කැම්පස් එකට කලිසම් ඇඳන් ආපු අලුත් හෙවත් නවක කෙල්ලෙකුට තව සීනියර් කෙල්ලෝ කීපදෙනෙකුයි කොල්ලෙකුයි දවස ගානක් කුණුහරුප කියලා නවකවදය දීමත් ඒ වසවර්ති සැට් එක පොලොසියට කුදලාගෙන යාමත් දැන් බුකියේ ඉතාමත් සීරියස් ලෙසටත් බ්ලොගේ ඊට ටිකක් විතර අඩුවෙනුත් නැගලා යන ටොපික් එක වී ඇත.
මෙතනදී සමහරු අන්තවාදී විදියට නවකවදය අනුමත කරන අතර අර කෙල්ලෝ සැට් එකයි කොල්ලාවයි පොලෝසි ගෙනයාමට දරුණු විදියට විරුද්ධය
තව කට්ටියක් අන්තවාදී විදියට නවකවදයට විරුද්ධ අතර අරුන්ව කුදලන් ආපු පොලොසියට මල් තියන ගමන් ඒ කොල්ලෝ කෙල්ලෝ සැට් එකටත් උන්ගේ දෙමවුපියන්ටත් හෙණ ඉල්ලන්නේය.
විභීෂණ මේ ලියන්නේ නවක වදයේ තියෙන හොඳ නරක ගැනවත් අර කෙල්ලට කියාපු කුණුහරුප ගැනවත් එහෙම කියපු එකේවත් එහෙම කියපු එවුන් පොලොසියට අල්ලන් යාමේ හරි වැරැද්ද වත් ගැන නොව නවකවදය ගැන ගොඩනැගිලා තියෙන සෝෂල් මීඩියා සංවාදය ඇතුලට රිංගගෙන ඉන්න "තමුන් කැම්පස් ගිය හෝ යන එවුන්ය" කියලා කියාගන්නා "තමුන් කැම්පස් පොරවල්" යයි ඔලුව උදුම්මාගෙන ඉන්න එක්තරා මෝඩ උගතුන් පිරිසකගේ බියගුළු තර්කයක් ගැන ය.
නවකවදය ගැන යන සංවාදය ඇතුළේදී මේ මෝඩ උගතුන් සැට් එක සම්පූර්ණ වශයෙන්ම පෙනී හිටින්නේ නවකවද පක්ෂපාතී පිල වෙනුවෙන් ය. ඒ ගැන විභීෂණ ට ප්‍රශ්නයක් ගැටළුවක් ප්‍රොබ්ලම් එකක් නැත.
එත් ප්රශ්නය තියෙන්නේ උන් ගෙන "අපි පොර" සංකල්පය ගැනය.
ඒ" පොර"වල් කියන්නේ නවක වදය ට විරුද්ධව කෑ ගහන්නේ වැස්සකටවත් කැම්පස් නොගිය එවුන්ය කියලා ය. ඒ වාක්‍යය ඇතුලේ උන් නොකියා හෝ කියා හෝ කියන්නේ නවකවද ගැන කතා කරන්න ඕන නම් කැම්පස් ගිහින් වරෙවු. එහෙම නැතුව ඒ ගැන කතා කරන්නන තොපට බැරිය වගේ කතාවක් ය.
මේ බංකොලොත් තර්කය ඇහෙනකොටම කැම්පස් ගිය හෝ නොගිය එත් සාමාන්‍ය බුද්ධිය තියෙන ඕනෑම මනුස්සයෙක්ට මුන් ගැන කේන්තියක් වෛරයක් නොව භූමිකම්පාවකටත් එහා ගිය අනුකම්පාවක් දැනෙන එක වලක්වන්න බැරිය.
ඒ වෙන මොකක් නිසාවත් නොව ඒ දරුවෝ රටේ සාමන්‍ය ජනතාවගේ බදු මුදලින් ඉගෙන ගත්තාට , විභාග පාස්වූනාට, එයාලගේ මොලය වැඩුනා ට, එයාලට ලොකු ලොකු GPA තිබුනාට , එයාලගේ බුද්ධිය හරියාකාරව වර්ධනය වී නොමැති නිසාය. කොටින්ම කිව්වොත් ලොකු ලොකු ජාතික විස්ස විජ්ජාල වල ඉගෙන ගත්තාට තමුන්ගේ මතයට විරුද්ධවනැගෙන වෙනත් මත ඉවසන්න, ඒ මත තාර්කිකව පරාජය කරන්න හැකියාවක් බුද්ධියක් මේ මෝඩ උගතුන්ට නැති නිසාය.
ඒ දේ කරන්න බැරිවීම ගැන මේ හැත්තට උගන්නාපු ආචාරය මහාචාර්ය සනුහරේම කනගාටු විය යුතුය.
උන් දන්නේ උන් කියන දේ හරිය කියලා හිතාගන්න විතරය. උන් කියන දේ හරිම නෙමෙයි කියලා කවුරු හරි මතයක් ඉදිරිපත් කලොත් උන් කරන්නේ ඒ මතය පරාජය කරන්න කරුණු ඉදිරිපත් කරන එක නොව ඒ විරුද්ධ මතය ඉදිරිපත් කරපු එකාට කෙලවන්න ට්‍රයි කරන එකය.
අනුන්ගේ මතයක් ඉවසන්න බැරි , තමුන්ගේ මතය වෙනුවෙන් තාර්කිකව පෙනී සිටින්න බැරි එවැනි ගොනුන්ට රටේ ජනතාවගේ බදු මුදලින් අනාගතයක් සදා දීමට පෞද්ගලිකව විභීෂණ කොහෙත්ම මනාප නැත.
ආණ්ඩුවේ කැම්පස් වල තියෙන නවකවදය ගැන කතා කරන්න කවුරුත් කාගෙවත් අවසර ගත යුතු නැත, කවුරුත් කාටවත් තමුන්ගේ අධ්‍යාපන සුදුසුකම් පෙන්විය යුතු නැත.කොටින්ම කවුරුත් ආණ්ඩුවේ කැම්පස් වල උපාධි ලබාගත යුතු නැත. කොටින්ම කතා කිරීමේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට අධ්‍යාපන සුදුසුකම් බලපාන්නේ නැත.
එහෙම බැලුවොත් ඉතින් ඔය මහා ලොකු දොස්තරලා සහ ආණ්ඩුවේ මෙඩිකල් ෆැකල්ටි වල ඉන්න වෙන්ඩ දොස්තරලා එකෙක්ට වත් මාලබේ SAITM ගැන කතා කරන්න එක දශමෙක තිතක හෝ ඉරි කැල්ලක වත් අයිතියක් නැත.
ඒ උන් කවදාවත් ප්‍රයිවට් කැම්පස් වල ඉගෙන ගෙන නැති නිසා ය.
දොස්තරලා, ඉංජිනේරුවෝ සහ තවත් ලොකු ලොකු උපාධි කාරයෝ එකෙක්ටවත් CEPA/ECTA වගේ රාජ්‍යතාන්ත්‍රික ගිවිසුම් ගැන කතා කිරීමේ කසිදු අයිතියක් නැත.
ඒ උන් එකෙක්වත් දේශපාලනය නොකරන නිසාය.
ඒ තර්කයම වෙන පැත්තකට ගෙනිච්චොත්:
විල මැද මඩ බංගලාවේ ඉන්න දෙසිය ගානයි, පලා බබා වල ඉන්න මන්තිරි සැට් එකයි, පුංචි ආණ්ඩු වල ඉන්න දෙකයි පනහේ කඩප්පුලියෝ සැට් එකයි ඇරෙන්න මේ රටේ වෙන එකෙක්ටවත් දේශපාලනේ ගැන කතා කරන්න බැරිය.
ඒ අපි එකෙක්වත් දැනට රටේ දේශපාලනේ ගෙනියන ඒ ආයතන තුනෙන් එකෙකට්වත් වැස්සකටවත් ගොඩවෙච්ච නැති එවුන් නිසාය.
ඒ අතින් බලනකොට අර සතර ගදිගන්තේ කරන කරු පරණවිතාන වගේ අතිශය සුළුතරයකට ඇරෙන විභීෂණ, ඇතුළු බොහෝ දේශපාලනේ ගැන කතාකරන්න ලියන්නන බැරිය.
ඒ අපි දේශපාලනය නොකරන නිසාය.
විභීෂණ ට සිද්ධ වෙන්නේ දන්නා සබ්ජෙක්ට් එක වන QUALITY MANAGEMENT සහ ENVIRONMENT MANAGEMENT ගැන බොග දාන්න පමණය.
රවී-රනිල් ඩබලගේ නල්ලමලේ බජට් එක ගැන කතා කරන්න එකවුන්ට්, කොමර්ස්, ඉකොන් නොකරපු සහ මුදල් ඇමතිකමක් නොකරපු එවුන්ට බැරිය.
තර්කය තවත් ටිකක් දුරට ගෙනිච්චොත්:
මහින්ද රාජපක්ෂ සහ චන්ද්‍රිකා කුමාරතුංග ඇරෙන්න , මෛත්‍රිපාල සිරිසේන ගේ ආණ්ඩුවෙන් වෙන වැරදි ගැන එයාගේ අතින් සිද්ධ වෙන වැරදි ගැන අපි උඹලා එකෙක්ටවත් කතා කරන්න බැරිය.
ඒ අපි කවුරුත් ජනාධිපති වැරු අගමැති වරු හෝ මැති ඇමතිවරු හෝ වී නැති නිසාය.
කැම්පස් මෝඩ උගතුන්ගේ බංකොලොත් තර්කය ට අනුව , කවදාහරි මෛත්‍රිපාල මහත්තයා "උඹලා මොනාද ජනාධිපති කම ගැන දන්නේ , උඹල එකෙක්වත් ජනාධිපති වෙලාද ඔහොම කතා කරන්නේ හිටං " කියලා ඇහුවොත් අපි කරබාගෙන ඉන්න ඕනය.
එහෙම දේවල් කවදාවත් සිද්ධවෙන්නේ නැත. සිද්ධ විය යුතුද නැත.
රටේ සමාජයේ කොහේ වුනත් සිද්ධ වෙන ඕනෑම දෙයක් අපිට දැනෙනවානම් ඒ ගැන කතා කරන්න සමාජයක පුරවැසියන් විදියට අපි ඕනෑම කෙනෙක්ට අයිතියක් ඇත.ඒ අයිතිය ප්‍රශ්න කරන්න, කතා කරන එවුන්ගේ සුදුසකම් හොයන්න එක බල්ලෙක්වත් එන්න බුරන්න අවශ්‍ය නැත.
කගේ මතය කොහොම වුනත් අවසානයේ රටට සමාජයට ගැලපෙන මතය ඉස්සරහට එන එක වලක්වන්න බැරිය.
නවකවදේට රෙදි නැතුව කඩේ යන එවුන් කියන්නේ එක මේ හරි නෝමල් ෆොර්මේෂන් කොස් එකක් ය, එක ඒ හැටි ගණන් ගන්න ඕන දෙයක් නෙවයි ය, මේක මේ නවකයින්ව කැම්පස් සමාජෙට එකතුකරගන්න උන් එක්ක තියෙන ආදරේට කරන වැඩක්ය කියලා ය.
අම්මගේ රෙද්ද...
එව්වා හරි ශෝක් වැඩ සටහන් ය.සීනියර්ස්ල ජුනියර්ස්ලාට ඇත්තේ පුදුමාකාර ආදරයක්ය.
මේ රෙද්දේ ආදරේ හින්දා , ලෝකයක් එක්ක ගනුදෙනු කරන්න විස්ස විද්දාලේ යන එකාට ඉංගිරිසියෙන් කතා කරන්න මේ නවකවද බල්ලෝ ඉඩ දෙන්නේ නැත. අඩු ගානේ ලෙක්චර් එකෙ දී ප්‍රශ්න අහන්න වත් ඉඩ දෙන්නේ නැත.සේරම දේවල් ඉගෙනගත යුත්තේ කුප්පියෙන්ය.
ඒ නීති කඩපු එකාට ඉතින් ලේක්චරෙන් පස්සේ ලුණු ඇඹුල් ඇතුව පෝරියල් එක වළඳන්න සිද්ධ වෙන්නේ ය.
මේ සීනියර් ලා තමුන්ගේ ජුනිය්ර්ස් කෙල්ලන්ට ට ආදරේ පෙන්නන්නේ උන්ගේ මුනට දවස් ගණන් කුණුහරුප කියලා ය, උන්ට කක්කුස්සි වලවල් වල වතුර පොවලා ය, හෙළුවෙන් ඩිප්ස් ගස්සලා ය,කැළා වලට එක්කන් ගිහින් උන්ගේ රෙදි සේරම ගලවලා බිම දිගේ රෝල් කරවලා ය. කෙල්ලන්ට ආදරේ පෙන්නන්න හැටි ඔහොම නම් කොල්ලන්ට පෙන්නන ආදරේ තරම හිතාගන්න ආපහු මම මෙතන මොකුත් ලියන්න උවමනා නැත.
ඔය කියන මහලොකු ආදරේ හින්දා රටට බිහිවෙන්න හිටපු උගත්තු කී දෙනෙක් නම් රටට අහිමි වෙන්න ඇතිද? අවුරුදු දහතුනක් මහන්සි වෙලා ඉගෙන ගත්තු කීදෙනෙක් මානසික රෝහල් වල ගාල් වෙන්න ඇතිද?
ඒ දෙමවුපියෝ අදටත් කොච්චර ගින්දරක් උහුලනවා ඇතිද?
මේ මෝඩ උගතුන්ට එව්වා ගානක් නැත.
නවකවදය ගැන මේ රටේ සමාජයට තියෙන අත්දැකීම ඒ තරම් ලස්සන යහපත් එකක් නොවේය.
විභීෂණත් ඔය උඩින් කිව්වේ එක එක මීඩියා හරහා , කැම්පස් ඇතුලේ සිද්ධ වුනාය කියලා කැම්පස් වලින් එළියේ ජීවත් වෙන අපිට රිපෝර්ට් වෙච්ච දේවල් ය.
ඒ වගේ සිද්ධි දකින අහනකොට මේ වගේ දහදුරා වැඩ කරන්න තරම් රටේම ඉන්න උගත්ම පිරිසට පුළුවන් වෙන්නේ කොහොමද කියලා අහන්න බැරිනම් අපි මිනිස්සු වෙන්න කිසි හේතුවක් නැත.
උගත්තු කරන ඒ වගේ බලු වැඩ වලට විරුද්ධ වෙන්න අපිට උපාදියක් තියෙන්නම කියලා උවමනාවක් නැත.
කොච්චර උගතෙක් වුනත් සක්කිලි වැඩක් කලොත් ඌ සක්කිලියෙක් ය. එතනින් එහාට කතා දෙකක් නැත.
"ආණ්ඩුවේ කැම්පස් ගැන කතා කරන්න කලින් ආණ්ඩුවේ කැම්පස් එහෙකට ගිහින් ඉගෙනගෙන වරෙවු" කියන මෝඩ බුද්ධිමතුන්ට කියන්න අපිට තියෙන්නේ මේ ටිකය.
තොපි ඔය ඉගෙන ගන්නේ තොපේ අම්මගේ අප්පාගේ පරම්පරාවෙන් ආපු බුදලෙන් නොව අපි දාඩිය මහන්සියෙන් හම්බකරන දෙට ගහන බද්ද ට පින් සිද්ධ වෙන්නය .
තොපිට හිතු හිතු විදියට නටන්න සක්කිලි වැඩකරන්න මේ රටේ අහිංසක මිනිස්සු සල්ලි වියදම් කරන්න ඕන නැත.
අපේ සල්ලි වලින් තොපි ඉගෙන ගන්නවා ද නැද්ද කියන එක හොයන්න දැනගන්න අපිට අයිතියක් ඇත. එකට තෝපෙන් අවසර ගන්න අපිට උවමනාවක් නැත.
තොපි ඒ ගන්න කරදර වෙන්න ත් එච්චර උවමනාවක් නැත.
තියෙන දේවල් පිරිමහගෙන හොඳට ඉගෙන ගත්තොත් ඒ හොඳටම ඇතිය.
------------
අදට ඇති වගේ ,
එහෙනම් ගොහින් එන්නම්...
ඔය දසවද හින්දා කට්ටකාල කැම්පස් ගිහින් අන්තිමට ජීවිතේ නැතිවුණු, නැති කරගත්තු අය කී දෙනෙක් ද? හොයනවනම් උන්ගැනත් පෝලෝසියට හොයන්න බැරිද? මේව කාට කියන්නද....
ReplyDeleteදැන් ඉතින් කියන්න වෙන්නේ අර මහාමාර්ග ඇමති තුමාට විතරයි.
Deleteකලින් ආණ්ඩුවේ නම් සුපිරි බඩ්ඩක් හිටියා. ඇස් බී දිසානා-යකා කියලා එකෙක්.
අන්න බඩු.
අන්තරේට කෙලින්න කියලා පාතාලේ එවුනුත් කැම්පස් ඇතුල් කළා කියලා තමයි ආරංචි.
මතක ද දන්නේ නැහැ ඒ කාලේ පොරක් පිටේ බෑග් එහෙකුත් එල්ලගෙන පිහියකුත් අතේ තියාන පොර ටෝක් එකක් දෙනවා "මම කැම්පස් ආවේ ඉගෙන ගන්න්න නෙමේය, මම අවේ අන්තරේට කෙලින්නය කියලා."
කොහෙද ඉතින් මහාමාර්ග අමාත්‍යාංශයක් එක්ක ඔය වගේ වැඩ කරන්න පුලුවනෑ ...
නීතියනම් නීතියමය.මීට වඩා දසවද රැග්වල් තවත් දෙනවා.ඒව ගැන පොලිසියට වගක් නැති එකයි අවුල.ඔය නවක සිසුවිය ලොකු අත්තක් කියලයි ආරංචිය.එතකොට විතරයි නීතියටත් පණ එන්නෙ.ගමක අහිංසකියක් දූශනය වෙනකොට රැග් එකේ නාමෙන් ඕකුන් බුදි!
Deleteමට නම් සීන් එක එලියට එනකොටම හිතුනා කෙල්ල ලොකු අත්තක් කියලා.
Deleteනැත්තන් මෙච්ච්චර කල් කැම්පස් ඇතුලේ වෙච්ච සමහර සිද්ධි වගේම මේකත් කවුරුත් නොදැනම යට යනවා..
This comment has been removed by the author.
Deleteමම නම් කියන්නෙ ඒ නවක සිසුවිය කවුරු උනත් පොලීසියට පැමිණිලි කරන්ට තිබ්බ ආත්ම ශක්තියට අපි ගරු කරන්ට ඕන. දැන් අන්න මම දැක්ක සමහරු කියල තියනව අපෝ ඕක ඔච්චර දෙයක්ද? තුවාල වුනාද ? ඉස්පිරිතාලෙ හිටියද? කලිසම් අඳින්න එපා කිව්ව එක ඔච්චර දෙයක්ද? ඔන්න ඔය වගෙ තර්ක.
Deleteමෙතන ප්‍රශ්නෙ තුවාල වුනාද ගැහුවද කියන එක නෙවෙයි. බොහෝම ආදරෙන් "නංගී හොඳ බබා වගෙ හෙට ඉඳල කලිසම් ඇඳල එන්න එපා හොඳේ"..කියල කියන්න උනත් ජේස්ටයො කියන එවුන්ට මොකක්ද තියන අයිතිය? ඒක බලහත්කාරකමක්, අයුතු බලපෑමක් නෙවෙයිද?
මම කල්පනා කරන්නේ මේ කෙල්ලගේ ඉදිරි යුනිවසිටි ජීවිතය ගැන. මුන් වදය දෙන්න පටන්ගනියි අසික්කිත විදිහට. ඒ තවත් ඛේදවාචකයක් වෙයිදෝ කියා හිතෙනවා.
Deleteනෑ අරූ.. ඒ වගේ අය එන්නෙ කැම්පස් එකේ ඉන්න බලාගෙන නෙමෙයි.මොරටුවෙ එන්.ඩී.ටී එකේ ගිය කේස් මතකද? ශක්තිමත් ශිෂ්‍ය සංවිධානයක් තිබුනා වගේම ජොබ් මාකට් එකෙත් ගේමක් දීගන හිටියා.පස්සෙ ප්‍රභූ ආරක්ශක අංශය,සිවිල් පොලිස් මැරයින් එක්ක කැම්පස් එක ඇතුලෙම ඇන්ටි රැග් කියල රැග් කරන අයට ගහුවා..අත පය කැඩුවා.. සෑහෙන භීශනයක් කරා.අන්තිමට අඩපණ කරලම දැම්මා.ඒ වැඩේ ලීඩ් කරපු කෙනා දැන් බෙලිඅත්තෙ ග්‍රාමසේවක කෙනෙක් විදිහට යස අගේට ඉන්නවා.
Deleteඒ කාලෙ පච කරපු පච කිරිල්ලත්,ට්රිනීස්ලා සහ පාස් අවුට් වන අයගෙ කාල වකවානු විකෘති කරලා වෙනම පිරිසක් ජොබ් මාකට් එකට අළුතෙන් ලේසියෙන් හඳුන්වා දුන්නා.
මම එන්.ඩී.ටී නෙමෙයි.ඒත් මේව දිහා බලන් හිටිය දුකෙන්.
මහා සමාජය මේ රැග් එකක් අල්ලගෙන කෑ ගහන එක නිකං දදයකට උණුවතුර දානවා වගේ වැඩක්.. ආතල් උනාට ප්‍රයෝජනයක් නෑ.
වැට් ගැන එහෙන් මෙහෙන් පෝස්ට් වැටීගෙන එනකොට මේ කතාව ඇදුනෙ.බලන්නකො තලු මරණ තරම්.ආටිෆිශල් ගතියක් දැනෙන්නැද්ද හැබෑට?
රැග් එක ගැන අල්ලගෙන කතා කරන්න ඕනෙ නෑ කියන එක එක්තරා දුරකට මං පිලිගන්නවා. නවක වධකයන් ( විශේෂයෙන්ම සරසවිවල ) ජරා තග්ස්ලා කොටසක්. උන් ඒවා කරන්නේ මොකද, උන් එයින් වලක්වන්නේ කොහොමද කියන එක විශ්ලේශනය අර්තකතනය කරමින් ඉඳලා වැඩක් නෑ. සාමාන්‍ය අපරාධකාරයන් වගේ අල්ලලා උසාවිදාලා දාලා දඬුවම් කල යුතුයි
Delete@Ravi,
Deleteසම්පූර්ණයෙන්ම එකඟයි,
රටේ සිවිල් නීතිය හැමතැනටම වලංගූයි.
ඒ අනුව තමුන් කැමති ඇඳුමක් අඳින්න තියෙන නිදහස හැම එකෙක්ම පිලිගන්න ඕන.
එකට පිටින් නීති දාන්න එන්න කාටවත් පුළුවන් වෙන්න බැහැ.
@ගස් ලබ්බ,
Deleteකරුණු කාරනා එක්ක සැහෙන දුරට එකඟයි.
එත් මචෝ, මේක ආටිෆිෂල් ප්‍රශ්නයක් කියල කොහොමද හිතන්නේ.
වැට් එකයි , රනිල්ගෙයි ෆොනී ගෙයි වාහන් සීන් එකයි සේරම ත් ප්‍රශ්න වගේම මේකත් ඇත්ත ප්‍රශ්නයක්.
වෙනසකට තියෙන්නේ අර උඹ කියනවා වගේම මේක සෑහෙන කාලයක් තිස්සේ ඔඩු දුවාපු , හරියට දදයක් වගේ ප්‍රශ්නයක්. එක හින්දා මේක කතා නොකර ඉන්න එක ok වෙන්න බැහැ.
ඒ වගේම මේ කැම්පස් මගුල ඉස්සරහට අරගෙන ඒ පින් බලෙන් වැට් ගැන කතා නොකර ඉන්නත් බැහැ.
@ Pra Jay,
Deleteසම්පූර්ණයෙන්ම එකඟයි.
මොන දේ වුනත් මේක මානව හිමිකම් කැඩීමක්.
මේක ගැන කතා කරන්නේ නැත්තන් අර අද මාතලන් ගේ පොස්ටුවේ වගේ මේ රටේ කිසිම දෙයක් ගැන කතා කරන්න වෙන්නේ නැහැ.
ජාතික විස්ස විද්‍යාලයක උපාදිය ලබා ඇත්තෙමි. ලෝකයේ හොඳම විස්ස විජ්ජාල සීයට අයත් වන විස්ස විද්‍යාලයක පස්චාත් උපාදි ලබා ඇත්තෙමි. ජාතික හා අන්තර්ජාතික විස්ස විද්‍යාල හතරක උගන්වා ඇත්තෙමි.
ReplyDeleteකවුරුන් කවදා කෙලෙස කීවත් නවක වදයේ නාමයෙන් අබ මල් රේනුවකින් හෝ කෙනෙකුට හින්සා පීඩා කිරීම හීනමානයෙන් පිරුනු ඊරිස්යාකාරයන් ගේ අන්තිම පහත් අමනුස්ස වැඩකි!
සීයට සීයක් එකඟය....
Deleteයකෝ මූ සෑහෙන්න නාකියිනේ....
Delete// යකෝ මූ සෑහෙන්න නාකියිනේ.... //
Deleteසීයට තව සීය කෙනෙක් එකඟයි කීව නිසා ද?
යකෝ මූ සෑහෙන්න නාකියිනේ.... X 2
Deleteමටත් නිකමට වත් හිතුනේ නැහැ බන් මේකා මෙච්චර වයසයි කියලා...
Deleteවයස පේන්නේ නෑ බං.. දත් දාල තියෙන්නෙ. මොකෝ සල්ලි යනව කියලැයි ..
Deleteරත්තරන් දත් ද දන්නේ නෑ දාලා ඇත්තේ...
Deleteතර්කය තව ටිකක් ඉදිරියට ගෙනිච්චොත්...
ReplyDeleteකැම්පස් උන්ට බත් කන්නද තහනම්ය මොකද උන් වෙලට බැහැල කුඹුරක් කොටන්නැති හින්ද.උන් බඩගින්නෙ සිටිය යුතුය..
තව ටිකක් ඉස්සරහට...උන්ට පාරෙ බැහැල පෙලපාලි යන්ඩත් බෑ..ඒ ගිහිල්ල පොලිසියෙන් ගුටි කෑවම මාධ්‍ය සාකච්චාවත් පොලිසියට එරෙහිව වෙන දෙයක්වත් කරන්ඩ තහනම් විය යුතුයි ..මොකද ඔවුන් කැම්පස් වල මිසක්ක පොලිසියෙ වැඩ කරන්ඩ ගිහිල්ල නෑනෙ නේද?
..
ඔය ඉස්සරහට් ගෙනියන්නේ වෙන තර්කයක්...
Deleteකැම්පස් එන එවුන්ගේ කොයිතරම් ප්‍රමාණයක් ඉන්නවාද ඈත පලාත්වල ඉඳන් කුඹුරු වැඩ කරලා ආපු...
කැම්පස් එවුන් පෙළපාලි යන්නේ තමුන්ගේ ඉල්ලීම් වෙනුවෙන්, නැතුව පොලෝසියේ රෙද්දක් හොයන නෙමෙයි නේ,...
මචං විභියා..................
ReplyDeleteනවකවදය කියන කාරණය ගැන කියද්දි අපිට කියන්නට හැකි (මේ වෙලාවේ මේ කොමෙන්ටුව දමන්නේ තුෂාර බව සලකන්න) අපි 2005 සිට 2009 දක්වා කාලයේ විශ්ව විද්‍යාලයේ හිටපු කාලයට අදාල කාරණාව ගැන විතරයි. නමුත් මෙතැනදී අපිට යමක් කියන්නට ඕනේ කියලා හිතෙන්නේ කැළණිය විශ්ව විද්‍යාලයේ ම වසර 04 ක් උපාධියක් සහ තවත් වසරක් පමණ තවත් උපාධියක් වෙනුවෙනුත් පැය විසි හතර ම හිටපු නිසයි. මේ ගැන ඇත්තට ම බුකි සංවාද ගැන අපි දන්නෑ. බ්ලොග් වලත් අපි දැක්කේ ට්‍රාන්ස්ගේ පෝස්ටුව විතරයි. නමුත් එතැනදී අර නිලියක් කියපු කතාවක් මුළුමනින් ම දිහහැරලි තිබුණ නිසා අපි ඒක සංවාදයක් කරගත්තේ නැහැ. නමුත් ඔබ ටිකක් හිත රිදීමක් එක්ක මේක ලියලා තියෙනවා දැක්කා. මෙතැනදිත් සංවාදය කොහොම වෙයිද දන්නෑ. නමුත් අපි අපේ අදහස කියන්නම්.
අපි සියලු දෙනාම විශ්ව විද්‍යායට ගියා හෝ යන අය තමයි. සියලු දෙනාම නවකවදය (මේකට රැග් එක කියන්නම්) අත්විදපු අය. හැබැයි අපි කවුරුත් ඒක මහා අපරාදයක් කියලා දකින්නැහැ. දැන් ඔබට පැහැදිලි ඇති ඔය කියන රැග් විරෝධි කොටසට නෙමෙයි අපි වැටෙන්නේ කියලා. ඇත්තම කිව්වොත් මං ඒලෙවල් වලට කරන විෂය තෝරද්දි මගේ ගෙවල් ගාව තියෙන විශ්ව විද්‍යාලයේ නැති විෂයක් කරන්න හේතුවත් ඈතින් තියෙන විශ්ව විද්‍යාලයකට යෑමේ අවශ්‍යතාවයයි. ඒ ආසාව තුළ රැග් එක විදීමේ ආසාවකුත් මටනං හිත අස්සේ තිබ්බා. ඉතින් මුල ඉදලා ම රැග් එක ගැන මගේ තිබ්බේ වෛරයක් හෝ බයක් නෙමෙයි ආසාවක්.
මං කියන්නම් අපේ කාලේ කැළණිය විශ්ව විද්‍යාලයේ රැග් එක තුළ තිබුණ සීමා ගැනත්. (අපේ බැච් එකේ පළවෙනි ම කාඩ් එක ලැබුණෙත් මට - කාඩ්එක යනු විශ්ව විද්‍යාලය තුළ හදුන්වන අන්වර්ථ නාමයයි - පළවෙනි ම කොක්ක ගැහුවෙත් මමම තමයි. - කොක්ක කියන්නේ ආදර සම්බන්ධතාවය - මේ දැනුත් ඒ කොක්ක කුස්සියේ උයනවා මචං. ඒ කියන්නේ මගේ බිරිද) අපි රැග් වුණා වගේ ම රැග් කරා. රැග් කරද්දි රැග් වෙනවාට වඩා හරිම අමාරුයි. ඒකට හේතුව තමා ඒකට මාර සීමාකම් ගොඩක් තියෙනවා. හැමදාම රෑට අපි හොස්ටල් එකේ මීටින්ග් එකක් ගන්නවා. ඒ මීටින්ග් එකේ දී අද දවසේ කරන දේවල් සහ යම් හෙයකින් දවල් වරුවේ රැග් කරද්දි අපි අතින් ගැටළු ඇති වුණානං හෝ කලින් දවසේ රෑ රැග් එකේ දී ගැටලු ඇති වුණානං ඒවා සාකච්ඡා කරනවා. ඒ වගේ ම තමයි නොගැලපෙන යැයි හැදින්වෙන දෙයක් කරපු කෙනෙක් හිටියොත් හැමෝගෙම අදහස අනුව ඔහුට හෝ ඇයට රැග් කිරීම තහනම් කරනවා.
රැග් කිරීමේ දී තියෙන සීමාකම් මතක විදිහට කීපයක් කියන්නම්
1. කිසිම ජූනියර් කෙනෙකුගේ ඇගට අත තියන්නවත් තහනම්
2. අම්මා තාත්තා වැනි සමීප අයවලුන් සම්බන්ධ කර බැණ වැදීම තහනම්
3. දරා ගැනීමට නොහැකි කෙනෙකුට රැග් නොකිරීම
4. තමන් විසින් අත්විද නැති කිසිම දෙයක් ජූනියර් කෙනෙකුට නොකිරීම
5. මේකත් විශේෂ දෙයක් - පුද්ගලික හැදිනීම් මත කිසිම ජූනියර් කෙනෙක් රැග් වීමෙන් මුදවා නොගැනීම
මතක විදිහට මීටත් වඩා ගොඩක් සීමාකම් තිබුණා. නමුත් එළියේ ඉදලා දකිනවට වඩා ඒක ලොකු සැලසුමකට අනුව මනා පාලනයක් ඇතුව කරන දෙයක් කියන්නයි මට අවශ්‍ය වුණේ. ඒ වගේ ම අපි අදටත් කතා කරන දේවල් බහුතරයක් ඔය රැග් එකත් එක්ක බැදිච්ච දේවල් තමා. ඒ සුන්දර මතක අස්සේ තියෙන සුන්දර අත්දැකීමක් හැටියට තමා අදටත් අපි රැග් එක දකින්නේ. අපි මේ ගැන කතා කරමු මචං. හැබැයි සාධාරණ සංවාදයක් හදන්නට හැකිනං විතරයි. අනික තමා මචං රැග් එකට මහා බයක් හදාගෙන කැම්පස් ගියොත් සීනියර් කෙනෙක් බැලුවත් වැරදියි තමයි. මේ විකාර දේවල් සමාජගත කිරීමෙන් වෙන්නේ තව තවත් මේ බය සමාජයේ වැඩි වෙන එක විතරයි. හැබැයි මචං රැග් එක තුළ මහා අමානුෂික දේවල් වෙනවානං ඒකත් වැරදියි. ඒවා වෙනස් විය යුතුයි. මොකද අපි දන්න විදිහට අපිට ජූනියර් කෙනෙක්ගේ ඇගට අතවත් තියන්න තහනම් වුණාට පේරා ඒ වෙද්දිත් කණට ගහනවා. ෂර්ට් එකෙන් ඇදලා ගන්නවා. ඒවා වැරදියි. අපි වැරදි දේ වැරදි විදිහට දැකිය යුතුයි. මේකට මහා විවේචන ඒවි.... කමක් නැහැ. අපි කිව්වේ අපේ මතය........ මේවා සංවාදයට විවෘතයි.
Respect machoo...
Deleteමචෝ,
Deleteනවකවදේ කියන්නේ එක්තරා සීමාවක් ඇතුලත බොහොම සුන්දර අත්දැකීමක්. මමත් ඕක බොහොම සීමිත කාලයක් විඳලා තියෙනවා. ඇතිවෙච්ච පුද්ගලික(නවකවදේ සම්බන්ධ එව්වා නොවේ)සහ ආර්ථික ප්‍රශ්න කීපයක් නිසා ඒ අත්දැකීම සම්පූර්ණයෙන් වින්දගන්න මට අවස්තාව අහිමි වුනා.
මම දන්නවා "රැග" කියන්නේ බොහොම දරුණු සහෝදරාත්මක බැම්මක් බඳින බදාමයක් කියලා.
ඉතාමත් සීමිත කාලයක වින්ද රැග් සීසන් එකේදි මමත් ඒ දේ බොහොම හොඳින් තේරුම් ගත්තා. ඒ ගැන උඹෙත් මගෙත් ආකල්පය එකමයි.
ඒ වගේම සීමාව ඉක්මවා ගිහින් මානසික රෝගීන් දෙන නවකවදය ඇතුලේ ඔය කියාපු සහෝදර බැඳීම,සුහදත්වය අරක මේක මොකුත්ම නැහැ. එතන තියෙන්නේ තනිකර "පරපීඩක කාමුකත්වය". එතනින් මෙහා වචනයක් ඒකට නැහැ. තමුන්ට ලබන්න බැරිවෙච්ච කායික, මානසික ලිංගික අත්දැකීම් අනුන් ලවා ලබා ගැනීම මිස වෙන කිසි දෙයක් එතන නැහැ.
මම මගේ පොස්ටුවේ දාලා තියෙන සිද්ධි සේරම මම නම් ඇතුල් කරන්නනේ ඒ කැටගරි එකට.
කවුරු කලත් ඒවගේ බලු වැඩ වලට ට කවුරු වුනත් විරුද්ධ වෙන්න ඕනා.
කැම්පස් යාම නොයාම එතනදී අදාළ වෙන්නේ නැහැ.
"ඔව්වා ගැන කතා කරන්න කලින් කැම්පස් ගිහින් වරෙවු" කියන උන් දන හෝ නොදැන කරන්නේ අර ලංකාවෙන් වැඩිම Z Score අරගෙන කැම්පස් ගිය මිනීමරු මානසික රෝගීන්ට අනුබල දීම පමණයි.
මේක කුරුටුගේ කොමන්ට් එක ගැන.
Deleteඔබට අනුව සමානාත්මතාවය හෝ මොකක් හෝ වෙනුවෙන් කාව හෝ මානසික පීඩාවකට ලක්කිරීම අවුලක් නෑ වගේ පේනවා කියලානේ කියන්නේ.
අපිට නම් ඒක පට්ට අවුල්. අද වෙනකොට තරුණ පරපුර බාබෙරික් ගතිවලින් මිදෙන්න කල් නේද? ඔය කියන මොන සමානාත්මතාවය වෙනුවෙන් ඕක කලත් යුනිවර්සිටි එකෙන් එහාට ඒක තියෙනවද?
කොහොමත් ලංකාව කියන්නේ දවසින් දවසට බිලේච්ඡ ගතිවලින් ඉස්සරහට යන රටක් නෙමෙයි කියන එක මේ වෙද්දි අපි ඔප්පු කරනවා. කවුරුවුනත් මේ වගේ දේවල් සාදාරණය කරන්න හදනකොට මට හිතෙන්නේ අපි 2016 හිටියට මනසින් ඉන්නේ 1950ටත් කලින් කියලා.
ලංකාව කියන්නේ දවසින් දවසට බිලේච්ඡ ගතිවලින් ඉස්සරහට යන රටක් නෙමෙයි *
Deleteනෙමෙයි nAthiva
නවක වදය වනාහී තනිකරම මානසික රෝගීන්ගෙ කාර්යයකි. එයට එකම ප්රතිකර්මය වනාහී නොයෙක් පදනම් විරහිත තර්ක යොදාගෙන නවක වදය උත්කර්ෂයට පත්කිරීම නොව එම රෝගීන්ට වහා ප්‍රතිකාර ලබා දීමයි.
Deleteමම මේ කතා දෙක තුනටම එකඟයි. කෙනෙක් මානසික පීඩාවකට හෝ මොන යම්ම පීඩාවකට පත් කිරීම වැරදියි. සින්දුවක් වැරදියට කියන්න, තනි කකුලෙන් පැන යාම වගේ අහිංසක විහිළුවක් ප්‍රශ්නයක් දරුණු රැගක් හැටියට මම දකින්නේ නැහැ.
DeleteBuru Bebe @
Deleteඔබ ලෙසටම කියල. කෙනෙක්ව මොනම හේතුවක් නිසාවත් කායිකව හෝ මානසිකව පීඩාවට හෝ අයුතු බලහත්කාරයකට ලක් කරන්න කාටවත් අයිතියක් නෑ. පීඩාව විදින්නත් ආස අය ඉන්න බව පේනව.ඒකයි රැග් පවතින්නෙ. ඉතින් ඕකට කැම්පස් යන්නම ඕනද .පීඩා කරන්න කැමති අයත් පීඩා විදින්න කැමති අයත් සමාජයෙ ඉන්නව.පීඩාවක් ලබන්න ඈතකැම්පස් එකට යන්න ඒ ලෙවල් කාලෙ ඉදන්ම ප්ලෑන් කල නම් උබ මාර පොරක්නෙ බන්.
මචන්ලා අපි හේතුව මොකක් වුනත් අනුන්ට කරන කායික හා මානසික හිංසාවට එරෙහිවෙන තැනට එන්න ඕන.අනුන්ට හිංසා කරන එක පෙරටුගාමී අදහසක්ය කියන අයත් ඉන්නව.
මේ හිංසාවන්ගේ මනෝ විද්‍යාත්මක පසුබිම ගැන සමාජය දැනුවත් කරල අංගොඩ හා මුල්ලේරියාවෙ බ්‍රාන්ච් හැම කැම්පස් එකකකම් ඕපන් කලානම් හරියයි.පෙරටුගාමී උත්තමයන්ට නේවාසික ප්‍රතිකාර ගන්නට.
අපි අනුන්ගෙ අයිතිවාසිකම් වලට මානව හිමිකම් වලට රුචි අරුචිකම් වලට ගරුකරන්න අඕන කුරුටු.
බෝංචි කඩන කෙහෙකන් ඉදවන එව්වගෙන් හම්බවෙන සමාජගතවීම මොකක්ද බන් කුරුටු.කැමප්ස් වල රැග් වලින් වැඩි ප්‍රමානයක් ලිංගිකත්වය ඊටත් විකෘති ලිංගිකත්වය මත පදනම් වන බව උබ දන්නෙම නැද්ද. හැම පවුලකම වගෙ කැම්පස් ගිය අය ඉන්නව බන් අද. ඔය සීනිබෝල කතා අදට වලංගු නෑ. බුකියෙ මාර සංවාදයක් ගියා. රැග්කාරයන්ට කට උත්තර නැති උනා. සුන්දර වධ හිංසා තියනවද අනේ කුරුටු.
Deleteශිෂ්ට ක්‍රමවලින් සමාජගත කරන්න පුලුවන්. නවකයොයි ජේෂ්ටයොයි එක්ක ට්‍රිප් එකක් යාම .ධර්ම දේශනයක් කිරීම.අන්න වැඩ. එව්වයැ රැග් කියල කරන්නෙ.
ඇගට අත තියන්නෙ නැතිව බෝංචි කඩන්නෙ ,සමූපකාර ක්‍රමයට **** ගහන්නෙ කොහොමද කියල කල්පනා කලේ.
රැග් සීසන් එකේ කියන කෙල්ලො ලවා කොල්ලන්ට කරන ඒව කොල්ලො ලවා කෙල්ලන්ට කරන ඒව අමු කුනුහරප කවි එහෙමත් උබ අහල නැතිව ඇථි නෙ.
කායිකව හෝ මානසිකව කෙනෙක් තවත් කෙනෙක්ව අපහසුතාවයට පත්කිරීම ශිෂ්ඨ සමාජයකට කොතරම් ගැලපෙනවාද කියන එක හිතා බලන්න. මොනම අරමුණක් යටතේවත් එය නොසිදුවිය යුතුයි.
Deleteකුරුටුවා කියලා තියෙන ලිමිට්ස් ඇතුලේ හැම දේම වෙලා තියේ නම් මේ වගේ නිවුස් එලියට එන්න විදියක් නැහැ නේද?
Deleteඑක එහෙම වුනත් Buru Babe කියලා තියෙන විදියට ඔය ගති වලින් මිදෙන්න දැන් කාලේ හරි ...
@මධ්‍යස්ථ මතධාරියා
Deleteඋම කතාව හරි,
මොනා උනත් පෙරටුගාමී රැල ට නම් බොහොම ලොකු ට්රීට්ම්න්ට් එකක් දෙන්න වෙනවා.
උන් ඒ කලේ ( ඒ කියන්නේ ජෙප්පෝ කාලේ ) රටේ පොදු දේපල විනාස කරනවා.
දැන් රටේ අනාගතේ විනාස කරනවා.
@මධ්‍යස්ථ මතධාරියා
Deleteඅඩෝ, මම නම් හිතුවේ නැහැ බන් ආයේ උඹේ කමෙන්ට් එකක් මේ බ්ලොගේ වැටෙයි කියලා.
මේ ඔක්කොම අස්සේ ඒ සතුටත් සමරන්න ඕන...
http://counsellingresource.com/therapy/self-help/stockholm/
Deleteඔය තියෙන්නේ සාක්කිත් එක්කම...
Deleteගී ප්වුරෙ සංවාදයට හැමෝම එකතු උනානම් හොඳයි හිතෙනවා.හැමෝම ඉගෙන ගනී.
ReplyDeleteපුද්ගලිකව මගේ මතය...
රැග් වෙන එකාටත්,කරන එකාටත් ආතල් එක තියෙන,කෙනෙක්ව කායික,මානසික,ලිංගික අතවරයට ලක් නොවන, එකමුතුකම්,සමගිය සහයෝගය වර්ධනය වන රැග් එකක් තිබිය යුතුමයි.ඒ වගේම එහෙම නොවන මානසික අසහනකාරයන්ගේ අසහනය සමනය කිරීඅට නවක වදය හේතුවක් කරගන්නා අපතයන් කැම්පස් වලින් එලවිය යුතුම්යි.
සම්පූර්ණයෙන් ම එකඟයි...
Deleteමානසික අසහනකාරයන්ගේ අසහනය සමනය කිරීඅට නවක වදය හේතුවක් කරගන්නා අපතයන් කැම්පස් වලින් එලවිය යුතුම්යි.//
Deleteකොහොමද කරන්නෙ.ඊට පස්සෙ ඔක්කොම ලමයි පාරට බහිනවනෙ නිදහස් අධ්‍යාපනය නැති කරන්න ලෝක බැංකු කුමන්ත්රනය පරදවමු කියල.නවක වදය නැතිකරන්න බැරි එය පිටුපස තියන වරත්ත දේශපාලනය නිසා බන්. මේක දරුනු වුනේ 70 ගනන්වලින් පස්සෙ, උබ මට වඩා ඒ ගැන දන්නව ඇතිනෙ.
ආපහු වතාවක් එකඟයි..
Deleteමම හිතන්නේ ඔම්ලට් එකක රසගුණ කියන්න කිකිළියෙක් වෙලා ඉන්න ඕනෙ නෑ. ඊට වැඩිය හොඳට අපිට කියන්න පුලුවන්.
ReplyDeleteඔය තියෙන්නේ තවත් උදාහරණ...
Delete/අනික තමා මචං රැග් එකට මහා බයක් හදාගෙන කැම්පස් ගියොත් සීනියර් කෙනෙක් බැලුවත් වැරදියි තමයි. මේ විකාර දේවල් සමාජගත කිරීමෙන් වෙන්නේ තව තවත් මේ බය සමාජයේ වැඩි වෙන එක විතරයි. හැබැයි මචං රැග් එක තුළ මහා අමානුෂික දේවල් වෙනවානං ඒකත් වැරදියි. ඒවා වෙනස් විය යුතුයි./ එකඟයි.
ReplyDeleteවිභීෂණ බොහොම කේන්තියෙන්,හැඟීම් ගොඩක් එක්ක ලියල තියෙන විත්තිය මට හිතෙනව සැර වචන දැක්කම.
එහෙමයි එහෙමයි...
Deleteවෙන කොහොම ලියන්නද බන්...
මේක කමෙන්ට් එකක් නෙවෙයි. මේ විදිහට නිරුවත් ඇත්ත කිව්වට මගෙන් ලැබෙන හග් එකක් කියලා හිතාගනින්. අම්මපා මේ ටික මේ විදිහට කෙලින් කියලා දාන්න උඹට ආව හැඟීමට සහ චිත්ත ධෛර්යයට මම ගරු කරනවා. මෙව්වා නිකම් නෙවෙයි හොම්බ බිම අතුල්ලලා කියලා දෙන්න ඕනේ දේවල්. ජයවේවා!
ReplyDeleteඑසේමැයි...
Deleteරෑග් එක වෙනුවෙන් පෙනීසිටින අය කියන්නේ අපි අම්බානක රෑග්උනා . අපිට තවමත් සතුටුයි. ඒත් අපි නම් කවදාවත් රෑග් කරේ නෑ. ඒකෙන්ම ඒගොල්ල පිළිගන්නවා රෑග්කරන්නාට සමාජ පිලිගැනීමක් නැතිබව.
ReplyDeleteලිපිය නියමයි!.අති විශිෂ්ටයි සර් !
Delete@serendipity
Deleteඔන්න ඕක තමයි තත්වේ.
@Premalal Ranaweerage
Deleteතැනක් යූ සර්,
කෙනෙක් ගේ ජීවිතේ සුන්දර අත්දැකීම් ලබන්න තවකෙනෙක් ගෙන් අඩුම තරමින් බැඋමක් හරි අහන්න ඕනෑ කියලා හිතනවා නම් නවක වදේ සුන්දර අත්දැකීමක් ලෙස ගනන් ගත්තෑකි.
ReplyDeleteඑහෙම හිතනවා නම් ජීවිතේට විස්සවිජ්ජාලෙකට නොගිය සිරි ලාන්කිකයන් ගේ ජීවිතේ සුන්දර අත්දැකීම් නැත්ද?
හැමදාම තම ස්වාමිදුව ගෙන් බැනුම් අසනා ගෘහ සේවිකාවක ගේ ජීවිතය එහෙනම් සුන්දර අත්දැකීම් වලින් පිරී යන්න ඕනෑ නේද?
අමතක කරන්න එපා විශ්ව විද්‍යාලයේ ඔය කියනා සුන්දර අත්දැකීම් එන්නේ නවක වදය පවතින නිසා නොවෙයි!!
ඒ පිලිබඳව ඕනෑ තරම් උදාහරන දෙන්න පුලුවනි!!
//අමතක කරන්න එපා විශ්ව විද්‍යාලයේ ඔය කියනා සුන්දර අත්දැකීම් එන්නේ නවක වදය පවතින නිසා නොවෙයි!!//
Delete------අනිවා..නවකවදය කියන්නේ කැම්පස් එකේ සුන්දර මතක සටහන් සේරටම එකම හේතුව නොවෙයි.
මට හිතෙන විදියට මෙතනදී වැදගත් වෙන්නේ නවකවදය කොයිතරම් සීමාවක් ඇතුලේ තියෙනවා ද කියන කාරණයයි...
ගෘහසේවිකාවක් ගැන පිට කෙනෙකුට කියන්න අයිතියක් නෑ. ඒකට ගෘගසේවිකාවක් වෙලාම බලන්න ඕන. ඇනුම් බැනුම් කරන්නෙ පවුලට සමාජානුයෝජනය කරන්න. ඒක හරිම සුන්දර දෙයක්. හරිම පෙරටුගාමියි.
Delete// ඒකට ගෘගසේවිකාවක් වෙලාම බලන්න ඕන. //
Delete:D
@ මධ්‍යස්ථ මතධාරියා & Sa rasa
Deleteඑක නේන්නම් බන්...
විලි ලැජ්ජාවයි සන්තෝසේ බැ හිටං...
මම කවදාවත් ලංකාවේ විශ්ව විද්‍යාලයකට ගිහින් නෑ.
ReplyDeleteඒත් ඔය මිනිස්සු සුන්දරව රහ කරන නවකවදයද මොකක්ද මල ඉලව්ව ගැන නම් දැනෙන්නේ පිළිකුලක්. ඕවයින් සමානාත්මතාවය. ආදරය එකමුතුකම ඇතිවෙනවා කියල හිතන එකත් මට අනුව නම් විහිළුවක්.
අහිංසක ළමයින් සමහරවිට බහුතරයක් ඈත ගම්වලින් එන ළමයි ඔවුන්ට මේ වගේ පීඩනයට ලක් කරලා ලබන්න්නේ මොකක්ද?
මෙතන තියෙන්නේ අසහනය එහෙම නැත්නම් ඉරිසියාව. සමාජය එක්ක තියෙන පළිගැනීම වගේ දේවල් වෙන්න ඇති.
මේව පිටු දකින්න කාලේ හරි !
නවකවදේ නමින් තියෙන සේරම සක්කිලි වැඩ ටික නම් අනිවාර්යෙයන් අතුගාලාම දාන්න ඕනා.
Deleteමම පොස්ටුවේ ලින්ක් වලින් දීලා තියෙන්නේ ඒ බලු වැඩ වලට උදාහරණ තමයි.
එ වගේ දේවල් කැම්පස් වල නෙමෙයි කොහේදී වුනත් සිද්ධ වෙන්න දෙන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ.
උප සංස්කෘති නිතියෙන් පිටද? ඔය පාතාලේ, නයිට් කලබ් වගෙ එව්වා වලත් උප සංස්කෘති තියනවනෙ.රටෙ නිතිය එහෙව් උප සංස්කෘතින්ට යට විය යුතුද? කාගෙවත් ආතල් කඩන්න නිතියට බැරිද? ඇත්තටම මෙහෙව් රටකට නිතියක් මොකටද?
ReplyDelete//උප සංස්කෘති නිතියෙන් පිටද//
Deleteඒක නේන්නම් බන් මෙතන පොරශ්නේ..
එහෙම බැලුවොතින් ඉතින් නඩුකාර උන්නාන්සේ ට උසාවිය ඉස්සරහා ලේන්සුවක් එලන් ඉන්න තමයි වෙන්නේ.
ඇයි ඉතින් කිසි දෙයක් ගැන ප්‍රශ්න එන්නේ නැහැනේ. සේරම උප සන්ස්කුරුති නේ...
ලිපියේ කරුනු එක්ක එකඟයි. මම රැග් එක නොතිබිය යුතුමයි කියන අදහසනෙෑ. තිබිය යුතුයි කියන්නෙත් නෑ. පවතින්නේ හෝ නොපවතින්නේ යම් යම් කරුණු මත නිසා. කොහොම උනත් එදා කලාතුරකින් අහන්න ලැබුන දේ දැන් දැන් නිතරම අහන්න ලැබෙන සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා. ඒ කියන්නේ අමානුෂික වද පවා සාමාන්‍ය කරණයට ලක්වෙලා. ඉදිරියේ නවකවදය නමින් පර පීඩාකාමුකත්වය පමනක්ම දකින්න ලැබේවි. සමහර සීනියර්ලා ආශාවෙන් බලාගෙන ඉදීවි නවක තරුණියන් එනකම් ඔවුන්ගේ නිරුවත බලා රස විදින්න. ඒ සියල්ල රැග් එක කියන රාමුව ඇතුලේ සිද්ද වේවි. ඔය හැම දෙයක්ම සාමාන්‍ය දේවල් වෙනවා.
ReplyDeleteමේවා මෙහෙම සාමන්‍ය දේවල් වුනොත් , එතනින් පිටවෙන උන් එකතුවෙන් සමාජේ ට වෙන දේ හිතාගන්නවත් පුළුවන් ද?
Deleteවිභී ගෙ පෝස්ටුව කියෙව්වම මට මගේ අත්දැකීම් එකතු කරලා සටහනක් ලියන්න හිතුනත් ඒවා ලියන්න වෙලාවක් නැහැ ඒත් දවසක ලියන්නම්. පලවෙනි වසරෙ ඔය ලැබුන අත්දැකීම මට නම් මිහිරි නැහැ.ලොකු මානසික පිඩනයකින් තමා කැම්පස් ගියේ. ඒ කාලේ බෝඩිම් වලවත් ඉන්න හිතෙන්නෙ නැහැ. මහ රෑ හරි ගෙදර ගිහින් ගෙදර අය එක්ක කතා කරන එක සැපක් වගේ දැනුනෙ.දවසක් මතකයි ඔහොම නැති ප්‍රශ්නෙකට සීනියර් ල බැනල හොඳටම හිතින් වැටිලා හිටිය දවසක හවස ගෙදර යන ගමන් බයික් එකේ පිටිපස්සෙ ඉඳන් තාත්තට කිය කිය හොඳටම ඇඬුව.තාත්ත කීවෙ එක දෙයයි.ඔයාල තැලිලා පොඩි වෙලා නැහැනෙ ඔය වගේ ප්‍රශ්න ආවම ඔහොම වෙලා හරියන්නෙ නැහැ.ඕවටත් පුරුදු වෙන්න ඕන.ඉවසීම , දරාගැනීම් හැමදේම. ඒ කාලෙ කැම්පස් එකෙන් අවුට් වෙලා ගිය අය්ය කෙනෙකුත් මට කීවෙ ඒ දේමයි.මම රැග් එකෙන් ගත්තෙ ඒ දේ.හැබැයි අතිශය අමානුෂික විදිහට අපිට රැග් එක ලැබුනෙ නැහැ.එහෙම වුනානම් සමහර විට දරාගන්න බැරිවෙන්න තිබ්බ. මානසිකව පිඩාවට පත්වෙන රැග් වලට මම කැමති නැහැ.....
ReplyDeleteතව දෙයක් කියන්න හිතෙනව අපි සමහර වෙලාවට කනට ඇහෙන මොකක්ම හරි නිවුස් එකකට ඇවිස්සිලා එක්කො ඒකට බයිනවා නැත්නම් දැන නොදැනම එක එක දේවල් කියනව සහ පූර්ව නිගමන වලට එළබෙනව.මොනම දෙයක් කියන්න කලින් එහෙම නැත්නම් පාර්ශවයකට ඇඟිල්ල දික් කරන්න කලින් වෙච්ච සිදුවීම හා ඒහා සම්බන්ධ සියලු දේවල් හරියට දැනගත යුතුයි. මේ සිද්ධිය උනත් මාධ්‍ය වලින් කියනව ඒත් ඒ දේ හරියටම උනේ කොහොමද කියල අපි හැමෝම දන්නවද කියල මට ප්‍රශ්නයක් .. ඒ නිසා අනවබෝධයකින් කිසිම දෙයක් ප්‍රකාශ කරන්න මම කැමති නැහැ. මට ලැබුන අත්දැකීම් අනුව මම කීවොත් මම රැග් එකට කැමති නැහැ. හැබැයි තව කෙනෙක්ට ලැබුන අත්දැකීම් අනුව ඒක මිහිරි වෙන්නත් පුළුවන් ඒ ඒක මානසික පිඩාවක් විදිහට තදට දැනුනෙ නැති අයට. ඒ නිසා ඒ අයගෙ අත්දැකීමෙන් ඒ අය රැග් එක ආතල් කීවයි කියල ඒ අයට බයින්නෙත් නැහැ (ඒ ඒ අයට රැග් එක දැනුන විදිහ ..එකම සිංදුව උනත් එකිනෙකා විඳින විදි වෙනස් නෙ ...) ...............රැග් තිබ්බට අවුලක් නැහැ කියන අයට මම කියන්නෙ ඔයාලට පොරොන්දු වෙන්න පුලුවන්නම් ඔයාල කරන දෙයින් කිසිම ළමයෙක්ට ශාරීරිකව හරි මානසිකව හරි පීඩාවට පත්වෙන්නේ නැහැ කියල..එහෙනම් කාටවත් මේක ප්‍රශ්නයක් නෙවේ.
මේකයි හංසියෝ,
Deleteහන්සිට ඔය ඇති අමානුෂික රැග් ලැබුනේ නැහැ වෙන්න පුළුවන්. එත් එහෙම ලැබිච්ච එවුන් ලංකාවේ කැම්පස් කීයක කොච්චර නම් ඉන්නවද? කොච්චර හිටියත් එලියට ඇවිත් ඒ ගැන කියන්නේ කීයෙන් කී දෙනාද?
උඹට එහෙම රැග් ලැබුනේ නැහැ කියන්නේ හැම කැම්පස් එකේම ඒ දේ වෙන්නේ නැහැ කියන එක නෙමෙයි නේ. ඒ වගේම කොහේ හරි කැම්පස් එහෙක සිද්ධියක් එහෙම වුනා කියන්නේ හැම කැම්පස් එකේම එහෙම වෙනවා කියන එකත් නෙමෙයි.
අර කුරුටුවා කියන කතාවත් මට පෙන්නේ එහෙමයි.
උ කියන විස්තරේ කියවන්නත් ආසයි. එත් හැම තැනම එහෙමද? කියන ප්‍රශ්නේ ඉතුරු වෙනවා මේ වගේ සීන් එලියට ආවහම.
කුරැටු ගෑ ගී පවුරේ විශ්ව විද්‍යාල නවකවද විචාරය සහ නලීන් ද සිල්වාගේ සුළග එනු පිණිස විචාරයට
ReplyDeleteදැමු කමන්ට් එක.....(http://kurutugegeepawra.blogspot.it/2016/05/blog-post_8.html?m=1)
විස්ස විද්‍යාලේ යන්නේ ඉගෙන ගන්න නම් ඒක කරන එක නේද යුතු....මන්දා මේ රට වල නම් ඔය බහුබූත වැඩ නෑ ඉගෙන ගන්න එකා අපුරැවට ඕන ඇදුමක් ඇදන් ඉගෙන ගන්නවා... මං දැක්කා ෆේස් බුකියේ ඔය සිද්දිය සම්බන්දව දාලා තිබ්බ පෝස්ට් එකක විස්ස විදයාල හරක් පැටව් දෙන්නෙක් ඒ ගැනු ළමයට විස්ස විද්‍යාලය එපා කරවනවා කියලා... හොදම දේ තමන්ගේ පාඩුවේ කැමති ඇදුමක් ඇදන් ඉගෙන ගෙන රටට වැඩදායි පුද්ගලයෙක් වෙන එක (මගේ මතය)
ලේ පාට හීනගේ කැම්පස් රැග්/යට ඇදුම,wilpattu ,will පත්තු?? Vs vat (http://lepataheena.blogspot.it/2016/05/wilpattuwill-vs-vat.html?m=1) ලිපියට දැමු කමෙන්ටුව.
හීන මම නම් කැම්පස් ගිහින් නෑ ඒත් කාටත් වචනෙකින්වත් හිරිහැරයක් වෙන දෙයක් නොකල යුතුය කියන මතයේ ඉන්නේ...(අපේ රටේ සංස්කෘතික දේවල් අපිට වටිනවා ඒත් සමහර දෑ වෙනස් විය යුතුයි විනීතව..)
මම දැකපු දෙයක් තමා මම ඉන්න රටේ ලදරැ පාසල් වල ඉදන් විශ්ව විද්‍යාල වෙනකම් ළමයි අදින ඇදුම ගැන තියා අනික් අය කන බොන දේ ගැන වත් හොයන් නෑ ඉගෙන ගන්න අය හොදට ඉගෙන ගන්නවා තමන්ගේ දක්ෂකම් වලින් කාටත් වදයක් නොවි ඉදිරියට යනවා...දවසක තමන්ගේ රටට වැඩදායි පුද්ගලයෙක් විදිහට සමාජගත වෙනවා.. මේ ගැන ලිව්ව එකට තුතී නංගෝ
_______________________________
විභියෝ මම නම් රැග් සීන් එකට විරැද්ධයි..කාවවත් වචනෙකින් හරි පීඩනේට පත් කරන එක නම් මහා අශිෂ්ඨයි.... ඔය අනං මනං රැග් නැතුව නිදහස් අධ්‍යාපනේ නාමෙන් හොදට ඉගෙන ගන්න එකමයි යුතු
එච්චරයි..
Deleteඅන්න එකයි වෙන්න ඕන..
නවක වද වධකයන් සතු පොදු ලක්ෂණ කීපයක් තියනවා
ReplyDelete1) හීනමානය (හීනමානය මතුවන්නේ කුල පීඩනය / දරිද්‍රතාව / සමාජ අවස්ථා අඩු බව / ශරීරගේ අඩුපාඩු නිසා මතු වන ඩිස්මෝර්ෆික් තත්වය Body dysmorphic conditions)
2) පවුරුෂ අක්‍රමතා (anti social personality / borderline personality)
3) ළමා කාලයේ කාංසාමය තත්වයන්ට යොමු වී තිබීම. මාතෘ / පීතෘ දුර්ස්ථකරණයට ලක් වීම , අපයෝජනයන්ට ලක්වී තිබීම
4) බාහිර ක්‍රියාකාරකම් නිර්මානශීලීතාව වැනි දක්ෂතා අඩු බව
5) කන්ඩායම් තත්ව වලදී ඉස්මතුවීම සඳහා දරන ප්රයත්නය කැපී පෙනීමට අන් අයගේ අවධානයට ලක් වීම සඳහා ඕනෑම අවධානමක් කර ගැසීම
6) තමන් කෙරෙහි මෙන්ම සමාජය කෙරෙහි ඇති වෛරය
7) සාමාජීය හුදකලභාවය සහ එය වසන් කිරීමට දරන අධි ප්රයත්නය
8) අන්තවාදීබව සහ ධ්රැවගත චින්තනය ( සියල්ල කලු සුදු ලෙස දැකීම) (polarized thinking)
9) අඩු සහනුභූතිය (lack of empathy)
10) පරපීඩා කාමුකත්වය (sadism)
නවක වදය අන්තිමටම දරුනු වුනේ සහ ලිංගික හිංසනයන් ඊට එකතුවුනේ ජවිපෙ විශ්ව විද්‍යාලවල බලවත් වුනාට පසු නේද.මෙය සෝවියට දේශපාලන කදවුරුවල අත්හදාබැලූ දෙයක් නේද.විජේවීර ඉගෙන ගෙන මෙහෙ ගෙනා මනෝ විද්‍යාත්මක උපක්‍රමයක් නේද. වධ දීල දුර්වල වූ පසු දේශපාලන මතය ගිල්ලීමේ ක්‍රමය. මෙය මුලින්ම භාවිතා කෙලේ හිට්ලර් නාසි කදවුරුවල.
Delete//මෙය සෝවියට දේශපාලන කදවුරුවල අත්හදාබැලූ දෙයක් නේද.විජේවීර ඉගෙන ගෙන මෙහෙ ගෙනා මනෝ විද්‍යාත්මක උපක්‍රමයක් නේද.// ටිකක් එකඟ වෙන්න අමාරුයි. ඒවල තිබ්බ තත්වේ හැටියට වෙන වද ඕනේ නැහැ. ඔය කියන වැඩ සී අයි ඒ සංවිධානය, බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවා, රුසියන් සහ අනිත් සියල්ලෝම භාවිතා කරනවා. ලංකාවේ පොලිසි වල වද දෙන්නෙත් විජේවීර ගෙන් ඉගෙන ගෙනැය. මන් හිතන්නේ හැමෝම හැමොගෙන් ම ඉගෙන ගෙන කියල.
Delete@මධ්‍යස්ථ මතධාරියා,
Delete//නවක වදය අන්තිමටම දරුනු වුනේ සහ ලිංගික හිංසනයන් ඊට එකතුවුනේ ජවිපෙ විශ්ව විද්‍යාලවල බලවත් වුනාට පසු නේද.//
මෑත ඉතිහාසේ අපිට මතක් තියෙන කාලෙදී ඕක තමයි සිද්ධ වුනේ.
@Ajith Dharma,
Deleteඅජිත් අයියා,
කතාවනම් සහතික ඇත්ත..
සිසුන් නවක වදයට යොමු වන්නේ මන්ද ? මේ සඳහා බහුවිධ කාරනා තිබේ. මූලික වශයෙන් නවක වද වධකයන් සතු පොදු ලක්ෂණ කීපයක් තිබේ
ReplyDelete1) හීනමානය (හීනමානය මතුවන්නේ කුල පීඩනය / දරිද්‍රතාව / සමාජ අවස්ථා අඩු බව / ශරීරගේ අඩුපාඩු නිසා මතු වන ඩිස්මෝර්ෆික් තත්වය Body dysmorphic conditions)
2) පවුරුෂ අක්‍රමතා (anti social personality / borderline personality)
3) ළමා කාලයේ කාංසාමය තත්වයන්ට යොමු වී තිබීම. මාතෘ / පීතෘ දුර්ස්ථකරණයට ලක් වීම (maternal or paternal deprivation) , අපයෝජනයන්ට ලක්වී තිබීම
4) බාහිර ක්‍රියාකාරකම් නිර්මානශීලීතාව වැනි දක්ෂතා අඩු බව, අව ආත්ම සම්මානය ( poor self-esteem)
5) කන්ඩායම් තත්ව වලදී ඉස්මතුවීම සඳහා දරන ප්රයත්නය කැපී පෙනීමට අන් අයගේ අවධානයට ලක් වීම සඳහා ඕනෑම අවධානමක් කර ගැසීම. කැපී පෙනීම සඳහා ඇති අත්‍යන්ත යොමුව
6) තමන් කෙරෙහි (self loathing) මෙන්ම සමාජය කෙරෙහි ඇති වෛරය
7) සාමාජීය හුදකලභාවය සහ එය වසන් කිරීමට දරන අධි ප්රයත්නය
8) අන්තවාදීබව සහ ධ්රැවගත චින්තනය ( සියල්ල කලු සුදු ලෙස දැකීම) (polarized thinking)
9) අඩු සහනුභූතිය (lack of empathy)
10) පරපීඩා කාමුකත්වය (sadism)
ට්‍රාන්සිල් මේ දැනුම සමාජයට දෙන්න ඕන. නැත්නම් මේ කායික මානසික ලිංගික හිංසනයන් හා අපචාර අපරාධ පෙරටුගාමී රෙද්දකින් වහල මේසෙට එන එක. සුදු රෙද්දකින් වහපු අසූචි ගොඩක් වගෙ. ජේඉෂ්ට උත්තමයො කියන මානසික රෝගීන් පුනරුත්ථාපනය කල යුතුයි කියන මතයට සමාජය එන්න ඕන.වෙලා තියෙන්නෙ පරපීඩක පිස්සො වීරයො වෙලා. උන්ලු නිදහස් අධ්‍යාපනය ලෝක බැංකු කුමන්ත්රනවලින් ආරක්ෂා කරන්නෙ.
Deleteඅනික තමා උප සංස්කෘති වලට මහ සංස්කෘතියෙ නීති කඩන්න බෑ.
මමත් එකට එකඟයි.
Deleteමේක සමාජගත කරන්න ඕන.
//උප සංස්කෘති වලට මහ සංස්කෘතියෙ නීති කඩන්න බෑ.//
මේක අනිවාර්ය දෙයක්.
මගෙ හොඳම යාළුවෙක් (ඒ කාලෙ) පේරෙ ගියා. ඌ පේරෙ ම ගියෙ ඒකෙ තියෙන ෆැන්ටසි එකට ආසාවෙ. ඌ රැග් එක ප්‍රතික්ෂේප කළා. ඒ පාර එන්න එන්නම අමානුෂික රැග් දෙන්න ගත්ත ඌට. අන්තිමේ බෙල්ලෙං අල්ලල, කොමඩ් එකට ඔබල ඒකෙ වතුර පොවල, ඌට හොඳටම ගහල. ඒකාලෙ සිරස ටීවී එකෙත් පෙන්නුව සීන් එක. ඌ දැනටත් මානසික සමතුලිත තාවයකින් නැහැ. උගෙ තාත්ත ටියුෂන් කළේ. තාත්ත මැරුණ පොර ඒලෙවල් කරද්දි. මාර ආර්ථික අහේනියක් මැද්දෙ තමා ඌ පේරෙ ගියෙ. අන්තිමේ ඌට මානසික ප්‍රතිකාර සහ තොවිල් පවිල් ගණනාවක් කරන්න සිද්ධ උනා...
ReplyDeleteආං ඒ අමානුෂික රැග් එකට මම විරුද්ධයි. කොහොමත්, නවකයන්ගෙ අයිතිවාසිකම් උල්ලංඝනය කරන, උන්ට අයුතු බලපෑම් කරන නවකවදයට මම විරුද්ධයි. නවකයන් රසවිඳින, ආතල් එකක් වන, ඔක්කොම සහෝදර බැම්මෙන් බඳින විදිහෙ එකක් ජපුරෙයි කැළණියෙයි තියෙනව කියල මම අහල තියෙනව. (ඩ්‍රැකියානි ජ‘පුරෙ ඉන්ටර්නල්.)
රවි උඩ කියල තිබ්බ වගේ, ඔය මානසික රෝගීන්ට ප්‍රතිකාර දීම අත්‍යවශ්‍යයි. එහෙම නැතිඋනොත්, කැම්පස් එකෙන් එළීයට ඇවිත් ලොකු ලොකු තානාන්තර වල, ලොකු ලොකු වගකීම් දරණ තැන්වලට පත්වෙන්නෙ ඔයවගේ පරපීඩකයො. හොඳම උදාහරණයක් තමා එස්. බී. දිසානායක. සමහර ඩොක්ටර්ල වනචරයො වෙන්නත් එක හේතුවක් මේක...
ඩ්රැකී යෝ.
Deleteඋඹේ උදාහරනේ නම් බොහොම කාලීනයි. සත්‍යයි.
ඒ වගේම ඔය ජාතියේ තව ඕන තරම් ඉන්නවා..
උඹේ යාලුවට වෙච්ච දේ ගැන නම් බොහොම කනගාටුයි..
true
Deleteමමත් කැළණිය විශ්වවිද්‍යාලයේම තමයි. නමුත් මම රැග් එකට විරුද්ධයි. අපේ ෆැකල්ටියම නවකවදයට සහ 'පක්ෂ දේශපාලයන සහ ශිෂ්‍ය දේශපාලනය පටලවාගැනීම'ට විරුද්ධයි.
ReplyDeleteහැබැයි එහෙමයි කියලා අපි විශ්වවිද්‍යාල පද්ධතියට ඒලියන්ලා වුනේ නැහැ. අපිත් කැම්පස් එකේ ඕනෑම අහුමුල්ලක් දන්නවා. අපිටත් රටේ හතරමුල්ලේ යාලුවො ඉන්නවා. අපිටත් සබකෝලයක් නැතුව ඕනැම තැනක වැඩකරන්න කතා කරන්න ශක්‍යතාවය තියෙනවා. රැග් ලීඩර්ස්ලා කියන විදියට "අලයො" වෙච්ච අපිට ඔය කිසිදෙයක් බැරි වෙන්න එපායැ එහෙනම්.
නවකවදය කියන්නෙ මාර රහයි කියල පිටට පෙන්නන්න හදන විකාරයක්. සීනියර්ස්ලා ජූනියර් බැච් එකත් එක්ක සුහද වෙන්න අපිට නවක වදය තිබුනෙ නෑ. ඒ වෙනුවක අපේ ෆැකල්ටිය කලේ;
1. ෆස්ට් ඉයර්ස්ලා වෙනුවෙන් කැළණිය පන්සලේ බෝධි පූජාවක් සංවිධානය කලා.
2. ෆිල්ම් ෆෙස්ටිවල් එකක් තිබ්බා සම්පූර්ණයෙන්ම නොමිලේ
3. වෙසක් එකට කූඩු තරඟයක්, දන්සැලක්, භක්ති ගීත සංදර්ශණයක් තිබ්බා
4. නත්තල් උත්සවයක් තිබ්බා ෆැකල්ටිය ඇතුලේ. මට මතකයි සෙකන්ඩ් ඉයර් එකට උන්නු බතලම අයියා නත්තල් සීයට ඇඳලා ෆස්ට් ඉයර්ස්ලාට ටොෆි බෙද බෙද කැන්ටිම පුරා ඇවිද්ද හැටි.
5. පොසොන් උත්සවයට ශීල ව්‍යාපාරයක් කලා. අනිත් පෝයවල් වලට ධර්ම දේශනාමය පිංකම් සංවිධානය කලා.
6. නවකවදයට විරුද්ධව දැනුවත්කිරීමේ වැඩසටහන් පැවැත්වුවා.
7. ට්‍රිප් ගියා.
8. ඔය සේරගෙන්ම අපේ බැච් එකේ එකමුතුකම ගැන සීනියර්ස්ලාට සෑහෙන්න පුලුවන් මට්ටමක් ආවම සෝෂල් එක තිබ්බා
9. ඉන් පස්සෙ ෆස්ට් ඉයර්ස්ලා තනියම සංවිධානය කරන මුල්ම ඉවෙන්ට් එක, සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් පැවැත්වුවා.
අපි කැම්පස් හිටපු අවුරුදු හතරෙනම් සයන්ස් ෆැකල්ටියෙ වැඩ සිද්ධ වුනේ මෙහෙම. නවකවදය නැතිවුනායින් අපිට නැතිවුනේ 'අනවශ්‍ය මානසික පීඩාවන්' විතරයි.
කැමති නම් සහභාගී වෙන්න නැත්තම් නිකන් ඉන්න අවස්ථාව තිබුනද? නැත්තම් අරුන්ට අහුවෙයි කියන බයට මුන් එක්ක හිටියද?
Deleteමේ කියන ඒවට තමයි ගොඩ දෙනෙක් රැග් එක කියන්නෙ.අන්න ඒකයි ආතල්ම ටික.
අනිවාර්යයෙන්ම!
Deleteමොකද වෙසක් උත්සවයට සූදානම්වෙන කාලෙ මට cima එක්සෑම්. මම කූඩු හැදීම් ඒවට මේවට සහභාගි වුනේ නැහැ කියලා කිසිම බලපෑමක් වුනේ නෑ කාගෙන්වත්.
@ බස්සි,
Deleteඔය තියෙන්නේ මචෝ කරනවා නම් වැඩ,
මේ එක එකාව කක්කුසි වලවල් වල ඔබන්නයි, රෙදි ගලවන්න යි යන්නේ නැතුව කොච්චර ලස්සනට ඔය දේ කරන්න පුළුවන් ද?
නවක වදකයෝ නම් උස් තැන් වලට මන්ගච්චති!
ReplyDeletehttp://mallepol.blogspot.com/2016/05/blog-post_8.html
යකෝ,
Deleteඋඹේ මේ කතාව දැකල පුදුම හිතුනා බන්.
තව කී තැනක ඔහොම එවුන් ඉන්නවද දන්නේ නැහැ...
මේ දවස් වල වයඹ කැම්පස් එකේ උගන්නන්නෙ නෑ ඒ ෂෝෂල් එක පාලනාධිකාරියෙන් දැනුම් දිපු දවසට පෙර නොකල නිසා ඒ අරෝවටත් හේතුව නවක වධය තමා. නමුත් දන්නා පරිදි ඔය තරං කුප්ප විදියට වයඹ නවක වදය යන්නෙ නෑ...
ReplyDeleteඇත්තටම විභී කියනව වගේ මටත් හිතෙනව බහුතරයක් වන හීන මානසිකත්වයන් පිරිසත් තමන්නේ ඒ මානසිකත්වය තහවුරු කරගන්නටත් සාධාරණය කරගන්නටත් කරන ක්‍රියාවක් තමයි නවක වධය
ඕනම කෙනෙක්ට ඕන විදියකටජීවත් වෙන්න අයිතිය තියෙයි ඒත් අනික් අයට කරදරයක් නැකතිවෙනකං විතරයි
ඔන්න ඔච්චරයි වෙන්න ඕන...
Deleteආයෙ අමුතුවෙන් ලියන්න දෙයක් නෑ.. අතිශ්‍යෝක්තියට නඟපු කාරණා යතාර්ථයක් කරගෙන තියෙනවා ගොඩ දෙනෙක්.
ReplyDeleteලංකාවෙ ඉදිරි කාලය තීරණාත්මක විය හැකියි.විවිධ වෙනස්කම් සිදුවිය හැකියි.ඒවාට මුලින්ම සංවේදී වෙන්නෙ තරුණයන්.තරුණයන් රාශිගතවී ඉන්න තැනක් සරසවිය.ඒ තුලින් රටට දැනන හඬක් මතුවිය හැකියි.එය ඇතැම් දේශපාලන පක්ශ විසින් විකුණාගෙන කන අතර ඇතැම් පක්ශ වලට කන්දොස්කිරියාවක්.
හොඳම දේ ඔවුන්ට තියෙන පිළිගැනීම නැති කිරීම.
බොන බෙහෙත් පෙත්තට වැට් ගහලා කාර් ගන්න එක යට යවලා රැග් එකක් අල්ලන් උඩ පනින එක බුකියෙ වෙන එක ගැන දුකක් නෑ.මොකද ඒ පේජ් මේ වෙනකොට විකිණිලා ඉවරයි.
අඬලා.... අඬලා... අඬලා කිරි එරවගන්න ඕන තත්වයක් දැන් කැම්පස් වල තිය්න්නෙහැබැයි අඬන එකට පනිශ්මන්ට් ශුවර්.ඒ නිසා නැති එකමුතුවක් බොරුවට පෙන්න ගන්න රැග් එක කියන එක භාවිතා වෙනව කියන එකයි ගස්ලබ්බගෙ මතය.මේක සමහර රෝගීන් විසින් පාවිච්චි කරන අවස්ථා නැත්තෙ නෑ.හරියට වෙන තැනක ඒ පිස්සන්ව එලවලා දාන එක එසැනින් ක්‍රියාත්මක වෙනවා.
කොහොම උනත් කැම්පස් වල සිලබස් අප්ඩේට් කරන එක ගැන කථා කරනවාට වඩා රැග් එක ගැන කථා කරන එකේ ලල් එකක් ඇති.
ජයවේවා..!!
//කොහොම උනත් කැම්පස් වල සිලබස් අප්ඩේට් කරන එක ගැන කථා කරනවාට වඩා රැග් එක ගැන කථා කරන එකේ ලල් එකක් ඇති.//
Delete--------එහෙම ඇති මයේ හිතේ...කවුද බන් සිලබස් ගැන කතා කරන්න කැමති..
//බොන බෙහෙත් පෙත්තට වැට් ගහලා කාර් ගන්න එක යට යවලා රැග් එකක් අල්ලන් උඩ පනින එක බුකියෙ වෙන එක ගැන දුකක් නෑ//
-------------මේ ගැනත් අපි කතා කරන්න ම ඕන.අනිවා.
1975දී රූපා රත්නශීලි සදහටම ආබාධිතයෙක් කලේ ඔය නවක වධයමයි. ඉන් අවුරුදු හතලිහකට පසුත් අපි එතනමයි.
ReplyDeleteසමහර එව්වා සිද්ධ වෙලා අවුරුදු දෙදාස් ගණන් ගිහිල්ලත් අපිප් එතන ම නම් , මේ අවුරුදු හතලිහ මොකක්ද බන්...
Deleteට්රාන්සිල්වේනියාගේ ලිපියත් ඔබේ ලිපියත් එකම මාතෘකාවක් ගැන මුත් කෝන දෙකකින් කල විග්රහයන්. මෙය රජය විසින් ගොඩ නැගූ මාතෘකාවක් ලෙස කියන මතය පිළිගත හැකි වුවත් සාකච්චා කල යුතු පැනයක් මයි.
ReplyDeleteරැග් වාදී උන්මත්තකයන් විවිද තර්ක මතු කරමින් උන්ගේ පහත් වින්දනයට අනෙක් උන් ගොදුරු කර ගැනීමේ පහත් උත්සහයක් පමනයි මෙතැන තියෙන්නේ.
//මෙය රජය විසින් ගොඩ නැගූ මාතෘකාවක් ලෙස කියන මතය පිළිගත හැකි වුවත් සාකච්චා කල යුතු පැනයක් මයි.//
Deleteඅනිවා ඒ ගැන නම් සම්පූර්ණයෙන්ම ඔබත් එක්ක එකඟයි.
මරන්න හිතෙනවා කාල කන්නි අසමජ්ජතියෝ ටික මුන් කැම්පස් එවන්නේ අම්මලා තාත්තල දුක් විදලා මේවා කරන්නද බන්
ReplyDeleteරටේ අවාසනාව බන්..
Deleteමේ දවස්වල බුකියෙත් සෑහෙන්න සංවාදයක් ගියා නේ රැග් වීම ගැන. ඒ සංවාද වල රැග් එකට පක්ෂව වගේම විපක්ෂවත් සාකච්ඡා වුණ කරුණු ගොඩක් කියෙව්වා. ඒකෙන් රැග් එකට පක්ෂයි කියල මං දැක්ක ගොඩක් අදහස් වල තිබ්බ තර්ක කිසිම පදනමක් නැති ඒවා. මොකද කැම්පස් එකක කට්ටිය අඳුරගන්න, තැන් ටික දැනගන්න රැග් වෙන්න ඕනෙ නැහැ.
ReplyDeleteඅනිත් එක මේ රැග් එක මගින් කියන්න හදනවා සීනියර්ලා කියන්නෙ ජූනියර්ලට හෙනම ආදරේ සත්ව කොටසක්ය,මොනවහරි වුණොත් ජූනියර්ලව බේර ගන්න සීනීයර්ල ඉන්නවය කියලා එකක්. ඒත් කවදාවත් එහෙම වෙන්නෙ නැහැ. මොකද සීනියර්ල කියන්නෙත් එක්තරා මිනිස්සු කොට්ඨාශයක්. ඔය මොනව කරලවත් මිනිස්සු හදන්න බැහැ. රැග් වුනාය කියලා ආත්මාර්ථකාමී මිනිස්සු පරාර්ථකාමී වෙන්නෙ නැහැ. අනිත් එකාට උදව් කරන එකා රැග් උණත් නැතත් ඒක කරනවා. අනිත් අයට වල කපන්න හදන එකා රැග් උණත් නැතත් එක කරනවා.
රැග් හෝ නවක වදය හෝ නවක අනුරූපීතාවය යන ඔනෑම මාතෘකාවක් ඔස්සේ තව කෙනෙක් කායික හෝ මානසික පීඩාවකට පත් කිරීම වැරදියි.
එක්තාරා ප්‍රමානෙකට කට්ටිය ෆිට් වෙනවා තමයි. එත් සමහර බලු වැඩ හින්දා නම් එහෙම ෆිට් එකක්වත් හැදෙයි කියලා කීයටවත් හිතන්න බැහැ.,
Deleteඑක නම් ඇත්ත බන් එකයි මුන් ඉගෙන ගත්තට වඩා හොදයි තණ කොළ කෑවනම්
ReplyDeleteහරකුන්ටත් ලජ්ජා හිතෙයි...
Deleteඇයි බන් නවකන්ට වැඩ දෙන්නේ? ඕක දාම ක්‍රියාවලියක් කියල හිතල අපි ඔය දාමය බින්ද, බිඳලා අවුරුදු 3 පට්ටෙට හිටිය, සුපිරිම එවෙන්ට් එක්ක ජුන්නොන්ව මොටිවෙට් කළා, උන් තරංග වලට ගිහින් දිනන, එත් ආච්චිගේ උප සංස්කෘතිය අයෙත් අපෙන් පස්සේ රිංගලා යකා නටනවා, ඕවා ආකල්පමය වෙනසකින් මිසක් නීතියෙන් ගහල මරල හදන්න පුළුවන් දේවල් නෙවෙයි බන්.
ReplyDeleteයස්...
Deleteඑක එහෙම තමයි වෙන්න ඕන.
කොන්ද කෙලින් තියන් ඉන්න පුළුවන් විදියේ පරිසරයක් හදාගන්න ඕන...
උන්ට ඕන උනාම කබරගොයා තලගොයා කරගන්න තියරිය තමයි ක්‍රියාත්මක වෙන්නෙ. කැම්පස් ගියේ නැති එවුන්ට රැග ගැන කතා තහනම්. හැබැයි ඕකුන්ට බුක්මාක් විකුනනකොට, කැටේ හොල්ලනකොට අටපාස් එවුන්ගෙන් සල්ලි ගන්න කැපයි. උද්ඝෝෂණ කරනකොට මහජනතාව අපහසුතාවයට පත් කරනකොට එව්ව කරන්නෙ අපි වෙනුවෙන්, ඒ නිසා කාගෙන ඉන්න ඕන. මොකා කලත් වධය වධයම තමයි. බැච් ෆිට් එක , සමාන තත්වයකට ගේන්න කියා කියා රැග් කරන උන් ඒ දේවල් සාධාරණීකරණය කරන්න හැදුවට ඔය මහා සම්මත රැග නිසා ඒ මිනිස්සු වෙනස් වෙනවද? ඔතනින් අයින් උනාම ඔය මහා බැඳීම් තියනවද? තමන්ගේ දරුවෙක් කැම්පස් එන දවසක ඒ දරුව වධයක් විඳිනවට කැමතිද? ඒකෙ අවුලක් නැත්තං උන් අම්මල තාත්තලද?
ReplyDelete//උන්ට ඕන උනාම කබරගොයා තලගොයා කරගන්න තියරිය තමයි//
Deleteමම හිතන්නේ සජ්ජෝ ඔය නවකවද කාරයෝ මුලින්ම උගන්නන්නේ ඔය "ගොයා තියරිය " වෙන්න ඇති.
මුන්ට අමතකයි මුන්ට ඉගෙන ගන්න අට පාස් එවුනුත් වියදම් කරන විත්තිය.
ඕක නම් පිළුණු තර්කයක්..වැඩක් නෑ.. මෙන්න මේක නම් ඉන්ටරස්ටින්..
ReplyDelete// QUALITY MANAGEMENT සහ ENVIRONMENT MANAGEMENT ගැන බොග දාන්න// හැබෑට.. දෙන්න එකතු වෙලා දාමුද ඔඩිට් ෆර්ම් එකක්? උඹ 9001 යි 14001 යි බලපන්.. මම 18001 බලන්නම්.. :) මේක කලින් දැනන් උන්නේ නෑ.. උඹෙන් ඉස්සරහට මට වැඩ තියෙයි වගේ..
අඩෝ,
Deleteඋඹත් එහෙනම් standards ෆීල්ඩ් එකේ පොරක් ද?
මටත් බොහොම වටිනවා උඹ වගේ එකෙක් අඳුරගන්න ලැබීම..
---
ආ අර පිළුණු තර්ක පැත්තක දාමු...
නියමෙට ලියලා, 100% එකගයි...
ReplyDeleteකියෙව්වා ට තැනක් යූ..
Deleteකමෙන්ට් එකටත් තැනක් යූ..
රැග නැතුව අපි මේ යස අගේට ඉන්නේ...
ReplyDeleteකැම්පස් එකෙන් අවුට් වෙලා අවුරුදු 10 ක් වෙලත් අදටත් අපි එදා සෙට් වෙච්ච එවුන් තාමත් කොහේ කොහේ හරි සෙට් වෙලා බොනවා, ට්‍රිප් යනවා, එකට බිස්නස් කරනවා. නොකරන මගුලක් නැහැ...
ඒ ෆිට් එක ඇති වෙන්න අපිට රැග් ඕනේ උනේ නැහැ...
ගිරවා දාගෙන ලකුණු අරගෙන කැම්පස් ගියාට මුන්ට බුද්ධියක් නැහැ...
බොහොම ටිකකට තමයි බන් ඔය අසනීපෙ තියෙන්නේ..
Deleteඅනිත් එවුන්ට තියෙන්නේ "එහෙයි සර් " අසනීපෙ.
සින්නො කියන හැම මගුලටම "එහෙයි " කියලා කියලා පුරුදු වෙලා දැනුත් උන් අපි ඉස්සරහ අරුන්ට "එහෙයි " කියනවා...
අමානුෂික රැග් නැති විය යුතුය . අමානුෂික නොවන රැග් ?
ReplyDeleteඒ කාලෙ බිම බලාගෙන බොහොම බයෙන් හිටපු මට බැනලා මූණ දිහා බලාගෙන ඉඳිං කියලා එකදිගට කුණුහරුප කිව්ව සීනියර්කාරයව මට මරාගෙන මැරෙන්න හිතුණා . හැබැයි අපේ ගෙදර ආර්ථික තත්ත්වය , තාත්තගෙ අහිමිවීම ගැන ඇහුවම වැඩියෙන්ම උදව් කලෙත් ඒ අයියම තමයි. ඒ නිසා රැග් එක මට තවමත් ප්‍රශ්නාර්ථයක් ! මං පෞද්ගලිකව රැග් නොකළත් රැග් එක සුන්දරව විඳපු අයට දොස් කියන්නෙ නෑ.