2015-05-24

මිනි කාක්කන් ගෙන් ප්‍රවේසම් වෙමු

යාපනේ ප්‍රදේශයේ හිටපු තරුනියක්ව දූෂණය කර මරා දැම්මේය. උතුර වගේම දකුණත් මේ වෙනකොට  ඒ සිද්ධිය හින්දා එකසිය ගානට රක්ත තපත වී ඇත. එත් විභීෂණ ට පෙන විදියට දෙපැත්ත රත් වෙලා තියෙන්නේ දෙවිදියකට ය .


මුලින්ම උතුර ගැන කතා කරලා හිටියොත් හොඳයි කියලා හිටං හිතෙන්නේ ය.

උතුරේ මිනිස්සු ඇවිස්සිලා තියෙන්නේ ඇත්තම කියනවානම් අවුස්සලා තියෙන්නේ කෙල්ලව දූෂණය කරලා මරලා දාපු එවුන්ට "ඉක්මනට" නීතිය ක්‍රියාත්මක නොකිරීම ගැනය . මෙව්වා හරි පුදුම ඇවිස්සීම් ය. හරි ලස්සන ජාති හිතයිසී කතා ය.

මේ ගොන් හැත්ත කියන විදියට කෙල්ල දූෂණය කරපු එවුන් සැකකාරයෝ කියලා අල්ලගන්න  , එහෙම අල්ලගෙන අදාළ පරීක්ෂණ කරන්න , අදාළ නීති ක්‍රියාමාර්ග ගන්න බැරිය. කරන්න ඕනේ සැකකාරයින්ව අල්ලාගෙන ගමේ මිනිස්සුන්ට බාර දීමය. එහෙම දුන්නට පස්සේ ඒගොල්ලෝඅදාළ විදියට යුක්තිය ඉෂ්ට කරන්න නොව කරගන්න ලැස්ති ය.

මෙහෙම කියා කියා පාරවල් වල දඟලන , උසාවි වලට ගල් ගහන යාපනේ පකයින්( හිටපු රාජ්‍ය භාෂා වෙල්ලෙකු  විසින් මෑතකදී හඳුන්වා දී දැනට විල මැද මඩ බංගලාව  තුල භාවිතා වන වචනයකි) ට ,කියන්න තියෙන්නේ නීතිය ක්‍රියාත්මක කරන හැටි පොලීසියට හමුදාවට උගන්නන්න උඹලා  පුකේ අමාරුව හදා ගන්න ඕන නැති ය කියා ය. එහෙම එක එකා ට කඩිකුලප්පුව තිබ්බ පලියට, පුකේ අමාරු වට උඩ පැන්න  ට කඩිමුඩියේ නීති ක්‍රියාත්මක කරන්න බැරි බව ත් එහෙම කරනවා නම් ඒවා පොතේ නීති නොව ජනවාරි 8 වෙනිදාට කලින් තිබ්බ ජාතියේ කැලෑ නීති බවත් හොඳින් මතක තබා ගත යුතුය. පැරදිච්චි මලපෙරේතයෝ උඹලා ව අවුස්සන්න ගහන ගේම් වලට අහු නොවී නීතිය ඉක්මනට නොව හරියට ක්‍රියාත්මක කරන්න සහයෝගය දුන්නොත් නම් ප්‍රශ්න ඔක්කොම විසඳෙන බව අමුතුවෙන් කිව යුතු නැත.

විභීෂණ ට තියෙන ප්‍රශ්නේ තමන්  එක්ක ම ජීවත් වෙච්ච ලස්සන කෙල්ලෙක්ව තමන්  අතරම හිටපු එවුන් කීපදෙනෙක් එකතු වෙලා රේප් කරලා මරල දාන කොට මෙච්චරට කුලප්පු වෙන උඹලා,  එදා ප්‍රභාකරන්ගේ හෙන්චයියෝ ඇවිත් උඹලා ගේම සහෝදර සහෝදරියෝ පොඩි කාලෙදීම යුද්ධෙට ඇදන් යනකොට , උන්ගේ කරේ සයනයිඩ් කරල් එල්ලන කොට , සුයිසයිඩ් ඇටැක් වලට දාන කොට එව්වට විරුද්ධව පාරට තියා අඩු ගානේ මිදුලටවත් බැස්සේ නැත්තේ මොකද කියන එකය. සමහරවිට අද උඹලා ට තියෙන නිදහස එදා නොතිබෙන්න ඇත. වෙන හේතුත් තියෙන්න බැරි නැත.අද මෙහෙම දඟලන්නෙත් ඇත්තටම නොව කවුදෝ ෆෝම් කරපු හින්දා වෙන්නත් පුළුවන. කොහොම හරි ඉතින් මෙහෙම කියපු එකට උඹලා විභීෂණ එක්ක අමනාප වෙන්න කාරී නැත. මම කිව්වේ මට තේරන ටික ය.

උතුරු පැත්තේ නීතිය සාමය ඇක්ටිවේට් කරන කාකි සුට් මහත්තුරුන්ට ,කළු කෝට් මහත්තුරුන්ට වගේම එයාලගේ ලොක්කන්ට, බොක්කන්ට සහ උන්ට ගොටු අල්ලන ගොට්ටන්ට කියන්න තියෙන්නේ තමුන්ට ආණ්ඩුවෙන් පඩි ගෙවලා පන්ගරාත්තු කරලා තියෙන ජොබ් එක හරියට නීතියට තිතට කරන්න කියාය.මේ වගේ කේස් එහෙකදී උන් පර දෙමෙල්ලු, උන් ට මොන නීති ද , උන්ගේ කෙල්ලෝ විතරද කෙල්ලෝ වගේ බලු තින්කින්ග් තියන් ඉඳලා මේවා යට ගැහුවොත්, ෆයිල් හැන්ගුවොත්, සාක්කි මකුවොත් නීතියෙන් මොනවා සිද්ද වුනත් නොවුනත් උඹලා ජීවතුන් අතර ඉන්නකොටම උඹලගේ දරුවන් ටත් මේ වගේ දේවල් වෙනවා දකින්න සිද්ද වෙන බව හොඳින් මතක තියා ගත යුතුය. ඒ විභීෂණ උඹලා ට සාප කළා නොව හැම නීතියටම උඩින් ඉන්න සොබාදහමේ නීතිය මතක් කළා පමණය. උඹලා මොන ගේම ගැහුවත් , මොන දහන් ගැට දැම්මත් සොබාදහමේ නීතියෙන් උඹලා ට ගැලවීමක් නැත.

කෙල්ලෝ සීයක් දූෂණය කරලා සෙන්චරි පාටි තිබ්බ සාරුවා ලා ට , චන්ද්‍රපුක්ප ලා ට ආපහු තමුන්ගේ අනාගතේ බාරදෙන්න තරම් මජර හැත්තක් දකුණේ තැන් තැන් වල හිටියාට උතුරේ එහෙම නැති බව එයාල මතක තියා ගන්න ඕන ය. දකුණේ එවුන් පණ දෙන්නේ හරක් වෙනුවෙන් වුනාට උතුරේ එවුන් පණ දෙන්නේ තමුන්ගේ එකෙක් වෙනුවෙන් බව හොඳින් සිහි යේ තබා ගන්න උවමනා ය. නිකන් බබා පාට් දාලා කිච වෙන්නේ නැතුව නීතිය හරියට ක්‍රියාත්මක කරනවා නම හැමෝටම බොහොම සුවදායක බව විභීෂණ මෙතැන් ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නැත.

ඒ කතා කලේ උතුරේ ඇති වෙලා තියෙන තත්වේ ගැනය. දැන් කතා කරන්නේ දකුණේ එවුන් ගිනිපුක්ගාය හදන ඉන්න එක ගැනය.

උතුරේ එවුන් ඇත්තට හෝ බොරුවට හෝ තමුන්ගේ කෙල්ලෙක් වෙනුවෙන් පාරට බැස ඇත. මේ මෙහෙ  ඉන්න සමහර ගස් බල්ලන්ට ඒවා ඉවසන්න බැරිය. උන් හිතන් ඉන්නේ දෙමළ මිනිහා ට උද්ගෝෂණ තහනම් කියලා ය. දෙමල ගෑනු දූෂණය වුනාට එව්වට විරුද්දව නීතිය ක්‍රියාත්මක විය යුතු නැත කියාය. අවුරුදු දෙදාස්පන්සීයක මොකක්දෝ එකක් තියන් ඉන්න මහා ලොකු ප්‍රෞඩ ජාතියට දෙමළා යටවිය යුතුය කියලා ය.ලබ්බ තමයි .

ඒ ඔක්කොමත් හරිය. අර තුන් හාර මාසෙකට කලින් පැරදිලා ත් ගෙදර ගිහින් සැනසිල්ලේ  ඉන්න බැරි , තැන් තැන් වල හොල්මන් කරන මලපෙරේතයා යි එයාගේ අහවල් එක ලෙවකන, මසාජ් කරන පොලිෂ් කරන හේනේ මාමලා ටිකයි දැන් දකුණේ තැන් තැන් වල ගිනි තිය තිය යන්නේ " අන්න කොටි නැගිටිනවා" කියා ය. උන්ට හීනෙනුත් පෙනන්නේ කොටි නැගිටින සීන් මිස වෙන රෙද්දවල් නොවේය. හදිසියේ හරි සත්තු වත්තට එක්ක ගියානම් බඩු බනිස් ය. එතනම ඉඳන් තමුන්ට කඩේ යන කක්කුස්සි මීඩියා ටිකක් එකතුකරගෙන කොන්ප්‍රන්ස් එකක් තියලා අන්න කොටි දෙන්නෙක් නැගිට්ටා තුන්දෙනෙක් නැගිට්ටා , තව එකෙක් නැගිටින්න බලං ඉන්නවා කියලා කියන්නත් බැරි නැත.

මේ වෙනකොට ආරංචි වෙලා තියෙන හැටියට රේප් සීන් එකේ සස්පෙක්ට්ස් ලා ට විරුද්දව වැඩ නොකරන්න සහ නොකරවන්න මුල් වෙලා තියෙන්නේ ඒ කාලේ මරා ට බොහොම හොඳට කඩේ ගිය කාකි කුක්කෙක්ය. මුගේ කුක්කා කම කොච්චරද කියනවා නම් හරියට පරීක්ෂණ කරලා වැරදි කාරයින්ට නඩු දාලා ක්ලෝස් කරන්න තිබ්බ කේස් එක මහා ජනතා උද්ගෝෂණයක් ඇතිවෙන්කන් ඔඩු දුවන්න සලස්වා ඇත. මෙහෙම වුනාම වෙන්නේ එක පිට එක හොරකම් අහුවෙලා පාන් කියාගන්න්නත් බැරිව ගිහින් නප්පියටම කිච වෙලා ඉන්න මලපෙරතයා සහ එයාගේ හොරිකඩ සේනාවට බුරන්න මාතෘකාවක් ලැබීමය. එක එහෙමනම් ප්ලෑන් එක ක්‍රිස්ටල් ක්ලියර් ය. මහා මොළ ටික කවුද කියන එක බොහොම පැහැදිලිය.

මේ රටේ ආපහු යුද්දයක් තියා හර්තාල් එකක්වත් ඇතිවෙනවා ට රටට ආදරේ මිනිස්සු කැමති නැති වුනත්  උඩින් කියල තියෙන මලපෙරේතයාගේ ගෝලයෝ අතේ ඇඟිලි ගෙවෙනකන් ගැන ගැන ඉන්නේ "අනේ යුද්ධය ක්  පටන් ගනින්, අනේ බෝම්බයක් පිපිරියන් " කියාගෙනය. උන්ට ඕනා මොන හු!#ක් ( ළඟදීම විල මැද මඩ බංගලාවට එක්වීමට නියමිත වචනයකි) හරි කරලා ආපහු බලේ අල්ලන්න ය. බැරිම නම් පස්සේ දොරෙන් හරි ඇතුලට රිංග ගන්න ය.මේතරම් කාලකන්ණි රෑනක් ජාතක කරන්න තරම් ලංකාව කරලා තියෙන පාප කර්මේ මොකක්ද කියලා හිතාගන්න බැරිය.

විද්‍යා කෙල්ල ට ඒ අපරාදේ කරපු එවුන් ඇත්තටම තිරිසන්නු ය. පවුලේ මහා එවුන් එක්ක තියෙන තරහට අහිංසක දරුවන්ගෙන් පලිගන්න තරම් උන් සක්කිලියන් ය, මනුස්ස නාමයක් නැති අමු පරයින් ය.

සිංහලද දෙමළද නැත. උන්ට නීතියෙන් දඬුවම් හිමිවිය යුතුමය. නොවුනොත් සොබාදහමෙන් නිසි කලට නිසි පනිෂ්මන්ට් අනිවා ඇන්ඩ් ඩෙෆා ය.

එත් මීට දවස් කීපෙකට කලින් මාතලන් මේ සිද්දිය ගැන කියනකන් ලියනකන්  දකුණේ එකෙක්වත් , එක වෙබ් හෝ බ්ලොග් සයිට් එකක්වත් මේ ගැන හාන්කවිස්සියක් දැනන්  හිටියේ නැත. ඒ තාමත් අපි උන්ටවත් උන් අපිටවත් සහෝදර සහෝදරියන් නොවන නිසා ය.

ඒ පොස්ට් එකේ කියනා පරිදිම තාමත් අපිට උන් එපේ එවුන් නොවේය. බයියන්ට උතුර නැගෙනහිර මේ රටේ කොටසක් ද නොවේය. හෙළුවෙන් ඉන්නා බයි නායක සහ කාරකාදීන් දැන් ජාතිවාදය නමැති පඩංගු වෙන් හෝ හෙළුව වසා ගන්න මේ වෙලාවේදී සෑහෙන ගේමක් ය. මහජනතාව දැන් ප්‍රවේසම් විය යුතුය. නොවුනොත් වෙන දේ දැනගන්න 1983 කාලේ ජීවත් වෙච්ච එකෙක්ගෙන් අසා දැනගැනීම බොහොම ප්‍රයෝජනවත් වෙනු ඇත.

හැමෝම අනුන්ගේ පානින් හරි  එලිය බලන්න ලැස්ති වෙන කුහකයෝ සැට් එකෙක් ය. උතුරේ වගේම දකුණේත් මහජනතාව කියලා හඳුන්වන කට්ටිය මේ පිස්සු බල්ලන්ගෙන්  පරිස්සම් වෙන්න උවමනා ය. රැවටුනොත්  තව අවුරුදු ගානකට සොරි ඩොට් කොම් ය.

විභීෂණ අද පොස්ටුව ඉවර කරන්නේ මාතලන් ලියා තිබූ වචන කීපයකිනි.

"ඊයේ පෙරේද අති දරුණු ලෙස දූෂණය කොට මරා දැමූ, යාපනේ කයිට්ස් දූපතේ සිවලෝගනාදන් විද්‍ය නම් 18 හැවිරිදි දියණියයි. අපේ කිසිවකු හෝ එ වෙනුවෙන් ඉන්දියාවෙ නවදිල්ලියේ රේප් කේස් එක තරම් වත් කතා බහ කලාද? ඉන්දියාවේ කෙල්ලන් කෙරෙහි ඇති දුකක් ගනගාටුවක් වත් ලක් දියණියක් වූ ඇය කෙරේ නැත්තේ ඇයි?
බුකියේ පෝස්ට් නැත්තේ ඇයි? කවි ලිය නොවෙන්නේ ඇයි?. නිව්ස් එකක් නොවෙන්නේ ඇයි? දැනෙන්නේ නැත්තේ ඇයි? කොටකෙතන මව අපේ මවක් වෙද්දි, ඇය අපේ දියණියක් නොවන්නේ ඇයි.? මේවාට උත්තර අප අපගෙන්ම අසා ගත යුතුවා මිස, වෙන කෙනෙකුන්ට එල්ල කළ යුතු ප්‍රශ්ණ නොවේ. ඇයත් ලක් මවගේ දියණියක් වූ දිනයක, මේ රටට සූර්යයා උදා වනු ඇත. එතෙක් මේ රට අඳුරු ගෝත්‍රික සෙවනැලි වලින් පිරිණු, මිනී කන්නන්ගේ දේශයක් පමණි."


එහෙනම්,

අදට ඇති,

ගොහින් එන්නම් ..



34 comments:

  1. විභී.. පුන්කුඩුතිව් වල හිටියේ ත්‍රස්ථවාදීන් වත් උන්ගේ පවුල් වල උන්වත් නෙවෙයි.. යුද්දයේ කෲරත්වයෙන් වැඩිපුරම බැටකාපු දෙමළ මිනිස්සු කොටසක්.. හැම පැත්තෙන්ම මිරිකිලා.. මේ කියන සෝබන සංවර්ධන කතා එකක්වත් අදටත් ඒ පැත්තට වලංගු නෑ. එහෙම පරිසරයක අවුරුදු 19ක් ඇති දැඩි වෙච්චි දරුවෙක් කාගේ මොන උවමනාවකට හරි මෙහෙම ඉරණමකට ලක් උනාම එතන ටිකක් වැඩිපුර අසාධාරණයක් තියෙනවා.. සොබාදර්මයෙන් පවා..
    වට් හැපන්ඩ් නෙක්ස්ට් ඊස් ඕල් බ්ලඩි පොලිටික්ස්.. හේට් දැට්.

    ReplyDelete
    Replies
    1. මාත් හිතන්නේ මේ කතාවේ විග්‍රහය පටන් ගන්න ඕනේ කයිට්ස් පැත්තේ තිබෙන ආර්ථික, සාමාජික, සංස්කෘතික, සාධක පිළිබඳව විග්‍රහයක් කරමින්. කිසිම මාධ්‍යයක් නිවැරදිව ඒ වැඩේ කරලා තිබුනේ නැහැ කියලයි මමත් හිතන්නේ.

      මේ මිනිස්සුන්ව උපකරණ මෙන් පාවිච්චි කරන, උන්ගේ පිටින් තම දේශපාලන අරමුණු ඉටුකරගන්න, උන්ව ඉදිරියට දමා දකුණේ ජනතාව සමග ඇති එදිරිවාදිකම් පිරිමහ ගන්නට උත්සාහ කරන, දේශපාලන වසලයන් (දකුණේ මෙන්) සිටින බව රටට ඒත්තු ගැන්විය යුතුයි. නැත්නම් දකුණේ මිනිස්සු හිතන්නේ තවමත් කොටි සංවිධානය උතුරේ තිබෙන බවයි.

      Delete
    2. පුහ්.... හරියට කෝප වෙලානෙ... ව්ද්‍යා වෙනුවෙන් හොටු පෙරාගෙන අඩනවා, පැරදුනු බයියො දේශපලන වාසි ගන්නව කියල ගොරවනවා....දකුණෙ සිංහල කිවුවොත් ජාතිවාදී ජාතිවාදී කියල ඇගේ මයිල් කෙලින් වෙන්වා........

      ස්ත්‍රී දුෂණ වලින් හොදම දේශපාලන වාසිය ගත්තෙ

      1. ප්‍රේමවතී මනම්පේරිගෙ මිනිය කරේ තියාගෙන ගිය ප්‍රේමදාස

      2. තමන්ගෙ ප්‍රධාන ආරක්ෂකය වෙච්ච ගෝණවල සුනිල් අවුරුදු 14ක දැරියක් දූෂණය කරල හිරේ ගියහම ජනාදිපති සමාවක් දිල එළියැත අරගෙන දිවයිනටම සාමවිනිසුරු පදවියක් දීල විරුද්ධ පාක්සිකයන්ව මරන්න යොදාගත්ත "රනිල්"

      3. කොටි ඉසිප්‍රියාගෙ මිණිය විකුණපු එල්ටීටීඊ , එන්ජීඕ නඩේ

      4. පහුගිය චන්දෙදි කොටකෙතන, ගාල්ලෙ සිද්ධවෙච්ච ස්ත්‍රී දුෂණ අපේ යහපාලන පාණ්ඩුව ආවහම වෙන්නෙ නැතෝ...යහපාලන ආණ්ඩුවෙන් ස්ත්‍රී දුෂ්ණ නිට්ටාවට නිවාරණය වෙනෝ.... කියපු, සෝබිත, සරත් විජේසූරිය හා උන් පස්සෙ ගිය රැළ


      මිසක් මහිදවත් ලංකාවෙ තමන් සිංහල කියල කියාගන්න මිණිස්සුවත් නෙමෙයි

      Delete
    3. @ කල්‍යාණ මිත්‍ර25 May, 2015 00:24

      //පුන්කුඩුතිව් වල හිටියේ ත්‍රස්ථවාදීන් වත් උන්ගේ පවුල් වල උන්වත් නෙවෙයි.. යුද්දයේ කෲරත්වයෙන් වැඩිපුරම බැටකාපු දෙමළ මිනිස්සු කොටසක්.//
      ---ඇත්ත බන්, එත් ඉතින් ඕක අපිවත් උන්වත් හරියට තේරුම් අරන් නැහැ වගේ කියල තමයි හිතෙන්නේ.



      @විචාරක - Wicharaka25 May, 2015 06:58
      //මේ මිනිස්සුන්ව උපකරණ මෙන් පාවිච්චි කරන, උන්ගේ පිටින් තම දේශපාලන අරමුණු ඉටුකරගන්න, උන්ව ඉදිරියට දමා දකුණේ ජනතාව සමග ඇති එදිරිවාදිකම් පිරිමහ ගන්නට උත්සාහ කරන, දේශපාලන වසලයන් (දකුණේ මෙන්) සිටින බව රටට ඒත්තු ගැන්විය යුතුයි//
      --ඔන්න ඕක තමයි හරියට ම අපි තේරුම් ගන්නත් ඕන සහ අනිත් එවුන්ට තේරුම් කරන්නත් ඕන. එත් ඉතින් අපේ ලොක්කෝ කරන්නේ වෙන මක්කදෝ මගුල් අපේ එවුන්ගේ ඔලු ඇතුලට රිංගවන ඒකනේ...

      Delete
    4. @chamara Taranga01 June, 2015 12:31

      එතකොට සම්පත් චන්ද්‍රපුක්ප, සාරුවා සුනිල් කියන්නේ කවුද?

      Delete
    5. @chamara Taranga01 June, 2015 12:31

      උන්ගේ සෙන්චරි පාටි වලට ගියේ , රේප් ඇල්බම් රහ කර කර බැලුවේ කවුද?

      උඹේ නෑයෝ ද?

      Delete
    6. @ විභීෂණ II01 June, 2015 19:53

      සමපත් චන්ද්‍රපුෂ්පවත් ,සාරුවවත් රනිල් කලා වගෙ මහින්ද මැදිහත්වෙලා බෙරගත්තෙ නැ.

      "උන්ගේ සෙන්චරි පාටි වලට ගියේ , රේප් ඇල්බම් රහ කර කර බැලුවේ කවුද? "

      උබවගෙ කුලියට මඩ ගහන මඩ කරි වෙන්න ඕනැ එවගෙ දෙවල් වල රසවිදින්නෙ. මඩකරින්ට මඩ රසයි ගුණයි සුවදයිනෙ


      "උඹේ නෑයෝ ද? "

      මගෙ නැයො අතර කවුරුවත් උබ වගෙ අවජාතකයො නැ. උබවගෙ මඩකරි මඩ නාගෙන මඩත් එක්ක කුණුවෙලා යනවා..


      ලොකු කයිවාරු ලියන්න ඕනැ නැ උබ වගෙ කුළියට මඩනාන මඩකරිනෙ දැන් ව්ද්‍යාව විකණගෙන දව්සට 2000/- ගානෙ ගන්නෙ

      Delete
    7. මහින්දයා "මැදිහත්" වෙලානම් අර ඩබල ව බේර ගත්තේ නෑ තමයි. අච්චර බල තල තියෙද්දී මොන එහෙකටද මැදිහත් වෙන්නේ. සයිඩ් එකේ බැරිනම් ඉන්විසිබල් වෙලා හරි ඕන ගේමක් දෙන්න පුලුවන්න් නේ . අන්න එක තමයි කලේ.

      =========
      රේප් පාටි යට උඹට යන්න බැරිවුනාට මචෝ උම්බ්ලාගේ නියෝජිතයෝ කියලා හඳුන්වපු කොටසක් එහෙ ගිහින් තිබ්බ. අප්පොච්චා ගේ ලොකු අයියා, ඩලසා එහෙමත් ඉඳල තියෙනවා. උඹව අමතක වෙන්න ඇති.

      ==============
      හරි දුකයි නේ...පවු අප්පා අසරණයා....

      Delete
    8. ". අච්චර බල තල තියෙද්දී මොන එහෙකටද මැදිහත් වෙන්නේ. සයිඩ් එකේ බැරිනම් ඉන්විසිබල් වෙලා හරි ඕන ගේමක් දෙන්න පුලුවන්න් නේ . අන්න එක තමයි කලේ. "

      "දෙන්න පුළුවන්නෙ. අන්න එක තමයි කලේ." -- එහෙම කලානං රනිල්ගෙ ගෝලයො වගෙ උන් බේරෙන්න එපායැ.

      ඒකෙන්ම තේරෙනව මේව උබගෙ උපකල්පන විතරක් බව.

      දැන් මෙකෙන්ම උබ ලියපු එව ඔක්කොම නිකන් හිතළු බව තේරෙනවනේ මෝඩ මඩකරියො.

      -----------------------------------------------------------------------------------------


      "ප්පොච්චා ගේ ලොකු අයියා, ඩලසා එහෙමත් ඉඳල තියෙනවා. "

      "ඉදල තියනව" - ආයිත් උපකල්පනය

      ඩලස් එහෙම හිටියනං උඹවගේ තුට්ටු දෙකේ මඩකරියෙක් කියන්න කිලින් මේ රටේ විරුද්ද පක්ෂේ දේශපාලකයෝ ඒක රටට කියනවා. එහෙම දෙයක් අද වෙනකන් වෙලා නැ.

      මෙකත් අර ජාතියෙමනෙ. හිතළුනෙ

      -----------------------------------------------------------------------------------------------------

      ****** අසරණය ගැන දුක තමයි**************

      ආත්මයක් නැතුව කුලියට මඩනාගන්න උබ වගෙ අසරණ මඩකරි ගැන.

      උබට කන්න බොන්න නැතිනං කුලියට මිනිස්සුන්ට මඩ ගන්හන්නෙ නැතුව ඔයිට හොදයිනෙ උබගෙ අම්මව හරි, ගැණිව හරි මරදාන පැත්තෙ ඇරල කීයක් හරි හොයාගන්න එක.

      Delete
    9. අඩේ ..දැන් තමයි උඹ කවුද කියන එක හරියටම හොයාගත්තේ.

      උඹ නම් දන්නවා ද දන්නේ නැහැ..මේ රටේ ඉන්නවා 2015 ජනවාරි 8 වෙනිදායින් පස්සේ ඇස ඇරිච්ච , එහෙම ඇස ඇරලා මොකක්ද යකෝ මේ වුනේ කියලා බෙරිහන් දෙන සැට් එකක්.
      මේ රටේ වෙන්නේ මොනවාද , නොවෙන්නේ මොනවද , වෙන්න තියෙන්නේ මොනවද කියල වගේ වගක් නැතිව උන් ෆුල්ම ෆුල් ආතල් එකේ හිටියා අවුරුදු දහයක් ම, අඩුම ගානේ පහක්වත්. ඒ මොකද ආයේ ලොවෙත් මහින්ද හැර වෙන එකෙක් මේ රට පාලනය කරනේ නෑ කියලා හිතුනු නිසා. උන් විතරක් නෙවේ මහින්දයත් එහෙම තමයි හිතන් හිටියේ.

      පැරදුනාට පස්සේ තමයි හැමෝගෙම ඇස් ඇරිලා වට පිට අතගාල හොයන්නේ මොනාද වුනේ කියලා.

      උන් ඒ නින්ද ට යනකොට මහින්ද යි එයාගේ ගොලයෝයි හොඳට රට පාලනය කළා. එත් කට්ටිය නිදාගන්නකන් ඉඳලා ලොක්කා ගේම දුන්නා රට නැති බන්ගස්ඨාන වෙන්නම. එත් මිනිහා හිතුවේ නැහැ ඇහැරිලා හිටපු කට්ටියකුත් ඉන්නවා කියලා. අන්න එතන තමයි එයාටයි , එයාගේ දිස්නෙට ගිනිකන වැටිච්ච බයි පරපුරටයි වැරදුනු තැන.

      දැන් ඉතින් හීන කුඩු වෙලා , කිරි මුට්ටි ටික සේරම ගඟේ ගිහින්.ගඟට උඩින් යන කොක්කු ගැන ගැන තමයි ඉතින් උන්ට ඉන්ට වෙලා තියෙන්නේ.

      ---------------
      තාමත් ඉන්නේ නිදිමරගාතේ වගේ නේද?

      මොනා කරන්නද..
      -------

      සාරුවා ගේ පාටියේ ඩලසා හිටියා කියලා විපක්ෂේ එවුන් කිව්වා. හොයාගෙන බලහන් අනුර දිසානායකගේ පාර්ලිමේන්තු කතා .

      උඹලා ට ඇහෙන්න නැතිව ඇති. ඒකාලේ උඹලා ෆුල් සපාන් එකේ දපා තියලා දොයි නේ. මොකෝ නිවුස් බලන්න ඕන එකක් යැ. අප්පොච්චා ඉන්නවානේ.

      විපක්සෙ එවුන් දිගටම ඒ ගැන කතාකරපු හින්දා තමයි අන්තිමේදී ඌව කොටු කරන්න සිද්ද්ද වුනේ. එකත් වුනේ කොච්චර කාලෙකට පස්සෙද?



      Delete
  2. මේ යෙදුම මම දැකලා තිබුණට පාවිච්චි කරලා නෑ අද වෙනකං. අද පළමු වතාවට උඹට පාවිච්චි කරනවා විභියා... "Well said"
    බුකියෙ? මතක් කරන්න එපා ඔය මගුල. ඒකෙ පිණුම් ගහන්නෙ පෙරේතයො. හොඳ දෙයක් කලා එ්ක හරහා. ඒ වුනාට දැන් ඒකෙ අරක්ගෙන ඉන්නෙ පෙරේතයො, කුම්භාණ්ඩයො, මළ යක්කු.

    ReplyDelete
  3. අදයි තේරෙන බාසාවකින් ලිපියක් කියෙව්වේ......වැරද්ද කරපු එවුන් තිරිසන්නු....ඒ මල මිනිය විකුනං කන්න තනනවුන් මහා තිරිසන්නු

    විල මැද බංගලාව කීවේ! අර ජනේලෙන් එබික්කම් කරන බංගලාවද​?

    ReplyDelete
    Replies
    1. ඉට්ස් ඕකේ මචන්..

      -----
      විල මැද බංගලාව කියන්නේ බන් අර ඉස්කෝලේ ළමයි ඉස්සරහ කුණුහරුප කියන නාකි පකයෝ ඉන්න අම්බලමනේ...

      Delete
  4. මොනව වුණත් ඇත්ත කතාව. ඉන් එහාට කියන්න දෙයක් නෑ.

    ReplyDelete
    Replies
    1. එහෙනම් එච්චරයි...

      -----
      උඹට ඔහොම් වුනාට , සම හරක් ට මොකක්දෝ අවුලක් ගිහින්...

      දකින්න ඇතිනේ...

      Delete
    2. එහෙනම් එච්චරයි...

      -----
      උඹට ඔහොම් වුනාට , සම හරක් ට මොකක්දෝ අවුලක් ගිහින්...

      දකින්න ඇතිනේ...

      Delete
  5. //උතුරේ මිනිස්සු ඇවිස්සිලා තියෙන්නේ ඇත්තම කියනවානම් අවුස්සලා තියෙන්නේ කෙල්ලව දූෂණය කරලා මරලා දාපු එවුන්ට "ඉක්මනට" නීතිය ක්‍රියාත්මක නොකිරීම ගැනය . මෙව්වා හරි පුදුම ඇවිස්සීම් ය. හරි ලස්සන ජාති හිතයිසී කතා ය.//

    මේ කතාව වැරද්යි... ඒ මිනිස්සු විරෝදය දක්වන්න පටන් ගත්තේ ඔවුන් විසින් අල්ලා පොලිසියට බාර දෙන ලද කොලඹ නීති පීටාදිපති තමිල්මාරන් ගේ කසින් වන සුවිස් තට්ටයා ව තමිල්මාරන් සහ එ ජා ප මන්ත්‍රිනී මහේස්වරන එකතුවී මිලියන් දහයක පගාවකට කොලඹ පැටවූ නිසාය.

    කරුනු හරියට හොයා තීරන ගන්න..... බොග් ලියන්න....

    ReplyDelete
    Replies
    1. උඹ කියනකම්ම තමයි මේ හිටියේ...

      Delete
  6. මෙම ක්‍රිස්තියානි ලේඛකයාට මෙම ලිපිය ලිවීමේදී යම් දුෂ්කරතාවයක් ඇතිවී තිබේ. එනම්,
    මෙම ලිපිය ලිවීමේදී, සුපුරුදු ක්‍රිස්තියානි ක්‍රමයට දෙමළා දෙවියකු ලෙසත්, සිංහලයා බල්ලෙකු ලෙසත් දැක්වීමට
    අපහසු නිසා ආරම්භයේදී දෙමළ ජාතිවාදයට සුලු විවේචනයක් දක්වා ඇති අතර,
    ඉන්පසු එය දඩමීමා කරගෙන සුපුරුදු පරිදි දෙමළ වන්දනාවත්, සිංහලයන්ට නින්දා කිරීමත් අවසානයේදී,
    මහින්ද රාජපක්ෂ මහතාට අපහාස කිරීමත් කර ඇත. සිංහල බෞද්ධයන් මෙවැනි අවස්ථාවලදී අවබෝධයෙන් කටයුතු කල යුතුය.

    ලේඛකයා මතුකරන මෙම කරුණ පැහැදිලි කල යුතුය.
    //දකුණේ එවුන් පණ දෙන්නේ හරක් වෙනුවෙන් වුනාට උතුරේ එවුන් පණ දෙන්නේ තමුන්ගේ එකෙක් වෙනුවෙන් බව හොඳින් සිහි යේ තබා ගන්න උවමනා ය.
    මෙයට එකම හේතුව දෙමළාගේ ඇති විශේෂ හොඳක් නිසා නොව දෙමළ වර්ගවාදියාට තම දේශපාලන අරමුණු සඳහා හින්දු ආගම පාවිච්චි කිරීමට නොහැකි

    වීමයි. හින්දු ආගම දේශපාලනයට යොදාගත හැකිනම් දෙමළුන් එය නොකරාවි යැයි නොසිතිය යුතුය.

    ReplyDelete
    Replies
    1. ඒ අතින් බලනකොට හින්දු ආගම වාසනාවන්තයි..

      මෙහෙ ඉන්න සිංහලබෞද්ධයෝ කන්න, බොන්න , රෙන්න, ගමන් යන්න, මගුල් කන්න, වගේම දේශපාලනයට, පගාවට, අවනීතියට, වර්ගවාදයට , මිනිස් සංහාර වලට ත් පාවිච්චි කරන්නේ බුද්ධාගම ය.

      Delete
    2. මම ලේඛකයෙක් නොවේ , සාමාන්‍ය බ්ලොග් කරුවෙක් පමණි.


      Delete
  7. විබියා අන්න ගැලපෙන නම.......... කේන්ති ගන්න එපා මචෝ...... අපි හදවතින්ම සිලංකික ජාතියක්නේ

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ මැලේ යෝ

      Delete
  8. අතර මැද නතර වූ උතුර
    වම දකුණ මාරු වූ දකුණ

    ReplyDelete
  9. බටහිර කුමණ්ත්‍රන මොනවත් තාම නැද්ද?
    අගමැතිවෙන්න විදුලි පුටුව ප්‍රයෝජනවත් නැද්ද?
    උතුර විතරද හරක් චන්ද ගන්න පාවිච්චි කරන්න පුලුවන්?

    ReplyDelete
    Replies
    1. කවුද දන්නේ බන්...

      මම හිතන්නේ බටහිරට හරි මහන්සි ඇති මේ දවස් වල...

      විදුලි පුටුවේ පියුස් ගිහිල්ලය කියන්නේ..

      Delete
  10. මාතලංට එකෙම්ම එකඟයි වගේම මේ සිද්ධියෙදි අපේ ගෞරවය දිනාගැනීමටත් මාතලං සමත් ‍වුනා...

    මේ කොටස මගෙ හිතට ඇල්ලුවා:
    ///හදිසියේ හරි සත්තු වත්තට එක්ක ගියානම් බඩු බනිස් ය. එතනම ඉඳන් තමුන්ට කඩේ යන කක්කුස්සි මීඩියා ටිකක් එකතුකරගෙන කොන්ප්‍රන්ස් එකක් තියලා අන්න කොටි දෙන්නෙක් නැගිට්ටා තුන්දෙනෙක් නැගිට්ටා , තව එකෙක් නැගිටින්න බලං ඉන්නවා කියලා කියන්නත් බැරි නැත.///

    ReplyDelete
    Replies
    1. ඕකේ..ඕකේ...තැනක් යූ ..ඩ්‍රැකී

      Delete
  11. දෙමෙල්ලු ජාතික ගීය දෙමලෙන් කීවාම සිංහලයාට අහිමිවන්නේ මොනවාද?

    දෙමලියක් දූශණය කර මැරුවාම සිංහලයාට අහිමි වෙන්නේ මොනවාද?
    මොනව හරි අහිමි වෙනවානම් අපිත් මේකට විරෝධතා දක්වමු. නැත්තම් ආතල් එකක් ගම්මු.

    ReplyDelete
    Replies
    1. ඕකේ. අපිත් එන්නම්...

      Delete

කමෙන්ට් කලාපය....