සුදු වෑන් ඇතුලේ ලියාපු මරණ සහතික වලින්,
අනේකාකාර තර්ජන, ගර්ජන, බියවැද්දීම් වලින්
රටක් නිශ්ශබ්ද කර තිබුණු යුගයක ,
සහෝදර රෙජිමේ ඒකාධිපති වියරුවට විරුද්ධව මුලින්ම බය නැතිව හඬ අවදී කල,
දේශපාලුව , අවනීතිය නීතිගත වෙලා තිබ්බ යුගයක,
යහපාලනය කියන වචනය රටේ දේශපාලන ශබ්ද කෝෂය ට අලුතෙන් ඇතුල් කල,
වචන හරඹ වලින් රට හෙම්බත් වෙලා වල්මත් වෙලා තිබ්බ යුගයක,
යහපාලනය නිකම්ම වචනයක් නොව රටේම බලාපොරොත්තුවක් බවට පත් කල ,
ප්‍රජාතන්ත්‍රවාදයේ වෙස් අරගෙන ෆැසිස්ට්වාදය රට වෙලාගත් යුගයක,
තව එකෙක් එනතුරු බලා නොසිට
රට ට යහපාලනය, සාධාරණ සමාජය ලබා දීමට ස්වේච්චාවෙන් නායකත්වය දුන්න,
මඩ, අපහාස, චරිත ඝාතන හතර වටින්ම එද්දීත්
යහපාලනය , සාධාරණත්වය වෙනුවෙන්
රටේම මහජන සිවිල් බලය
මිනීමරු රෙජිමෙකට විරුද්ධව පෙළගැස්වීමට
මරණ සහතිකය අතෙන් අරගෙනත්, නොබියව නායකත්වය දුන්න,
පිස්සු රජෙක් හිටි රටට
අලුත් නායකයෙක් පහළ කරවීමේ සටනේ පෙරමුණ ගත්ත,
වල්මත් වෙලා අතරමං වෙලා හිටි රට
අලුත්ගමනක ට පෙරමග සූදානම් කල,
විප්ලවය හීනයක් වෙලා තිබුණු යුගයක,
ලේ සෙලවීමකින් තොරව ,
නිහඬ විප්ලවයක් වෙනුවෙන් සමාජය සූදානම් කල,
එය ජයග්‍රහණය කිරීමට සමාජය ට ශක්තියක්, දිරියක් වුනු,
හදපු අලුත් නායකත්වය හරි පාරේ යවන්නත් ,
එහි වැරදි පවා විවේචනය කරන්න නිර්භීත වෙච්ච
තමන්ට නොව
රටට අවශ්‍ය මොහොතේ ,
රටේ අවශ්‍යතාවය වෙනුවෙන්
නොබියව ඉදිරිපත් වුනු,
මෑත කාලීන ඉතිහාසයේ
දේශයේ අසහාය පෙරගමන්කරු,
අප අතරින් නික්ම ගියේය...
හිමියනි,
ඉතින් ,
අපේ එකම පැතුම,
ඔබට නිවන් සුව...
යලි වදිනු මැන හිමියෙනු නුබ නැතිව අපි හරි අසරණයි
ReplyDeleteඑසේම වේවා..
Deleteනොනිමි ගමනක මග මුල ඉඳී
ReplyDeleteනවතින දින ගන ඔබ නොව දනී
මිදුනත් නිවසින් තව දුර පෙනී
ඔබ කල කර්මය ඔබමය දනී
ඔබ සිත ඔබ හැර මාපක දනී
කෙඳිවන් ඒදඞු ගමනක යෙදී
පසුකර ඒ මහ දුගතිය මිදී
අවසන් ප්‍රතිඵල යහමය ලැබී
වෙනුවෙන් ඒ දොර සටමය ඇරී
පිවිසෙනු සතුටින් දෙව්ලොව සිරී
අපිත් එහෙම ප්‍රාර්ථනා කරමු././.
Deleteනොසිතූලෙස කොටි සංවිධානය පරාජය වීවෙන් ලංකාව තුල නැගීගෙන ආ ජාතිකවාදය හා චීන ආධිපත්‍යය තහවුරු වීම වැලැක්වීමට ගත් පෙර උත්සාහයන් අසමත් වීම මුලික හේතුව ලංකාව තුල සංඝ සමාජයේ සහයෝයක් නොලැබීම බව හොදින් අවබෝධකරගත් ඉන්දියානු රෝ ඔත්තු සේවය මාදුළුව්වාවේ සෝබිත දිල්ලියට 6 වතාවක් ගෙන්වාගෙන පුහුණුකරන ලදී.
ReplyDelete-මීට හිටපු රෝ නියෝජිත
Deleteසෝභිත හිමියන් යහපාලන විජාතික කණ්ඩායම එක්ක එකට හිටියාය කියන එකනම් පිළිගන්නවා. ඒක උන්වහන්සේ කරපු හොඳ දෙයක් විදිහට පිළිගන්න බෑ. රෝ ඔත්තු සේවය සෝභිත හිමියන් 6 වතාවක් දිල්ලියට ගෙන්වා පුහුනු කළ බව හැබෑවක්ද? වෙච්ච දේවල්වල හැටියට බොරු කියල හිතන්නත් බෑ. කොහොම උනත් සෝභිත හිමියන් පෙර කළ අනෙකුත් ශාසනික ආගමික මෙහෙවර අමතක කරන්නත් බෑ. උන්වහන්සේ විජාතික ගැති එක්සත් ජාතික පක්ෂයට හිතවත් දේශපාලනයකට ගියේ අපි කාගෙත් අවාසනාවට.
Deleteපකිස්, මමත් ඔබට අනුව විජාතිකයෙක්, ඔබගේ ජාතිකයෙකු නොවීම ගැන මට සතුටුයි. දැන් අපගේ විජාතිය තමා මෙරටේ බහුතරය, ඔබ සුළු ජාතිකයෙක්, ඒ ගැන දුක් වන්න.
Delete@chamara Taranga
Deleteඋඹ රෝ ඔත්තු සේවේ සිරි ලංකා ඒජන්ට් ද? නැත්තන් වෙන මොකක්හරි රෙද්දක ඒජන්ට් ද?
@ ඇණයා Nut Man
Delete----------
මමත් විජාතිකයෙක්.
.......... ඉන්පසු ඔවුන් මහින්ද රාජපක්ෂ ගෙන්වා අවුරුදු දෙකකට කලින් ජනාධිපතිවරණය කැඳවීමට පුහුණු කරන ලදී.
Deleteසෝබිත සාදු සත්‍යාවබෝධය කළා මරණයට පෙර. එය වැදගත්.
ReplyDeleteජනවාරි 10 දින මැරුණා නම් අනවබෝධයෙන් යුතුවයි මැරෙන්නේ.
නිවන පතමි.
එසේමයි.
Deleteඅපිත් පතන්නේ උන්වහන්සේ ට නිවන් දකින්න කියලා මිසක් ආපහු එන්න කියලා නෙමේ.
ආවොත් ආපහු මුල හිටං හදන්න onal
උන්වහන්සේට නිවන් සුව පතනවා........
ReplyDeleteඑසේම පතමු.
Deleteසෝභිත හිමියන් බලාපඔරොත්තු උන යහ පාලනේ ලැබුනද කියන එකනම් ප්‍රශ්නයක්. මාදුළුවාවේ සෝභිත හිමියන් කළ හොඳ දේ වගේම නරක දේශපාලනයකුත් තියෙනවා. ඒක හන්ගන්න බෑ. කොහොම උනත් සෝභිත හිමියන්ට නිවන් සුව ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.
ReplyDeleteඋන්වහන්සේ පැතු යහපලනක් නම කොහෙන්වත් ලැබුනේ නැත. වෙන මොකක්දෝ නම් ලැබෙනවා වගේ..
Deleteරට ණය නැති හිමියණි අපි ඔබට සැමදා ණයගැතියි
ReplyDeleteඑසේමයි...
Deleteමම හිතන්නෙ
ReplyDeleteදැන් දැන් යහපාලන ආන්ඩුවෙන් සිද්දවෙන වැඩ ගැන ටිකක් කලකිරීමෙනුයි ඉදල තියෙන්නේ
උන්න්නානේ විතරක් නොවයි...අපි හැමෝම..
Deleteඋන්වහන්සේට නිවන් පතමු
ReplyDeleteඔවු එසෙමයි..
Deleteඋන්වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා..
ReplyDeleteඑසේම පතමු
Deleteසුබ ගමන් හිමියනි...
ReplyDeleteඅපිට එච්චරයි බන් ඉතුරු වෙලා තිබුන්...
DeleteThis comment has been removed by the author.
ReplyDeleteසෝභිත හිමියන්ට නිවන් සුව පතමු.
ReplyDeleteකළ ගුණ දැක්වීමට විභි අයියටත් තුති
ඕකේ.
Deleteඉන්න නරක උන් එලවීමේ අභිලාෂයෙන් පමණක් වැඩකිරීම ලංකා දේශපාලනයේ බලාපොරොත්තු කඩ නොවී සිටීමේ මාර්ගයයි. ඉන් පසු එන එවුන් ගැන බලාපොරොත්තු තබාගෙන සිටීම හාට් ඇටෑක් සෑදීමට තුඩු දිය හැක.
ReplyDelete2010-2014දක්වා තිබූ රජ පාලනය වෙනස් කිරීමේ සතුට පමණක්වත් උන්වහන්සෙට ඉතුරුවෙන්න ඇති යයි හිතනවා.
ලංකාවේ කොයිතරම් දැඟලුවත් ලොකු හොඳක් කරන්න බෑ. පොඩි ප්‍රමාණාත්මක හොඳක් ( ඇත්තෙන්ම අඩු නරකක් ) තමයි ලැබෙන්නේ. ඒත් ඒ පොඩි දේ ලබාගන්න ඉහල ඉලක්කයකින් සටන් කරන්න ඕනෑ. ඉහල ඉලක්කය නොලැබුනා කියලා අර සටන් කිරීම සම්පූර්ණයෙන් නිශ්ඵල වෙන්නේ නෑ.
මේක සිරි ලන්කාව මේකෙ මිනිස්සුන්ට ගැලපෙන ගානකට තමයි හොඳ ලැබෙන්නේ. ඇත්ත යහපාලනයක් මේ රටේ බහුතරයකට ඕනෙත් නෑ, උන් ඒකට සුදුසුත් නෑ, ලැබෙන්නෙත් නෑ .
ඒත් යහපාලනය යහපාලනය මතුරමින් සටන් කිරීමෙන් රජ පාලනයක් වෙනස් වුනා.
චන්දෙන් පත්වුන ජනාදිපතියෙක් රජෙක් කියලා මාකට් කරල ජනතාව අන්දවන රිලා සෙට් එකක් නැතුව දැන් සරල බව මාකට් කරල ජනතාව අන්දවන එකත් ප්‍රමාණාත්මකව අඩු නරකක්.
(වෙලාව නැති නිසා වෙන පෝස්ට් එකකට මං දාපු කමෙන්ට් එකක් මෙතන පේස්ට්කලා. )
කියාපු සාම කාරනාවක් සමහ එකඟයි...
Deleteසෝභිත හාමුදුරුවෝ ගැන හොඳ ලිපියක්. මෙතැන් විප්ලවයකට වඩා චන්දයෙන් රජයක් පෙරලීම හා ජනාධිපතිවරයෙකු පරාජය කලා කිව්වොත්. නිහඬ විප්ලවයක් කිව්වේ ඒකද ?
ReplyDeleteචන්දයෙන් තමයි...එත් පෙරලුවේ රජයක් නෙමේ. සම්පූර්ණ ඒකාධිපති රජෙක් සහ සනුහරයක්. අන්න එකයි විප්ලවයක් වෙන්නේ, අපේ විප්ලවේ කොච්චර නිහඩ ද කියලා තේරුම් ගන්න පුළුවන් ඊජිප්තුවේ, ලිබියාවේ , තායිලන්තේ වගේ රටවල ආණ්ඩු පෙරලිච්ච හැටි මතක් කරලා බැලුවා නම්.
Deleteනලීන්ද සිල්වා මහත්තයාගේ ලිපියන තිබුන හැටියට සෝහිත තේරෝට තමන්ටම කියා දේශපාලන දැක්මක් තිබිලා නෑ එතුමා බොහෝවිට වෙනත් පිරිසකගේ ප්‍රකාශකයෙක් ලෙස තමයි හැසිරිලා තියෙන්නේ. ඒ කතාව ඇත්තක් වෙන්න පුලුවන් මොකද අන්තිම කාලෙ එයා විධායක ජනාධිපති ක්‍රමයට සහ මැතිවරණ ක්‍රමයට විරුද්ධ වුනේ ඉතා බොළඳ විදියට (විධායක ජනපති ක්‍රමය හොඳයි, ඒ වගේම බහු මන්ත්‍රී ක්‍රමයට වඩා මනාප ක්‍රමය හොඳයි). අවුරුදු ගානක් දේශපාලනය කලානම් ඒ වගේම මාක්ස්වාදියෙක් හෝ ක්‍රිස්තියානිකාරයෙක් නෙමෙයිනම් මෙතන වෙන්නේ නංගි පෙන්වා අක්කා දීම වගේ වැඩක්බව අවබෝධකරගන්න පුලුවන් විය යුතුයි.
ReplyDeleteකොහොමත් සෝහිත තේරෝ මෑත කාලයේදී හැසිරුනේ සිවුරක්ඇඳගෙන තට්ටෙ ගාපු ක්‍රිස්තියානි කාරයෙක් වගේ
හැබැයි මේ මරණයෙන් යම් පාඩුවකුත් වෙනවා. ඉදිරියේදී රනිල්ට විරුද්ධව ජනමතයක් ඇතිකරන්න මෙයාව යොදාගන්න තිබුනා.
නලින්ද සිල්වා කියන්නේ උගත් මෝඩයෙක්. ඒ නිසා එයාගේ වල්පල් ගැන මගේ අදහස් දක්වලා වැඩක් නැහැ.
Delete-------
අන්තිම වාක්‍යය සම්පූර්ණයෙන් ම ඇත්ත.
රනිල් විතරක් නෙමේ මෛත්‍රී ත් එයාලා ගේ ආණ්ඩුවත් කරන බලු වැඩ , ගොන් වැඩ වලට විරුද්ධව නැගී සිටින්න පුළුවන් හොඳම චරිතය තමයි සෝභිත. එක නැතිවෙච්ච එක අපිට පාඩුයි.
ආගම් බේදයකින් තොරව බොහෝ දෙනා උන් වහන්සේගෙ මෙහෙවර ඇගයීමයි බලන්න වටින්නෙ.
ReplyDeleteඅප අතරින් නික්ම ගියේ පශ්චාත්තාපයකින්
ReplyDelete