2016-04-16

සමාවෙන්න හංසි(2)...

මෙතෙක් කතාව ....
------------> 1 වෙනි කොටස

අද එතැන් සිට...


ම්ම්ම් ඔය එන්නේ අපේ මාස්ටර් මයින්ඩ් එක ...
රවියා ගේ ෆිට් එක හින්දාම හොඳට ගියා..
නැත්තම් මෙච්චර සුපිරි ලැබ් එහෙක අපි ඉතින් කවදා සින්දුවක් කියන්නද?



අන්න අන්න රවියා තුසිතයා එක්ක චැටක් දානවා...

තුසිත යා ..කොහොමද?
උඹ ඉතින් අපිව දැක්කා ට කතා කලේ නැහැනේ ..
ඔෆිස් එකට දිව්වනේ...
ෆුල් බිසී වගේ නේ ...
දැන් කොහොමද බිස්නස් ? 
වැඩ එහෙම එනවා ද?

          අනේ සොරි රවී යෝ..
          මචං..අද පොඩ්ඩක් බිසී වුනා.
          උඹට මම කිව්වේ . මේ දවස් වල මම ජින්ගල් වගයක් කරනවා කියලා හාට් එෆ්.එම්  එක ට .
          ඒහින්දා තමයි මේ හදිසියේ බිසී වුනේ.

          බලහන් බන් උන්ගේ කෙහෙල්මල් ඇනිවසරිය ලබන සුමානේ කියලා දවස ගානේ මට කෝල් කරනවා           ජින්ගල් ටික රේඩි ද කියලා අහලා.
          මල ඇනයක් වෙලා තියෙන්නේ.
          තාම සුමානය යි මට වැඩේ බාර දීලත්. දවස ගානේ පවු දෙනවා.
          ඒ කේස් එක ඇරෙන්න වෙන ලොකු අවුලක් ම නැහැ. ගානට මිම්මට වැඩේ කරගෙන යනවා.

ආපෝ  හාට් එෆ් එම් එකද?
මතක් කරන්න එපා ..
ගිය සැරේ උන්ගේ තීම් සෝන්ග් එක මටනේ දුන්නේ ..
මාර කට්ටක් කෑවේ බන් ..
උඹට වගේම තමයි ..
එක්කෝ උඹට තව හොඳයි..
උඹට කියන්නේ තුසිතයෝ දවස ගානේ දවස ගානේ මාසයක් ෆෝන් එකෙන් වද  දුන්නා කියහන්කෝ..

          ඔවු බන් ..ඔය යක්කුන්ගේ හැටිමයි. වෙන කිසිම චැනල් එකක් ඔච්චර වදයක් වෙලා නැහැ 

යකෝ මුන් දෙන්නා බොක්කේ ෆිට් එක වගේ..
අන්න අන්න තුසිතයා මා දිහා බැලුවා ...

          එක නෙමේ රවී යෝ..
          කවුද මේ ?
          මෙයාද අර උඹ කිව්වේ අලුත් සෝන්ග් එකක් කරන්න යනවා කියලා?

ආ ඔවු ඔවු..
මම කිව්වේ අර අලුත් කොල්ලෙක් හම්බුනා කියලා. අන්න ඌ තමයි.
මුගේ වොයිස් එක මට නම් ඔකේ. එකයි මම උඹ එක්කම වැඩේ කරන්න හැදුවේ.

අඳුන ගනින් ..රසික 
බලමු උඹට මැච් වෙයිද කියලා...

          හෙලෝ රසික මල්ලි,
          නයිස් ටු මීට් යූ..

          හෙලෝ තුසිත අයියේ..
          නයිස් ටු මීට් යූ ටු..

රසික ට නම් ඉතින් අමුතුවෙන් අඳුන්නල දෙන්න ඕනේ නැහැනේ තුසිතව .
ඕනා තරම් ටීවී එකේ දැකලත් තියෙනවා ඇතිනේ..

          ඔවු රවී අයියේ..තුසිත කියපුවම නොදන්න්නේ කවුද? 
          ඕනෑම චාට් එහෙක තුසිත අයියාගේ එක සෝන්ග් එකක් හරි යනවා නේ..

          හරි රවියෝ..
          එහෙනම් වැඩේ කරමු නේද?


ඔවු තුසිත යා, ඉක්මනට වැඩේ කරමුද?
මට අද හවස වෙන ගමනකුත් යන්න තියෙනවා..

          වෙන ගමනක්...
          ආ මම දන්නවා කොහෙද යන්නේ කියලා..

ඔන්න ඔන්න ඉතින් උඹ මගුලක් කතා කරන්න යනවා..

          හරි හරි
          එව්වා මෙතෙන්ට ඕනේ නැහැ..          
          වැඩේ ඉක්මනට ඉවර කරමු.
          උඹේ වැඩේ නේ ..හොඳට වෙලාව අරන් කරන්න ඕනේ...

          බලමු ලිරික්ස් ටික..
          කෝ දියන්  බලන්න ඔය කොලේ..
          ම්ම්ම්ම්
          "සිහින කුමරිය..සිහිනලෝකෙක"
          "තනි කරා මා ..."

          ම්ම්ම්
          "මගේ හැඟුමන්.."

          මේ මචං රවී යෝ..
          මේක ඩුඅට් එකක් කිව්වා නේද?

ඔවු මචං මොකෝ..

          එතකොට කවුද අනිත් සිංගර්..

මම තමයි ඇයි අවුල්ද?
අන්න රවියා නිකන් ඔරෝප්පුවෙන් වගේ තුසිතයා දිහා බැලුවා

          ආ එහෙනම් කමක් නැහැ බන්..

ඇයි බන් උඹට මතක නැද්ද ?
මම ෆෝන් එකෙන් කිව්වනේ මාත් එක්කයි කොල්ලා සින්ග් කරන්නේ කියලා..
අපෝ උඹ නම් ..කොහොමද බන් ඔහොම අමතක වෙවී මේ වගේ වැඩ  කරන්නේ...

          හරි හරි ..
          කාටද බන් ෆෝන් එකෙන් කියන හැමදේම මතක තියෙන්නේ..
          උඹ වගේ කී දෙනෙක් නම් මට ට්‍රැක් වල විස්තර කියලා කෝල් කරනවා ද?

          හරි එහෙනම් රසික මල්ලි..
          ඇතුලට යන්න ..ගිහින් රේඩි වෙන්න..

          ආ හරි තුසිත අයියේ..

          රවියා ..මචං උඹ ටිකක් ඉඳහන්..මට මෙලඩි එක තව ටිකක් බලන ඕනේ...


ඔන්න ඉතින් මමත් ගායකයෙක් වෙන්නලු යන්නේ අද ඉඳන්..ඈ..
හප්පාමොන කට්ටක් කෑවා ද මෙහෙමත් තැනකට එන්න..
කීදෙනක් ගාවට ගියාද මගේ ලිරික්ස් අරගෙන හොඳ මෙලඩි යක් දා ගන්න..
කෝ එකෙක්වත් තඹේකට ගණන්  ගත්තා ද?
රවී අයියා ඒ අතින් දෙයියෙක්..
පොර ටෝක්ස් මොකුත් නැතුව වැඩේ බාර ගත්තා.
අනික දැන් එක මගේ නෙමෙයි උගේ වැඩක් ගානට බර කරට අරන් කරන්නේ..


ෂා..තුසිත යා ඉතින් ලොවෙත් නැති වෙන්න ස්ටුඩියෝ එක ඇරෙන්ජ් කරලා තියෙනවා..
මේ තියෙන්නේ ගිටාර් එහෙකුත්..

මුගේ ට්‍රැක්  සේරම ටොප් කොලිටි තියෙන්නේ ඉතින් මේ වගේ සුපිරි ලැබ් එහෙක කරන හින්දා තමයි..
කෝ මුන් දෙන්නා..
තාම මෙලඩි ය බලනවා වගේ..
අර පෙන්නේ නැද්ද දෙන්නාම අත් වන වන හරියට අමරදේව මාස්ටර් සින්දු කියනවා වගේ..
මගේ සින්දුවට අමුතුම මෙලඩි යක් සැට් කොරයි වගේ දෙන්නා එකතු වෙලා 

ම්ම්ම්ම්
ම්ම්ම්

ආ හරි අන්න  රවි අයියා එනවා..

          මෙලඩි ය හරිද අයියේ..
ආ හරි මල්ලි..
පොඩි චෙන්ජස් වගයක් කළා.
වැඩේ ටොප් එකට තියෙයි..

එක නෙමෙයි
උඹට මතකනේ..
මුල ලයින්ස් හතර උඹ කියන්න ඕනේ..
මතකනේ මෙලඩි ය..

හ්ම්ම්ම්...ම්ම්ම්..ම්ම්ම්...ම්ම්..හ්ම්ම්ම්.ම්ම්ම්...ම්ම්ම්...

රයිට්? 

අන්තිම හරියේ දී ලෝඑකෙන් ගන්න..
ඊළඟ ලයින්ස් හතර මගේ...

මුලින් පියානෝ පාට් එකනේ තියෙන්නේ. 
එකෙන් මුළු ට්‍රැක්  එකම කියලා බලමු...
තුසිතයා කියයි ඊට පස්සේ මොකද වෙන්න ඕනා කියලා..

එහෙනම් හරිනේ මල්ලි..තේරුනා නේ..
බයවෙන්න එපා..ඔකේ..
වැරදුනොත් බලමු..ටයිම් තියෙනවා..අපි හදමු..
එහෙනම් පටන් ගන්නවා...හරි..
රායිට් ඔකේ,,,

තුසිතයා පටන් ගම්මුද?

          ආ හරි රවියා..
          එහෙනම් දෙන්නාම හෙඩ්ෆෝන් දාගන්න්න..

          හරි පටන් ගන්නවා 
          ඔකේ..රෙඩී ..?

          ත්‍රී..ටු..වන්..._____

"සිහින කුමරිය..සිහිනලෝකෙක..තනි කරා මා ...ආ.ආ..ආ..
මගේ හැඟුමන්..නුඹේ හැඟුමන් යා කලා...ආ...ආ..."

 හ්ම්ම්..හ්ම්ම්..ම්ම්..
ඒ ඒ..මේ මොකද?
මොකද මේ රවී අයියා..ඔලුව අල්ලාගෙන..

          රවී අයියේ රවීඅයියේ.. 

මල්ලි පොඩ්ඩක් ඉන්නකෝ....

තුසිත යා ..කට්..කට්..කට්..
          රවී අයියේ මොකද?

          රවියා මොකෝ වුනේ..බන් ?

ම්ම්..ම්ම්?
හ්ම්ම්..ම්ම්ම්....හ්ම්ම්.........

නෑ නෑ තුසිත යා හදිස්සියේ  ඔලුව කැක්කුමක් ආවා..මොකක්ද මන්දා
ඔලුව හොඳටම රිදෙනවා..

          රවියා..මචෝ..දැන් මොකද කරන්නේ ?
          උඹට දැන් මේ වැඩේ කරන්න පුළුවන් ද? බැහැ නේද?
          අමාරු නම් කියහන්..අපි වෙන දවසක කරමු..

ම්ම්ම්?
තුසිතයා ..එහෙනම් වෙන දවසක් බලමුද මචං..
උඹට අවුලක් නැහැනේ...
          
          හරි රවියා..ඩෙට් එකක් ෆික්ස් කරලා මම උඹට කෝල් එකක් දෙන්නම් .
          දැන් යන්  පොඩ්ඩක් එලියට..

රසික මල්ලි අවුලක් නැහැ නේද?

          ආ අවුලක් නැහැ රවී අයියා..
          මේ දවස් වල මම ෆ්‍රී..
          ඕන දවසක් කියන්න මම එන්නම්..

එහෙනම් අවුලක් නැහැ..
සොරි මල්ලි..අද වැඩේ කරගන්න බැරි වුනාට ..
කවදාවත් මෙහෙම මෙහෙම වෙලා නැහැ..

          ආ අවුලක් නැහැ ...ඕක මොකක්ද?
          අයියා එහෙනම් ඉක්මනට ගිහින් ඩොක්ටර් කෙනෙක් ට පෙන්නන්න..

          ඔවු රවී යා..ඉක්මනට ඩොක්ටර් කෙනෙක්ට පෙන්නහන්..අපි දන්නේ නැහැනේ..මොකක්ද කියලා...
ඔවු බන් මොකක්ද කියලා බලන්න ඕන...

          එහෙනම් රවී අයියේ, තුසිත අයියේ..මම ගිහින් එන්නද?
  
හරි මල්ලි හරි ..
මම තුසිතයා එක්ක ටිකක් වෙලා ඉඳලා එන්නම්.. 

          හරි අයියා..
          එහෙනම් මම ගියා..

          රායිට් මල්ලි..බායි..

-------
ම්ම් මොකක්ද ඒ එකපාරටම වුනේ..??
ම්ම්ම්...
අනේ මන්ද..
..
.

.

.
එයි අර බලහන් කෝ..
අර අර කෙල්ල නේද?
..කවුද මේ නම කිව්වේ...මේ මේ ආ "හංසි"..
හංසි තාම මෙතන නේ,,
යකෝ දැන්පැය දෙහෙකටත් වැඩියි නේ...
මෙතන මොනවා කරනවා ද මන්දා...
කලින් දැක්කා වගේම මූණ දෙක කරගෙන ඉන්නේ...
ම්ම්ම්?
මේකේ නම් මොකක් හරි සීන් කෝන් එකක් තියෙනවා..
බලමුකෝ..බලමුකෝ..


====3 වෙනි කොටස   ==




22 comments:

  1. අනේ මේ මොකෝ වෙන්නෙ????

    ReplyDelete
    Replies
    1. එක තමයි රොහාන්, මටත් හිතා ගන්න බහ අයි එහෙම වුනේ කියලා...

      Delete
  2. පව් අනේ රසික... කමක් නෑ කියුවට මොන තරම් බලාපොරෙත්තු තියාගෙනද හිටියේ..

    ReplyDelete
    Replies
    1. එකනම් එහෙම තමයි. මොනා කරන්නද නේද?

      Delete
  3. හය්යූ අර අහිංසක හංසි කෙල්ලව රස්තියාදු කරන තරමක් .....

    ReplyDelete
    Replies
    1. ප.ලි. විභීගේ අලුත් ප්‍රොෆයිල් පික්චර් එකට ලයික් එකක් ... :D

      Delete
    2. අනිවා ............ හංසිගෙනං මොකක් හරි හොරයක් තියෙනවා.... හැක්

      Delete
    3. @ හංසි(සුවාන්)
      1/ හංසි කෙල්ල තාම රස්තියාදු වෙන්න පටන් ගත්තා විතරයි.
      2/ තැනක් යූ අලුත් ප්‍රොෆයිල් පික් එකට දීපු ලයික් එකට.

      Delete
    4. @කුරුටු ගෑ ගී පවුර
      හංසි ගේ නම් හොරයක් තියෙනවා තමයි...

      Delete
  4. අනේ පවු...ඉතිං ඊට පස්සෙ

    ReplyDelete
  5. ංඈ....හෙඩ් ෆෝන් එකේ කීඩෑවෙක් වත් හිටියද? හංසි මොකාටද මේ එන්න හදන්නෙ... එල එල.. ලියහං ඉතුරු ටිකත්
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. //හෙඩ් ෆෝන් එකේ කීඩෑවෙක් //
      ඔන්න කිව්වා ඉතින් දවසේ කතාව. මෙච්චර ලස්සනට ෆීලින්ස් දාලා කරලා අමාරුවෙන් ගොඩ දාගෙන යනකොට කියපු කතා ව බලහල්ලාකෝ ...
      කීඩෑවෙක්/.......

      හරි හරි ..ඉතුරු ටිකත් ලියන්නම්කො...

      Delete
  6. ඉක්මනට ලියන්නේ නැතන්ම් විඩෙඔ එක ගැන ඉඟියක් වත් දාන්න,style එකට වැඩිය අසා හිතුනේ නැතත් කියවල බලන්න හිතෙනවා සින්දුව මොකක්ද බලන්න

    ReplyDelete
    Replies
    1. වීඩියෝ එක ගැන ඉඟියක් මෙන්න මෙහෙම දෙන්නම්.

      කතාව අවසානයේ මේ එක චරිතයක් පරලෝ සැපත් වෙනවා...

      Delete
  7. පළවෙනි කොටසත් කියවගෙනමයි ආවෙ. මියුසික් වීඩියෝවක් බලල මේ තරං හොඳට කතාවක් ලියනව නං තව ඉස්සරහට තාවක් දෙකක් කියවන්නත් අපිට පුලුවං වෙයි වගේ. හිහි.
    කතාව නං ලෙසටම නැඟල යනව...
    ඉතුරු කොටසත් දමන්ටකො පරක්කු නොකර

    ReplyDelete
    Replies
    1. මහේෂ්, තැනක් යූ කමෙන්ට් එකට..

      --------

      Delete
  8. Lassanayi kathawa!Mokada me tele drama wala wage hariyatama nagala yana than waladine nawathwanne. Oke danawako ikmanata ithuru tikath.

    ReplyDelete
    Replies
    1. ok ok..
      don't worry dear...

      ikmantama ithuru tikath eyi...

      Delete
  9. //කීදෙනක් ගාවට ගියාද මගේ ලිරික්ස් අරගෙන හොඳ මෙලඩි යක් දා ගන්න..
    කෝ එකෙක්වත් තඹේකට ගණන් ගත්තා ද?
    රවී අයියා ඒ අතින් දෙයියෙක්..
    පොර ටෝක්ස් මොකුත් නැතුව වැඩේ බාර ගත්තා.//
    //මගේ සින්දුවට අමුතුම මෙලඩි යක් සැට් කොරයි වගේ දෙන්නා එකතු වෙලා//
    කලින් එකේ කිව්වේ රවී රසිකගේ මෙලඩි එකට ලිරික්ස් දානව කියලා ඒත් මේකේ විදිහට තේරෙන්නේ ලිරික්ස් රසිකගේ කියලා

    ReplyDelete

කමෙන්ට් කලාපය....