කතා ලිවීමේ මහා ලොකු හැකියාවක් නැති මේ විභීෂණ ඔන්න ඔහේ උන්නත් දාහයි මළත් දාහයි කියලා, කියෝන එකෙක් කියවයි නේ කියලා හිතලා ඒ තරම් ඕන කමක් නැතුව ලියන්න පටන් ගත්තු මේ කතාව හිතුවාට වඩා ටිකක් විතර සාර්ථකයි කියලා දැනෙන්න පටන් ගත්තේ කතාව හදිසියේ නතර කලාට පස්සේ ය.
අපේ බ්ලොග් ලෝකේ ඉන්න හංසි ත්, නිර්මාණි ත් බුකියේ සැට් වෙච්චි කීප වතාවකදී ම ඇහුවේ අර කතාව ලියන්නේ නැද්ද කියලා ය.
පොලිටි කල් ම ලියලා ලියලා කුරුවල් වෙලා තියෙන මේ අඩවියට මේ කතාව පොඩි වෙනසක් එකතු කරලා වගෙය.
කොහොම හරි ඉතින් බාගෙට වැඩක් කරලා අතැරලා දානවා ට වඩා ඉවර කරන හිතට සැනසීමක් නිසා , හදිසියේ නැවතුනු කතාව ආපහු පටන් ගන්න විභීෂණ කල්පනා කළේය.
එහෙනම් ඉතින් ඔන්න කතාව...
=========================================================================
මෙතෙක් කතාව ....
අද එතැන් සිට..
"සිහින කුමරිය..සිහිනලෝකෙක..තනි කරා මා ...ආ.ආ..ආ..
මගේ හැඟුමන්..නුඹේ හැඟුමන් යා කලා...ආ...ආ..."
ආ...ආ...ආ..
ආ...ආ...ආ...
"
හ්ම්ම්ම්...
හම්මේ...
අන්න තුසිත අයියා රේකොඩින් ඕෆ්කළා...
නියමයි මල්ලි..
නියමයි..
සුපිරියටම කළා..
උඹට නියම ටැලන්ට් එකක් තියෙන්නේ...
තැනක් යූ රවී අයියා..තැනක් යූ
තැනක් යූ වෙරි මච්...
රවී අයියගේ සපෝට්එක නැතිවෙන්න මේ වැඩේ මෙහෙම කරගන්න මට බැහැ..
මේක මම කාලයක් තිස්සේ දැකපු හීනයක්..අයියේ..
රවී අය්යේ ඔයා තමයි ඒ හීනේ හැබෑ කරන්න සපෝට් එක දුන්නේ..
තැනක් යූ කියලා මදි...
හා හා හරි හරි ..මල්ලි හරි හරි..
උඹේ වොයිස් එක මට අල්ලලා ගිය නිසයි එහෙම උදව්වක් කලේ..
ආ..අන්න තුසිතයා අපිට එන්න කියනවා.
ඔන්න ඕක ගලෝලා තියලා යන්...
රායිට් අයියා...
හ්ම්ම්..මට නම් මේක හිතා ගන්නත් බැහැ..
තාමත් හීනයක් වගේ..
මේ රවී අයියා නොහිටින්න මම තාමත් එක එකා ගාව රස්තියාදු වෙනවා.
සින්දුවක් කියාගන්න..
මූ නම් දෙයියෙක්..
එහෙනම් ඉතින් ඔන්න මගේ හීනේ හැබෑ වුනා.
හ්ම්ම්..
යන්න ඕන ස්ටුඩියෝ එකෙන් එලියට..
හ්ම්ම්...
ආන්න රවී අයියා තුසිතයාට පහක් දැම්මා...
එයි..තුසිතයා..
කොහොමද වැඩේ..
එලටම වුනා නේද?
ආයෙත්අහලා..
රවියෝ..මේ ට්‍රැක් එක නම් ලස්සනට ම කෙරුණා..
මේ කොල්ලාගේ වොයිස් එක නම් මාරෙට මැච් වුනා මේ ලිරික්ස් වලට.
උඹේ වොයිස් එක නම් ඉතින් ඕනෑම මෙලඩියකට මැච් වෙනවා නේ.
මට නම් නිකමට වගේ හිතෙනවා මේක හිට් වෙයි කියලා..
උඹට එහෙම හිතෙන්නැද්ද රවී යෝ ..
මටත් හිතුනා තුසිතයෝ.
මේකාගේ ලිරික්ස් ටික දැක්කාම මට තේරුනා වැඩේ පොඩ්ඩක් හිට් වෙන පැත්තක් තියෙන්නේ කියලා.
මේකා මාව හම්බවෙන්න ඇවිත් ලිරික්ස් ටික සින්ග් කරලා පෙන්නපුවාම මම දැනගත්තා වැඩේ සෙටල් කියලා.
මූට තියෙන්නේ පිස්සු හැදෙන වොයිස් එකක්.
බූට් සිංදුවකට පාවිච්චි කලොත් ආයේ ඉතින් අහන අහන එකා අඬලා තමයි නවතින්නේ,
අන්න රවියා මා දිහාට හැරුනා..
කොහොම හරි ඉතින් මලයෝ.
ඔන්න උඹ හිට් වෙන්න්න යන්නේ..
මාව අමතක කරපන් කෝ ..
මේ තුසිතයා ගෙන් එහෙම කමෙන්ට් එකක් ලැබුනා කියන්නේ ඉතින් ආයේ ෂුවර් තමයි.
දැන් ඉතින් ගෙදර ගිහින් ලැස්ති වෙයන්..
ටීවී රේඩියෝ වල ඉන්ටර්වීව් දෙන්න,අර රෑටතියෙන චැට් ප්‍රෝග්‍රෑම් වල සින්දු කියන්න එහෙම.
කොටින්ම දැන් ඉඳන් උඹ නිදිමරන්න ලැස්ති වෙයන්..
හම්මේ..
මුන් දෙන්නා මාව නග්ගනවා නැග්ගිල්ලක් ආයේ ඉතින් ලොවෙත් නැති වෙන්න..
මෙහෙම නග්ගලා හදිසියේ හරි වැටුනොත් තමයි ..
කමක් නැහැ
මුන් දෙන්නා ෆීල්ඩ් එකේ පොරවල් නේ..
උන් එහෙම දෙයක් කියන්නේ හිතුමතේ නෙමෙයි නේ.
මොකක්හරි ඇත්තකුත් ඇති..
කොහොමහරි කමක් නැහැ
මගේ වැඩේ මම හිතුවාටත් වඩා හොඳට කෙරුණා නේ..
මගේ මොකක් හරි වාසනාවක් ඇති මෙහෙම දේවල් ලැබෙන්න...
හප්පා..
හොඳටම මහන්සියි..
පැය තුන හතර ඒසී එකේ මනේ හිටියේ..
පොඩ්ඩක් එලියට ගිහින් ඉන්න ඕනා..
මුන් දෙන්නා මේ කතාව ඉවර වෙලා එයිනේ තව ටිකකින්..
මේ..රවී අයියේ..
ආ ඇයි මල්ලි.
අයියේ මම පොඩ්ඩක් එලියට වෙලා ඉන්නම්..
ටිකක් මහන්සියි..
පැය තුන හතරක් ම මේක ඇතුලේ නේ..
ආ හරි මල්ලි..හරි..
එළියෙන්ඉන්න..
මට ටික වෙලාවක් දියන්..
මම එන්නම් ඉතුරු වැඩ ටික ගැන කතා කර ගන්න..
හරි අයියේ..හරි..
හ්ම්ම්...
ඇති යන්තම්...
ඒසී එකේ ඉඳලා තොල කට වේලිලා..
එලියට ගිහින් වතුර ටිකක් බොන්න ඕනා..
හොඳ වෙලාවට සති දෙකක් යන්න කලින් වැඩේ කරගන්න හම්බුනා.
එදා රවී අයියා අසනීප වුනේ නැත්තන් එදාම වැඩේ කරගන්න තිබ්බා.
කමක් නැහැ..කමක් නැහැ..
කොහොම හරි වැඩේ කෙරුනා නේ..
ක්‍රීඊ ඊ ඊ ඊ ඊ ඊ ඊ කක්...
ශිකේ..
පුදුම තදක් නේ මේ කෙහෙම්මල් දොරේ තියෙන්නේ...
හ්ම්ම්..
කෝ මේ වතුර ෆිල්ටරේ..
ම්ම්..
ආ අර තියෙන්නේ..
සෝෆා එක ගාව..
ආආආආආ...ආආආආආ.
අප්පට බෝල මේ අර කෙල්ල නේද සෝෆා එකේ ඉඳන් ඉන්නේ ?
යකෝ අදත් ඇවිත් නේ..
කවුද මේ නම කිව්වේ..
මේ මේ..
ආ හංසි නේද?
ඔවු ඔවු ඔවු මේ එකිම තමයි..
එදා වගේම මූණ බේරී කරගෙන ඉන්නේ..
ආයේ දෙකක් නැහැ..
මෙකි එක්ක රවියා ගේ මොකක් දෝ සිරාම සීන් කෝන් එකක් තියෙනවා වගේ.
රවියා ත් නැති එකේ කතා කරන්න ඕනේ වචන දෙක තුනක්..
ම්ම්..ම්ම්..හ..
හේ හේ හෙලෝ මිස්..
ගුඩ් ඊවිනින්..
අ ..අන්න ඒකි පුදුමෙන් වගේ මා දිහා බලනවා..
ආ ..?
අ..ග් ..ග්..ගුඩ් ඊවිනින් මිස්ටර්..
මොනා වුනත් අහිංසක මූණක්..මේ බෙරි කරගෙන ඉන්න විදියට දුකත් හිතෙනවා..
මිස් ව මම මීට සති දෙහෙකට විතර කලිනුත් මෙතනදී දැක්කා..
එකයි කතා කරන්න හිතුනේ..
මිසුත් මොකක්හරි ට්‍රැක් එකක් කරගන්න ද ඉන්නේ තුසිත අයියට කියලා..
ආන්න ආන්න යාන්තමට හිනා වෙනවා..
ආ..අනේ නැහැ..
මම මේ ඉන්නේ රවී අයියා ව මීට් වෙන්න..
හත්වලාමට ගහපු කලාබරේ කිව්වලු..
මම හිතපු දේවල් හරි වගේ..
ඉතින්
ඉතින් හම්බුනේ නැද්ද මිස්?
ආ අනේ නැහැනේ
එදත් ඇවිත් හිටියට හදිසියේ රවී අයියා අසනීප වෙලා ගෙදර ගියාලු නේ..
එදත් මීට් වෙන්න බැරි වුනා..
අදත් බැරි වෙයිද දන්නේ නැහැ..
රවී අයියා ඇතුලේ ඉන්නවාද?
ආ ඔවු ඔවු..
ඇතුලේ ඉන්නවා.
තුසිත අයියා එක්ක ට්‍රැක් එකක් බලනවා..
ආ එහෙමද..
හරි මම තව ටිකක් වෙලා ඉන්නම්කො..
එතකොට එලියට එයිනේ..
අද මට මීට් වෙන්න පුළුවන් වෙයි..
ආ ඔවු ඔවු..
මාත් මේ එයා එනකන් ඉන්නේ..
ආ එක නෙමෙයි..
මම රසික, මියුසික්, සිඟින් එහෙම කරන කෙනෙක්.
අලුත් ට්‍රැක් එකක් කරගන්න තමයි ආවේ.
යූ මිස්.?
ආ හ්හ්..
අ යෑම් හංසි,
මමත් පොඩියට සිඟින් කරනවා.
දැනට ට්‍රැක් දෙකක් කරලා තියෙනවා.
රවී අයියා තමයි ඒ දෙකම කරලා දුන්නේ.
ආ...
ඔය තියෙන්නේ..ඔය තියෙන්නේ..
රවියා මට බොරු නේ කියලා තියෙන්නේ.
මේකිගේ ට්‍රැක් දෙක කලේ තුසිතයා කියලා.
ට්‍රැක් දෙකක් ම කරලා දීලා තුන්වෙනි ට්‍රැක් එක ට වගේ ඇවිත් තියෙන්නේ..
ආ බොහොම හොඳයි .
අඳුනගන්න ලැබීම සතුටක්..
මගේ ට්‍රැක් එකත් කරන්නේ රවී අයියාම තමයි.
ඔහ්හ්..බොහොම සන්තෝසයි මිස්ටර් රසික,
ආ ඔය කියනකොටම එන්නේ රවී අයියා..
අන්න රවියා මේ පැත්තට එනවා..
යන්න ඕනා ..
රවී අයියේ.
කොහොමද වැඩේ
මොකද වෙන්නේ....
ආ හරි මල්ලි එක හරි..
ඒ ගැන කිසි ඩවුට් එකක් තියා ගන්න එපා.
වැඩේ වෙයි එලටම..
ම්ම්ම්?
අන්න අන්න හංසි යා නැගිට්ටා..
අන්න ඒකි මේ පැත්තට එනවා.
මූණත් නිකක් කජු ලෙල්ල වගේ කරගෙන
ම්ම් ?
රවියා දැක්කා නේද කෙල්ල එනවා
අප්පට බොල
මේ මොකද මේ රවියා ට වුනේ..
මූණ එකපාටම කළු වුනා නේද?
අන්න වටපිට බලනවා..
මේ මේ..
රසික මල්ලි ..
ඔවු අයියේ..
මේ අපි මේ .
මේක ගැන පස්සේ වෙලාවක කතා කරමුද?
ඒ මොකෝ රවී අයියේ..
නෑ නෑ.
මේ මේ පොඩි හදිසි වැඩ වගයක් තියෙනවා..
හවස් වෙන්න කලින් කරගන්නන ඕන..
මේ මේ ..
රෑ වුනොත් කරගන්න හම්බෙන්නේ නැහැ..
හරි මල්ලි එහෙනම් මං ගිහින් එන්නම්...රයිට් බායි..
මම උඹට කෝල් එකක් දෙන්නම්..
ආ හරි අයියේ හරි..
ගිහින් එන්නකෝ එහෙන,ම්..
බායි..
අන්න අරු හයියෙන් හයියෙන් යනවා..
මෙන්න මේ කෙල්ලත් ඌ පස්සෙන් යනවා.
අන්න අන්න ළඟටම යනවා..
රවී අයියේ..
රවී අයියේ..
අනේ පොඩ්ඩක් නවතින්න රවී අයියේ.
අනේ පවු , ඒකි පස්සෙන්ම යනවා..
රවී අයියේ..
අනේ රවී අයියේ..
අන්න ඌ නැවතුනා.
ඇයි හංසි ඇයි.
මොකද මේ ?
අනේ රවී අයියේ..
මට ඔයා එක්ක ටිකක් කතා කරන්න ඕනා..
අනේ හංසි , ප්ලීස්,
මගේ පස්සෙන් එන්න එපා.
අනේ අයියේ මටඑක විනාඩියක් දෙන්න කතා කරන්න.
ප්ලීස්,හංසි ප්ලීස් .
මට ආපහු එව්වා ගැන කතා කරන්නන බැහැ.
ඔයා මගේ පස්සෙන් එන්න එපා.
මේ
මට දැන් වැඩ වගයක් තියෙනවා.
මම යනවා.
අනේ රවී අයියේ..
ඉහි..ඉහි..
අනේ පවු,
කෙල්ල එතන ඉඳගෙනම අඩනවා..
ආ මෙන්න තුසිතත් මෙතෙන්ට ඇවිත්..
අන්න ඌ කෙල්ල ගාවට යනවා.
හංසි නංගි,
මොකද මේ?
අනේ තුසිත අයියේ,
බලන්නකෝ..
ඇයි රවී අයියා මාව මග අරින්නේ...
ඇයි රවී අයියා මට මෙහෙම කරන්නේ ..
මම මොකක්ද එයාට කරපු වරද?
ඉහි...ඉහි..ඉහි..හි..
ගණන් ගන්න එපා නංගි..
ඕකගේ හැටි දන්නවා නේ..
දැන් අඬන්න එපා.
දැන් අඬන්න එපා.
කෝ නැගිටින්න..
හරි ,
දැන් වොෂ් රූම් එකට ගිහින් මූණ පොඩ්ඩක් හෝදගෙන එන්න, ගෙදර යන්න.
දැන් පහටත් කිට්ටුයි නේ.
තව පරක්කු වුනොත් රැ වෙයි.
මූන් හොදන් එන්නක්කෝ..
මම ටී එකක් රේඩි කරලා තියන්නම්...
ම්ම්..
ඇත්තට ම මොකක්ද මේ සීන් එක.
ලොකු අවුලක් වගේ..
අහන්න ඕනා තුසිත යා ගෙන්..
තුසිත අයියේ..
ආ මල්ලි,
තාම ගියේනැද්ද?
නෑ අයියේ,
එලියට වෙලා හිටියා රවී අයියා ව හම්බෙන්න.
කෝ ඉතින් මේ ඒ අස්සේ වෙන දෙයක් උනා නේ..
එයාව හම්බෙන්න වුනේ නැහැ..
ඇත්තටම මොකක්ද අයියේ කේස් එක.
වැඩක් නෑ මල්ලි කතා කරලා..
එක සැහෙන්න දිග කතාවක්.
උඹ දැන් යමන්,
ගෙදර යන්නත් පරක්කු වෙයිනේ..
ෆ්‍රී වෙලාවක් උඹ එක්ක සෙට් වුනාම මම කියන්නම්..
එහෙන දැන් යමන්,
රයිට් අයියේ ,
එහෙනම් පස්සේ හම්බෙමුකෝ,
මම ගියා..
බායි,
බායි මල්ලි.
හ්ම්ම්..
අනේ මන්දා
මොකක්ද මේ කේස් එක.
බලමුකෝ..
ආ..
ඇති යන්තම්,
එලියට බහිනකොට ම ඉඳන් යන්න පුළුවන් බස් එකක් එනවා..
අද නම් කළුවර වැටෙන්නතුව ගෙදර යාගන්න පුළුවන්වෙයි..
පොඩ්ඩක් කකුල ඉක්මන් කරලා යන්න ඕනා.
තව සතියකින් දෙහෙකින් රවියා කෝල් එකක් දේයි නේ..
ම්ම්ම් කොටස් තුනම ඔන්න කියවලා බැලුවා.....දැන්ම මුකුත් නොකියා ඉන්නම්කෝ තව කොටසක් දෙන්න ඉක්මනට
ReplyDeleteටිකක් ඉවසන්න කෝ..
Deleteතව කොටස් දෙක තුනකට වඩා නැහැ...
//ඔවු ඔවු ඔවු මේ එකිම තමයි..
ReplyDeleteඑදා වගේම මූණ බේරී කරගෙන ඉන්නේ..//
අපේ ආදර හංසියාට මේවගේ දේවල් කීම ගැන මගේ විරෝධය
මාත් කතාවක් ලියන්න බැලුවෙ. " ඇයි 'දෙය්යනේ' මට මෙහෙම කලේ " කියල :P
Deleteඒ බ්ලොග් කතාවත් දාන්නකෝ..
Deleteඅපි එන්නනම් කියෝලා "මොකද වුනේ "කියලා දැන ගන්න .
ඊලඟ කෑල්ල තවත් රසවත් වගෙයි.. ඉක්මනට ඒකත් දාන්න විභී..
ReplyDeleteහරි හරි..කොහොම හරි ලියනවා...
Deleteඇති යාන්තන් නවත්තන්නෙ නැතිව ලියල. බලමු ඊලඟට මොනවා වෙයිද කියල :)
ReplyDeleteබලමු..බලමු..
Deleteඊලඟ කොටස ප්ලීස් ..... දැන් නම් කුතුහලය හොඳටම වැඩියි . කතාව නම් පංකාදු පහයි.
ReplyDeleteටිකක් ඉවසන්න දැරිය...
Deleteඊලඟ කොටස ප්ලීස් !! :D
ReplyDeletePlease wait a little...
Deleteකෝ මේ කොටස දාලත් දැන් ගොඩ දවසක්නේ... ඊලඟ කොටසත් ලියමුද විභීෂණ.....
ReplyDelete