Showing posts with label Deepest Sympathies. Show all posts
Showing posts with label Deepest Sympathies. Show all posts

2017-04-30

විචා...සුබ ගමන් එහෙනම්

ගත මහලු වුනත්

හිත තරුණ වුනු

බ්ලොග් කෙරුවාව හරියටම කරපු

වැඩේ වැඩේ විදියට කරන හැටි 

මහින්සි වෙලා වැඩක් කරන හැටි

අපිට පෙන්නපු, කියා දීපු 

අපි නොඅහපු, නොදැකපු , නොහොයපු 

ගොඩක් දේවල්

අහල දැකලා හොයලා

අපි වෙනුවෙන් ලියලා කරලා තියලා ගිය,

යුනිකෝඩ් ඇතුලේ 

අපේම සගයෙක් වෙච්චි,

අපේම ගුරෙක් වෙච්චි 

නාකි වුනත් අපේම කොල්ලෙක් වෙච්චි

විචෝ,

එහෙනම් සුබ ගමන්!!

ටික දොහකින් අපිත් එන්නම්

එතකන්.

එහෙ ගිහින් හොඳින් ඉඳහන්

හැමදේම අහල දැකලා හොයලා 

පුළුවන් නම් එහෙත් 

බ්ලොගක් ඇරපන්

කොමෙන්ට් කරන්න

අපිත් එනකම් 

පොඩ්ඩක් ඉවසපන්...

එහෙනම් 

අපි දැනට මෙහෙ නවතින්නම්...


-විභීෂණ -


2017-04-18

කුණු කන්දෙන් පුපුරා ගිය අපේ කම.

http://www.longbeachny.gov/vertical/Sites/%7BC3C1054A-3D3A-41B3-8896-814D00B86D2A%7D/uploads/bigstock-Beach-Volleyball-Silhouette-81799844_(1).jpg

මීතොටමුල්ල කුණු කන්ද මේ සතියේ බයිට් එක  වෙලා ය.
සතියේ බයිට් එක  කියලා කිව්වේ මේ ලබන ඉරිදා වෙන්නකොට අපිට මේ සියල්ලම අමතක වෙලා අලුත් බයිට් එකක් හපන්න ගන්නා නිසා ය.
ඉතින් මේ මීතොටමුල්ල බයිට් එකේ රහ යන්න කලින්, කට්ටිය හපලා ඉවර කරන්න කලින් විභීෂණ ත් මේ ලෑස්ති වෙන්නේ එකට ලුණු ගම්මිරිස් පොඩ්ඩක් එකතු කරන්න ය.
👦👦👦


2016-02-22

ජීවිතය කොයිතරම් දුකක් ද?

ජීවිතය කියන්නේ කොයිතරම් පුදුමාකාර දෙයක්ද?
එක ඇතුලේ මොනතරම් සතුටුදායක දේවල් වෙන්න පුලුවන්ද? මොනතරම් කටුක දේවල් සිද්ධ වෙන්න පුළුවන් ද?
මනුස්සයෙකුට කොයි තරම් දරුණු රෝගාබාධ හැදෙන්න පුළුවන් ද?
මනුස්සයෙක්ට තමුන්ගේ ජීවිතේ ගැන මොනතරම් දරුණු තීරණ ගන්න පුලුවන්ද?

2015-11-08

පෙරගමන්කරු නික්මුනේය.



 සුදු වෑන් ඇතුලේ ලියාපු මරණ  සහතික වලින්,
අනේකාකාර තර්ජන, ගර්ජන, බියවැද්දීම් වලින්
රටක් නිශ්ශබ්ද කර තිබුණු යුගයක ,

2015-09-13

උඹට වැරදුනා කෙල්ලේ...

කෙල්ලේ

උඹට මතකද

ආයෙත්
මේ ලෝකෙට එන්න හිතාගෙන
මිනිස්සු එක්ක ජීවත් වෙන්න හිතාගෙන
දහසක් දස දහසක් පෙරුම් පුරපු හැටි