2015-09-13

උඹට වැරදුනා කෙල්ලේ...

කෙල්ලේ

උඹට මතකද

ආයෙත්
මේ ලෝකෙට එන්න හිතාගෙන
මිනිස්සු එක්ක ජීවත් වෙන්න හිතාගෙන
දහසක් දස දහසක් පෙරුම් පුරපු හැටි



පෙර ආත්ම වල කරපු පිනෙන්
ඊළඟ ආත්මය
මිනිස් දුවක් විදියට ඉපදෙන්න
මිනිස් ලෝකේ ජීවත් වෙන්න
උඹට වාසනාව පෑදුනු හැටි

උඹේ ඒ සුන්දර ප්‍රාර්ථනාව ඉෂ්ඨ වෙන්න
උඹ කැමතිම හොඳම අම්මා හම්බ වෙනකන්
උඹ කැමතිම හොඳම තාත්තා හම්බ වෙනකන්
පන්සල් ගාව , සිරිමා බෝ සමිඳු ගාව
තව බොහොම පිනෙන් පිරිච්ච තැන් වල
ඉමක් කොනක් නැති බලාපොරොත්තු තියාගෙන
පාවී පාවී පාවී පාවී
ඇස් ලොකු කරගෙන
මග බලාන හිටපු හැටි

උඹට මතකද
උඹේ අම්මාව උඹේ තාත්තාව
මුලින්ම මුණ ගැහුණු වෙලේ
උඹ සන්තෝසෙන් පිරිලා ගිය හැටි

උඹට මතකද
උඹ පාවෙලා ගිහින්
උඹේ අනාගත අම්මාව ආදරයෙන් බදා ගත්තු හැටි
බදා ගෙන සන්තෝසෙට අඬපු හැටි


උඹට මතකද
හොඳම අම්මාව හොඳම තාත්තාව
ලබාගන්න පුළුවන් වෙච්ච සතුටට
බොහොම අහිංසක විදියට උඹ ආඩම්බර වෙච්ච හැටි
වෙන කාට නොපෙනුනත් , උඹට නොපෙනුනත්
උඹටත් හොරා හීනි කඳුළු බින්දු
උඹේ කම්මුල් දිගේ ගලන ගිය හැටි

උඹට මතකද
උඹ වගේම
හොඳම අම්මා ව හොදම තාත්තා ව හම්බ වෙනකන්
උඹත් එක්ක මග බලං හිටපු උඹේ යාළුවො
උඹට ට සුබ පතපු හැටි

උඹ උඹේ අලුත් අම්මාගේ කුස ට ඇතුල් වෙනකොට
උඹේ ඒ යාළුවො දුකින් වුනත් ආශිර්වාද කරපු හැටි
උඹ ඒ අයට අත වනලා
උන්ට සමු දීපු හැටි
අලුත් ජීවිතේ පටන් ගන්න උඹේ තිඹිරි ගෙට ඇතුල් වෙච්ච හැටි

එත් කෙල්ලේ
උඹට පුළුවන් වුනාද
මොහොතකට හිතන්න
උඹ ඉපදෙන්න යන්නේ මොන රටේ ද?
මොන ගමේද?
කියලා

උඹට පුළුවන් වුනාද
මොහොතකට හිතන්න
උඹ වගේ අහින්සකියකට
ඒ රට , ඒ පළාත, ඒ ගම
ජීවිතේ පටන් ගන්න හොඳ තැනක්ද කියන වග
ඒ පළාතේ මිනිස්සු
උඹට සලකන්න කොහොම ලැස්ති වෙලා ඉඳියිද කියන වග

දැන් මතක් වෙනවා නේද කෙල්ලේ
උඹට එදා
පොඩ්ඩක් , බොහොම පොඩ්ඩක්
ඒ ගැන හිතන්න අමතක වෙච්ච වග

උඹ දැක්කේ නෑ නේද කෙල්ලේ
අලුත් ජීවිතේ පටන් ගන්න
උඹ තෝරගත්තු ඒ රටේ, ඒ පළාතේ
බල්ලන්ටත් අන්ත
තිරිසන්නු, ගෝත්‍රිකයෝ
රංචු පිටින් ඉන්න වග

උඹට තේරුනේ නෑ නේද කෙල්ලේ
ඒ තිරිසන්නු
පුංචිම පුංචිඋඹ වගේ
අහිංසකියකට වුනත්
සන්තෝසෙන් ජීවත් වෙන ඉඩ නොදෙන වග

දැන් කරන්න දෙයක් නැහැ කෙල්ලේ
උඹ ට වෙච්ච ඒ පුංචි අමතක වීම
දැන් ගොඩක් දුර දිග ගිහින්

ඒ කාලකන්ණි තිරිසන්නු
උඹේ ඒ අහිංසක අම්මගෙන්
උඹේ ඒ අහිංසක තාත්තා ගේන්
උඹව උදුරා ගත්තා කෙල්ලේ

උඹ ට පේනවත් ඇති
උඹේ අම්මයි තාත්තයි
උඹ නැතිව
බෙරිහන් දෙන හැටි ,
විලාප දෙන හැටි,
අඬන හැටි

උඹටත් දුක ඇති කෙල්ලේ
එත් උඹ කියලා මොනා කරන්නද?

ආසාවෙන් පටන් ගත්තු ඊළඟ මිනිස් ජීවිතේ
මේ වගේ ඉක්මනටම ඉවර කරන්න සිද්ද වෙන්න
උඹ සංසාරේ මොකක්හරි පවක් කරලා තියෙන්න ඇති කෙල්ලේ

උඹ වගේ ලස්සන කෙලි පැටික්කියක්
හදලා , වදලා, ලොකු මහත් කරලා උගන්නලා
ලස්සන කෙල්ලෙක් කරලා
ජයට මගුල් කාලා දීග දෙන්න
උඹේ ඒ අහිංසක අම්මයි තාත්තයි
තියන් හිටපු බලාපොරොත්තු
මෙච්චර ඉක්මනට බිඳෙන්න
ඒ දෙන්නත් සංසාරේ
මොකක් හරි පවක් කරලා තියෙන්න ඇති

දැන් දුක් වෙන්න එපා කෙල්ලේ
මෙහෙ උඹට ගැලපෙන්නේ නැහැ කෙල්ලේ
අහිංසක කෙලි පැටික්කියකට
මෙහෙ කොහෙත්ම
ගලපෙන්න්නේ නැහැ කෙල්ලේ
මෙහෙට වඩා හොඳ තැනක ඉපදෙන්න
පෙරුම් පුරපන් කෙල්ලේ

උඹට වරදින්නේ නැහැ
සුබ ගමන්....

57 comments:

  1. ඊයේ සිදුවූ සංවේගජනක සිදුවීම ගැන ඔබේ පබැඳුම විෂිශ්ටයි විබී

    ReplyDelete
    Replies
    1. මම මේක දන්නේ නැ , මොකක්ද මචං වෙලා තියෙන්නේ , ලින්ක් එකක් දෙන්න

      Delete
    2. @ අටම්

      මෙන්න බලහන් ත්‍රිකොනේ නිව්ස් ..

      කෙල්ලව මරල දාල කියලා කියන්නේ...

      http://newsfirst.lk/english/2015/09/body-of-kotadeniyawa-missing-child-found-magisterial-inquest-held/110498

      http://newsfirst.lk/sinhala/2015/09/breaking-%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B6%AF%E0%B7%99%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93-%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1/


      Delete
    3. @ කසුන්

      මම මහා ලොකු කවි ලියන්න දන්නේ නැහැ බන්

      එත් මේ සිද්ධිය හින්දා ආපු ඒ හැංගීම පිටවුනේ ඔය විදියට තමයි

      Delete
    4. කියෙවුවා අනේ පව් පොඩි එකී :(

      Delete
    5. කතා කරලා වැඩක් නැහැ ඔමා

      Delete
  2. හෙන ඉල්ලනව ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ විභියෝ මේ වගේ අපරාධ කරන මිනිස් වෙසින් ඉන්න තිරිසනුන්ට..
    ජයවේ දෙවැනි විභීෂණ!

    ReplyDelete
    Replies
    1. කරපු එකාට හෝ එවුන්ට පොතේ නීතියෙන් මොනවා උනත් නැතත් සොබාදහමේ නීතිය බොහොම ඉක්මනට බඩු සෙට් කරන බව සීයට දෙසීයක් ෂුවර්. වැඩිකල් යන්න වෙන්නේ නැහැ. ඔවුන් සෙට් එක අහුවෙනවා.

      ------------
      තැනක් යූ වර්ණයෝ

      Delete
    2. //සොබාදහමේ නීතිය බොහොම ඉක්මනට බඩු සෙට් කරන බව සීයට දෙසීයක් ෂුවර්.//
      +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
      වීම නොවීම කෙසේ වෙතත් එසේ වේවා කියලා මාත් ප්‍රාර්ථනා කරනවා.

      Delete
  3. පුදුම මානසික ලෙඩ්ඩු බං දැං ඉන්නෙ. මුන්ට දෙන්න ඕනෙ රජ කාලෙ දඬුවම්.

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි කරන්න ඕන. අඩු ගානේ මුස්ලිම් එවුන්ගේ දඬුවම් ක්‍රම ටික හරි දුන්නා නම් සොරි ඩොට් කොම් තමා.

      ඔය මම උඩ රිප්ලයි එකක් දාල තියෙනවා වෙග්ම මෙතනත් කියන්න තියෙන්නේ සොබාදහමෙන් ම වැඩි කල් නොගිහින් මේ පාපතාරයෝ එකා හෝ කීප දෙනාව එලියට ගෙනාවා. ගොඩක් වෙලාවට හැඳි ගෑවිලා ගිහින් තියෙන උන්ගේ බොඩි හබුවෙයි කියලා තමයි හිතෙන්නේ

      Delete
  4. පද බැදුම සුපිරි විභියෝ

    ReplyDelete
  5. මම සිද්දිය නම් දන්නේ නෑ. එත් ගොඩක් හිතේ වේගෙන් ලියාගෙන ගියපු සංවේදී සටහනක් විභී :(

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත.
      හිතට දැනිච්ච දේ එහෙම්මම ලියලා දැම්මා.
      මට ඔය කවි සීන් බැහැනේ .

      Delete
  6. මටත් ඉන්නවා මචං චූටි දුවෙක්.ඒ තාත්තා අම්මා කොහොම දරාගන්නවද දෙයියනේ !!


    ReplyDelete
    Replies
    1. මේ රටේ ඉන්න එවුන් එක්ක දෙයියන්ටවත් පුලුවන්ඩ් ද දන්නේ නැහැ ඉහ ගහල ඉන්න

      Delete
    2. දෝනි ඇඩුවත් පපුව හිරවෙනවා වගේ දැනෙනකොට..දරාගැනිමක් ගැන හිතන්නවත් බෑ උඔට?

      Delete
    3. උඹ ඉතිං ගෙදර එකා වාගෙ … ආයෙ කියන්න ඔනැයෑ බං.ඇස් දෙකට දැක්කනේ !!

      Delete
  7. ඔයාගේ හිතට දැනුන අදහස හොඳට ලියල තිබෙනවා.. කතාවට මුල් හේතුව තවම දන්නේ .. නැහැ. නිව්ස් එක බලල අයෙත් එන්නම්.

    ReplyDelete
    Replies
    1. තැනක් යූ අජිත් අයියා.

      --------
      කතාවේ මුල් හේතුව නම් දන්නේ නැහැ තමයි.

      Delete
  8. පරීක්ෂණ අවසානයේ අපි හීනෙන්වත් නොහිතපු දෙයක් මතුවෙන්නත් පුළුවන්. මොනවා වුණත් මේ කිරි සප්පයා...?
    මම මේ ගැන ලියන්න හිතුවත් ගිය බදාදා දාපු එකත් ඔය ළඟින් යන නිසා දැම්මෙ නෑ. ඒ වුණාට මේ සතියෙම ලියන්න ඕනි. මේ දේවල් මිනිස්සු කතාබහ කළ යුතුමයි. මාධ්‍යයන්ට තවත් එක් රසවත් කෑමක් වුණාට අපි මේක ඛේදවාචකයක් විදිහට මිනිස්සුන්ගෙ මොලයට දාලා කොටන්න ඕනි. ඒත්................... අනේ මන්දා බං.
    (ජීව විද්‍යාත්මක සිද්ධියක් ආරම්භයට පාදක කරගෙන මේක බොහොම සංවේදීව අපට ගෙනෙන විලාසය නිසා, උඹ අපි හිතුවට වඩා මාර වැඩ්ඩෙක් බවයි පේන්නෙ. ඒක මම කියන්නෙ මේ සිද්ධිය අමතක කරලා වෙනත් දෙයක් මතු කරන්න නෙමේ. ඇත්තටම උඹේ හැකියාව පැහැදිලිව පෙනෙන නිසා. මේ ස්ටයිල් එක අතහරින්න එපා)

    ReplyDelete
    Replies
    1. අපිට ලැබෙන නිල නොවන ආරංචි මාර්ග අනුව හීනෙන්වත් නොහිතපු කෙනෙක් වගේ මතුවෙන්න යන්නේ.
      කරන්න දෙයක් නැහැ. කවුරු කලත් වැරැද්ද වැරැද්ද මයි.

      මම කලිනුත් කිව්වා වගේ නීති පොතෙන් දඬුවම් ඇතත් නැතත් සොබාදහමේ නීතියෙන් සුදුසුම දඬුවම ලැබෙනවා.

      -----------
      මේල ඇත්තටම ඛේදවාචකය ක් තමයි.මේ වගේ දේවල් ගැන මිනිස්සු අවදියෙන් ඉන්න ඕන.
      අපිත් පුළුවන් විදියට එකට එකතුවෙන්න ඕනා.

      Delete
    2. මගේ ඉට්ටයිල් එක ගැන දීලා තියෙන ප්‍රසංසාවට තැනක් යූ ..

      Delete
    3. This comment has been removed by the author.

      Delete
  9. උඩ මධු කියනව වගෙ මෙතන දෙමාපියන්ගෙ නොසැළකිල්ලත් හේතුවෙනව. ගෙදර ගැන හොඳින් දන්න කෙනෙක් මේක කළ බවත් පේන්න තියනව.ළමය ගෙදර නැතිබව දන්නෙ උදේ. මරු
    කළුතර මිල්ලනියෙ කප්පම් සිද්ධිය වගෙ අපි නොහිතනම පැත්තක් මතුවෙන්නත් බැරි නෑ.

    ReplyDelete
    Replies
    1. අනිවා මචෝ.
      දෙමවුපියන්ගේ නොසල්කිල්ලම තමයි මේකට හේතුව.

      ----
      සතා , ගෙදර ගැන ගොඩක් දන්නා කෙනෙක් වග දැන් දැන් ආරංචි වේගෙන එනවා. හෙට වෙනකොට බලමු.

      Delete
  10. දෙමවුපියන්ගෙත් වැරදි විභී අයියේ... දුවෙක් තැන මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනි.. දැන් බොරුවට ඇඩුවට වැඩක් නෑ...
    දරුවා අතන ඇති මෙතන ඇති කියලා හිතාගෙන රැට නිදාගන්න අම්මලා හොදම අම්මා වෙන්නේ කොහෙමද අයියේ...මට නම් තරහ ඒ අම්මත් එක්ක..

    ReplyDelete
    Replies
    1. දෙමවුපියන්ගේ වැරද්ද තමා මේකට ප්‍රධානම හේතුව.

      Delete
  11. Replies
    1. අපිටත් ඔහොම තමයි බන්.
      හරිම අමාරුයි...

      මොනා කරන්නද?

      Delete
  12. අපි බලමු ඇත්තටම සැක පිට අත් අඩංගුවට පත්වෙන්නේ කියලා. සමහරවිට අපි හීනෙකින්වත් නොසිතපු දෙයක් හෝ සමහර විට මුල ඉඳලම සැක කල දෙයක් වෙන්නත් පුලුවන්.

    ReplyDelete
    Replies
    1. ඕ යේස්...
      ----------
      නොනිල තොරතුරු අනුව සිද්ධිය හරිම ඛේදජනකයි..

      Delete
  13. ඉතා කනගාටු දායක සිද්දියක්.
    ඝාතකය දැරිවියගේ ලගම නෑයෙකු හෝ හිතවතකු විය හැකියි..

    ReplyDelete
    Replies
    1. යේස්..තව පැය කීපයක් ඉවසමු

      සතා ඉක්මනටම එලියට දාවි...

      Delete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. ඊයේ නිවුස් වලට මම ඔය ගැන බලනකොට මම දැක්ක දෙයක් තමයි මාධ්‍ය අර දරැවගේ අමිමගේ තාත්තගේ දුක වෙදනාවත් යොදාගන්නේ තමන්ගේ නිවුස්එක තමයි දවසේ හොදම ඉදිරිපත් කිරීම කියලා පෙන්වන්න.හරියට හොදම ෂොක් සීන් ටිකක් දාලා ෆිල්ම් එකක් හදලා ප්‍රෙක්ෂකයෝ ගෙන්න ගන්න හදනවා වගේ.
    මතකද දැන් වසර තුනකට විතර කලින් කෑගල්ලේ අවුරැදු පහක පොඩි දැරවෙක් දූෂණය කරලා මරලා දාලා තිබුනා.මම මෙ ලගදි ඒ පැත්තේ මිතුරකුගේ නිවසකට ගියාම එය ගැන ඇහුවා.අපරාධකාරයා අහුවුනාලු.ගමෙ උන් සෙටි වෙලා ඉදලා තියනවා මිනිහට හොදටම ගහන්න.ඒත් පොලිසියෙන් ගහන්න නොදි බෙරගෙන අරගෙන ගිහින් උසාවියට ඉදිරිපත්කරලා.කියන විදියටනමි තවත් ඔය වගේ පොඩි දරැවන්ට අතවර කරලා තියනවලු.සාක්ෂි නැති නිසා ඔන්න වෙන පැත්තකට ගිහින් නිදහසේ.දැන් ඔය මනුෂයා තවත් පොඩි එකෙකුටත් ඔය අපරාදෙම කරනවා සාක්ෂි නැති වෙන්න.

    ReplyDelete
    Replies
    1. අපේ රටේ තියෙන පාහර මීඩියා ගැන නම් කතා කරලා වැඩක් නැහැ බන්...

      අර අපේ පරයෝ උදේ හවා බනින ඉන්දියාවත් තියෙනවා බොහොම හොඳ සදාචාරයක්, මෙහෙ ඉන්න පර මීඩියා ඔස්තාර් ලාට වඩා...

      Delete
    2. නීතිය අතට ගන්න්න බැහැ..
      එත් නීතිය අතේ තියන් ඉන්න උන් එක හරියට පාවිච්චි කරන්නේ නැත්තන් අතට නොගෙනත් බැහැ..

      Delete
    3. ඇත්තෙනම් නීතිය අතය ගත්තෝත් එතනම ගැටලුවක්.අපරාධයක කරන බොහෝ දෙනක්ගේ මුල හොයගෙන ගියාම ඒ සදහා බලපෑව හේතු ගොඩක් තියනවා.අන්න ඒ හේතු වලට ප්‍රතිකර්ම නොකර අපරාධකාරයා මරලා දැමිමා කියලා කවදාවත් අපරාද නවතින්නේ නමි නැ.අපේ රටවල් එවැනි ඵලදායි වැඩපිලවෙලක් ක්‍රියාවට නගන්නේ නැ.

      Delete
  16. මේ දැරිවිය දූෂණය කර මරා දැමුවේ කවුද කියා මට නිළ නොවන ආරංචි මාර්ගයකින් තොරතුරක් ආවා. ඒක ඇත්ත නොවේවා කියා ප්‍රාර්ථනය කරනවා. ඇත්ත වුණොත් ඌව මරණ එක පාපයක් නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. ඔබට ලැබුණ තොරතුර වගේම අපිටත් අහරෙන් මෙහාන් ආරංචි එනවා.
      -----
      ඇත්ත , ඒ කතා ඇත්ත නොවේවා කියලා ප්‍රාර්ථනා කරන්න තමයි අපිට දැන් ඉතුරුවෙලා තියෙන්නේ....

      -----------
      අනිවා,
      එහෙම එවුන්ව තියන්න කිසිම හේතුවක් නැහැ.

      Delete
  17. බොහොම කණගාටුදායකයි. පත්තර වලින් එලියට දෙන්නේ නැත්නම් අපිවත් ලියමු. හැබැයි සාක්ෂි තියෙනවා නම් විතරක්.
    http://nelumyaya.com/?p=4217

    ReplyDelete
    Replies
    1. ඔවු. එක එහෙම කරන්න පුළුවන් නම් ලොකු දෙයක්.
      සාක්කි තියෙනවා නම් , මූණු වල කොටු නොදා අනිවා පෙන්නන්න ම ඕනා.

      Delete
  18. http://sinhala.lankanewsweb.net/featured/nelum-yaya/item/788-2015-09-14-19-03-31

    ReplyDelete
  19. Replies
    1. මේක තාමත් මිනී කන්නන්ගේ දේශයක්

      Delete
  20. මේක මහා කාළකන්නි රටක්...

    ReplyDelete
    Replies
    1. එච්චරයි.

      වෙන මොනවා කියන්නද?

      Delete
  21. ඒ තාත්තගේ මුණ හරිම වරදකාරී බවක් පෙන්නනවා,, අනේ මන්දා

    ReplyDelete
    Replies
    1. මෙ තියෙන්නේ ඔමා තාත්තා ගැන නිවුස් එකකුත්
      http://www.hotandfastnews.com/2015/09/blog-post_18.html

      Delete
    2. අපිටත් එක එහෙම්මම තේරෙනවා.

      එත් තව ටික දවසක් ඉවසන්න වෙනවා. සාක්කි එක්ක විස්තර ලැබෙනකන්.

      Delete
  22. ඒ ළමයගේ අම්මල තත්තලටත් කොහේ හරි වැරදිල

    ReplyDelete
    Replies
    1. එක තැනක නෙවයි. ගොඩක් තැන්වල

      Delete
  23. ගම්පහ කොටදෙනියාවේ දැරිවියට උනු මහා කාම අපරාධය උනත් වෙන්නේ නෑ අපේ කාන්තා පරපුර පිරිමින්ගේ කාමුකත්වය හා ළමයි වැදීමටම උපන් ලෙස නොසිතා නූතන යුගයට ගැලපෙන ලෙස සම්ප්‍රදායික ගතානුගතික ආකල්ප වලින් ගැලවිලා ජීවත් වෙනවනම්. මේ හෙන ගහන අපරාදෙට මරන දඬුවම දෙන්නම ඕනේ. මේ ගැන මමත් ලිපියක් ලියනවා.

    ReplyDelete

කමෙන්ට් කලාපය....