2016-07-23

අලුත් කුණුහරුප

කුණු හරුපයක් කියන්නේ මොනාද කියලා ඇහුවොත් , ඒ කියන්නේ can you define "Filthy word" ? කියලා කාගෙන් හරි සිංහලෙන් ඇහුවොත් ඌ මොන වගේ උත්තරයක් දෙයිද?


ගොඩක් දිග උත්තරයක්?
තනි වචනේ උත්තරයක්?
එහෙමත් නැත්තම් අමුම අමු කුණු හබ්බයක්?

ඌ මොන උත්තරේ දුන්නත් අපිට වැඩක් නැත. 

විභීෂණ ට තේරෙන විදියට නම් "කුණු හරුපයක් " කියන්නේ හොඳ සිහිය පවතින ඕනෑම අවස්තාවක තමුන්ගේ රැලේ, කාන්ඩේ, පන්තියේ  එවුන් එක්ක කතා කොරන කොට වල බහින කොට කිසි ලැජ්ජාවක් නැතුව ඉබාගාතේ ලෝස් නැතුව පාවිච්චි කරන නමුත් පිට එවුන් ඉන්න ප්‍රසිද්ධ සමාජෙදී බොහොම අමාරුවෙන් කට ඇතුලේ තද කරන ඉන්න සහ හොඳ සිහිය අහිමි වාතාවරනයකදී කලින් කියාපු පන්ති බේද කණ්ඩායම් බේද සමාජ බේද කිසිම එකක් නැතුව හිතේ හැටියට හැමතැනකම පාවිච්චි කරන අති අලංකාර වචන මාලාවක් ලෙසය.

ගොඩක් වෙලාවට මේ වචන හැදෙන්නේ සහ අපේ සහ උන්ගේ අහවල් එව්වාත් එව්වයින් කරන දේ ත් සම්බන්ධ කරගෙනය. 

කියන කොට ලජ්ජා වුනාට අහනකොට පට්ට ආසාවෙන් කොල්ලන්ට පමණක් නොව කෙල්ලන්ටත් බකස් ගා හිනා යන්නේ ආන්න ඒ නිසා ය.

හු#$%, ප#, කැ#$ වගේ මෙච්චර කල් සිංහල සමාජයේ රෙජිස්ටර් වෙලා තිබ්බ  සාම්ප්‍රදායික සුද්ද සිංහල වචන වලට අමතරව අලුත්ම අලුත් ශුද්ධවූ වචන  කීපයක් අද සමාජයට එකතු වෙලාතියෙන බව රටේ සමාජේ සිද්ධ වෙච්ච සිද්ධ වෙන සහ ඉස්සරහට සිද්ධ වෙයි කියලා දැනෙන දේවල් එක්ක සාක්කි සහිතව කියන්නට පුළුවන.

මේ අලුත් කුණුහරුප හෙවත් සුද්දවූ වචන සැට් එක සමාජ ගත් කිරීමේ පූර්ණ ගෞරවය ලැබෙන්න ඕනා වෙන කාටවත් නොව අපේ උනන්දුව , කැපවීම  සහ දුරදක්නා නුවනට  පින් සිද්ධවෙන්න අපේ වරමින් මහා තැන් වලට ගිය දේශපාලුවන් නමැති සත්ව කොට්ටාශයට ය.

අපි වෙනුවෙන් උන් කල කී සමහර දේවල් දකින බලන අහන  කොට මේ හදලා දීල තියෙන අලුත් කුණු හබ්බ්බත් මදි වෙන සයිස් ය.

එව්වා වැඩක් නැත.
රටට සමාජෙට මොනවත් කෙළේ නැතත් අඩු ගානේඅපේ ව්‍යවහාර භාෂාවට  අලුතෙන් වචන හඳුන්වා දීලා මේ කරපු සුළු හෝ සේවෙ ට  ලෝකෙන්ම සිංහල කතා කරන එකම රටේ පුරවැසියන් වන අපි   (පසුබිමින් වංශය කබල් ගාන සංගීතය වාදනය වෙමින් )ඉතසිතින් ඔවුන්ට ස්තුති කල යුතුය.

ඔවුන්  අපේ ව්‍යවහාර භාෂාවට මේ කරපු සේවේ කවුරුත් නොදනී වැළලී යන්න දෙන්න බැරි නිසාවෙන්ම අඩු ගානේ බ්ලොග් පොස්ටුවක් විදියට ගූගලයා ගේ සර්වර් එහෙක හරි රැඳිලා තියේවි කියන අහිංසක බලාපොරොත්තුව නිසාවෙන්ම ඊලඟ පොස්ට් කීපෙකින් ඒ අලුත් සුද්ද සිංහල වචන ටික හඳුන්වා දෙන්න විභීෂණ බලාපොරොත්තු වන්නේ ය.

ඒ නිසා ඉතාමත් ඉක්මනින් ඒ "කුණුහරුප පොස්ට් " ඇතුළේදී හමුවෙන්න හිතාගෙන තාවකාලිකව විභීෂණ දැන් සමුගන්නේ ය.

එහෙනම් ඉක්මනට හම්බුවෙමු...



24 comments:

  1. මං හිතුවා අලුත් සිංහල කුණුහරුප දැන් නිපදවී ඇති ය කියලා.

    "මම කුණුහරුප ලෙස සැලකෙන සිංහල වචන සියල්ල ම පාහේ දනිමි. සියල්ල ම දනිමි යැයි නොකියා සියල්ලම පාහේ දනිමි යැයි සීමාවක් යෙදුවේ මා නොදන්නා කුණුහරුප ද පසුගිය කාලයේ ලංකාවේ අලුතෙන් බිහි වී තියෙන්නට ඉඩ ඇති නිසා ය."
    https://rasikalogy.blogspot.com.au/2016/07/me-is-good-boy.html


    ReplyDelete
    Replies
    1. අලුත් අලුත් හරුප කීපයක් ම තියෙනවා.

      ඔන්න පොස්ටුව දැම්මා..

      Delete
  2. කුණුහරප කියන්නෙ වැරදියට ඝණ පිහිටවූ වචන කියල මොකක් හරි පොතක තිබ්බ....හරියටම මතක නෑ...

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට පොත මතක නොතිබ්බේ. නැත්තම් ඒ පොතත් තහනම් වෙනවා.

      Delete
  3. මතු සම්බන්ධ පෝස්ටුවක් :D තව මොකුත් නොකියමි ඊළඟ පෝස්ටුව කියවමි .... :P

    ReplyDelete
    Replies
    1. ඔන්නා එහෙනම් ලීවා..

      Delete
  4. මගෙන් හොඳ කුණුහරප දෙකක් අහගන්නැතුව ලියපිය ඉක්මනට ඊළඟ කොටහ.

    ReplyDelete
    Replies
    1. මම බොහොම බය වුනා විචෝ...

      ඒ නිසාම ඔන්න ලිව්වා..

      Delete
  5. මගේ කොමෙන්ට් එක විචාරකතුමා දාලා..

    ReplyDelete
  6. අපිත් ආසයි අලුත් කුණුහරුප ඉගෙන ගන්න.
    බලමු.... බලමු.....

    ReplyDelete
    Replies
    1. ඔන්න ලිව්වා බලන එකයි ඇත්තේ,

      Delete
  7. හා අලුත් කුනුහරුපයක් පටන්ගන්නද යන්නෙ.

    ReplyDelete
    Replies
    1. අපෝ නැහැ. අලුත් හරුප හඳුන්වා දෙන්න යන්නේ..

      Delete
  8. මම ඉස්සර rise of nation, age of empire, age of methology කියන ගේම් ගැහුවා. ඒවයෙත් කුනුහරුප වගේ වචන තියෙනවා‍. :)
    උදාහරණ:
    තිරස් පකේ
    මෙතලෙජ්
    අන්නකුමන්චන්
    ජිල්බුඃ
    මකන් බනානේ වාලා

    ReplyDelete
    Replies
    1. ඔව්වා මොනා ද බන්. තව අලුත් එව්වා කොච්චර ද?

      Delete
  9. අලුත් ඒවා රසේවා නේහ්....

    ReplyDelete
  10. ගලිවර්ගේ සුවිසැරිය ආශ්‍රයෙන් හදපු කුණුහරුපේ දන්නවද?

    ReplyDelete
  11. අරහේ යන්න​ තිබුනු හදිස්සියේත් 'අලුත් කුනුහරුප ටික කියවලම යං' කියලා ඉවසගෙන අවසන් වෙනකං කියෙව්වා ම​දෑ .....සහෝ උඹ මගේ ආතලේ නැති කලා........

    ReplyDelete

කමෙන්ට් කලාපය....