2016-09-18

අපි පොත් කියවන්නේ වැරදි පැත්තෙන් ද? සාහිත්‍ය මාසය වෙනුවෙන් ප්‍රශ්න පත්තරයක්.

නොකඩවා 18 වෙනි වරටත් සංවිධානය වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ  අද තුන්වෙනි දවස ය. මේ දවස් දෙක තුනට දහස් ගණන් සෙනග මේ පොත් ප්‍රදර්ශනය බලන්න එන්න ඇත.



සමස්තයක් වශයෙන් එහෙම කිව්වට බොහෝ දෙනෙක් පොත් ප්‍රදර්ශනයට එන අරමුණු විවිධාකාරය.
සමහරු අලුත් පොත් බලන්න එනකොට තව සමහරු එන්නේ අලුත් කෑලි බලන්නය.
තව සමහරු එන්නේ සෙල්ෆි ගහන්න ය.
තව සමහරු බුක් ෆෙයාර් එකේ තැන් තැන්  වල විකුණන මැගී, ප්‍රීමා වල ඉඳන් නානා ප්‍රකාර කඩචෝරු කන්නට ය.

පොත් බලන්න එන අයගෙනුත් සමහරු තමුන්ගේ ආදරණීය ලේඛකයිනේගේ පොත් හොයලා එන කොට තව සමහරු එන්නේ තමුන්ගේ පොත් රාක්කෙ උස හෝ පළල වැඩි කරගන්න ත් තමන් සතු පොත් ගොඩේ බර වැඩි කරගන්නත් පොත් හොයන්නට ය.

එහෙම ගෙනියන පොත් ගෙනිච්චි විදියට ම අල්මාරි වල තියලා හිටං ඊළඟ අවුරුද්දෙත් ආපහු කිලෝ ගානට පොත් හොයන්න එනඑවුන්ද ඉන්නවා ය.

පොත් ප්‍රදර්ශනය සංවිධානය කරණ සැට් එකේ එකම පරම පිවිතුරු අභිප්‍රාය පුළුවන් තරමක් පොත් විකුණා ගැනීමය.
ජනතාව පොතට හුරු කරවීම, සාහිත්‍ය නැංවීම, රසාස්වාදය ඉහල දැමීම වගේ දේවල් මීඩියා වලට කියන්න හදා ගත්තු පට්ට කෙබර කතා ය.  බූක් ෆෙයාර් එක බුක් ෆෙස්ටිවල් එකක් හෝ කාර්නිවල් එකක් වී ඇත්තේ ඒ නිසාය.

එතනින් එහාට ගත්තාම පොත් ලියන මිනිස්සු සැලකිය යුතු පිරිසකගේ ත්  එකම පරම පිවිතුරු අභිප්‍රායද මොකක් හෝ කඩමාල්ලක් ලියලා අච්චු ගස්සලා ගතමන්ට් එක ගැනීම ය.
අමු කුණුහබ්බ ලියලා හද්ද වන්නියේ පාවිච්චි කරන අපි මෙතුවක් කාලෙකට නාපු වචනයක් පොතේ නම විදියට දාලා සමහර වෙලාවල් වලට එක එක ජාතියේ සම්මානත් අරන් එලියට එන්නේ මෙන්න මේ ජාතියේ බිස්නස් ලේඛකයින්ගේ පොත් ය.

මේ බිස්නස් ලේඛකයින්ට වඩා පිරිසෙන් ගොඩක් අඩු වුනත් තමන්ගේ විනෝදාංශයක් විදියට ලස්සන මොනා හරි දෙයක් රචනා කරලා ඒවා පොත් කරලා මිනිස්සුන්ට අලෙවි කරලා ඒ පොත් කියෝලා මිනිස්සු සතුටු වෙන හැටි බලලා නිහතමානී සතුටක් ලබන ලේඛකයින් පිරිසක් ද ඇත.

ඒ ඔක්කොම එහෙම්ම තියෙද්දී අද විභීෂණ කතා කරන්න යන්නේ මේ පොත් සල්ලි දීලා අරගෙන කියෝන පාඨක ප්‍රජාව වන අපේ අරමුණ මොකක්ද සහ ඒ අරමුණු අපි ඉටුකරගෙන තියෙනවා ද යන කාරණාව ගැනය.
එහෙම කතා කරන්න ප්‍රධානම හේතුව වෙන්නේ පොතකින් හෝ පොත් කියෝන මිනිහෙක් ගෙන් රටක් සමාජයක් බලාපොරොත්තු වෙන දේවල් ඉෂ්ට වෙලාද කියන එක ගැන සාධාරන සැකයක්  මේ වෙනකොට පැන  නැගී තියෙන නිසාය.

ආර්ථික වාසි අරමුණු කරගෙන හෝ නොකරගෙන , සම්මාන බලා ගෙන හෝ නොබලාගෙන කවුරු හරි පොතක් ලියන්නේ එක්කෝ තමුන්ගේ අත්දැකීමක් , තමුන්ගේ සිතුවිල්ලක් හො තමුන් ඇතුලේ තියෙන අමුතු අරමුණක් සමාජය එක්ක බෙදාගන්නට ය.

තමුන් ලියන පොත කවුරු හරි කියෝලා ඒ පොතේ තියෙන එකපරිච්ඡේදයක්, වාක්‍යක් හෝ වචනයක් හෝ ඒ මනුස්සයා තමුන්ගේ ජීවිතයට එකතු කරගන්න්නවා නම් අවංකනිහතමානී අව්‍යාජ ලේඛකයෙක්ට ඊටත් වඩා සතුටක් නැත.

1999 ඉඳන් මේ වෙනකන් මේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයෙන් විතරක් කොච්චරපොත් විකිනෙන්න ඇතිද? එහෙම නැත්තන් පහුගිය අවුරුදු දහය හෝ විස්ස ඇතුලට මුළු රටේම පොත් කඩ වලින් විකිනිච්ච පොත් ගැන කීයක් වෙන්න ඇතිද?
ඉලක්කමක් විදියට කිව්වොත් එක අනිවාර්යයෙන්ම මිලියන ගානක් ය.සමහර විට බිලියන ගානක් වෙන්නත් පුළුවන.

ඔය කියන මිලියන ගාන ඇතුලේ ආගමික පොත් මිලියන කීයක් තියෙන්න ඇතිද?
ධනාත්මක චින්තන පොත් කීයක් තියෙන්න ඇතිද?
නවකතා, කෙටිකතා පරිවර්තන කීයක් තියෙන්න ඇතිද?
කවි නිසඳැස්, සමහරවිට සින්දු පොත් කීයක්  තියෙන්න ඇතිද?

විභීෂණ කතා කරන්න යන සැබෑ ප්‍රශ්නය  එහෙමත් නැත්තන් ප්‍රශ්න පත්තරය එලි බහින්නේ  මෙන්න මෙතනදී ය. මෙන්න මෙහෙම ය.

ආගමික පොත්
අපේ රටේ ආගමික පොත් පත් කියන්නේ ටොප් එකට  විකිණෙන එක් පොත් ඛාණ්ඩ යක් ය,
ඒ වුනාට කිලෝ ගානට ආගමික පොත් සල්ලි දීලා ගන්න අපි ඒවා කියෝනවාද නැද්ද කියලා හොඳටම බලා ගන්න පුළුවන් වෙන්න උදේට පත්තරේ  බලනකොට ය, එහෙම නැත්තම් රෑට ඇවිත් ගෙදර නිවුස් බලනකොට අහන්කොටය.

මිනිමරුමක නිවුස් එකක් අනිවාර්යය.
ස්ත්‍රී දූෂණයක් ගැන නිවුස් එකක් අනිවාර්යය.
හොරකමක්, වංචාවක් ගැන නිවුස් දෙක තුනක් වරදින්නේ නැත.
දේශපාලුවන්ගේ  ගල් පැලෙන බොරු වලින් පත්තර පිටු පිරිලාය.

ප්‍රාණඝාත අකුසල කර්මය ගැන බණ දේශනා කරන,  ගව ඝාතනයේ   විපාක ගැන පොත් ලියවෙන රටේ තව මිනිහෙක් කන කෑමට වස විස එකතු කරන මිනිස්සු කී දාහක් ඉන්නවාද?

මෙහෙම සිද්ධ වෙන්න අපේ මිනිස්සු කියෝපු පොත් වල තිබ්බ වැරැද්ද මොකක්ද?


ධනාත්මක චින්තන පොත්
ධනාත්මක චින්තන පොත් ගැනත් කියන්න වෙනස් දෙයක් ඇත.

බෑග් පිරෙන්න අල්මාරි රාක්ක පිරෙන්න ධනාත්මක චින්තන පොත් කාලයක් එකතු කරපු එකතු කරන  මේ රටේ ජනතාවගේ චින්තනය තියෙන්නේ මොන පැත්තටද? අඩු ගානේ ඒ චින්තනේ හෙවනල්ලවත් ධන පැත්තට තියෙනවා ද? කියන එක අද රට දිහා බළකොට අපිට ඇතිවෙන ලොකුම ප්‍රශ්නය වී ඇත.

පොත් කියෝපු තරමට ධනාත්මක චින්තනේ අපට අපේ රටේ මිනිස්සුන්ට තිබ්බා නම්
"ආණ්ඩුවේ රස්සා තමයි හොඳම , පුද්ගලික අංශය වහල් සේවයක් "කියලා හිතන පරම්පරාවක් හැදෙන්නේ නැත.
" අපි දොස්තර, අපේ ළමයින්ට ජනප්‍රිය පාසල් දියවූ " කියලා කියන්න ත්‍රස්තවාදීන් බිහිවෙන්නේ නැත .

"අපිට උගන්නපියවූ ", "අපිට රස්සා දියවූ"කියන්න කාලකන්ණි පරම්පරාවක් බිහිවෙන්නේ නැත.

කන්නේ මුලදී "නොමිලේ පෝර දියවූ " කියලාත්  කන්නේ අගදී "අපේ වී ටික වැඩි මිලකට ගනිවු " කියලත් උද්ඝෝෂණ උපවාස ඇතිවෙන්නේ නැත.

කොටින්ම කිව්වොත් "අපි තුන්වෙනි ලෝකේ රටක් , ණයට කාලා ණයට පාටි දානවා ඇරෙන්න අපිට කරන්න දෙයක් වෙන දෙයක් නැහැ " කියලා හිතන ජන සමාජයක් නායක කාරකාදී රැලක් බිහිවෙන්නේ නැත.

මෙහෙම වෙන්න අපි කියෝපු ධනාත්මක චින්තන පොත්පත් වල තියෙන තිබුණු වැරද්දක් හොයාගන්න පුළුවන්ද?

නවකතා කෙටිකතා පරිවර්තන


පෙර සේම ය.
නවකතා කෙටිකතා පරිවර්තන ගැනත් තත්වය ලොකු වෙනසක් නැත.

මේ පවතින සමාජය හරි පැවතිච්ච සමාජයේ හරි තිබිච්ච හොඳ නරක දේවල් , පුද්ගල චරිත සහ සිද්ධි විවිධාකාර කෝණවලින් බලලා ලියපු මේ නවකතා කෙටිකතා වගේ දේවල් කියෝන අපේ සමාජ ය තවත් මනුස්සයෙක්ගේ තවත් සමාජයක සිතුම් පැතුම් වල වෙනස සහ ඒ වෙනස්කම් වල වටිනාකම තේරුම් ගන්න කොච්චර අකමැතිද කියන එක එදිනෙදා අහන දකින පෙන සිද්ධි එකින් එක අරගෙන බලපුවාම හොඳට  තේරුම් ගන්න පිට පුළුවන් ය.

අපේ මිනිස්සු රුසියන් චීන එහෙම නැත්තන් ප්‍රංශ හෝ ඉංග්‍රීසි පරිවර්තන බොහොම ආසාවෙන් හොයා හොයා කියෝන , ඒ ඒ සමාජ වල තියෙන විශේෂ ලක්ෂණ හරි අධ්‍යනය කරන්න බොහොම කැමතිය.
සමහරු ඒ සමාජයේ තියෙන දේවල් මෙහෙත් ඒ විදියටම කරන්න ට්‍රයි එක දෙන්නේ ඒ ආසාව හින්දා ය. මේකට එදත් අදත් අනිවා හෙටත් හොඳම උදාහරණය වෙන්නේ "සමාජවාදය" කියන දර්ශනය ය. විස්තර කරලා ලියන්න තරම්  දෙයක් නැත. හැමෝම හොඳහැටි ඒ ගැන දන්නවා ය.

ඉතින් මෙහෙම පිටරටවල් වල සමාජ සංස්කෘති ගැන ලියවෙච්චි පොත් පත් හොයා හොයා හොයා හොයා කියෝන අපි අපේම සහෝදර දෙමල ජනතාවගේ භාෂාව, සංස්කෘතිය අධ්‍යනය කරන්න ඒ ගැන ලියවෙච්චි පොත් පත් පරිවර්තන හොයන්න කියවන්න මහන්සි වුනේ නැත.උන් හිතන්නේ කොහොමද? උන්ගේ සාහිත්‍ය මොකක්ද? උන්ගේ සංස්කෘතිය මොකක්ද? කියන දේවල් අපිට අදාළ වුනේම ඇන්ට.

දෙමල අයගේ පැත්තෙත් ඒ තත්ත්වය එහෙම්මම ය. ඒ මිනිස්සුන්ටත් තමුන්ගේ නිජ භූමිය ය, ඊළාමය , 50 ට 50 වගේ කුණුගොඩවල් ඔලුවේ තියන් හිටියා මිසක ඇත්තටම සිංහල සමාජය කියන්නේ මොකක්ද, ඒ සමාජයේ හැදිලා තියෙන සංස්කෘතිය මොකක්ද , ඒ සමාජයේ ආගමික වටපිටාව මොකක්ද ඒ මිනිසුස්න්ගේ හැදියාව මොකක්ද කියන එක අධ්‍යනය කලේ නැත.

මීට අවුරුදු තිහ හතළිහකට කලින් මේ දේවල් වුනා නම්  අපි සහ දෙමල ජනතාව එකිනෙකා හ‍රියට තේරුම් ගත්තා නම් , ලේ තැවරුණු මතක සටහන් රස කර කර කියවෙන  සහ උණු කැවුම් වගේ විකිනෙන පොත් ලියන්න මිනිස්සු අද බිහි වෙන්නනේ නැත.කමල් ගුණරත්න ට මෙන්ම තමිලනි ටත් , යුද්ධය රස කර ලියාපු හැමෝටමත් ලියන්න ඉන්නවයා කියන  ෆොන්සේකා උන්නැහේ ටත්  මේ කතාව එකසේ අදාලය.

අද වෙනකොට බරපතල ප්‍රශ්නයක් වේගෙන යන සිංහල මුස්ලිම් ඝට්ටනයටත් හේතුව ඔන්න ඕකමය.
අනෙකා ව තේරුම් නොගැනීම ය.

කුරානේ කියලා තියෙන දේවල් තමුන්ට හිතෙන හිතෙන විදියට වෙනස් කරලා දේශනා කරලා මුස්ලිම් විතරයි ලෝකේ ඇත්ත ආගම, කුරානේ විතරයි ලොවෙත් එකම පොත, අනිත් පොත් පොත් නොවේය,  අනිත් එවුන් ඔක්කොම මිතාදෘෂ්ටික්යෝ  කියලා මුස්ලිම් අන්තවාදය පතුරෝන පාහර ලේබ්බෙලා කීප දෙනෙක් සහ උන්ගේ පඩෙ ත් සුවඳයි කියන මෝඩ මුස්ලිම් හරක් ටිකක් හින්දා ඇතිවේගෙන යන ප්‍රශ්නේ දැන්ම පාලනය නොකලොත් වෙන විනාසය අමුතුවෙන් ලියන්න කියන්න විස්තර කරන්න අවශ්‍ය නැත.

විභීෂණ මේ කියාගෙන කියාගෙන ගියේ මහා ලොකුවට පොත් කියෝනවා ය, පොත් එකතු කරනවා ය, ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන පවත්වනවාය කියන මේ අපේ රටේ සිද්ධ වෙච්ච සිද්ධ වෙන සහ අනාගතේ සිද්ධ වෙයි කියලා හිතෙන බරපතල ඛේදවාචක කීපයක් ය.

අපි හරි පොත් තෝරනවා නම්, පොත හරියට කියෝනවා නම්, පොතේ කියලා තියෙන දේ හරියට තේරුම් ගන්නවා නම් සහ ඒ තේරුම් ගත්තු දේවල් වලින් එක දශමයක් හරි මේ මහපොළොවේ ක්‍රියාත්මක කරනවා නම් අපිට රටක් විදියට කොච්චර ඉස්සරහට යන්න පුළුවන් ද කියන එක අද වැටිලා ඉන්න තත්ත්වයත් එක්ක අපි අපිම තේරුම් ගන්න උවමනා ය.

අන්තිම වශයෙන් මේ දා සැරෙත් ඉස්සරහටත් පොත් ප්‍රදර්ශන වලට  යන, පෝලිම් වල ඉඳලත් පොත් ගන්න පොත් කියෝන හැමෝටම කියන්නේ ජනප්‍රියම පොතක් හොයන්නේ නැතුව හොඳම පොතක් තෝරාගෙන කියවන්න උත්සහ කරන්න කියලා ය. කැමති කැමති ආකාරයට පොත් ලියන එක පල කරන එක ඒ ඒ ලේඛකයන්ගේ සහ ප්‍රකාශකයින්ගේ කැමැත්ත ය.
අපිට ගැලපෙන අපිට ඕනා කරන පොත තොරා ගැනීම කියන්නේ අපි වෙනුවෙන් අපේ වගකීමය ය.
විභීෂණ ඉල්ලන්නේ තමුන් තෝරාගන්න ඒ පොතේ තියෙන එක වාක්‍යක් හරි වචනයක් හරි ජීවිතේටත් එකතු කර ගන්න කියලා ය.
එහෙම කරගන්න පුළුවන් නම්  අපිට බැරිනම් අඩුම ගානේ ඊළඟ පරම්පරාවට වත් මේ ගෝත්‍රික බවෙන් නිදහස් වෙන්න පුළුවන් වෙනවා ය.

හීනෙන් නොව, ඡන්ද පොරොන්දුවලින් නොව හැබෑවට ලස්සන ශ්‍රී ලංකාවක් දකින්න එදාට පි හැමෝටම පුළුවන් වෙනවා ය.


එහෙනම් ඉතින් අදටඇති වගේ දැනෙනවා ය.
ගොහින් එන්නම් කියන්න හිතෙනවා ය.





27 comments:

  1. දැන් ඉතිං බුක් ෆෙයා එක කියන්නෙත් වාර්ෂිකව පැවැත්වෙන කානිවල් එකක් විතරයි

    ReplyDelete
    Replies
    1. වෙන මොන කතාද මචෝ,
      එක දැන් හරියට අර අවුරුදු උත්සවේ වගේ, පොත් ඇරෙන්න හැම මගුලම තියෙනවා. ඉඳලා හිටලා පොතුත් තියෙනවා...

      Delete
  2. මං වැටෙන්නෙත් අර පුස්තකාලේ පුරවන්න පොත් හොයන ගොඩට.. හැබැයි පුලුවන් හැම වෙලේම පොතක් කියෝනවා.. උඹේ ප්‍රස්න ටිකට උත්තර තියෙනවා නං ගොඩක් ප්‍රශ්න අඩුවෙනවා..

    ReplyDelete
    Replies
    1. එකනම් එහෙම තමයි. එත් ඒ ප්‍රශ්න වලට හරි උත්තර කවදා ලැබෙයිද?

      Delete
  3. මට නම් හිතෙන්නෙ මොනා කියෙව්වත් මොන දේශනා බණ ඇහුවත් මිනිහාගෙ ඇතුළෙ ඉන්න එකාමයි හැමදාමත් ඉන්නෙ. ඔය මොකක් හරි හින්දා පට්ගාලා චූන් උනත් ටික දවසකින් අර පරණ යකා ආයෙම මතු වෙනවා.

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්ත හරී.

      ඇතුලේ ඉන්න සතා ව මේච්චල් කරන එක බොහොම අමාරු වැඩක්.
      එත් බැරි වැඩක් නෙමේ.

      Delete
  4. සමාජයේ යථාර්ථය එයයි. ලිපියේ මුල් හරියේ කියන පිරිස්වලට අමතරව " පොතක් ගන්න හෙට යනවා " කිය කිය ඉන්න පිරිසකුත් ඉන්නවා.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඇත්ත.ඇත්ත.
      ඔහොම සැට් එහෙකුත් ඉන්නවා...

      Delete
  5. හැමදේකම හොඳ නරක දකින්න පුළුවන්. පොත් ප්‍රදර්ශනයෙන් මට හිතෙනවා ගොඩක් දෙනෙක්ගෙ කියවීමේ උනන්දුව වැඩිවෙලා කියල. අනෙක් අයව විවේචනය කරන්න නැතිව මමගැනම ආපස්සට හැරිලා බැලුවොත් උසස් පෙළ කරන කාලේ පොත් ප්‍රදර්ශනයෙන් ගත්ත සමහර පොත් මම කියෙව්වේ නැහැ. එකදිගටම හැම අවුරුද්දකම පොත් ප්‍රදර්ශනයට නොගියක් කැම්පස් ගියාට පස්සෙ ගියපු පොත් ප්‍රදර්ශන වලදී ගත්තු පොත් හැම එකක්ම කියෙව්ව.ගියපාර ගත්ත පොත් 12 මේ පාර පොත් ප්‍රදර්ශනයට යන්න කලින් ඒ පොත් 12ම කියවල ඉවර කළා ඒ විතරක් නෙවේ බ්ලොග් ලියවිල්ලත් එක්ක හම්බුන සුහද යාළුවො එක්ක පොත් හුවමාරු කරන් කියවන්න පටන් ගත්ත. ඒ වැඩේ එක්ක මේ පාර පොත් ප්‍රදර්ශනයේදී පොත් ගත්තෙ කතාවෙලා.කොහොමත් පොත් ගද්දි එකපාරකට වැඩිය කියවන්න වටින කියල හිතෙන පොත් ගන්නෙ මොකද සමහර පොත් ගත්තම අපරාදේ සල්ලි කියල හිතෙනවා ඒ නිසාම පොත් ගන්න කලින් පොත් ගැන කලින් කියවපු අයගෙ අදහස් එහෙමත් බලල ගන්නෙ.

    ඉස්කෝලෙ කාලේ එක එක වටපිටවල්වල පොත් කියෙව්වත් පහුගිය අවුරුදු දෙක පුරාවටම කියෙව්වේ කවි , නවකතා කෙටිකතා. ඉස්සර වාරණ ඇතිව පොත් කියෙව්වත් දැන් වෙද්දී හැම ලේඛකයෙක්ගෙම එක පොතක් හරි කියවන්න ආසාවක් තියනවා.සාපේක්ෂව මම පොත් කියවල තියෙන්නේ අඩුවෙන් කියල මම හිතනවා ඒ නිසාම දැන් දැන් වැඩියෙන් පොත් කියවනව. දැන් නම් මනෝවිද්‍යා පොත් ගන්නේ නැහැ,බෞද්ධ පොත් ගන්න උනන්දුවත් නැතිවෙලා කොහොම උනත් මේ පෝස්ටුවත් එක්ක මට හිතෙනව එනපාර මොකක්හරි විෂයකට අදාළ පොතක් දෙකක් ගන්න.

    මම කියන්නේ මෙච්චරයි ..කියවන්නේ නැත්නම් පුරෝගන්න පොත් ගන්නෙපා. ගත්තත් කමක් නැහැ කාවෝ කන්න නොදී වෙන පුස්තකාලෙකට හරි දීල දාන්න ඒක පිනක් ... මම ගත්ත පොත් උනත් එච්චරයි තියගන්නම ඕන කියල හිතෙන පොත් නම් තියාගන්නවා නැත්නම් හැමපාරම එක පොතක් දෙකක් හරි පුස්තකාල වලට දෙනව :)

    ReplyDelete
    Replies
    1. අන්තිමේට කියලා තියෙන දේ නම් බොහොම වටිනවා. අපිට පාවිච්චි කරන්න බැරි නම් , පාවිච්චි කරන්න පුළුං කෙනෙක් ට හරි දෙන්න ඕනා. ඇත්තටම එක ලොකු පිනක්.

      මේ සැරේ නම් බැරි වෙයි. එත් ලබන අවුරුද්දෙන නම් පොත් ප්‍රදර්ශනේ ට යන්න අදහසක් තියෙනවා. මොනා වුනත් එක පාරක් හරි කැරකිලා යන්න ඕනා.

      Delete
    2. බ්ලොග් කරුවන්ට හොඳ ව්‍යාපෘතියක්. විභීශණ සහ හංසි ගේ නායකත්වයෙන් හැම බ්ලොග්කරුවෙක්ම තමන් සහ තමන් ගේ යහළු යෙහෙළියන් කියවා අවසන් කළ පොත් එකතුකර මීයාගල වගේ දුප්පත් පාසැල් කීපෙකට දෙමු. පටන්ගන්න මගෙන් පොත් 25 ක් දෙමි. උත්සහ කරමු පොත් 1000 ක් වත් එකතුකරගන්න.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. බොහොම කැමතියි.
      අපි කාගෙවත් නායකත්වයක් ඕනේ නැහැ. වැඩේ කරමු.
      අනික අපිට වඩා ඔය වගේ වැඩ කරලා එක්ස්පීරියන්ස් තියෙන අය ඉන්නවා

      Delete
  6. පොත් වලින් වැඩුනු මිනිහෙක්ගේ චින්තන රටාව වෙනස් කරන්න අමාරුයි මන් නම් හිතන්නෙ.මොකද ඒ චිනතන රටාව මේ වෙද්දී පැල පදියම් වෙලා ඉවරයි අපේ ඇග ඇතුලෙ.අනික ගොඩක් දෙනා ගන්නේ දැනට තමන් ඉන්න මතයම තහවුරු කෙරෙන පොත්ම තමයි.වෙනස් දෙයක් ලියවුනු පොතක් ගත්තත් ඒකෙන් තමන්ට දිස්වෙන්නේ ඒ වෙනස් දේ වැරදියි කියලා පේන ලියවිලි ටික විතරයි.ඒ නිසා චින්තනමය වශයෙන් වෙනසක් ඇති වේ නම් ඉතා සුලුතරයකගේ පමණයි.නමුත් පොතක් කියවලා තමන්ගේ දැණුම් පද්ධතියට , කලා රසඥතාවට යමක් අනිවාර්යයෙනම එකතු කර ගන්න පුලුවන් මන් හිතන්නේ.ඊටත් වඩා මේ ඔහේ පිස්සුවෙන් වගේ දුවමින් එලිවෙන රෑවෙන ලෝකේ පොතක් කියවන්න තමන්ගේ මනසට,කයට නිස්කාන්සුවක් ලබාදෙන්න පුලුවන්නම් ඒකම ලොකු දෙයක් මට හිතෙන්නේ.ඒ නිසා ඔය ගන්න පොත් කදු වලින් හතරෙන් පන්ගුවක්වත් ඉවරවෙනකල් කියවන්යන්න තමන්ගේ හිත නිදහස් කරගන්න පුලුවන් වේවා හැමෝටම.

    ReplyDelete
  7. හොද විග්‍රහයක්. වටිනා අදහස් ගැබ් වෙලා තියෙනවා. මුස්ලිම් අන්තවාදය ගැන ලියවිලා තියෙන දේට සම්පූර්ණයෙන් එකගයි. මේ දේවල් පාලනය කලේ නැත්නම් අනාගතයේ රට ආයේ යුද්ධයකට යන්න ඉඩ තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත.
      තාම වැඩිය දැනුනේ නැති වුනාට අනාගතේ එච්චර සුබයි කියලා නම් පෙන්නේ නැහැ.

      Delete
  8. පොඩි කාලේ ඉඳන් තිබිලා මෑතක ඉඳලා සන්නිපාතයක් වගේ වෙලා තියෙන මගේ "සතුට මිසක දුක මොකටද" සිතුවිල්ලත් එක්ක මේ මිනිස්සු පිස්සුවෙන් වගේ බුක් ෆෙයා යන එකයි ඒකෙන් පොත් ගන්න එක, ෆේස්බුක් දාන්න සෙල්ෆි ගන්න එක, නූඩ්ලස් කන එක ආදිය දකින්නේ අනේ ඒ මිනිස්සු ඒ දේයින් සතුටක් ලබනවා නම් මදෑ කියලා විතරයි.

    අපි හැමෝම ට්‍රයි කරන්නේ අනිත් එකාව හදන්න ඒත් අපි හැදෙන්න ට්‍රයි කරන්නේම නෑ (අනිත් එකා හැදුනොත් අපි හැදෙනවා හරිය)

    දැන් මේ විභීෂන පොත් කීයක් ගත්තාද? කියෙව්වද? ඒවායින් ජීවිතේට එකතු කර ගත්තු දෙවල් මොනාද කියලා පෝස්ට් එකක් දැම්මොත් විස්වාස කරනවා ඔබ තුමා හැදිලා අනිත් එකාව හදන්න ට්‍රයි කරන කෙනෙක් කියලා හෙ හෙ හේ

    ReplyDelete
    Replies
    1. එක එක්කෙනා ගත්තු පොත් ගානයි, එවා එකින් එක බලලා හැදිච්ච විදියයි දැනගන්න මට උවමනා නැහැ.
      පොස්ට් දාලා ෂෙයාර් කරන්න අවශ්‍යත් නැහැ.

      විභීෂණ කාටවත් හැදෙන්නය කියලා බල කරන්නේ නැහැ.
      මම කතා කරන්නේ මම විවේචනය කරන්නේ මට වැරදියි කියලා දැනෙන දේවල් ටික.
      ඒ වගේම ප්‍රශංසා කරන්නනේ මට හොඳයි කියලා දැනෙන දේවල්.

      එතනින් එහාට මොකුත් නැහැ.
      සියල්ල තමුන්ට සාපේක්ෂයි.

      Delete
  9. ඔබ දකින්නේ හීනයක් විභි.. ඒත් සමහර තැන් වල බොහෝම සෙමින් වෙනසක් වෙනවා කියලත් හිතෙනවා..

    පොත් එකතු කරනවා නම් මමත් දෙන්නම් 25ක්. ලංකාවට එවන එකයි ප්‍රශ්නේ..

    ReplyDelete
    Replies
    1. අපි ආසා කරන ගොඩක් දේවල් හීන තමයි..

      Delete
  10. මමත් වැටෙන්නේ පොත් එකතු කරන ගොඩට.අපිට නං කොහොමත් පොත් එපැයි..අපි සිලබස් එකේ හෑලිම නැතුව ළමයින්ට අළුත් දෙයක් දෙන්න එපැයි.මං නං අවුරුදු වාරිත්‍ර නොකලත් බුක් ෆෙයාර් චාලිත්තර කරනව.එක කුටියක් තියනව.ටිකක් පරණ පාට වුන පොත් මාර අඩු ගානකට ගන්න පුළුවන්...

    ReplyDelete
    Replies
    1. සිලබස් එකෙන් ළමයින්ගේ ඔලු පුරවන්නේ නැතුව අලුත් දෙයක් දෙන්න හිතන එකත් ලොකු දෙයක්.

      Delete
  11. කියවීම පිස්සුවක් වගේ මට තියෙන රෝගයක් ඒක පොඩි කාලේ ඉදන්ම තිබුන දෙයක්,මගේ අම්මයි තත්තයිත් හරියට කියවපු අය,තාත්තගෙ පැත්තේ හැමෝම වගේ පොත් ගුල්ලෝ, පොඩි කාලේ ඉදන්ම කියවන එක ඒ නිසා මට පුරුද්දකට එහා ගිය පිස්සුවක් වගේ උනා.පොත් වලට වියදම් කරන ප්‍රමාණය හා කාලය අඩු උනේ පෙලවහක් කරගත්තට පස්සෙයි.ඒත් ඉතින් අඩුම උනාද කියලත් මටම වෙලාවකට සැකයි මොකද මම බුක් ෆෙයා ගිහින් ගේන පොත් 20ක් වගේ ප්‍රමාණය මාස 2ක් යනකොට කියවල ඉවර කරනවා.
    හැබැයි ඉතින් පොත් වලින් මිනිසුන්ගේ ගතිගුණ සිතුම් පැතු වෙනස් කරන්නනම් අමාරුයි.ඒක ඒ ඒ කෙනා හිතලා කරගන්න ඕන දෙයක් කියලයි මට හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. පිස්සුවක් වුනත් බොහොම ප්‍රයෝජනවත් පිස්සුවක්.

      Delete
  12. මම නම් මොන බුක් ෆෙයාර් එකට ගියත් ගන්නවනම් ගන්නෙ ඉලෙක්ට්‍රොනික් පොත්, මට තේරෙන පරිවර්ථනයි විතරයි විභී. පොතක් ගත්තට වැඩක් තියෙන්නත් එපැයි..

    ReplyDelete
    Replies
    1. බුක් ෆෙයාර් වලට නම් ගිහින් නැහැ.
      එත් මම ඒ ලෙවල් කරලා ගෙදර හිටපු කාලේ නිතර නිතර මීගමු ගිහින් ඉලෙක්ට්‍රොනික් පොත්, ඇන්ටනා හදන එක ගැන තිබ්බ පොත් පිස්සුවෙන් වගේ එකතු කළා.

      ඉලෙක්ට්‍රොනික් පොත් නම් අරන් කියෙව්වා මිසක් කිසිම දෙයක් හැදුවේ නැහැ.
      එත් ඇන්ටනා පොත් අරගෙන එක එක මල විකාර හැදුවා.

      අපේ ගෙදර ඒ කාලේ හැම මාසෙම අලුත් ඇන්ටනා වක් වහලේ උඩ.

      ඔහොම තමයි විභීෂණ.

      Delete

කමෙන්ට් කලාපය....