2015-03-14

මම කුඩු ගසමි ( බ්ලොග් ලියමි ) | Addicted to Drugs ( Blogging)

කුඩු ඇබ්බැහියකි. විභීෂණ කුඩු ගහලා නැත.
බ්ලෝග කලාවකි. විභීෂණ බ්ලොග් ලියන්නෙකි.
අහෝ බේදයකි..


විභීෂණ බ්ලොග් ලිවීමට ඇබ්බැහි වී ඇත.
එහෙම නම් බ්ලෝග යනු ඇබ්බැහියකි.
ඒ අනුව බ්ලොග් යනු කුඩු වලට සමාන කල හැකි දෙයකි.
අවසානයේ
විභීෂණ යනු කුඩු ගසන අයෙකි.

බ්ලොග් ලිවීම සහ කියවීම  එක්තරා ආකාරයක කුඩු ගැසීමක් බව විභීෂණ ට තේරුම් ගියේ පහුගිය දවස් ටිකේ සතියක් බ්ලොග් වලින් වහන් වෙලා හිටපු කාලයේ දී ය. විභාගයක් වෙනුවෙන් වෙන්කරපු ඒ කාලේ ඇතුලත කිසිම බ්ලොගක් පැත්තේ ආවේ නැති වුනාට පාඩම් වැඩ ටික කරගෙන යන වෙලාවේ ගන්න පොඩි පොඩි ඉන්ටවල් වලදී ඔලුවට එන්නෙම ලැප ඔන් කරලා බ්ලොගක් බලන්න යන්නට ය.

විභාගේ මොන රෙද්දටත් වඩා වටිනා හින්දා ඔලුවට ආපු ඒ මෙව්වා එකට ටිකක් ඉවසපන් කියල විභීෂණ කොහොම හරි සතියම බ්ලොගෙන් වහන් වෙලා හිටියේ ය.

විභාගේ ඉවර වෙච්ච දවසෙ හවසම ඇවිත් මාතලන්ගේ සින්ඩියෙයි මම තියාගෙන ඉන්න බ්ලොග් රෝලෙයි එකක් නෑර බ්ලොග් බලන්න පටන් ගත්තේ කමෙන්ට් කරන්න පටන් ගත්තේ කුඩ්ඩන් ට කුඩු නැතිව ඉන්න බෑ වගේ සමාන  මොකක්දෝ බඩකඩත්තු හිතුවිල්ලක් ඔලුවට ආපු හින්දාමය.

කොහොම හරි ආපහු විභීෂණ බ්ලොගේ ඇවිදින්න පටන් අරන් ඇත. කුඩ උරන්න පටන් අරන් ඇත.
හොඳ සිහිය තියාගෙන ගහන්න පුළුවන් එකම කුඩු ජාතිය බ්ලෝග වෙන්නත් පුළුවන.
මට හිතෙන විදියට නොවැලක්වියම හැකි හේතුවක්  තිබුනොත් ඇරෙන්න්න මේක තව කාලයක් තියෙන්න පුළුවන් ඇබ්බැහියකි. මේක නවත්තන්න වෙච්ච දවසට කොහොම වෙයිද කියලා හිතා ගන්න වත් බැරිය .



-----------------------------------------
මේක මේ නිකන්ම නිකම් ඔලුවට ඔහේ හදිස්සියේ ආපු හිතුවිල්ලක්.
ඕන පුකක් ප්‍රීති වෙසක් කියල ඔන්න ඔහේ ලියලා දැම්මා.

එහෙනම් ආපහු හම්බුවෙමු.

අපි ගියෝ...

46 comments:

  1. බ්ලොග් ලිවිල්ලත් කියවිල්ලත් කුඩු ගැහිල්ල වගේ නං තමා ඉතිං.. මටත් තේරෙනවා මමත් ටික ටික එකට ඇබ්බැහි වෙනවා..

    ReplyDelete
    Replies
    1. ඇත්ත බන්.

      උඹටත් තේරෙනවා ඇතිනේ රඟේ..

      Delete
  2. ඉන්ටරනෙට් නැති වුණාම අර සල්ලි නැති කූඩු කාරයෝ වගේ සුදු මැලි වෙලා ඉන්න ඇති නේ බන් :D

    ReplyDelete
    Replies
    1. දුක කියන්නේ internet තියාගෙනත් නොගිහින් ඉන්න සිද්ද වෙච්ච එකනේ.

      Delete
  3. බිල ගෙවල නැතිවා කියලා ජාලෙ කපන ජරා නාකොටික්කො තමයි ජාල කොම්පැණිකාරයො..

    ReplyDelete
  4. okkoma daka daka hoola hoola inna wenakota thama epa wenne

    ReplyDelete
  5. මටත් ඇබ්බැහි වී ගෙන එන්නෙ. නිකං හරි බ්ලොගට එබෙන්නමයි හිත.

    ReplyDelete
    Replies
    1. එක නේන්නම් මෙහෙත් වෙලා තියෙන නස්පැත්තිය

      Delete
  6. ඕල්රෙඩි...ඕල්රෙඩි
    වෙලාවකට වැඩක් කරගන්නත් නෑ...

    ReplyDelete
  7. අා............. උඹ ඒහෙනම් අාවා දවසට ම ....

    දැන් ඔය බොරු පෝස්ට් නොදා හරියට පෝස්ටු දාපං හරිය

    ReplyDelete
    Replies
    1. ඉඳහන් ඉඳහන් කලබලවෙන්නේ නැතිව හිටං...

      Delete
  8. ''මේකත් හරියට විහාහයට අකමැති එත් දික්කසාදය නොදන බිරිදක් වගේ ''( සුප්‍රකට බේබද්දෙක් අරක්කු ගැන කිවු කතාවක්)

    මේකත් එක වගේ

    ReplyDelete
    Replies
    1. උපමාව නම් තිතටම සෙට් වෙනවා.

      Delete
  9. ආයෙත් අහලා.. අපිත් ඒකනේ මේ අවුරුදු ගානක් තිස්සේ කුඩු ගහන්නේ..

    ReplyDelete
    Replies
    1. අපි තාම කුඩු ගහන්න කෝඩු කාරයෝ.

      Delete
  10. මමත් ප්‍රධාන වශයෙන් කුඩු වර්ග දෙකක් ගහනවා. ඒ තමයි තේ කුඩු සහ කෝපි කුඩු.

    හැබැයි 2011 දී පටන්ගත්ත බ්ලොග් කුඩු ගැහිල්ල අද පුදුම ඇබ්බැහියක් වෙලා.

    ගහපං ගහපං, තව අවුරුදු ගණනාවකට අතාරින්නෙ නැතිවෙන්න බ්ලොග් කුඩු ගහපං.

    ReplyDelete
    Replies
    1. ෂුවර් ඇන්ඩ් ෂොට්..තව කාලෙකට මේක ඇරෙන එකක් නැහැ.

      Delete
  11. විභියෝ ...මමත් මේකට දැන් තදින්ම ඇබ්බැහි වෙලා බන් .බලධාරියාගෙන් හැමදාම බැනුම් .මට නිකම් ගෙදර ඉන්න කොට ලැප් එක ඕන් කරලා හරි තියෙන්න ඕනෑ ... හැක් හැක්

    ඔබ නැතුව ඉන්න බැරි තරමට
    ඔබ හිතට ඇවිත් හෙමි හෙමිහිට
    ඔබ නොදැක ඉන්න බැරි තරමට
    නෙත ඔබව සොයනවා දවසෙම //

    මේ සීතල හිම ගිරි අරණේ
    මට හමු වූ වනපස කුසුමේ //
    පෙති මත සතපා රැගෙන යන්න මා
    කුසුම් නිම්නයේ මාලතියේ

    ඔබ නැතුව ඉන්න බැරි තරමට....

    මේ ජීවන අවපස අහසේ
    ඔබ පුරපස සඳ වී පිපුණේ //
    ඔබේ රැසින් මා දවාලන්න රෑ
    ලය මත සනහා රාජනියේ

    ඔබ නැතුව ඉන්න බැරි තරමට....

    ගායනය: ආචාර්ය වික්ටර් රත්නායක
    පද රචනය: සුජීව ප්‍රසන්නආරච්චි
    තනුව: ආචාර්ය වික්ටර් රත්නායක

    ReplyDelete
    Replies
    1. ඔවු බන් ..

      පුදුම අසනීපයක් මේක නම්

      Delete
    2. හිකිස්...මටත් දැන් දැන් බොග් පික්සුව ගහල තියෙන්නේ...ඌප්ස්

      Delete
  12. මමත් ඇබ්බැහිවෙලා. වෙලාවකට මට හිතෙනවා බ්ලොග් එකක් පටන් ගත්ත එක මම කරපු මෝඩකමක්ද කියලත්. ඇබ්බැහිවීම හොඳ දෙයක් නොවෙයි.

    ReplyDelete
    Replies
    1. ඇබ්බැහිය හොඳ දෙයක් නම් නෙමේ.
      එත් වැද්දෙ නම් නරක නැහැ

      Delete
  13. බෝම හොඳයි බෝම හොඳයි. කියවන්නත් වැඩි යමක් නැතුව හිටියේ

    ReplyDelete
    Replies
    1. වෙල්කම් කිව්වා එහෙනම්

      Delete
  14. මම නම් නොම්මර එකේ කුඩු කාරයෙක්.. පහුගිය දවස් ටිකේ උන්නේ පුදුම අමාරුවකින්...

    ReplyDelete
  15. කුඩු ඇබ්බැහියකි. මෙන්ඩා කුඩු ගහලා නැත.
    බ්ලෝග කලාවකි. මෙන්ඩා බ්ලොග් කියවන්නෙකි.
    අහෝ බේදයකි..

    මෙන්ඩා බ්ලොග් කියවිමට ඇබ්බැහි වී ඇත.
    එහෙම නම් බ්ලෝග යනු ඇබ්බැහියකි.
    ඒ අනුව බ්ලොග් යනු කුඩු වලට සමාන කල හැකි දෙයකි.
    අවසානයේ
    මෙන්ඩා යනු කුඩු ගසන අයෙකි.

    ReplyDelete
  16. ඔව් බං.. කුඩු කෑවා හා සමානයි.. නොලිව්වත් බලන එක..

    ReplyDelete
  17. මේ ඇබ්බැහිය උනත් එකඑක හේතු නිසා නතරවෙන්න පුළුවන්...
    මම ඒක අත්දැකලා තියෙනවා...
    ඒ කියන්නේ මම කුඩු ගහන්න පටන් ගත්තොත් නතර කරගන්න බැරිවෙන එකක් නැහැ
    ඒ නිසා එක දවසක් ගහල බලන්න ඕනේ... ;)

    ReplyDelete
  18. අම්මපා සහතික ඇත්ත....
    ඔ‍ෆිස් එකේ ලොකු තැන බනින විදියට වෙලාවකට හිතෙනවා රස්සාවෙන් අයින් කරයි කියලත්...ඒත් මේ ගැහිල්ල නොගහ බෑ...

    ReplyDelete
  19. විභීෂණ මගේ හිත කියවල!!!

    මොනා උනත් විභීෂණගෙ ෆොටෝ එක බලාගන්න ලැබුන එකනම් ලොකු දෙයක්!

    ReplyDelete
    Replies
    1. අම්මේ ...කොහෙද බන් ගිහින් හිටියේ...

      -----------
      මම ඉන්නේ කැමරාව පිටිපස්සේ බන්..

      ඔතන ඉන්නේ මගේ ගුරා මාතලන්..

      Delete
  20. මටත් ඔය වගේ කාලයක් තිබුණා තිබුණා වගේ මතකයි ,සිරාවටම වැඩ නම් සමහර වෙලාවට පාඩු වෙනවා ,කමෙන්ටුවක් දැම්මෙ නැතැත් ෆොන් එකෙන් හරි කියවනවා කොහෙ හිටියත් ගොඩක් බ්ලොග් ....දැන් ටිකක් අඩුයි ..

    ReplyDelete
    Replies
    1. කාලෙන් කාලෙට එක එක අසනීප

      Delete

කමෙන්ට් කලාපය....