2014-12-06

බම්බු ගේ බම්බු

මීට සති දෙහෙකට කලින් උප්පත්තිය ලබපු අපේ පොදු එකා වන බම්බු මසී සහ රනිල්, සැටලයිට් , රතන , රාජිත පරිවාර සේනාව මේ දවස්වල ඉන්නේ හරියට හම්බන්තොට සුවිමින් පූල් එකට නැව් එනකන් බලන් ඉන්න, මත්තල කොන්ක්‍රීට් පිට්ටනියට ප්ලේන් එනකන් බලන් ඉන්න බලධාරී, නිලධාරි ඇමති ධාරී තැන් වාගෙය.

ඒ පිට්ටනියයි , පූල් එකයි ඕපන් කරපු දවස් වල ලොක්කෝ බොක්කෝ හැත්ත බුරුත්තම චැනල් බදු අරන් බෙරිහන් දුන්නේ එයින් පස්සේ මේ ඉල්ලන්කාවම සුරපුරයක් වෙනවා කියලය.


මරා ලොක්ක කිව්වේ අර ඈත මූදේ අපිට අත වන වන යන නැව් ටික මෙහාට ගෙන්නගන්න අර පූල් එක හැදුව කියල ය. කටෙනුයි පුකෙනුයි දෙකෙන්ම කයිවාරු බෑවත් එදා ඒ ඈත මූදේ ගිය නැවු තාමත් අපිට අත වන වනා යනවාය. ඉඳල හිටලා කොළඹ ආපු එව්වා දෙක තුනක් නම් මේ ගල් පූල් එකට රිංගලා වාහන වගයක් බානවා විභීෂණ ටීවී එකෙන්ද දැක්කේය. එත් ඉතින් ඒ  වගේ එව්වා දකින්නේ අවාරෙට පොල් වැටෙනවා වගෙය.

පූල් එකේ වරුණේ තමයි ඒ.

අර කුරුළු අභය භූමිය ගාව හදාපු කොන්ක්‍රීට් පිට්ටනිය ඊට දෙවෙනි නැත. ඉල්ලන්කාවට තවත් එයාපෝට් එකක කිසි ඕන කමක් නැති වුනත් මරා ට ඕන වෙච්ච හින්දා හදාපු මේ මකදානේ හදාපු දා ඉඳන්වේලෙනවා ය .
ඉඳල හිටලා හරි එන්නේ කොලඹින් නග්ගල මොකක්දෝ පුකේ අමාරුවකට ආපහු මේ මල හත්තිලව්ව මැදට පාත් කරන පියාඹන මැසින් කටු විතරය.

ඔය කොන්ක්‍රීට් පිට්ටනිය අයිති අමාත්‍යං ශේ ඇමට්ට මේ ළඟදී මුළු ඉල්ලන්කාවම ඉස්සර රෙද්ද ක්ද පටලවාගෙන කිව්වේ එක මාසෙක මේ පිට්ටනියේ මුළු ආදායම ඉල්ලන්කා රුපියල් දාසය දාහක් කියල ය.

ඉතින් මුගේ ලජ්ජා නහරේ ගැන කියන්න අපේ වචන අකුරු ඩේට නාස්ති කරන්නට අවශ්‍ය නැහැනේ.

ඇයි හත්වලාමේ කොළඹ හිගන්නේකුත් දවසකට ඔය වගේම ගානක් හම්බු කරනවා නේ.

මේ පිට්ටනියෙයි , පූලේ එකෙයි ලොක්කොයි, උන්ගේ ලොක්කොයි, එවුන්ගේ ලොක්කොයි, ඒ යක්කුන්ගේ ලොක්කොයි, මහා ලොක්කයි, උගේහාමිනෙයි, නසරානියෝ තුන් දෙනයි තාමත් මෙව්වට නැව්, ප්ලේන් එනකන් මග බලාගෙනය.

අංගොඩ කැම්පස් එකෙන් උපාදිය ගත්තු මෝල් වෙච්ච පයිලට් කෙනෙක් , කැප්ටන් කෙනෙක් ඇරෙන්න වෙන මොන ගල් බමුණෙක් වත් මෙව්වට ප්ලේන් බස්සවන්නේ නැත. නැවු ඇතුල් කරන්නේ නැත. මේ පරම සත්‍යය මෙව්වා හදපු ලොක්කන්ට නොතේරෙන්නේ ද නැත . මොනවා කරන්නද ..උන් රෙන්නේ ද නැත.

එකෙන් මේකෙන් හතර වටේ පඳුරු වටේ යන්න ගිහින් ටයිටල් එකට අනුව කොටන්න ගිය බ්ලොග් පොස්ටුව තව පොඩ්ඩෙන් අමතක වෙනවාය.


විභීෂණ කියන්න කට ගත්තේ ඔය පූල් එක ගැනවත් , පිට්ටනිය ගැනවත් වෙන මොන ලබ්බක් ගැනවත්  නොව මේ දවස්වල බම්බු මසී සහ පිරිවර කියන කරන දේවල් ගැනය.

මීට සති දෙක තුනකට කලින් අප්පමාදෝ අමත පදං, නහී වෙරෙන වේරානී කියල පාලි ගාථා වගේ කුත් දෙසාගෙන අපේ බම්බු මසී  මීඩියා ඉස්සරහ පෙනී හිටියේ ඊළඟ ට ජේ ආර් ගේ පට්ටම ගන්න මරා එක්ක උන්නැහෙත් හටන්  කරනවා කියල කියන්නය.

කලින් දවසේ රෑ කාපු ආප්ප වල පවර් එක  මරාගේ ඉඳන් පහලට මුළු රෙජිමෙට ම දැනුනේ එවෙළේය. හැමෝට ම ගූ හුජ්ජ පිටවෙන්න පටන් ගත්තේ හවස තුනට විතර ත්‍රිකොනේ බලන්න පටන් ගත්තට පස්සෙය.

එතනදී කියපු කරපු දේවල් ලියන්න මෙතන දී විභීෂණ මහන්සි නොවෙන්නේ එව්වා සේරෝම ටික මෙන්න මෙතන දැනටමත් කොටා දාමා ඇති බැවින්ය.

එතනදී කතා කොරාපු අපේ වාමාංශික(වගේ) දත් දොස්තර මහත්තය කිව්වේ ඒ පැත්තෙන් මේ පැත්තට එන්න කට්ටිය දැනත් පෝලිම් ගැහිලා ඉන්නවා වගේකතාවක් ය. උන්නැහ කිව්වේ මේ පෝලිම එක සැරේ එලි බහින්න කල්පනාවක් නැතිය කියලය. එවුන් එන්නේ කොටස් වශයෙන් ළු.

ඒ කිව්වා කතාවට  අපිට නම් දැනුනේ මලදානේ ඇතුලේ ඉන්න පරණ "අතේ " කාරයෝ ටික හෙට අනිද්දට ම මේ " බම්බු" පිලට එකතු වෙයි කියලය.

විභීෂණ නම් හිතුවේ  එදා මසී, සැටලයිට්, ඩෙන්ටල් රාජිත හොටු පෙර පෙර කියපු කතාවලට දුක හිතිලා සමහරවිට අපේ ආඩම්බර කාර තාත්තා මරා ත් මසී එක්ක එකතු වෙයි කියල ය.

එව්වා වැඩක් නැත. 

මරා ගැන කතා කරන්න අමුතු දෙයක් අපිට නැත. එයා එදා වගේ තම සනුහරේට  ප්‍රොජෙක්ට් එක පන්ගරාතු කර ඇත. එයාගේ ප්‍රොජෙක්ට් එකේ එක වැඩ කෑලි හැමදාම වගේ අපිට දවසින් දවස දකින්නටලැබෙනු ඇත.

දැන් මෙතන කතා කරන්නේමසී ගේ  ප්‍රොජෙක්ට් එක ගැනය. එනම් උන්නැහේ මේ ඡන්දේ දිනන්න කරන කියන දේවල් ගැනය.

දැන් බලන් ගියාම ලොරි ටෝක් දීල ගේමට බැස්සට මසි ය තියා එක බල්ලෙක්වත් දැන් කතා බහක් නැත. 

උන් ඔක්කොම අර ඒ කාලේ වැස්සක් වැටෙනකන් අහස දිහා බලන් හිටපු මරාගේ ගම පළාතේ රාජ පාක්ෂිකයෝ වගේ, පූල් එකට නැවු එනකන් තාමත් බලන් ඉන්න , කොන්ක්‍රීට් පිට්ටනියට ප්ලේන් එනකන් තාමත් බලන් ඉන්න ඇම්බැට්ටයෝ වගේ , සැලුන් එක පැත්තේ ඉඳන් "අතේ " කාරයෝ එනකන් මග බලන් ඉන්නොය.

ඒ ඇරෙන්න රටේ මිනිස්සුන්ට දැනෙන්න යමක් කියන්න එක වහන්සේ කෙනෙක්වත් කටක් හෙල්ලුවේ නැත.

ඒ වුනාට අර විධායක ජනාදිපති ක්‍රමයේ අහිතකර බලපෑම , නීතියේ ආධිපත්‍යය බිඳ වැටීම , "අතේ" පක්ෂේ කඩාවැටීම වගේ බයිලා කියන්න මුන් ඔක්කොම කට සමග පුකද අරින්න ට්‍රයි කරන්නේ ඉන්විටෙසන් නැතිවමය.

මසී කියන්නේ නම් එයා ගමේ ගොඩේ ඉපදුනු එකා, කුඹුරේ හැදුනු වැඩුනු එකා, වෙලේ රීපු එකා කියල ය( අන්තීමට කියපු එකනම් ඇත්ත ද මන්ද)

හත්වලාමේ එහෙනම් ඒ ගමේ මිනිස්සුන්ට තේරෙන විදියට දැනෙන විදියට තමුන්ගේ ප්‍රතිපත්තිය , අනාගත දර්ශනය පැහැදිලි කරන්නේ නැතුව කොළඹට  වෙලා කරන්නේ මොන ලබ්බක් ද කියල අහන්න හිතෙන්නේ විභීෂණ ට විතරක් වෙන්න බැරිය. 

එච්චරටම මසී ගේ ඡන්දේ කෙරුවාව දැනට කුජීතය. 

මෙයයි, රනිල්, සැටලයිට්, රතන සැට් එකයි , උන්ගේ වටේ පිරිවරයි දැන් කරන්නේ ලාහෙට ගෙම්බෝ බාන එකය.සමහරවිට උන්හිතන් ඉන්නේ හොඳ හොඳ ටොයිස් ගෙම්බෝ ටිකක් ඒ පැත්තෙන් මේ පැත්තට පන්න ගත්තම වැඩේ ගොඩ කියල වෙන්න ඇතිය. 

 එහෙනම් ගොයියෝ අපිට කියන්න වෙන්නේ  " ඔය රජ වීමේ හීන ඉතින් පුකේ තමයි " කියල මිසක් වෙන මොන සුබ පැතීමක් නොවේය.

ඡන්දේ තියන්නේ ලබන අට වෙනිදා ය. ඒ කියන්නේ අදත් එක්ක බැලුවොත් තව තියෙන්නේ හරියටම මාසයක් වගේ කාලයක් ය. කරන මගුල් ඔක්කොම කරන්න වෙන්නේ ඔය සති පහ ඇතුලේය.

මරා රෙජිමේ පරද්දන්න ඕන නම් මේ වෙනකොට කරන්න ඕන ඔය ගෙම්බෝ බාන සෙල්ලම එක්කෝ පැත්තක තියල, එහෙම නැත්නම් විශ්වාස කටයුතු එකෙක්ට බාර දීල තමුන්ගේ මැතිවරණ ප්‍රතිපත්ති ටික හරික් ගස්ස ගන්න එකය. 

අපි හැමෝටම මතකනේ මරාගේ "සුරඟන කතා කරලිය ".

එදා ඒ කියන්නේ 2005 දී පොත එළිදක්වන කොටයි, එකේ දෙවෙනි කොටස 2010 දී එලි දාන කොටයි ඒ සීන් දෙකේමයි,ඒ පොත් ලියන කොටයි මේ මසී ත් ලඟින් ම ඉන්න ඇතිනේ. අනිවා උන්නැහ දැනගන්න ඕන මලාට කරන්න බැරි වුනත් මිනිස්සුන්ගේ බොක්කට වදින්න පොරොන්දු ලියන්නේ කොහොමද කියල. 

ඉතින් ඔච්චර අත්දැකීම් ,අරව මෙව්වා තියෙන එකේ අවන්කවම රෙජිමේන් රට බෙර ගන්න ඕන කමක් තියෙනවා නම් ස්ථිර සාර වැඩ පිළිවෙලක් එක්ක දින්නයින් පස්සේ රට ගොඩනගන්න කරන්නේ මොනවාද කියල මේ වෙනකොට මොකක් හරි දැක්මක් තියාගන්න ඕනය.

එත් මේ සති දෙක ඇතුලත දී මසී ගේ කටින් පිටවුනේ දුක් විඳින මිනිස්සුන්ට සංවේදී කාරනා ගැන වචන නොවය.

මේ වෙනකොට මසී ගේ කටින් පිට වෙලා තියෙන වචන වලට අනුව කල්පනා කලොත් 9 වෙනිදා එළිවෙන කොට  උන්නැහ දින්නයින් පස්සේ පැය ගානක් ඇතුලත කරන පලවෙනි දේ අපේ ෆොන්සේකා මහත්තයගෙන් උදුරා ගත්තු තනතුරු, තානාන්තර, ගරු නාම වගේ දේවල් දෙන එකය.

ඊළඟට උන්නහගේ ප්‍රතිපත්තිය වෙන්නේ දවස් සීයක් ඇතුලත විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන එකය.

තුන් වෙනුව තියෙන්නේ R.Anil  ව අගමැති කරවන එකය.

තාමත් නොකිව්වට මසී ආණ්ඩුවේ ලොකු පට්ටමක් සැටලයිට් ට ද ලැබෙන එක ආයේ කිරි ගහට ඉරෙන් හඳෙන් ඇන්න වගේ ස්ථිර ය සාරය,බුදු ෂුවර් ය.


ඒ කියන්නේ දැනට මසී ගාව තියෙන්නේ එයාට උදවු කරපු අයට  තනතුරු  බෙදා දෙන්න හදාගත්තු ලිස්ට් එකක්ය. 

එතනින් එහාටදෙයක් , ඒ කියන්නේ මිනිස්සුන්ගේ බඩට දැනෙන්න දෙයක්,ඇඟට දැනෙන්න දෙයක් මසී ගෙන් සහ පරිවාර සේනාවෙන් පිටවී නැත. 


ඉන්ධන මිල අඩු කිරීමේ ක්‍රමවේදයක් ගැන , අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වලට ගහල තියෙන ටැක්ස් අයින් කරන ක්‍රමයක් ගැන, අධායාපනේ ගුණාත්මක භාවය වැඩි දියුණු කරන්න කරන යෝජනාවක් ගැන , ඔච්චර නාහෙන් අඬන සෞඛ්‍ය සේවේ නමේ  හැටියට සේවයක් දෙන ආයතනයක් බවට පත් කරන්න , ලෙඩ්ඩුන්ට  හදන එක ගැන තාම මේ එකෙක්ට වත් වගේ වගක් නැත. 

සමහර විට මරා ජනාධිපතිවරණෙ කෝල් කරනකන් පොද්ද ව හන්ගන් ඉන්නවා වගේ , මරා ප්‍රතිපත්ති ප්‍රකාශේ දොට්ට දානකන් මසී ගේ ප්‍රතිපත්ති ප්‍රකාශේ හන්ගන් ඉන්නවා වෙන්න පුළුවන.

හරි හමන් ප්‍රතිපත්තියක් තියේ නම් ඉතින් හන්ගන් ඉන්න කාරණාවක් නැත. දෙපැත්තේම කස්ටිය ප්‍රතිපත්ති හන්ගන් ඉන්නවා කියන්න දෙපැත්තටම දීර්ග කාලීන ප්‍රතිපත්තියක් නැති බවය. ඇත්තේ ඡන්ද ගොඩ වැඩි කරගන්න ලෑස්ති කරන ඉන්න කැරට් අල ගෝනියක් පමණක් බවය.

මොකා මොන කැරට් අලෙ ගෙනාවත්  ඒකෙන් අපිට  ඇති වෙන සෙතක් නැත.

විධායක ජනාධිපති කම තිබුන කියල අපිට රටට වෙච්ච අමුතු සෙතක් නැත. මේ දවස් වල ලොක්කයි , රෙජිමෙයි සහ ඒ වටේ පියාඹන නිල මැස්සෝ රංචුවයි බෙරිහන් දෙන්නේ යුද්ධෙ දින්නේ, රට ආරක්ෂා කලේ විධායක ජනාධිපති කමේ පිහිටෙන් කියලය.

විධායක ජනාධිපති කමෙන් යුද්ද දිනන්න පුළුවන් නම් ඉතින් එක කරන්න මරා එනකම් ඉන්න ඕන නැත. ජේ ආර් පප්පා ඉන්න කාලෙම වැඩේ කරන්න තිබුනේය. 

මරා යුද්ධෙ දිනන බව ඇත්ත ය. එකේ ගෞරවය වැඩි කොටසක් උන්නැහැට අනිවාරෙන්ම තිබිය යුතුය. එත් යුද්ධෙ සම්පූර්ණයෙන්ම මරා ගේ බූදලයක් විදියට හැඳින්වීම යුතු නැත. මේ යුද්ධෙ ඉවර කරලා දාන්න ජේ ආර් ගේ ඉඳන් සැටලයිට් දක්වාම සහ රනිල් දක්වාම ක්‍රියාත්මක වෙච්ච දීර්ඝ සහ සංකීර්ණ ක්‍රියාවලියක් තිබුනේය.

දහතුන් වෙනි සංශෝධනේ, සාම  සාකච්ඡා, යාපනය නිදහස් කර ගැනීම, කරුණා අම්මාන් ව ප්‍රභාගෙන් කඩා ගැනීම, ජාත්‍යන්තර වශයෙන් කොටි සංවිධානේ කොටු කර ගැනීම වගේ තීරණාත්මක දේවල් බොහොමයක් මේ යුද්ධෙ ඉවර කරන සිද්ධි දාමයේ එක දිගට ඇමිණී ඇත.

ඒ හින්ද යුද්ධෙ කියන්නේ විධායක ජනාධිපති කමේ අනුහසින් ඉවර කරන්න පුළුවන් වෙච්ච දෙයක් නොවේය.

යුද්ධෙට මූලික වෙච්ච ප්‍රශ්නේ විධායක ජනාධිපති කමෙන් විසදන්න පුළුවන් සීමාවෙන් එහාට ගිය බොහොම බරපතල කාරණයක් ය.

දැනටත් ඒ සමහර ප්‍රශ්න විසදී නැත. ඒ හින්දමද කොහෙද ආයුධ වලින් කෙරිච්ච යුද්ධෙ අවසන් වුනාට ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක  වෙන ආකල්පමය යුද්ධෙකට, දේශපාලනමය යුද්ධෙකට දැන් මරාන්ඩුව පැටලී ඇත.

එත් ඉතින් මේ උඩින් මම කියපු කතාව  ඉස්ටෙජ් එකට නැගල හරි හමන් විදියට කියාගන්න එකෙක් තාමත් මසී පිලේ නැත.

ඇත්ත. විධායක් අජනාධිපති කමේ තියෙන අසීමිත බලතල බොහොම පැහැදිලිවම  රටේ යහපත් පැවැත්මට අනතුරුදායකය.එත් ඒ බව තේරෙන්නේ අපි ඔහෙලා වගේ හැමදාම ටීවී බලල, රේඩියෝ අහල, වෙබ් බලල රටේ දේශපාලනේ ගැන අවදියෙන් ඉන්න සුළුතරයකට පමණය. ඒ හැරෙන්නට දවස් තිස්සේ මැරිලා මැරිලා ගෙදර එන ගොවියට, කම්කරුවට ඔය මකදානවල් තේරෙන්නේ නැත. උන්ට එව්වයින් වැඩක් ද නැත. 

මොකද මසී විධායකේ අහෝසි කළා කියලපහුවෙනිදා ඉඳන් උන්ගේ  ගෙවල් වලට සල්ලි වැහි වහින්නේ නැත. දවසේ ආදායම වැඩි වෙන්නේ නැත. කුඹුරු වල අස්වැන්න වැඩිවෙන්නේ නැත.

ඒ හින්දා මරා නොව හිට්ලර් ආණ්ඩුවක් තිබ්බත් උන්ට වැඩක් නැත.
මසී සහ පිරිවර ටාගට් කරන්නත් ඕන මේ වගේ පොයින්ට් වලටය.

මතක ඇතිනේ මරා 2005 කියපු සුරංගනා කතා ගොන්න.

" බඩේ ඉන්න ලමයට ආහාර මල්ලක් ", "හැම පාසල් ළමයෙක්ටම දිවා ආහාරයක්", " හැම පාසල් ළමයෙක්ටම කිරි වීදුරුවක්","රජයේ සේවයට මෙන්න මෙච්චරක් " වගේ කෙප්ප නම් කීයක් කිව්වද?

විධායක ජනාධිපති කම අහෝසි කරන එකත් ඒ පොතේම වැඩිය හයිලයිට් වෙන්නේ නැති විදියට ලියල තිබුනෙය. ඒ මොකද මරා ටාගට් කරන හිටපු ගෘප් එක හිටියේ ගමේ ය, ඒ හින්ද ඒ ගෘප් එකටතේරෙන දේවල් වලට ප්‍රයෝරිටිදුන්නා මිසක් වෙන රෙද්දවල් ඉස්සරහට ගෙන්න උන්නැහ මහන්සි වුනේ නැත.

තමන්ගේ ප්‍රතිවාදිය වුනත් මසී ත් මේ ඉතිහාස පාඩම් මතක තබාගත යුතුය. 

මීට කලින් පොස්ටුවේ මම කිව්වේ මසී සමාගමේ ප්‍රොජෙක්ට් ප්ලැනින් ගැන ය. එදා තිබ්බ වාතාවරණේ හැටියට ඒ "පොද්දා " ප්‍රොජෙක්ට් එක මාවලස් ය, සුපිරිය, ආණ්ඩුවම අඤ්ඤකො රොස්ය.

ඒ වුනාට ඔක්කොම ප්ලැන් කරපු මේ අය්යල අක්කලට ඡන්දේ ඉල්ලන පක්ෂේ ප්ලැන් කරගන්න අමතක වෙලාය. ඡන්දේ ඉල්ලන ලකුණ plan කරන්න අමතක වෙලාය.

එව්වා ල වැඩ කරන්න පටන් ගත්තේ මේ ඊයේ පෙරේදා ය. මීඩියා වලින් කිව්වේ "අපේ " මොකක්දෝ "පෙරමුණක් " හදනවා කියලය. ඡන්දේ ඉල්ලන්න යන්නේ පරවියා ලකුණේ කියලය.

එත් අපේ කොමා පඹය මොකක්දෝ නීති ප්‍රශ්නයක් ගෙනල්ල තියෙන හින්ද මසී සහ පිලට ටිකක් පසු බහින්න වුනේය. කලින් සැරේ ෆොන්සේකා ලොක්ක ඉල්ලපු පක්සේ යි, එකේ හංසයා ලකුණයි මේ සැරේ මසී ගේ පක්ෂේ සහ ලකුණ විය.

ගෙම්බෝ අල්ලන්න plan කරලා තිබ්බට ඕනෑම කරන එක කරලා තිබ්බේ නැත්තේ ඔන්න ඔහොමය.

විභීෂණ ට බය තව මොන මොනවා අමතක වෙලා ඇතිද යන්න මිස වෙන මොකවත් නොවේය.


මේ අතර මසී ට බැක් කරන අපේ සැටලයිට් උත්තමාවිය රට වෙනුවෙන් එක වචනයක් තාම කටින් එලියට දැම්මේ නැත.

දුප්පත් කම නැති කිරීම ,නිදහස් අධ්‍යාපනය නැවත ඇති කිරීම( මේ වෙනකොට අනියමින් නැති වෙලා තියෙන නිසා), මාධ්‍ය නිදහස ආපහු ස්ථාපනය කිරීම, වංචාව දූෂණය පිටුදැකීම වගේ දේවල් එයාගේ කටේ අහලකවත් නැත. බලේ තිබ්බ කාලේ කරපු කියපු දේවල් වල හැටියට ඉතින් ආපහු ඒ වගේ දේවල් ගැන හිතයිද වත් කියල පැහැදිලිවම විභීෂණ ට සැක ය.

එයා ගොඩක් දුක් වෙන්නේ එයාගේ තාත්තා හදා පු "අතේ " පක්සේ එයාගේ පරම්පරාවෙන් ගැලවිලා ගිහින් වෙන පරම්පරාවක පරවේණි උරුමයක් වෙලා තියෙන එකය. 
ඒක ඇතුලේ හිරවෙලා ඉන්න පරණ " අතේ " කාරයෝ ටිකට වෙලා තියෙන දේ ගැනය. 

එයාට තියෙන ලොකුම් ප්‍රශ්නේ එක වුනාට වී විකුණා ගන්න බැරිව දුක් විඳින මිනිහාට ඒක  ප්‍රශ්නයක් නොවේය. හම්බ වෙන මාසේ පඩියෙන් බොහොම අමාරුවෙන්, දහ අතේ ණය වෙලා පවුල නඩත්තු කරන මනුස්සයට ඒක  ප්‍රශ්නයක් නොවේය. අවුරුදු ගානක් ඉගෙන ගෙන රස්සා නැතිව පෝලිමේ ඉන්න සහ රස්සා ගන්න "බේබි" ලගේ සහ උන්ගේ ඇම්බට්ටයින්ගේ ඇට ලෙවකන්න වෙන මිනිස්සුන්ට, කෙල්ලන්ට, කොල්ලන්ට ඒක  ප්‍රශ්නයක් නොවේය.

ඒ හින්ද "අතේ " පක්සේ ගැන හොටුපෙරාගෙන නොව පුක ඉරාගෙන ඇඬුවත් ගම්මිරිස් කොලේට ගහන කතිර ටික හරවන්න එයාට බැරිය.

සැටලයිට්  මේ සීන් එකට ඇවිත් මසී ට සපෝට් කරන්නේ තමුන්ව කුණු කූඩෙට විසි කරපු එවුන්ගෙන් පලිගන්න සහ නැති වෙච්ච බණ්ඩා බලය ආයේ පක්ෂේ ඇතුලේ ගොඩනගන්නය.

දැනට පේන්න තියෙන තත්ත්වේ අනුව එයා ගාව ඇත්තේ "ඇගේ වෛරය " කි.
R.Anil ගැන නම් අමුතු දෙයක් කියන්නට නැත. උන්නැහේ කොහෙවත් ගොහින් හඬා වැලපුනේ නැත. හොටු පෙරුවේ  නැත.මසී පරාද වුනත් එයාට ප්‍රශ්නයක් නැත. දින්නොත් නම් එයාට වගේම රටටම කල්ල මරේ ය. ආර්ථිකය ගොඩ යනු ඇත.හොඳ කාලයක් උදා වනු ඇත.

ඩෙන්ටල් රාජිත ගැන කියන්න දෙයක් නැත. උන්නැහැගේ  අර දක්ෂිනාංශික වාමාංශික බයිලා අපිට රටට තේරෙන්නේ නැත. වැඩක් ද නැත. උන්නැහේ ගේඑකම ප්‍රතිපත්තිය ප්‍රතිපතියක් නැතිකම බව බට්ටෝ පැනීමෙන් අපිට  පෙන්නා දී ඇත.

මේ කියාගෙන ගියේ මේ වෙනකොට මසී ගේ ඡන්දප්‍රොජෙක්ට් එකේ විභීෂණ දකින වැරදි කීපයක් ය.

අනිවාර්යයෙන්ම මේ සති පහ ඇතුලදී ඔය උඩින් කියාපු කාරනා ගැනත් අවධානය යොමු කල යුතුය.

එහෙම නොවුනොත් පාන්දර ඡන්ද පොලට දුවගෙන ගොහින් හංසයෙක්ව හොයා ගෙන කතිරේ ගහන්න මිනිස්සුන්ට මතක්වෙන එකක් නැත.
එතනින් එහාට වෙන්න තියෙන දේවල් ඉතින් මෙතන අමුතුවෙන් ලියන්න ඕන නැත. මතක නේ SF .

හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කියල බම්බු බයිලා කියල වැඩක් වෙන්නේ නැත.
හරියට ඡන්ද කෙරුවාව කරන්න ඕන නම් මීට වඩා තව මහන්සි වෙන්න ඕන කියන එකනම් පැහැදිලිය.

එහෙම නොවී මෙච්චර කාලයක් රනිල් කළා වගේ මසී ත් අපේ ඡන්ද ඔහේගේ ඔඩොක්කුවට වැටෙනකන් බලන් හිටියොත් නම් ඉතින් "පුතේ සොරි ඩොට් කොම් " තමා.

එහෙනම්...

---------

අදට ඇති වගේ...

ගිහින් එන්නම්කෝ...





42 comments:

  1. දිග වැඩියි... ඔක්කෝම ගැන නෙමෙයි එක දෙයක් හෝ කරුණු දෙක තුනක් ලියන්න. ඉන්ධන මිළ නම් මහරජා ආයෙත් අඩු කරලා...

    ReplyDelete
    Replies
    1. හ්ම්..යේස්..

      අනිවා බොස්..

      ආපහු කියෝගෙන යනකොට තමයි තේරුනේ වැඩේ මාගලක් සයිස් වෙලා වග...
      ඕන එකයි එපා එකයි අර පඳුරයි මේ පඳුරයි හැම එකම ලියල දාල...

      අනිවා..ඊළඟ පොස්ටුවේ ඉඳන් ඕන කරන ටික විතරක් පෙරලා අරන් ලියන්නම්...

      අවවාදයට බොහොම ස්තුතියි....
      -----------------

      හදිස්සියේ ඉන්ධන මිල අඩු කිරීමෙන් ප්‍රදර්ශනය වෙන්නේ මහරජා , මසීට බය වෙලා තියෙන තරම ..

      එදා හරීන් ට බය වුනා..දැන් සිරිසේනට බය වෙලා...

      අනේ මන්ද ...

      Delete
  2. ඔබට විරුද්ධව කතාකරන්න වීම ගැන සමාවෙන්න මුලින්ම. නාය යාම එකවර වුනාට වඩා ජනතාවගෙ පැත්තෙ ඉඳන් මම දකින්නෙ මෙහෙම වෙන එකත් හොඳයි. දැන් බලමුකො ජනවාරි 8 වෙනකොට මේ අපිට මොනතරම් සහන කන්දක් ලැබෙයිද කියලා. මම විශ්වාස කරනවා ඓතිහාසික ජනතා සහන කන්දරාවක් මේ පාර ලැබෙයි කියලා. අවසානයේ මෛත්‍රීගේ ඉරණම ගැන කෙසේ වෙතත් පොදු ජනතාව වශයෙන් ඔහු කල කැපකිරීමෙන් වක්‍රාකාරව අප ලබන වරප්‍රසාදයන්ට රටේ හැමෝම ණය ගැතියි, මෛත්‍රීට.

    ReplyDelete
    Replies
    1. මගේ රිප්ලයි එක.
      ===============

      //ඔබට විරුද්ධව කතාකරන්න වීම ගැන සමාවෙන්න මුලින්ම. //
      මධු වෝ , මට විරුද්ධව කතා කරන්න වීම ගැන සමාව ඉල්ලන්න ඕන නැහැ. මගේ බ්ලොග් එකේ මම බ්ලොක් කරලා තියෙන්නේ ඇනෝ කමෙන්ට් විතරයි. වෙන කිසිම දෙයක් තාමත් බ්ලොක් කරලා නැහැ. විවේචන තියෙනවනම් කරන්න . හැම දෙයක්ම සන්තෝසෙන් බාර ගන්නවා. මේක තමන්ගේ මතය ප්‍රකාශ කිරීමක් .

      //නාය යාම එකවර වුනාට වඩා ජනතාවගෙ පැත්තෙ ඉඳන් මම දකින්නෙ මෙහෙම වෙන එකත් හොඳයි. //
      නාය යාමෙන් විතරක් රටට සෙතක් වෙන්නේ නැහැ මධු වෝ. එකයි මගේ මතය. එත් මෙහෙම් වෙන එක හොඳයි. එක ඇත්ත. මොකද කියනවනම් මරා හිතන් හිටියේ එයා හදපු මාලිගාව හැමදාම පවතියි කියල. ඒ වගේ වෙලාවට හැමෝම බලයෙන් මත් වෙලා අන්ධ වෙලා පිස්සු කෙලිනවා. 2010 න පස්සේ වුනේ එකයි. ඒ හින්ද අවසානය ඈතක නොවන බව අඩු ගානේ මරාගේ මයිල් ගහකටවත් දැනුන නම් එක තමයි නාය යාමේ වටිනාකම,

      //දැන් බලමුකො ජනවාරි 8 වෙනකොට මේ අපිට මොනතරම් සහන කන්දක් ලැබෙයිද කියලා. මම විශ්වාස කරනවා ඓතිහාසික ජනතා සහන කන්දරාවක් මේ පාර ලැබෙයි කියලා.//
      එකනම් ඇත්ත. ඔන්න ඉන්ධන මිල ආපහු ඊයේ රෑ ඉඳන් අඩු කොරල. ඔය ඔක්කොම බය බිරාන්ත වුනාම සිද්ධ වෙන දේවල්. එත් එව්වට රැවටිලා මිනිස්සු ආපහු බුලත් හපේ ට ඡන්දේ දුන්නොත් හෙම ඔය අඩු කොරපුව මාසයක් දෙකක් යන්නකලින් ආපහු වැඩිවෙනවා. සමහර විට තිබ්බටත් වඩා වැඩි වෙන්න පුළුවන්. බොහොම සුළු කාලෙකට ලැබෙන සහන වෙනුවෙන් රටේ බහුතර ජනතාව රැවටෙනවා. ඒ වෙන මොකක්වත් හින්ද නෙවයි. උහුලා ගන්න බැරි දුප්පත් කම හින්ද.

      //අවසානයේ මෛත්‍රීගේ ඉරණම ගැන කෙසේ වෙතත් පොදු ජනතාව වශයෙන් ඔහු කල කැපකිරීමෙන් වක්‍රාකාරව අප ලබන වරප්‍රසාදයන්ට රටේ හැමෝම ණය ගැතියි, මෛත්‍රීට..//
      මෛත්‍රී ගේ කැප කිරීම හින්ද මේ වෙනකන් ලැබුණු සහන වල පැවැත්ම ජනවාරි 8 වෙනිදා වෙනකං විතරයි. ඒවා තාවකාලික සහන. මරා සහ රෙජිමේ දැන් රටේ මිනිස්සුන්ව හිගන්නෝ ගානට දාල. උන්ට අපිව ඕන වුනාම අපිට දෙනවා වලව්වෙන් වැටෙන මස් කට්ටක් සූප්පු කරන්න. උන්ගේ වැඩේ කරගත්තයි පස්සේ අපිව පිලිකන්නේනුත් එලොනවා.

      ----------------------

      මධු වෝ ..උඹේ කමෙන්ට් එකට තැනක් යූ...

      Delete
  3. //විධායක ජනාධිපති කමෙන් යුද්ද දිනන්න පුළුවන් නම් ඉතින් එක කරන්න මරා එනකම් ඉන්න ඕන නැත. ජේ ආර් පප්පා ඉන්න කාලෙම වැඩේ කරන්න තිබුනේය. //


    අැරු විභී කට............... දාන්න මසුරන්.....................

    ReplyDelete
    Replies
    1. ඔන්න..ඇරිය කට..

      -------

      තැනක් යූ..තැනක් යූ..

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. කුරුටු @ විධායක බලය නොතිබුනානම් මරාට යුද්ධෙ දිනන්න ලැබෙන්නෙ නෑ.යුද්ධෙ නොවෙයි අයවැයවත් සම්මතකරගන්න ලැබෙන්නෙ නෑ.මරා අසාර්ථක වෙනකම් තමා ජවිපෙ බලා සිටියෙ.ආණ්ඩුව තිබුනෙ හෙළැවෙන දතක් වගෙයි.අපි යථාර්ථයට පිටුපෑම ගුණමකු කමක් නේද
      මරාගෙ සටන්කාමීත්වය (ඒක මෝඩකමක් වෙන්නත් පුළුවන් ) නිසයි යුද්දෙ දිනුවෙ. බුද්ධිමත්ව ක්‍රියාකළානම් යුධ අපරාධ කතා සැන්ක්ෂන් කතා මොකුත් නෑ.පහුගිය දෝහේ ප්‍රභාගෙ මහවිරු දින කතාව අහන්නත් අපට චෑන්ස් එකක් වැදෙනව

      මෝඩ මරා රට එක්සත් කළා. කුම්බලා මාළු කෑවානම් විදවාපන් බලලෝ

      Delete
    4. මහින්දගේ සුරංගනා කතා පොතේ කොහෙවත් තිබුනේ නැහැ යුද්ධෙකින් LTTE එක පරද්දනවා කියල. එය කිව්වේ සෑම සාකච්චා කරනවා කියලයි. ඔය යුධ ක්‍රියාමාර්ගෙකට මහින්ද ට එන්න පාර කැපුවේ හෙළ උරුමේ එක්ක හිටපු බලවේගේ.

      එහෙම නොවෙන්න උඹ ඔය අගට කියල තියෙන දේවල් අදටත් වෙනවා.

      මරා ගේ තියෙන්නේ සටන්කාමිත්වයක් නෙවයි. තියෙනවා නම් එක තවරගත්තු එකක් මිස ඇත්ත එකක් නෙවයි. සටන්කාමිත්වයක් තියෙන මනුස්සයෙක් හැංගි හොරා ගේම් දෙන්න ඕන නැහැ.

      එත් මරා ට බොහොම ආකර්ශනීය පෞර්ෂයක් තියෙනවා. එක තමයි එයා එදා ඉඳන්ම මාකට් කලේ. තාමත් කරන්නේ.

      ---

      මරා ආවේ රට ඒකීය කරන්නනේ. එක නොකර එක්සත් කලානම් එයාගේ පොරොන්දුව එයාම කඩ කරලා නේ.

      Delete
    5. //අපි යථාර්ථයට පිටුපෑම ගුණමකු කමක් නේද//

      එතකොට මචන් කියන්නකෝ මෙන්න මේ යතාර්ථ වලට පිටුපෑමත් ගුණමකු කමක්ද කියල.

      #දෙවැනි පුරවැසියාගේ අනුදැනුම මත රටට කුඩු ගෙන එම.
      #මිනීමරුවන්ට මිනීමැරුම් අමතක වීම.
      #ආණ්ඩුවේ ප්‍රබලයින්ගේ අනුදැනුම මත එතනෝල් රටට එම.
      #කැසිනෝ-ගණිකා අනුශාංගික ව්‍යාපාර රට ඇතුලේ නීත්‍යානුකූල වීම.
      #රටේ හදවත වන අගනගරය වහල බේබිලා සහ එයාලගේ යාලු මිත්තරයෝ මහා රෑ රේස් පැදීම.
      #ආණ්ඩුවේම සාමාජිකයෝ රේප් සෙන්චරි යක් කලහම පාටි දාන එක, ඒ පාටි වලට මරා ලොකු අයිය ඇතුළු පොරවල් පැමිණීම...

      .....etc..etc...etc....

      Delete
  4. මං නං මුල ටික විතරි කියෙව්වෙ
    මොකද්ද බං විබි යො
    හැමදාම කියන ටික මනෙ අදත්
    ලිපිය නං හොද ඇති ඊටත් හම්බ දිග නෙව බං
    මං යනව

    ReplyDelete
    Replies
    1. ඔවු බන් ..ඔන්න මාතලන් බොසුත් බර බරේ දාල තිබුන පොස්ටුව දිග වැඩියි කියල...

      -------------

      උඹ ඉතින් මගක් වෙනකන් කියෝලා ගිහින් නේ...

      Delete
  5. මෙහෙම එකකුත් තියෙනවා පොද්දගේ මහා මොළ කරු රනිල් මාමියා..රනිල් මාමි නළුවෙක් නෙමෙයි හැබැයි මොළ කරු කියන එක අවිවාදයෙන් පිළිගන්න වෙනවා..අන්න එක නිසා මසි මාමි අවොත් රනිල් මාමියගෙන් රටට හොද දෙයක් වෙයි..

    ReplyDelete
    Replies
    1. /පොද්දගේ මහා මොළ කරු රනිල් මාමියා/

      එක නම් සහතික ඇත්ත.

      රටට ඕන රනිල් ගේ මොලේ බව දැන් දැන් රටටම වැටහීගෙන යන එකනම් බොහොම සන්තෝසයි.

      Delete
    2. පොද්දගෙ මහමොළ කරු රනිල මාමිය නොවෙයි.ඇමරිකාව .ලිබියාවෙ සිරියාවෙ ආණ්ඩු පෙරලන්න ආපු තානාපති තමයි ලංකාවටත් ආවෙ.එයාගෙ මිශන් එක හරියට කරන්න එයා හදනව.ආණ්ඩු පෙරලීම ගැන විශේෂඥ දක්ෂතා තියන සී අයි ඒ කාරයො එක්ක මරාලට හැරෙන්නවත් බෑ.

      Delete
    3. ඕක මහ 2 පන්තියේ කතාවක් මචෝ.මේ කතාවල හැටියට ඔබාමාට,සෙනට් එකේ ඉන්න උන්ට,CIA ඉන්න උන්ට,FBI ඉන්න උන්ට රෙන්නවත් වෙලාවක් නැතුව ඇති.උන් ගෑනී එක්ක අහවල් වැඩේ කරන ගමනුත් කල්පනාකරනව ඇත්තේ වෙන රටක ආණ්ඩුවක් පෙරළන එක ගැන වෙන්න ඕන.
      ලෝකයේ තියන බලශක්ති අර්බුදය ගැන හිතල සිරියාව ගැන උඹ කියන කතාව හරියි කියමුකො.මට පොඩ්ඩක් කියල දීපන් මේ ලබ්බෙන් මොනව ගන්නද උන් මේකට කුමන්ත්‍රණය කරන්නේ කියල?මට පේන විදිහනම් මේ රටෙන් උන්ට ගන්න තියෙන්නේ දේවල් 2යි.
      01.මහාපරිමාණ ගැහිලි පිටුපස සිටින මහමොළ ටික.
      02.ළමයෙක් වඩාගන මූන ඉබපු ගමන් උගේ අම්මට පවා ඡන්දේ ලබාදෙන මැටිමෝල් ඡන්ද දායකයෝ.

      දෙයියෝ,සමාවියන්.කමෙන්ට් එක දිග වැඩිවෙලා උඹේ පෝස්ට් එකට අනර්ථයක් වුනානම්.......

      Delete
  6. මට හිතෙනවා මේක මහා කලබොලේකින් කරපු එකක් මිස හරි හැටි ප්ලෑන් කරල කරපු එකක් නෙවෙයි. ඒකයි මේ ජරබර සේරම. චන්ද්‍රිකාට නම් රෙද්දක් ඇඳගෙන ස්ටේජ් එකක කතාකරන්න දෙයක් ඇත්තේම නෑනෙ. අඩුම චන්ද්‍රිකා වාඩිවෙලා ඉන්න ස්ටජ් එකක මෛත්‍රීටටත් මුමුණනව ඇරෙන්න වෙන කියන්න දෙයක් වෙන්නෙ නෑ. එහෙන් පැත්තක රනිලුත් ඉන්නවා. උන්නැහේල තමයි මේ රටට විධායක කොඩිවිනේ ගෙනාවේ. ඒ නිසා මෛත්‍රීට ජේ ආර් වත්, ප්‍රේමදාසවත් විවේචනය කරන්න බෑ. අතීත පාඩම් කියාදෙන්න බෑ. ච්න්ද්‍රිකා නෝනත් දෙපාරක්ම කොලානේ. ඒ නිසා ඒ ගැන කියන්නත් බෑ.

    අනිත් එක හරි හමන් සැලසුමක් හදාගන්න , ප්‍රතිපත්තියක් නිරවුල්ව කියන්න පුලුවන් එවුන් ටිකක් නෙවෙයිනේ වටේ ඉන්නේ. ඒකනේ 94 ඉඳලම යූ එන් පී එක එන්න එන්නම දිරන්නේ.

    ජවිපෙ කියන්නේ මහින්දටත්, මෛත්‍රීටටහ්, චන්ද්‍රිකාටත්, යූ එන් පීයටත් සියල්ලට විරුද්ධ අය. ඒ නිසා උන්ට බෑ මේ එකෙක්ගෙවත් පැත්තක් ගන්න. මේ සන්ධානේ ඇතුලෙ ජවිපෙ හිටියනම් මීට වඩා නිරවුල් දැක්මක්, පැහැදිලි සැලසුමක්, ප්‍රතිපත්ති ප්‍රකාශනයක් දැකගන්න තිබුනා. මතකනේ 2005. එදා බර තනිකරම ඇද්දෙ ජවිපෙ. තවමත් ජවිපෙ නිර්මාණ වලින් තමයි ආණ්ඩුව දුවන්නේ.

    ReplyDelete
    Replies
    1. මම මේ වෙලාවේදී යූඇන්පී කැප කිරීමත් , JVP ස්වාධීන ව සිටීමත් දෙකම එකම වගේ අගය කරනවා.

      රටේ මේ මොහොතේ තියෙන ලොකු අනතුරක් වලක්වන්න එක පොදු සම්මුතියකට එන්න යූඇන්පී ය එකතුය් වුනා. ඒ වෙනුවෙන් ඒ ගොල්ලන් වටේ එකතු වෙච්ච ඡන්ද පදනම පාවිච්චි වෙනු ඇති.

      ඒ එක්කම මයිත්‍රී දිනුවොත් එයාගේ දින සීයේ පොරොන්දුව ක්‍රියාත්මක කරන්න අනිවාර්යයෙන්ම බාහිර බලපෑමක් අවශ්‍යමයි. එහෙම නැතිව කවදාවත් ඔය වැඩේ කෙරෙන්නේ නැහැ.

      අද JVP එක ඒ අවශ්‍යතාව අඳුනගෙන වැඩ කරන එක ගැන බොහොම සන්තෝසයි.

      --------
      තැනක් යූ උඹේ කමෙන්ට් එකට.

      Delete
    2. නෑ මනෝ මේක අවුරුදු කීපයක ඉදන් කරපු ලොකු ප්ලෑන් එකක්.සැටලයිට් ල.රනිල් ල,සිරිසේනල මේකෙ ඉන්න පියන් ල.උන් එක එක විකාර කියවනව .උන්ට ප්ලෑනක් නෑ.උන්ට තියන එකම ඕනෑකම මරා එළවීම.
      සී අයි ඒ එකෙන් ප්ලෑන් එක ලස්සනට ඇදල දෙයි.එජාපයෙ අය ඒ ගැන බය වෙන්න වුවමනා නෑ.ලෝක දේශපාලනය දෙස බලනකොට ඇමරිකාව එක්ක ගේම ඉල්ලපු පාලකයන්ට වුන දේ දන්නවනෙ.චීන අහකබලාගන්නව.රුසියන්කාරය පොඩ්ඩක් හැන්දැකරේ ඇවිත් පාරෙ ඉදන් කෑගහල යයි.එච්චරයි.
      රාජිත කියපු එක හරි කලුගල්වල ඔළුව හප්පගන්න එක මෝඩ කමක්.
      දැන් නම් මරාට තේරෙනව ඇති චන්ඩිය වාගෙ කොටි පරද්දපු එක මෝඩ කමක් කියල.

      Delete
  7. ඇවිත් ගියා..
    අපි පොඩි ළමයි

    ReplyDelete
  8. කියන්නෙ මොකද්ද කියල පැහැදිල් නෑ. කියන්න කියන දේ කෙටියෙන් කිව්ව නං වැඩේ හිරි. මතුකරල තියන ප්‍රශ්න වලට උත්තර දැනටමත් දීල තියනව විවිධ අවස්ථා වල. මට පේන විිදියට ඒව ගැන දැනුමක් නැතිව ලියපු ලියමනක් වගේ. කොටින්ම මෙච්චරයි කියන්න තියෙන්නෙ.

    1.මෛත්‍රී ආවෙ හදිසියෙන් බව ඇත්ත.
    2.මෛත්‍රී සහ ඔහු වටා ඉන්න පිරිස සුජාත පුත්‍රයන් දූවරුන් නොවෙන බවත් ඇත්ත.
    3.ප්‍රතිපත්ති විදියට නිවැරදි ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කරල නෑ කියන එකත් ඇත්ත.
    4.මහින්දගෙ හතරට මෛත්‍රීට දොලහක් ඉන්න එකත් ඇත්ත

    I.මෛත්‍රී එන්නෙ මූලික යෝජනාව ලෙස විධායකය අහෝසි කරන්න නැත්තං විධායක කුරුල්ලගෙ තටු කපන්න.
    II.මෛත්‍රී වටා ඉන්නව යම් මට්ටමකින් පිරිසිදුයි කියන්න පුළුවන් නිර් දේශපාලනික කණ්ඩායම්
    III.මහින්දගෙන් බලාපොරොත්තු ඉටු කරගන්න බෑ
    IV.මෛත්‍රී වටා ඉන්න යහපත් පිරිස උත්සාහ කරන්න ඕන අවම ප්‍රජාතන්ත්‍රවාදී බලතල ඔහු ජයග්‍රහණය කල වහාම (දිනුවොත්) ලබාගන්න. වතුර බොර වෙන්න පෙර ඒක කරගන්න පුළුවන් අවස්ථාව ඉතිහාසයේ කවරදාටත් වැඩිය මෙදා තියනව.
    V.මෛත්‍රී කියල තියන විදියට යම් කාලයක් ඇතුලත විධායක ක්‍රමය අහෝසි කිරීම හෝ බලතල අඩුකිරීම කරනව. අන්න ඒ කාලයේදි රනිල්ට පුළුවන් අගමැති කමේ රහ බලන්න. ඊට පස්සෙ වෙන්නෙ මොකක්ද කියල තීරණය කරන්න වෙන්නෙ අනාගතයේ. සමහර විට සභාග ආණ්ඩුවකට යන්න පුළුවන් වෙයි. නැත්තං පාර්ලිමේන්තුව විසිරුවාහැරල ආයෙත් ඡන්දෙකට යන්න වෙයි.

    #-මෛත්‍රී වෙනුවෙන් විශාලම කැපකිරීම කරන්නෙ පක්ෂයක් විදියට එජාපය. ඒ නිසා තාවකාලික හෝ අවුරුදු කිහිපයක් පවතීවි යයි විශ්වාස කලහැකි රජයේ අගමැති ධූරය රනිල්ට දීමේ අවුලක් නෑ. පැහැදිලිවම එජාපයේ කැප කිරීම වෙනුවෙන් ඔවුන්ට සාධාරණ මිලක් ලැබියයුතුයි.
    #-අපිට(ඡන්දදායකයන්ට) යන්න තියනව පාරවල් දෙකක්. එක්කෝ ලෙඩා මැරෙන්න දීල භූමදානය කරන්න. නැත්තං බඩයාම, වමනය, උන-හෙම්බිරිස්සාව-කැස්ස-සෙම..... වගේ අතරු ආබාධ සහිතව ලෙඩා භාරගන්න. ලෙඩෙක් බලාගැනීම ලේසි නෑ. සාත්තු කරන්න වෙයි, පිස් පෝච්චි අදින්න වෙයි, බෙහෙත් දෙන්න වෙයි, බෙහෙත් බීපං කියල තග දාන්න වෙයි......

    ReplyDelete
    Replies
    1. 1.මෛත්‍රී ආවෙ හදිසියෙන් බව ඇත්ත
      ----------මට තේරුණු විදියට රාජ්, මෛත්‍රී හදිසියේ ප්‍රාදුර්භූත වෙච්ච චරිතයක් නෙවයි. ආරම්භයේදී ඉඳන් නොහිටියට, මෑන්ස් සැලකිය යුතු කාලයක් මේ පොදු සීන් එකේ ඉඳල තියෙනවා. එහෙම නැතිව හදිස්සියේ ඔය වගේ තීරණයක් ගන්න බැහැ.

      2.මෛත්‍රී සහ ඔහු වටා ඉන්න පිරිස සුජාත පුත්‍රයන් දූවරුන් නොවෙන බවත් ඇත්ත.
      ----------අය්යෝ..එක නම් සහසුද්ද්දෙන්ම ඇත්ත. දේශපාලනේ ඇතුලේ කොහෙද රාජ් සුජාත පුත්තු, දූවරු හිටියේ.
      ඒ වගේ දේවල් ගැන නම් මම කොහෙවත් වාද කරන්න යන්නේ නැහැ.

      3.ප්‍රතිපත්ති විදියට නිවැරදි ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කරල නෑ කියන එකත් ඇත්ත.
      ------------අන්න එක තමයි මමත් මතු කරන්න හදන පොයින්ට් එක. රාජ් දන්නවනේ අපි මොන දේවල් කිව්වත් හද්ද පිටිසර ගමක මිනිස්සු මහින්ද ගැන හිතන් ඉන්නේ රට බේරාගත්තු දියසේන කුමාරයා කියලනේ. පිටිසර වෙන්න ඕනත් නැහැ. මේ අපි එක්ක වැඩ කරන හොඳ පොෂ් කෙල්ලෝ කොල්ලොත් සමහරු එහෙම තමයි හිතන් ඉන්නේ. එතකොට ඒ වගේ මයින්ඩ් සෙට් එකක් වෙනස් කරන්න පුළුවන් තරමේ "ආකර්ශනීය " ප්‍රතිපත්ති ප්‍රකාශයක් තාම නැති එක මම අඩුවක් විදියට දකිනවා.

      4.මහින්දගෙ හතරට මෛත්‍රීට දොලහක් ඉන්න එකත් ඇත්ත.
      ---------එක ඇත්ත. එත් ඒ ගැන කතා කිරීම පලක් නැති වැඩක්. අර දෙවෙනි ප්‍රශ්නේ වගේ ම තමයි. මේක ගැනත් මම කොහෙවත් වාද කරන්න යන්නේ නැහැ.



      I.මෛත්‍රී එන්නෙ මූලික යෝජනාව ලෙස විධායකය අහෝසි කරන්න නැත්තං විධායක කුරුල්ලගෙ තටු කපන්න.

      ---------Yes.Agree..
      II.මෛත්‍රී වටා ඉන්නව යම් මට්ටමකින් පිරිසිදුයි කියන්න පුළුවන් නිර් දේශපාලනික කණ්ඩායම්.
      ---------Yes Agree.
      III.මහින්දගෙන් බලාපොරොත්තු ඉටු කරගන්න බෑ.
      --------Oh Yes. 100% Agree.
      IV.මෛත්‍රී වටා ඉන්න යහපත් පිරිස උත්සාහ කරන්න ඕන අවම ප්‍රජාතන්ත්‍රවාදී බලතල ඔහු ජයග්‍රහණය කල වහාම (දිනුවොත්) ලබාගන්න. වතුර බොර වෙන්න පෙර ඒක කරගන්න පුළුවන් අවස්ථාව ඉතිහාසයේ කවරදාටත් වැඩිය මෙදා තියනව.
      -------අනිවා.අර "උත්සහ කරන්න ඕන " කියන වචන ටික තමයි මෙතන තියෙන වැදගත්ම දේ. එක නොකලොත් අද සිරිසේනව ගෙන්න හදන අපිටම තව දවසක එයාව එලවන්න උත්සහ ගන්න වෙනවා. හරියටම අද හෙළ උරුමේ කරනවා වගේ වැඩක්.
      //ඉතිහාසයේ කවරදාටත් වැඩිය මෙදා තියනව.//
      ඇත්තම කියනවනම් රාජ්. අද මේ මොහොතේත් ඔය කියන අවස්ථාව තියෙනවා. ඒ හැකියාව අද මහින්ද මහත්තයටත් , එයාගේ කැබිනට් එකටත් පාර්ලිමේන්තුවටත් ඕනවට වඩා තියෙනවා. එත් අපිට විකල්පයක පිහිට පතන්න වුනේ මෙච්චර හැකියාවක් තිබිලත් ම්වදේ නොකරපු හින්ද.


      =======================================================================
      #-මෛත්‍රී වෙනුවෙන් විශාලම කැපකිරීම කරන්නෙ පක්ෂයක් විදියට එජාපය. ඒ නිසා තාවකාලික හෝ අවුරුදු කිහිපයක් පවතීවි යයි විශ්වාස කලහැකි රජයේ අගමැති ධූරය රනිල්ට දීමේ අවුලක් නෑ. පැහැදිලිවම එජාපයේ කැප කිරීම වෙනුවෙන් ඔවුන්ට සාධාරණ මිලක් ලැබියයුතුයි.

      --සම්පූර්ණයෙන්ම එකඟයි. රනිල්ට අගමැති කම දීම ගැන කිසිම විරුද්ධත්වයක් නැහැ. යූඇන්පී එකේ කැප කිරීම ඉතිහාසගත වෙන දෙයක්. ඒ නිසා ඔවුන්ට සාධාරණ මිලක් ලැබියයුතුයි.. යුතුමයි.


      #-අපිට(ඡන්දදායකයන්ට) යන්න තියනව පාරවල් දෙකක්. එක්කෝ ලෙඩා මැරෙන්න දීල භූමදානය කරන්න. නැත්තං බඩයාම, වමනය, උන-හෙම්බිරිස්සාව-කැස්ස-සෙම..... වගේ අතරු ආබාධ සහිතව ලෙඩා භාරගන්න. ලෙඩෙක් බලාගැනීම ලේසි නෑ. සාත්තු කරන්න වෙයි, පිස් පෝච්චි අදින්න වෙයි, බෙහෙත් දෙන්න වෙයි, බෙහෙත් බීපං කියල තග දාන්න වෙයි......

      -----අමාරු වුනත් ඒ දේ මෙදා පාර කරන්නම වෙනවා.

      V.මෛත්‍රී කියල තියන විදියට යම් කාලයක් ඇතුලත විධායක ක්‍රමය අහෝසි කිරීම හෝ බලතල අඩුකිරීම කරනව. අන්න ඒ කාලයේදි රනිල්ට පුළුවන් අගමැති කමේ රහ බලන්න. ඊට පස්සෙ වෙන්නෙ මොකක්ද කියල තීරණය කරන්න වෙන්නෙ අනාගතයේ. සමහර විට සභාග ආණ්ඩුවකට යන්න පුළුවන් වෙයි. නැත්තං පාර්ලිමේන්තුව විසිරුවාහැරල ආයෙත් ඡන්දෙකට යන්න වෙයි.
      ------මෛත්‍රී කියපු විදියට බලතල කපන්න නම් ඒ වෙනුවෙන් එයා ට බලපෑමක් කරවන බාහිර බලවේගයක් තිබිය යුතුමයි. එහෙම නැතිව හැමෝම එකතුවෙලා කරන්න ගියොත් ආපහු මහින්ද වගේම තව කෙනෙක් ආව වගේ වෙයි.
      ඒ හින්ද ස්වාධීන ව ඉන්න JVP එක ගත්තු තීරණේ ප්‍රසංසනීයයි.

      ===============

      මම හිතන්නේ රාජ් මගේ පොස්ට් එක දිග වැඩි හින්ද මම කියන්න ආපු කාරනාව හරියට තේරුම් ගිහින් නැහැ කියල.

      ''සරලවම මම කියන්න හැදුවේ, මේ දවස් වල කරන බිලී බෑම් වලට අමතරව සාමන්‍ය මිනිස්සුන්ගේ කැමැත්ත දිනා ගන්න වැඩපිළිවෙලක් මේ තියෙන සුමාන පහ ඇතුලත අනිවාර්යය්නේ ම ක්‍රියාත්මක කරන්න ඕන " කියලයි. එහෙම නැතිව බර වචන කතා කර කර හිටියොත් කෙලවර කොයි වගේද කියන්න අපිට බැරි වෙයි.

      ------
      උඹේ කමෙන්ට් එකට තැනක් යූ..

      Delete
    2. මිනිස්සුන්ට වැඩක් නෑ ප්‍රජාතන්තරවාදෙන්වත්, එකාධිපතිභාවයෙන්වත්, කීයක් ගසා කනවද කියන එකෙන් වත්. ඒවලින් මිනිස්සුන්ගේ බඩ කට පිරෙන්නේ නෑ. ජනතාව කියන්නේ අන්තර්ජාලේ මේක සාකච්ඡා කරන සුළු පිරිස නෙමෙයි නේ. මෙයාලගේ මේ ගිවිසුම් අත්සන් කිරිලි, මාධ්‍ය සාකච්ඡා මීඩියා කාරයොන්ට නම් හොඳයි. සම හරක් මාධ්‍ය සාකච්ඡාවල මයික් 100 ක් විතර ඉස්සරහා තියෙනවා. ඕවා ඔක්කෝම සංදර්ශණ. දැන් පාරට බහින්න ඕන. මිනිස්සුන්ගේ බඩට කතා කරන්න ඕන. ඒ ඇරුනම නගරේ ඉන්න මිනිස්සුන්ට ළොකු ප්‍රශ්ණයක් තියෙනවා, ඒ තමයි මුන්ගෙ මෙළෝ නීතියක් නැති බැකප් වෙහිකල් සංදර්ශණේ. ඔන්න ඕක නවත්තනවා කිව්වා නම් සිරි ලංකා කාරයොත් චන්දෙ දෙනවා මෛත්‍රිට..

      Delete
    3. ඔවු බොස්.

      මාධ්‍ය සාකච්චා තිබ්බට එව්වයින් අඩු ගානේ පොළොන්නරුවේ මිනිහට වත් වැඩක් නැහැ.

      මෛත්‍රී ලා දැන ගෙන ඉන්න ඕන ගමේ මිනිහාගේ බොක්කට කතා කරන්නේ කොහොමද කියල. යූඇන්පී යට බැහැ කියමුකෝ. ඒ සිරි ලංකා එකට එක පොඩ්ඩක් හරි පුළුවන් වෙන්න එපැය.

      මගේ ප්‍රශ්නේ තියෙන්නේ ඇයි තාම ඒ වැඩපිළිවෙල පටන් නොගත්තේ කියන එකට.

      --

      අද පත්තරේ දැක්ක හෙළ උරුමේ ගමට යනවා කියල මෛත්‍රී ගැන ගමේ මිනිහට කියා දෙන්න.

      එහෙම හරි ගොඩ ගියොත් හරි.

      Delete
  9. සුද්ද කියල තියෙනව වගේ දිග වැඩිය.....
    උඹ කියන දේවල් ...වචන දෙකෙන් දකින්න/අහන්න ලැබෙනවාය.....

    ReplyDelete
    Replies

    1. මොනවා කරනනද බන්. ඔය ලියවෙච්ච හැටි තමයි.

      අනිවා මේ මාගල් සයිස් ලියැවිල්ල නම් ඉස්සරහ පොස්ට් වලදී අයින් කරනවා මය.

      Delete
  10. කෑලි දෙක තුනකට දැම්ම නම් එල

    ReplyDelete
    Replies
    1. හ්ම්...ඔවු ඔවු..

      --
      ඒ ක්‍රියා මාර්ගේ නම් ඊළඟ පොස්ට් එකේ ඉඳන් ගන්න වෙනවා.

      තැනක් යූ උපදෙස් වලට.

      Delete
  11. උඹේ අනික්වත් මේ වගේම දිගද බං...? :D
    මොනා උනත් උඹ ඇඟට අරං ලියන එකානෙ. ඒ නිසා මං අරහෙම කිව්වෙ විහිලුවට.
    මචං, මම නිතරම කියන දෙයක් උඹත් දැකල ඇති, මේ රටේ ජනාධිපතිවරණය වගේ දේකදි සමස්ත ප්‍රතිඵලයට බහුතරයක් වන ග්‍රාමීය ජනතාවගේ මනාපයයි වැදගත්. ජාතක වාහිනියයි, නයි වාහිනියයි බලන, පත්තරේක විචාර ලිපි නොකියවන, වෙනත් රටවල ප්‍රජාතන්ත්‍රවාදය කොහොමදැයි නොදන්න, උසාවියටයි ඉස්පිරිතාලෙටයි යන්න විතරක් නගරෙට එන, කොච්චර හොරකම්කලත් මොකද රටට වැඩකරනවනම් කියන අපේ ගමේ අයියලා උදේ පාන්දර පින්න කඩාගෙන ගිහිං තාම ගහන්නෙ.....ඔව්, එයාට තමා. මේ පිළිගැනීම කඩන්න මිනිස්සුන්ගෙ බොක්කට වදින සරල ග්‍රාම්‍ය බාසාවෙන් ඇදලා අරින්න ඕනි සරල ජීවන අවශ්‍යතා සපුරාලන්නේ කෙසේද කියලා. මෙතනට ජේවීපී එක එනවනම් මිනිස්සුන්ට දැනෙන දෙයක් කියයි. දෙපාරක් හිතන්න දෙයක් කියයි. මගෙත් අදහස, දැන් කාලය මදි මැරතන් වගේ දුවන්න. මේක දුවන්න ඕනි මීටර් 100 x 4 වගේ.

    ReplyDelete
    Replies
    1. //උඹේ අනික්වත් මේ වගේම දිගද බං...?//

      බලමුකෝ..බලමුකෝ...

      ---------

      ජේවීපී එක ත් හිටියනම් වැඩේ ගොඩේ ගොඩ..
      එත් මොනවා කරන්නද .උන්ට උන්ගේම වෙච්ච දේශපාලන දැක්මක් තියෙනවා. ඒ එක්කම ඒ දැක්ම පාවල දීල හොඳහැටි නාගෙන ත් තියෙනවා.

      එ හින්ද මේ සැරේ උන් අත පුච්ච ගන්න කැමති නැහැ.
      --

      මොන විදියෙන් හරි මේ ගේම දිනන්නම වෙනවා.

      Delete
    2. යකෝ මං කිව්වෙ බොගෙ අවයව!

      Delete
    3. එක තමයි මාත් කිව්වේ.

      ඇයි අවුල් ද?

      Delete
    4. :) :) :) ++++++++++++++++++++++++++

      Delete
  12. චීනය හා රුසියාව වැටලීමේ ඈරිකානු ව්‍යාපෘතියයි මේ කෙරෙන්නෙ.සැටලයිට් ලගෙ ඇගේ වෛරය පලිගැනීම යළි බණ්ඩ බලය ස්ථාපිත කිරීම වගෙ ඒව අර ඇමරිකන් ප්‍රොජෙක්ට් එකේ ඇතුලෙ යන්නෙ.මරාගෙ චීන හිතවාදී කම නිසා ඇමරිකාව හා ඉන්දියාව ගේම ට සෙට් වෙලා.රනිල් ල සැටලයිට් ල සිරාල මේ මෙගා ප්‍රොජෙක්ට් එකේ පියන්ල.උන්ට කරන්න දෙයක් නෑ
    අලින්ගෙ අපේ වැඩ වගෙ තමයි.

    ReplyDelete
    Replies
    1. ඇමෙරිකාවට හරි මහන්සි ඇති , රෑට නින්දක් නැතිව, හරි හමන් කෑමක් නැතිව මේ අපේ රටම අල්ල ගන්න අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කරන්න.

      Delete
    2. ඔන්න.ඔබට වැටහුනෙ නැහැනෙ
      ලංකාව තෑගි ඔප්පුවකින් ඇමරිකාවට දුන්නත් බාර ගන්න එකක් නැහැ.ඔවුන්ට ඒක බරක්.භූමිය නොවෙයි විශේෂයෙන් ජනතාව
      නමුත් චීනය හා රුසියාව වැටලීමේ ව්‍යාපෘතියක් බටහිරට තියනව.සිතියම අරන් බලන්න
      ජපානය,දකුණු කොරියාව,පිලිපීනය ,වියට්නාමය හොංකො තායිවාන් ,තායිලන්තය ඇමරිකාව සමඟ ඍජු ආරක්ෂක ගිවිසුම් තිබෙනවා,සමහර රටවල යුධ කදවුරුත් තිබෙනවා.
      උතුරු කොරියාව හා මියන්මාරය හැර අනෙක් සියලු මුහුදුබඩ භූමිය උපක්‍රමික අතින් ඇමරිවාවට තියනවා
      ගොඩමිමෙන් ඉන්දියාව,ඇෆ්ගනිස්ථාන්ය පැත්තෙනුත් වටවෙලා.

      රුසියාව සියළු බෝල්ටික් රටවල් ,යුක්‍රේන්,තරම් කිට්ටුවටම ඇවිත්,ගොඩබිමීන් හා මුහුදින් චීනය හා රුසියාව වටලන විට චීනය උපක්‍රමික ලෙස ලංකාව සමඟ සම්බන්ධ වීම ඇමරිකාව හා ඉන්දියාව ඉවසන්නේ නෑ.ලංකාවේ පිහිටීම අනුව ඇමරි ඉන්දියානු අවශ්‍යතා වලට අනුකූල පාලනයක් ඇතිවීම ඔවුන්ට අවශ්‍යයි.
      එම ප්‍රොජෙක්ට් එකේ තේ අල්ලන භූමිකාවක් වගෙ එකක් සැටලයිටලට ,රනිල් ලට,සිරිසේනලට තියනව.
      මේ ජාත්‍යාන්තර දේශපාලන ක්‍රීඩාවේදී ලංකා භූමිය කොයිතරම් වැදගත්ද කියා ඕනම කෙනෙකුට තේරෙනව.
      සැටලයිට්ල ,රනිල් ල පොරවල් නොවෙයි.ඒ ගෞරවය අපි සුදු මහත්තුරුන්ට දෙමු.

      Delete
    3. ඉතින් මචන් මහින්ද ගේ ආණ්ඩුව ටත් ඇමෙරිකාව එක්ක ආරක්ෂක ගිවිසුමක් තියෙනව නේ.

      ඒ එක්කම චීනේ එක්ක හැම ජාතියෙන්ම ගිවිසුම් තියෙනවා නේ.

      එව්වා ඕන නැහැ. අර මුළු ලෝකෙන්ම කොන්වෙච්ච ලිබියාව, ඉරානය වගේ , සුවාසිලන්තය වගේ රටවල් එක්කත් ගිවිසුම් තියෙනවා නේ.

      අපි විතරක් නෙවයි. තව ලෝකේ කොච්චර රටවල් තියෙනවද ඔය වගේ හැම කලාපයක් එක්කම ගිවිසුම් තියෙන.

      ඒ කියන්නේ එකෙන් තේරෙන්නේ අපි කොහෙවත් තියෙන ජාත්‍යන්තර කුමන්ත්‍රණයකට අහුවෙන්න ඔන්න මෙන්න තියෙනවා කියල නෙවයි. මුළු ලෝකෙම පුරාම පැතුරුණු ජාත්‍යන්තර සැලැස්මක කොටස් කාරයෙක් කියන එක තමයි එකෙන් තේරෙන්නේ.
      ඒ සැලැස්ම ඒ ඒ රටවල් අනුව , ඒ රටවල ආර්ථික මට්ටම අනුව, ඒ රටවල හැකියාව මත ක්‍රියාත්මක වෙන පරිමාණය, ක්‍රමය වෙනස වෙනවා.

      අපි හැමෝම එකේ කොටස් කාරයෝ.

      Delete
  13. දිග වැඩි නිසා උන ලොකුම අපහසුතාව සිද්දවුනේ උඹටමයි.මුල් හරියේ ටික ඔළුවට ගත්තට අන්තිම ටිකනම් ඔළුවට වැදුනෙම නැති තරම්.
    උඹ කියල තියන දේ ඇත්ත.මෛත්‍රි මේ යන විදිහට ගියොත් එයාට පුකෙන් තමයි යන්න වෙන්නේ.බඩට දැනෙන්න යමක් නොකියා ඔළුවට වැදෙන්න කතාකරපු එකෙක්වත් මේ ලන්කාවේ ඡන්දයක් දිනල නෑ.මෛත්‍රි තේරුම් ගන්න ඕන වැදගත්ම දේ තමයි,මේ රටේ ඉන්න හැම මනුස්සයෙක්ගෙම ඕනකම විධායකය අහෝසිකරන එක නෙමෙයි කියන එක.බහුතරයකට ඕන බඩගින්න නිවන එක විතරයි කියන එක.
    ජය වේවා දෙයියෝ......

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි....මම දෙයියොට උඹ කියල කතා කරල......කාටද ආඩම්බර......

      Delete
    2. මට නොවැ ආඩම්බර...

      Delete
    3. උඹේ කමෙන්ට් එක ඇත්ත.

      ---
      විධායක ය කියන්නේ කෑමක් නෙවෙයි නේ . එක බඩට දැනෙන්නේ නැහැ.

      ඒ හින්ද මෛත්‍රී දැනගන්න ඕන බඩට දැනෙන්න දෙයක් කතා කරන. එහෙම නොකලොත් එයාටයි එයාගේ සනුහරෙටමයි හොදාකාරවම බඩට දැනෙන කෑමක් කන්න පුළුවන් වෙනවා 2015 ජනවාරි 09 වෙනිදා ඉඳන්.

      Delete

කමෙන්ට් කලාපය....