2015-05-17

විරහව ලද මතකය


පළමු රැකියාව ය.
ගොස් වසර දෙකක් පමණය
 
ඇය පහල නිලයකය
මට පියවරක් පමණ .
මගේ නිලයට ම ඇය 
උසස් විය ටික කලකින්ම .
අලුත් ජොබ් එකේ 
අලුත් දේවල් 
දැනකියා ගන්න ඈ 
ආවේ නිතරම මා ගාවටය
දිනපතා දැකපුරුදු කම නිසා 
ඇතිවුණු හිතවත් කම 
ටිකින් ටික සුහද මිතුරුකමක් බවට, 
තවත් කල් යද්දී දැඩි මිතුදමක් බවට ,
තව ටික කලකින් 
මට ඇය ව  වත් 
ඈට මාව වත් 
නොදැක සිටීමට බැරි 
අමුතු සුන්දර බැඳීමක් 
ඇතිවුනේ අපි නොදැනුවත්වමය.

ඒ දවස සෙනසුරාදාවක් ය.
මම මගේ ටේබල්  එකේ වැඩ .
ඇය ඇගේ ටේබල් එකේ වැඩ
ඔන්න ආවා 
අමතක නොවන ඒ දුරකථන ඇමතුම.
කතාවුනු දේවල් 
අති බහුතරය වල්පල් ය.
ඔක්කොම කතා 
අවසාන කොට , 
අවසානයේ ඈ ඇහුවේ 
"........., ඔයා මට ආදරේද?"

"ඔවු මම ඇත්තටම "
ඒ පිළිතුර මගෙන් ය,

එතැන් සිට එදා සිට
දෙදෙනාම සිහින ලෝකවල ය.
දෙන්නාගේ මොබයිල් දෙක 
24 x 7 නිවුස් චැනල් වගේ
එක දිගටම කලේ
අපේ මල් කැඩීම ට 
සහය දීම ය.

වැඩට ගොස් ගෙදර ඇවිත් 
පැයක් දෙකක් යනකන්
කන රත්වෙනකන්
ෆෝන් වල බැටරි උණු වෙනකන්
අපි දෙන්නා හර බර රස බර කතා ය

වැඩට ගියත් අපි එකට ය
ඔෆ්වෙලා ආවෙත් අපි එකට ය
ට්‍රිපක් ගියත් අපි එකටය,
එක්කෝ මගේ කකුලක් උඩ 
එහෙම නැත්තන් මගේ උරහිස උඩ
ඈ හිස තබා ගත්ත වනම ය

මා එක්ක තුරුල් වෙලා ට්‍රිප් ගිය හැටි,
යාලුවන්ගේ මල ගෙවල් වල 
පුටු ඇඳි වල
කොඳු නමාගෙන
නිදි මර මර 
මදුරුවෝ තල තල 
නිදාගත්ත හැටි,
තාමත් අද වගේ මතක ය

ටික දිනක් ගතවිය
එහෙත් මෙහෙත් ගෙවල් වලට 
බඩු මාට්ටු වේගෙන එන බව 
වටින් ගොඩින් දැනුනේය
එයා වගේම මමත් 
ඒ හැම වෙලේම ගෙවල් වලට
"නෑ ..එහෙම එකක් නෑ" කියන උත්තරේ 
දෙන්න සිද්ද වුනේ බයට මය.

ඒ බොරුවට වැඩි කල් ආයුෂ නොවීය
අවසානයේ සියල්ල එළිවිය
හැංගි හොරා වෙස් බැන්ද අපිට
සියල්ල ඉදිරියේ නටන්න සිදු විය
නඩුව ගෙදර උසාවියට ඉදිරිපත් විය

ඇගේ
හැඩරුව ලස්සනය,
කතාබහ හොඳ ය,
සංවරකම ඉස්තරම් ය

මගේ
ගතිගුණ හොඳය 
ප්‍රියමනාපය

ඒ අපි දෙන්නාට 
ගෙදර උසාවි වලින් ලැබුණු
ප්ලස් පොයින්ට් කීපයක් ය

ආගම වෙනස් ය
වයස වැඩිය


ඒ ,
දෙන්නාගේ ම හීනෙට වැදුණු 
කාලතුවක්කු උණ්ඩ දෙක ය.

සිහින කුඩු විය
දෙන්නාටම බරපතල තුවාල සිදුවිය
ආයේ නැගිටින්න බැරිම ලෙස
සදාකාලික ලෙස
දෙන්නාගේ ආදරය
කාලතුවක්කු ප්‍රහාරය හමුවී
අබාධිත විය,

අතිශය දරුණු
මාපිය විරෝධය හමුවේ
වසරකට වඩා වැඩි හිතවත් කමට,
සමසකට නොවැඩි 
සොඳුරු ආදර කතාවකට 
තිතක් තැබුණි,
නැවතඇරඹුමක්
ඇති නොවන්න ටම.

ගෙවී ගොස් 
පස් වසරක් ම

ඈ අද 
බිරිඳක් ව
ආදර සැමියෙකුට
මවක්ව
පුංචි ලස්සන කෙලි පැටික්කියකට
මිතුරෙක්ව නැවතත්
එදා ආදරය කල
ඒ කොල්ලා ට
දුක්වෙමින් හැමදා 
මා අමතන මොහොතක් පාසා
එදා ලැබුණු අමිහිරි පරාජය ගැන

කිසිවක් කල නොහැක අද
දෙන්නා ගෙන් කෙනෙකුටවත්
සියල්ල සිදුවී අවසාන වී ඇත
කාලය නමැති විනිසුරුවා
විසඳා ඇත අවනඩුව


---------------
පසුවදන
=======
විභීෂණ අද යූටියුබේ රස්තියාදු වෙන වෙලේ අහම්බෙන් වගේ දැක්ක සින්දුවක් හින්දා විභීෂණ ගේ පරණ යටගිය මතක ගොන්නක් ආපහු ඇවිස්සුනේ හිතාගන්නවත් බැරි ලෙසකය. 
වීඩියෝ එක දකින දකින වාරයක් ගානේ විභීෂණ  ඒ සොඳුරු අතීතයට නැවත නැවත ආදී යන්නේය.

ඒ දේවල් මතක් වෙන මතක් වෙන වාරයක් පාසා පපුව හෝස් ගාලා පත්තුවෙන්නේ ඒ මගේ ප්‍රථම ලව් එක නිසාය. ඉවරවුනේ අපි දෙන්නාටම විරහව ඉතිරි කරමින් ය. කවුරුත් කාටවත් බූට් දුන්නේ නැත. එත් දෙන්නාටම බූට් රස බැලිය හැකි විය.

උඩ ලියලා තියෙන්නේ මොකක්දෝ රටාවකට ආපු වචන ගොන්නක් මිස කවියක් නොවේය. විභීෂණ දන්නා කවි කෙලියක් නැත. ඒ නිසා කවි රස බලාපොරොත්තුවෙන් මේ කියවා මළ පිටවුනා නම් ඒ වෙනුවෙන් විභීෂණ සමාව ඉල්ලන්නේය.

මේ තියෙන්නේ අද හවස විභීෂණ ව චකබ්ලාස් කල ඒ සින්දුවය.
පුළුවන් නම් මේ සින්දුවට ත් ලස්සන කතාවක් ගලපලා ලියන්නන කියලා බ්ලොග් ලෝකේ මගේ සුමිතුරු මනොෂ් සඳරුවන් ගෙන් ඉල්ලීමක් කරන්න විභීෂණ කැමතිය.




එහෙනම්,

ජය වේවා,

පොස්ටුව දිග වැඩිනම් සමාවෙන සේක්වා...

36 comments:

  1. සමහර යු ටුබ් වීඩියෝ බලද්දී අහද්දී මතක ඇවිස්සිලා හිත කුඩුවෙන වාර අනන්තයි බන්.. අනේ මන්දා බන් අම්මල තාත්තලා නිසා දරුවෝ තමන්ගේ ජිවිතේ සතුට නැති කරගන්න එක කවදා නවතීද මන්දා. :((

    ReplyDelete
    Replies
    1. ඔව්වා ඉතින් මේ වගේ ගෝත්‍රික ජනතාවක් පවතින තාක් තියෙයි...

      මොනා කරන්නද ඔමා....

      Delete
  2. බොරු මොකටද? ඒක දුර්වල ලව් එකක්. අනිත් බැමි ඊට හයියට තිබිලා තියෙනවා. දෙන්නාගේ ම හිත් ඇතුලේ පොඩි කුකුසකුත් තිබිලා තියෙනවා ඒ "නොගැලපීම්" ගැන.

    දැනුත් එහෙම නම් හොඳයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත රසික,

      එක බොහොම දුර්වල ලව් එකක්. එකම විශේෂත්වය එක ප්‍රථම ප්‍රේමය වීම.

      බොහොම සන්තෝසෙන් දෙන්නම වැඩේ කරගෙන ගියාට දෙන්නම බොහොම බයෙන් හිටියේ අර කිව්වා ෆැක්ටර්ස් දෙක කොයිවෙලේ හරි ලොකු ප්‍රශ්නයක් වෙනවා කියල..
      -----------
      ගිනි පෙලෙල්ලෙන් බට කා ඇත. කණාමැදිරි එලි ගැනත් ඉන්නේ පරිස්සමෙන්.

      Delete
    2. රසික ඒක හරියටම කියල තියනවා.

      Delete
  3. ගෙවල් වලට හොරෙන් කරන ලව් තියෙනවා නේද? පුදුමාකාර රහක් තියෙන්නෙ. දෙපාර්ශවයේම ආශිර්වාද මැද්දෙ කෙරෙන ලව් මෙලෝ රහක් නෑ.
    මනෝෂයානං ලියයි මේං කියලා. ඒ උනාට උඹ මේ දාල තියෙන කතාවෙ ඉට්ටැයිල් එකට මං මනාපයි.

    ReplyDelete
    Replies
    1. තැනක් යූ මාධවී..

      -------
      ඒ කාලේ එව දේ හරි රහයි තමයි බන්...එත් ඊට පස්සේ බොහොම තිත්තයි...
      -------

      මට වඩා හොඳට මේ වගේ දේවල් ලියන්න පුළුවන් ඉතින් මනොෂ් ටම තමයි..

      Delete
  4. මම නම් බැන්දේ අක්කා බඩුවක්.. වලි පිට වලි ආවත් මම බැන්දේ මට ඕන එක...

    ReplyDelete
    Replies
    1. මාතලන් ගේ ලක් එක තමයි ඉතින්...

      නැද්ද මං අහන්නේ හිටං...???

      Delete
    2. ෂුහ්...අක්කලානොවැ ටොප්!

      Delete
  5. මීට කලකට ඉහතදී මේ කතාවට 100% ක් සමාන කතාවක් මට ටිකෙන්ටික කිව්වා මගේ අඩවිය බලන රසිකයෙක්. ඔහු මට සතියකට වරක් පමණ ඊ මේල් එවමින් තමන්ට වඩා වයසින් වැඩි පෙම්වතිය නිසා ඔහුගේ පාර්ශ්වයත් අයගේ පාර්ශ්වයත් අතර ඇතිවී තිබෙන ප්‍රශ්න ගැන කියමින් මගේ උපදෙස් පැතුවා.

    මා ඔහුට දුන් පළමුවැනි උපදෙස වුණේ හදිසි තීරණ නොගන්නා ලෙසයි. අවසානයේ කුමක් වූවාදැයි මා දන්නේ නැහැ. ඔහු මට ඊ මේල් එවීමත් කමෙන්ට්ස් දැමීමත් නැවැත්තුවා. මගේ සිතේ සියුම් වේදනාවක් තිබෙනවා ඔහු ගැන.

    හේතුව මමත් ප්‍රථම ප්‍රේමයෙන් පරාජිතයකු වීම නිසා.

    ReplyDelete
    Replies
    1. ඔහුට හොඳක්ම සිද්ද වෙන්න ඇති...
      මොනා වුනත් හදිසි තීරණ ගැනීම බොහොම භයානකයි...

      -------
      බොහෝ දෙනෙක් පළමුව පරාජිතයි...

      Delete
  6. අක්ක කසාද ගැන මාත් ලිව්වා කලින්.. ඒත් බං මිත්‍රත්වය ප්‍රේමයට හැරවුනාම ඒක.. මට හිතාගන්න බෑ.. මං මේ දවස් වල ලියන කතාවත් ඒ වගේ..

    ReplyDelete
    Replies
    1. එක තමයි දෙශෝ..

      ඒක එක්තරා සුන්දර හැගීමක්....
      බොහොම සුන්දර දෙයක්...

      Delete
  7. උඹ තාම එතැනමද? උඹ වෙනසක් කරගත්තේ නැද්ද මචෝ?

    ReplyDelete
    Replies
    1. ළඟදීම සිරගත වීමට නියම වී ඇත...

      Delete
  8. ඔය නෙගටිවු වෙච්චි හේතු දෙකම විකාරනෙ බන්. ආගම තමන්ට ඕන එකක් අදහගෙන හිටියම ඉවරනෙ .ආගම කියන බඩකඩුත්තුව ඕනමනං ඉතින්.
    කෙල්ල කොල්ලට වඩා බාල වෙන්න ඕන කියන එකත් මිත්‍යා මතයක්.
    කෙල්ල කොල්ලට වඩා උසින් අඩුවෙන්න ඕන කියන එකත් මිත්‍යා මතායක්. ඕව ඉස්සර හිටිය බමුණන්ගෙ විකාර

    ReplyDelete
    Replies
    1. උඹේ හැම වචනයක්ම ඇත්ත.

      එත් මට හිතෙන විදියට ඔය ඇත්ත තේරුම් ගන්න පුළුවන් විදියේ මිනිස්සු බිහිවෙන්නේ අපේ පරම්පරාවෙන්ද කොහෙද...
      මොකක්දෝ හේතුවකට අපි මැරීගෙන සිරිත් විරිත් ඉෂ්ට කරන්නේ නැත. මහ ලොකුවට ආගම් කරපින්නාගන්නේ ද නැත.
      ඒ හින්දා කලින් පරම්පරාවට වඩා නිදහසේ හිතන්න අපි පුරුදු වේවි.

      Delete
  9. චෑ චෑ චෑ රාවණාගෙ මල්ලි කියල හිතන්වත් පුලුහන්ද?
    ආන්න ඒකට බලාපන් අයියා...!!

    අපේ කාලේ මොට්ටෝ එක "චේතනා පරිශුද්ධ වේනම් - පෙම් සටන් පරදින්නෙ නෑ"
    ඒත් මේ සනත් නන්දසිරි මේකට ඇමෙන්ඩ්මන්ට් එකක් ගෙනාවනේ මෙහෙම..
    "අසාධාරණ හැඟුම් කැටිවුණ
    කුරිරු මිනිසුන් වෙසෙන ලෝ තුල
    චේතනා පරිශුද්ධ වූවත්
    පෙම් සටන් පරදියි..."

    ReplyDelete
    Replies
    1. මම රාවණා ගේ මල්ලි නෙමෙයි බොල. මිනිහාගේ නම පාවිච්චි කරනවා විතරයි.
      එකත් ගිය අවුරුද්දේ ඉඳන්.
      -------
      නන්දසිරි ගෙනාවේ කීවෙනි අමෙන්ඩ්මන්ට් එකද දන්නේ නැහැ නේද????

      :):):)

      Delete
  10. //ඒ දේවල් මතක් වෙන මතක් වෙන වාරයක් පාසා පපුව හෝස් ගාලා පත්තුවෙන්නේ ඒ මගේ ප්‍රථම ලව් එක නිසාය. ඉවරවුනේ අපි දෙන්නාටම විරහව ඉතිරි කරමින් ය. කවුරුත් කාටවත් බූට් දුන්නේ නැත. එත් දෙන්නාටම බූට් රස බැලිය හැකි විය.//
    ---------------------------------------------
    උඹට කවුද කිව්වේ මගේ කතාව ලියන්න ...??????

    සෙනෙහසකට අරුතක් පුරවන්නට
    අහසේ තරු ගැන්නා
    වෙරළේ රළ මැන්නා
    සීමාවක් මායිමක් නැතැයි කී
    සෙනෙහස ඇයි දෙතැනක තනිවී

    කැකුළක් විලසින් හදවත පිපුණු
    කඳුළෙ‍ත් කටු මත විෂ තිබුණා
    බිඳුණොත් බඳුනක් පිරියම් කරනට
    බැරි කැළලක් මතුවී තිබුණා

    සෙනෙහසකට....

    පවකින් පෙර අත්භවයක සිදු වූ
    සිතකින් සිතකට දුක පිරුණා
    මගෙ අත දිගු කළ හැකි හැම තැනදී
    ඔබ අත මා දුරකින් තිබුණා

    සෙනෙහසකට....

    ගායනය - අසංක ප්‍රියමන්ත පීරිස්
    ගී පද - ප්‍රනීත් අබේසුන්දර
    ගී තනුව - මහින්ද බණ්ඩාර

    ReplyDelete
    Replies
    1. //උඹට කවුද කිව්වේ මගේ කතාව ලියන්න ...?????? //

      ඒ කියන්නේ උඹත් එයාටම............................................???????

      ----------
      සින්දුව නම් මාරයි...ඕකට ඉස්සර ලස්සන වීඩියෝ එහෙකුත් තිබුනා වගේ මතකයි..

      Delete
  11. ඇත්තම කිව්වොත් ටිකක් දුක හිතුනා..!

    ReplyDelete
    Replies
    1. ටික ඉතින් උඹට නේ....

      මම නේ දන්නේ මට දැනෙන දුක...

      Delete
  12. විභී...................

    ඔය සින්දුව ගැන අපිත් පෝස්ටුවක් ලියන්න හිටියා... හැබැයි ටිකක් වෙනස් කතාවක්.. ඔ්ක දැකපු ගමන් දයාසිරි කියන සින්දුවට අපිටනම් හිතුනෙම ඒහෙමයි... බලමු වෙලාව හරිගියාම පෝස්ට් කරන්නම්....... උඹේ කතාවත් සුන්දරයි ...... පට්ටයි

    ReplyDelete
    Replies
    1. ok. කුරුටු ,]

      තැනක් යූ වෙරි මච්.!!!!

      Delete
  13. හප්පේ! බෙදාගෙන කාපු බූටක් ගැන ඇහුවමයි.

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඉතින් පාඩම් කරගනින් ....

      Delete
  14. දිග වැඩි නෑ එල ද බ්‍රා ලෙසට හිතට දැනුනා
    ඉල්ලිමට මාත් එකගයි..ඌ සිංදුවට සාධාරනයක් කරයි.

    ReplyDelete
    Replies
    1. තැනක් යූ මෙන්ඩා,

      මාත් බලං ඉන්නවා...

      Delete
  15. කලාය ගෙවිලා ගිහින්, දැන් වෙනසකට මුල පිරුවනම් හොඩයි නේද මචෝ..

    ReplyDelete
  16. මේ අඩවිය මිස් වීම සම්බන්ධව සමාව ඉල්ලනවා... ආයෙත් මිස් නොවෙන්නම රෝලෙ එල්ලුවා..

    ReplyDelete
    Replies
    1. ඉට්ස් ඕකේ සජ්ජෝ ,

      තැනක් යූ වේවා...

      Delete
  17. ඔය ගැටලුවම ඇති වෙමින් පවතී...
    සේරම එලකිරිය.. ආගම වෙනස්ය..

    ReplyDelete
    Replies
    1. ප්‍රවේසමෙන්....
      =============
      අපට වැරදුනා ...එත් .උඹට හරියන්න කියල ප්‍රාර්ථනා කරනවා...

      Delete

කමෙන්ට් කලාපය....