සිංහල බ්ලොග් ගැන ඊටත් කලියෙන් පත්තරේ ගිය සමහ ර ආටිකල් දැකලා කියෝලා දැනන් හිටියාට අර අපි කටවහරට කියන "බ්ලොගට ගොඩ වීම " කියන දේ සිද්ද වුනේ 2012 මැද හරියේ වගේ අහම්බෙන් වගේ බුකියේ තිබ්බ ලින්ක් එකක් කොටන්න යාමෙන් ය. එදා ඒ අහම්බෙන් වගේ ගොඩ වුනේ "චමී ගේ බ්ලොග් අඩවිය " ටය. අවාසනාවට මේ වෙනකොට බේ බ්ලොග් එක තිබ්බාය කියලා සලකුණක්වත් මට හොයාගන්න නැත. දන්නා කෙනෙක් ඉන්නවා නම් ලින්ක් එකක් දෙන්න.
චමීගේ අඩවියේ තිබුනේ ඔක්කොම එක එක ජාති ගැජට් බැජට් ගැනය. වැඩේ හොඳටම හිතට අල්ලලා ගියේය.
ඊට පස්සේ ටික ටික ගූගල් දේවයා ගේ පිහිටෙන් හෙලබ්ලොග් ආකාහේ පීරන්න පටන් ගත්ත මට ටික කාලෙකින්ම "තහනම් අඩවිය" ට රිංග ගන්න හේතු වාසනා ලැබුනේය. ලිව්වේ "අඩවි රජා" ය. තහනම් අඩවියට රිංගපු හැමෝම ආපහු එලි බැස්සේ ලේ පයින්ට් ගණන් සුද්ද කර ගෙන බව සහසුද්දෙන්ම වගේ කියන්න විභීෂණ ට පුළුවන. ගොඩවෙච්ච එවුන් දන්නවා ඇතිනේ තහනම් අඩවියේ කොලිටි එක ගැන.
එදා හැමෝටම ගොඩවෙන්න පුළුවන් විදියට තිබ්බ "තහනම් අඩවිය " අද වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම අද " තහනම්"වෙච්ච අඩවියක් බව කියන්නේ එච්චර හොඳ හිතකින් නොවය.
සිංහල බ්ලොග් වල සීමාව තියෙන්නේ අහසේ බව තේරුම් ගත්තේ මෙන්න මේ තහනම් අඩවියේ රවුම් ගැහීමෙන් ය.
ඉතින් ඇස්වහක් කටවහක් නැහැ හැමෝටම හැදෙන ලෙඩේ ඒ කියන්නේ "මගේම කියල බ්ලොග් එකක් හැදීමේ " ඒ සුන්දර සිහින ලෙඩේ මම තුමාටද බෝ වුනේය. ඉතින් හැදුවා තමයි . මුලින්ම හදාපු එක ඉතින් මගේ නම ම බ්ලොග් නේම් එක විදියට තිබ්බ එකක් විය. ලිව්වේ එකම එක පොස්ටුවක් විතරය. එකත් වෙල්කම් නෝට් එකක් ය. මේ ලඟක් වෙනකම් ම එක තිබුනා වගේ මතකය. ඒකාලේ ඉතින් ඔය අනම් මනම් සින්ගිරිස් ටයිපින් දන්නේ නැති හින්දා ලියාපු හැම මගුලම ලියෙව්වේ ඉංගිරිසියෙන් ය.
ඊට පස්සේ ටික ටික බ්ලොග් වලට ඇබ්බැහි වෙලා අර කලින් එක නැතුව අලුත්ම බ්ලොගක් එකක් පටන් ගන්න ආපහු මටම හිතුනේය. ඉතින් හිතුවා වගේම පටන් ද ගත්තේය.එකේ නම "X page " ය. තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාට පින් සිද්ද වෙන්න එකත් ඉංගිරිසියෙන් ලියෝපු වෙල්කම් පොස්ට් එහෙකට සීමා විය.
එක අතැරලා දාලා ටික කාලයක් , ඒ කියන්නේ මාස තුනක් විතර ගිහින් ආපහු ලෙඩේ උත්සන්න විය. ආපහු බ්ලොගක් නිර්මාණය විය.නම තිබ්බේ "හෙලෝ ******" කියලා ය. ඔය තරු ලකුණු වෙනුවට මගේ ඇත්ත නම ආදේශ විය යුතුය. ඔන්න ඕකේ නම් පොස්ට් දෙකක් විතර ලීවා වගේ යාන්තමට මතකය. ඒ වෙනකොට ගූගල් ඉන්පුට් ටූල් දැනන් හිටපු හින්දා ගේමක් නැතිව හිංගල ටයිපින් කරන්න විභී යාට පුළුවන.
පොස්ට් දෙකක් ලිව්වත් අයියෝ බලන්න එකෙක්වත් නැත. බ්ලොග් හැදුවා කියලා මිනිස්සු කියවන්න එන්නේ නැති බවත් ඒකට පොඩි පබ්ලිසිටි පාරක් දෙන්න ඕනා කියලාත් තේරුනේ පස්සෙන් පහු වෙනකොට ය. එතකොට මේ බ්ලොගත් අතැරලා දාලා මාස ගානක් ගොසින් ය.
තාමත් බ්ලොග් ෆීව්ර් එක හොඳ නැත. දෙදාස් දහතුනේ නොවැම්බර් මුලද කොහේදෝ ආපහු පාරක් අසනීපෙ හොඳ කර ගන්න කියලා හිතාගෙන බ්ලොගක් ඇටෙව්වේ ය. නම "සීමිත ****"ය.
මේ වෙනකොට මාතලන් ගේ සින්ඩිය, අර සින්ඩිය මේ සින්ඩිය ගැන එහෙම දැනන් උන්නු හින්දා බ්ලෝග අටෝලා එතුමන්ලාටත් දැනුම් දෙන මම තුමා අමතක නොකළේය.
සින්ඩි හෙල්ප් එක්ක ඉල්ලලා දාපු ඊමේල් වලට මුලින්ම රිපල්යි කරලා තමුන්ගේ සින්ඩියේ අලෝලා තියාගත්තේ අපේ බ්ලොග් ප්‍රොෆෙසර් මාතලන් ය. බ්ලොග් ලෝකේ අලුතෙන් ඉපදෙන එවුන්ට අත දෙන එක උන්නැහැගේ ගතිගුණයක් නිසා අපි හැමෝටම මාතලන් ගේ උදව් ලබා ගැනීම් භාග්‍යය හිමි විය.
ඔය කියන බ්ලෝග අටෝලා එක එක විදියේ එක්ස්පෙරිමන්ට් අටෝරාශියක් කරන්න විභීෂණ පටන් ගත්තේ ඇත්තටම මට ලියන්න පුළුවන් මොන වගේ දේවල් ද , ලියන්න ඕනේ කොහොමද වගේ දේවල් දන කියා ගන්න ටය. ටික ටික බ්ලෝග එක එකා අතරට යන්න පටන් ගන්නකොට ඔමා, බස්සි, අටම්, දේශා, කෙන්ජා, සැමා, සමකය වටේ නලින් ,කතන්දර වගේ බ්ලොග් සැට් එකක් ම අඳුරගන්න විභී වෙන්න කලින් හිටපු මට හැකි විය.
කොහොම හරි මේ බ්ලොගේ දාපු හැම පොස්ටුවක් ගැනම , එකට වැටෙන හිට්ස්,කොමෙන්ට්ස් ගැන එහෙම හොම්ද කල්පනාවෙන් එදා විභී යා පසු වුනේ අර හරියටම මැච් වෙන ඉට්ටයිල් එක හොයා ගන්න ටය. කමෙන්ට් බින්දු වටිච්චා විසිපහක් විතර තිබ්බා වගේ මතකය. තව පහළොවක් විතර කමෙන්ට් දෙකක් හෝ එකක් පමණි. ඔහම ඉන්න අතරේ එක්තරා දවසක එක්තරා දේශපාලන කාරනාවක් ගැන පොස්ටුවක් මගේ ඒ පරණ බ්ලොගේ ලියලා අතැරලා දැම්මේ පාඨක ප්‍රතිචාරය කොහොම වෙයිද කියලා බලන්න ය. හිතුවෙවත් නැති විදියට කමෙන්ට් ගලා ගලා එන්නට විය. සමහරු මාව මාතලන් ඉට්ටයිල් එකට සමාන කරලා ද තිබුනේය. වැඩේ හරි ගියේය. ලියන්න ඕන මොන වගේ දේවල් ද , මොන විදියට කියලා හම්බ විය.
දැන් තියෙන්නේ ලියන්න ය. එත් ප්‍රශ්නෙකට තියෙන්නේ හිතේ තියෙන ඔක්කොම ලියන්න ගියොත් වැඩි කල් නොගොස් මොකක් හෝ මරාලයක් පාත් වෙන්න ඒකාලේ ලොකු ඉඩක් තිබුණු එකය. ඒ හින්දා වහන්නේ නැතුව දිගටම ලියන්න තියාගෙන හිටපු ඒ බ්ලොගත් අත ඇරලා "විභීෂණ " කියලා ෆේක් නමක් එක්ක ප්‍රොෆයිල් එහෙකුත් හදා ගෙන " ආයුබෝවේවා" කියලා පලවෙනි පොස්ටුවත් ලියාගෙනම "විභීෂණ අඩවිය " කියන මේ බ්ලෝග ආරම්භ කළේය.
මේ වගේ පොස්ටුවක් අද දාන්න හේතු භූත වුනෙත් ඔන්න ඕකය. ඒ කියන්නේ විභීෂණ අඩවිය පටන් ගත්තේ , බ්ලොග් ලෝකෙට ඇතුල් වුනේ 2014 අගෝස්තු 01 වෙනිදා වීමය.
ඒ කියන්නේ අද විභීෂණ අඩවියේ පලවෙනි ඇණිවසරි එකය.
ලියන හැටිත් දැනගෙන , ලියන්න ඕන මොනවාද කියලත් දැනගෙන අද වෙනකොට එක එක මාතෘකා ගැන එක එක කතා බහ මේ අඩවිය ඇතුලේ සිද්ධ වී ඇත.
ලියාපුවා කියවන්න, බනින්න, වලි දාගන්න සැට් එකක් ම විභීෂණ හදාගෙන අවසන් ය.
ඒ හින්දා බොහොම හොඳ ඩිජිටල් රිලෙෂන්ශිප් එකක් හදාගන්න විභීෂණ නමින් වෙස්වාලන් ඉන්න මට හැකි වෙලා ය.
ඉතින් අවුරුද්දක් තිස්සේ විභීෂණ එක්ක හිටපු හැමෝම එක්ක දිගටම බ්ලොග් ලෝකේ සැරිසරන්න විභීෂණ සූදානම් ය.
ඔන්න හැමෝටම කිවා,
එහෙනම් ආයෙත් හම්බුවෙනකන්, ගොහින් එන්නම්.
අඩෝ අද ජූලි 31 නේද??? තාම අවුරුද්දක් නෑ බන්!!
ReplyDeleteතව ඉදපන්!!
කොමවුනත් උබේ ලිවිල්ල නම් මල් හතයි!!!
දේශපාලනේ එක්ක රූපේ කිසිම ආශ්‍රයක් නැති හින්දා උඹේ සමහර ඒවා කියවනවා විතරය...
එව්වා වැඩක් නෑ...උඹේ බ්ලෝගේ ඉස්තරම්ය..
ඇ බන්. ජුලි 31 රෑ 12න් පස්සේ අගෝස්තු 1 නෙව්යිද?
Delete-------------
තැනක් යූ තැනක් යූ..
ඔහොම යං පුතා !! අපේ පුල් බකප් එක . ඕ යේස්
ReplyDeleteතැනක් යූ..තැනක් යූ.
Deleteපාටියක් ඉල්ලමු පත්තරයෝ
Deleteබ්‍රෑන්ඩ් එක ගල්
සංවත්සරයට උණුසුම් සුභ පැතුම්!
ReplyDeleteහැබැයි, උඹ දැන් ලියනවා මදි කියන්නෙ හොඳටෝම මදි. දැන් මේක මාතලං ඉට්ටැයිල් එකට වඩා ප්‍රසන්න ඉට්ටැයිල් වෙලා තියෙන්නෙ.
මට මාසයක් දීපන්. මගේ වෙලාව මේ දවස්වල හොරු අරන් ගිහින් තියෙන්නේ. නලල මලේ කෝස් එකක් කරන්න ගිහින්.
ReplyDeleteසැප් අග වෙනකොට ඒ චැප්ටර් එක ක්ලෝස් වෙනවා. ඊට පස්සේ දකින්න පුළුවන් වෙයි විභීෂණ ගේ සුපුරුදු විලාසය.
නිකං වලගම්බා දැකපු මකුළුවා වගේ නේ!
ReplyDeleteඅන්තිමේ දී හරිගියා නේද? උත්සාහවන්නතාය ජය ගනී ද මොකක්ද කියන්නේ මේකට විය යුතුයි!
ජයවේවා!
කියාපු කතාව නම් සහතික ඇත්ත.
Deleteසුබ පැතීමට ස්තුතියි.
විභියා ද කොල්ලා විත් පොසන්නයා කියල මම පිලුමක් ගහනව.
ReplyDeleteයටිං වරහං ඇතුලෙ බ්ලොග් කොන්කිරිට් කරන්නෝ කියල හරවත් වාක්කියකුත් දානව. ඕ යෙස්.
අවුරුද්දට සුභ පැතුම්. තව තවත් කල් ඇදගෙන යන්න හැකියාව ශක්තිය ලැබේවා
මේ බ්ලෝග කොන්ක්‍රීට් වෙලා නැහැ බොල.
Delete--------------
දිගටම අදිනවා...මේ දවස් වල ස්ලෝ තමයි. එත් නවත්තන්නේ නම් නැහැ.
-------------
සුබ පැතුමට ස්තුතිය.
හිංඟල බොග් කියෝනවනම් දවස් ගණන් මාස ගනන් කියොගෙන් යන්න පුලුවන්.... ඒ තරමට දැං හිඟල බොග් තියෙනව නොවැ... ඒත් ගොඩක් උන් විභී ට උනා වගේ වෙල්කම් පෝස්‍ටුව විතරයි.... එහෙම වෙන්ඩෙ නැතුව දිගටම ලියන්න විභී..
ReplyDeleteඇනිවසරියට සුභ පැතුම්!
තැනක් යූ වේවා..
Deleteහම්මේ මමත් සෑහෙන්න දුක්විඳලා තමයි බ්ලොග් එකක් පටන්ගත්තේ. වෙහෙසිලා වැඩකරපු තරමට ප්‍රතිඵල හොඳයි කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.
ReplyDeleteපළමුවැනි සංවත්සරයට සුබපැතුම්! ඉදිරි ගමන සාර්ථක වේවා!
බොහොම ස්තුතියි විචා,
Deleteදිගටම හම්බුවෙමු...
ඡයවේවා..
ReplyDeleteබෝතලක් කඩමු
බ්‍රෑන්ඩ් එක ගල්
කඩමු කඩමු බෝතලයක්...
Deleteඑකට සුභපැතුම්
ReplyDeleteතැනක් යූ...
Deleteරාවණා කිව්වාත් එපා කියලා අපි වෙනුවෙන් තව ලියපං
ReplyDeleteරාවණා නෙවයි, වෙසමුනියා කිව්වත් මේක නවත්තන්නේ නැහැ...
Deleteසුභ පැතුම් රාවණාගේ මල්ලි , සීතා නෑන සනීපෙන්ද ?
ReplyDeleteතව අවුරුදු සීයක් විතර ලියන්න වාසනාව ලැබේවා
තව සීයක් ???????
Delete----------------
කමක් සීයක්නේ...අවුලක් නෑ ඒ ටික කාලෙත් ලියන්නම්....
යකඩෝ මූට බ්ලොග් අවකාශයේ උත්සාහවන්තම බ්ලොග්කරු කියලා නම්බුනාමයක් දෙන්න වටිනවනෙ!
ReplyDeleteඋණුසුම් සුභපැතුම් විභියෝ!!
තැනක් යූ තැනක් යූ බස්සි යෝ...
Deleteසුබ පැතුම් විභී........ කිවුවත් වගේ වැඩේ අත ඇරලම නෑනේ..... බලාගෙන යද්දි අපි අතරත් ඉන්නවනේ බොහෝම උත්සහවන්ත දෙවිවරු (විභිෂණ දෙවියෙක්ද.......)
ReplyDeleteආයෙත් අහල හිටං...
Deleteඅපි හෙන උස්සාහවන්ත දෙවිවරු බොල...
--------
තැනක් යූ තැනක් යූ..
ජයෙන් ජයම වේවා මචෝ, ඔය හැගුම මම හොඳට දන්නවා.උඹේ අනාගතේ දීප්තිමත. ඇදං යමං දිගටම.
ReplyDeleteතැනක් යූ මනොෂ්...
Deleteඋඹ ඉතින් මට සයිබර් වළල්ලේ හම්බු වෙච්ච සුපිරිම ෆ්‍රෙන්ඩ් කෙනෙක් තමයි ..
//ඒකාලේ ඉතින් ඔය අනම් මනම් සින්ගිරිස් ටයිපින් දන්නේ නැති හින්දා ලියාපු හැම මගුලම ලියෙව්වේ ඉංගිරිසියෙන් ය.//
ReplyDeleteඈහ් !!! ඊට ඉස්සර සිංහල බ්ලොග් වල ඉන්ග්‍රීසියෙන් කමෙන්ට් කරලහෙම තිබුනද?
මටනම් වුන කෙලිය ගැන විස්තර පත්තර මල්ලක වුවද ( කෙන්ජියක වුවද විය හැක ) දැමිය හැක !
Best wishes !! Keep up the good work ! ( ආසාවටවත් බැනුමක් ඇහෙන්නෙ නෑ දැන් :-D).
චැහ්. කව්ද අපේ ප්‍රා ට බැනපූ එකා ?? :D
Deleteතැනක් යූ වේවා...
Delete---
අපෝ නැහැ..මම කාගේවත් සිංහල බ්ලොග් වල ඉංගිරිසියෙන් කමෙන්ට් කරලා නැහැ...
එකට සුභ පැතුම්!!
ReplyDeleteතැනක් යූ හැලපේ ...
Deleteකෝමද අපි ලියන බ්ලොග් ජනප්‍රිය කරන්නේ. මාතලංතුමා දීපු උපදෙස් අපටත් කියලා දෙන්නකෝ. තාම බ්ලෝග් කියවනවා ඉතරයි. එකම එක කයියක් ලිව්වා. එහෙම්මම තියනවා. කවුරුත් කියවලා නෑ
ReplyDeletehttp://maheshpathiranage.blogspot.com/2014/10/blog-post.html
මෙන්න මෙච්චරයි තියෙන්නේ...
Delete===========
බොහොම සිම්පල් , සිම්පල් ම සිම්පල් ටෙම්ප්ලේට් එකක් තෝරාගෙන වැඩේට බහින්න. ඔය අනම් මනම් ගැජට් බැජට් අලවන්න හදන්න එපා
හිට්ස් , කමෙන්ට්ස් ගැන තියන් ඉන්න හීන ඔක්කොම කුඩු පට්ටම් කරලා දාන්න ඕන. එව්වා බ්ලෝග කරගෙන යනකොට යතා කාලයේ තතා අයුරින් ලැබෙයි.
තමන්ට හොඳටම ලියන්න පුළුවන් දේ හොඳටම ලියලා දාන්න.
මම ලියන දේ සැර වැඩිද මන්දා, මට ලෙඩක් වැටෙයිද, අරයා තරහ වෙයි ද , මෙයා බනියි ද , අරුන් මාව මගදී අල්ල ගෙන සලකයි ද වගේ ෆොබියා තියේනම් වහාම එව්වා හිතින් අහක් කරගන්න ඕන.
එහෙම නොවුනොත් බොක්කෙන්ම එන වචන ටික බොක්ක අතුලේදීම එඩිට් වෙලා කැපිලා කෙටිලා ගෙවිලා තමයි එලියට එන්නේ. ඒ වගේ ලියල ඉතින් කියවන්න නෙමයි මලවන්න තමයි වෙන්නේ.
ඒ හින්දා තමුන්ගේ ඔලුවට එන අදහස් "ඔන්න ඔහේ ලියලා දාන්න". ලියන දේවල් වලින් තමුන්ගේ ප්‍රතිරූපයට හානි වෙයි කියලා හිතෙයි නම් ඉතින් ෆේක් වෙලා එන්න.
ඔච්චරයි තියෙන්නේ.
මාතලන් ගේ උපදෙස් මට වඩා බොහොම සරලයි, සවිස්තරයි, සංවේදීයි....
මෙන්න මෙතනින් මාතා ගේ පන්තියට ගොඩ වෙත හැකි...
එහෙනම් එලම එල බ්ලොගක් ඇතුලදී අපි මීට් වෙයි කියලා ප්‍රාර්ථනා කරනවා...
සුභ පැතුම් විභියෝ...
ReplyDeleteජ ය වේව ා !!!
තැනක් යූ තැනක් යූ විදානේ...
Deleteමට පොඩි ප්‍රශ්නයක් තියෙනවා බං
ReplyDeleteඋඹ, දෙමළා දෙමළ බසින් ජාතික ගීය ගැයීමෙන් සිංහලයාට අහිමි වන්නේ කුමක්ද? කිව්වනෙ,
ඉතින් මම කල්පනා කලා තජුදීන් කියන එකා සිංහල ගෑනියෙක් විවාහකර ගත්තානම් සිංහලයන්ට මොනවත් අහිමි වෙනවද? කියලා.
මම හිතන්නේ ඒකෙන් නම් අපිට මොනවා හරි අහිමි වෙනවා. ඔය වැඩ වලට කියන්නේ love jihad කියලා.
ඒ කියන්නේ ඌ මැරුවනම් මරපු එක හොඳයි. මම හරි නේද?