2015-03-21

දෙමළ අජීරණ වීම | Fucking Sinhala Extremists

මේ ලංකාව අයිති සිංහලයින්ට විතරයි කියල හිතන ගොන් බඳින කණු ටික මේ දවස් වල රටේ ජාතික ගීය අල්ලාගෙන අම්බානෙට කුලප්පු වෙලාය. ජාතික ගීයේ දෙමළ පරිවර්තනෙ ගායනා කරන්න මීට පස්සේ කිසිම බාධාවක් නැහැ කියලා ජනාධිපතිවරයා කිව්වා කියලා මුන් ටික දැන් ඉන්නේ පුක දාච්ච නරි වගෙය. මේ නරි සේරම මේ වෙලාවේ තොරතෝංචියක් නැතිව මෛත්‍රී ට මඩ ගහන්න පටන් අරන් ඇත. ජාතියේ අවාසනාවක් ගැන දුක් ගාවිනා ගයන්නට පටන් අරන් ඇත. මෙහෙව් අවජාතක නරි රැලක් රටක සිටීම ඇත්තටම මුළු රටම කරලා තියෙන මහා පවුකාර කමක් ය.



දෙමළ කියන්නේ මේ රටේදෙවෙනි ප්‍රධාන භාෂාව බව මේ හිඟන්නන් ට දැන් අමතක වෙලාය. උන් හිතන්නේ මෙරටේ තියෙන්න පුළුවන් සිංහල භාෂාවෙන් කියවෙන ලියවෙන දේවල් විතරයි කියල ය. එක ඉතින් උන්ගේ අම්මලා ගේ රෙද්ද ය. මීට අවුරුදු පනස් ගානකට කලිනුත් ඔය වගේ මොලේ අමාරුවක් තිබ්බ පිස්සෙක්  සිංහල රාජ්‍ය භාෂාව කරලා දෙමල භාෂාව අමතකම කරලා දැම්මේ ය. දෙමල මිනිස්සු උන් උපන් රටේම අනාථ විය. එකට උන් ප්‍රතිචාර දැක්වුවේ එක එක කාල වකවානු වල එක එක විදි වලට ය. කොටි සංවිධානය ඔය ජාතියේ එක ප්‍රතිචාරයක් ය. ඒ බව තේරුම් ගත්තු එවුන් මේ රටේ ඉන්නේ බොහොම සුළු පිරිසක් ය.

දෙමල භාෂාවෙන් කියන්නෙත් සිංහලෙන් කියන ජාතික ගීයම කියන එක, තියෙන්නේ ත් සිංහලෙන් කියන ජාතික ගීයේම තේරුම ම බව අද බුකියේ රෙන මේ නරි රෑන දන්නේ නැත. දැනගත්තත් කියන්නේද නැත. උන්ට ඕන කොහම හරි ජාතින් අතර ට මොකක්හරි ගිනි පුලින්ගුවක් දාලාදෙගොල්ල පත්තු කරලා ආපහු රට අනාත කරවන්න ය.

මේ අපතයෝ නොදන්නවා වුනාට 1949 පලවෙනි ජාතික නිදහස් උත්සවයේදීත් කියපු ජාතික ගීය( අද තියෙන එක නොවන්න ට ඇත ) සිංහලෙන් වගේම දෙමළෙනුත් ගායනා කර ඇත. 1951 ඉඳන් අපේ මරජානෝ ගේ කාලේ 2010 වෙනකම්ම ඔය කියන ජාතික ගීයේ දෙමල පරිවර්තනේ ගායනා වී ඇත. එත් අද කහින මේ වරත්තුවෝ ටික එදා සද්ද වහල හිටියේ දෙමළෙන් කියපු වචන ටික උන්ගේ මයිල් පිරුණු කන් ඇතුලට ඇහුනේ නැති හින්දා ද නැත්නම් ඒ කාලේ හිටියේ එයාලගේ රෙද්දේ ජනමූල බයියා වහන්සේ හින්දද කියන එක තෝරාගන්න ව්දියේ මහන්සි වෙන්න ඕනා නැත. ඔය දෙමල භාෂාවේ ජාතික ගීය කියන නවත්තන්න කියල බලු ඉල්ලීම කලේ අර රත්නපුරේ පැත්තේ ඉන්න ජුවන් කියන ඒකාය. එක නීතියක් විදියට නිකුත් නොකලාට නිල නොවන විදියට වැඩේ කලේ නීතියක් කරන්න ගියොත් ලොකු ප්‍රශ්නයක් ඇතිවෙන හින්දය.

අනිත් කාරණේ දැනට අවුරුදු හත අටක ඉඳන් හැම රජයේ සේවකයෙක් ම දෙමල භාෂාව දැනගෙන ප්‍රවීණතාව ලබා ගෙන ඉන්න ඕනා කියලා රාජපක්ෂ ස්ටෝස් වලින්ම චක්‍රලේඛ නේ ආවම අද මේ ණයට කහින එවුන්ට  කතාකරන වචන එදා අමතක වෙලා තිබ්බද කියන එකත් සෑහෙන්න බොන්න සිද්ධවෙන ප්‍රහ්නයක් ය. " රාජ්‍ය සේවය ඉවරයි", "පර දෙමළුන් රාජ්‍ය සේවය අතට ගනී ", " මේකද ආශ්චරියේ " කියල අහන්න එකෙක් එදා හිටියේ නැත. ඒ එදා නියෝග දුන්නේ එයාලගේ ලොක්කානෝ  නිසාය. මෙදා විරුද්ධ වෙන්නේ , ඉන්නේ එයාලගේ ලොක්කා නොවන නිසාය. මේ වගේ අපතයින් ව සරලව සිංහලෙන් හඳුන්වන්නේ " මෝඩ දේශද්‍රෝහීන් " කියලාය.

වියවස්තාවේ තියෙන්නේ එක ජාතික ගීය ය, එකේ වෙන පරිවර්තන කොහෙවත් නැතිය කියල බම්බු තර්ක ගෙන උන්දලාගෙන් අපිට අහන්න තියෙන්නේ උඹලාගේ ම රැලේ ඉන්න එක්තරා පිස්සෝ සැට් එකක් මීට සති දෙක තුනකට කලින් දළදා මාලිගාවට ගිහින් එතැන් තිබ්බ ජාතික කොඩි ගලෝලා රතු පාට ලේ ගොඩක් මැද්දේ කඩුවක් අරන් ඉන්න සතෙක් ඉන්න කොඩියක් දානකොට ඔය ඇස් ගෙඩි  වලට දාලා තිබ්බේ මොන ජාතියේ සන්ග්ලාස් ද කියලා ය, කටවල් වල හිර කරන හිටියේ මොන පිටි වලින් හදාපු පිට්ටු ද කියලා ය.
උඹලාගේ කටවල් පාවිච්චි කරලා කතා කරන්නේ මොන "වංශේ" වාචාලයෙක්ද, ජාතිවාදියෙක්ද කියන එක අපිනම් හොඳින් තේරුම් අරන් ඉන්න කාරණයක් ය.

අපි හැමෝම සන්තෝස වෙන්න ඕන කාරණය ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීම් නොව දෙමළ මනුස්සයා දෙමළෙන් ඊලාම් ගීයක් ගායනා නොකිරීම ගැනය. හෙට උදේට දෙමල මිනිහෙක් ඊළාම් ගීයක් ජාතික ගීය හැටියට කිව්වොත් කොටින්ටත් වඩා සතුටු වෙන්නේ මෙහෙ ඉන්න සිංහල ත්‍රස්තවාදී සැට් එකය. උන් ඒ තරමට කෝටි ආපහු නැගිටිනවාට මනාපය. රට ආපහු යුද්ධෙකට තල්ලු වෙනවා ට මනාපය.ඒ මොකද කියනවානම් උන්ගේ පැවැත්ම තියෙන්නේ එව්වා මත නිසාය.

කොහොමෙන් කොහොම හරි කියන්නේ තියෙන්නේ මෙච්චර ය.
ජාතික ගීය, ජාතික කොඩිය, රාජ්‍ය ලාංඡනය වගේ දේවල් තියෙන්නේ රට , රටේ මුළුමහත් ජනතාවම සංකේතවත් කරන්න මිසක්කා රටේ ඉන්න ගොන් බඳින කණු වලට එව්වා අල්ලාගෙන ගොන් ආතල් ගන්නට ඉඩ දෙන්න නොවේය. ඔව්වා නිකම් සංකේත මිසක්  මහලොකු වටිනාකමක් ඇති එව්වා නොවේය.ඕවා තිබා කියලා රැකගත්තා කියලා රටවල් දියුණු වෙන්නේ නැත. රටවල් දියුණු වෙන්නේ පේන්ට් කරපු රෙදි කෑලි වලින්වත් තාලෙට කියන සින්දු වලින්වත් අමුතු අමුතු විච්චුරන ලාංඡන වලින්වත් නොව එකට එකතුවෙලා මහන්සිවෙලා වැඩකරන මිනිසුන් ගෙන් ය. ඕක අර ජාතිවාදී බල්ලෝ තේරුම් ගන්නේ නැත. උන්ට එව්වා තේරුම් ගන්න ඕනත් නැත. තේරුම් ගන්න කැමතිත් නැත. ඒ මොකද කියනවා නම් රට දියුණු වෙච්ච දවසට උන්ට විකුනන්න ප්‍රශ්න නැතිවෙන නිසාය.

ජාතික සමගිය කියන්නේ මහා ජාතියේ සපත්තුවට පෑගී ගෙන අනෙක් සුළු ජාතිය කට වහන් ඉන්න එක නොවේය. හිටපු එකා හිතන් හිටියේ එහෙමය. එත් මිනිස්සුන්ට එකෙන් නිදහස් වෙන්න උවමනා වෙච්ච හින්දා සිද්ධ වුනේ වෙන දෙයක් ය.

සිංහල ජාතික ගීයයි දෙමල ජාතික ගීයයි කියල දෙකක් තියෙනවාට වඩා විභීෂණ නම් මනාප එකම  ජාතික ගීය භාෂා  දෙකේම කෑලි එකතු කරලා හැදිලා තියෙනවා නම් ය. එතකොට භාෂා දෙකට දෙපාරකට නොව දෙගොල්ලන්ටම එක පාරටම ජාතික ගීය ගායනා කරන්න පුළුවන. දෙමල පර්වර්තනේ ට නිදහස දීපු එකට සිංහල ත්‍රස්තවාදීන් ගේ "අහිංසක" ප්‍රතිචාර දැක්කාම නම් විභීෂණ ගේ  ඒ යෝජනාව ලොවෙත්  මේ රටේ නම් ක්‍රියාත්මක වෙන්නේ නැති බව ඉර හඳටත් වඩා විභීෂණ ට  විශ්වාසය.

"එක  මවකගේ දරු කැළ බැවිනා..යමු යමු වී නොපමා..
ප්‍රේම වඩා සැම  භේද දුරැර දා ...නමෝ නමෝ මාතා..."

ඔය තියෙන්නේ අපේ ජාතික ගීය ඇතුලෙම තියෙන මේ රට දියුණු වෙන්න ඕන කරනවටිනාම උපදේශය ය. කටපාඩමින් කියනවා වගේම ක්‍රියාත්මක කරන එකේ වගකීම තියෙන්නේ ද අපේ අතේය. සැබෑ ශ්‍රී ලාංකිකයෙක් වෙන්නේ එතකොටය.



එහෙනම් ..

ආපහු හම්බු වෙමු.

අපි ගියෝ..

--------------------------------------------------
මේ පොස්ටුව ලියන්න සමහර තොරතුරුත්  අන්තිමේට දාලා තියෙන ෆොටෝවත් ගත්තේ මෙන්න මේ බුකි පිටුවෙන්ය.

https://www.facebook.com/slupfa/posts/10153080693091259:0


58 comments:

  1. අර හිටපු නාවිකයා පාර්ලිමේන්තුව ඇතුලේ වර්චස් කරන්න දැඟලුවේ මොකද? ඌට දෙමලු අරහං වෙලා තියෙන්නේ නානසාර උගේ පශ්ශා පැත්ත ගැන බලාගන්න නිසාද?

    ReplyDelete
    Replies
    1. යුද්ධයේදී යුධ නාවික ගුවන් හා පොලිස් යන හමුදාවන් මෙන්ම ජනතාවද විශාල කැපකිරීමක් කළා. එසේම යුධ මානසිකත්වය ගොඩනගන්න ක්‍රියා කළ දේශපාලනඥයන්ද විශාල සේවයක් කළා. විදේශීය සහායත් ලැබුනා. මේ සියල්ලේ එකතුව තමයි යුධ ජයග්‍රහණය. පසුගිය කාලයේ මෙම ජයග්‍රහණයේ තනි අයිතිය රාජපක්ෂ පවුල බදාගන්න ගිහිනුයි අවුල ඇතිවුනේ. රාජපක්ෂට වඩා ෆොන්සේකා ට යුධ ජයග්‍රහණයේ හිමිකමක් තියනවා. හැබැයි මේ කිසිවක් තනිව කළ ඒවා නොවෙයි. නාවික ගුවන් සහාය නැතිව යුද්ධය දිනන්න බෑ.

      ඔය කියන නාවිකයා යුධ මානසිකත්වය ඇතිකිරීමට විශාල සේවක් කළ කීන්ක්. ඔහු දෙමළ ජාතිවාදය ගැන ප්‍රමානවත් දේශපාලන දැනුමකිනුත් සන්නද්ධව සිටියා.

      ඥානසාර කියන්නෙ නම් දේශපාලන නළුවෙක්. ඔහුගෙ ක්‍රියා නිසා මුස්ලිම්වරු අසහනයට පත්වෙලා විශාල ප්‍රශ්නාය්ක් ඇතිවුනා. ඔහු ප්‍රශ්න නිර්මාණය කළ කෙනෙක්.
      දෙමළු පෙන්නන්න බැරිකමක් කාටවත්ම නෑ. නමුත් දෙමළ ජාතිවාදය ගැන ( හතලිස් ගනන් වල යුදෙව්වන්ට රටක් අවශ්‍ය වූවා සේ අද තිබෙන්නේ ලෝකෙ කොහෙන් හෝ දෙමළුන්ට රටක් සොයාගැනීමේ අරගලයයි. ඒ සදහා දුර්වල ලංකාව තෝරාගත්තේ ඉන්දියාව , මැලේසියාව වැනි රටවල් එක්ක මේ සෙල්ලම් දැම්මොත් කන්න වෙන නිසයි.
      ථේරවාද බුද්ධාගම , අවිහිංසාව වැනි කරුණු අධ්‍යනය කරල තමයි මේවා මුලින්ම පටන් ගත්තේ.

      ෆොන්සේකා කාගෙවත් සහායක් නැතිව පුරාණ ග්‍රීක මිත්‍යා කතාවල යෝධයෙක් වගෙ ගිහින් කොටි පැරැද්දුව කියන කතාව නම් එතුමාටත් අගෞරවයක්.

      Delete
    2. @ විචාරක,

      වෙන්න පුළුවන්...කවුද විචා ඔව්වා දන්නේ..

      Delete
    3. @ ම.ම.

      කතාව ඇත්ත.
      ෆොන්සේකා කියන්නේ යුද්ධ ජයග්‍රහණයේ තනි අයිතිකාරයා නොවෙයි. කවුරු කොහොම කිව්වත් එක තමයි ඇත්ත. එදා යුද්ධෙ කරන්න ෆොන්සේකා හිටියත් මහින්ද-ගෝඨාභය වගේ මිනිස්සුන්ගේ දේශපාලන නායකත්වය නොලැබෙන්න යුද්ධෙ දිනන්න ලැබෙන්නේ නැහැ. එත් මහින්ද යුද්ධෙ සම්පූර්ණ අයිතිය බලෙන් වගේ උදුරාගෙන අන්නිත් එවුන් ඔක්කොමව පැත්තකට දාලා තනියෙන් රජ වෙන්න ගිහින් සිද්ධ වුනේ ෆොන්සේකා ත් එයාගෙන් ඈත් වෙච්ච එක.
      ෆොන්සේකා මහින්දට විරුද්ධව ඡන්දෙට ආපු "වැරැද්දට" පලි ගත්තු හැටි අපි හැමෝටම මතකයි නේ.
      එදා ෆොන්සේකා කරපු සේවයට සලකලා මිනිහා එක්ක සමාදානෙන් හිටියා නම් අදත් ෆොන්සේකා මහින්ද ගේ පැත්තේ.
      මහින්දා ෆොන්සේකාගෙන් අන්තිම පහත තත්ත්වෙට පලි ගන්න ගිහින් සිද්ධ වුනේ ෆොන්සේකා තව්ව තවත් මිනිස්සු අතර වීරයෙක් වෙච්ච එකයි.

      Delete
    4. @ ම.ම

      ඥානසාර කියන්නේ පිළිලයක්. එච්චරයි.

      Delete
  2. ස්තුති විභීෂණ ,, අනේ මන්දා අපේ රටේ මිනිස්සු නම් බන් කවදා මේ ළදරු බවෙන් මිදිලා ආලෝකේ දිහාව බලයිද කියලා .. මාතලන් සින්ඩියේ දාලා තියෙනවා මේ වගේම අපූරු විසතරාත්මක ලිපියක් ඔයත් බලන්න නියමයි

    ReplyDelete
    Replies
    1. බලමු. කියවලා.

      එක නෙමෙයි..

      ඔමා මොකක් හින්දා ද මට ස්තුති කලේ.?

      Delete
  3. ///ඔව්වා නිකම් සංකේත මිසක් මහලොකු වටිනාකමක් ඇති එව්වා නොවේය.ඕවා තිබා කියලා රැකගත්තා කියලා රටවල් දියුණු වෙන්නේ නැත. රටවල් දියුණු වෙන්නේ පේන්ට් කරපු රෙදි කෑලි වලින්වත් තාලෙට කියන සින්දු වලින්වත් අමුතු අමුතු විච්චුරන ලාංඡන වලින්වත් නොව එකට එකතුවෙලා මහන්සිවෙලා වැඩකරන මිනිසුන් ගෙන් ය.///

    උඹේ අදහස් ටිකනං මසුරං...

    ReplyDelete
    Replies
    1. එහෙනම් අවුලක් නැහැ.

      Delete
  4. මහින්ද රාජපක්ෂ හා ඔහුගේ ගූ හොරු එල්ලෙන්න වැලේ වැල් නැතිව වෙලේ වල් ගහක හෝ එල්ලෙන්න බලමින් සිටි.. උන්ට මේවා ඌරන්ට ගූ ගොඩක් හම්බ උනා වැනිය..

    ReplyDelete
    Replies
    1. උන් ගූ කාපු දෙන් . අපි අපේ වැඩේ කරගෙන යන්.

      ගූ අයින් කරන්නත් කවුරු හරි ඉන්න එපැය .

      Delete
  5. මගේ පඩංගුවේ දාපු කොමෙන්ටුවක් මේකටත් දාන්නම්..
    අව්වට වේලි වේලි වැස්සට තෙමි තෙමි තමුන්ගෙ පවලට කන්න දෙන්න, එදා දවසෙ වෙලා පිරිමහගන්න වෙහෙස වෙන අහිංසක මිනිස්සුන්ට ජාති භේදෙකින් වැඩක් නෑ. බෝතල් පත්තර එකතුකරන, කට්ට අව්වේ වගා කරන අහිංසක දෙමළ මනුස්සයට වෛර කරන්න පුළුවන් නං ඒකාගේ ජාතිය "මිනිස්" ජාතිය වත් නෙවෙයි. ජාති වාදේ ඇදගෙන අරගල කරන්න කෑමොරදෙන, පපුවට ගහගන්න එකෙක් වත් යුද්ධයක් ආවොත් යුද්ධ කරන්න යන්නෙ නෑ. ජාති වාදේ අවුස්සලා යුද්ධයකට පාර කියන එවුං හැමදාම කලේ කාමරයකට වෙලා ලොකු කතා කියපු එක. එක්කො යුද්දේ මෙහෙයවපු එක. ඒත් යුද්දෙට ගියෙ, යුද්දෙන් අලාභ කරගත්තේ, යුද්දේ නිසා වන්දි ගෙව්වේ පහලම පංතියේ අසරණ මිනිස්සු. එක සිංහල, දෙමළ, මුස්ලිම් හැම ජාතියකටම පොදුයි. වර්ගවාදයට, ජාති වාදයට උල්පන්දම් දෙන දේශපාලුවෝ එකෙක් වත් ගැටුමක් වෙන දවසට එකට මැදිහත් වෙන්නෙ නෑ. ඈත ඉඳන් උසිගන්නල බලන් ඉන්නවා මිසක්. දෙමළ නායකයොත් එහෙමයි, සිංහල එවුනුත් එහෙමයි. අද බිහිවෙලා ඉන්න ෆේස්බුක් කීබෝඩ් වීරයොත් එහෙමයි. එකෙක් වත් අරගලයක් ආපු දවසර මැදිහත් වෙන්නෙ නෑ. පොර ටෝක් දුන්නට වලියක් දැක්කත් රෙද්දේ රෙවෙන ජාතියක් උන්.
    මොකක් හරි කෝලාහලයක් ආපු දවසට එකට මූණ දෙන්නෙ ජාතිවාදය ගැන හිතක වත් නැති, එදා වේලට වෙහෙසෙන අහිංසක අසරණ "මිනිස්සු" ටික විතරයි. ඒ"මිනිස්සු" ටිකට සිංහල, දෙමළ, මුස්ලිම් ඔක්කොම අයිතියි. දෙපැත්තේ තුන්පත්තේම ලොක්කෝ වීදුරු කාමර වලට වෙලා බලන් ඉන්න එක වෙන්නෙ. බොහෝ විට එහෙම වෙන එකෙන් ලාභ ප්‍රයෝජනත් ලැබෙනවා උන්ට. ඇති හැකි එවුං එක්කො රට දාල යනවා, එහෙම නැතත් පාඩුවේ තමන්ගෙ වැඩේ කරගෙන ජීවත් වෙනවා. පහලම මට්ටමේ මිනිස්සු තමන්ගෙ දේපල, ජීවිත, පවුල් විනාශ කරගෙන "ජාති වාදේ ගැන හාන්කවිසියක් නොදන්න,කිසිදාක ඉල්ලපු නැති අරමුණක් වෙනුවෙන්" ලොකු එවුං බලෙන් ආරෝපණය කරපු ආකල්පයක් නිසා මරාගන්නවා. උඹ කිව්වා වගේ උන් මඤ්ෙඤාක්ක අලේට යුද්ධ කරනවා. අපේ එවුං "මළොත් ගෑනිට පඩිය හම්බෙන නිසා" යුද්ධ කරනවා.
    කට්ට අව්වේ බෝතල් පත්තර එකතු කරන දෙමළ මනුස්සයට "පර දෙමළා" කියල අමතන එක සිංහල කම නං , ඒ සිංහල කම හොඳයි බල්ලෙක්ගෙ නැට්ටේ එල්ලන්න.

    ReplyDelete
    Replies
    1. එකඟයි. සිංහල දෙමළ දෙගොල්ලන්ගේම නායකයෝ තමා ජාතිවාදය අවුස්සන්නෙ. ඒ වගේම ජාතිවාදය ඇවිස්සීම පිටුපස විදේශීය බලවේග ඉන්නවා. විමල් වීරවංශ හැම වෙලේම මේක මන්තරේ වගෙ ජපකරල විහිළුවක් කළාට රෝ සංවිධානය තමයි උතුරෙ දෙමළ සංවිධාන පුහුණු කළේ. ජේ ආර් රජයට එරෙහිව දකුනේ සිංහල සංවිධානත් පුහුණු කළා.
      හිටපු ඇමරිකානු රාජ්‍ය ලේකම් කැස්බර් වයින්බර්ගර් ඉවත්වුනේ ඔහු කළ ප්‍රකාශයක් නිසයි. ඇමරිකාව ලොව පුරා රටවල් 67 ක් අභ්‍යන්තර අවුල් වලට ඍජුව සමබන්ධ බව ඔහු කීවා.

      රාජ්‍ය නොවන සංවිධාන ඇතිකළේ ආසියාවේ හා දකුණු ඇමරිකාවේ කොමියුනිස්ට් රැල්ල මැඩීමටයි.ඉන්දුනීසියාව, චිලී , නිකරගුවාව වගෙ රටවල ඇමරිකානු මැදිහත්වීම නිරුවත්වම පෙනුනා.

      බණ්ඩාරනායක ගැන විවේචන තිබුනත් ඔහු ගේ ක්‍රියා නිසාම මෙය ඇතිවුනා නොවෙයි. දෙමළ රාජ්ය අදහස මතුකලේ පසුගිය සියවස ආරම්භයේදී දෙමළ නායකයන් නිසයි. බන්ඩගෙ මෝඩ වැඩ නිසා සිදුවුනේ දෙමළ ජාතිවාදීන්ට තුරුම්පුවක් ලැබීමයි.

      Delete
    2. @ සජ්ජා.

      මොනවා කියන්න ද බන්.
      සම්පූර්ණයෙන් ම එකඟයි.

      Delete
    3. @ම.ම
      ඔනෑම තැනක ජාතවාදය , ආගම්වාදය සහ වර්ගවාදය අවුස්සලා තියෙන්නේ නායකයින්ගේ බලය තහවුරු කරගන්න විතරයි

      ජාත්‍යන්තර කුමන්ත්‍රණ කියන දේවල් බොරු නෙවයි. එත් එව්වා තියෙනවා කියලා වෙන වැඩ කිසිම දෙයක් නොකර නොපෙනෙන කුමන්ත්‍රණ වලට විරුද්ධ ව ම මෝඩ විදියට සීරුවෙන් ඉන්නවනං ඒවගේ රටවල් සදා අනාථයි. අර කතාවකුත් තියෙනවා නේ පාරේ යන හැම බල්ලටම ගල් ගහන්න නැවතුනොත් තමුන්ගේ ගමන යන්න වෙන්නේ නැහැ කියලා.
      බයේ ගැහි ගැහි නෙවයි , අවධානයෙන් ඉන්න එකයි වැදගත්. හැබැයි අර වීරවංශ වගේ නම් නෙවයි.

      Delete
    4. //රාජ්‍ය නොවන සංවිධාන ඇතිකළේ ආසියාවේ හා දකුණු ඇමරිකාවේ කොමියුනිස්ට් රැල්ල මැඩීමටයි.// ඇත්ත,
      කොමියුනිස්ට ව්‍යාපාර ඇතිවුනේ අසාධාරන රාජ්‍ය පාලනයන් කිබුන රටවල, රටේ පාලකයන් ජනතාව සූරා කාපු රටවල, කොමියුනිස්ට්කාරයන්ගේ පොදු ලක්ෂණ තමයි වෛරය සහ විනාශකාරීබව, ඒ මදිවාට කොමිනිස්ට් ව්‍යාපාර නඩත්තුවෙන්නේත් දුප්පතුන් තවත් තලාපෙලා දමමින්, ප්‍රතිපලය ෙකාමියුනිස්ට් ව්‍යාපාර වලින් වුනේ එම රටවල් තවදුරටත් විනාශ වීම. ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන වලින් කරන්න උත්සාහ ගන්නේ විදේශ ආධාර අසාර්ථක රාජ්‍ය යාන්ත්‍රන මඟහැර කෙලින්ම දුප්පතුන් වෙත රැගෙන යාමයි. රටක දුප්පත් කමත් නැත්නම් / රැකියා අවශ්තා ඇත්නම් කොමියුනිස්ට් ව්‍යපාර වලට පදනමක් නෑ. ඉතින් මේ රාජ්‍ය නොවන ආයතන නිසා රටකට ලැබෙන විදේශ ආධාර වලින් ලොකු ප්‍රමාණයක් රජයේ පාලනයෙන් ගිලිහෙනවා වගේම, රටතුල සිදුවන අකටයුතු හෙලිදරව් වෙනවා. ඉතින් රටක අධම රාජ්‍ය පාලකයන්ට සහ කොමියුනිස්ට් කාරයන්ට එකඟතාවකට එන්න පුළුවන් එකම කාරණය වෙන්න පුළුවන් රාජ්‍ය නොවන සංවිධාන වලට එරෙහිවීම.
      ලංකාවට මේ තත්ව අදාල නෑ: කුසගින්නේ ඉන්න මිනිසුන් නෑ - රජය අනාගතයෙන් නයට අරගෙන (ලෙව)කන්න දෙනවා, ඒනිසා තියන රාජ්‍යෙනාවන සංවිධාන සම්පත් විනාශ කරමින් බොරු මවාපෑමක යෙදෙන්නේ, සටන්කාමී කොමියුනිස්ට් ව්‍යාපාර නෑ - තියෙන්නේ කුහකකමෙන් වෛරයෙන් පිරිනු රටට සේවයන් නොකරන රජයේ සේවකයන් පිරිසකගේ එකතුවක්.

      Delete
  6. අපේ රටේ ඉන්න මෙන්න මේ වගේ අවස්ථාවාදි ජාතිවාදියෝ නිසයි 83 ඉඳන් මේ වනතුරු අපේ ර්ටට ජාතියට හෙනපතේ වැදුනෙ. ඔක්කොටම කලින් ම්‍ය්න්ව පෝලින් කරල පිටුවහල් කරන්න ඕනි මේ රට හදන්නනම්. මුන් හිතන විදියට ජාතික ගීයත් මුන්ට ඇලජික් වෙන්නෝනි. ඇයි ඒකෙ තියෙන්නෙත් ජාතික සමගිය ගැනනේ. ජාතික කොඩියටත් මුන් විරුද්ධ ඇති. සිංහලෙන් ගැයුවත් දෙමළෙන් ගැයුවත් වැදි බාසාවෙන් ගැයුවත් ප්‍රකාශ වන අර්ථය එකයිනෙ දෙයියනේ.

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට එයාලාගේ තියරි අනුව සිංහල නොතේරුණත් දෙමළ මිනිස්සු ජාතික ගීය කියන්න ඕන සිංහලෙන්. ඉතින් බන් තමුන් මේ රටේ පුරවැසියෝ කියලා දැනෙන්නේවත් නැති කොට දෙමල මිනිස්සු ඊලමක් ඉල්ලන එක පුදුම වෙන්නත් දෙයක්ද ?

      Delete
    2. පාලියෙන් හරි සංස්කෘතෙන් කිව්වොත් වැඩියෙන් සතුටුවෙයි. එහෙම වුනොත් සීරුවෙන් වැඳගෙන ඉන්න වෙයි.

      Delete
  7. මේ, ඒකනෙවෙයි බං. එක පෝස්ට් එකක් දාල ඒකට කමෙන්‍ර් එකක් එහෙම දානකල්වත් හිටුකො බං.

    ReplyDelete
    Replies
    1. තදියම බන් තදියම.

      එක නෙමෙයි දැන් ආපහු බ්ලොග් වල පෙනී ඉන්නවා නේද.?

      මොකෝ බන් පහුගිය ටිකේ උනේ.

      Delete
  8. ඔබ මෙවැනි අදහස් පළ කරන්නේ මෙම ගැටළුව ගැන කරුණු හදාරා නැතිනිසා බව පෙනේ. බණ්ඩාරනායක ගැන මටද දැඩි විවේචන ඇත. එහෙත් ඔහුගේ ක්‍රියාවන් නිසාම යුද්ධය ඇතිවූ බව කීමෙන් ඔබ පටු දැක්මකින් මේ දෙස බලන බව පෙනේ.

    දෙමළ ජනයා කිසිදිනක මේ රට මවුබිම ලෙස සැළකුවේ නැත. ඔවුහු මැලේසියාව, සිංගප්පූරුව , ඉන්දියාව වැනි රටවල වරින්වර ජීවත්වූහ. හිරු නොබසින අධිරාජ්‍යයේ යටත්වැසියන් පමණක් වූ මොවුහු සමඟ නිදහසින් පසු සිංහලයන්ට ගණුදෙනු කරන්නට සිදුවිය. යටත් විජිත යුගයේ අධිරාජ්‍යවාදීන්ගේ බෙදා පාලනය කිරීමේ ප්‍රතිපත්තිය නිසා මුල්තැන ලැබුනේ දෙමළ අයටයි. ඔවුහු නිදහසින් පසුද ඒ තත්වය බලාපොරොත්තු වූහ. මුලින් ෆෙඩරල් ඉල්ලුවේ උඩරට නායකයන් වූ අතර ඊට එරෙහි වුනේ දෙමළ නායකයන්ය. මේ අනුව මේ ප්‍රශ්නය දෙමළ ජනතාවගේ මහජාතික මානසිකත්වය නිසා ඇතිවූවකි.දෙමළැ ප්‍රභූන් ලෝකය පදනම් කරගෙන දකින පිරිසකි. සින්හලයන් දකින්නේ රට පදනම් කරගෙනය.

    ඇගිල්ලෙ තරමට ඉදිමෙන්නෙ නැතිව සිංහල රාජ්‍ය භාෂාව කිරීමෙන් සිදුවුනේ හානියකි. ඉංග්‍රීසි බසින් සියල්ල සිද්කර සිංහල වෙනා ඉගෙන ගත්තානම් ප්‍රශ්නයක් නැත.


    රාජ්‍ය සේවකයන්ට දෙමළ අනිවාර්ය කිරීමත් ජාතික ගීයේ ගැටළුවත් එකට ගැනීමෙන් ඔබ අන්ධ දේශපාලන පක්ෂ මතයක සිරවී සිටින බව පෙනේ. ජාතික ගීය යනු ව්‍යවස්ථාව සමඟ සම්බන්ධ මූලිකම දෙයකි.රජයේ සේවක චක්‍රලේඛ ඉතා සාමාන්‍ය කරුණුය.


    ඔබ පාට කන්නාඩි දාගෙන ඒ තුලින් සියල්ල දුටුවත් හැමෝම එසේ නැතිබව දැනගන්න. මේ කරුණු දක්වන්නේ ඔබගේ ලිපිය කියවා ඔබ වැටී ඇති මුලාව ගැන අනුකම්පාවෙනි.
    බණ්ඩාරනායක සිංහල රාජ්‍ය භාෂාව කලේ රට වැඩවසම් අදුරේ ග්ලිවීමටය. එයින් සිදුවුනේ දෙමළ ප්‍රභූන් කුපිත වීමයි.

    ඔබ සිංහලයන්ට පමනක් චෝදනා කිරීම අසාධාරණය ඔබ ජාතික කොඩි ජාතික ගී යනු නිකම් සංකේත ලෙස කිසිවෙකු සලකන්නේ නැතැයි කියයි. ඔබම ජාතික කොඩියක් දමාගෙන ශ්‍රී ලාංකිකයෙකු වීම ගැන ආඩමබරවන බව කියා ඇත්තේ ඇයි. එය පරස්පර නැද්ද. එක්කෝ ඔබ බොරුවක් කරයි.

    එකක් කිව යුතුය.
    ඔබ ඔබට පුද්ගලිකව අදාල නැති දේවල් ගැන ලේ කෝප කරගෙන බොරුවට සිතින් දුක් විදියි. ඔබේ වාග් ශෛලියෙන් එය පෙනේ. ඔබ පනපිටින් හතර මහ අපායේ සිටින්නෙකි. ඔබ මෙම ලිපිය ලියා ඇත්තේ පුපුරමිනි. සමහර විට අනෙක් පාර්ශ්වයේ ඔබ වැනිම කෙනෙක් මෙය කියවා පුපුරන්නට ඉඩ ඇත.බලන්න ඔබ වපුරන්නේ අසහනයයි. අන්‍ය මත ඉවසීමටද පුරුදු වන්න. ශිෂ්ට ලෙස තර්ක කිරීමට ඉගෙන ගන්න.

    ඔබ එක්සත් ජාතික පාක්ෂිකයෙකුවී ඇත්තේ පරම්පරාවෙනි. කුඩා කාලයේ සිදුවූ බ්‍රේන් වොෂ් එකකි.ඔබගේ මොළයේ සෛල මෝස්තරය එජාපයට හිතවත් ලෙස සකස් වී ඇත. වෙනත් මතයකට බුරන්නේ එනිසාය.

    ReplyDelete
    Replies
    1. //බණ්ඩාරනායක ගැන මටද දැඩි විවේචන ඇත.එහෙත් ඔහුගේ ක්‍රියාවන් නිසාම යුද්ධය ඇතිවූ බව කීමෙන් ඔබ පටු දැක්මකින් මේ දෙස බලන බව පෙනේ//
      =========>බණ්ඩාරනායක හින්දා යුද්ධයක් ඇතිවුණු වග කිසිම තැනක කියා නැත. එත් දෙමල ජාතිය සින්හලුන්ගෙන් ඈත් වෙන්න බණ්ඩා ගේ භාෂා පණත ප්‍රධාන වශයෙන් හේතු විය. ඒ ඈත් වීම සන්නද්ධ යුද්ධයක ටද , සමාන්තර දේශපාලනම ය අර්බුධයකට ද මග පෑදුවේය.

      //දෙමළ ජනයා කිසිදිනක මේ රට මවුබිම ලෙස සැළකුවේ නැත//
      ========>ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීම හෝ පිළිගැනීම කල නොහැක.මෙහෙ ඉඳගෙනත් තමිල්නාඩුවට ,අර රටෙන් එපිට ඊළාම් මගුලට ආවඩන එවුන් වගේම දෙමල කතා කලත් රටට ආදරේ කරන මිනිසුන්ද මේ රටේ ඉන්න බව මතක තබා ගත යුතුය. ඒ වගේම දෙමළුන් මේ රටේ මිනිස්සු නොවන බවට දැඩි විශ්වාසයක ගිලී ඉන්න දේශපාලුවන් වගේම මෝඩ සාමාන්‍ය ජනතාවක් එදා සිටියහ. අදත් සිටිති. ගැටුම ඇතිවන්නේ ඔය දෙකොට්ඨාශය අතරය.
      //යටත් විජිත යුගයේ අධිරාජ්‍යවාදීන්ගේ බෙදා පාලනය කිරීමේ ප්‍රතිපත්තිය නිසා මුල්තැන ලැබුනේ දෙමළ අයටයි. ඔවුහු නිදහසින් පසුද ඒ තත්වය බලාපොරොත්තු වූහ//
      ======>ඇත්ත.

      //දෙමළැ ප්‍රභූන් ලෝකය පදනම් කරගෙන දකින පිරිසකි. සින්හලයන් දකින්නේ රට පදනම් කරගෙනය. //
      ====> සම්පූර්ණයෙන් ඇත්ත. දෙමල කතා කරන මනුස්සයා කොච්චර දුක් කම්කටොලු තිබ්බත් මහන්සි වෙලා ඉගෙන ගනිද්දී , ඉගෙන ගෙන ලෝකය දිනද්දී අපේ සිංහලු ළිං ගෙම්බෝ වගේ රෙද්දේ දේශප්‍රේමයක් අලල්ගෙන බෙරිහන් දෙන එකෙන්ම කතාව ඔප්පු වෙනවා.

      //රාජ්‍ය සේවකයන්ට දෙමළ අනිවාර්ය කිරීමත් ජාතික ගීයේ ගැටළුවත් එකට ගැනීමෙන් ඔබ අන්ධ දේශපාලන පක්ෂ මතයක සිරවී සිටින බව පෙනේ. ජාතික ගීය යනු ව්‍යවස්ථාව සමඟ සම්බන්ධ මූලිකම දෙයකි.රජයේ සේවක චක්‍රලේඛ ඉතා සාමාන්‍ය කරුණුය.//
      ===>රජයේ සේවයට දෙමළ භාෂාව අනිවාර්ය කිරීම එදා සිද්ද නොවී අද සිද්ධ වුනානම් කට්ටිය හැසිරෙන විදිය අන්ධ අපිට නම් හිතාගන්න පුළුවන.

      Delete
    2. //ඔබ සිංහලයන්ට පමනක් චෝදනා කිරීම අසාධාරණය //
      =======> මා චෝදනා කරන්නේ සිංහලයින්ට නොව සිංහල බෞද්ධ අන්තවාදීන්ට ය.මා මෙන්ම ඔබද චෝදනා කරන්නේ දෙමළුන්ට නොව දෙමල ජාතිවාදීන්ට ය. අසාධාරණ කමක් මට නම් නොපෙනේ

      //ඔබ ජාතික කොඩි ජාතික ගී යනු නිකම් සංකේත ලෙස කිසිවෙකු සලකන්නේ නැතැයි කියයි. ඔබම ජාතික කොඩියක් දමාගෙන ශ්‍රී ලාංකිකයෙකු වීම ගැන ආඩමබරවන බව කියා ඇත්තේ ඇයි. එය පරස්පර නැද්ද. එක්කෝ ඔබ බොරුවක් කරයි.//
      ======>ජාතික ගීය , ජාතික කොඩිය තියෙන්නේ ජාතික හැගීම වඩවන්න ය. ඉන්නේ ජාතික හැගීම නැති මිනිසුන් නම් උන්ගෙන් රටට වැඩක් නැත. එවන් රටක දියුණුවක් ද නැත.එතනදී ජාතික ගීය, ජාතික කොඩිය යනාදිය හුදු සංකේත පමණි.(මෙතනදී ජාතික හැගීම යනු ජාතිවාදය නොවන බව කරුණාවෙන් සලකන්න ).
      මම ජාතික කොඩියක් දමාගෙන ආඩම්බර වන්නේ ශ්‍රී ලාංකිකයෙකු වීම ගැන සහ සිංහල ජාතිවාදීයෙක් නොවීම ගැනය.

      NOTE:-දැනට දවස් කීපෙකට කලින් බ්ලොගේ LAYOUT එකේ අවුලක් හදන්න ගිහින් ජාතික කොඩිය තිබිච්ච ගැජට් එක ඉවත් කරන්න සිද්ධ විය. මේ දවස්වල ජාතික කොඩිය පෙනෙන්න නැත්තේ ඒ නිසාය. වෙන කිසි දේශපාලන හේතුවක් එයට නොමැත.

      //ඔබ ඔබට පුද්ගලිකව අදාල නැති දේවල් ගැන ලේ කෝප කරගෙන බොරුවට සිතින් දුක් විදියි. ඔබේ වාග් ශෛලියෙන් එය පෙනේ.//
      ====>මෙව්වා මට පුද්ගලිකව අදාළ නොවන බව නම් ඇත්ත ය. එහෙම බැලුවොත් මේ රටේ ගොඩක් බරපතල ප්‍රශ්න අපිට පුද්ගලිකව අදාළ නැත. එත් එව්වා සමාජයක් විදියට අපි හැමෝටම අදාලය. එතනදී තමුන්ගේ මතය දැක්වීම වරදක් නොවන බව මගේ හැගීම ය.
      ---------
      අදාල් වුනත් නොවුනත් කිසිම දෙයකට මම ලේ කෝප කරගෙන දුක් විඳින්නේ නම් නැත. අන්න එතනදී නම් මම ගැන ඔබේ මතය වැරදිය.අවුලක් නැත.මගේ වාග් ශෛලිය යෙන් එහෙම පේන එක නවත්වන්න මට බැරිය, ඒ මම ":බ්ලොග්" වල ලියන විදිය එය බැවිනි. මම මහා ලොකුවට සිංහල රචනය , උක්ත ආඛ්‍යාත අරක මේක දන්නෙත් නැත. එහෙම කියන්නේ මහා ලොකු ආඩම්බරයකින් නොව අසීමිත ලජ්ජාවකින්ය.ඔය කියන මගේ රටාව මම බ්ලොග් ලියන්න පටන් ගන්න කලින් මාස ගානක් හැමෝම ලියාපු බ්ලොග් සැහෙන්න ප්‍රමාණයක් කියෝලා ලැබිච්ච අභාෂයක් ය.

      //ඔබ පනපිටින් හතර මහ අපායේ සිටින්නෙකි//
      ====>ඔබ ස්වර්ගයේ සිටින නිසා මා ගැන දුක් නොවන්න..

      //ඔබ මෙම ලිපිය ලියා ඇත්තේ පුපුරමිනි. සමහර විට අනෙක් පාර්ශ්වයේ ඔබ වැනිම කෙනෙක් මෙය කියවා පුපුරන්නට ඉඩ ඇත.//
      =====>ප්‍රස්තුතය ගැන මගේ විවේචනයක් ඇත. එත් එක ලියලා තියෙන්නේ කෝපයෙන් පුපුපරමින් නම් නොවේ.

      //.බලන්න ඔබ වපුරන්නේ අසහනයයි.//
      ======>මම ලියන්නේ මම දන්නා දේ මට දැනෙන විදියට මම දන්නා භාෂාවෙන් මම දන්නා රටාවට ය. වෙන අය එව්වා දැකලා කෝප වුනා කියලා මට කරන්න දෙයක් නැත. ලියාපු දේ කියෝලා ඔබ මේ අදහස් දක්වනවා වගේ හැමෝටම පුළුවන් නම් බොහොම වටින්නේය
      //අන්‍ය මත ඉවසීමටද පුරුදු වන්න. ශිෂ්ට ලෙස තර්ක කිරීමට ඉගෙන ගන්න//
      =====> අන්‍ය මත ඉවසමි. එදා මෙන්ම අදත්. එත් ඉවසා ඉන්නවා කියන්නේ කට පියන් ඉන්නවා කියන එක නොවන බව මගේ විශ්වාසය ය. එදා මෙන්ම අදත්.

      =====>පොස්ටු ඇතුලේ මම තර්ක කරන්නේ නැත. කරන්නේ මගේ අදහස් දැක්වීම පමණි. තර්ක කරන්නේ කොමෙන්ටු ඇතුලේ ය.මේ කරන්නේ ඒ ටි කය.

      Delete

    3. //ඔබ එක්සත් ජාතික පාක්ෂිකයෙකුවී ඇත්තේ පරම්පරාවෙනි. කුඩා කාලයේ සිදුවූ බ්‍රේන් වොෂ් එකකි.ඔබගේ මොළයේ සෛල මෝස්තරය එජාපයට හිතවත් ලෙස සකස් වී ඇත. වෙනත් මතයකට බුරන්නේ එනිසාය.//
      =====> පරම්පරාවෙන් වුනා කියන එක පිළිගත නොහැක. මම වැඩියෙන් ශ්‍රීලනිප යට එහි දෘශ්‍ය ප්‍රතිපත්ති වලට විරෝධියෙක් වෙමි. එකට අර මුලින් කිවූ බණ්ඩාගේ භාෂා විගඩමද සිරිමාගේ කාලේ තිබ්බ දුර්භික්ෂය ද එක හේතු විය. ඒ වගේම එජාපයේ දෘශ්‍ය ප්‍රතිපත්ති වලට පක්ෂපාතී වෙමි. ආර්ථික දර්ශනය එහි මගේ අංක එකය. 2011 මැයි 31 වෙනකන් මේ විභීෂණ රනිල් ට වගේම මහින්දටත් තැනක් දී තිබුනේ රනිල් ටත් වඩා හොඳට එජාප ආර්ථික දර්ශනය මහින්ද ගෙන ගිය බැවිනි. මැයි 31 වෙනිදා සියල්ල වෙනස් විය. ඒ කතාව වෙන පොස්ටුවක කොටමි.

      ===> මම බුරනවා ද නැද්ද යන්න විනිශ්චය වෙන්නේ මගේ හඬ ඔබට ඇහෙන රටාව අනුව මිස මම හඬ නගන රටාව අනුව නොවේ.

      Delete
  9. දෙමළෙන් ජාතික ගීය ගායනා කිරීමට මම නම් කැමැත්තෙමි. මම මෙහි තර්ක කළේ බ්ලොග්කරු ජාතික සංකේතවලට අවමන් කරමින් ජාතික ප්‍රශ්නය ගැන සාවද්‍ය එළඹුමක සිටි නිසාය.

    මෝඩ සිංහල ජාතිවාදීන් කලේ දෙමල ජාතිවාදයට වක්‍ර සහායක් ලබාදීමයි. කළ යුතුව තිබුනේ අධිරාජ්‍ය වාදී යුගයේ ප්‍රමුඛ බලවේගය වූ දෙමළුන්ගේ එම තත්වය දිගටම ලබා දීමයි. සිංහලයන් යනු ලෝක දේශපාලන සංදර්භයේ ශක්තිමත් ජාතියක් නොවේ. එමනිසා ජාතික සංහිදියාව සම්බන්ධව ගතයුතුව තිබුනේ සිංගප්පූරු ආදර්ශයයි. සිංගප්පූරුවේ ප්‍රාදේශීය බලය බෙදීම් නැත. නමුත් සුළුතර දෙමළ ජනයා තම ප්‍රතිශතය ඉක්මවමින් රාජ්‍ය පාලනයට සම්බන්ධ වෙති.

    දෙමළ ජනයා ලංකාවේ 12 % ක් පමන වේ. ඔවුන්ට 25% ක් පමනවත් තැනක් වෙන් වුනානම් අවුලක් නැත. පොන්නම්බලම් ඉල්ලුවේ 50 ට 50 කි. එය අසාධාරනයැයි පෙනෙන්නේ දැන්ය. එකළ පොන්නම්බලම් ඉල්ලුවේ එවකට පැවති යථාර්ථයයි. එකළ එය අසාමාන්‍ය ඉල්ලීමක්ද නොවීය.

    ReplyDelete
    Replies
    1. මම ජාතික සංකේත වලට කිසි තැනක අවමන් කලේ නැත. කළා නම් කලේ එව්වා අවමානයට ලක්වන ව්දිය පෙන්වා දීම පමණි.

      Delete
  10. විභී..............

    මහින්ද තමයි යූඒන් ඒක් ගිහින් සිංහලෙන් කතා කරපු පළවෙනි රාජ්‍ය නායකයා... ඒකට අපි අැත්තට ම අාඩම්බර වුණා.. ඒත් පුද්ගලික ව මං හිතුවා ඊළග පාර මහින්ද දෙමලෙන් කතා කරයි කියලා... ඒහෙම කරානම් ඒක තමයි දෙමළ මිනිස්සුන්ගේ හිත් ගන්න තිබුණ හොදම විදිහ විතරක් නෙමෙයි.. අැත්තට ම රටක් හැටියට කරන්න තිබුණ හොදම දේ.. ඒත් ඒක කරේ නැහැ... ඒළාර පරද්දපු දුටුගැමුණු රජතුමා අැයි ඒළාරට ගෞරව දීලා වැළලුවේ.. ඒතැනින් කාටවත් නොවැද යන්න දුන්නැ.. රජ්ජුරුවොත් යානවාහන වල ගියේ නැහැ ඒතැනින්.. ඒක තමයි රටේ පාලන බලය ඉදිරියට ගෙනියන්න ඒ ජනතාව දිනාගත්ත විදිහ.. ඒත් හිටපු ජනාධිපතිට බැරිවුණ කොටස ඔ්කයි.. ඒතුවා දෙමළෙන් කතා කරන්න ඉගෙන ගත්තා...ඒත් අවශ්‍ය දේ කරේ නැහැ.... දැන් ඉන්න ජනාධිපති දෙමළෙන් තියා ඉංග්‍රීසියෙන් වත් කතා කරන්නෑ.. ඒහෙමන් ඉතින් පට්ට සිංහලයා කියලා වදින්න ඒපැයි..... ඔය ජාතිවාදීන් බලන කෝණයයි වැරදි.............

    ReplyDelete
    Replies
    1. //මහින්ද තමයි යූඒන් ඒක් ගිහින් සිංහලෙන් කතා කරපු පළවෙනි රාජ්‍ය නායකයා... ඒකට අපි අැත්තට ම අාඩම්බර වුණා..//
      =====> ඇත්ත. හැමෝම ඒ ගැන ආඩම්බර වුනා මම ද ඇතුළුව

      එත් එයා එක විතරක් කරපු එක තමයි අඩු පාඩුව. මුළු රටම දිනා ගන්න පුළුවන් වැඩිම හැකියාව තිබුනෙත් මහින්දට විතරයි. මොනා කරන්නද එයා නොකලෙත් ඒ ටික විතරයි.

      Delete
  11. ලංකාවෙ දෙමළ දේශපාලනඥයෝ දෙමල සමාජය තුල ක්‍රිස්තියානි ආගම් පැතිරීමට ඉඩදී නිහඬව සිටිනවා
    ලංකාවෙ ක්‍රිස්තියානි කාරයෝ දෙමළ ජාතිවාදයට කඩේ යනවා. අනිත් අතට කොහොමත් කතෝලික/ මුස්ලිම් ආගම් ජාතික්තවයට (ලංකාවේ නම් ශ්‍රීලාංකික) විරුද්ධයි.ඔබේ ලිපිය ගැන දෙන්න තියෙන හොඳම විචාරය ඕකයි.


    ජාතික ගීය බාෂා දෙකකින් ගැයීමේ වරද වන්නේ ජනවර්ග කිහිපයක් එකට සිටින විටයි. උදාහරණයක් හැටියට මම ඉගෙනුම ලැබූ ඩී. එස් සේනානායක විද්‍යාලය දැක්විය හැකියි. එක් ජනවර්ගයක්ම රැස්වී සිටින තැනක නම් එම පිරිසගේ බසින්ම ජාතික ගීය ගැයීමේ ගැටලුවක් නෑ.
    නමුත් එසේ වාර්ගික වසයෙන් රංචු ගැසීම ශ්‍රීලාංකික ජාතියක් සෑදීමට බාධාවක්. අනිත් අතට ජාතික ගීය ගයන්නේ වැඩියෙන්ම පාසල්වල මෙවැනි දේ වලින් පාසල් සිසුන් අතර කුඩා කාලයේ පටන් වර්ගවාදී අදහස් පැතිරවීම සිදුවෙනවා.
    දැන් තිබෙන සිංහල ජාතික ගීය අගට සිංහල දෙමල වැදි බාෂා වලින් වාක්‍යය බැගින් එක්කිරීම හෝ ජාතික උත්සව වලදී සිංහල ජාතික ගීය ගැයීමට පෙර එහි අරුත සුදුසු පරිදි වෙනත් බාෂාවකින් විස්තර කිරීම සුදුසුයි.
    මෙයට විරුද්ධ වීමට තවත් හේතු දෙකක් තිබෙනවා
    1. මෙයින් දෙමල ජාතිවාදය අවසන් වන්නේ නෑ (එහෙම වෙනවානම් ජාතික ගීය දෙමලෙන් පමණක් ගැයුවත් වරදක් නෑ) කොහොමත් ලංකාවෙ දෙමලෙක්ට දෙමළා ලෙස සිටීමටනම් සිංහලයා සමඟ කුමනහො ගැටුමක් සාදාගත යුතුයි.
    2. මේ වෙනුවෙන් දෙමලා කිසිවක් අතහැර නෑ (සිංගප්පූරුව තමා මුස්ලිම් සුලුතරයක් සිටින නමුත් ජාතික කොඩියේ මුස්ලිම් ආගමික සංකේතය අඩංගුකල එකම රට නමුත් ඒ වෙනුවෙන් එහි මුස්ලිම් වරුන්ට විශාල ගෙවීමක් කිරීමට සිදුවී තිබෙනවා)

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. දෙමළ සමාජයේ කතෝලික දහම පැතිරයාම තුල තියෙන්නේ වෙනම කතාවක්.ඒක ඇතුලේ තියෙන්නේ දෙමළ සමාජයේ තියන කුළ පීඩනය.ප්‍රභාකරන් අතට නායකත්වය ගියාට පස්සේ ත්‍රස්තවාදී සන්විධානයක්වත් වුනත් LTTE ය කියන්නේ තනිවුන බලවේගයක් නෙමෙයි.ඒත් අන්තිමට සිද්ධවුනේ කුල පීඩනයෙන් පීඩාවට පත්වුන ජනතාව එළියට අරගත්තු ප්‍රභාකරන් නායකයෙක් වෙලා අයිතිවාසිකම් ඉල්ලාගැනීම සදහා කරපු සටන ත්‍රස්තවාදයක් දක්වා ව්‍යාප්ත කරපු එකයි.ලන්කාවේ ක්‍රිස්තියානිකරණය පිළිබඳව විශාල ලෙස හඬක්නැගුවත් අද ඉන්දියාවට තියන ලොකුම ප්‍රශ්නය තමයි හින්දු ආගම අතැර බෞද්ධාගම වැළද ගැනීම..එතන තියෙන්නෙත් කුල පීඩනයමයි.වෙනස තියෙන්නේ තියන තත්වයෙන් ප්‍රයෝජන නොගෙන මහනකරන්නත් ගොවිගම කුලේ දරුවන් සොයන හාමුදුරුවරු වෙනුවට සමාජයට උවමනා දේ තේරුම්ගත්තු හාමුදුරුවරු හා දායක සභාවක් එතන ඉන්න එකයි.

      //ජාතික ගීය බාෂා දෙකකින් ගැයීමේ වරද වන්නේ ජනවර්ග කිහිපයක් එකට සිටින විටයි. උදාහරණයක් හැටියට මම ඉගෙනුම ලැබූ ඩී. එස් සේනානායක විද්‍යාලය දැක්විය හැකියි//
      ඇත්තටම මට ඔබේ තර්කය පැහැදිලි නෑ.අපි භාශා දෙකෙන්ම ජාතික ගීය ගයන්න ඕනේ වාර්ගික විවිධත්වයක් තියන තැනකම නේද?නැතිනම් වෙන්නේ එක් පිරිසක් සීරුවන් සිටගන ගායනා කරන විට අනික් පිරිසට සිදුවන්නේ සීරුවෙන් සිටගන උඩ බලාගන ඉන්නවෙන එක නේද?අනික් අතට මේ ක්‍රියාව පාසල් තුල ක්‍රියාත්මක වීම තුලින් සිද්දවෙන්නේ කුඩා කලයේ සිටම අන් ජාතීන් පිළිබඳව ගෞරවයක් ඇත්වීම නෙමෙයිද?මොන භාශාවකින් ගැයුවත් මේ ගයන්නේ රටේ ජාතිකගීය කියන දේ ළමා මනසට කාවැද්දීම නෙමෙයිද?

      ඔබ අවසානයට සදහන්කර ඇති කරුණු දෙක පිළිබඳව කීයන්න දහසක් දේවල් තිබුනත් මම වචනයක්වත් ඒ ගැන කියන්නේ නෑ.ඒවා එච්චරටම කාළකන්නි අදහස්.ඕවා ගැන සාකච්ඡාකිරීම තුලින් සිද්ධවෙන්නේ ඔය මුග්ධ අදහස් සුළුවෙන් හෝ සමාජගත වීම විතරයි.

      ඔය සජ්ජා උඩ දාලා තියන කමෙන්ට් එකට හේතු වුන කමෙන්ට් එකත් කියවපන් විභී....ඒකම මේ පෝස්ට් එකටත් දැම්මා කියලා හිතාගන.

      Delete
    3. //අද ඉන්දියාවට තියන ලොකුම ප්‍රශ්නය තමයි හින්දු ආගම අතැර බෞද්ධාගම වැළද ගැනීම..එතන තියෙන්නෙත් කුල පීඩනයමයි.//
      ටැපලුනේ නෑ නේද? මම දන්න විදිහට ඉන්දියාවේ වෙන්නේ අඩුකුල වල අය හින්දු අතහැර ක්‍රිස්තියානි ආගම වැළඳ ගැනීම, එතකොට එයාලා තවදුරටත් උසස්කුලයේ අයට ගරුබුහුමන් කරන්න අවශ්‍ය නෑ බමුණු කුලයේ තාඩන පීඩන නෑ, ආගම සමඟම නමත් මාරුකර ගන්නවා කුලය හොයාගන්න බැරිවිදිහට, මේක දැන් අවුරුදු ගණනාවක් තිස්සේ වෙන දෙයක්, මේක ඉන්දියාවට ප්‍රශ්නයක් ද කියල නම් දන්නේ නෑ, ඒත් හින්දු පූජකයන්ට නං ගැටළුවක් තමයි. සමහර වෙලාවට ලංකාවේ මුහුදුකරේ ක්‍රිස්තියානි පැතිරිමට පැවත් කුලබේදය හේතු වෙන්න ඇති. ඇන් ලංකාවෙත් වතුකරයේ සමහර තැන්වල මෙක සිද්ධවෙනවා, අළුතෙන් පුංචි පල්ලි ගොඩනැගෙන අතරම හින්දුදේවාල ගරාවැටෙනවා, මේ පල්ලිවල කෙරෙන්නේ සාම්ප්‍රදායික යාඥා නෙවෙයි, කළු ඇමරිකන් ස්ටයිල් එකට ඉරිදට සෙරම එකතුවෙලා තාලයට වැනි වැනි සිංදු කියනවා, සේරම හරිම ප්‍රීතිමත්. ළගදී බුද්ධාගමටත් මේ සේරම එකතුවෙලා තාලයට වැනි වැනි සිංදුකියන එක ඒවි.

      Delete
    4. ===>ජාතිකත්වය සහ ජාතිවාදය යනු වෙනස් තේරුම් දෙකක් තියෙන වචන දෙකක් බව මගේ පිළිගැනීමයි.

      ජාතික ගීය දෙමළෙන් කිවා කියලා නම් දෙමළ ජාතිවාදය අවසන් වෙන්නේ නැහැ. එහෙනම් ඉතින් 1951 ඉඳන් දෙමළෙන් ජාතික ගීය කයපු රටේ යුද්ධෙ පටන් ගන්නත් බැහැනේ.
      මේ වැඩේ දෙගොල්ල අතර බැඳීම වැඩි කරන්න තිබිච්ච ඉතා සුළු බාධාවක් ඉවත් කිරීමක් විතරයි. මේකෙන් සේරම ප්‍රශ්න විසන්දෙන්නෙත් නැහැ. අලුත් ප්‍රශ්න ඇතිවෙන්නෙත් නැහැ. කොට්න්ම කියනවනම් මේක මහලොකු වැදගත් කමක් තියෙන තීරණයක් වත් නොවේ. එත් අනාතයෝ රැලක් මේක ප්‍රශ්නයක් කරලා උඩට ගත්තා. එක තමයි දැන් ඇවිලිලා තියෙන්නේ.

      Delete
    5. @ Nut

      -------
      ඉන්දියාවේ වෙන් දේ ගැන නම් මට පැහැදිලි අදහසක් නැහැ. එත් අර අමුතු පල්ලි ගැන උඹ කියල තියෙන දේ හරියට ම හරි.

      Delete
    6. @ කටුසු
      //අපි භාශා දෙකෙන්ම ජාතික ගීය ගයන්න ඕනේ වාර්ගික විවිධත්වයක් තියන තැනකම නේද?නැතිනම් වෙන්නේ එක් පිරිසක් සීරුවන් සිටගන ගායනා කරන විට අනික් පිරිසට සිදුවන්නේ සීරුවෙන් සිටගන උඩ බලාගන ඉන්නවෙන එක නේද?අනික් අතට මේ ක්‍රියාව පාසල් තුල ක්‍රියාත්මක වීම තුලින් සිද්දවෙන්නේ කුඩා කලයේ සිටම අන් ජාතීන් පිළිබඳව ගෞරවයක් ඇත්වීම නෙමෙයිද?මොන භාශාවකින් ගැයුවත් මේ ගයන්නේ රටේ ජාතිකගීය කියන දේ ළමා මනසට කාවැද්දීම නෙමෙයිද?//

      =========ඔන්න ඕක හරියට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ කවදා ද කියන එක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ./

      Delete
    7. ඒ පල්ලිවල තියන වරද මොකක්ද
      ඔවුන් ඔවුන්ගෙ මතය දේශනා කරල තමන්ගෙ ආගමට හරවගන්නව. ඒකනෙ වෙන්න ඕන දේ. ඒක වැරදිනම් අපේ හාමුදුරුවරු යුරෝපෙට ඇමරිකාවට යන එකත් වැරදිනෙ.
      මේ අය සල්ලි දීල ආගමට ගන්නව කියනව. ඒක ඇත්ත නොවෙයි.එහෙම වෙනවනම් ඒක වඩාම හොඳයි. මොකද පන්සල්වල තියන ධනසම්භාරයෙන් දුප්පතාට පිහිටක් නැත්නම් අරවගෙ ආගමක කෙනෙක් දුප්පතා දුප්පත්කමෙන් මුදවනවනම් ඒ ආගමට යන එකේ වරදක් නෑ. කෝකත් එකනෙ. ලෝක සොභාවය ගැන කවුරුහරි නිර්මානය කරපු කතන්දරයක් ජප කරන එකනෙ කවුරුත් කරන්නෙ.


      දැන් විතරක් නොවෙයි ඉස්සරත් බුද්ධාගම ජනප්‍රිය වුනෙත් කුලහීන අය අතර තමයි. බුදුන් වහනසේ සිටි කාලයේ ශාක්‍ය කෝලිය වගෙ අය බහුල වුනාට ඊට පස්සෙ කුලහීන ආගමක් වුනා.
      ක්‍රිස්තියානිය පැතිරුන එක ගැන ඔබ කියා ඇති දේ ඇත්ත.

      Delete
    8. විභීෂන කියන කතාවෙ මනෝවිද්‍යාත්මක පැත්තක් තියනව. හැබැයි ඔය දෙකම කියන්න ගියොත් රජයේ සේවකයන්ට වැඩිවෙලාවක් හිටගෙන ඉන්න වෙනව. පාසල් සිසුන්ටත් ඒක ලොකු හිරිහැරයක් වෙයි. උදේ සිංහල ජාතික ගීයට අහුවුනහම තියන කරදරේ දන්නෙ අපි. දැන් දෙමළ එකටත් අහුවුනොත් සොරිම තමයි.

      Delete
    9. @ කටුසු
      //අපි භාශා දෙකෙන්ම ජාතික ගීය ගයන්න ඕනේ වාර්ගික විවිධත්වයක් තියන තැනකම නේද?නැතිනම් වෙන්නේ එක් පිරිසක් සීරුවන් සිටගන ගායනා කරන විට අනික් පිරිසට සිදුවන්නේ සීරුවෙන් සිටගන උඩ බලාගන ඉන්නවෙන එක නේද?අනික් අතට මේ ක්‍රියාව පාසල් තුල ක්‍රියාත්මක වීම තුලින් සිද්දවෙන්නේ කුඩා කලයේ සිටම අන් ජාතීන් පිළිබඳව ගෞරවයක් ඇත්වීම නෙමෙයිද?මොන භාශාවකින් ගැයුවත් මේ ගයන්නේ රටේ ජාතිකගීය කියන දේ ළමා මනසට කාවැද්දීම නෙමෙයිද?//
      මුලින් ජාතික ගීය වැඩක් නෑ කියපු කෙනාම ඇයි දැන් මෙහෙම කියන්නෙ.
      ක්‍රිස්තියානි ආගම් ගැන කීමෙන් මම අදහස් කලේ සල්ලි දීලා ආගමට හරවනවා කියන එක නෙමෙයි
      ලංකාවේ කිතුදහම බහුලව පැතිරිලා තියෙන්නේ වගේම පැතිරෙන්නෙත් දෙමළ සමාජය තුල නමුත් ටී මහේෂ්වරන් හැර වෙන කිසිම දෙමළ හින්දු දේශ පාලනඥයෙක් මේ ගැන විරෝධඡයක් දක්වා නෑ මේකට හේතුවක් තිබිය යුතුයි.

      ලංකාවේ මුදල් නෝට්ටුවල සිංහ රුව සහිත දිය සලකුණක් තිබීම දෙමලෙක්ට ගැටලුවක් නොවුනේ මොකද සල්ලි දෙවියන්ගෙ මල්ලි නිසාද

      Delete
    10. //ලංකාවේ මුදල් නෝට්ටුවල සිංහ රුව සහිත දිය සලකුණක් තිබීම දෙමලෙක්ට ගැටලුවක් නොවුනේ මොකද සල්ලි දෙවියන්ගෙ මල්ලි නිසාද//
      ===> නැත. උන් අපිට වඩා බුද්ධිමත් නිසාය.

      Delete
    11. @ ම.ම.
      //ඒ පල්ලිවල තියන වරද මොකක්ද
      ඔවුන් ඔවුන්ගෙ මතය දේශනා කරල තමන්ගෙ ආගමට හරවගන්නව. ඒකනෙ වෙන්න ඕන දේ. //
      ====> තමුන්ගේ මතය දේශනා කරලා විතරක් ඔය වැඩේ කරනවානම් එකේ කිසි වැරද්දක් නැහැ. ඔය අතරේ ඉන්නවා එහෙම නොවන පිරිසකුත්.

      Delete
    12. This comment has been removed by the author.

      Delete
    13. //ලංකාවේ මුදල් නෝට්ටුවල සිංහ රුව සහිත දිය සලකුණක් තිබීම දෙමලෙක්ට ගැටලුවක් නොවුනේ මොකද සල්ලි දෙවියන්ගෙ මල්ලි නිසාද//
      ===> නැත. උන් අපිට වඩා බුද්ධිමත් නිසාය.
      මම හිතුවේ ක්‍රිස්තියානි කාරයා නොමඟ ගිය කෙනෙක් කියලා බලපුවාම මූ දෙමල ජාතිවාදියෙක්. ක්‍රිස්තියානි යූ ඇන්. පී කාරයො මෙහෙමමයි.

      Delete
    14. ඔබේ බුද්ධිමත් භාවද මෙතනම සනාථ විය.

      Delete
  12. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. උඹේ කමෙන්ට් එක මම දැක්කා. එත් ඒ වෙලේ මම හිට්යේ රිප්ලයි එකක් දෙන්න පුළුවන් තැනක නෙවේ. දැන් ඇවිත් බලනකොට උඹ එක මකලා දාලා.

      අවුලක් නැහැ.

      Delete
    2. උඩ තියන එකම තමයි බන් මෙතන්ටත් දැම්මේ.

      Delete
  13. පද පෙලේ අර්ථය, තනුව එකනම් මොන ලබ්බද බං තව ඕනි?

    ReplyDelete
    Replies
    1. මොකද්ද ගායනා කරන්නේ කියලා නොතේරන නිසා. එයාලත් කැමති ඇතිනේ හැඟීමක් ඇතිව ගායනා කරන්න, අර අපි නිතරම පන්සිල් කියනවා වගේ නැතිව.

      Delete
    2. එක තමයි බන් අපිත් අහන්නේ.
      බුලත් කෙල පාරක් තරමටවත් වැදගත් කමක් තියෙන දෙයක් නෙමයි ඕක මේ අනාතයෝ රැලක් ප්‍රශ්නයක් කරලා උඩට ගත්තට.

      Delete
    3. @ Nut
      ඒ හැගීම ඇතිකරන්න්න තමයි අපි උත්සහ කරන්න ඕන.

      Delete
  14. විභීෂණගෙ පෝස්ටුවත් එක්ක එහෙම් පිටින්ම එකඟයි.

    ReplyDelete
  15. හැබැයි මේවා මේ හදිස්සියේ කල යුතු දේවල් නොවේය. මොකද අඬන්න ඉන්න උන්ට ඇඟිල්ලෙන් ඇන ආතල් දීම දින සීය ඇතුලේ කිරීම භයානක විය හැක

    ReplyDelete
    Replies
    1. එක තමයි මේ ඩබල තේරුම් ගන්න ඕන කරන දේ.

      Delete
  16. ඔය ජාතිවාදය අවුස්සන එකෙක්වත් ජාතිවාදියෝ නෙවෙයි. මේ යහපාලන පිම්පියන් වන අපට තියන තරම් වත් ජාතික කැක්කුමක් ඕකුන්ට නෑ. උන් හදන්නෙ උන්ගෙ අඩුපාඩු වහගන්නයි ගොඩ වැඩිකරගන්නයි අනිත් මිනිස්සු අවුස්සන එක. දැන් ආපහු එල් ටී ටී ඊ එක නැගිට්ටොත්, පිටකොටුවෙ බෝම්බයක් පිපිරෙව්වොත් එහෙම ඔය කාලකණ්ණි කණගාටු වෙන්නෙ නෑ, සතුටු වෙනව, "ඔන්න අපි කියපු දේ සිද්ද වුනා" කියල.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත.
      ඔහොම සෙට් එකක් ඉන්නවා හැම තැනම ...අඩු ගානේ එකෙක් දෙන්නෙක් හරි...

      Delete

කමෙන්ට් කලාපය....