තැනට පත්වුණේය.

රටම එක ලොකු පාතාලයක් බවට පත්වුණේය.

ඕවා දැන් අවුරුදු තුනක් විතර පරණ , එක්ස්පයර් වෙච්ච සුරංගනා කතා ය.


2018-01-15

ශ්‍රී ලංකා, යූඇන්පී ,ජේවීපී ,ගූ ගඳ, පඩ ගඳ සහ පුංචි චන්දය

ලංකාවේ දේශපාලනේ හැමෝගෙම ඔලු ඇතුලේ මේ වෙනකොට  ප්‍රශ්නය වෙලා තියෙන්නේ මෙදා පාර ගමේ ආණ්ඩුව දෙන්න ඕනා කාටද කියන එකය.
කාලයක් තිස්සේ ශ්‍රී ලංකා එකට  හෝ  යූඇන්පී එකට ඡන්දේ දීපු  දෙගොල්ලොම මේ වෙනකොට අවංකවම ඒ  ප්‍රශ්නේ ට හරි උත්තරේ තෝරාගන්න බැරුව පඹ ගාලක පැටලිලා ය.

2018-01-03

අවසන් ගමන් ගියෙමි | End of the Journey

පහුගිය අවුරුද්ද පුරාවට  බුකිය ඇතුලේ කරක් ගහපු මේ විභීෂණ ට ආපහු පාරක් බ්ලොගට එන්න ලොකු උවමනාවක් තිබුනා වුනත් විවිධාකාර සීන්කෝන් නිසා ඒ කාරණාව දවසින් දවස කල් ගියේය.
අවුරුද්දේ අන්තිම පොස්ටුවෙදී පවා මේ කාරණාව කියලා දැම්මේ බ්ලෝග අමතක වෙලා නැහැ කියන එක පෙන්නන්නය.