2017-04-30

විචා...සුබ ගමන් එහෙනම්

ගත මහලු වුනත්

හිත තරුණ වුනු

බ්ලොග් කෙරුවාව හරියටම කරපු

වැඩේ වැඩේ විදියට කරන හැටි 

මහින්සි වෙලා වැඩක් කරන හැටි

අපිට පෙන්නපු, කියා දීපු 

අපි නොඅහපු, නොදැකපු , නොහොයපු 

ගොඩක් දේවල්

අහල දැකලා හොයලා

අපි වෙනුවෙන් ලියලා කරලා තියලා ගිය,

යුනිකෝඩ් ඇතුලේ 

අපේම සගයෙක් වෙච්චි,

අපේම ගුරෙක් වෙච්චි 

නාකි වුනත් අපේම කොල්ලෙක් වෙච්චි

විචෝ,

එහෙනම් සුබ ගමන්!!

ටික දොහකින් අපිත් එන්නම්

එතකන්.

එහෙ ගිහින් හොඳින් ඉඳහන්

හැමදේම අහල දැකලා හොයලා 

පුළුවන් නම් එහෙත් 

බ්ලොගක් ඇරපන්

කොමෙන්ට් කරන්න

අපිත් එනකම් 

පොඩ්ඩක් ඉවසපන්...

එහෙනම් 

අපි දැනට මෙහෙ නවතින්නම්...


-විභීෂණ -


2017-04-18

කුණු කන්දෙන් පුපුරා ගිය අපේ කම.

http://www.longbeachny.gov/vertical/Sites/%7BC3C1054A-3D3A-41B3-8896-814D00B86D2A%7D/uploads/bigstock-Beach-Volleyball-Silhouette-81799844_(1).jpg

මීතොටමුල්ල කුණු කන්ද මේ සතියේ බයිට් එක  වෙලා ය.
සතියේ බයිට් එක  කියලා කිව්වේ මේ ලබන ඉරිදා වෙන්නකොට අපිට මේ සියල්ලම අමතක වෙලා අලුත් බයිට් එකක් හපන්න ගන්නා නිසා ය.
ඉතින් මේ මීතොටමුල්ල බයිට් එකේ රහ යන්න කලින්, කට්ටිය හපලා ඉවර කරන්න කලින් විභීෂණ ත් මේ ලෑස්ති වෙන්නේ එකට ලුණු ගම්මිරිස් පොඩ්ඩක් එකතු කරන්න ය.
👦👦👦


2017-04-11

එක .දෙක .තුන .හතර


එක .දෙක .තුන .හතර
පහ .හය .හත .අට .නමය
දහය....එකොළහ .දොළහ
දහතුන .දාහතර
පහළොව .දාසය .දාහත .
දහඅට .දහ නමය
විස්ස...විසිඑක .විසි දෙක .
විසි තුන විසි හතර...

කහමල් අත්තක් සැලුනා ..කහමල් අත්තක් සැලුනා..
කහමල් අත්තක් සැලුනා
කහමල් ...අත්තක් සැලුනා....

හම්බන්තොට මහින්ද පොළොන්නරුවේ සිරිසේන
හොරගොල්ලේ චන්ද්‍රිකා...
කළුතර රාජිත රෝහිත වෙල්ගම 
බෙන්තොට ගීතක්කා...


හම්බන්තොට මහින්ද පොළොන්නරුවේ සිරිසේන
හොරගොල්ලේ චන්ද්‍රිකා...
කළුතර රාජිත රෝහිත වෙල්ගම 
බෙන්තොට ගීතක්කා...

එක .දෙක .තුන .හතර
පහ .හය .හත .අට .නමය
දහය....එකොළහ .දොළහ
දහතුන .දාහතර
පහළොව .දාසය .දාහත .
දහඅට .දහ නමය
විස්ස...විසිඑක .විසි දෙක .
විසි තුන විසි හතර...

-------------------

ගණන් ගන්නෙපා...
මේ ට්‍රිප් එකකදී ඇහිච්චි ටෞකන සින්දුවක කෑල්ලක්..