2015-07-18

කණ කුඩු කරන බුරුම හවුල

බුරුමය කියලා හඳුන්වන දේවල් දෙකක් ඇත. එක බුරුමයක් තියෙන්නේ ආසියාව කියන මහාද්වීපයේ ය.රටක් ය.
කාලාන්තරයක් තිස්සේ බුරුමය කියලා හඳුන්වපු ඒ රටට දැන් කියන්නේ මියන්මාරය කියලා ය.  විභීෂණ දන්නා විදියට මේ රටේ අතිශය බහුතරය ථෙරවාදී බෞද්ධ යින්ය. මම කියාපු දේ වැරදිනම් සමාවෙලා මව නිවැරදි කරන සේක්වාය.


අර කියාපු අනිත් බුරුමේ තියෙන්නේ අපේ ගෙදරය. එක පූර්ණ වශයෙන්ම බුරුමයක් ය. රටක් නොව ටූල් එකක් ය .ගන්නේ හිල් විදින්නය. හිල් විදින්නේ ලී වලය.
ඔය කියන බුරුමය පාවිච්චි කරනවා බලං ඉන්න එක නම් පස්ට ආතල් ය. මාර ෆන් ය. එත් ඒක පාවිච්චි කරන එක නම් ඔය බලං ඉන්න තරම් ආතල් නැත, ෆන් නැත. ගෙදරක වහලක් ගහන වෙලාවට තියෙන්නේ ඔය ටූල් එක විතරක් නම් , හවස වැඩ ඉවර වෙන වෙලාවට අතට දැනෙන සනීපය අත්දැකීමෙන් ම දන්නේ විභීෂණ ත් , පියාණෝ ත් දෙන්නා මීට අවුරුදු දහයකට විතර කලින් අපේ ගෙදර ට අලුතෙන් වහලයක් ගහන ව්‍යාපෘතියක් කරලා තියෙන හින්දය. සියලුම පරාල සහ යට ලී හිල් කලේ ඔය කියන මාර ටූල් එකෙන්ය.

හවස් වෙනකොට මාර සනීපය. පියාණෝ ගේ ඇඟේ පතේ සනීපෙ මග හරවන්න හන්දියේ වයින් ස්ටෝර්ස් අයිතිකාරයා ඇප කැප වී හිටියට විභීෂණ පොඩ්ඩා ට එහෙම කෙනෙක් හිටියේ නැත. ඔව්වා ඉතින් දැන් කතාකරලා පලක් නැත.

කොහොමෙන් කොහොම හරි ඔය කියන බුරුමය වෙනුවට ඉලෙක්ට්‍රික් බුරුමයක් ගෙදරට වැඩම කෙරෙව්වේය. එක කොච්චර තේජස් ද කියනවානම් එකට කියන්නේ බුරුමය කියලා නොව ඩ්‍රිල් මැෂින් එක කියලාය. වැඩ කිඩ සියල්ල ගින්දර වගෙය. වෙනදා විනාඩි තුන හතර යන හිල් විදිලි ටික දැන් තප්පර පහෙන් දහයෙන් කෙරෙන්නේය. එදා හිටං අද වෙනකම් ගෙදර ලී වැඩ, වඩු වැඩ වගේම සමහර සිමෙන්ති වැඩවලටත් පාවිච්චි වෙන්නේ ඔය කියන ඉලෙක්ට්‍රික් බුරුමය හෙවත් ඩ්‍රිල් එකය.

ඔය ඩ්‍රිල් එකෙන් ෆුල් ස්පීඩ් දාලා වැඩ කරනකොටඇඟට මාර ගතියක් එන්නේය. ඩ්‍රිල් එකේ සද්දෙට ඔලු කට්ටත් දෙදරන්නේය. එකේ වයිබ් එකට ඇඟ කිලිපොලා යන්නේය. ඇඟේ මයිල් ඉස්මයිල් වෙන්නම සමහර වෙලාවට ඔය කියන වයිබ් එක ෆීල් වෙන්න්නේය.

ඩ්‍රිල් එකත් එක්තරා ආකාරයක ආත්මාරක්ෂක ආයුධයක් ය. ෆුල් ස්පීඩ් දාලා ඩ්‍රිල් එකක් අතේ තියන් ඉන්න කොටත් මාර මෙව්වා එකක් අපිටද තවත් මාර මෙව්වා එකක් අපේ ඉස්සරහ ඉන්න අපේ තරහකාරයටද දැනෙන බව ඉස්තීරය, ඒකාන්තය.
තරහ කාරයෙක්ගේ ඔලු කට්ට ඩ්‍රිල් එහෙකින් ස්පර්ශ කරන්න තියෙනවා නම් ඊට ආතල් තව දෙයක් නැත.

නිකමට වගේ හීනෙන් හරි ඔය විදියට තගරි කිට් එක ගහලා, සඟ දාලා,  බෘම් බෘම් ගාලා සද්දෙට වැඩ කරන ඩ්‍රිල්මැෂින් අතට අරන් පස් හය දෙනෙක් අපේ ඉස්සරහට ආවොත් ඉතින් දැනෙන හැගීම වචනයෙන් විස්තර කරන්න පුළුවන් කමක් නැත. එච්චරටම සන්තෝස ජනකය, භයානකය.

ඉතින් මේ විභීෂණ අඩවිය කියෝන සහෝදර සහෝදරියනේ, අද මම මේ ලියන්න යන්නේ අන්න ඒ වගේ සන්තෝස ජනක මහා භයානක අත්දැකීමක් දෙන ඩ්‍රිල් අතට අරගත්තු කොල්ලෝ සැට් එකක් ගැනය. මුන්ගේ ඩ්‍රිල් ෂොට් එක කෙලින්ම ඔලු කට්ටේ සිට කොළ බොක්කට ය. වැදුනොත් සබ්බ සකලමනාවම සදා සොත්ති බවන්තුතේ ය.

කෙලින්ම නම කියලාම කතා කරනවා නම් මුන් "DRILLTEAM" ය.

වෙන ඩ්‍රිල් ටීම් වගේ මේ DRILLTEAM වඩු වැඩ කරන්නේ නැත. හේතුව  මුන් කරන්නේ ම කුඹුරු වැඩ ම නිසාය.
එත් ඒ ගොයම් වවන කුඹුරේ නොව සංගීත කුඹුරේ ය.
අණ්ඩරදෙමල නැතුව සිංහලෙන්ම කිව්වොත් ලංකාවේ Music Field එකේ ය.

DRILLTEAM යනු රැප් ටීම් එකක් ය.
මෙතැන් සීන් එක තියෙන්නේ රැප් ටීම් එකක් වීම නො,  රැප් කරන්නේ සිංහලෙන් නිසාය. ඒ සිංහල රැප් එකත් වැලි කඩදහියෙන් මැදලා, ඔප මට්ටම් කරලා පොලිෂ් කරලා තියෙන අර සුපුරුදු සිංහල සංගීත වචන නොව අමු සුද්ද සිංහල ය. ඒ නිසාම ඉඳල හිටලා වගේ  මුන්ගේ සිංහල රැප් මැද්දෙන් "බීප්" වගේ සයිලන්ට් වෙන තැන් අහන්නත් පුළුවන.

ඇහෙනවාට හෝ අස්සනවාට අහන්නේ නැතුව ලංකාවේ මියුසික් ෆීල්ඩ් එක ගැන සිහියෙන් ඉන්න ඕනෑම  එකෙක් අද මේ DRILLTEAM ගැන බොහොම හොඳින් දන්නේය. 

මොකක්දෝ වාසනාවට වගේ විභීෂණ ත් මේ DRILLTEAM කොල්ලන්ගේ ඩ්‍රිල්ෂොට් එකකට ගොදුරු විය. ඒ ෂොට් එකේ නම"දෙවියන්ගේ බාරේ " ය.අම්මේ දැනෙන සනීපෙ.ඒ ෂොට් එක කොච්චර පවර්ෆුල් ද කියනවා නම් මේ සින්දුව මේ බ්ලොගේ පොස්ටුවක් විදියට ද පබ්ලිෂ් විය. මේ තියෙන්නේ ඒ රැප් එකය.


"දෙවියන්ගේ බාරේ" සින්දුවේ වචන ටික ඇහුවාම ඇඟේ මයිල් ඉස්මයිල් වුනේ විභීෂණ දන්නා කාලෙක සිංහල සින්දුවක ඒ වගේ වචන සැට් එකක් තිබ්බේ නැති හින්දය. ඒවා එච්චරටම දරුණුය. ඒ  වගේ සිංහල වචන සැට් එකක් මියුසික් ට්‍රැක් එකක් ඇතුලේ මේච්චල් කරගත්තු එකම පුදුම සහගත ය. හැමදාම ශාස්ත්‍රීය විශාරද සින්දු අහන අහපු එවුන් එහෙම මේ සින්දුව ඇහුවොතින් සියලු දැහැන් බිඳිලා විතරක් නොව කුඩුවෙලා කටු වාෂ්ප වෙලා යනවාද නියතය.

වචන ටිකක් පොඩ්ඩක් මතක්කරන්නද?

"නක්ෂත්‍ර නොසිත ඉපිද ෆැන්ටසි ලෝකෙක මේ එළිසමේ
වැඳගෙන කරගෙන පාවා දී මායම් දී නෑ මගේ ගූ හිතේ
මොන මොන සෙල්ලම් දැම්මත් හෙළුවැලි කෙල්ලන් මගේ ෆැන්ටසි ලෝකෙට
මතකෙට එල්ලන් නෑ එක කෙල්ලක් ගැලවුණේ රෙදිපිළි මෝලෙට
එද්දී ගෙනාවේ නෑ මොණර කොළ පාවෙන
තොටිලි වල නිදාගෙන නෑ මැද පංතියේ පදික
වඩිග පටුන නටන ජීවිත පදයට යටව
මන්දිර සඳලු තල මවමින් සිහින වන්නම
කාට කියන්නද ඒ මියෙන සිහින මැද
පණ තියෙන ලියන දුවන පන්හිඳ අතින්
තුඩගින් බසින ලවණ රුධිරය වී බැස
පිරවුණු රූල් පිටු පොත ජීවිතේ වී ඇත
මනස දෙකනෙ වදින වචන මතකයිද
මගේ බොළඳ හීන අතර මගේ කඳුළු බින්දු ඇයි
වාෂ්ප වෙන්නේ දකින සිහින වටින කියන පයිය
උඹේ ඇටේ ඉඳන් උඹේ ආච්චිට බඳිනවා මං වෛර
මතක නැද්ද මට කියපුවා ගනින් මතකෙට වරෙන් අද හෙට
දෙන්නම් මතකෙට කට කුඩු කරලා උඹේ දත් ටික
වළඳෙන් පිහ කෑ කුලි ගෙට රෑ සඳ මිතුරා විය
පිටු බලි ගෑ නිල් තුඩ පෑන් වදන් ගෙතුවා ලිය
මං ආස කරපු පාට හීන වලට හදපු මාව
කඩලා බිඳලා විසි කරනවා හිත නොදැනිම මාව
ඇයි මාව අම්මේ මැරුවේ නැත්තේ මම ඉපදුණු දාම
මට දුක හිතෙනවා උඹ මහනවා හැමදාම
කළු කපුටා සුදු වෙනතුරු මානසික පැතුමක් හිත මැරුවා
හදවතක හීන මගේ ලේ වලින් ලිව්වා
කවුරු කිව්වත් හිතේ දුවන ගැම්ම අත පය වල තිව්වා
මම කන අතටම රිව්වා මගේ මනස කොඳුරා කිව්වා මට"




කොහොම හරි DRILLTEAM ලාගෙන් ෂොට් එකක් කාපු පිනට විභීෂණ DRILLTEAM රැප් වලට කාන්දමක් වගේ  ගිහින් ඇලුනේය. ඒ කාලේ හැමදාම වගේ "තෝ-බටේ (YOUTUBE) "  පීර පීර  මුන්ගේ සිංහල රැප් එකින් එක හොයාගෙන ගිහින් ඇහුවේ කොනක හිටං හැදිලා තිබ්බ සිංහල රැප් පිස්සුව හින්දය. ඔය පාතින් අලෝලා තියෙන CYPHER/2012 සහ CYPHER/2013 හම්බුවුනේ ඔය YOUTUBE මෙහෙයුමට පින් සිද්ධ වෙන්නය.

 

 

ඔය අල්ලපනල්ලේ DRILLTEAM ලාට තිබ්බ්බ මොකක්දෝ අමාරුවක් හින්දා මේ අවුරුද්දේ නිදහස් දවසටත් මුන් රැප් ට්‍රැක් එකක් දොට්ට දැම්මේ ය. කිව්වාට කටට පවු පිරෙන්නේ නැත.

නිදහස් දවස වගේ දවසක අපේ හිතේ තියෙන දේශප්‍රේමී දේශමාමක වගේ හැම හැගීමකටම ගැලපෙන විදියට නිදහස් දවස ගැන සුපිරියටම අර්ථ දක්වන්න පුළුවන් විදියට ඒ රැප් එක හදල තිබුනේය. මේ තියෙන්නේ අන්න ඒ රැප් එකය.
 

කොහොමෙන් කොහොම හරි අපේ කොළ බොක්කටම වඩින්න ඩ්‍රිල් ෂොට් දීපු DRILLTEAM, ඊයෙත් ආපහු අලුත් ෂොට් එක දුන්න  බවත් එකත් ඉහ මොළ රත්වෙන්නම වැදුණු බවත් මෙලෙස දක්වා සිටින්නේ හද පිරි මෙව්වා එහෙකින්ය. උන්ගේ අලුත්ම ෂොට් එක CYPHER-2014/15 ය. ඔන්න ඔය පාතින් තියෙන්නේ ඒ සයිෆර් එකය.
 

මේ ඔක්කොම ඩ්‍රිල් ෂොට් කාලා දැන් විභීෂණ ඉන්නේ කන් දෙකේම රැප් පුරෝගෙනය. රැප් අහනවා ඇරෙන්න මේ දවස් දෙක තුනේ වෙන කිසිම දෙකට "තෝ-බටේ (YOUTUBE) " පාවිච්චි වුනේ නැත. ඒ තරමටම රැප් වලට විභී යා වශී වී ඇත.

රැප් කියන අමුතු මෙව්වා එක ලංකාවේ මියුසික් ඇතුලට ආවේ 1998 අපේ භාතිය සන්තුෂ් දෙපලට පින් සිද්ධ වෙන්නටය. අද DRILLTEAM විභීෂණ අහුවෙන්න අත්තිවාරම වැටුනේ එදා භාතිය සන්තුෂ් දෙපලගේ රැප් හින්දා වැදුණු shock  එක හින්දය.

භාතිය සන්තුෂ් කලේ ඉංග්‍රීසි මෙලඩි වලට හදාපු සිංහල සින්දුවලට ඉංග්‍රීසියෙන් රැප් කරපු එකය. උන් දෙන්නා හදාපු රැප් රැල්ලට අහුවෙච්ච ලංකාවේ මෝඩ මියුසික් කාරයෝ කලේ ලස්සනට ලියලා තිබ්බ අහපුවාම හිතත් එක්ක සන්සුන් වෙන සිංහල සින්දු වලටත් ඉංගිරිසි රැප් කලවම් කරපු එකය. එකෙන් වුනේ සිංහල සින්දු වගේම ඉංග්‍රීසි රැප් එකත් මරා දැමීමය. අමරදේවගේ සින්දුවක් වුනත් විකුනන්න නම් මැද්දට ඉංගිරිසි වචන ටිකක් පටලවන්න ඕන කියලා ගොබ්බ මතයක් ඒ කාලේ මියුසික් බිස්නස් එකේ හිටපු ගොන් වාහෙලා අතර පැතිරී ගියේය.

ඊට පස්සේ පස්සේ සිංහල සින්දු වලට සිංහලෙන් රැප් කරන කලාවක් තැන් තැන් වල පටන් ගත්තේ මීට අවුරුදු පහ හයකට පෙරය. ඒ සින්දුත් විභීෂණ ට එච්චර ඇල්ලුවේ නැත්තේ ඒ වා වල සින්දුවත් රැප් එකත් දෙකම හරියට තිබ්බේ නැති නිසාය.

කොහොම හරි කාලේ ත් එක්ක තාල සින්දු නැතිව රැප් විතරක් තනි "අමු" සිංහලෙන් කියන අලුත් කලාව මේ වෙනකොට ලංකාව ඇතුලේ බිහිවී ඇත. මොකක් වුනත් මේ ට්‍රෙන්ඩ් එක දරුණු වුනත් බොහොම නීට් එකට ටිකෙන් ටික උඩට එන හැටි ඇස පනාපිට පේන්න ඇත. K Mac, කේසර, BIG DOGGY, අහස කියලා රැප් අවකාශයේ හම්බු වෙන්නේ අන්න ඒ වගේ අය ය.

මේ "අමු" සිංහල රැප් ට්‍රෙන්ඩ් එක ඉක්මනටම තම තමුන් සමහර තැන්වලින් ඇලවිලා ඉන්න ලවු සික් එකෙන් ගැලවිලා අදටත් වඩා තදට මිනිස්සුන්ගේ ප්‍රශ්න ගැන කතා කරන , සක්කිලි දේශපාලනයට විරුද්ධව කතා කරන අලුත් ජනතා මාධ්‍යයක්, ජනතා කලාවක් වෙනවා නම් එදාට විභීෂණ බොහොම සන්තෝස වෙන්නේය.

අන්තිමේදී,  විභීෂණ ව සිංහල රැප් වලට පිස්සුවට්ටපු එකට හද පිරි මෙව්වා එක පුදන ගමන් හැමදාම වෙඩි වගේ වචන  තියෙන "අමු" සිංහල රැප් කරන්න හේතු වාසනා ලැබේවා කියලා DRILLTEAM එකට සුබ පතන්න විභීෂණ කැමති ය.

ඒ වගේම අලුත් අලුත් කටවල් වලින් අලුත් අලුත් සිංහල රැප් අහන්නත් ලැබේවා කියලා විභීෂණ ප්‍රාර්ථනා කරන්නේ ය.

තව පොඩි මෙව්වා එකක් ඇත.

හැමතිස්සෙම DRILLTEAM කියන නම එක්ක "WESTනාහිර" කියල නමකුත් ඇහෙන්නේය. 
කොච්චර DRILLTEAM ඇහුවත් ඒකට ඔය "WESTනාහිර"කියන එකේ සම්බන්ධෙ මොකක්ද කියන එකනම් විභීෂණ ට තාම තේරුමක් නැත. දන්නා එකෙක් ඉන්නවානම් කියාදෙනු මැනවි.

එහෙනම් ඉතින් අහනවා නම් අහපාන්...නැත්නං දුවපන්...

-------
ගොහින් එන්නම්


34 comments:

  1. ඉතා හොඳ ආයුධ කට්ටලයක් මා සතුව තිබේ. ඩ්‍රිල් මැෂින් එකක්, ග්‍රයින්ඩර් එකක්, පොප් රිවට් ගන් එකක්, විවිධ අඬු, යතුරු, ඉස්කුරුප්පු නියන්, කියත්, මිටි, බවුත්, මල්ටි මීටර්, සහිත ඒ ආයුධ වලින් මා අදත් වැඩ ගන්නා අතර, මගේ මරණින් පසු කවුරුන් හෝ ඒවාගේ අගය දන්නා කෙනෙකුට, නිකම්ම අයිතිවෙනු ඇත. මන්ද, අපේ දෝණියන්දෑලා කවදාවත් ඒවා අල්ලන්නේවත් නැති නිසාය.

    අර කිව්ව ජාතියේ සින්දු අහන්නේ නැත. ඒ නිසා ඒගැන කිසිවක් කීමට හැකියාවක් නැත.

    ReplyDelete
    Replies
    1. මාමේ මට මට.................

      Delete
    2. විචාරක සර්, අර ටූල් සැට් එක මට ගන්ට බැරිද හිටං?

      ----------
      //අර කිව්ව ජාතියේ සින්දු අහන්නේ නැත. ඒ නිසා ඒගැන කිසිවක් කීමට හැකියාවක් නැත//
      -------අවුලක් නැහැ අවුලක් නැහැ...විචා ට තියෙන්න ඕන විචා ගේම රසවින්දනයක්...රැප් ඇහුවේ නැහැ කියල අපිනම් තරහ නැහැ ඔන්...

      Delete
  2. දරුවෙකි ලොව ජයගන්න තරුවකි
    කිව හැකි කාටත් වැළැක්විය නොහැකි
    ලෝකෙට ඕන වෙනස හඬගා කියු කොලුවෙකි
    දාපන් ඔය නපුරු වපර බැල්ම
    මැඬලන ජාතිවාදි සැඩරැල්ල
    අපෙ වචන නෑනෙ අපිටත් මෙල්ල
    කියන දේ මූණට කැපුවත් බෙල්ල
    යුද්ධෙ නැති පාළුව දැනෙනව මටත්
    කට කියෙව්වට කවදත් හැදෙන්නැති රටක්
    මුං අහල නෑ මෙහෙම වදන්
    "රියැලිටිය දුකක් වෙද්දි ෆැන්ටසිය සැපක්!!"

    මගෙ බොක්කටම වැදුන වර්ස් එක ඕක. කලින් ආපු සයිෆර් එකේ. ඩ්‍රිල් ටීම් එකේ කොල්ලෝ ටික කරපු වැඩ මුල ඉඳලම බොක්කටම වැදුනා. ඊයේ ආපු අලුත් එක ඇහැව්වේ අද. ඇඬුනා බන්.. ෆකින්ග් ඕව්සම් !

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත බන්ඩෝ,

      ඔය වචන ටික නම් එලටම ලියලා තියෙනවා අහන එකාගේ බොක්ක කුඩු කරන්නම...

      ---------
      උඹට කියන්න අලුත් සයිෆර් එක අහල මට බලං ඉන්නැද්දි පිස්සු හදුනා බන්...

      Delete
  3. B n' S la enta kaliyen 1995 hari ita kalin Brown Boogy Nation kiyala rap kattiyak hitiya. Lankawe kollo. Eth pitarata hitiye. Eyalage Colombo kiyala sinduwak thibba koththu roti lankawe niwadu anam manam gena. Eth den ee sinduwa hoyagannawath be. Eth eyalage Lions and Tigera kiyala song ekak thiyenawa. Honda arthayak ekka. Eke kiyanawa anthimata mehema.

    ReplyDelete
    Replies
    1. Thank you TIKKA,

      Ohoma team ekak gana oya kiynakam ahala thibbbe naha...

      Delete
  4. මට මුන් ගැන කිව්වේ බුකියෙ මිතුරෙක්.. සාමාන්‍යයෙන් පොදුවේ මම රැප් වලට කැමති නෑ.. ඒත් බොක්කටම වැදුන රැප් සෝන්ග්සුත් තියෙනවා... මුන්ට වෙලා තියෙන්නේ ගීතයේ ළොකු කතාවක් කිව්වට, ඒක බොක්කේ රැඳෙන්නේ නැති එක. ඒ කියන්නේ කතාව දිග වැඩියි. ඒත් ජිප්සීස්ලගේ "අන්කල් ජොන්සන්" ඕන එකෙකුට මතකයි. මගේ මතය අනුව ලංකාවේ මුල්ම රැප් එක ඒ සින්දුව.

    ReplyDelete
    Replies
    1. මටනම් සිංහල රැප් වලට පිස්සු වැටිලා තියෙන්නේ මාතලන්,

      භාතිය සන්තුෂ් ලා ගේ ඉංගිරිසි රැප් අහන කාලෙදීම බලාපොරොත්තුවෙන් හිටපු දෙයක් තමයි සිංහලෙන් රැප් එකක් ආවොත් කොහොමට හිට්ටීවිද කියන එක. අද ඒ දේ ඇස පනාපිට සිද්ධ වෙනවා...

      Delete
  5. මටනම් මොන බාසාවෙන් උනත් මේ සින්දු අස්සේ ප්‍රවුර්ති කියන වැඩේ සැට් වෙන්නෙම නැ බන්..... කොටින්ම කියනවානම් අම්මා කිරි පොවලා තියෙන්නෙම කලාරසය එක හන්දක්වත් කලවම් කරන්නෙම නැතුවද කොහෙද බන්

    ReplyDelete
    Replies
    1. //සින්දු අස්සේ ප්‍රවුර්ති //
      ---ඔන්න කිව්වා ඉතින් දවසේ කතාව...

      Delete
    2. //සින්දු අස්සේ ප්‍රවුර්ති //
      මෙන්න මචෝ බලපන් .........
      https://www.youtube.com/watch?v=D1oFIET4w3s
      https://www.youtube.com/watch?v=D1oFIET4w3s

      Delete
  6. තව කාලෙකින් යතුකැට, මුලුමට්ටම් එහෙමත් එලිබහින්නෙ නැතෑ!

    ReplyDelete
    Replies
    1. හරියට ගේම ගෙනිච්චොත් යතු කැට මුලුමට්ටම් විතරක් නෙවේ, ටී 56, 47, මැෂින් ගන් එහෙමත් එළිබහින්න පුළුවන්...

      Delete
  7. Westනාහිර
    කියන්නෙ බටහිර රැප් කරල වෙන්ටැ.
    එමිනෙම්ගෙ ඩොක්ට ඩ්‍රේ ගෙ රැපට හුරු වෙලා හිටපු උංට සිංහල රැප් කියන්නෙ නිකං පකිං ඕසම් ආතල් එකක් නැද්ද බං

    ReplyDelete
    Replies
    1. //එමිනෙම්ගෙ ඩොක්ට ඩ්‍රේගෙ රැපට//
      ------------ඔය ඩොක්ට ගේ රැප් නම මට එච්චර මීටර් නැහැ බන්, එත් එමිනම් ගේ එව්වා නම් හොඳට අහල තියෙනවා. එත් ඉතින් උගේ වචන තේරෙන්නේ නැති එක තමයි වැඩේ.

      Delete
  8. මාත් පහුගිය ටිකේ සෑහෙන්න රැප් ඇහුවා fb එකේ යාළුවො නිසා.. ජේම්ස් බණ්ඩා කියලා තියෙන එකමං ආසයි. දේශපාලනයේ පෝස්ට් අස්සට මෙවුවත් එක දෙක මෙවුවා කිරීම ගැන අපේ මනාපය

    ReplyDelete
    Replies
    1. තැනක් යෞ වේවා...තැනක් යූ වේවා...
      --
      එහෙනම් උඹත් රැප් පිස්සියෙක් ...ඈ...

      Delete
  9. මොනා උනත් වචන ටික නියමයි. ඒ උනාට මක්කද මංදා මේ ඉට්ටැයිල් එකට මං මනාප නෑ බං. අපේ රුචිකත්වයන් එක එක විදිහනේ ඉතිං. ගණං ගන්න එපා. උඹට වරදක් කිව්වා හෙම නෙමේ.

    ReplyDelete
    Replies
    1. අපෝ අවුලක් නැහැ බන්..එක එකාගේ කැමැත්ත එක එක ඉස්ටයිල් වලටනේ..

      -----

      වචන ටික නම් ආයේ කියලා වැඩක් නැහැ බන්...

      Delete
  10. හිටපං හිටපං.. අහන්නම ඕන..

    ReplyDelete
    Replies
    1. හොඳා හොඳා ...අහලම වරෙන්...

      Delete
  11. මට අහන්න හිතෙන්නෙ නෑ බොලං. සමා අවසර.

    ReplyDelete
    Replies
    1. ඕකේ වේවා කිව්වා හිටං...

      Delete
  12. කේසරගේ "ලියුම" අහුවේ නැද්ද?
    එකත් පට්ට...

    ReplyDelete
    Replies
    1. ඇහුවා බන්...ආයේ කියලා වැඩක් නෑ..සුපිරි එකෙත් උපරිම...

      Delete
  13. Kaizer Kaiz ගෙ රැප් අහන්න.

    "ලියුම, Part time Love, කරුමක්කාරී, තාම මගෙ හින්දා" මේ රැප් ටිකත් පට්ට

    ReplyDelete
    Replies
    1. එකෙන්ම ඉතින්..කේසර යාව අමතක වෙනවද සිංහල රැප් ගැන කතා කරනකොට...

      Delete
  14. ඩ්‍රිල් ටීම් එකේ දෙවියන්ගේ බාරේ නම් පට්ට!! උන්ගේ අනිත් ඒවායේ කියන වචන තේරෙන්නේ නෑ බන්!!

    ReplyDelete
    Replies
    1. "දෙවියන්ගේ බාරේ" ත් තේරෙන්නේ නැහැ බන් සිංහල ලිරික්ස් සබ් ටයිටල් දාල තිබ්බේ නැත්තන්....

      Delete
  15. නිවාඩු පාඩු වෙලාවක අහන්නම්..කමෙන්ටුවකත් දාන්නම්.

    ReplyDelete
    Replies
    1. ඉට්ස් ඕකේ...හොඳට අහල කරලා වරෙන්...

      Delete
  16. "මටත් ඕනෙ රැප් කරන්න
    පොරක් වෙන්න
    ෆේමස් වෙන්න" ....(ගප්පියා )

    අනේ විභියෝ තවම මටත් රැප් සින්කොන් ඇඟට දැනුනේ නැ ...අර බට කොස්සි කියනවා වගේ අපිට ප්‍රබුද්ධ කියන ලෙඩේ තියනවද දන්නේ නැ ....හැක් හැක්
    ජයවේවා !!!!

    ReplyDelete
    Replies
    1. එක ඉතින් එක එක්කෙනාගේ රසඥතාව කියලා කවුදෝ කියලා තියෙනවා නේ..ඒ හින්දා අවුලක් නැහැ...

      Delete

කමෙන්ට් කලාපය....