2014-12-22

සිමෙන්ති වන්දනා

බ්ලොගේ බහුතරේ දේශපාලනේ කරන නිසා විභීෂණ හිතුව ටිකක් විතර වෙනස් සබ්ජෙක්ටුවක් කතා කරන්න කියල හිටං.

මේ රට ඇතුලේ මිනිස්සු අති  බහුතරය ප්‍රධාන ආගම් හතරට අයත්ය. මේ අතරින් ප්‍රධාන භාෂාව වන සිංහල භාෂාව කතා කරන මිනිස්සු ටික ( ටික නෙවයි බොල  ගොඩ) අයිති වෙන්නේ බුද්ධාගමට සහ කතෝලික ආගමටය. මේ දෙකෙන් කැඩිච්ච එවුන් ටිකක් ද තැන් තැන් වල පෙනෙන්නට හිටියත් උන් ටික නොසැලකිය හැකි තරම් "ටික" ය.


විභීෂණ ගේ නිල ආගම කතෝලික ය. එත් ඉතින් මේ ලියන්න යන දේවල් කියෝලා ආගම් දෙකටම අයිති කිසිම කෙනෙක් අමනාප වෙයි කියල නම් විභීෂණ හිතන්නේ නැත.එහෙම වුනත් කම් නැත.

මොකද කියනව නම් ආගම් යනු දෙවියන් විසින් දුන් දේවල් නොව ශ්‍රේෂ්ඨ දාර්ශනිකයන් විසින් වෙහෙසමහන්සි වෙලා දේශනා කරපු දේවල් කීතු කීතු වලට කපල , කොත්තු රොටි ගහල වන්ඩුවේ තම්බල මිනිසුන් විසින් හදාගත්තු කිසි වැදගැම්මකට නැති දේවල් නිසාය.
ඒ වගේ දේවල් විවේචනය කළා කියල මටවත් වෙන කාටවත් වෙන ආනන්තරීය, මරණීය පාපයක් නැත. ඒ හින්ද ධර්මය විශ්ලේෂණය කරන්න සහ ආගම් වලට ගල් ගහන්න විභීෂණ බය නැත.

සිද්ධිය වුනේ ඊයේ ය. 
විභීෂණ ඊයේ මීගමුවේ ටවුමේ හිටගෙන ඉඳල ඉඳල යන්තම් බස් එහෙකට ගොඩ වුනේ ඉක්මනට ගෙදර යන්න හිතාගෙනය.පෙර වාසනාවට ද කොහෙද ,පශ්චාත් භාග දෙක වඩම්මල තියාගන්න සීට් කෑල්ලක්ද හම්බු වුනේය.

දැන් ඉතින් විභීෂණ නිවාස බලා වඩින ගමන් ය.

අතගාන දුකක් හෙවත් Touch Phone එකක් අතේ ගහගෙන එකට 3.5 mm ජැක් එක අමුණන් , කනට ඉයර් පීස් දෙක ගහගෙන, කැප් තොප්පියකුත් දාගෙන පොෂ් වෙන්න වලිකන බුවෙක් වගේ පේන  හීන්දෑරි හාදයෙක් මගේ එහා පැත්තේ මගේ සීට් එකේම ඉඳගෙනය .

බස් එක මීගමුවේ සාන්ත පීතර පල්ලිය පහුකරන කොටම එක පාරටම දඩි බිඩි ගාල නැගිටිනවා විභීෂණට දැනුනේය. මමත් පොඩ්ඩක් හැරිලා බලපුවම දැක්කේ මූ බොහොම හදිසියෙන් නැගිටලා අර කතෝලිකයෝ කරන කුරුසේ සලකුණු කරගත්තු එකය. දන්නවා ඇතිනේ අර "පියාණන් ගේද, පුත්‍රයාණන් ගේද , ශුද්ධාත්මයානන් වහන්සේගේද නාමයෙන්, ආමෙන් " කියල කතෝලිකයෝ කියන්නේ. අන්න එක තමයි.

ඉතින් මෙහෙම කරපු පොර ඒ එක්කම ඉඳගෙන කිසිම දෙයක් වුනේ නැහැ වගේ ආපහු  උගේ ෆෝන් කට්ටේ සින්දුව අහන්න පටන් ගත්තේ ය.
ඔන්න දැන් බස් කට්ට ආවේ මරිය කොන්වන්ට් එක එහෙම පහු කොරල හිටං පෙරියමුල්ල railway crossing එක ගාවට ආව. මෙන්න යකෝ අර වාහේ ආපහු දඩි බිඩි ගාල ආයේ කුරුසේ සලකුණ ඇඳගත්ත.


විභීෂණ ත් නිකමට වගේ බස් එකෙන් වටපිට බලපුවම දැක්ක මරිය තුමීගේ ප්‍රතිමාවක් තියෙනවා පාර අයිනේ.
මේ ගොන් වාහේ නැගිටලා තියෙන්න අන්න එක දැකල.

මලලසේකර ගේ සද්ද කොසේ ඊළඟ එඩිසන් එක කිව්වලු. විභීෂණ  දැනගත්තා මූ නම් අද ගෙදර යනකම්ම ම කුරුස ඩාන්ස් එක දානව කියල. ඇයි  හත් ඉලව්වේ මමනේ දන්නේ මීගමුවේ ඉඳන් අපේ ගම පලාතට යන පාර දිගේ සුරුවම් කීයද, පල්ලි කීයද කියල.

ඊළඟ ට දළුපත පල්ලිය, කට්ටුව පල්ලිය, කට්ටුව හන්දිය, දළුවකොටුව අයිස් පැක්ටරිය හන්දිය, ලොයලා හන්දිය, කොච්චිකඩේ පල්ලිය, තෝප්පුව හන්දිය, etc..etc...etc...etc... මේ වගේ දිගටම මූ මේ සිමෙන්ති පිළිම, පල්ලි දකින දකින ගානේ නැගිටිනවා කුරුසේ අඳිනවා, ඉඳගන්නවා, සින්දු අහනවා,නැගිටිනවා කුරුසේ අඳිනවා, ඉඳගන්නවා, සින්දු අහනවා, නැගිටිනවා කුරුසේ අඳිනවා, ඉඳගන්නවා, සින්දු අහනවා.

කොළඹ ගිහින් පාන් කියාගන්න බැරුව මහන්සි වෙලා හිටපු මට බස් එකේදී ගන්න කියල හිතන් හිටපු සැප නින්ද ඇතඇරලා දාන්න සිද්ධ විය. උගේ දෙමවුපියන්ට පින් දිදී කොහොම හරි ගෙදරට පන්ගරාත්තු වෙන්න මට පුළුවන් විය. 

සිද්ධිය ඔන්න ඕකය. කියන්න ඕන ටික පටන් ගන්නේ මෙතනින් එහාටය.

පාර තොටේ දකින  බුදුන්ගේ හරි, ජේසුගේ හරි , වෙන හාමුදුරු කෙනෙක්ගේ හරි, ශුද්ධ්වන්තයෙක්ගේ හරි සිමෙන්ති පිළිමයක් දැක්ක ගමන්, එහෙම නැත්නම් බෝ ගහක් දැක්ක ගමන් උන් හිටි තැන් අමතක වෙලා පුක දාච්ච බලල වගේ නැගිටගෙන ඔලුව නමන , කුරුසේ අඳින,  සාදු කියන  මේ වගේ රට හරකුන් මීට කලින් කීප අවස්ථාවකදීම විභීෂණ බස් එකේදී, දැක ඇත.

එත් ඉතින් පාරේ තියෙන සිමෙන්ති පිළිමෙට වඳින්න ඉස්සෙන පුක ,බස් එකට නැග්ග බඩ දරුඅම්මට,  ආබාධිතයට, වයසක අම්මට, තාත්තට  සීට් එක දෙන්න ඉස්සෙන්නේ නැත. ඒ වගේ වෙලාවට උන්ගේ සිත සහ ඇස අනන්තයට දිව යන්නේය. සමහරුන්ට නිදි පෙති බෝතලෙකින් ඔලුවට ගැහුවා වගේ සහලෝල නින්දක් යන්නේය. බුදුන් වහන්සේ හරි ජේසුස් වහන්සේ හරි නැගිටලා ඇවිත් කතා කලත් උන් ට ඇහැරෙන්නේ නැත. අම්මගේ රෙද්ද. අපි නොදන්නවා යැ උන්ගේ නින්ද. 

 
ඒක මේක කෝක වුනත් දැන් මේක කියෝලා " ඇයි යකෝ විභීෂණ යො අපි කොහොම වැන්දම උඹ ට තියෙන අමාරුව මොකක්ද "කියල ඔහෙලා අතරින් කවුරු හරි මාත් එක්ක සාම  සාකච්ඡා වකට එන්න සූදානම් වනු ඇත. එහෙම එන්න අවශ්‍ය නැත. ආවත් බයද නැත. ඒ වුනාට ඒ වගේ සාම සාකච්ඡා වලට දානේ දෙන්න තරම් වෙලාවක් මේ විභීෂණ ට නැත. කරන්න පුළුවන් වෙන්නේ ඇහැකි විදියට හැම කොමෙන්ටුවකට ම රිප්ලයි එකක් දැමීම පමණය.

ඒ නිසා ඒ වගේ විද්වත් කතිකාවත් නිදහස් වෙලාවක කැමති කෙනෙක් එක්ක කරගන්න ලෙස මේ මොහොතේ විභීෂණ කාරුණික ව ඉල්ලා සිටින්නේය.

විභීෂණ කියන්නේ මෙහෙමය.

ඇත්ත. 
පාරේ තොටේ තියෙන සුරුවමකට පිලිමෙකට ඔහොම නෙවේ පුක උඩ  දාගෙන හරි වඳින උන්ගේ කැමැත්තය. 
උන්ගේ ප්‍රජාතන්ත්‍ර වාදී අයිතිය ය.

ඒ වගේම ඉතින් ඒක උන්ගේ මෝඩ කමය.
උන් නිතර දෙවේලේ යන නොයන පල්ලියේ හෝ පන්සලේෆාදර් ගේ හෝ සාදු ගේ සහ ඒ ඒ ආගම්වල අයිතිය දරන නායක කාරකාදීන්ගේ කපටිකමය.
උන්ගේ ඉගැන්වීම් වල තියෙන බොල් බවය.

විභීෂණ කියන්නේ ඔය ආගම් දෙකේම එවුන්ගෙන් හරියට ධර්මය ඉගෙන ගත්තු එකෙක් වත් ඔය විදියට පාරක් පාරක් ගානේ තියෙන සිමෙන්ති කණු වලට ඔලු නමන්නේනැති බවය. එත් ඉතින් එහෙම එව්වෝ අතිශය දුර්ලභය. අපි වගේ ආසියාවේ පහල ඉන්න ආශ්චර්ය ලන්ත වල තත්වේ බොහොම භයානකය.

ඉන්නේ විසි එක්වෙනි සියවසේ කියා අපි පම්පෝරි ගසන්නේ ය. කක්කුස්සි යන්නේ ත් බුකිය බදාගෙනය. මොන මගුලටත් අන්තර් ජංජාලේ කොහෙන් හෝ හැමිනිලා ය.එත් ඔය මොන මාර්ගේ කින්වත් ඇත්ත ධර්මය ඉගෙන ගන්න අවස්තාවක් නැත.


ජේසුස් වහන්සේ ගේ දේශනාවල තිබ්බ්බ එකම මූලික සිද්ධාන්තය වුනේ "මිතුරාට මෙන්ම සතුරාටද ප්‍රේම කරන්න" කියන එකය.බුදුන් වහන්සේ ඉගැන්නුවේ සසරින් එතෙර වන හැටිය, සකල සත්ත්වයාට මෛත්‍රී ( පාලන ය ) කරන හැටිය 


එත් ඉතින් කරපු මොකක්දෝ පාප කර්මෙක ආනිශංස වලට පින්සිද්ධ වෙන්න ජේසු උගන්නපු ධර්මය වෙනුවට අද මිනිස්සුන්ට ,අපිට උගන්නන්නේ බිෂොප් ගේ එහෙම නැත්නම් පල්ලියේ ෆාදර් ගේ "ආගම" ය. ඒකෙදී එක එක සුරුවම ඉස්සරහ කරන්න ඕන යාච්ඥා , එක එක පල්ලි වලදී කරන්න ඕන යාච්ඥා ( මඩු , තලවිල , තේවත්ත වගේ පල්ලි ) , ජීවිතේ එක එක අවස්ථා වලදී කරන්න ඕන යාච්ඥා වගේ මහා තකතීරු මෝඩ දේවල් ඕසේට කියාදෙන්නේය.
 කම්කරුවෙක්ගේ පුතෙක් විදියට ඉපදුනු ජේසු තුමා ඒ පීඩිත පන්තිය වෙනුවෙන් දේශනා කල දේවල් අද අත්පත් කරගෙන ඉන්න සමහර පූජකයින් මුලින්ම අමතක කරලා දාල තියන්නෙත් ඒ පීඩිතයින් වමය.
සමහර ෆාදර් ලට හිගන්නනන් පේන්න බැරිය. හිගන්නෙක් අහුවුනොත් කරන දේවල් මෙතන ලියන්නේ නැත.

සිංහල බුද්ධාගමේ ද තත්ත්වය ඊට දෙවැනි නැත. ගොඩක් තැන් වල උගන්නන්නේ බුදුන් වහන්සේගේ ධර්මය නොව හාමුදුරු ගොල්ලෝ හදාපු අමුතු ධර්මයක කොටස්ය. බුදුන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව ඉගැන්නුවා ට අපේ අය්යල ඉන්නේ වෙන වෙන අන්ත වලය. සමහරුන්ට මුස්ලිමුන් පේන්න බැරිය. අනිත් එවුන් ට "පෝය දවසට අරක්කු, මස් පේන්න බැරිය" . අනිත් දවස්වලට කරන දේවල් ලියන්න මෙතන ඉඩ නස්ස්ති කල යුතු නැත.

පර පන නැසීමේ ආදීනව කියාදුන්නේ බුදුන් වහන්සේ ය. ගව පන නැසීමේ  පාපය සහ වෙනත් ඕන පණක් නැසීම නොපාපය , සිවු සරණේ අංගයක් වන අබසරණ ගැන කියාදෙන්නේ අද ඉන්න සමහර සිවුරුකාරයින් ය.

ඇත්ත ධර්මය ඇතුලේ සැමට මෛත්‍රී කරන්න කියල  උගන්නන බුදුන් වහන්සේ ව අනුගමනය කරන( වා වගේ පෙන්නන ) සිංහල බුද්ධාගමේ ලොක්කෝ සහ උන්ගේ ඇබිත්ත යො ,  දහස් ගානින්, ලක්ෂ ගානින් රට පුරාම විසිරිලා ඉන්න අන්ත දුප්පත් අසරණ මිනිස්සුන්ට තඹ දොයිතුවක සරණක් නොවී ලක්ෂ , කෝටි ප්‍රකෝටි ගණන් විය පැහැදම් කරමින් සම්බුද්ධ රාජ මාලිගා හදමින් , දළදා මාලිගා හදමින් ඒවාට රත්තරනින් වහලවල් හදමින් , පෙරහැරවල් තියමින් , අසපු ගොඩනගමින් කරන්නේ ධර්මයෙන් නැතිව සිමෙන්තියෙන්, රත්තරනින් අමුතු ආගමක් හදාගත්තු එකය.

එහෙම කරලා මේ ආගම් අදහන ගම්පලාත් වල වගේම නගර බදවත් ඉන්න ලොකු පොඩි බාල මහලු ගෑණු පිරිමි හැමෝගෙම ඔලු වලට පිලිම වැඳ පිය, පල්ලි හදපිය, පල්ලි වැඳ පිය වගේ ගොබ්බ අදහස් කාවද්දල ඒ ඔලු කුරුවල් කරලා තමුන් කියන කියන පදේට නටන පිස්සෝ රැලක් හදා ගත්තු එකය.

මෙතන තියෙන භයානක කම මේ ආගම් ( මිස ධර්ම ය නොවේ ) වල උද්ගන්නන මේ පට්ටපල් බොරු
 පොඩි එවුන්ට ඔව්ව කියා දුන්නම වෙන්නේ ෆාදර් ගේ බිෂොප් ගේ එහම නැත්නම් සිවුරු ධාරීන් ගේ හණමිටි, කුරුවල්, ගොබ්බ, විකාර අදහස් ඊළඟ පරම්පරාවට ද උරුම වෙන එකය.කවුරු විරුද්ධ වුනත් සිද්ධ වෙන්නේ ඒ ටිකය. කිව්වේ විභීෂණ වන මගේ පුද්ගලික මතය ය.


ඒ හින්ද අර මුලින් කිව්වා වගේ සිමෙන්ති ගොඩවල් වලට තැන නොතැන බලන්නේ නැතිව මෝඩ, ගොබ්බ්බ කොල්ලෝ දැක්කම පොඩ්ඩක්හරි විවුර්ත මනසකින් ආගම් දිහා බලන්න පුළුවන් ඕනෑම කෙනෙක්ට ඇතිවෙන්නේ සංවේගයක් ය. ඒ ඌ ගැන ට වඩා උගෙන් පස්සේ එන පරම්පරාව ගැන ය.

කරන්න පුළුවන් හැම වෙලේම අපි කරන්න ඕන ආගම් නාමයෙන් පොඩ්ඩන්ගේ, ලොක්කන්ගේ ඔලු ඇතුලට කවන විස අයින් කරන එකය. එත් ඉතින් ඒ වගේ දෙයක් පහදා දෙන්න ගියාම උන්දා ලා අපිට මෛත්‍රී කරන හැටි දැක්කම අපිටත් ඉතින් පෘතජ්ජන මිනිස්සු හැටියට මෛත්‍රිය කරුණාව පහල වෙන්නේය.


මෙතනදී එකක් කියන්න උවමනා ය. කොහෙවත් හිටෝලා තියෙන සිමෙන්ති ගොඩවල් වලට වඩා පාරේ තොටේ යනකොට හම්බුවෙන තමන් ඉගෙන ගත්තු, ඉගෙන ගන්න ඉස්කෝලේ ට වඳින එක ට නම් බනින්න බැරිය. ඒ අර සිමෙන්ති ගොඩවල් වලට වඩා වටිනා මහා දැනුම් සම්භාරයක් ඒ ඉස්කෝලෙන් අපට ලැබෙන, ලැබුණු නිසාය.

 එහෙම තැන් වලට සලකුවාට පවු නැත. 

ඒ හින්ද මේ පොස්ටුව කියෝලා විභීෂණ ගේ  දෙමවුපියන් සිහිකරන්න කාලේ ගන්නේ නැතිව විභීෂණ කියන්න , දෙන්න උත්සහ කරපු පණිවිඩේ මොකක්ද කියල තව පාරක් හිතල බැලුවොත් අන්න එතකොට කාටත් කියන්න පුළුවන් ඔහෙලගෙ මොලේ වැඩකරන්න පටන් අරන් කියල.

මේ වෙලාවේ මට මතක් වෙනවා දවසක් TV Program එහෙකට ඇවිත් අපේ සුනිල් පෙරේරා මහත්තයා කියපු දේවල් ටිකක්. බලන්නකෝ මෙතනින්.




එහෙනම් ඉතින්..

අදට ඇති වගේ...

ගිහින් එන්නම්..

33 comments:

  1. ඉස්සර මම වැඩ කරපු කොම්පැණියක මීගමුව බ්‍රාන්ච් එකේ වැඩ කරන පොරක් හිටියා.. ඌ පොරකාලා කොළඹින් සීට් එකක් අල්ල ගත්තට, වත්තල ඉඳලා මීගමුවට යනකන් හිටගෙන යන්නේ.

    ReplyDelete
    Replies
    1. පවු අහිංසකය.

      ආගමේ නාමයෙන් හිටගෙන ගිහින් ලොකු පිනක් කරගන්න ඇති.

      අයියෝ සල්ලි කිව්වලු

      Delete
  2. දකින විට පන්සලක්, පිලිමයක්, බෝධියක් - හුනස්නෙන් නැගිටිමින් වඳිනවා
    හදේ නැති භක්තියක් වත පුරා තවරගෙන - අඩවන්ව නෙත්පුරා බලනවා

    ඉතුරුටික සින්දූර් කියයි.

    ReplyDelete
    Replies
    1. මටත් මතක් වුනා බන්.

      එත් පොස්ටුවේ නොලිය හිටියේ සින්දුවා ඇවිත් ලස්සනට කොමෙන්ට් කරයි කියල බලාපොරොත්තුවෙන්.

      එත් කෝ මේ මෑන්ස් තාම නැහැනේ.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. අඩේ හොඳටම පරක්කුයි විභියෝ .වැඩ ගොඩයි බන් මේදවස් ටිකේ .ඔය බස් වල යද්දී මටත් හැමදාම වෙන්නේ මගේ ෂිට් එක පුජා කරන්න .ආච්චිලා, බඩ දරු අම්මලා , දරුවෝ වඩාගත්තු අම්මලා , අලි බබාලා ඉන්න එවුන් හැමෝම ඇවිත් හිටගන්නේ මම ඉන්න තැනම .ඉතින් කොහොමද බන් බලාගෙන ඉන්නේ .දවසක් කොළඹ ඉඳලා බලංගොඩට යනකල් හිට ගෙන ගියා .අන්තිමට මම මම ෂිට් එක දුන්නු ගැනී මෙන්න වෙන එකෙකුට කතා කරලා ඉඳගන්න කියනවා .මම කරගත්තු පින් ඔක්කොම අනුමෝදන් කළා උන්ගේ අම්මලාට පවා ....තව මචෝ මම කෙල්ලත් එක්ක යද්දිත් ෂිට් එක දීලා තියනවා ගමනාන්තය තෙක්ම .හයියෝ සල්ලි .

      දකින විට පන්සලක්, පිලිමයක්, බෝධියක්
      හුනස්නෙන් නැගිටිමින් වඳිනවා
      හදේ නැති භක්තියක් වත පුරා තවරගෙන
      අඩවන්ව නෙත්පුරා බලනවා

      ගැබිනි මවු කෙනෙකු හෝ රෝගියෙකු දුටු කලට
      කවුලුවෙන් අනන්තය සොයනවා
      අතෙහි රැදි පොත පතෙහි එකම පේලිය තුලම
      නෙත් දහස් වාරයක් දුවනවා

      දකින විට පන්සලක්, පිලිමයක්, බෝධියක්
      හුනස්නෙන් නැගිටිමින් වඳිනවා
      හදේ නැති භක්තියක් වත පුරා තවරගෙන
      අඩවන්ව නෙත්පුරා බලනවා

      වාරු නැති මහළුවත නෙතෙහි ගැටෙතියැයි බියෙන්
      දෙනෙත් යුග නිදි කිරා වැටෙනවා
      ලොවෙහි ඇති දහසකුත් ගැටලු සිහියට නගා
      අහස බිම ගැටලන්න හදනවා

      දකින විට පන්සලක්, පිලිමයක්, බෝධියක්
      හුනස්නෙන් නැගිටිමින් වඳිනවා
      හදේ නැති භක්තියක් වත පුරා තවරගෙන
      අඩවන්ව නෙත්පුරා බලනවා

      ගායනය : මාලනී බුලත්සිංහල

      Delete
    4. එල එල.

      ඔය තියෙන්නේ,

      ---------------
      ඇත්ත බන්,
      ගොඩ දෙනෙක්ට ඔහොම තමයි .

      මට ඔය වැඩේට වැඩිය මූණ දෙන්න වෙලා නැහැ, මොකද මම වැඩට යන්නේ සයිබකලෙන් නේ,

      Delete
    5. කලින් පද රචකයා සහ තනු නිර්මාපකයා අමතක වෙලා හිටියේ .
      ඔන්න හොයාගෙනම දැම්මා ...

      දකින විට පන්සලක්, පිලිමයක්, බෝධියක්
      හුනස්නෙන් නැගිටිමින් වඳිනවා

      ගායනය : මාලනී බුලත්සිංහල
      ගී පද - සුජීවා කරුණාසේන
      තනුව- එච්. එම් . ජයවර්ධන

      Delete
  3. උඹ කියන්නෙ මචෝ.. මං දැකල තියෙනවා මහියංගණ පංසල ඉස්සරහින් මෝටර් සයිකල් වල යන ගමන් හිටගෙන වඳිනවා සර්කස් කාරයෝ වගේ. මට මහ විකෘතියි බං ඔය පන්සල් පල්ලි ළඟින් යන ගමන් ඩිංගක් %ක උස්සන එක මහ පිලිකුල්.

    ReplyDelete
    Replies
    1. මේ පාර ඡන්දෙදි මිනිස්සු ලොක්කට කොච්චර විතර % දෙයිද?

      Delete
    2. @ මනොෂ්
      උන් ආගම ඉගෙන ගෙන තියෙන්නේ පුකට නේ . එකයි පල්ලි පන්සල් දැක්කම පුක උස්සන්නේ.

      @මධු

      කවුද දන්නේ බන්.
      එත් දැන් බොහොම පොඩ්ඩයි % දෙන්න ඉතුරුවෙලා තියෙන්නේ.

      Delete
  4. \\අතගාන දුකක් හෙවත් Touch Phone එකක්//

    \\මොකද කියනව නම් ආගම් යනු දෙවියන් විසින් දුන් දේවල් නොව ශ්‍රේෂ්ඨ දාර්ශනිකයන් විසින් වෙහෙසමහන්සි වෙලා දේශනා කරපු දේවල් කීතු කීතු වලට කපල , කොත්තු රොටි ගහල වන්ඩුවේ තම්බල මිනිසුන් විසින් හදාගත්තු කිසි වැදගැම්මකට නැති දේවල් නිසාය.//

    ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. හම්මේ ඉතින් සන්තෝසයි ඈ...

      Delete
  5. ඔයාගෙ තියරිය අනුව නීල් ආම්ස්ට්‍රෝන් හඳට ගිය එකත් වැරදියි නේද ඒ මනුස්සයට පොළවේ ඉඳන් කරන්න වැඩක් තිබුනෙම නැද්ද

    ReplyDelete
    Replies
    1. මොකක්ද බොල මේ අහල තියෙන ප්‍රශ්නේ.?

      Delete
    2. අරක කරන්න කලින් මේක කරන්න ඕන කියලා කියන්න බෑ නේද

      Delete
    3. අරක කරන්න කලින් මේක කරන්න ඕන කියලා කියන්න පුළුවන්,

      එත් මුලින් කරන්න ඕන දේ මොකක්ද කියන එක හරියට තීරණය කරන එක තමුන්ගේ වගකීම.

      Delete
  6. තමුසේ තමුසෙගෙ පාඩුවේ බස් එකේ යන්නේ නැතුව මොකද අනුන්ගේ සීනි කිරන්නේ.

    ReplyDelete
    Replies
    1. අපි ලංකාවේ නේ බන්.
      අනුන්ගේ සීනි කිරන එක ලාංකීය සම්ප්‍රදායක් බන්.

      ඒකවත් දන්නෙ නැද්ද?

      Delete
  7. ඔය පිස්සුව හැබැයි මුස්ලිම් උන්ටනං නෑ. ඕක ඇවිත් ප්‍රදර්ෂන මානසිකත්වය නම් ලෙඩේ! පිස්සො..

    ReplyDelete
    Replies
    1. එක හරි.

      හැබැයි ඉතින් මේ ලෙඩේ නැති උනාට උන්ට තව කොච්චර ලෙඩ තියෙනවද.

      Delete
  8. මට ඔය ප්‍රශ්නෙ නෑ. සීට් එකක් ලැබෙන්නෑනෙ කවදාවත් මගින් නගින හින්ද :D

    ReplyDelete
    Replies
    1. එක්තරා විදියක සුබ ලකුණක්.

      Delete
  9. අඩේ විභීශණ අඩවිය මගේ බ්ලොග් රෝලෙන් මිස් වෙලානේ.. දැන් මේ 'හඩුමාදවී' ගේ හිලෙන් බලල ගොඩ උනේ.. සමාවෙන්නෝනෙ මෙච්චරක් කල් නාපු එකට..

    අර සින්දුවාගේ සිංදුව මම කියන්නේ මෙහෙම..
    ලොවෙත් නැති බත්තියක් වත පුරා තවරගෙන- පුක උස්සලා ආයෙ තියනවා.. හැක් හැක්..

    අද මිනිස්සු වන්දනාමාන කරන්නේ ආගම නෙවෙයි ආගම ආශ්‍රයෙන් බිහිවෙච්චි සාහිත්‍යයට.. නැත්නම් මෙච්චර දියුණු ලෝකෙ මිනිස්සු සිදුහත් කුමාරයා ඉපදුණු ගමන් නෙළුම් මල් හතක් උඩින් පැන පැන ගිහින් පඬි ටෝක් දුන්නයි කියල, ලෝකෙ මැව්වෙ දෙයියෙක් කියල, ජේසුස් වහන්සේගේ අම්මට තාත්තෙක් නැතුව ලමයෙක් හම්බුනා කියල විශ්වාස කරනවද? ඔය සීනි පැණි කතා හලල ගත්තම ඔය හැම ලෝඩ්ම කියල තියෙන්නෙ එකම බණේ. හැබැයි ඒ එකෙක්වත් කොන්ක්‍රීට් කණු දැක්කම පුක උස්සපන් කියලනම් නෑ.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. ලොවෙත් නැති බත්තියක් වත පුරා තවරගෙන- පුක උස්සලා ආයෙ තියනවා//
      +++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. ලොවෙත් නැති බත්තියක් වත පුරා තවරගෙන- පුක උස්සලා ආයෙ තියනවා//
      +++++++++++++++++++++++++++++++++++++++

      ------------
      වෙන මොන කතාද බන්,

      ඕක තමයි මේ කාලෙට ගැලපෙන විදියට ලියවෙන්න ඕන විදිය.

      -----------------
      ජය ශ්‍රී වේවා...

      සාදරයෙන් පිලිගනිමි ..

      Delete
  10. මෙහෙම ආගමික සිද්ධස්ථානයක් පහුවෙනකොට මිනිස්සු නැගිටින්නේ ඇයි කියල මට පොඩි කලේ ඉඳලම ප්‍රශ්නයක් වෙලා තිබ්බෙ.ඉස්කෝලේ යන කාලේදී මගේ යාලුවෙක් එහෙම නැගිටිද්දී මම ඇයි නැගිටින්නේ කියල ඇහුවම එයාට කියන්න හේතුවක් තිබ්බේ නෑ .අනෙක් අයත් එහෙම කරන නිසා කරනවා කිව්වා .... මම නම් එහෙම නැගිටින්නේ නෑ .පන්සල් හරි ආගමික ප්‍රතිමාවක් ගැන හරි භක්තියෙන් නම් ඒ වෙලේට ඇතිවෙන්නේ ඇයි ඒ භක්තිය හිතෙන් කරන්න බැරි . ඒකට නැගිටින්නම ඕනද ... මිනිස්සු වටිනාකමක් නැති පොඩි පොඩි දේවලට ලොකු තැනක් දීල වටිනාකමකින් රැකගත යුතු දේවල් නොසලකළ ....

    ReplyDelete
    Replies
    1. දැන් තියෙන්නේ ධර්මයෙන් ඈත් වෙච්ච, වත් පිළවෙත්, ප්‍රතිමා කරපින්නාගත් ආගම්

      එහෙම වෙනකොට අර වගේ මෝඩකම් ඉස්මතු වෙනවා.
      එහෙම මොඩයින්ව බිහිකළේ නැත්නම්, පෝෂණය කලේ නැත්නම් ආගම් වඳ වෙලා යනවා.

      Delete
  11. ඕවා මචං ලෝකෙට ෂෝ තනිකරම..:D
    ඔය මග දිගට පුක උස්ස උස්සා යන එවුන් එකෙක්වත් තමන්ගේ දෙමව්පියන්ටවත් හරියකට සලකනවද මංදා (මම දන්න කියන උදවිය ගැන හිතුවොත්) අනික තමන් ධර්මයක් අදහනවා නම් ඕක ඉතින් හිතෙන් කොරන දෙයක් නේ..බස් එකේදි මතක් වෙන උන් ඉන්නවා නම් බැසිල් මාමාටවත් කියල ඔය පැත්තේ පාරවල්වල තියෙන වලවල් ටික වස්සවගනිං.. :P :P

    ReplyDelete
  12. ආගම් ගැන මගෙ මතයත් කියන්න ඕන කියල හිතුව.මට නම් ඔය පිළිම සිමෙන්ති ගොඩවල් විතරයි.දාගැබ් ගඩොල් ගොඩවල් විතරයි.බෝධීන් වහන්සෙල ගස් විතරයි.බුදු හාමුදුරුවො ,යේසුස් වහන්සේ,නබිනායක තුමා කියන්නෙ සාමාන්‍ය මිනිස්සු විතරයි.ආගමික නායකයො කියන්නෙ රැකියාවක් කරන යුනිෆෝම් කාරයො විතරයි.

    හැබැයි මෙහෙම ව්‍යතිරේකයක් තියනව.තමන්ගෙ ජීවීතේ අවංකවම තමන් විශ්වාස කරන දහමට කැපකරල ලෝවාසීන්ටම මෙත් සිත පතුරවන අය ඉන්නව.ඒ අයටනම් මම ගරු කරනව.ඒ අයටත් ඉන්න වෙන්න බහුතරයක් වංචාකාරයො එක්කනෙ.

    ReplyDelete
    Replies
    1. //තමන්ගෙ ජීවීතේ අවංකවම තමන් විශ්වාස කරන දහමට කැපකරල ලෝවාසීන්ටම මෙත් සිත පතුරවන අය ඉන්නව//

      සම්පූර්ණයෙන් එකඟයි

      එත් මේ වගේ අය බොහොම විරලයි.

      Delete

කමෙන්ට් කලාපය....