2015-07-24

බයියන් සීනුවටත් බයයි

මහින්දගේ නව පංච මහා බලවේගය( කුඩු, එතනෝල්, කැසිනෝ, ගණිකා, කප්පම්) ට අයිති එවුන් එක්ක උන්ට කඩේ යන මැටි බයියෝ ටික මේ දවස්වල දේශපාලන තුන් බියකට හොඳටෝම සහලෝලා බය බිරාන්ත වී ඇත.

නිට්ටාවටම බය වෙලා කියලා තේරුම් යන්නේ මේ තුන්බියට අදාළ චරිත සහ කණ්ඩායම් වලට මේ මැටි බයියෝ අම්ම මෝ නැතුව කුණුහරුපෙන් බනින හැටි දැක්කා මය. 

තමුන් ගේ ඉලෙක්ෂන් කැම්පේන් එක එලටම තියෙනවා නම්, දිනන එක ඉර හඳ වගේම බුදු ෂුවර් නම් කොහෙවත් ඉන්න තමුන්ගේ පාඩුවේ තමුන්ගේ දේශපාලනේ කරන්  ඉන්න එවුන්ට පස්සෙන් එලෝලා ගිහින් කුණුහරුපෙන් බනින්න ඕන නැත.
දසක දෙක තුන පරණ පුස්කාපු වේයෝ ගහපු කොළ කෑලි හැලෙන ගල්යුගයේ ෆයිල් අරන් ඇවිල්ලා මඩ ගහන්න අවශ්‍ය නැත.


කොහොම හරි විභීෂණ ගේ තේරුම් ගැනීමේ තරමට  මේ තුන් බියෙන් පලවෙනි දෙක සැකෙවින් ගත්තොත් මෙසේය.

බිය අංක එක :- 
තමුන්ගේම සභාපති තුමා , උන්නැහැ ගාව ඉන්න  "අත" සැට් එක සහ එයාලගේ "යහපාලනය"

බිය අංක දෙක :- 
රනිල් වික්‍රමසිංහ , එයාගේ යූඇන්පී එක ( "පී" වෙනුවට "ඇෆ් " එකද භාවිතා කල හැක) සහ එයාලගේ "යහපාලනය"

එතකොට මොකක්ද බිය අංක තුන .
ඇත්තම කිව්වොත් මේ පුද්ගලයා සහ එයාගේ කණ්ඩායම ට බය වෙන්න සිද්ද වෙයි කියලා මහින්ද සමග හතර ගාතේ දාල වැටිලා දැන් කොහොමහරි නැගිටගන්න දගලන සැට් එක හීනෙන් වත් හිතලා තිබුනේ නැත. 
එත් නොදැක්ක හීන වුනත් වෙලාව ආපුවාම හැබෑ වෙලාම දර්ශනය වෙන එක නවත්තන එක මොන දෙයියන්නාන්සේ ආවත් කරනවා බොරුය.

මේ තුන්වෙනි බිය වෙන මොකක්වත් නොව අපේ අනුර දිසානායක , එයාගේ සීනු ටීම් එකය. තේරෙන බාසාවෙන් කිව්වොතින් අපේ ජේවීපී කොල්ලෝ ටිකය.

මහින්දයි, මහින්දගේ නව පංච මහා බලවේගයයි මැදමුලන වලව්වේ ජනෙල් කොක්කේ එල්ලපු ප්‍රොජෙක්ට් එක ට එළියේ ඉඳන් සුපිරි සප් එකක් දුන්නේ ඔන්න ඔය කොල්ලෝ ජෙප්පෝ ටික බව අමතක කෙනෙක්ට මතක් කර ගන්නත් එක්ක විභීෂණ කියන්න කැමතිය.

විභීෂණ ට තේරුම් ගිහින් තියෙන විදියට මහින්ද සහ බයි පෙරමුණ ට කට උත්තර නැති වෙන විදියට "භය" සංග්‍රහ කරන්නේ මෙන්න මේ ජේවීපී සැට් එකය.

තේරුම් ගන්න අමාරුනම් ඒ සංසිද්ධිය මෙසේ තේරුම් කරදෙන්න විභීෂණ අතිශයින් කැමති ය.

බයෙන් බයෙන් වුනත් වහෙන් ඔරෝ වුනත් මෛත්‍රී ට විරුද්ධ ව කියන්න පුංචි පුංචි කේස් දෙක තුනක්වත් බයි පෙරමුණට ඇත.

"මගේ කාලේ වෙච්ච වැරදි මොනාහරි තියෙනවා නම් එකට මුළු කැබිනට් එකම වග කියන්න ඕන"
"අපේ පක්ෂේ පාවා දුන්නා"
"මේ මා එක්ක කලින් දවසේ ආප්පත් කාල , කරඬුවටත් ත ගහලා මිනිහා ගියේ"

ඔය කිව්වේ එයින් කීපයක් ය.මෙලෝ යකෙක්ට වැඩක් නැති වුනත් රැස්වීමට එන සෙනග චූන් කරන්න ඔය වගේ මොංගල් කතා හොඳටම ප්‍රමාණවත් ය.

රනිල්ට යි යූඇන්පී එකටත් විරුද්ධව නම් තව ටිකක් වැඩිපුර අර වගේ නොන්ස්න්ස් පට්ට පච කරුණු ඇත.

"මහා දවල් මහා බැංකුව මංකොල්ල කෑවා"
"දිනාදුන්නු නිදහස පාවා දුන්නා"
"රුපියල පහල ගිහින්"
"කොටස් වෙළඳ පොළ අරහේ ගිහින්"
"මේකද යහපාලනේ"

එත් ඉතින් ජෙප්පොන්ට ගහන්න ඒ වගේ කිසිම දෙයක් මහින්ද සහ බයි පෙරමුණ සතුව නැත. අඩුම ගානේ කිසිම කිසි දෙයක් වත් නැත. උන්ට විරුද්ධව දියත් කරන ප්‍රචාරක ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම හිස් අවකාශයකි.

ඒ වුනාට රෙජිමේ ජෙප්පන්ගෙ විවේචන වලට ප්‍රශ්න කිරීම් වලට ඕන තරම් වතාවක් අහුවෙලා රෙදි ගලෝගෙන ඇත.

අනුර දිසානායක ගේ පාර්ලිමේන්තු ස්පීච් ටික විතරක් ඇහුවොත් මේ කියනවාටත් වඩා හොඳට පැහැදිලි වෙනවා සිකුරුමය.


ජෙප්පෝ තුන්පාරකදී ඇරෙන්න පක්ෂේ පිහිටෝපු දා ඉඳන්ම ජෙනුයින් විදියට තමුන්ගේ වැඩේ කරගෙන ගිය එකය.

අර කිව වැරදිච්ච තුන් පාර විදියට විභීෂණ නම් දකින්නේ 
  1. රටේ බලය අල්ලගන්න කියලා දෙපාරක් ම කැරලි ගැහීම
  2. සැටලයිට් ගේ කාලෙදී සිරි ලංකා එක එක්ක විවිධාකාර විදියට යහන්ගත වීම සහ ඒ අනුභාවයෙන් මහින්ද කියන චරිතය එලි දැක්වීම
  3. නොසෑහෙන්න කනවා කියලා දැන දැනත් ජෙනරාල් උන්නැහේ එක්ක ප්‍රසිද්ධියේ සන්ධාන ගත වීම.
යන කාරනා තුනය.

කොහොම හරි ඉතින් දෙවෙනි කාරණාව එලියට අරගන්න මහින්ද ලාට බැරිය. තුන්වෙනි කාරනාව ත් ජාතික අපරාධයක් නොවන හින්දා ඉස්ටේජ් වල කිව්වා කියලා කාටවත් කිසිම දෙයක් නැත.
එතකොට ඉතුරු වෙන්නේ අර පලවෙනි කාරණා වය.ඒ වුනාට ඉතින් ඒ දේවල් වුනේ මීට අවුරුදු හතලිකට වගේ කලින් ය.

කෙලින් කතා කලොත් ඉතින් හැත්තෑ එකේ , අසූ අටේ කැරලි යනු පූර්ණ වශයෙන් කෞතුක ෆයිල් ය. එලියට ගත්තා කියා කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැත. එත් බයියෝ ටොප් එකට චූන් කල හැක.

එත් ඉතින් මොනා කරන්න ද ?
ගිලෙන්න යන මිනිහා පිදුරු ගහේ  හරි එල්ලෙන්න හදනවා වගේ කුජීත වෙන්න යන නව පංච මහා බලවේගය අර වේයෝ ගහපු පරණ පරණ පරණම ෆයිල් එහෙක හරි එල්ලිලා හදන්නේ වෙන මොකක්වත් කර ගන්න නොව කුජීත වෙලා වැටෙද්දී පස්චාත් භාග ද්විත්වය බිම වැදීමෙන් ඇතිවෙන වේදනාව පොඩ්ඩකින් හරි අඩු කර ගැනීමට ය.

ඒ නිසා තම තමුන්ගේ වලවූ වලින් ගෙනත් අපිට ෆන් ගන්න හදා දීපු බුකිය පුරාම අර පරණ කැරලි වල ෆොටෝ අරන් දිවා රෑ නොබලා මඩ පෝස්ටර් ගහන එක මේ දවස් වල බයියන්ගේ ජේවීපී විරෝධී අරගලයේ මුල්ම සහ එකම ක්‍රියාන්විතය වී ඇත.

කැරලි දෙක ඉවරය. එව්වාට සම්මාදම් වෙච්ච එවුන්ගේනුත්  එකෙක් ඇරෙන්න හැමෝම ඉවරය. 

එදායින් පස්සේ අද වෙනකන්  වංචාවක්, පගාවක්, මිනීමැරුමක්, රේප් කේස් එකක් ගැන කිසිම බ්ලෙම් එකක් අද මේ ඉන්න ජේවීපී ටීම් එකට නැත. කඩන් ගිය එවුන්ට ඒ වැඩ පුරුදු වුනෙත් එහෙම ගියාට පස්සෙය.
කෙටියෙන් කිව්වොත් අවුරුදු විසිපහක කාලයක් ඇතුලත අරන් බැලුවොත් ජේවීපී එක තාමත් ජෙනුයින් ය. එදාට වඩා අද දකුණට බර ගතිය ටිකක් වැඩි වගේ තේරුනාට එකේ ඉන්න මිනිස්සු තාමත් ජෙනුයින් දේශපාලනයේ බව ගැරන්ටි එකක් දෙන ගමන්ම කිව හැකිය.

අද මහින්දට විරුද්ධ ව කතා කරන හින්දා බයියන්ගේ කුණුහරුප වරුසාවාට ජෙප්පෝ ලක්වුනාට දෙදාස් පහේදී ජෙප්පෝ තරම් දේශප්‍රේමී පක්ෂයක් බයියන්ට තිබුනේ නැත. ඒ ජෙප්පෝ මහින්දට නිල වශයෙන්ම සප් එක දීපු නිසා ය. ඒ ජෙප්පොත් එකතු වෙලා "එක්සත් ජනාතා නිදහස් මලදානේ" හදාපු හින්දය, හදලා නික ඉන්නේ නැතුව අවුරුදු හයක් ඉන්න තිබ්බ ආණ්ඩුව පෙරලලා බුලත් කොලේ ආණ්ඩුවක් හදාපු හින්දය.
එහෙම කරපු හින්දා ඒ කාලෙදී ජෙප්පන්ට කුණුහරුප සංග්‍රහ කලේ පොල්ලෙන් පාර වැදිච්ච නයි වගේ හිටපු යූඇන්පී කාරයෝ ය.

අද සන්ධානේ එවුන් කුණුහරුපෙන් ජෙප්පන්ට බනින්නේ 
  1. උන්ගේ අසහාය ලීඩර් ව මැදමුලන වලව්වේ ජනෙල් කූරක එල්ලපු වැඩේට ජෙප්පෝ සපෝර්ට් කරපු හින්දා ය. 
  2. සුළුතර ආසන වලින් මෛත්‍රී සරණින් හදාපු රනිල් ආණ්ඩුව වට්ටන්න ගහපු ගේම් වලට ජෙප්පෝ හවුල් නොවී රනිලුත් හටපු ජාතික විධායක මෙව්වා එකට සම්මාදම් වෙච්ච නිසාය. 
  3. දහ නාමයට මුල හිටං සපෝට් කරපු හින්දය. 
  4. ඇද ඇද හටපු පාර්ලිමේන්තුව විසුරුවන්න කියලා බල කරපු හින්දය. 
කොටින්ම කිවොත් නිල් කොළ දෙගොල්ලොම ජෙප්පන්ට එක එක කාලවලදී ජෙපන්ට කුණු හබ්බෙන් බැන්නේ අපහාස කලේ , තමුන්ගේ පදේට නටන්න ජෙප්පෝ අකමැති වීම සහ ජෙප්පෝ තමුන්ගේ ගමන තමුන් තනියම කෙලින් යන නිසාය.

ජෙප්පන්ට මඩ ගහන , අවුරුදු තිහ හතලිහ පැනපු පරණ කේස් වල ෆොටෝ ෂෙයාර් කර කර මහා ලොකු බෝධිසත්වයෝ වගේ ඉන්න හදන නිල් කොළ දෙපැත්තේම ඉන්න පර බල්ලන් ට , වේසිගෙ පුතාලට කියන්න තියෙන්නේ දැන්වත් ඔය පක්කලි වැඩ නවත්තලා ඇහැ ඇරලා බලාපියවූ කියලා ය.

තොපි ඔය මඩ ගහන ජෙප්පන්ට පහුගිය අවුරුදු විසි පහක කාලයක් අරන් බැලුවොත්  කිසිම විදියක චෝදනාවකට අහුවෙලා නැත.
පුලුවන්නම් එහෙම එකෙක් ගැන විස්තරයක් එලි කරන්න කියලා චැලේන්ජ් කරන්න වුනත් අපිට පුළුවන් බව හොඳට මතක තොපි තබා ගත යුතුය.

තොපි ලව්වා ජෙප්පන්ට මඩ  ගස්සන තොපේ ලොක්කන්ගෙයි උන් ළඟ වැටිලා ඉන්න බත්ගොට්ටන්ගෙයි පහුගිය අවුරුදු විසිපහක හිස්ට්‍රිය අරන් බැලුවොත් තොපේ ඇස්  තොපිටම අදහා ගන්න බැරි වෙයි. 
ඒ ජාතියේ ලිස්ට් එකක් අතට ලැබුනොත් තොපිට වෙන්නේ එකේ තියෙන කේස්  මොනාද කියලා හොයන එක නෙවෙයි  එකේ ලියවිච්ච නැති කේස් මොනාද කියලා හොයන එකයි. තොපේ ලොක්කන්ට තියෙන්නේ එච්චරටම "සුපිරිසිදු" චරිත සහතිකයක්.

ඒ හින්දා පරණ මළකුණු විකුණගෙන ගොඩයන්න දඟලන්නේ නැතිව හරියට වැඩේ කරන ජෙප්පන්ට සපෝට් කරන්න කියලා ඉල්ලන්න විභීෂණ මේ වෙලාවේ මනාපය.

නසරානි ඒකාධිපති රෙජිමයක් පන්නලා රටේ දේශපාලනේ අනාගතය වෙනස වුනේ පහුගිය ජනවාරි අට  වෙනිදාය.
ඒ වෙනස බලාපොරොත්තු වෙච්ච විදියටම කරන්න ඕන නම් ජේවීපී සහයෝගය අනිවා අත්‍යාවශ්‍ය ය. බුලත් කොළ සන්ධානේ ට රට ගැන තේරුමක් නැත. තේරුම් ගන්න අවශ්‍ය ද නැත . උන් දන්නේ මහින්ද සමහ හැමිනෙන්න විතරය.
යුඇන්පී එකද මේ දවස් වල ඉන්නේ සිල් ගත්තු කොකාගේ චරිතේ රඟපාන එකය. කොකාට සිල් අරගෙනම ඉන්න නම් ඌ/ උන් ව කන්ට්‍රෝල් කරන්න පුළුවන් බලයක් උන්ට පිටින් තිබිය යුතුය.

මේ ලඟක් වෙනකම්ම පොරෝගෙන හිටපු කාඩ සමාජවාදී රතු ගෝනි ගසා බසා දාලා මේ රටේ මිනිස්සුන්ට තේරෙන බාසාවෙන් තමුන්ගේ දර්ශනේ ප්‍රසිද්ධ කරන්න ජේවීපී එක මේ දවස්වල බොහොම ලස්සන සාර්ථක උත්සාහයක් ගන්නනවා බොහොම පැහැදිලිව අපිට දකින්නට ඇත. සම හරක් ට මේක වමට සිග්නල් දාලා දකුණට හරවන් යාමක් වුවත් විභීෂණ නම් හිතන්නේ කොහෙට සිග්නල් දාලා කොහෙට ගියත් කමක් නෑ යන්න ඕන තැනට යනවානම් කියලාය. රටට වෙන්න ඕන දේ මොකක්ද කියලා හරියට අඳුරගෙන ඒ දේ කරන්නවා නම් ඉතින් උන් සුවාදීන කාණ්ඩයක් වුනත් කිසි අවුලක් නැත.

අනික , හැට  හත් අවුරුද්දක් තිස්සේ පාලනය කරපු හැම ලොක්කාම අපිට තෑගී විදියට දීලා ගිඉන් තියෙන්නේ මහා ණය මල්ලක් බවත්, උන්ට අපේ ප්‍රශ්න විසන්දන්න්න කිසි හැකියාවක් වත් උවමනාවක් වත් නැති බවත් හැමෝටම තේරුම් ගිහින් ඇත. ඒ හින්දා වෙනසකටත් එක්ක ජෙප්පොන්ටත් රට බාරදීල බලන්න අපි හිත හදා ගත යුතුය. හැට අවුරුද්දක් එකම පවුලේ සහෝදරයෝ දෙනෙක්ට රැවටුණු අපිට ජෙප්පනත් රැවටිලා බලන්න පුළුවන් විය යුතුය.

අනුර දිසානායක අගමැති වීම විභීෂණ ගේ ත් ජනාධිපති මෛත්‍රී ගේත් හිතේ තියෙන බලාපොරොත්තුවක් ය. මෛත්‍රී ඒ බව ඊයේ පෙරේදා පත්තරේකටද කොහෙද කියලා තියෙනවා විභීෂණ කියෙව්වා වගේ හොඳට මතකය.

එක එක මිනීමරුවෝ, කට වාචාලයෝ නැතිව විපක්ෂයේ බහුතරෙවත් ජෙප්පන්ට අරන් දෙන්න පුලුවන්නම් එක රටට බොහොම ප්‍රයෝජනවත් ය.
අනුර දිසානායක විපක්ෂ නායක වෙලා තියෙන පාර්ලිමේන්තුවක මග ඇරිලි වලට විකාර කතා වලට , බොරු උත්තර වලට , කුණුහරුප වලට තැනක් නොලැබෙන බව ඒකාන්තයෙන්ම ෂුවර් ඇන්ඩ් ෂොට් ගන් ය.

ඒ හින්දා රටේ අවශ්‍යතාව අඳුරගෙන තමුන්ගේ හෘදසාක්ෂියට හරියට ඇහුම්කන් දීලා රටේ හෘදසාක්ෂිය වෙනුවන් ගහන කතිරේ කවදාවත් අපතේ යන එකක් නැහැ , යවන එකක් නැහැ කියන ගැරන්ටිය මේ වෙලාවේ විභීෂණ ට දෙන්න පුළුවන.

එහෙනම් කාලෙකට පස්සේ හම්බුනේ,

අදට ඇති වගේ,
ගොහින් එන්නම්, 

ආයු බෝ...

29 comments:

  1. Mokada bn ada nikan private bs 1k gya wage danuna kiyewuata pase! Awulakda mkak hari?

    ReplyDelete
    Replies
    1. apo naha ban ...kisi awulak naha...me yasa ageta inne...

      Delete
  2. ජෙප්පන්ගේ ප්‍රතිපත්ති (සමාජවාදී)අදට ගලපන්න පුළුවන්ද???

    ReplyDelete
    Replies
    1. එක වචනයක් අල්ලන් කියවන්නෙ නැතිව,ප්‍රතිපත්ති ප්‍රකාශය කියවලා හිටියොත් නරකද?

      Delete
    2. @ වත්සලා
      සාම්ප්‍රදායික "සමාජවාදී" ප්‍රතිපත්ති දියුණු රටකට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒවා මත්තේ නැහුණු රටවල් වැටුනා වෙන්න පුළුවන්. ජේවීපී එක සාම්ප්‍රදායික "සමාජවාදී" ප්‍රතිපත්ති වලින් එලියට බැහැල වැඩකරනවා කියන එක කාලෙත් එක්ක එයාලගේ වැඩ දිහා බලපුවාම පෙන්න තියෙනවා.

      @ මලියා
      ඇත්ත. මාත් ඉල්ලන්නේ එකම තමයි. මැනිෆෙස්ටෝ එක කියෙව්වොත් ගොඩක් ප්‍රශ්න වලට් උත්තර ලැබෙයි.

      Delete
  3. පටන්ගැන්මට සාපේක්ෂව බයියො පස්සට ගිහිල්ල.

    1.ලොකු බයියගෙ නාගැනීම්.
    2.මෛත්‍රීගෙ කතාව
    3.ඡන්දෙට දාපු සාම්ප්‍රදායික සෙට් එක
    4.මෛත්‍රී පාර්ශවය එක්ක තියන සීතල යුද්ධය
    5.චම්පික රතන වගේ අය එජාපයට කැඩීම සහ නයා සෙට් එක පොඩි හෝ කොටසක් කඩාගැනීම

    ReplyDelete
    Replies
    1. තව ගොඩාක් පස්සට යනවා මචන්..අපි බලං ඉම්මු..

      Delete
  4. විභියෝ... සංතෝසයි මචෝ, උඹ වගේම මේ රටේ ඉන්න හිතන්න මොලයක් තියෙන මිනිස්සු අද එක තැනකට ඇවිත් තියෙනවා. සම්මුතියකට ඇවිත් තියෙනවා. ඒකට ස්වයං විවරණය වගේම පක්ෂ නායකත්වයේ නවමු සහ ආකර්ශනීය ප්‍රචාරක යාන්ත්‍රණයත් හේතුවෙලා තියෙනවා.. දැන් අවුලක් නෑ මචෝ.. ගමන සුබයි, ජය නියතයි.

    ReplyDelete
    Replies
    1. අනුර දිසානායක පක්ෂෙට කරපු, කරන ලොකුම සේවේ තමයි පක්ෂේ දර්ශනය මිනිස්සුන්ට තේරෙන විදියට මිනිස්සු තේරුම්ගන්න බලාපොරොත්තු වෙන විදියට මිනිස්සුන්ට දෙන එක. සමහර "බොරු" "සාම්ප්‍රදායික "මාක්ස් වාදීන් ට මේ වැඩේ අල්ලන්නේ නැති වෙන්න පුළුවන්. කරන්න දෙයක් නැහැ.

      ගමන සුබයි, ජය නියතයි.

      ඔහොම යන්...

      Delete
  5. //එක එක මිනීමරුවෝ, කට වාචාලයෝ නැතිව විපක්ෂයේ බහුතරෙවත් ජෙප්පන්ට අරන් දෙන්න පුලුවන්නම් එක රටට බොහොම ප්‍රයෝජනවත් ය. //

    ආන්න බොස් …… ටෝක්ෂ් එක !!

    ReplyDelete
    Replies
    1. තැනක් යූ වේවා...

      --------
      පත්තර යෝ ..අම්මෝ උඹව දැක්ක කල්...

      Delete
  6. මගේ මනාපයත් සීනුවට ඕං!

    ReplyDelete
    Replies
    1. සන්තෝසයි සන්තෝසයි...

      Delete
  7. තුන්වැනි පාර්ශවය බලවත් කිරීමයි වැදගත්................

    ReplyDelete
    Replies
    1. එක ඇත්ත. එත් ජවිපෙ තුන්වෙනි ආර්ශ්වය කරලා හරියන්නේ නැහැ. එතකොට පලවෙනි දෙවෙනි දෙගොල්ලොම එක මහගෙදර කාමර දෙහෙක පදිංචි වෙලා රට කනවා . එදාට රනිල් , මෛත්‍රී මහින්ද චන්ද්‍රිකා තුන් හටහ්ර ගොල්ල එකතු වෙලා අපිටම ගේම දෙන්න පුළුවන්.

      කොහොම වුනත් මහින්ද ව ආපහු ගමටම අරින්න ඕනා. පාර්ලිමේන්තු ආවොත් එයාගෙයි , ගෝලයෝ රෝත්තගෙයි තටු කපලා තරවටු කරලා තියන්න ඕන පිස්සු කෙලින්න බැරි වෙන්න .
      ඒ දේ කරන්න නම් ජවිපෙ පලවෙනි හෝ දෙවැනි පාර්ශවය කරන්න ඕනා.

      Delete
  8. විපක්ෂයේ බහුතරය ජවිපෙට ලැබේනම් එය රටේ අනාගතය සැබෑ වෙනසකට ලක්කරන කාල පරිඡේදයක ආරම්භය වනු ඇති.

    ReplyDelete
    Replies
    1. ආණ්ඩුව වගේම විපක්ෂේත් හරි හමන් මිනිස්සු එක්ක හදාගන්න පුලුවන්නම් ආන්න ඇත්තම ආශ්චර්යය

      Delete
  9. සෑහෙන පසුබෑමකට බයි සන්ධානෙ ලක්වෙනවා සිකුරුයි. තුන්වන බලවේගය වෙනවානං හොඳයි අර ඉන්දියාවෙද කොහෙද වුණා වගේ. මොකද, දුර්දාන්ත පාලකයින් ඊ ළඟ වතාවේ තුන ඉතුරුවෙන තත්ත්වෙට ඇදල දාන්න ජනතාව දැනගන්න ඕනි. දැන් මිනිස්සු බුද්ධිමත් ද මන්දා ඒත් දැනුවත් කියලානම් අනිවා කියන්න පුළුවන්. ඔය එකම පක්ෂයක් බදාගෙන ඒකෙ ඉන්න මොකා හරි කමක් නෑ අපි ඌට කියන ලේත් කොළ/නිල් කියන අමු ගොං තකතීරු සංකල්පයයි, එක මිනිහෙක් විතරයි මේ රට කරන්න ඉන්නෙ, ඌ නැත්තං (වැරදිලාවත් සෙත්ත පෝච්චි උනොත් මුං ගිනි තියාගෙන මැරෙයි) මේක ඉන්දියන් සාගරයේ ගිලි නොපනී යාවි කියලා හිතන අමන මරි මෝඩ සංකල්පයයි දරාගෙන ඉන්න කාළකන්නි තව බොහොම ටික දෙනයි ඉන්නෙ බං. උන් ටික තමා ඔය රඟන්නෙ.

    මම පාරක්/දෙකක් ජේ.වී.පී. එකට ඡන්දෙ දාලා තිවුණත් මහ මැතිවරණයකදි දීලා නෑ. මේ පාර දෙනවා...

    උඹ ලෙසටම ලියලා තියෙනවා. මං මේක ෂෙයා කලා.

    ReplyDelete
  10. Patta wibiyo patta. Menna real talk sudda sinhalenma..

    ReplyDelete
  11. විභීෂණ,

    මහින්ද jvp විරෝධියෙක් කියල ඔබට හිතුනත්, ඒක රටට කියන්න ඉස්සරවෙලා අදාළ කාරණය ගැන home work ට්කක් කරලා හිටයා නමනේද හොඳ . 1967 - 70 කාලය තුල (jvp පළමු කැරැල්ලට පෙර ) මහින්ද රාජපක්ෂ මහතා හිටියෙ විද්‍යොදය විශ්ව විද්‍යාලයේ පුස්තකාලයේ සේවය කරද්දී අනධ්‍යන කාර්ය මණ්ඩලය තුල jvp එක ක්‍රියාත්මක කලේ මහින්ද රාජපක්ෂ මහතා වන අතර,සිසුන් අතර jvp එක ක්රියාත්මක කලේ එකල මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිව සිටි මහින්ද විජේසේකර මහතා විසින්ය. මාමේ තොරතුරු මැනවින් දන්නේ මා ඒ කාලය තුල දී විද්‍යොදය විශ්ව විද්‍යාලයේ අභියන්තර ශිෂ්‍යයෙකු ලෙස සිටි නිසාය.

    සමරසේකර

    ReplyDelete
    Replies
    1. මහින්ද jvp විරෝධියෙක් නෙවයි.
      ඔහු විරුද්ධ ඔහුගේ වැරදි පෙන්නන අයට .

      2005 දී ජෙප්පෝ මහින්ද ට සපෝර්ට් කරන කොට මහින්ද උන්ට විරුද්ධ වුනේ නැහැනේ. එත් ටිකින් ටික ටිකින් ටික මහින්ද ආණ්ඩුවේ වෙච්ච වැරදි ජෙප්පෝ පෙන්නන කොට, විවේචනය කරනකොට් මහින්ද ජෙප්පෝ එක්ක විරසක වුනා.

      ජෙප්පන්ට වගේම ඒ න්‍යාය හෙළ උරුමෙට, රනිල්ට, ශ්‍රීපති ට, අනුර බණ්ඩාරනායක ට, ජේරාජ් ට ත් මෛත්‍රිපාලටත් සමානව අදාලයි. මහින්ද කැමති තමුන්ගේ ගුණ වයන වන්දි භට්ටයින්ට මිසක් තමුන්ගේ වැරදි පෙන්නන එවුන්ට නොවේ.

      ----------
      ජෙප්පෝ ගැන වත් වෙන කිසිම දේශපාලන ව්‍යාපාරයක් ගැනවත් උන්ගේ ජාතකේ ගැනවත් පොත් කියෝලා මහන්සි වෙලා අධ්‍යනය කරන්න හෝම් වර්ක් කරන්න මට කිසිම අවශ්‍යතාවයක් නැත. ඒ මම ඊයෙත් අදත් හෙටත් දේශපාලකයෙක් නොවන නිසාය.

      පවතින දේශපාලන කාලගුණය දකින්න, විඳින්න විචාරය කරන්න ඔය කියන විදියට පක්ෂ වල උප්පත්තිය ගැන ඉතිහාසය ගැන , ජාතකේ ගැන අරක ගැන මේක ගැන මහා බරපතලේට හොයාගෙන කරගෙන ඉගෙන ගෙන ඒමේ "කිසිදු අනිවාර්ය අවශ්‍යතාවයක් " මම දකින්නේ නැත. තමන් ගේ අධ්‍යාපන මට්ටම අනුව තමන්ට දැනෙන තේරෙන පවතින දේශපාලන වටපිටාව හරියට තේරුම් ගැනීම මා දකින විදියට නිවැරදිම ක්‍රමයයි.

      මහින්ද කවදා හරි jvp එක ලීඩ් කළා කියලා මහින්ද jvp වෙන්නෙවත් , ජෙප්පෝ මහින්දවාදීන් වෙන්නෙවත් , එහෙම වීමේ කිසිම යුතුකමක් වගකීමක්වත් නැත.

      තමුන්ගේ මතය වෙනුවෙන් පෙනී හිටින්නත් , වැරදියි කියලා තමුන්ට අවන්කවම තේරුම් ගියදාට එක බය නැතිව වෙනස් කරන්නත් හැමෝටම එක සමාන අයිතියක් ඇත.

      -------
      ඔබේ අත්දැකීම් අපි එක්ක බෙදා ගැනීම ගැන ආපහු පාරක් ස්තුති වන්ත වෙමි.

      Delete
  12. විභීෂණ,
    කොහොම උනත් මා jvp එකට විරුද්ධයි. මා විජේවීර දැකලා තියෙනවා.දේශන අහලා තියෙනවා.පන්ති 5 අම ගිහිල්ලා තියෙනවා. ඒත් jvp ඒක තුල තිබු කුල වාදයට මා විරුද්ධ උනා. දුප්පත් කම තියන්නේ අඩු කුලේ අයට පමණක් නොවන බව මා කිව්වා. මගේ අදහස නොපිළිගත් එහෙත් තමන් jvp එක ගැන දැරූ අදහස නිවැරදි යයි මුළු හදින්ම පිළිගෙන ඒ අනුව සටන් බිමට ගොස් ජීවිතය පිදු මගේ සමහර යාළුවන් මට තවමත් මතක් වෙනවා. එවැන්නන් නොමග නොගියානම් අදටත් මා වගේම විශ්‍රාමිකව ජිවතුන් අතර ඉන්නවා නේද?

    83 න් පසු ඔබ වැන්නන් පල කරන මත වලින් වඩාත් නොමග යන්නේ ඔබට වඩා බාල පරපුරයි.

    සමරසේකර

    ReplyDelete
    Replies
    1. සමරේ,

      ඔබේ jvp විරෝධය ට මම ගරු කරනවා. ඒ වගේම පන්නති 5 ටත් ගිහින් , විජේවීර වත් දෑහින් දැකපු කෙනෙක් එක්ක jvp එක ගැන වෙබ් මාධ්‍යයෙන් හරි කතා බහ කරන්න හැකිවීම ගැන මම බොහොම සතුටු වෙනවා.

      අපිට ඔබ වගේ jvp ඉතිහාසයක් නැත.

      ----------
      සමාජවාදය මුල්කරගෙන හැදුනු jvp එක කුල වාදයක් තිබුනානම් , සමරේ ඔබ වගේම මමත් එකට එක හෙලා විරුද්ධයි. ඒ දේ අද jvp එක ඇතුලේ තියෙනවා ද දන්නේ නැහැ. එහෙම තියෙනවානම් ඒ දේටත් විරුද්ධයි.

      -------
      ඊයේ පෙරේදා අනුර දිසානායක කිව්වා නේ , එදා කරපු අරගලය ගැන එයාල අද කම්පා වෙනවා කියලා, ඒ කියන්නේ එදා සිද්දවුනේ වැරද්දක් කියලා එයාල පිලිගන්නවා කියන ඒකනේ.

      එහෙනම් එදා තිබු ඔබේ විරෝධය නිවැරදියි කියලා මම පිලිගන්නවා.

      ඇත්තටම එදා ඔබේ සහෝදරවරු ඇත්ත තේරුම් ගත්තා නම් අදත් ජීවතුන් අතර .

      ---------------
      මම ඉපදිලා තියෙන්නෙත් 83 ට පස්සේ.
      මම කතා කරන්නේ වර්තමානයේ අපිට පෙන්න දැනෙන්න තියෙන දේවල් සලකලා බලලා.

      ඉතිහාසේ මොකක් සිද්ධ වුනත් ජෙප්පෝ මොන වැරද්ද කලත් , අද jvp එක ඉන්න මතය එක්ක මමත් ඉන්නවා. රටේ අවශ්‍යතාවය වෙනුවෙන් අපි බලාපොරොත්තු වෙන දේවල් ප්‍රතිපත්ති විදියට සලකන පක්ෂ සුළුතරයෙන් එකක් තමයි jvp එක.

      ---------------------------------
      මම කියන දේවල් වලින් බාල පරපුර නොමග යනවා නම් ඔබත් ඔබ දන්නා කරුණු ඉදිරිපත් කරලා නොමග යන බාල පරපුර හරි මගට ගන්න. එක ඔබේ යුතුකම.


      Delete
  13. මට ඔබේ blog ඒක මුණ ගැසුනේ අද දින විදුදය කඳුරට මිතුරන්ගේ වාර්ෂික රැස්වීමට යාමට පොරාතුරුවයි. අද අපි 1967/70 දක්වා කාලය තුල විදුදය සරසවියේ ඉගෙනුම ලැබූ මිතුරන් රැසක් හමුවන සුහද සාදයක් පවත් වන අතුරේදී එකල අප සමග සුහදව සිටි එහෙත් jvp වැරදි මතය වෙනුවෙන් සටන් බිමට ගොස් තම ජීවිතය පිදු මිතුරන් සිහි කිරීමත් පුදුම දෙයක් .
    jvp ඒක වෙනුවෙන් තම පුර්ණ කාලය කැප කල දැනටමත් ජිවතුන් අතර ඉන්නා පැරණි සගයන්ට එපාවූ jvp එක හොඳ වන්නේ ඔබ වැනි සමනල සිහින දකින්නන්ට පමණි.

    සමරසේකර

    ReplyDelete
    Replies
    1. මගේ බ්ලොග් එකට පැමිණීමත්, ලියාපු දේවල් කියවීමත් , කියෝපු දේවල් විචාරය කරන එකත් බොහොම අගයකොට සලකනවා.

      ---------
      රටේ වංචාව , දූෂණය, මර්ධනය වගේ දේවල් වලට විරුද්ධ වීමත් ඒවා වලින් තොර රටක් සමාජයක් බලාපොරෝත්තුවීමත් ඔබට සමනල හීනයක් වගේ දැනෙන්න පුළුවන්. සමහරවිට ඔබට ඒ හීනේ හැබෑ කරගන්න සම්මාදම් වෙන්න බැරිවුණා හින්දා වෙන්න ඇති.

      කිසි අවුලක් නැහැ. අපි ඒ හීනේ දකිනවා. හීනේ හැබෑකරගන්න පුළු පුළුවන් විදියට කැප වෙනවා.

      Delete
  14. මගේ පරම පැතුම බයියන් කුඩුවී යාමය...

    ReplyDelete
    Replies
    1. මගෙත් පරම පැතුම !!!!

      Delete
    2. බයවෙන්න එපා රනිල් පැරදුනත් පුක් ගැන්සිය අතරමං කරන එකක් නෑ.


      ලප කුමාරය දුවන්නෙත් මහ බැංකු සල්ලි වලින්නෙ... චන්දෙට වියදම් කලාත පස්සෙ ඉතුරුවෙයි.


      ලක්ෂ 25 කැලිනෙ හම්බවෙන්නෙ. විජේදාස කට උත්තර නැතිවෙන්නම කිවුවෙ.

      Delete
    3. මෙන්න නුදුරේම අවසන් ගමන් යන්න ඉන්න බයි වහන්සේ කෙනෙක්...

      Delete

කමෙන්ට් කලාපය....