2015-07-10

බුද්ධිමතුන් හොයන මෝඩයින්.


පහුගිය ඉරිදා මරදානේ ඉස්ටේසමේ ඉන්නකොට ත් හොඳට ඉඩ තියෙන කොච්චියටත් නවත්තලා තියෙද්දී නගින්නේ නැතිව ඒක අද්දන කොට ෆුට් බෝඩ් එකේ පහලම එකට එක කකුලක් තියන් හෙන පොරවල් වගේ යන වාහෙලා දහ පාලොස් දෙනෙක්ම දකින්න විභීෂණ ට පුළුවන් විය. හැමදාම ඔය වගේ එවුන්ව ඕන අතරම දැකල තිබ්බත් එදා අපේ මහජනතාව ගැන එයාලගේ බුද්ධිමත් කම ගැන මොකක්දෝ අමුතු අදහසක් විභීෂණ හිස මත කඩා පාත් විය.


ෆුට් බෝඩ් යාම කෝච්චියේ වගේම බස් එකෙත් බොහොම අනතුරුදායක බව හැමෝම දන්නා කාරනාවක් වුනත් අපේ සමහරු ඕවාල ට ගොඩ වුනාම  හොයාගෙන ගිහින් පල පදියම් වෙන්නේ ෆුට් බෝඩ් වලය.

බස් ෆුට් බෝඩ් ගමනට වඩා කොච්චි ෆුට් බෝඩ් ගමන හැතැප්ම ගානකින් නිවන් දොරට කිට්ටුය.

වැටුනොත් නිවන් දකින්නේ පාටිෂන් වෙලාය.හොඳම උදාහරණය අර ෆුට් බෝඩ් එක කඩන වැටිලා කෝච්චියට යටවෙලා කකුල් එහෙම වෙන්වෙලා කෙඳිරි ගාන කොල්ලගේ වීඩියෝ එකය



අපේ සමහරක් හරියට පාර පනින්නද දන්නේ නැත. කහ ඉරි පාරේ ඇඳලා තියෙන්නේ මිනිස්සුන්ට ෆුල් සේෆ් එකේ පාර පනින්න වුනත් ,  ඒවා බල්ලන්ට, හරකුන්ට පාවිච්චි කරන්න දීලා කහ ඉරි ඇස පනාපිට පෙන්න තියෙද්දී ඒවා මග ඇරලා වෙන්ඩ පොරවල් පාර පනින්නේ උනුත් අර "බුද්ධිමත් " ජනතාවගේ කොටහක් හින්දය. සමහ බල්ලෝ ත් හොඳට වෙලාව අරගෙන දෙපැත්ත බලලා කහ ඉර දිගේ පාර පනිනවා විභීෂණ මේ දෑස් දෙකටම දකින කොට අපේ එවුන්ගේ මොළ ගෙඩි ඇත්තටම ප්ලේස් වෙලා තියෙන තැන් ගැන ඇතිවෙන්නේ ඇති මහත් සැකයක් ය

හෙල්මට් තියෙන්නේ ඔලුවේ දාගෙන යන්නය. හෙල්මට් ඔලුවේ දාන් යන්නේ ඉසටයිල් එකට නොව  ඇක්සිඩන්ට් එකක් හැප්පුනොතින් ඔලුව බේරා ගන්න ය. එත් අපේ උගත් "බුද්ධිමත් " සමහරක් කොල්ලෝ කෙල්ලෝ ඔලුවට ඩිසයින් කරලා තියෙන හෙල්මට් එක අතේ එල්ලන් බයික් වල යනව එනවා ඕන තරම් දැකල ඇත.ඒ සමහරවිට බයික් බැලන්ස් කරන්නට ද වෙන්න පුළුවන.

ඔය සේරම කාරනා අදාළ වෙන්නේ ගමනක් යනකොට තමුන්ගේ ආරක්ෂාවට. අර පර්සනල් ප්රෝටෙක්ෂන් ( Personal Protection) කියලා සිංහලෙන් කියන්නේ , අන්න එකටය. තමුන්ගේ ආරක්ෂාව සලසා ගන්න ඕන කරන්නේ තමුන් විසින්ම ය. එතකොට ඒ දේ කරන්න , ඒ  ගැන හිතන්න බුද්ධියක් තියෙන්න ඕනය. බුද්ධිය නැත්නම් ඔය කිසි රෙද්දකින් වැඩක් නැත.

උදාහරණ වලින් පස්සේ විභීෂණ බහින්නේ සුපුරුදු පොලිටිකල් කාරනාවට ය.

8 වෙනිදා චන්දෙන් පස්සේ හැමෝම බලං හිටියේ අර විල මැද මඩ බංගලාවේ පිස්සෝ රෑන විසුරෝලා දාල හරි හමන් අලුත් බංගලාවක් හදා ගන්න ටය. තිබ්බ බංගලාවේ කොලිටි එක ගැන මාර රිපෝර්ට් එකක් දැන් රටේ ජනතාවගේ අතේය.
කොහොම වුනත් ඒ හදන අලුත් බංගලාවට උගත් බුද්ධිමත් එවුන්ව පත් කරලා යවන්න කියලා දැන් දැන් ලොකු ගෝසාවක් හැම පැත්තෙන්ම ඇහෙන බව කියන්නට අවශ්‍යය.

හොරුන්ට , තක්කඩින්ට නොමිනේෂන් දෙන්න එපා කියලා මාර්තු 12 කියල අලුත් මෙව්වා එකක්  අස්සන් දස ලක්ෂේකුත් එකතු කරනවා ඊයේ පෙරේදා අපි නිවුස් ඩ්රාමා  වලින්ද දැක්කේය.ඔය අස්සන් දසලක්ශේ මුලින්ම වගේ අස්සන් කරලා තියෙන්නේ අපේ  මිස්ටර් ප්‍රසිඩ්න්ට්, මිස්ටර් ප්‍රයිම් මිනිස්ටර්, ඔපසිෂන් ලීඩර් වගේ ලොකු ලොකු පොරවල් ය. එයාලගේ අස්සන් වල වලංගු භාවය දැන් දැන් ටිකින් ටික එළිවෙන්න පටන් අරන් බව එයාලම දීපු නොමිනේෂන් ගැන ඇහෙන පෙන නිවුස් වලින් ඔප්පුවෙගෙන එන කාරනාවක්ය.

හිටපු රජ්ජුරුවන්ගේ කුස්සියේ ඉඳුල් කාකා ඉඳලා හීන්සීරුවේ ගෙදර මහලේකම් උන්නැහේ එක්ක එකතුවෙලා රජ්ජුරුවන්ව පරද්දන ගේම ගහපු අපේ දන්ත වයිද්දිය උන්නැහැගේ පුත්‍ර රත්නය ( අර අරයා නොවෙයි ඈ...ඒ පොඩි එකා. මේ කියන්නේ ලොක්ක ගැන ) ත් ඊයේ පෙරේද මාර සෙනගක් ඉස්සරහා දේශනාවක් තියල බෙරිහන් දුන්නේ හොරුන්ට නොමිනේෂන් දුන්නොත් හිරිකොතයි ඩාලි පාරයි වටකරන්නටය .අද වෙනකොට එළිවෙලා තියෙන  නොමිනේෂන් නිවුස් ඇත්ත නම් සහ ඒ කොලු පොඩ්ඩා කියූ දේ  කරන එකෙක්නම් සුවර් ඒකටම මේ වෙලාවේ ඌ වැටලීම් කරන්න යන්න බස් වලට සෙනග එකතු කරනවා විය යුතුමය. ඔව්ව ඉතින් අපි වෙනම කතා කරනවානම් වඩා අගනේය.

මේ ඇඹිටිල්ලන් කොල්ලගේ කොලු කතා අපි ගානකට ගන්න එච්චර ඕන නැතත් බුද්ධිමත් නියෝජනයක් තියෙන අලුත් බංගලාවක් වෙනුවෙන් වෙනදාට වඩා ලොකු සද්දෙකින් හැමෝම සද්දේ දානවා වගේ ඇහෙන්න පෙන්න දැනෙන්න ඇත.

මොන දෙයක් වෙලා හරි පිස්සෝ නැති බංගලාවක් හැදෙනවා නම් එක අපි හැමෝගෙම පිනක්ය.එත් ඉතින් ඔය හීනේ සැබෑ වෙයිද කියල සාධාරණ සැකයක් විභීෂණ ට නැගෙන්නේ අපේ "බුද්ධිමත්" චන්ද දායකයා කරන " අති බුද්ද්ධිමත් " වැඩ කිඩ දිහා බලං ඉන්නකොටය.

අනිත් චැනල් වල දැක්කේ නැති වුනාට අපේ සදාදරණීය ත්‍රිකොනේ චැනල් එකේනම් ඔය කාරනේට වෙනම සේග්මන්ට් එහෙකුත් දාලය . එකේදී වොයිස් කට දෙන ගමරාළලා, බණ්ඩා ලා හැමෝම මාර ප්‍රජාතන්ත්‍රවාදී එවුන්ය. හැමෝම හොරුන්ව එක හෙලා ප්‍රතික්ෂේප කරන්නේය.

බුද්ධිමත් එවුන් බංගලාවට යවන්න කියලා ඉල්ලන නායකයොයි කාරකයෝයි ආදීනුයි සහ උන් කියන විදියට ටීවී වලට වොයිස් කට් දෙන අපූරු ජනතාවයි , බුකියේ පෝස්ටර් අලෝන දේශප්‍රේමී ජනතාවයි දිහා බලපුවාම අපිට හිතාගන්න තියෙන එකම දේ සුද්දගේ කාලේ ඉඳන් බුක්ති වින්දායි කියන අර මහලොකු නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදේ මහත්තුරු වගේ බුක්ති වින්දා වුනාට එකේ එක අකුරක්, කලඳක් තිතක් බැරිනම් කොමාවක්වත් මේ ගොන් හැත්ත තාම හරියට ඉගෙන ගෙන නැති බවය. වෙන මොන  අහවල් රෙද්දක්ද?

නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය කියන නමේ ම තියෙන්නේ තමුන්ගේ නියෝජිතයෙක් හරහා මහජනතාව රටේ පාලනයට හවුල් වීමය. ඕක තේරුම් ගන්න්න පොලිටික් පන්ති යාමේ කිසිම කිසි උවමනාවක් නැත.
 එතකොට නියෝජිතයින් පත් වෙන්න ඕනා මහජනතාව අතරින් ය.  මහා මැතිවරණ , පලාබබා, ප්‍රා බබා  වගේ එක එක බබා වරණ පවත්වන්නේ ඒ වගේ " නියෝජිතයෝ" පත් කරන්න ය.

තමුන්ගේ නියෝජිතයා විදියට තමුන්ගේ එකෙක්, තමුන්ට හිතවත් එකෙක් පත්කරන එක තම තමුන්ගේ යුතුකම සහ වගකීමය.

වගකීම යුතුකම තේරුම් ගත්තත් නැතත් හැමදාම වුනෙත්, අද වෙන්නෙත් හෙට වෙන්නෙත් ඔය දේමය. පත්වෙන එකා හොරෙක්නම් ඌව පත් කරලා තියෙන්නෙත් හොරුන්මය. කුඩු සප්ලයර් කෙනෙක් නම් ඌව පත් කරලා තියෙන්නේ කුඩ්ඩන් ය.
හැමදාම වෙන්නේ තමුන් වගේම , තමුන්ගේ ජාතියේම, තමුන් කරන වැඩ සේරමත් කරන තමුන්ගේම එකෙක් පත්වෙලා ගිය එකය.නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදේ හැටි එහෙමය.

එහෙනම් ඉතින් බුද්ධිමතුන් උගතුන් පාර්ලිමේන්තු යැවෙන්න නම් උන් ව සිලෙක්ට් වෙන මහජනතාවත් ඒ වගේ උගත් බුද්ධිමත් ප්‍රජාවක් වෙන්න ඕන කියන එක අමුතුවන් මෙතන කෙටිය යුතු එකක් නොවේය. තමුන්ගේ චන්දෙන් තමුන් අතරින් තමුන් වෙනුවෙන් පත්වෙන එකා උගතෙක් බුද්ධිමතෙක් වෙන්නේ ඒ විදියට තමුනුත් උගතෙක් බුද්ධිමතෙක් වුනොත් විතරමය.

උගත් බුද්ධිමත්  එවුන් පාර්ලිමේන්තු යවන්න කියන මහජනතාව ගේ උගත්කම කෙසේවෙතත් බුද්ධිමත් කම කොහොමද කියන එක කලින් කියපු රෝඩ් සයිඩ් එග්සාම්පල් වලින් හොඳහැටි පැහැදිලි වන්නේය.
මෙහෙ එවුන් අඩුම ගානේ තමුන්ගේ ආරක්ෂාව ගැන වත් පඩයක් තරම් වත් මායිම් කරන්නේ නැත.
එකෙන් පැහැදිලි විදියටම දැනෙන්නේ මෙහෙ මිනිස්සු බුධිමත් නැති බවය.

එත් ප්‍රශ්නේ ඇතිවෙන්නේ මෙ "බුද්ධිමත්" මහජනතාව ඇයි බුද්ධිමතුන්වම පාර්ලිමේන්තු වයන්න අමුතුවෙන් දඟලන්නේ කියලාය.  හැමදාම හැම චන්දෙකින් ම වුනේ ඔය මුලින් කියපු " අපි වගේම අපේ එකෙක් "අපි වෙනුවෙන් පත් වී යාම ය. දියුණු මිනිස්සු යවන්න ඕන නම් උද්ගෝෂණ කර කර ඉඳලා න් කාලේ කන්නේ නැතිව මිනිස්සුන්ව දියුණු කරන්නතමුන්ට කරන්න පුළුවන් දේ කල යුතුය.

අර කවදත් කියනවා වගේ හැම තිස්සෙම රටකට ලැබෙන්නේ ඒ කාලෙට ඕන කරන නායකයින්මය. කවුරු කිවා වුනත් ඒ තියරිය නම් ඇත්තම ඇත්තය. මේ මෝඩ මහජනතාවට හැමදාම ලැබුනේ තමුන්ගේමෝඩකමින් ප්‍රයෝජන අරගෙන තමුන්ටත් ඉඳලා හිටලා මස් කට්ටක් දෙකක් ( ආණ්ඩුවේ රස්සාවක්, සහනාධාරයක් වගේ...) දෙන, කොටින්ම කිව්වොත් තමුන්ව හූරගෙන කන ආණ්ඩුය. ඔව්ව ඉතින් ඉඩේ පහල වෙඋනා නොව අර මහජනතාව විසින්ම පත් කොරාපු එව්වය.සන්තොසය සම විලිලජ්ජාව දැන්වත් මහජනතාවට දැනෙනවානම් එකත්ලොකු දෙයක් ය.

බුද්ධිමත් නියෝජිතයෝ හදන්න නම් සමාජය බුද්ධිමත් විය යුතුය. එහෙම නොවෙන තාක් කල් කවුරු කොහොම කා ගැහුවත් සිද්ද වෙන්නේ .මෝඩයින් වෙනුවෙන් මෝඩයින් නියෝජිතයෝ වෙන එක මය.
හොරුන්ට නොමිනේෂන් දෙන්න එපාය කියල  බෙරිහන් දෙනවට වඩා හොරුන්ට තමුන්ගේ චන්දෙ නොදී හිටිය නම් වැඩේ අහවරය.

එහෙනම් අදට ඇති වගේ..

ගොහින් එන්නං ok????

25 comments:

  1. හොරු කපල ඉතිරි උන් ගෙන් 65000 පඩියට මිලියන 3ක 4ක පෝස්ටර ගහන උන් ටිකත් කැපුවම ස්වදින බුවල විටරනේ විභියෝ ඉතුරු වෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඔවු බන් ..සෑහෙන්න බොන්න සිද්ධ වෙන ප්‍රශ්නයක් තමයි එහෙම වුනොත් ඇති වෙන්නේ...

      Delete
  2. ඇත්තම සීන් එක විභියො ඔය කියන හොරු නැතිව ලංකාවෙ පක්ෂ වලට පැවැත්මක් නැති එක... ඇවිල්ල බලපං කෑගල්ලට කුරුණෑගලට ඔය හොරු තමයි මෙහෙ රජ කරන්නෙ හොද උං නැතුවද ... නෑ.. ඉන්නව... ඇයි තැනක් නැත්තෙ ..
    හිතල බලහං නැත්තෙ ඇයි කියල
    හුගක් උංට ඕන තමං ගොඩ යන්න රට නෙවී ඉතිං ඒකට හරි යන්නෙ අර වගේ හොරු.. ඇයි දන්නවද උං කියන දේ කරල දෙනවනෙ...
    හොරට හරි කෝම හරි වැලි පර්මිට් එකක් ගන්ට
    කසිප්පු පෙරල අහු වුණාම ඒවයින් බේරෙන්න
    කාට හරි නෙළුවොත් පොලිසි නොයා ගොඩ යන්න
    කාට හරි රජයේ රස්සාවක් ගන්ට
    පත්වීමක් මාරු වීමක් ගන්ට
    කොයි තරං වැඩද බං මිනිස්සුන්ට
    උඹ මේ කොළඹට වෙලා ඉදං අකුරු කොටල උංගෙ ෆැසිලිටිස් වලට නෙ කෙලින්න හදන්නෙ පවුනෙ බං අසරණ අහිංසක බුජ්ජිමත් ජනතාව

    ReplyDelete
    Replies
    1. හුගක් උංට ඕන තමං ගොඩ යන්න රට නෙවී--

      ---------------

      අන් මට බයේ බෑ බන්..මේ "අසරණ "ජනතාවගේ ෆැසිලිටි ස් අයින් කරන්න ගිහින් මට ගුටි කනත් සිද්ධ වෙයිද කියලා..

      Delete
  3. //උඹ මේ කොළඹට වෙලා ඉදං අකුරු කොටල උංගෙ ෆැසිලිටිස් වලට නෙ කෙලින්න හදන්නෙ පවුනෙ බං අසරණ අහිංසක බුජ්ජිමත් ජනතාව//


    :D

    යටත් විජිතයක් ව පැවතීමේ පල විපාක.... එම අවස්තාවලට මූන දුන් අය හැර අනෙක් අයට ඔය කියනා සුන්දර සටන් පාට වල හිස් බව තේරෙන්නේ නැත...

    නීතියේ ආදිපත්ය ඉස්තීර කරනවාට වඩා ගම්මු ගමේ කැලෑ උසාවියේ පිහිට පත්තන්නේ එම නිසාවෙනි!

    ReplyDelete
    Replies
    1. පුර්ණ වශයෙන් සහතික කරන ලද සත්‍යයකි...

      Delete
  4. ලංකාවේ වැඩිම බයියන් ඉන්නේ වයඹ පළාතේ ද?
    කුරුණෑගල යන නම බයියාගල යනුවෙන් වෙනස් කළ යුතුද?

    ReplyDelete
    Replies
    1. ලංකාවේ වැඩිම බයියන් ඉන්නේ වයඹ පළාතේ ද?

      කුරුණෑගල යන නම බයියාගල යනුවෙන් වෙනස් කළ යුතුද?
      ---ප්‍රතිඵල ආදාට සලකා බලමු...

      Delete
  5. මහින්ද රාජපක්‍ෂට මෙවර ඡන්දේ ඉල්ලුවාට රාජපක්‍ෂ පවුලේ එකෙක්වත් ඡන්දේ දෙන එකක් නෑ. මොකද ඒ හැමෝම ඉන්නේ හම්බන්තොට ඡන්ද ලයිස්තුවල!

    ReplyDelete
    Replies
    1. අහෝ බේදයකි...

      Delete
    2. මෙම මැවිසුරුවා රාජපක්ෂ වැනි කෙස් බහුල නම්වලටත් වෛර කරන තට්ටයෙක් බව පෙනේ

      Delete
  6. ගමෙන් ඒන්න බැහැ ඡන්ද මදි....
    කොළඹින් අාවොත් රනිල්ට පරදිනවා.....
    ගම්පහින් අාවොත් වලි ගොඩයි....
    ඉතින් කුරුණෑගලින් අැවිත් රනිල්ට වඩා ඡන්ද ගන්න යනවා....

    කොරයි..... කොරයි......

    ReplyDelete
    Replies
    1. කොරයි කියල තමයි බන් බය...

      කොරන එක කොහොම වෙතත් බොහොම ලක්ෂනට කොර ගන්න යනවා කියල තමයි අපිට දැනෙන්නේ...

      Delete
  7. අපේ සිංහල කාලකන්නියෝ වගේ නෙමෙයි දෙමෙල්ලු හරීරීරී... හොඳයි. (උන් දෙවිවරු වර්ගයක්)

    ReplyDelete
    Replies
    1. අනේ සාධු...

      -----

      ජගතෝ...ඔය ලෙඩේට බෙහෙත් නෑ බන්...ප්‍රවේසම් වෙයන්...

      Delete
  8. ගොඩක් අය සීට් බෙල්ට් දාගන්නේ ට්‍රැ‍ෆික් රාළහාමි දැක්කම..
    [පොලිටිකල් ගැන කතා නොකරමි (තිත්තයි..)]

    ReplyDelete
    Replies
    1. සීට් බෙල්ට් හදලා තියෙන්නේ එයාලා දැක්කම දා ගන්න තමයි..වෙන මොන ලබ්බක්ද එකෙන් කරන්න තියෙන්නේ..

      Delete
  9. අද කාළේ තියෙන ළොකුම ජෝක් එක තමයි ඔයි සොලෝගන් එක... පිච්චු නැත්නම් චෝක්.. අර මාර්තු 12 ප්‍රකාසෝනේ හදපු උන්ට තියෙන්නේ දැන් ඒක රෝල් කරලා පුකේ ගහගෙන පාර්ලිමේන්තුව ඉස්සරහා ඩාන්ස් කරන්න.

    ReplyDelete
    Replies
    1. "දොළොස්වෙනි නාඩගම"

      Delete
  10. මටනං ඉවසන්න බැරි නොමිනේෂන් දෙන දවසෙත් ඉස්කෝල කලින් අරින එකයි ඡන්දෙට උසස් පෙළ විභාගෙ දෙකට කඩන එකයි. නොමිනේෂන් දවසට පාරෙ නටන බල්ලො නිසා ලමයෙකුට ඉස්කෝලෙ ඇරිලාවත් යන්න බැරි එක හැබෑව. එහෙනං දවසම නිවාඩු දෙන්න ඕනි වෙන දවසකිං අල්ලන්න.

    ReplyDelete
    Replies
    1. අපිට බැරි වුනාට උන්ට පුළුවන් බන්...

      ඔය විභාග වගේද පක්ෂේ ගොඩ දාගන්න එක...

      Delete
  11. කාට කියන්නද? අපේ අරක්කු අපිටම ගහනවා කියන්නේ මෙව්වට තමයි.

    ReplyDelete
    Replies
    1. අපේම නයි අපිවම කයි-ඒ නයි මුගටි කයි..

      Delete
  12. මිනිස්සු හරියට හිතනවානම් මොනවා කරන්න බැරිද මලේ. බ්ලොගාල , පත්තරවල් ලියන අප්පුල , නාට්‍ය කාරයෝ , සිනමා කාරයෝ, කයියෝ ඔන්න දැන් ඒ ගොල්ලන්ට තැන තියනවා මිනිසුන්ට කියල දෙන්න.
    http://nelumyaya.com/?p=3628

    ReplyDelete
    Replies
    1. අනිවා...එක තමයි වෙන්න ඕන.

      -------
      තැනක් යූ වේවා නෙලුම් යායේ දැම්මා ට..

      Delete

කමෙන්ට් කලාපය....