ටීවී එකේ නැකතට
පන්සල් ගිය පු
ලිප ගිනි මොලොවපු
කෑම මේසේ හදපු
කෑම කාපු
ගනුදෙනු කරපු
තෙල් ගාපු
ටීවී එකෙ
රබන් ගහනව
කවි කියනවා
සින්දු කියනවා
ඔලිඳ කෙලිනවා
එළුවන් කනවා
බලන් හිටපු
ඔස්තාර් ලාගෙන් බයිලා අහපු
බුකියේ ජී අයි එෆ් (GIF) වලින්
කඹ ඇදපු
අලියා ට ඇහැ තියපු
කණා මුට්ටි බිඳපු
රතිඤ්ඤා ත් පත්තු කරපු
ලිස්සන ගස් නැගපු
එව්වයෙ ස්ක්‍රීන් ෂොට් අරන් කමෙන්ට් කරාපු
අපි
-
-
-
-
-
-
කියනවාලු මේක
සූර්ය මංගල්‍යය කියලා
කියනවාලු මේක
හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය කියලා
-
-
-
-
-
අම්මට හුඩු...
අනේ ද කියන්නේ.
ReplyDeleteආයෙත් අහලා...
Deleteමිඩියා වල ඉන්න එවුන්ට තමයි අවුරුදු
ReplyDeleteඋන් අවුරැද්ද අපිට පෙන්නන්න කියල උන් උන්ගේ ආතල් එක ගන්නවා
අපි...... FUfff......
අපි ඉතින් උන්ගේ මැජික් බල බල ඉන්නවා..
Deleteආ තව ඒ විතරක් ද. අවුරුද්ද පුරාම බාගෙට විලි වහ ගත්ත නලු නිලියෝ රෙදි හැට්ට සරම් ජාතික ඇදුම් ඇදන් පොල් ගානව, රබන් ගහනවා. තව අවුරුදු කෑම හදනවා.
ReplyDeleteඕන්න මීඩියා අවුරුදු...
අපේ සංස්කෘතිය ලු නේ ..
Deleteඕවත් අවුරුදු සමරණ ක්‍රමනේ. පුළුවන්නම් උඹ කියපන් කොහොමද කරන්න ඕන කියලා.
ReplyDeleteමම කියවපු පරණ ඥාණාර්ථ ප්‍රදීපය සඟරාවලත් නත්තල කිට්ටුවෙනකොට "මේකද සැබෑ නත්තල" යන තේමාව යටතේ ඔහොම ලිපි පලවෙනවා දැක තිබෙනවා.
ටීවී රේඩියෝ ෆේස්බුක් නැතිවෙච්ච දවසට අලුත් අවුරුදු සැමරීම නවතින්නේ නැති ඕන විදියකට කලාට කමක් නැත. දැන් යන විදියට සංස්කෘතික මංගල්ලේ තියෙන්නේ මීඩියා ඇතුලේ විතරයි.
Delete--------------
ඥාණාර්ථ ප්‍රදීපය සඟරාවක් නෙමෙයි.
පරණ එව්වා ල විතරක් නෙමයි අලුත් එව්වලත් ඔය ජාතියේ ලිපි තියෙනවා.
අම්මට උඩු විබියෝ, පට්ටනේ. :p
ReplyDeleteඑහෙමද?
Deleteඅප්පටත් හුඩු............
ReplyDeleteමලා...
Deleteනැකතට වැඩ කොලා අම්මගේ කීමට
ReplyDeleteබොහොම හොඳයි..
Deleteනැකතට වැඩ කොලා අම්මගේ කීමට
ReplyDeleteඅවුරුදු ජන ක්‍රීඩාවක් කියන ඔළිඳකෙලිය ,කෙලින හැටි දන්නෙ කී දෙනයිද....
ReplyDeleteසූර්ය මංගල්‍යය කියන්නෙ... නෙස්ට මෝල්ට්, ලාඕජී හා නෝ චිකං කියුබ් වලින් බලය, ජවය, ශක්තිය ලබා ගන්නා හැටි ගැන කියවෙන උත්සවයක් ලු...
මටත් ආරංචියි එහෙම එකක් කියලා...
Delete:)
ටීවි බලන ඒකත් ඒපා වෙනවා ඒතකොට....
ReplyDeleteමේ සැරේ නම් ටීවී ඔක්කාරෙටත් ආව කියහන්කෝ...
Deleteඅපේ කාලේ අවුරුදු .... ඒකත් අහවරලු ඉතින් .. මේ පාර කොහා ආවෙත් නැහැ. මං හිතන්නෙ ඌටත් කලකිරිල :/
ReplyDeleteකොහා දෙමල පන්තියකට ගියාලු නේ දෙමලෙන් කොහෝ කියන්න ඉගෙන ගන්න.
Deleteමම හිතන්නේ ඌ තාම ඒ කොස් එකේ...
අපිටනං ඕව බලන්න වෙලාවක් තිබුණෙ නෑ. නොනගතේ වෙලාවෙ තමයි ගෙවල් අස්පස් කරන වැඩ ටික කළේ.
ReplyDeleteඑකත් කොච්චර සුබ කටයුත්තක් ද ?
Deleteමං දැක්ක
ReplyDeleteකොහා
අපේ ගේ ඉස්සරහ
නා ගහේ වහල උන්න
මං ඌට කොහෝ කිව්ව
ඌ මං දිහා බලල
ලැජ්ජාවෙං පියාඹලා ගියා
අනේ පවු අසරණ කොහා..
Deleteමම හිතන්නේ ඌ ලජ්ජා වෙලා නෙමෙයුඉ ගියේ.
උඹ ර කොහෝ කියපු වෙලේ උඹේ අර ෆේමස් දත් දෙක පෙනිලා බය වෙලා ගිහින් තියෙන්නේ...
ටීවී අවුරුදුත් ඒ හැටි ජයක් නෑ කියල හිතුණ. අම්මප ඒව බලද්දි ඔක්කාරෙට එනව. ඇයි මැති ඇමති අවුරුදු...? කස්ටිය සින්දු "කියනව" බලන්ටෙපැයි..
ReplyDeleteවාසනාවට බයිලා තරඟයක් නොතිබ්බේ..
Deleteනියමයි මචෝ කන පැලෙන්න ලියවිලා
ReplyDeleteඑසේමයි .....
Deleteඇත්ත තමයි. මෙහෙම ගියොත් හෙට අනිද්දට අවුරුද්ද නමට විතරක් ඉතිරි වෙවි.
ReplyDeleteඑකවත් ඉතුරු වෙලා තිබ්බොත් ඇති.
Deleteමට නම් හිතෙන්නේ තව ටික කාල්යාක් ගිහින් නෙස්ටමෝල්ට් , ලාඔජී වගේ නම් ටිකක් විතරක් ඉතුරු වේවි කියලා...
අම්මට හුඩු...
ReplyDeleteඅවුරුද්ද කුඩේ කුඩු ...
සුනේ සුන්...
Delete