2014-12-28

සුබ අලුත් අවුරුද්දක් වේවා

2014 ත් යන්න ඔන්න මෙන්න වගේ.

මේ වෙනකොට විභීෂණ අඩවිය පටන් අරන් මාස හතරයි දවස් ගානයි.


හිතුවට වැඩිය ප්‍රමාණයක් මේ අඩවිය එක්ක එකතු වුනා මේ ටික කාලෙට.


එක එක ප්‍රශ්න බ්ලොග් එක ඇතුලේ කතා කරපු මේ මාස හතර ඇතුලේ මට විවිධ මති  මතාන්තර එක්ක ගැටෙන්න පුළුවන් වුනා.

ඒ ගැන නම් තියෙන්නේ ලොකු සන්තෝසයක්.
එහෙනම් ඉතින් ආපහු ඒ විදියට සැට් වෙමු ලබන අවුරුද්දේ දිහාට.
නොකර බැරි අවස්ථාවක් වුනොත් හැරෙන්න මේ සතිය ඇතුලේ දී කිසිම දේශපාලනික පොස්ටුවක් ලියවෙන එකක් නැහැ. 

එත් හෙට ඉඳන් එන සතිය පුරාවටම අඩවිය ඇතුලේ සින්දු විතරයි.

එන හැමෝටම අහල බලල පොඩි ෆන් එකක් අරන් යන ඇහැකි.


එහෙනම් 

මේ අවුරුද්දට ගොහින් ලබන අවුරුද්දේ හම්බුවෙමු වෙඩි වගේ විභීෂණ පොස්ටුවක් එක්ක.


හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...
සුබම සුබ 2015 ක් වේවා ...
නව ලොවක් වේවා...මෛත්‍රී පාලනයක් වේවා..

9 comments:

  1. ඇයි අප්පා කතාකරන්න දේවල්ද නැත්තෙ. අන්න මුතූ අල්ලලා. මෙන්න හකීම් පැනලා.


    විභීෂණටත් පවුලේ සමටත්, සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. කතා කරන්න දේවල් නම් ගොඩක් තියෙනවා මධු වෝ.

      එත් මේ දවස් වල අපි ගෙදර හින්ද සහ පහුගිය සුමානෙම වැස්ස හින්ද කරන්න ඉතුරු වෙච්ච ගෙදර වැඩ ගොඩ ගැහිලා තියෙන්නේ.

      මට නම් බ්ලොග් ලියන්න වෙලාව තියෙන්නේ වැඩට යන කාලෙට.

      මොකද මන්ද බන් , වැඩට ගිහින් ඇවිත් ඇඟ පත හෝදගෙන ඇවිත් ටීවී එහෙම බලල හිටං , මම කරන කෝස් එකේ වැඩ කටයුතුත් ටිකක් කරලා ඉවරවුනාම කාගෙන්වත් කරදර බාධා නැති, ටීවී එකේවත් මුකුත් නැති නිදහස් වෙලාවක් හම්බුවෙනවා. අන්න ඒ වෙලාවේ තමයි බ්ලෝග අල්ල ගන්න මම වෙන් කරගෙන ඉන්නේ.

      එත් "දැන් නිවාඩු කාලේ හින්දා නෑ ඉස්කෝලේ" නේ.

      උදේට ඉතින් ගෙදර වැඩ , වත්තේ වැඩ .
      හවහට ත් එහෙමයි.
      රෑට යන ෆිල්ම් එහෙම බලලා, ගෙදර වැඩ කටයුතු අහවර කරලා කෑම කාලා ඉවරවෙනකොට ම දහයමාර පැනල.

      ඔන්න ඕකයි නිවාඩු කාලේ තත්ත්වේ.
      -------

      ඉතින් ලබන අවුරුද්දේ(එහෙම කිව්වට ඉතින් ලබන සුමානේ නේ ) ආපහු හම්බු වෙමු මේ සයිබර් අවකාශේ.

      එහෙනම් ඔබටත් ඔබ පවුලේ සැමට ත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...

      Delete
  2. Replies
    1. තැනක් යූ බොස්.

      එහෙනම් ලබන අවුරුද්දේ හම්බු වෙමු.

      Delete
  3. සුබම සුබ අනාගතයක් වේවා! වෙඩි වගේ ලිපි බලන්නට අපට වාසනාව ලැබේවා! හොඳ ලිපි ටිකක් ලියන්න 2015 දි.

    මේ අඩෝ, හොඳින් කියන්නේ හොඳ ලිපි ටිකක් ලියපිය 2015 දී. දන්නවනේ මට තද වුනොත්........................................ (බඩ එළියේ යන බෙහෙත් බොන්න වෙනවා)

    ReplyDelete
    Replies
    1. අම්මෝ දන්නවා දන්නවා..තමුන්නාන්සේ ට තදවුනොත් වෙන දේ ...

      ප්‍රවේසමෙන්..

      ------
      සුබ පැතුමට ස්තුති වේවා...

      ආපහු එන්නම් වෙඩි තියන්න, මල්ටි බැරල් ගහන්න ලබන අවුරුද්දේ..
      ඔබටත්, පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා...

      Delete
    2. සුභ අලුත් අවුරුද්දක්..... එළඹෙන අවුරුද්දෙත් යමක් කමක් ලියන්නකෝ...... දෙයියෝ....

      Delete
    3. එසේම වේවා..නිහින්සා..

      ලබන අවුරුද්දෙත් හම්බු වෙමු

      Delete
  4. මෙන්න කලින්ම සුබ පතල :D ...
    //මේ සතිය ඇතුලේ දී කිසිම දේශපාලනික පොස්ටුවක් ලියවෙන එකක් නැහැ.
    අනේ වාසනාවන්.... උදේ නැගිට්ට වෙලේ ඉඳන් නිදියනකන්ම මේ දේශපාලනේ අහල අප්පිරිය වෙලා .. හැබැයි ඉතින් ලියනවනම් ලියන්න දේවල්ද නැත්තේ නේද ..ආයෙ මොනාද 2015 පටන් ගනිද්දිම ප්‍රතිපලත් එක්ක හොඳ පොස්ටුවකින්ම පටන් ගන්න පුලුවන්නෙ ... ඇත්තමයි මට දේශපාලනය අරහං නෝපොලිටික්ස් කියාගෙන ඉන්නෙ.... මං කලිනුත් පොස්ටුවක කිව්වනෙ :) හැබැයි ඉතින් විභීෂණ ලියන ලිපි නිසාම දැන් ඒවත් කියවනවා ස්තුතියි .. එහෙනම් නව වසරට ජය ..අලුත් අවුරුද්දේ හැමදවසක්ම හිනාවෙලා ඉන්න ලැබේවා :)

    ReplyDelete

කමෙන්ට් කලාපය....