2015-06-07

සොඳුරු මතකයන් මා හදේ අවදිවී...

සොඳුරු මතකයන් මා හදේ  අවදිවී...
සිහින ලෝකයේ...
ම හද පාළුවේ...

නින්ද නැති මේ පාලු රාත්‍රියේ ..
මගේ ප්‍රේමියේ...
ම හද පාළුවේ...

සුරඟනක් සේ මා ඔබ දුටුවේ...
සුමුදු වදනින් මාහට දෙඩුවේ...
ආදරේ සුවඳින් මහද පිරී...

ඈත අහසේ තරුවැල් අතරේ..
අපගේ ආදරේ සුසුමන් සැරුවේ...
ඇයිද අද මා තනි වීලා මෙලෙසේ...

සිතුවිලි මා හද රිදවන්නේ...
සැම තැන ඔබේ රුවමයි දැන් ඒ....

සොඳුරු මතකයන් මා හදේ  අවදිවී...
සිහින ලෝකයේ..
ම හද පාළුවේ...
නින්ද නැති මේ පාලු රාත්‍රියේ ..
මගේ ප්‍රේමියේ...
ම හද පාළුවේ...

කඳුකරයේ සීත වසන්තේ..
කිවූ පෙම් බස් ඔබගේ තුරුල්ලේ..
මතකයන් පමණි සිහින ලොවේ..

මිරිඟුවක් සේ දෑස් ඉදිරියේ..
ඇයිද මෙලෙසේ මහද තනි කලේ...
අන්ධකාරේ මා තනිකර මෙලෙසේ...

සිතුවිලි මා හද රිදවන්නේ...
සැම තැන ඔබේ රුවමයි දැන් ඒ....

සොඳුරු මතකයන් මා හදේ  අවදිවී...
සිහින ලෝකයේ..
ම හද පාළුවේ...
නින්ද නැති මේ පාලු රාත්‍රියේ ..
මගේ ප්‍රේමියේ...
ම හද පාළුවේ...

සසර පුරා ඔබ සොයමින් සැරිසරා..
මන්ද මේ ලෙසේ මහද තනි කලේ..
සොඳුරු මතකයන් මා හදේ  අවදිවී...


------------>.>
Song Sonduru Mathakayan by Bonnie Fabion ft Aruna Lian.
This song written by Bonnie/ Aruna

17 comments:

  1. එම්බා විභීෂණය, තා මෙසේ ගීත පමණක් පළකරමින් මුළු ගැන්නී සිටීම අපගේ උදහසට ලක්වන්නේය.

    ReplyDelete
    Replies
    1. ආ එහෙමනම් අවුලක් නෑ...

      Delete
  2. Replies
    1. ඇදලා ගත්තා දමලා ගැහුවා වගේ දයක් මාතො...

      වීඩියෝ ව දැක්කා...පූර්ණ වශයෙන්ම අමාශගතවුනා...( සුපිරියටම බොක්කටම වැදුනා)..
      ඔන්න ඔහේ පොස්ට් කළා..

      මෙලෝ රහක් නෑ බන්...

      Delete
  3. අඩෝ විභියෝ ගීත පලකරන්න ගී පැදුර තියනවා ....(වුවමනා නම් මේ මාත් ඉන්නවා )තෝ මොකද මේ කරන්නේ ...ලියපිය වෙනදා වාගේ කියවන්න දෙයක් ......

    ReplyDelete
    Replies
    1. මලලසේකර new edition කිව්වලු...

      සින්දු වා ට එකසිය ගානට ඩොන් ගිහින් නේ...

      ------------

      Delete
  4. //පිස්සු හැදුනද? කේන්ති ගියාද ? දුම් පිටවුනාද ? හිනා ගියාද ?//
    නෑ නෙ !

    අප්පට සිරි. දැනුයි මතක්වුනේ මේදවස්වල කියවපු කමෙන්ට් ගැන.

    මැදමුලනෙන් සයිලන්ස් ෆී (ගෑග් ෆී ? ) එකක්වත් ගෙව්වද?

    ReplyDelete
    Replies
    1. පොස්ට් එකක් ලියන්න තිබ්බ සම්පූර්ණ ශක්තිය අර කමෙන්ට් ලියන්න වියදම් වුනානේ...

      ------------
      මොකුත් නෑ බන්...සුපිරි සින්දුවක්...එකයි පොස්ට් කලේ...

      Delete
    2. මැදමුලනෙන් අරහෙම ෆී එකක් ගෙවනවාද බන්.,...? මේ කියනකන් ද්දන්නේ නැහැ...

      Delete
  5. මැදමුලනෙන් සයිලන්ස් ෆී (ගෑග් ෆී ? ) එකක්වත් ගෙව්වද? x 2 :p

    ReplyDelete
    Replies
    1. හොයලා බලන්න ඕන...මම දන්නෙම නැතුව ෆී එකක් ගෙවලාද දන්නේ නෑ...එයාලා බොහොම දනට පිනට ලැදි පවුලක් නේ...

      Delete
  6. //මැදමුලනෙන් සයිලන්ස් ෆී (ගෑග් ෆී ? ) එකක්වත් ගෙව්වද?//

    wink..wink

    ReplyDelete
    Replies
    1. මොකෝ...සද්ද දාන්නේ...

      Delete
  7. ලියාන් කාලෙකින්

    ReplyDelete
  8. මොකද බං මේ? මම එකපාර හිතුවේ උඹ ලිවුව එකක්ය කියලා..

    ReplyDelete
  9. (BLACK SABBATH /ACDC)*100=Bonie Kopiyan

    ReplyDelete

කමෙන්ට් කලාපය....