2015-06-03

ජාතික ගඩොල් සංහිඳියාව


මීට ටික දොහකට කලින් විභීෂණ මේ රටේ තියෙන සිමෙන්ති වන්දනාව ගැන ලිපියක් ලිව්වේය. ඊට පහු කාලෙක මළකුණු වන්දනාව ගැනත් ලිව්වේය.එව්වා කියෝපු සමහරක් , මම ආගම් වලට අපහාස කරනවා කියලා කියාගෙන මා එක්ක ඩිජිටල් වලි වලට ද සැට් විය. ආගම් වල වැරදි ඕනෑතරම් ඇත. අවශ්‍යමනම් කිලෝ ගානට වුනත් කිරා බෙදා හරිය හැකිය. ඒ වැරදි ගැන අපි කරන විවේචන තමතමුන්ගේ ආගම් වලට වෙන අපහාසයක් විදියට පෙන්වා නම් උන් ආගම ඉගෙන ගෙන තියෙන විදිය ගැන අපිට හොඳ හැටි හිතා ගන්න පුළුවන.



එව්වා එහෙම්මම තියෙද්දී අද මේ ලියාගෙන යන්නේ අලුතෙන්ම ඉස්ටේජ් ගත වී ඇති "ගඩොල් වන්දනාව " ගැනය.  මේ ගඩොල් වන්දනාවට හැම ආගමක අය කිසි සකබෝලයක් නැතිව ඇවිත් තම තමුන්ගේ ආගමික නායකයෝ ඉස්සරහාම ගඩොලක් ඉඹ ඉඹ අතින් අතට යවන අතර ඒවා වල විස්තර අර අපිට පාර කියන ලඟම නෑයා හැමදාම හැන්දෑ කොරේ ඇවිත් අපිට එපාවෙන්කම්ම කියලා දීලා යනවාත් ඒකකය.

රන්භූමි චාරිකා ව . 

ඒ මේදවස්වල සිරස රටටම දෙන අලුත්ම ආතල් එකය.
විභීෂණ මේ වටින් ගොඩෙන් ආවේ මේ ගැන කතාකරන්න ය.

ඇත්තම කිව්වොත් මේ වෙලාවේ විභීෂණ ගේ අරමුණ මේ වැඩේ ඇතුලේ සිද්ද වෙන දේවල් ගැන විවේචන කරනවා ටත් වඩා මේ පොස්ට් එක කියෝලා කමෙන්ට් එකක් දාන එකෙක්ගෙන් හරි ඇත්තටම රන්භූමි සීන් එක ඇතුලේ වෙන්නේ මොකක්ද කියලා දැනගන්න එක ය . එච්චරටම මේ වැඩේ විභීෂණ ට නම් අපැහැදිලි ය. ඒ හින්දා මේක කියෝන හැමෝගෙන්ම ඒ විස්තර  දන්නා එකෙක් හරි ඉන්නවානම් කෙමෙන්ට් කරද්දී ඒ විස්තර ටිකකුත් දාන්න කියලා මෙලෙස විභීෂණ මුලින්ම ඉල්ලා සිටින්නේ ය.

සිරස ඉතින් මිනිස්සුන්ට ගොන් ආතල් දෙන්න උපතේ සිටම ක්‍රියාත්මක වන දැවැන්ත මාධ්‍ය ජංජාලයක් බව දන්නෝ මෙන්ම නොදන්නෝ ද දන්නා බව අපි මෙතන අමුතුවෙන් කිව යුතු නැත.

ඉන්දියාවේ හඩු නිලියෝ ලංකාවේ ජාතික වීරයෝ කරන්න, එස්.එම.එස් වලින් ජනාධිපතිවරු පත්කරන්න, පක්ෂවලින් නායකයෝ අයින් කරන්න වගේ ඓතිහාසික ජාතික වැදගත්කමකින් යුතු ආතල් කෝටි ගණන් බේරෙන තොවිල් නටන්න සිරස කවදත් දක්ෂ වුනත් ඒ නටපු එක තොවිලෙක වත් ටාගට් මීට් කරගන්න බැරිවෙච්ච එක උන්ගේ කොහොම වෙතත් රටේ නම් වාසනාව බව මේ මොතොතේ මතක් නොකලොත් විභීෂණ අමතකවීමේ රෝගයක් ඇති බව කියෝන එවුන් සිතන්නට ඉඩ ඇත.

ඒ කාලේ දීපු ගොන් ආතල් ගැන මීට මාස ගානකට පෙර ලියාතිබුනු නිසා ආපහු ඒ හිත පෑරෙන කතා මෙතන කියන්න විභීෂණ ලැස්ති නැත.

අද කතාකරන්නේ රන්භූමි කියා කියා ලංකාව වටේම රස්තියාදු ගහලා රෑට තියෙන පැය බාගේ නිවුස් වලින් විනාඩි විසිතාමාරක ට ආසන්න කාලයක් නිස්කාරනේ ( උන්ට නෙව් අපිට ) කාබාසිනියා කරලා දාන වාත කෙස් එක ගැනය. අනිත් විනාඩි දෙකහමාර වෙළඳ දැන්වීම් වලට වෙන්කර ඇත.

මේ රන්භූමි රැලිය ගැන විභීෂණ ට නම් තාමත්හරි හමන් පැහැදීමක් නැත්තේ එකේ අරමුණ ගැන හරි හමන් විස්තරයක් කිසිම තැනක දකින්න පේන්න නොතිබීම නිසයි. වෙන වෙබ් අඩවි වල තියා උන්ගේ මල කෝලම් චැනල් හත අටේ වෙබ් සයිට් වලවත් ඒ ගැන විස්තර පෙන්න නැත. එත් ඒ හැම එකේම වගේ සයිට් එක පිරෙන්න රන්භූමි රැලිය රස්තියාදු ගහපු තැන් වල වීඩියෝ අප්ලෝඩ් කර ඇත.


මෙයාලා කියන විදියට ගමින් ගම නගරයෙන් නගරය සංචාරය කරන රන්භූමි රැලියේ ප්‍රධානම අරමුණ ජාතික සමගිය සහජීවනය ඇතිකිරීම ය.  වෙනවානම් ඉතින් බොහොම හොඳය. අපිට ෂුවර් නැත්තෙත් එකමය.

ආරංචියේ හැටියට එක එක ගමේ නමගහපු ගඩොල් කැට එකතු කරලා මොකක්දෝ කුළුණක් ගස්සවන්න ලු ලැස්ති ය. ඒ කියන්නේ රටේ තැන් තැන් වලින් ගඩොල් කැට එකතු කරලා කුළුණු ගහපුවාම රටේ ජාතික සමගිය ඇතිවෙනවා ය.


ඒක එහෙනම් , විහිලුවකට හරි ඒ තියරිය ඇත්ත වෙනවානම නෙලුම් කුලුන ගහලා ඉවරවෙනකොට රටම ජාතික සමගියෙන් ඇලලී , වෙලී සමහර විට නිවන් දැකලත් තියෙන්න ඉඩකඩ බොහොම වැඩිය.ඒ තියරිය ඉන්දියාවට ඇප්ලයි කරන්න ගියොත් අපි ලොකු අමාරුවක වැටෙන්නේය. ඉන්දියාවේ ගහලා තියෙන අශෝක කුළුණු  ගානේ හැටියට පාකිස්තානේ, බංගලි දේසේ, නෙපාලේ වගේ රටවල් තියෙන්නේ වෙන කොහොදෝ ලෝකෙක සිතියමක වෙන්න ඕනා ය.

















ඔය කියන විදියට හැම ගමකින් ම ගඩොල ගානේ එකතු කරන ගිහින් ජාතික සමගිය ඇතිකරන්න පුලුවන්නම් අවුරුදු තිහක් තිස්සේ යුද්ධ කලේ මොකටද කියන එක ප්‍රශ්නයක් විදියට දැනෙන්නේ විභීෂණ ට විතරක් වෙන්න බැරිය.රටේ සංහිඳියාව ඇති කරන්න හැමෝම කරන්න ඕන නමුත් තාමත් නොකෙරුණු දේවල් කප්පරක් තියෙද්දී , ඉගෙන ගත්තු පාඩම් වගයක් ගැන පප්පලා සැට් එකක් පොතකුත් ලියලා තියෙද්දී , ගඩොල් කැට ඉඹලා එකතු කරලා කණු හදලා කරන්න දඟලන්නේ අහවල් එකක් ඇති කරන්නද කියලා මිනිස්සු වුනාම ප්‍රශ්න කල යුතුය.

දැනට පෙන්න තියෙනදේවල් හැටියට එහෙම ප්‍රශ්නයක් ඇහුවොත් දෙන්න උත්තර ඔය විකාරේ ඔගනයිස් කරපු එව්වොන්ට නැත. එත් උන් සැලෙන්නේ නැත. ඒ මොකද කියනවා නම් එහෙම ප්‍රශ්නයක් අහන්න මොලයක් තියෙන එකෙක්වත් පාර අයිනේ ගඩොල් ඉඹින්න එන්නේ නැති බව උන් හොඳහැටි දන්න නිසාය. උන් ආතල් දෙන්නේ  මොලේ ඇතුලේ පාන්කඩ ඔබන් ඉන්න එවුන්ට නිසා සහ උන්ව අදහන්නේ ත් එහෙම එවුන් නිසා ගඩොලක් නෙමේ , ලස්සන තීම් සෝන්ග් එකක් හදලා, සරසපු වාහනයක්  ඇතුලේ මහරාජෙක් ගේ අහවල් අයවැයක් ගෙනත් තිබ්බත් උන් පෝලිමේ ඇවිත් ඉඹි න බව ඕගනයිසර් ලා හොඳටම දන්නවා ය.

විභීෂණ කියන්නේ මේ ගඩොල් සීන් එක ඇතුලේ වෙන මොකක්දෝ Something else ප්ලෑන් එකක් වැඩ කරන බවයි.
සිරසේ පෙන්නන  විදියට මේකට අනුග්‍රහය දක්වන්න ඉන්නේ "සිරස – ශක්ති නිව්ස්ෆස්ට්, කොළඹ වරාය නගරය හා ජාතික තරුණසේවා සභාව" කියන එව්වයි. අනිත් ඒවා මොනවවුනත් කොළඹ වරාය නගරය එහෙම නැත්තම් පෝට් සිටිය කියල දන්නා සිංහලෙන් හඳුන්වන අහවල් එක  සංවිධානයක් විදියට හඳුන්වන්නේ කොහොමද, මේ ගඩොල් වැඩේට එහෙම එකක් සහයෝගය දෙන්නේ කොහොම ද කියන එක ලොකු ප්‍රශ්නයක් ය.

ඔන්න රන්භූමි එකෙන් පෝට් සිටි එක හදන්න ගඩොල් එකතු කරනවා කිව්වානම් අවුලක් නැත.එත් එහෙම දෙයක් කොහෙවත් කියන්නේ නැත.
තාමත් මූද මැද්දේ තියෙන දැනත් මූදු ඛාදනයට අහුවෙන,   ආණ්ඩු මාරුවක් හින්දා කළුගල් ගොඩකට විතරක් සීමාවෙලා, ඩිජිටල් දැන්වීම් වල, පෝස්ටර් වල මිස හැබෑ ලෝකයේ නොපවතින පෝට් සිටි එක ජාතික සමගිය සංහිඳියාව එක්ක එකතුවෙන්නේ කොහොමද , රැලි සංවිධානය කරන්නේ මොන හේතුවක් හින්දා ද කියන කිසි කෙනෙක්ට පැහැදිලි නැත.

එහින්දාම මේ වැඩේ ඇතුලේ තියෙන මොකක්දෝ "අනිත් වැඩක්" ගැන සැක සංකා මොළ  ඇතුලේ පහළවෙන එක නවත්තන්න කාටවත් බැරිය.

ඊළඟ කාරණෙත් එච්චර සුළුපටු නැත.


බඩ කට පුරා හිනාවෙන්න හොඳම චාන්ස් හම්බුවෙන්නේ මේ ගඩොල් ට්‍රිප් එක යන යන තැන්වල තියෙන ඒ ගමේ නම ගහපු ගඩොල්  කැට වහන්සේ පෝලිම් වල ඉඳගෙන දෝත් මුදුන් දීල වඳින , එහෙම ගෙන ගඩොල් කැට වහන්සේ ව  හොඳ ටයි කෝට් දාපු කොල්ලෝ හතර දෙනෙක් දොලාවක වඩම්මාගෙන යන, එහෙම ගිහින් උන්නාන්සේ ව වාහනේ ඇතුලේ සැපත් කරවන සීන් යනකොටය.

හාමුදුරුවරු ස්වාමි ලා කුරුක්කල් තුමාල ලේබ්බෙලා වගේ ආගමික නායකයෝ ඉස්සරහ පිටම , ඒගොල්ලෝ ගේ අනුශාසනා , ප්‍රශංසා කෙල කෝටියක් මැද්දේ මෙහෙම ගඩොල් සිප ගැනීම එහෙම ඉඹින එව්වොන්ට කොහොමද දන්නේ නැහැ අපිට නම් පළමුව මාර ආතල් ය, දෙවනුව ඌරු ජුවල් ය. එව්වා හිනාවෙවී බලං ඉන්න ඒ ආගමික නායකයින්න්ගේ ආගම මොකක්ද කියන එක බරපතල ගැටළුවක් ය.
 
මේ රටේ මිනිස්සු අසාමාන්‍ය විදියට පේන සාමාන්‍ය භෞතික වස්තු වලට කොච්චර ගරු සත්කාර කරනවාද, එහෙම කරන්න තරම් කොච්චර බුද්ධි සම්පන්නද කියන එක මේ  රන්භූමි අප්ඩේට් වලින් ම හොඳහැටි බලාගන්න පුළුවන.

හරියටම තේරුම් ගන්න නම් උදේට පාරට ගිහින් රන්භූමි ගඩොල් කැට වහන්සේ දැකබලාගෙන , වන්දනාමාන කරලා , හවසට සිරසේ නිවුස් වල යන රන්භූමි අප්ඩේට් එකක් බලලා වැඩිය පරක්කු නොවී අමීර් ඛාන් ඉන්න pk ෆිලුම් එකත් බැලිය යුතුය. එතකොට තමුන් කලේ මොකක්ද කරන්න තිබ්බේ මොකක්ද කියන එක කලඳක් තරම් වත් මොළයක් තිබ්බා නම් වැටෙහන එක බුදුම ෂුවර් ය.

ජාතික සමගිය ඇති කරන්න කලින් තම තමුන්ගේ ආගම් හරියට ඉගෙන ගෙන තියෙනවා නම් මේ වගේ ගොන් වැඩ සිද්ද වෙන්නේ නැත. එත් කොහෙද ඉතින් හරි ආගම උගන්නන්න එකෙක් වත් ඉන්න එකක් යැ. අපෙන් ගරු සත්කාර ගන්න ඒ ආගමික නායකයොත් අපි එක්ක ගල් වඳින්න ඇවිත් නේ. එතකොට කොහෙද ආගම්. හරියට ආගම , එක ඇතුලේ තියෙන ධර්මය කියාදෙන්න, මොලවල තියෙන මැටි සුද්ද කරලා දාලා ඇත්ත වටහාල දෙන්න පුළුවන් හරි හමන්  එකෙක් දැන් ආගම් වල නැත. ඒ හින්දා මේ වගේ ගොන් වැඩ මෙතනින් ඉවර වෙයි කියලා කිසි වෙලාවක් හිතන්න බැරිය.


අරමුණ මොකක් වුනත් මේ රටේ මිනිස්සු තාමත් ගස් ගල් වඳින ගෝත්‍රික සැට් එකක් බව ඔප්පු කරන තවත් එක උදාහරණයක් බවට නම් මේ රන්භූමි රැලිය පත්වී හමාරය.

ජාතික සමගිය වෙනුවෙන් ගඩොල් ඉම්බින තාමත් ගස් ගල් වඳින ඉඹීන ජනතාවක් ඉන්නවානම් ඉන්නේ වෙන කොහෙවත් නොව මෙහෙ බව සිරසේ එව්වෝ ලෝකෙට ම පෙන්නලා ජාත්‍යන්තර වශයෙන් මේ රටට බොහොම ගෞරාවක් දිනවා දී ඇති  බව මේ වෙලාවේ කිව යුතුය.  අතටහම්බුවෙන ගඩොල් කැටේ ඉඹලා වීඩියෝ වලට පෙනී හිටලා හිටං ඒ ජාතික සත්කාර්යය ට ජාතික වෙච්ච ජනතාව ටත් ඒවා ට ආශිර්වාද කරපු කහරේදී, සුදු ලෝගු, පුන නූල් ඇඳගත්තු හොර නඩේටත් ඒ ගෞරවේ ලොකු පංගුවක් හිමි විය යුතුමය.

එවන් ගෞරවයක් ලබන අපේම සහෝදර සහෝදරියන් , ආගමික දේශපාලන නායකයින්ට මෙන්න විභීෂණ ගේත් අධෝමුක උත්තමාචාරය .
අදට ඇති වගේ,

ගොහින් එන්නම්...


41 comments:

  1. මාධ්‍ය නිවන් දැක්කොත් තමා ප්‍රෙක්ෂකයෝ නිවන් දකින්නේ. ඉතිං අපි නිවන් දකින්නට වැඩි වැඩියෙන් මාධ්‍ය නරඹමු

    ReplyDelete
    Replies
    1. වැඩි වැඩියෙන් මාධ්‍ය නරඹලා හැමෝම එක පොදියට නිවන් දකිමු...

      හරි ශෝක් බන්...

      Delete
  2. ඇයි මනුස්සයෝ ඔය ටීවීවල රිමෝට් කොන්ට්‍රෝල් නැති ද?

    ReplyDelete
    Replies
    1. ඒක ජනතාව ජනතා විමුක්ති පෙරමුණට දුන්නනේ කාලෙකට කලිං. ඊට පස්සෙ ඒක නන්දන අරං ගියා. ඊට පස්සෙ විමල් අරං ගියා. ඊටත් පස්සෙ සෝමෙ අරං ගියා. දැන් ජනතාව දාගත්තු චැනලයම බලනවා

      Delete
    2. @රසිකොලොජිස්ට් - Rasikologist03 June, 2015 03:25
      --------------රිමෝට් තිබ්බ කියල වැඩක් නැහැ රසික. චැනල් තුන හතරක ම මෙව්වා පෙන්නන කොට...


      @මගේ කිචී03 June, 2015 10:02
      -------------අනේ මන්දා බන්...ඔය අපි ගැනද මන්දා කියන්නේ...

      Delete
  3. බොළඳ වැඩ පාලා
    ගඩොල් ඉම්බාලා
    ගොනුට අන්දාලා
    ‘කෙලී‘ මහරාජා

    ReplyDelete
    Replies
    1. අපි වැනි මී හරක්
      කම් කම් කියා කැන්දන්
      ආතල් මලු ගණන්
      බෙදන්නේ වෙන කවුද කියපන්...

      පඩයකු නොවටිනා
      හින්දි නිලියන් මේ වඩම්මා
      මෙගා ටෙලි පෙන්නා
      අපේ ගෑණුන් මුලා කෙරුවා

      සිරිලක පළමුවර
      කෙටි පණිවුඩය මුල්කර
      ජනපති කෙනෙක් බිහිකර
      විහිලු සැපයුවේ කවුද කියපිය

      රනියා එලවන්ටා
      කියලා ගේමට සිරස බැස්සා
      රනිල් අගමැති වෙන්නා
      සිරසේ රෙදි ගැලවිලා යන්නා...

      බැරි මගුල් ට්‍රයි කර
      හත්පොලේ ගූ ගාගෙන
      රට ගඳ ගස්සගෙන
      සිරස යනවා ඉබාගාතෙන...

      Delete
  4. අනේ අපේ රටේ මෝඩ ආගමික නායකයෝ සහ මෝඩ මිනිස්සු. අපි ඉස්සර හිතාගෙන හිටියේ ගමේ පන්සලේ හාමුදුරුවෝ (මම බෞද්ධ නිසා අනෙක් ආගම් ගැන වැඩිය දන්නේ නැහැ) මිනිස්සුන්ට යහමග තියා දෙනවා කියලයි. දැන් බලද්දි හාමුදරුවරු බොහොමයක් මිනිස්සුන්ට වඩා අන්ත විදිහට මිත්‍යාවන් පස්සේ යනවා. පන්සල්වල ආගමික කටයුතු මහා පරිමාණෙන් කරනවා. නමුත් මිනිස්නුගේ අධ්‍යාත්මය එතැනමයි. කොහේද වැරදුනේ?

    ReplyDelete
    Replies
    1. අප ආගම් ඔක්කොම ප්‍රදර්ශන ආගම් වෙලා...මිනිස්සු ඔක්කොම ගෝත්‍රිකයෝ වෙලා...

      Delete
  5. ඔය ගඩොල් ඉඹින සීන් එකෙන් ජාතික සමගිය කෙසේ වෙතත් H1 N1 ඉන්ෆ්ලුවන්සාව නම් පැතිරෙයි ජයටම.

    ReplyDelete
    Replies
    1. අම්මට හුඩු..ඔය වගේ වගක් කල්පනා වුනේ නැනේ අපිට.

      Delete
  6. මේ වැඩේ ඇතුලේ තියෙන්නේ වෙනත් වැඩපිළිවෙලක් බව සමහරු දන්නේ නැහැ.

    කිලී මහාරාජාගේ මාධ්‍ය ඇම්බැට්ටයන්ට ඡන්දේ ඉල්ලන්න හැම පක්ෂයකින්ම නොමිනේෂන් ලබාගැනීම

    එමගින්, මොන ආණ්ඩුවක් ආවත් කැපිටල් මහාරාජා ව්‍යාපාරයේ ආරක්ෂාව තහවුරු කරගැනීම සහ ආණ්ඩුව හැසිරවීමේ බලයක් ලබාගැනීම

    සිරස ගත්ත මහා මාධ්‍ය කප්පම එලිවීම වැලැක්වීම.

    ReplyDelete
    Replies
    1. විචා..උඹනම් මචෝ ලඟදීම බුද්ධි අංශෙට ආයෙත් කොන්ත්‍රාත් ක්‍රමයට බඳවා ගන්නවා මෙහෙම දේවල් හොයාගන්න ගියොත්...

      Delete
    2. ඇත්තටම මම බුද්ධි මෙහෙයුමක් කළා. මම නැවතත් කියනවා ඇත්තටම. අහම්බෙන් ලද හෝඩුවාවක් ඔස්සේ ගිහින්, පුදුම හිතෙන තොරතුරු ටිකක් අහගත්තා.

      Delete
    3. @විචාරක - Wicharaka03 June, 2015 09:19
      //කිලී මහාරාජාගේ මාධ්‍ය ඇම්බැට්ටයන්ට ඡන්දේ ඉල්ලන්න හැම පක්ෂයකින්ම නොමිනේෂන් ලබාගැනීම//
      ------------මෙන්න මේකටනම් මහරාජා එකසිය ගානට පලන් කරනවා කියලා ආරංචියි.එත් ගඩොල් සීන් එකක් එක්ක එක සම්බන්ධයි කියලා නම් මේ කියනකම් මට හිතුනේ නෑ...
      @විචාරක - Wicharaka03 June, 2015 14:03
      //ඇත්තටම මම බුද්ධි මෙහෙයුමක් කළා. මම නැවතත් කියනවා ඇත්තටම. අහම්බෙන් ලද හෝඩුවාවක් ඔස්සේ ගිහින්, පුදුම හිතෙන තොරතුරු ටිකක් අහගත්තා.//
      ----------------මලලසේකර ස්ද්දකොසේ අලුත් මෙව්වා එක කිව්වලු. හැබෑට විචාරක සර් තමුන්නාහ මාර බුවෙක් නේ...

      Delete
    4. @chef-architect03 June, 2015 11:23

      අඩේ චෙෆා, ළඟදීම නෙවෙයි , විචා දැනුත් ඉන්නේ බුද්ධි අංශෙ කොහෙද. ප්‍රවේසම් වෙන්න කියන්න වෙයි. එළියේ ඉන්නවා වැද්දෝ ටිකක් එක එකාව ගල්ගහල මරන්න ලෑස්ති වෙලා..

      Delete
  7. මටත් ඇත්තටම මේක හෙන ප්‍රශ්නයක්.හොයලා බැලුවට කිසිම තැනක හරි විස්තරයක නැති කතාව ඇත්ත.ක‍ාටවත් තේරෙන්නෙ නැති නමක් දාගෙන මොන හු**ක් කරනවද කියලා මට තේරෙන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. එක තමයි බන් ප්‍රශ්නේ

      Delete
  8. ///පිස්සු හැදුනද? කේන්ති ගියාද ? දුම් පිටවුනාද ? හිනා ගියාද ?
    මේ ලියපු දේවල් ගැන මොනවහරි හිතුනද ?////

    අපි ගැනම දුක හිතුනා විභීෂණ....මේ රටේ මිනිස්සු කෙලින්නෙම පිස්සුනේ...

    ReplyDelete
    Replies
    1. පෙර කල සිට ප්‍රම්ප්‍රාවෙන් ප්‍රම්ප්‍රා වට පැවතගෙන එන සිරිතක්ලුනේ බන්...

      Delete
    2. වඳින එකද? ඇත්තටම මොකටද වඳින්නෙ නැත්තෙ මෙහෙ? ගස්, ගල්, පිලිම නෑදෑයො, ගුරුවරු ( ජිම් එකේ සිට ෆෙන්ශුයි දක්වා ), දේශපාලුවො, ඇට, දත්, පංසලේ මැරිච්ච ඇතා, බොස්, ආයුධ, බෝලෙ, බැට් එක, උපකරණ, ස්ටියරිං වීල්, පොත්. මං කැමතිම තැනක් බේරෙ ලඟ ගංගාරාමෙ කෞතුකාගාරය ඒකෙ අලි අල්ලන මන්දේ සිට වලලු මාල තුවක්කු කඩු කාසි නෝට්ටු හැමදෙම තියනව තුවක්කු වලලු මාල කාසි තියන ශෝකේස් එකටත් වඳින අය මං දැකල තියනව. තාම එලියෙ තියන ඇන්ටීක් මුද්‍රණ යන්ත්‍රවලට වඳිනව දැකල නෑ

      Delete
    3. වැඩි කල් යන එකක් නැහැ..එව්වටත් කට්ටිය වදීවී...

      Delete
  9. ටවර් එක හරියට හදලා දිවිය ලෝකෙට ලඟා වෙන්න පුලුවන් උනොත් දෙයියොන්ට යකා නැගලා ටවර් එක කඩලා, එක මිනිහෙක් කියන දේ අනික් මිනිහට නොවැටහෙන බාසා මවලා එක ගිනි විජ්ජුම්බරයයි...


    Genesis 11 New International Version (NIV)

    The Tower of Babel

    11 Now the whole world had one language and a common speech. 2 As people moved eastward, they found a plain in Shinar and settled there.

    3 They said to each other, “Come, let’s make bricks and bake them thoroughly.” They used brick instead of stone, and tar for mortar. 4 Then they said, “Come, let us build ourselves a city, with a tower that reaches to the heavens, so that we may make a name for ourselves; otherwise we will be scattered over the face of the whole earth.”

    5 But the Lord came down to see the city and the tower the people were building. 6 The Lord said, “If as one people speaking the same language they have begun to do this, then nothing they plan to do will be impossible for them. 7 Come, let us go down and confuse their language so they will not understand each other.”

    8 So the Lord scattered them from there over all the earth, and they stopped building the city. 9 That is why it was called Babel, because there the Lord confused the language of the whole world. From there the Lord scattered them over the face of the whole earth.

    ReplyDelete
    Replies
    1. බෙදා වෙන්කර පාලනය කිරීමේ මුල්ම පාඩම ලුනේ ඔය කතාව..

      Delete
  10. Replies
    1. ඔවු බන්. අපිත් දන්නේ නෑ..

      Delete
  11. මමත් මේ ගැන ලියන්න ඉන්නේ. වේලව තමයි ගැටළුව. සිරස මේ රටේ හරක්ට ආතල් දෙන්නම උපන් නාලිකාවක්. කරුමය කියන්නේ අනෙක් උනුත් උන්ගෙ පාරෙම යනවා මිසක් උඩු ඟං බලා පීනන එකෙක් වත් නොමැති වීමයි..

    ReplyDelete
    Replies
    1. මාතලන් මේ ගැන ලියනකන් තමයි මාත් බලං ඉන්නේ...

      ---------------
      සිරස යනු හරකුන්ට පුන්නක්කු කවන්න කප් ගහපු චැනල් එකක්. එච්චරයි මගේ නම් අදහස.

      ----------
      වෙලාව-----
      සහතික ඇත්ත මාතලන්, මේ දවස්වල වෙලාව හොයාගන්න මාර ගේමක් දෙන්නන වෙලා තියෙන්නේ.

      Delete
  12. පෝට් සිටිය ගොඩ දාන්න කොන්ත්‍රාත්තුවක් වගේ.. අම්මාපල්ල මේ කියනකං මේ ගැන හාංකවිසියක් දැනං උන්නේ නෑ.. ඕං බලාපන් ඉතින් අපේ කරන්ට් එෆෙයාර්ස්.. හැක්.

    ReplyDelete
    Replies
    1. //පෝට් සිටිය ගොඩ දාන්න කොන්ත්‍රාත්තුවක් වගේ.//
      ---මටත් හිතෙනවා එහෙම ..එකම වෙන්න ඇති මේ මල හුට්ටප්පාරේ කිසි විස්තරයක් කිසි තැනක නැත්තේ..

      Delete
  13. මම වැඩි හරියක් අහන්නේ yfm හන්දා ඔය ගඩොල් කේස් එක ගැන අද මෙතන හෙට අතනට යනවා අනන් මනන් සීන් නම් අනන්තවත් අහනවා. ඒත් තාම ඕකේ ඔය ගඩොල් එකතු කරල මොකද වෙන්නේ කියන එක තමයි දන්නේ නැත්තේ. ගඩොල් ගන්නේ පෝට්සිටිය බඳින්නද දන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. ඔහොම ගඩොල් බන්දලා පෝට් සිටි හදන්න බහ. ඕනනම් ඒ ඉඩම වටේට තාප්පයක් බැන්ද හැකි..

      Delete
    2. y නේ මට ඕනේ--වෙන fm නම් මට නෝනේ
      යුත් ලයිෆ් එකේ කික් ඒකනේ
      යුත් ලයිෆ් එකට මේක තමයි එකම ජොලිය...

      Delete
  14. සිරස... නොදකිං... මේ වගෙ එකකට සිරස නැතුව අනිත් පැත්තෙ තියෙන එකේ නම තමයි දාන්න තිබුනෙ.පවුල් ආරවුල්, අරව මෙව්වා තියෙන ටෙලි නාටක නම් මට පෙන්න බෑ.... කොටින්ම මම ඔය රෙද්ද බලන්නෙවත් නෑ. ආයෙ දෙකක් නෑ ඕක ඉඹින්න නෙවෙයි ලෙව කන්න කිව්වත් අපේ සම හරක් කරයි... එතකොට බදාම ඕනිත් නෑ...

    ReplyDelete
    Replies
    1. //ආයෙ දෙකක් නෑ ඕක ඉඹින්න නෙවෙයි ලෙව කන්න කිව්වත් අපේ සම හරක් කරයි... එතකොට බදාම ඕනිත් නෑ...//

      ---------වෙන මොන කතා ද?

      Delete
    2. ඇයි ස්වර්ණවාහිනී සහ දේවාල කපුවන්?

      Delete
    3. ඔය තියෙන්නේ...

      Delete
  15. ලෝකල් චැනල් නොබලමි,
    දිනපතා පුවත් පත් සහ පුවත් බැලු එව්වන් කියනා කරුණු අනුව සහ බුකි, බ්ලොග් හරහා රටේ නිව්ස් බලන නිසා ලෝකල් එව්වා බලන්නේ නැති අවුල ලිහෙනවා.

    මහාරාජා ජන්දයට පෙර පෝට් සිටියට විරුද්ධව සැහෙන මතයක් ගොඩ නැගුවා.
    ඒ හරහා ඔවුනට තැනක් ඇතිබව චිනාට පෙන්වා පෝට් සිටියෙන් මිළියන 500 ක් මුදලක් ලබාගෙන පෝට් සිටියේ ඉදි කිරීමට අවැසි වටපිටාව සාදා දෙන්නට යනබව තමයි මම කොහෙන් හරි තියෙනවා දැක්කේ...

    සමහර විට අපේ විචා අංකල් දන්න දේ මිට වඩා වෙනස් දෙයක් ද දන්නෙත් නැහැ
    කෙසේ හෝ පෝට් සිටි යනු කලයුතු ව්‍යාපෘතියක්...

    ReplyDelete
    Replies
    1. පෝට් සිටි කල යුතුමයි.

      පහුගිය ආණ්ඩුවෙන් නීති විරෝධී දේවල් කළා කියලා නවත්තන එක නෙමෙයි, ඒ වැරදි නිවැරදි කරලා ප්‍රොජෙක්ට් එක ගෙනියන එකයි කරන ඕන.

      ---------
      සමහරවිට ඔබ කියන කාරනාව ඇත්ත වෙන්න පුළුවන්...

      Delete
  16. Hello mr.vibhishana. Danne nethi nisa ahanne. Ne ekko ona ne. Gadolak imbla, shot ekak dala, dumak edala, puka polawe gahan merenawa mita wediya hondai. Awulak ne. Sirasai paara kiyanne... Peyakata warak..

    ReplyDelete
    Replies
    1. sirasa godak paarawal kiyaadeelaa hathara athe anaachare yanawa wage ban...

      Delete

කමෙන්ට් කලාපය....