2015-07-01

ඉන්ටවල් ඉවරයි | Restarting the Blog...

වෙල්කම් බැක් කිව්වලු...(කවුද කියලා එහෙම අහන්ඩ එපා ...ok?)

සති තුනක් තිස්සේ එග්සෑම් එහෙකට නැහිලා නැහිලා , පහුගිය හෙනහුරාදා ඒකත් ලියලා ඉවර කරලා ඔන්න ආපහු විභීෂණ බැක් ටු ද බ්ලොග් .


සෙනසුරාදා වැඩ එකලාසයක් කරගෙන එදාම රෑ බෝගලේගම වඩින්න හිතාන හිටියාට ඒ වැඩේ සෙත්තටපොච්චි වෙලා ගියේ සිරි ලංකා ටෙලිකොමියේ අයියලා අක්කලා මල්ලිලා "නංගි" ලා එක්ක මාමලා සහ නැන්දලා එකතුවෙලා මගේ අන්තර්ජන්ජාල සම්බන්ධතාවය මන්දගාමී කරලා තිබ්බ්බ හින්දා ය. හොයා බලපුවාම ඩේටා පැකේජ් ඉවර වෙලාය.

ඒ හින්දා ඊළඟ මාසේ පළවෙනිදා වෙනකන් ඉන්ටනෙට් හාමතේ වේලී වේලී බටකලියාගෙන ඉන්නට විභීෂණ ට සිද්ධ විය.

දැන් සියලු දෝෂ නිවාරනං ය. ආපහු ඩේටා ඇක්ටිව් ය.
ඒ හින්දා විභීෂණ ද ආපසු බ්ලොග්කර්මාන්තයේය.

මේක  බොරුපොස්ට් එකක් නිසා වැඩිදුර ලියන්නේ නැත. හැබෑම පොස්ටුවකින් වලියකට සෙට් වෙමු.

එහෙනම් ආයුබෝවන්..වනක්කම්...!!!


9 comments:

  1. අපායේ ඉන්ටවල් එක ඉවරයි තමයි. අන්න මරා ආපහු එනවාලු!

    ReplyDelete
    Replies
    1. හරියටම ඉන්ටවල් ඉවරවෙන්න මෛත්‍රී ත් එකතුවෙන්න ඕන...

      Delete
  2. අනේ බං මහබඹා විතරනෙ. කෝ පෙරහැර?

    ReplyDelete
  3. එහෙනම් විභීසණයෝ ආයෙම අපාගත වෙමු

    ReplyDelete
  4. උබත් මහින්ද මාමා එක්කම ඉන්ටවල් ඉවර කලාද? හොදා හොදා..

    ReplyDelete
  5. වෙල් කම් බෑක් කියන්නම් මමත්

    ReplyDelete

කමෙන්ට් කලාපය....