2015-09-09

ඉවරයි ඉවරයි ඉවරයි...ඇති යන්තම් ඉවරයි...

අවුරුද්දක් හෝ ඊට වැඩි කාලයක් එක දිගට වෘත්තිය පාඨමාලා කිරීම යනු සසර කලකිරෙන වැඩක් බව විභීෂණ මේ වෙනකොට තේරුම් ගෙන හමාරය. ඒ බව තේරුම් යන්නට මේ තරම් කාලයක් ගත වෙච්ච එක ගැනත් ඇත්තේ එසේ මෙසේ කනගාටුවක් නම් නොවේ. කතාව මෙසේ ය.


ගිය අවුරුද්දේ මාර්තු මාසේ දී විභීෂණ ගේ ෆැක්ටරි එකෙන් විභී ට චාන්ස් එකක් අරන් දුන්නේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන යේ (SLSI) කෝස් එකක් කිරීමට ය. කෝස් එක නම් "තත්ත්ව කළමනාකරණය පිලිබඳ සහතික පත්‍ර පාඨමාලාව " කියන සැටිපිකට් කෝස් එකය.
මගේ අතිනුත් වියදම් වෙන්නේ නැති එකේ මාත් එක්ක නොමිනේට් වෙලා තිබ්බ අනිත් තුන් දෙනාත් එක්ක ඔය සති දහයේ කෝස් එක කිසි අවුලක් නැතිව ගොඩ දැම්මේ ය. කරන ජොබ් එකත් එක්කම "QUALITY MANAGEMENT " ගැන මොකක්දෝ මෙව්වා එකක් ඇඟ ඇතුලේ තිබ්බ හින්දා ද කොහෙද මේ කෝස් එක ඉවර වෙච්ච ගමන්ම විභීෂණ SLSI එකේම  Quality Diploma කෝස් එකට ඇප්ලිකේෂන් එක දැම්මේය .
හැබැයි ඉතින් එක කරන්න වෙන්නනේ අතින් වියදම් කරගෙනය. තිබ්බ ආසාවේ හැටියට විභියා ට එකේ අවුලක් තිබුනේ නැත. මා එක්ක ෆැක්ටරියේ වැඩ කරන තව තුන් දෙනෙක් ද මම වගේම නුවණක්කාර තීරණය ක් ඒ වෙනකොටත් අරන් තිබ්බ නිසා ප්‍රොජෙක්ට් එකේ  පාළුව කාන්සිය ගැන බයක් සැකක් තිබුනේ නැත.

කොහොමහරි හතර දෙනා ගේම ඇප්ලිකේෂන් සිලෙක්ට් විය. හතර දෙනාම දස මාසේ කෝස් එක කරන්න ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසේ හිටං පටන් ගත්තේය.

විභීෂණ ට තියරි යනු වහ ය. ඉතිහාසේට , බයෝ සයන්ස් වලට හෝ සිංහල සාහිත්‍ය ට වුනත් ගණන් හදන්න තියෙනවානම් මිස තියරි නම් පළාතේ වත් දකින්නට කැමති නැත.
කලිනුත් කිව්වා වගේ විභීෂණ "QUALITY MANAGEMENT" කියන සබ්ජෙක්ට් එකට කැමතිය. එත් කරුමෙක මහතා කියන්නේ ඔය සබ්ජෙක්ට් එකේ අතිශය බහුතරය තියරි වලින් වැහිලා තිබීමය.

එත් තිබ්බ ආසාව නිසා කොහොම හරි ගොඩදානවා කියන පරම පිවිතුරු අධිෂ්ඨානය පෙරදැරි කරගෙන විභීෂණ කෝස් එක කරන්න පටන් ගත්තේය.
මාසයක් ගියේය, දෙකක් ගියේය, තුනක් ද, හතරක් ද ගියේය. පස් වෙනි මාසේ වෙනකොට විභීෂණ ට වගේම අනිත් තුන් දෙනාටත් කෝස් කරන එක නහුතෙටම එපා වෙලා තිබුනේය. එක ඒ තරමට ම තියරි වලින් වැහිලා තිබුනේය.

ඔය කෝස් එකේ පලවෙනි මොඩියුල් 7 ට එක්සෑම් 7 ඇත.ඉතින් හැම මාසෙකටම වගේ එක්සෑම් එකක් සෙට් වෙන්නේය. අතින් වියදම් කරන කරන එක හින්දා ෆේල් වෙන්නත් බැරිය. ඒ හින්දා උ.පෙ ටවත් නොකරපු විදියට  මේ මොඩියුල් එක්සෑම් වලට මහන්සි විය. ජීවිතේ පලවෙනි වතාවට රෑ එළිවෙනකන් පාඩම් කළේය. එහෙම කරලා පාන්දර ත් නැගිටලා ආපහු පාඩම් කළේය.
කියන්න කොච්චර සන්තොසද කියනවානම් ඔය  6 වෙනි , 7 වෙනි මොඩියුල් එක්සෑම් වලට ඔය විදියට පාඩම් කරලා මහන්සියට පේපර් එකට ලිය ලිය ඉන්න කොට විනාඩි විස්සක තිහක විතර ඉඳලා හිටලා නින්ද ද ගියේය.

පට්ට නිදිමතේ ලියාපු සමහර උත්තර ,පේපරේ එකතු කරන්න පැය කාලකට විතර කලින් ආපහු කියවන්න හදපුවාම Quality වලට වඩා සිහි වෙන්නේ සීගිරි කුරුටු ගී සමුදාය ය. ඒ තරමටම මම ලියාපුවා මටම කියෝගන්න බැරිය. ඉතින් කඩි  මුඩියේ ටිපෙක්ස් පිහිටෙන් අහරෙන්  මෙහෙන් කියෝගන්න පුළුවන් විදියට ආපහු ආන්සර් එක ලිව්වේය.

කොහොම හරි අපි හතර දෙනාම වගේම ක්ලාස් එකේ අනිත් එවුනුත් අන්තිම මාස් දෙක තුන වෙනකොට හිට්යේ පාන් කියාගන්න බැරි තරම් මහන්සියකින් ය.
ඔය කියන එක්සෑම් මල ඉලව්ව හින්දා ඉඳලා හිටලා බ්ලොග් අවකාශෙන් චුත වෙන්නට ද විභීෂණ ට සිද්ධ වුනේ අර කලින් කියාපු විදියට මහන්සි වෙන්න සිද්ද වෙච්ච හින්දා ය.

සති කීපෙක ඇරෙන්න , මේ කෝස් එක නිසා මාස දහයක් තිස්සේ විභීෂණ ට හැමදාම උදේට ගෙදරින්  පිටවෙලා හවසට ගෙදර එන්න සිද්ධ විය. ඒ දවස් 6 වැඩට යන්නත්, ඉරිදා දවසේ ක්ලාස් යන්නත් ය.

වැඩට යන දවස් 6 දීම හැමදාම පාන්දර 4ටා ඇහැරෙන විභියා, ආපහු ගෙදර එන්නේ හවස 6 ය කිට්ටු කරලා ය.
 මේ කෝස් එක නිසා ඒ කාලසටහන ඉරිදාටත් ඇප්ලයි කරන්න සිද්ද වුනේ නොකර බැරි කමට ය

සීයට අසූවේ පැමිණීමේ මගුලක් නිසා ඉඳලා හිටලාවත් ක්ලාස් කට්  කරන්නත් බැරිය. ඒ නිසා මේ මාස දහයට අපේ ගෙදර මිනිස්සු එක්ක මට  ට්‍රිප් එකක්වත් යාගන්න බැරි වුනේය.
තාත්තා එක්ක එකතු වෙලා වත්ත පිටිය සුද්ද බුද්ද කරලා දාන්න වත් වෙලාවක් නැති විය.
කොටින්ම කියනවා නම් පහුගිය ජුනි මාසේ ඉඳන් එක දිගට මේ වෙනකම් වත්තට යාගන්න වත් බැරි විය.
කළුවරේ ගෙදරින් යන , කළුවරේ ගෙදරට එන මොකෙක්දෝ අමුතු මනුස්සයෙක්ගේ තත්වයට විභ්යා මේ මාස දහය ඇතුළේදී පත් විය.

ඉතින් කොහොමෙන් කොහොම හරි මේ වෙනකොට කෝස් එකේ සියලු එක්සෑම් කටයුතු අවසානය. එනිසා විභී යා වගේම ක්ලාස් එකේ හැමෝම ටිකින් ටික ටිකින් ටික ආපහු සාමන්‍ය තත්වය ට පත් වෙන ගමන් ය.
තව තියෙන්නේ ක්ලාස් දවස් දෙකක් පමණය.
ඊට පස්සේ ප්‍රොජෙක්ට් වර්ක් එක තිබුනත් එකට මේ වගේ කටු කන්න අවශ්‍ය නැත.
තව සති දෙහෙකට පස්සේ ඉරිදා දවසට විභී ෆ්‍රී වෙනවා කියලා කියන්නෙත් හද පිරි සතුටකින්ය.

අපි මේ වෙනකොට පාසල් අධ්‍යාපනය නිමා කර ඇත.
දැන් ගෙවන්නේ ඉගෙන ගන්න කාලය නොව ඉගෙන ගත්තු දේවල් පිරිලා තියෙන මොලේ පාවිච්චි කරලා රස්සා කරන, ජීවත් වෙන කාලය ය.
එත් තියෙන අමානුෂික තරගකාරිත්වය නිසා මුළු ජීවිත කාලෙම වුනත් අධ්‍යාපන කටයුතු කරන්න සිද්ද වෙන තැනකට අපි පත් වී ඇත. කරන්න කොච්චර අමාරු වුනත් නොකර බැරි වෙලා තියෙන්නේ ඒ නිසාය. එත් අපේ ගෙවල් වල තියෙන ප්‍රශ්න, වැඩපොළේ තියෙන ආතතිය වගේ තව  ගොඩක් දේවල් ගැට ගැහුණු පැටලුනු වෙලාවේ ආපහු කෝස් එකක් කරනවා කියන එක, ඊටත් වඩා අවුරුද්දකට කිට්ටු කාලයක් කෝස් එක කරන්න වෙනවා කියන එක බොහොම කටුක අත්දැකීමක්ය. විභීෂණ ඔය ටික තේරුම් ගත්තේ මේ කෝස් එක කරන්න ගිහින් ය.

ඉතින් මේ වෙනකොට විභී ගේ අදහස තව බොහෝ කාලෙකට කිසිම කෝස් එකක් නොකරන්න ය. එත් අවංක වම එහෙම කරන්න තියෙන චාන්ස් එක බොහොම අඩුය. තව ටික කාලෙකින් තව මොකක්හරි සුදුසුකමක් ලබා ගන්න තව මොකක්හරි කෝස් එකක් කරන්න සිද්ධ වෙනු ඇත. නොකලොත් ලැබෙන්න තියෙන පොඩි හෝ දෙයක් නොලැබී යනු ඇත.ඒ කෝස් එකත් මේ විදියට ම ති දාගෙන නිදි මරාගෙන කරන්න සිද්ධවෙනු ඇත.

මොනා කරන්න ද නේද?

කොහොම කොහොම හරි ආපහු විභීෂණ ට තව කෝස් එකක ට අහුවෙනකම් හෝ , කසාද බඳින දවස වෙනකම්  ආපහු නිදහස ලැබී ඇත. ඉස්සර කරපු බ්ලොග් රස්තියාදුව , කොමෙන්ටු කෙටීම ආපහු පටන් ගන්න දැන් පුළුවන් ය. ඒ නිසා බස් තියන්  පයින් යන නොහොත් බ්ලොග් තියන් මොකුත් නොලියන කැටගරියෙන් අද සිට  විභීෂණ ඉවත් වන්නේය.
මොකුත් නොලියපු කාලේ ත් අඩවියට ඇවිත් කියවන්න මොකුත් නැතුව කේන්තියෙන් හිස් අතින් පිටවෙලා ගිය හැමෝටම විභීෂණ ගේ හදපිරි කනගාටුව මෙසේ පලකරන්න කැමතිය.

එහෙනම් ඊළඟ පොස්ටුවෙන් හම්බු වෙමු ය.

ආයු බෝ වේවා...


43 comments:

  1. විභාගෙට ජයවේවා කියලා ප්‍රාර්ථනා කරනවා
    අායෙත් සෙට් වෙමු එහෙනම්...
    ජයවේ විභී!

    ReplyDelete
    Replies
    1. තැනක් යූ වර්ණ ...

      ආපහු සැට් වෙමු එහෙනම්....

      Delete
  2. විබියා ලියා තිබුනොත් බ්ලොග් රෝලේ උඩට එනු ඇත්තේය. එසේ වුවහොත් නොවැරදීම මම ද කියවන්නේය. කොමෙන්ට් කරන්නේය. හිනා වෙන්නේය. බනින්නේය.

    විබියාට ජය වන්නේය.

    ReplyDelete
    Replies
    1. ආයේ දෙපාරක් හිතන්නේ නැතුවම බිග්ම බිග් තැනක් යූ එකක් කියන්නේය...

      Delete
  3. එහෙනං හොඳා ඔය වැඩේ ඉවරවුන ගමන්ම තව කෝස් එකකට සෙට් වෙයං.

    ReplyDelete
    Replies
    1. හෝව්..හෝව්..හොව්ව්..හැලපයෝ...කට වරද්දගන්නවා එහෙම නොවෙයි...

      Delete
  4. උම්මා

    ජ ය ව් වා !!!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා...

      අම්මෝ උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මාආආඅ

      Delete
  5. ජය වේවා විභියෝ,,, කට්ට කෑ පසු මස් ලැබෙනු ඇත. අපේ ඩුඩ් අයියගේ පොස්ට් එකත් කියෝලා බලන්න,,,
    හැබැයි බලන්නකෝ ආයේ ටික දවසකින් තව මොකක් හරි සෙට් වෙනවා..

    //විභීෂණ ට තියරි යනු වහ ය. ඉතිහාසේට , බයෝ සයන්ස් වලට හෝ සිංහල සාහිත්‍ය ට වුනත් ගණන් හදන්න තියෙනවානම් මිස තියරි නම් පළාතේ වත් දකින්නට කැමති නැත.//// හි හි මං මේකේ අනිත් පැත්ත.. තියරිනම් ඕනේ තරම් ගණන් හැදිලි වහ වගේ..

    ඕක ඉවර වුනාට පස්සේ සෙට් වෙන ඊලග ඉරිදට උදේ 12 විතර වෙනකල් නිදියන්ට අයියා...

    ReplyDelete
    Replies
    1. අනිවා හම්බුවෙන පලවෙනි ඉරිදාව දවල් වෙනකන් බුදියනවා හිටං...

      --------
      මචෝ කියහන්කෝ බන් ගේමක් නැතුව රිට්‍රීව් කරගන්න පුළුවන් විදියට තියරි ගොඩාක් ඔලුව ඇතුලට සේව් කරගන්න විදියක්....

      Delete
    2. කිව්වත් වගේ බන් අනිවා මටත් හිතෙනවා ආපහු මොකක් හරි මගුලකට සෙට් වෙයි කියලා..

      "මගුලක්" සෙට් වෙනවනම් එකත් එකක්..යකෝ එහෙම එකක්වත් තාම නැහැනේ...

      Delete
    3. විභී @ මං තියරි වලට ආසවුනාට කවදාවත් පාඩම් කරන්නේ නෑ ගොඩක් මතක තියාගන්නෙත් නෑ,,, එත් හැම දෙයක්ම මං ක්ලාස් එකේ ඉද්දි හොඳට අහගෙන ඉන්නවා.. මගේ භාෂාවෙන් හිත ඇතුලේ කතාවක් විදියට තියාගන්නවා.. ප්‍රශ්නේ දැක්කම උත්තරේ ගලාගෙන එන්නේ පේපර් එක බලන කෙනාට චුට්ටක් වත් කල්පනා කරන්න දෙයක් ඉතුරු නොකර.. හිහි

      හැබැයි පුතෝ මගුල ඉස්සර වුණොත් ආයේ කෝස් කරන ඒක හෙනම අමාරු වෙනවා ඈ.

      Delete
    4. එක තමයි බන් ...

      එතකොට එක පිටි දාල හරි කෝස් වලින් ගැලවෙන්න පුළුවන්

      Delete
  6. කරන දෙයක් කොලු කාලේ දී ම කරන්න.

    ReplyDelete
    Replies
    1. එසේය ගුරුදෙවයිනි...

      කොලු කාලේ කරන්න ඕන ගොඩක් දේවල් කරලා තියෙන්නේ...

      තව එකයි දෙකයි ඉතුරු...

      Delete
  7. උඹ තමුන්නාන්සේට තවම වයස අවුරුදු 30 පැනලා නැතැයි සිතමි. එහෙමනම් කුණුහබ්බ කියන්නේ නැතුව 35 වනතුරු කොරන්ට තියන හැම කෝස් එකක්ම (ඔව් ඒකත් ඇතුළුව) කොරනු යෙහෙකි. 35 සිට තැන්පත්ව (තැන්පත්ව කියන්නේ සිල් අරගෙන නෙවෙයි ස්ථාවරව) ඉදිරි ජීවිතය ගතකිරීම යෙහෙකි. අද්දුටුවයි සත්තයි.

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++++

      Delete
    2. අවවාදය ඉස්මුදුනින් පිලිගනිමි...

      --------
      වයස//
      29 වෙනි පාටිය ගත්තා විතරයි...

      Delete
  8. උඔ ඉගෙන ගන්න එක ගැන මම සතුටුයි. ඒ වගේම ඒ සේරම විභාග ඉන්ටවීව් අනං මනං ඉහලින්ම ගොඩයන්න හැකිවේවා කියලා නොදුටු යාළුවෙක් විදිහට වුණත් මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

    ඒ වුණාට තෝ මගෙං මැරුං නොකා ඉඩ තියෙන වෙලාවට උඹේ ඉට්ටැයිල් එකට මොනා හරි ලියනවද? නැත්තං ඒත් ලියනවද?

    ReplyDelete
    Replies
    1. තැනක් යූ මචෝ ,,උඹේ සුබ පැතුමට...

      ------
      හරි බය හිතෙනවා යකෝ උඹේ තගරි ටෝක් එකට...

      අනිවා ලියනවා...

      එක්කෝ ඔන්න ඔහේ උඹෙන් මැරුම් කනවා..

      Delete
  9. හම්මේ නිවන් ගියා වගේ ඇති නේද අයියේ......

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහල මචෝ...

      කෝස් නැති ලෝකය කොතරම් සැපක්ද...??

      Delete
  10. විභි..
    මට කොස් එක ගැන විස්තර ටිකක් දිපන්කෝ..
    ඒක කරන්න මමත් කැමෙත්තෙන් ඉන්නෙ

    ReplyDelete
    Replies
    1. අනිවා...දෙන්නම්...

      කෝස් එක මාස දහයයි. ගාන 85000 යි...
      Sunday or Saturday බැච් එකකට සැට් වෙන්න පුළුවන්..

      විස්තර ටිකක් හොයා ගන්න පුළුවන් slsi.lk සයිට් එකට ගියහම.

      උඹට තව විස්තර දෙන්නම්...බුකියෙන් වරෙන් චැට් එහෙකට...

      Delete
  11. අර ‘රෑ එළි වෙනකම් පාඩම් කරල- ආයි පාන්දරත් නැගිටලා පාඩම් කරපු‘ ක්‍රමය ගැනනම් තාමත් මම මේ තේරුම් ගන්න ට්‍රයි කරමින් ඉන්නේ. හි හි ! ෙකාහොම වුණත් ජීවිතේ පුදුම කට්ටක් කියල හිතෙන අත්දැකීමක් තමයි මේක නේද ? සුබපැතුම් ! http://syberheartblog.blogspot.com/

    ReplyDelete
    Replies
    1. උඹට කියන්න මචෝ මාත් තාම කල්පනා කරනවා එහෙම කලේ කොහොමද කියලා. යකෝ මටවත් හිතාගන්න බහ එච්චර මහන්සි වුනාද කියලා.

      -----
      කලේ මෙච්චරයි.
      රෑ 9ත විතර පාඩම් කරන්න පටන් අරන් පාන්දර 2 කිට්ටු කරලා ඉවර කරලා නිදා ගන්නවා.
      ආපහු 3.30 නැගිටලා පටන් ගන්නවා.
      නිදි ඇරියස් එක විභාග ශාලාවේදී ඔටෝ කවර වෙනවා...

      Delete
    2. ජීවිතේ නම් මාරම කට්ටක් බව දැන් දැන් තේරුම් යනවා..

      Delete
  12. හප්පේ විභී දැක්ක කල් කියල නොකිය එළ එළ විභී.අයෙත් ලියමු ජයවේවා

    ReplyDelete
    Replies
    1. හම්මේ දිලිනි දැක්ක කල්...

      අනිවා..ආපහු හම්බුවෙමු...

      Delete
  13. හරි හරි දැන් එහෙමනං නිවි සැනසිල්ලේ ආයි ආවැකි මේ පැත්තේ නේද? විභාගය සාර්ථකව කරගන්නට ශක්තිය ලැබේවා

    ReplyDelete
    Replies
    1. තැනක් යූ නලීන් අයියා...

      අනිවා ටික කාලෙකට හරි නිදහසක් ලැබීම ගැන බොහොම සන්තෝසෙන් ඉන්නේ...

      Delete
  14. ඔය මොන කෝස් එකටත් නිශ්චිත අවසන් වන දිනයක් ඇතත් අර බඳින කෝස් එකටනම් එහෙම එක නැත.

    ReplyDelete
    Replies
    1. බඳින කෝස් එකටත් ළඟදීම රෙජිස්ටර් වෙන්න සිද්ධ වෙන තත්වයක් තියෙන්නේ . දැනට මත් වැඩිහිටි පාර්ශව ය මට පාට්නර් ලා කීප දෙනෙක්වම බලලා..

      විලිලජ්ජාවයි යකෝ සන්තෝසේ බැරුවා...

      Delete
  15. බ්ලොග් ලියහං... ඒ වගේ ම කමෙන්ටු වලට උත්තරත් දාන්න හිතාගනිං.... ජයවේවා... අපි ඉන්නවා කියවන්න..

    ReplyDelete
    Replies
    1. අනිවා මචෝ..කොමෙන්ටු වලට උත්තර වරද්දන්නෙ නැහැ...

      ------
      තැනක් යූ වේවා සුබ පැතුමට...

      Delete
  16. එහෙනම් ආයෙම වෙනදා වගේම සෙට් වෙමු.. සුබ පැතුම් වේවා...

    ReplyDelete
  17. අර කිව්වා වගේ කරන්න තියෙන ඔක්කෝම කෝස් කරහන්... මොකෝ අද කාලේ වැඩ නෙමෙයි ඕන... සැටිපිකට්.. සැටිපිකට් තියෙනවා නම් වැඩ නැතත් කමක් නෑ... පට්ට සැලකිලි...

    ReplyDelete
    Replies
    1. එකනම ඇත්ත මාතො...

      කඩදහි කෑලි තිබ්බනම් පුවක් පිත්තක් වුනත් කමක් නැහැ...

      Delete
  18. එතකොට හිතහංකො දෑ අවුරුදු නේවාසික පාටමාලාවක රහ කොහොම ඇත්ද කියලා.

    ReplyDelete
    Replies
    1. අයියෝ සන්සාර්...

      උඹට වෙලා තියෙන වින්නැහිය මට හොඳටම ෆීල් වෙනවා මනොෂ්...

      මොනවා කරන්නද?

      ෆීලින් සෑඩ් කියල හිත හදා ගනින්..

      Delete
  19. එකදිගට හුස්ම ගන්නේ නැතිව පාඩම් කරලා කරලා ඉවර උන ගමන් මට එකපාරටම හිස් වගේ සාංකාව වගේ හැබැයි දවසක් දෙකක් යද්දී ඔන්න සුපුරුදු විදිහටම වැඩ.දෙය්යනේ කියල මගෙත් බාහිර උපාධියක project එකක් ගිය සතියෙ ඉවර උනා ඒත් තාම නෑ නිදහසක්.කැම්පස් project තව එහෙම්මමයි :/ .විභීෂණ ට ජය.ඉක්මනින්ම ආයෙත් ලියන්න :)

    ReplyDelete
    Replies
    1. තැනක් යූ හංසි යෝ...
      ---
      අපි නම් කැම්පස් ගිහින් නැහැ. මේ වගේ වැඩ වලින් තමයි ටිකක් හරි ඒ ෆීලින් එක ගන්න පුළුවන් වෙන්නේ...

      Delete

කමෙන්ට් කලාපය....