2015-11-08

පෙරගමන්කරු නික්මුනේය.



 සුදු වෑන් ඇතුලේ ලියාපු මරණ  සහතික වලින්,
අනේකාකාර තර්ජන, ගර්ජන, බියවැද්දීම් වලින්
රටක් නිශ්ශබ්ද කර තිබුණු යුගයක ,

සහෝදර රෙජිමේ ඒකාධිපති වියරුවට විරුද්ධව මුලින්ම බය නැතිව හඬ අවදී කල,

දේශපාලුව , අවනීතිය නීතිගත වෙලා තිබ්බ යුගයක,
යහපාලනය කියන වචනය  රටේ දේශපාලන ශබ්ද කෝෂය ට  අලුතෙන් ඇතුල් කල,

වචන හරඹ වලින් රට හෙම්බත් වෙලා වල්මත් වෙලා තිබ්බ යුගයක,
යහපාලනය නිකම්ම වචනයක් නොව රටේම බලාපොරොත්තුවක් බවට පත් කල ,

ප්‍රජාතන්ත්‍රවාදයේ වෙස් අරගෙන ෆැසිස්ට්වාදය රට වෙලාගත් යුගයක,
තව එකෙක් එනතුරු බලා නොසිට
රට ට යහපාලනය, සාධාරණ සමාජය ලබා දීමට ස්වේච්චාවෙන් නායකත්වය දුන්න,

මඩ, අපහාස, චරිත ඝාතන හතර වටින්ම එද්දීත්
යහපාලනය , සාධාරණත්වය වෙනුවෙන්
රටේම මහජන සිවිල් බලය
මිනීමරු රෙජිමෙකට විරුද්ධව පෙළගැස්වීමට
මරණ සහතිකය අතෙන් අරගෙනත්, නොබියව නායකත්වය දුන්න,

පිස්සු රජෙක් හිටි රටට
අලුත් නායකයෙක් පහළ කරවීමේ සටනේ පෙරමුණ ගත්ත,
වල්මත් වෙලා අතරමං වෙලා හිටි රට 
අලුත්ගමනක ට  පෙරමග සූදානම් කල,

විප්ලවය හීනයක් වෙලා තිබුණු යුගයක,
ලේ සෙලවීමකින් තොරව ,
නිහඬ විප්ලවයක් වෙනුවෙන් සමාජය සූදානම් කල,
එය ජයග්‍රහණය කිරීමට සමාජය ට ශක්තියක්, දිරියක්  වුනු,

විප්ලවයේ ජයග්‍රහණය , වටිනාකම රැකගන්නත්,
හදපු අලුත් නායකත්වය හරි පාරේ යවන්නත් ,
එහි වැරදි පවා  විවේචනය කරන්න නිර්භීත වෙච්ච 

තමන්ට නොව
රටට අවශ්‍ය මොහොතේ ,
රටේ අවශ්‍යතාවය වෙනුවෙන්
නොබියව ඉදිරිපත් වුනු,

මෑත කාලීන ඉතිහාසයේ
දේශයේ අසහාය පෙරගමන්කරු,

අප අතරින් නික්ම ගියේය...
















හිමියනි,
ඉතින් ,
අපේ එකම පැතුම,

ඔබට නිවන් සුව...


38 comments:

  1. යලි වදිනු මැන හිමියෙනු නුබ නැතිව අපි හරි අසරණයි

    ReplyDelete
  2. නොනිමි ගමනක මග මුල ඉඳී
    නවතින දින ගන ඔබ නොව දනී
    මිදුනත් නිවසින් තව දුර පෙනී
    ඔබ කල කර්මය ඔබමය​ දනී
    ඔබ සිත​ ඔබ හැර මාපක දනී
    කෙඳිවන් ඒදඞු ගමනක යෙදී
    පසුකර ඒ මහ දුගතිය මිදී
    අවසන් ප්‍රතිඵල යහමය ලැබී
    වෙනුවෙන් ඒ දොර සටමය ඇරී
    පිවිසෙනු සතුටින් දෙව්ලොව සිරී

    ReplyDelete
    Replies
    1. අපිත් එහෙම ප්‍රාර්ථනා කරමු././.

      Delete
  3. නොසිතූලෙස කොටි සංවිධානය පරාජය වීවෙන් ලංකාව තුල නැගීගෙන ආ ජාතිකවාදය හා චීන ආධිපත්‍යය තහවුරු වීම වැලැක්වීමට ගත් පෙර උත්සාහයන් අසමත් වීම මුලික හේතුව ලංකාව තුල සංඝ සමාජයේ සහයෝයක් නොලැබීම බව හොදින් අවබෝධකරගත් ඉන්දියානු රෝ ඔත්තු සේවය මාදුළුව්වාවේ සෝබිත දිල්ලියට 6 වතාවක් ගෙන්වාගෙන පුහුණුකරන ලදී.

    ReplyDelete
    Replies
    1. -මීට හිටපු රෝ නියෝජිත

      Delete
    2. සෝභිත හිමියන් යහපාලන විජාතික කණ්ඩායම එක්ක එකට හිටියාය කියන එකනම් පිළිගන්නවා. ඒක උන්වහන්සේ කරපු හොඳ දෙයක් විදිහට පිළිගන්න බෑ. රෝ ඔත්තු සේවය සෝභිත හිමියන් 6 වතාවක් දිල්ලියට ගෙන්වා පුහුනු කළ බව හැබෑවක්ද? වෙච්ච දේවල්වල හැටියට බොරු කියල හිතන්නත් බෑ. කොහොම උනත් සෝභිත හිමියන් පෙර කළ අනෙකුත් ශාසනික ආගමික මෙහෙවර අමතක කරන්නත් බෑ. උන්වහන්සේ විජාතික ගැති එක්සත් ජාතික පක්ෂයට හිතවත් දේශපාලනයකට ගියේ අපි කාගෙත් අවාසනාවට.

      Delete
    3. පකිස්, මමත් ඔබට අනුව විජාතිකයෙක්, ඔබගේ ජාතිකයෙකු නොවීම ගැන මට සතුටුයි. දැන් අපගේ විජාතිය තමා මෙරටේ බහුතරය, ඔබ සුළු ජාතිකයෙක්, ඒ ගැන දුක් වන්න.

      Delete
    4. @chamara Taranga

      උඹ රෝ ඔත්තු සේවේ සිරි ලංකා ඒජන්ට් ද? නැත්තන් වෙන මොකක්හරි රෙද්දක ඒජන්ට් ද?

      Delete
    5. @ ඇණයා Nut Man
      ----------
      මමත් විජාතිකයෙක්.

      Delete
    6. .......... ඉන්පසු ඔවුන් මහින්ද රාජපක්ෂ ගෙන්වා අවුරුදු දෙකකට කලින් ජනාධිපතිවරණය කැඳවීමට පුහුණු කරන ලදී.

      Delete
  4. සෝබිත සාදු සත්‍යාවබෝධය කළා මරණයට පෙර. එය වැදගත්.

    ජනවාරි 10 දින මැරුණා නම් අනවබෝධයෙන් යුතුවයි මැරෙන්නේ.

    නිවන පතමි.

    ReplyDelete
    Replies
    1. එසේමයි.

      අපිත් පතන්නේ උන්වහන්සේ ට නිවන් දකින්න කියලා මිසක් ආපහු එන්න කියලා නෙමේ.
      ආවොත් ආපහු මුල හිටං හදන්න onal

      Delete
  5. උන්වහන්සේට නිවන් සුව පතනවා........

    ReplyDelete
  6. සෝභිත හිමියන් බලාපඔරොත්තු උන යහ පාලනේ ලැබුනද කියන එකනම් ප්‍රශ්නයක්. මාදුළුවාවේ සෝභිත හිමියන් කළ හොඳ දේ වගේම නරක දේශපාලනයකුත් තියෙනවා. ඒක හන්ගන්න බෑ. කොහොම උනත් සෝභිත හිමියන්ට නිවන් සුව ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. උන්වහන්සේ පැතු යහපලනක් නම කොහෙන්වත් ලැබුනේ නැත. වෙන මොකක්දෝ නම් ලැබෙනවා වගේ..

      Delete
  7. රට ණය නැති හිමියණි අපි ඔබට සැමදා ණයගැතියි

    ReplyDelete
  8. මම හිතන්නෙ
    දැන් දැන් යහපාලන ආන්ඩුවෙන් සිද්දවෙන වැඩ ගැන ටිකක් කලකිරීමෙනුයි ඉදල තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. උන්න්නානේ විතරක් නොවයි...අපි හැමෝම..

      Delete
  9. උන්වහන්සේට නිවන් පතමු

    ReplyDelete
  10. උන්වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
  11. සුබ ගමන් හිමියනි...

    ReplyDelete
    Replies
    1. අපිට එච්චරයි බන් ඉතුරු වෙලා තිබුන්...

      Delete
  12. සෝභිත හිමියන්ට නිවන් සුව පතමු.
    කළ ගුණ දැක්වීමට විභි අයියටත් තුති

    ReplyDelete
  13. ඉන්න නරක උන් එලවීමේ අභිලාෂයෙන් පමණක් වැඩකිරීම ලංකා දේශපාලනයේ බලාපොරොත්තු කඩ නොවී සිටීමේ මාර්ගයයි. ඉන් පසු එන එවුන් ගැන බලාපොරොත්තු තබාගෙන සිටීම හාට් ඇටෑක් සෑදීමට තුඩු දිය හැක.

    2010-2014දක්වා තිබූ රජ පාලනය වෙනස් කිරීමේ සතුට පමණක්වත් උන්වහන්සෙට ඉතුරුවෙන්න ඇති යයි හිතනවා.

    ලංකාවේ කොයිතරම් දැඟලුවත් ලොකු හොඳක් කරන්න බෑ. පොඩි ප්‍රමාණාත්මක හොඳක් ( ඇත්තෙන්ම අඩු නරකක් ) තමයි ලැබෙන්නේ. ඒත් ඒ පොඩි දේ ලබාගන්න ඉහල ඉලක්කයකින් සටන් කරන්න ඕනෑ. ඉහල ඉලක්කය නොලැබුනා කියලා අර සටන් කිරීම සම්පූර්ණයෙන් නිශ්ඵල වෙන්නේ නෑ.

    මේක සිරි ලන්කාව මේකෙ මිනිස්සුන්ට ගැලපෙන ගානකට තමයි හොඳ ලැබෙන්නේ. ඇත්ත යහපාලනයක් මේ රටේ බහුතරයකට ඕනෙත් නෑ, උන් ඒකට සුදුසුත් නෑ, ලැබෙන්නෙත් නෑ .
    ඒත් යහපාලනය යහපාලනය මතුරමින් සටන් කිරීමෙන් රජ පාලනයක් වෙනස් වුනා.

    චන්දෙන් පත්වුන ජනාදිපතියෙක් රජෙක් කියලා මාකට් කරල ජනතාව අන්දවන රිලා සෙට් එකක් නැතුව දැන් සරල බව මාකට් කරල ජනතාව අන්දවන එකත් ප්‍රමාණාත්මකව අඩු නරකක්.

    (වෙලාව නැති නිසා වෙන පෝස්ට් එකකට මං දාපු කමෙන්ට් එකක් මෙතන පේස්ට්කලා. )

    ReplyDelete
    Replies
    1. කියාපු සාම කාරනාවක් සමහ එකඟයි...

      Delete
  14. සෝභිත හාමුදුරුවෝ ගැන හොඳ ලිපියක්. මෙතැන් විප්ලවයකට වඩා චන්දයෙන් රජයක් පෙරලීම හා ජනාධිපතිවරයෙකු පරාජය කලා කිව්වොත්. නිහඬ විප්ලවයක් කිව්වේ ඒකද ?

    ReplyDelete
    Replies
    1. චන්දයෙන් තමයි...එත් පෙරලුවේ රජයක් නෙමේ. සම්පූර්ණ ඒකාධිපති රජෙක් සහ සනුහරයක්. අන්න එකයි විප්ලවයක් වෙන්නේ, අපේ විප්ලවේ කොච්චර නිහඩ ද කියලා තේරුම් ගන්න පුළුවන් ඊජිප්තුවේ, ලිබියාවේ , තායිලන්තේ වගේ රටවල ආණ්ඩු පෙරලිච්ච හැටි මතක් කරලා බැලුවා නම්.

      Delete
  15. නලීන්ද සිල්වා මහත්තයාගේ ලිපියන තිබුන හැටියට සෝහිත තේරෝට තමන්ටම කියා දේශපාලන දැක්මක් තිබිලා නෑ එතුමා බොහෝවිට වෙනත් පිරිසකගේ ප්‍රකාශකයෙක් ලෙස තමයි හැසිරිලා තියෙන්නේ. ඒ කතාව ඇත්තක් වෙන්න පුලුවන් මොකද අන්තිම කාලෙ එයා විධායක ජනාධිපති ක්‍රමයට සහ මැතිවරණ ක්‍රමයට විරුද්ධ වුනේ ඉතා බොළඳ විදියට (විධායක ජනපති ක්‍රමය හොඳයි, ඒ වගේම බහු මන්ත්‍රී ක්‍රමයට වඩා මනාප ක්‍රමය හොඳයි). අවුරුදු ගානක් දේශපාලනය කලානම් ඒ වගේම මාක්ස්වාදියෙක් හෝ ක්‍රිස්තියානිකාරයෙක් නෙමෙයිනම් මෙතන වෙන්නේ නංගි පෙන්වා අක්කා දීම වගේ වැඩක්බව අවබෝධකරගන්න පුලුවන් විය යුතුයි.
    කොහොමත් සෝහිත තේරෝ මෑත කාලයේදී හැසිරුනේ සිවුරක්ඇඳගෙන තට්ටෙ ගාපු ක්‍රිස්තියානි කාරයෙක් වගේ
    හැබැයි මේ මරණයෙන් යම් පාඩුවකුත් වෙනවා. ඉදිරියේදී රනිල්ට විරුද්ධව ජනමතයක් ඇතිකරන්න මෙයාව යොදාගන්න තිබුනා.

    ReplyDelete
    Replies
    1. නලින්ද සිල්වා කියන්නේ උගත් මෝඩයෙක්. ඒ නිසා එයාගේ වල්පල් ගැන මගේ අදහස් දක්වලා වැඩක් නැහැ.

      -------
      අන්තිම වාක්‍යය සම්පූර්ණයෙන් ම ඇත්ත.
      රනිල් විතරක් නෙමේ මෛත්‍රී ත් එයාලා ගේ ආණ්ඩුවත් කරන බලු වැඩ , ගොන් වැඩ වලට විරුද්ධව නැගී සිටින්න පුළුවන් හොඳම චරිතය තමයි සෝභිත. එක නැතිවෙච්ච එක අපිට පාඩුයි.

      Delete
  16. ආගම් බේදයකින් තොරව බොහෝ දෙනා උන් වහන්සේගෙ මෙහෙවර ඇගයීමයි බලන්න වටින්නෙ.

    ReplyDelete
  17. අප අතරින් නික්ම ගියේ පශ්චාත්තාපයකින්

    ReplyDelete

කමෙන්ට් කලාපය....