2015-08-17

සමාදානයේ සැතපේවා | Be Rest In Peace

http://sd.keepcalm-o-matic.co.uk/i/keep-calm-and-rest-in-peace-15.png
අවසාන මොහොත මාගේ...
පෝරකය දෑස මානේ...

බුකිය මේ වෙනකොට අසරණ බයියන්ගේ අදෝනා වලින් පිරී ඉතිරී යමින් පවතින බව විභීෂණ බොහොම අනුකම්පාවෙන් යුක්තව පවසන්න කැමතිය. 

ජනාධිපතිවරණෙ ට කලින් ටොයියන් බුකිය පාවිච්චි කරපු ආකාරය ගැන කෝචෝක් එකෙන් හිනාවෙවී හිටපු බයියෝ මේ වෙනකොට බොහොම අසරණව බුකි සරණ පතන තැනට වැටී සිටීම ගැන මොකක් නමුත් හිතෙන්නේ බොහොම අනාන්දජනක හැගීමක් ය.

මේ වෙනකොට මගේ රියල් ප්‍රොෆයිල් එකේ ඉන්න බයියා වරු කීප දෙනෙක්ම තව පැය හතලිස් අටකින් සිද්දවෙන මාර පරාජය දැන්ම ම දැකලද කොහෙද හිටු හිටු කියලා "මරාට මල් රනිල් ට ගල් " ජාතියේ පෝස්ට් එක පෝලිමට දාගෙන දාගෙන ගාගෙන යන බව පෙනෙන්නට ඇත. 
එත් මෙව්වා වලින් ගොඩක් තියෙන්නේ "රනිල් ට ගල් " ජාතියේ එව්වා හින්දා බයියා වරු අතිනුත් රනිල් ට පොඩි හරි පබ්ලිසිටියක් ලැබෙන බව කැමැත්තෙන් හෝ අකමැත්තෙන් කියන්නට අවශ්‍යය.

මෙතන තියෙන ලොකුම විහිලුව ඩිග්රි ගහපු , ඩොකා ලා , ඉන්ජා ලා කීපදෙන්නේකුත් මේ අවසන් පැයේ මරා වන්දනාවට අමුඩේ ඔලුවේ බැඳගෙන ඉදිරිපත් වෙලා තිබීමයි.
සාමන්‍ය මිනිස්සු ගොන් ටෝක් දෙනවාට වඩා ඒ ටෝක් ම හොඳට ඉගෙන ගත්තු ටයි කෝට් ගහපු එවුන් දෙන කොට අහං ඉන්න අපිට බොහොම වෙනස් රසවින්දනයක් දැනෙන බව අමුතුවෙන් කියන්න ඕන නැත.

ඒ හින්දා ඉඳල හිටලා ෂෙයාර වෙන සමහර පාහර බුකි පොස්ට් බ්ලොක් කරලා දැම්මත් බොහොමයක් එව්වා අපි හිනාවෙවී බලන බව හැමෝටම දැනගන්න ත් එක්ක කියන්න කැමතිය.


මේ මහා ඡන්දෙට හොඳ රාජ්ජනාකියා ගේ සෙට් එක ප්ලෑන් කරපු කිසි දෙයක් හරි විදියට සිද්ද වුනේ නැත. 

පක්ෂේත් කඩා ගෙන තනියෙන් ඉල්ලන හදපු වැඩේ හරි ගියේ නැත.
මෛත්‍රී ව බෙල්ල මුලින් හිර කරන්න කියලා ලෑස්ති වෙච්ච අනුර සුසිල් ඩබලගේ පුකෙන් ගූ හුජ්ජ එක්ක දුම් පිටවෙන්නම ලොක්කාගෙන් සංග්‍රහ ලැබුනේය.

මහබැංකු සීන් එකවත් හරි හමන් විදියට පත්තු කරන්න බැරි විය. 
එකට එකම හේතුව නම් මහබැංකුවේ වෙච්ච දේවල් අපිට විස්තර කරන්න තියා තමුන්ට විස්තර කරගන්න තරම්වත් උගතෙක් බයියෝ අතර නොසිටී මය.  අති බහුතරය සීගිරිවත් නොගිය, යන්තම් අට නැත්තම් ඔ ලෙවල් පාස් ගොබ්බ රැලක් ය. උන් එක්ක මොන මහා බැංකු ද. මහබැංකු කේස් එක ඇත්තම වංචාවක්  නම් සමහරවිට අර්ජුන් කාරයා ඕක එළිපිටම කරන්න ඇත්තේ හොරකම අල්ලන්න පුළුවන් එකෙක්වත් අනිත් පැත්තේ නැති බව සහසුද්දෙන්ම දන්නා නිසා විය යුතුය.

බටලන්ද කොමිසමේ වාර්තාවක් පට්ට ගහන්න හැදුවේය. ඒ වාර්තාවට අදාලව උසාවි නියෝගයක් තියෙනවා කියලා අපේ සිංහල ටියුෂන් කාරයා කියලා දුන්නයින් පස්සේ බටලන්ද ෆයිල් එක හදාපු ගෙනාපු කියාපු උන්ගේම පුකවල් වල හිරවිය.

ඊයේ පෙරේදා එලියට දාපු " HINDU  " පත්තරේ බොරු කොපියත් පැය ගානක් යන්න කලින් අතේ කෝට් විය.  

ෆයිල් දෙකක වැඩ අවසන් බව ප්‍රසිද්ද කලාට පස්සේ දවසේ ඉඳන් තුන්මුල්ලේ විමලේ ගේ වංශ රචනාව නැවතී ඇත.
සීයේ හිඟන්නා ගැන කතා කරන්න දෙයක් නැත.

සිල් රෙදි බෙදන්න බැරිය. 
ඔරලෝසු බෙදන්න බැරිය.
බයිසිකල් බෙදන්න බැරිය.

පන්දහසකට කෑම දෙන්න, ගල් පොවන්න බැරිය. කොටින්ම දන්සැල් බැරිය.

ටෙලිවිෂන් වොෂින් මැෂින් දෙකෙන් ( නයිටීඇන් සහ වාතවාහිනී ) ඡන්දෙට කලින් රෑ ජනපති ජනහමු තියන්න බැරිය.

මැදමුලනේ නිල් කොටි හදාපු ඩප්පි යක්වත් හරි හමන් විදියට පිපුරුනේ නැත.
තව එව්වා ගොඩක් බැරිය.

අඩුම ගානේ තමුන් ඉල්ලන දිස්තිරික්කෙට තමුන්ට ඡන්ද බලයවත් නැත. ඔහේ ඉල්ලනවා විතරය.

ඒ ඔක්කොම එක්ක මැකෝ උන්නැහෙත් ඉන්ක්‍රීඩිබල් හල්ක් වගේ හතර අතට මැතිවරණ නීති රීති වලින් වනන්න විය. හැමදාම  නීති බල්ලට දාලා චන්ද කරපු මරා සහ බලු සේනාවට මෙදා සැරේ ප්‍රසිද්දියේ පෝස්ටරයක් වත් ගහගන්න බැරි විය.

බලේ තියෙද්දී කරපු හැම දේම කරගන්න බැරිවෙන තැනට පත්වෙලා හාන්සි වුනාම හොඳ රාජ්ජනාකියාටත් එයාගේ ගල් බලකායටත් ඉතුරුවුණේ බුකිය විතරය.

එත් ටෝයියෝ පාවිච්චි කරපු විදියට බුකිය පාවිච්චි කරන්න බයියන්ට තාමත් බැරිය. මේ හයමාසේට වත් කට්ටිය හරියට හෝම් වර්ක් කරලා නැත. 

හොඳ රාජ්ජනාකියා ව ආපු බලයට ගෙන්න ඕන නම් කරන්න ඕන එයාගේ අර ෆියුචර් සැටිපිකට් පොතේ තියෙන කරුණු පිළිවෙලට බුකියේ දිග හැරීමය.

ටෝයියෝ නම් ජනාධිපතිවරණෙ කාලේ කලේ එකය. 
එක පැත්තකින් මරාගේ පතුරු අරින ගමන් සිරාගේ දින 100 යෙයි මෛත්‍රී පාලනෙයි පොත් දෙකේ කරුණු කාරනා එකින් එක එකින් එක ලස්සනට බුකියේ දිග ඇරියේය.
බයියෝ කොටි අල්ලාගෙන බෙරිහන් දෙනකොට සිරාගේ පොත සමහර එව්වා ටොන් පච වුනත් ලස්සනට මාකට් විය.

එත් අද වෙනකන් ඔය වැඩේ බයියන්ට බුකිය ඇතුලේ කරන්න බැරි විය. 
එක බයියෙක්ගෙවත් ප්‍රොෆයිල් එකේ ෆියුචර් සැටිපිකට් පොතේ දාල තියෙන එක වාක්‍යයක් විස්තර  කරනවා , ෂෙයාර් කරනවා අපි දැක්කේ නැත.
එකට හේතුව බොහොම පැහැදිලිය. 
ඒ සැටිපිකට් පොතේ තියෙන්නේ මොනවද කියලා එකෙක්වත් දන්නේ නැත. අඩුගානේ මරා වත් දන්නේ නැතිය.

බාගෙට බාගයක් ඉන්නේ ගොන් වාහෙලා හින්දා උන්ට ඕකේ තියෙන  දේවල් තේරුම් ගන්නටද බැරිය.
දන්නා එකම දේ "කොටි නැගිටිනවෝ " , "රනිල්ට ළමයි නැතෝ "කියන්න විතරය.
තාමත් මුන් දත කන්නේ කොටින්ට පණ දෙන්න ටය. මරපු එවුන්ට පණ දෙන්න තාම බැරි බව වත් මේ මැටි බයියෝ දන්නේ නැත. 

සබ්බ සකලමනාව ම සෙත්තපෝච්චි වෙලා වගේ දැනෙන හින්දා ද කොහෙද මීට ටික වෙලාවකට කලින් මගේ රියල් ප්‍රොෆයිල් එකේ මිතුරෙක්( බයි වරයෙක්)  මෙන්න මෙහෙම පොස්ටුවක් ෂෙයාර කරලා තිබුනේය.

දළදා සමිඳු පිහිටෙන්
ජය ශ්‍රී මහා බෝ රැකවරනෙන් 
ත්‍රිවිධ රත්නයේ අනුභාවයෙන් 

මහින්ද අගමැති වේවා 

අන්තිම දවසේදී අන්තිම මොහොතේදී මෙහෙම පොස්ට් ෂෙයාර් වෙනකොට අපිට තේරෙන එකම දේ නම් මරා ට චන්දෙන් දිනන්න බැරි බව එයාට කොහොම වෙතත් අනිත් අයට නම් හොඳ හැටි තේරිලා කියන එකය. 

ජය ශ්‍රී මහා බෝධිය වත්, දන්ත දාතුන් වහන්සේ වත් ත්‍රිවිධ රත්නය වත් චන්ද පොලට වඩින්නේ  නැති බව මේ බයියන්ට තේරුම් නොයන්නේ උන්ගේ මොළවලට මරා රෙජිමේ පහුගිය අවුරුදු දහයක් තිස්සේ පුරෝපු මැටි බෝල ගානට පින් සිද්ධ වෙන්න ටය.

සමහරවිට බයියෝ මේක කියෝලා මට බනින්නත් පුළුවන. අවුලක් නැත. 
බයියනේ උඹලා සුද්ද සිංහලෙන් බැන්නා කියලා අපිට පඩයක් තරම් වත් ගානක් නැත.

උඹලා හිතන් ඉන්නේ උඹලා රට වෙනුවෙන් යුතුකම ඉෂ්ට කරනවා කියලානේ. අවුලක් නැහැ දිගටම ඔහොමම හිතාගෙන ඉඳපල්ලා. මෝඩ කමට බෙහෙත් නැහැල්ලු නේ.

සුබ ගමන්., 
හොඳ රාජ්ජ නාකියා සහ ගල් බලු කය සමග සමාදානයේ සැතපේවා..!!
RIP.

22 comments:

  1. හොරුත් එපා හොරු එක්ක ඩීල් දාන එවුනුත් එපා.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් ම අවශ්‍ය වෙන්නේ එක තමයි,

      Delete
  2. //ජය ශ්‍රී මහා බෝධිය වත්, දන්ත දාතුන් වහන්සේ වත් ත්‍රිවිධ රත්නය වත් චන්ද පොලට වඩින්නේ නැති බව මේ බයියන්ට තේරුම් නොයන්නේ //

    ඇයි වඩින්න බැරිද?
    වහල තියන එයාපොර්ට්වලට ඉහලින් යන ප්ලේන්වලින් සල්ලි වැටෙන ඈස්චර්යය කරපු රජෙක්ට ඒක කරගන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. අඩෝ...
      යකෝ මට එක අමතක වුනා නේ...

      ඇත්ත තමයි ...

      Delete
  3. හැබැයි කුරුණෑගල මිනිසු සෑහෙන්න එතුමාට කැමතියි වගේ. ඒකෙන් කෙළවුණේ දයාසිරි, ජොනී, අනුර ප්‍රියදර්ශන වගේ අයගේ මනාප වලට. ඇතුළේ මොන මොන ගේම් යනවද කියලා දන්නේ නැත.

    ඒ වුනාට සමස්ත ලංකා අවසාන පොර්තිපලේ..............................?

    ReplyDelete
    Replies
    1. ප්‍රතිඵලේ පැහැදිලියි.

      දයා, ජොනී අනූ ලාට අබ සරණයි. ඥානසාර රැකවරණයි

      Delete
  4. විභීෂණ අයියෙ,මේකනම් බයියන්ට ගොඩාක් රිදෙයි! පව් අප්පා

    ReplyDelete
    Replies
    1. ඔවු බන් ..මටත් පස්සේ තේරුනා ...

      මම මහා පවුකාරයෙක් බන්,,,,

      Delete
  5. Ade wibho. Chande online thiyena tv channel ekak kiyahan. Bayyonta kelawenawa es dekenma balanta. Ha ha patta talk tika ube.

    ReplyDelete
    Replies
    1. Thank you Tikka,

      hama channel ekema yanawa ban. eth me welaawe wadiya mokuth naha . news withrayi.

      thawa raa welaa balahan.

      Delete
  6. මෙන්න මෙහෙමයි ලියන්න ඕන මචෝ.....

    ගෝත්‍රිකයෝ වැනසේවා.....

    ReplyDelete
    Replies
    1. අනිවා මාතො.

      මේ ගෝත්‍රික සනුහරේ වැනසිලා මකබැවිල හැඳි ගෑවිලා යන්න ඕන...

      Delete
  7. බුකියෙන් කාෙරන්න බෑ කිව්වා වගේ මතකයි ..... කව්ද කියලා මතක නෑනේ.................

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ නිල් බලකායි අක්කියෙක් කිව්වා බුකිය තියෙන්නේ ෆන් ගන්න කියලා.එහෙමයි කියලා ඉදලා ඉදලා අපි ගත්තෙත් මාර ෆන් එකක් අප්පා!

      Delete
    2. @ කුරුටු ගෑ ගී පවුර
      -ඇත්ත බන්. බුකිය කියන්නේ එකම දේ නෙමෙයි නේ. මෛත්‍රිපාල දින්නේ සම්පූර්ණයෙන්ම බුකිය පාවිච්චි කරලා නෙවෙයි නේ. බයියෝ බොහොම වැරදි අවබෝධෙක බන් ඉන්නේ...පවු බන්...

      @ මලියා
      අඩේ ඇත්තමයි බන් , ඒ අක්කිව තාමත් මතක් වෙනවා. මාර හැඩයි අප්පා

      ඒ කාලේ අපි ගත්තු ෆන් එක නම් ෆුල්ම ෆුල් මාවලස් නේද මචෝ...

      Delete
  8. 'ඥානසාර රැකවරණයි'?? Yako ඥානසාර ?

    ReplyDelete
    Replies
    1. ඔවු බන් ඔවු.

      සර්පරාජ ඥානසාර

      Delete
  9. බුකියම තමා. පරදින අස්පයින්ටමයි ඔට්ටු අල්ලලා නහින්නෙ.

    ReplyDelete
    Replies
    1. මොනා කරන්නද බන්.

      උන්ගේ කැමැත්ත නේ...

      Delete
  10. සිදුවුනේ මේ කියන දේවල් නොවේ.ජනවාරි 8 තුවාල සුව කරගැනීමට සංධානයට කාලය මදිවීමය. හරිහමන් නායකත්වයක් නැතිව නිළ නොවන ලෙස පක්ෂය දෙකඩ වී තිබියදී ,රාජ්‍ය බලය නැතිව මේ ලබාගත් ප්‍රතිඵලය ඉහටත් උඩිනි.
    ජාතික මැතිවරණයක් පරාජය වූ පසු ව්‍යසනයට මුහුණ දුන් පක්ෂ වල ඉරණම මීට වඩා ඛේදජනක වී ඇත. 2010 දී එජාපයට අත් වූ ඉරනම බලන්න.

    කැපුවත් කොළැ ,කැපුවත් නිල් ඡන්දදායකයන්ගෙන් වැඩක් නැත. අවශ්‍ය අවස්ථානුකූලව ඡන්දය දෙන අයයි.බයියන් ටොයියන් කිය සහෝදර ජනතාවට අපහාස කරගනිමින් තමන් අන්ධ භක්තියෙන් අදහන දේශපාලන පක්ෂය වෙනුවෙන් යාඥා කිරීම මරිමෝඩ මුග්ධයන්ගේ ක්‍රියාවකි. දේශපාලනඥයො හැමදාම දිනුම්ය. පරාජය වන්නේ ජනතාවයි. දේශපාලකයන්ට ගීතිකා කියන අන්තවාදී මැටිමෝල්ලු පසුදා රැකියාවට යා යුතුය.දේශපාලකයෝ දිව් රුම් දීමට යති.

    ReplyDelete
  11. මේ ලංකාවේ පවත්වන අවසන් මැතිවරණය නොවේ. 1977 ,2010 වැනි මැතිවරණ වලදී විපක්ෂය ඉතා දරුණු පරාජයන්ට ලක් විය. ඡන්දය දුන් අයට අපහාස කිරීම උසස් ගතියක්දැයි සිතා බලන්න.
    ජනමතය ඉතා වේගයෙන් වෙනස් විය හැක.2010 දී සමානුපාත ක්‍රමය යටතේදී තුනෙන් දෙකකට කිට්ටුව ආසන ගන්නා විට සංධාන ආණ්ඩුව පෙරලිය හැකියැයි සිතූ කෙනෙක් නැත.
    එක් පක්ෂයක් අදහගෙන අනෙක් පක්ෂවලට දෙස් දෙවොල් නැගීම සිනහ උපදවයි.මෙවැන්නන් සිටියේ මීට දශක දෙකකට තුනකට පෙරය .ඔබ දේශපාලන පක්ෂයක ඇදහිලිවන්තයෙක් වී ඇත්තේ අවබෝධයෙන් නොවේ. එජාප පවුලක උපන් නිසා පොඩිකාලෙ සිට ඔළුවට වැටුන දේවල් මත ඔබ කැපුවත් කොළ යූඇන්පීකාරයෙක් වී ඇත.මෙවැනිම කැපුවත් නිල් ශ්‍රී ලංකා කාරයෝද සිටිති.
    ඔබට ඇත්තේ ඇදහිල්ලක් මිස අවබෝධයක් නොවේ.කපුවෙක් සේ මායම් වෙන්නේත් ආවේගශීලීව පොලවෙ පස් කන්නෙත් එබැවිනි.ඔබ සාමාන්‍ය ජීවිතයේදීත් කලබලකාරී පුද්ගලයෙක් විය හැක.සන්සුන් නිරවුල් මනසක් ඇති කරගන්න.හැම පාර්ශවයකටම සවන් දෙන්න. අනුන්ගෙ පැත්තෙනුත් හිතන්න. එවිට ඔබට අළුත් ලෝකයක් දකින්න හැකිවේවි.දැනට ඔබ දකින්නෙ ලොවේ එක් අර්ධයක් පමණි.ඔබ වැනි අය ත්‍රස්තවාදී ක්‍රියාවලට පහසුවෙන් පොළඹවාගත හැකියැ‍යි සිතමි.

    ReplyDelete
  12. @ මධ්‍යස්ථ මතධාරියා

    මචෝ. සන්ධානේ ජනවාරි 8 තුවාලේ හොඳකරගන්න ගියේ අර මම කියාපු දේවල් කරලා. එකෙන් හොඳ වෙච්ච තුවාලයක් නැහැ.වෙලාව මදිවුනෙත් ඕන නැති රෙද්දවල් කරන්නයි පට්ට කෙබර කඩදාසි කෑලි පබ්ලිෂ් කරන්නයි ගිය හින්දා යි.

    "බයියා" කියන වචන අපි දාපු එකක් නෙවයි නේ. අහලා ඇතිනේ මරා ගේ අන්තිම අයවැයේ අන්තිම වචන ටික. එයාට දාන්න පුළුවන් වචන අපි පාවිච්චි කලා ට කිසි අවුලක් තියෙනවා කියලා නම් හිතෙන්නේ නැහැ.

    කාටවත් නිස්කාරනේ අපහාස කරන්නන අපිට උවමනා නැත. එත් ශුද්ධ සිංහල අවශ්‍ය තැනට පාලි සංස්කෘත දාගෙන කටු කන්න වද විඳින්න ත් අපිට අවශ්‍ය නැත. උන්ට බනින්න ඕන තැන බනින්න අවශ්‍ය ය.

    මම දේශපාලන පක්ෂයක ඇදහිලිවන්තයෙක් වෙලා කියලා කියන්නේ කොහොමද, මොන හේතු සහිතවද කියලා දැනගන්න කැමතිය.
    සිරි ලංකා/පොදු පෙරමුණු/ සන්ධාන මතයට විරුද්ධ වෙන එක ඊට විරුද්ධ පැත්තේ ඇදහිලිවන්තයෙක් වෙනවා කියලා ලේසියෙන් කියන්න පුළුවන් කියලා උඹට කොහොම වෙතත් මටනම් හිතන්න බැරිය.

    එහෙනම් ජේවීපී කාරයාද යූඇන්පී ඇදහිලිවන්තයෙකි

    විභීෂණ කැපුවත් කොළ නොවේ. එත් මේ මොහොතේ එක්සත් ජාතික පාක්ෂියෙකි. ඒ මම සිරි ලංකා / පොදු පෙරමුණු/ සන්ධානමූලධර්ම, ඉතිහාස කතා ව , මතවාදය ක්‍රියා කලාපය ප්‍රතික්ෂේප කරන නිසාත් මම දකින්න කැමති සංකල්ප, මතවාද අදහස් සියල්ල දැනට තියෙන එකම පක්ෂය යූඇන්පී ය වන නිසා ත් ය.

    යූඇන්පී ය දැන් තියෙන ට්‍රක් එකෙන් පිට පැන්නොත් අපිත් අපේ ට්‍රැක් එක මාරු කරන බව අනිවාර්යයෙන්ම කිව යුතුය.

    මේ පොස්ටුවේ කිසිම තැනක විභීෂණ "කපුවෙක් වගේ මායම් " වී ණත."පොළොවේ පස් කා" නැත.

    කරපු එකම දේ අපිට කුණු හරුප මලුවලින් දමා ගහලා අපිව කිච කරන්න හදාපු බයියා ලා අන්තිම මොහොතේ වැටිච්ච තත්වේ ගැන ශෝක ප්‍රකාශයක් නිකුත් කිරීම පමණය.

    --------
    තේරුම් ගත්තා කියා සිතමි.

    ReplyDelete

කමෙන්ට් කලාපය....