2016-09-13

අන්තරේ - පුලුවන්නම් කරලා පෙන්නපල්ලා..

සිරි ඉල්ලන්කාව තුල ක්‍රියාත්මක වන තවත් නිල නොවන ත්‍රස්තවාදී සංවිධානයක් වන "අන්තරේ" කියන තුප්පහි කල්ලියේ ලොක්කාය කියන එකා  හරි ලස්සන ප්‍රකාශයක් කරලා තියෙනවා ඊයේ පෙරේදා  පත්තරවල දකින්න ලැබුනේය.

"සයිටම් වහන්න ආණ්ඩුව ක්‍රියා කරන්නේ නැත්තන් දැනටත් වඩා පුළුල් ජනතා  බලවේගයක්  ආණ්ඩුවට එරෙහිව ගොඩනගනවා "

අම්මට හුඩු කිව්වලු..

මූ කතා කරන්නේ හරියට ලංකාවේ අධ්‍යාපනයේ අයිතිකාරයා වගෙය.
ඌ කියන විදියට ආණ්ඩුව රටේ අධ්‍යාපන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ඕනේ ඌට ත් ඌ වටේ එකතුවෙලා ඉන්න රටේ අවාසනාවට කාලකන්නි වෙච්ච තක්කඩි තුප්පහි ත්‍රස්තවාදී රැල ටත් ඕනා විදියටය.
එහෙම නොවෙන වෙලාවල වලදී උන් ගේ අහවල් එකක් පුළුල් කරනකොට  ආණ්ඩුව එව්වා ට බය වෙන්න ඕනා ය.

මේ කාලකන්නි තක්කඩියා සහ රැල  ට අපිට නම් කියන්න තියෙන්නේ තොපේ දෙමවුපියන්ට පින් අනුමෝදන් නොකරගෙන අපිටත් පවු නොදී ගෙදර පල කියලා ය.
රටේ නරක වෙලාවක ඉපදිච්චි මේ වගේ කාලකන්නි රැලකට නොමිලේ උසස් අධ්‍යාපනය දෙන එකත් පුරවැසියන් විදියට අපි රටට කරන බරපතල පාප කර්මයක් ය.

මේ කොන්ද පන නැති පොන්නයා ගෙන් සහ උගේ නායකත්වයෙන් තියෙන "අන්තරේ" න් අපි අහන්නේ අධ්‍යාපනය වෙනුවෙන් ආණ්ඩුව ලබා දීලා තියෙන රාජ්‍ය දේපල අවභාවිත කරන , රාජ්‍ය දේපල වලට හානි කරන, කොල්ලෝ කෙල්ලන්ට සැනසිල්ලේ ඉගෙන ගන්න දෙන්නේ නැතිව උන්ට පාරවල් වල වතුර නාන්න, ගුටි  කන්න ඔලු පලාගන්න යොදවන  තොපි වගේ අවජාතක රැලකට රටේ උසස් අධ්‍යාපනය ගැන ආණ්ඩුවට උපදෙස් දෙන්න බලපෑම් කරන්න තියෙන සුදුසුකම හෝ අයිතිය මොකක්ද කියන එකය.

මේ හැත්ත එකෙක්වත් හරි හමන් විදියට උසස් අධ්‍යාපනය හමාර කර නැත. අඩුම ගානේ උසස් අධ්‍යාපනය කරගෙන යන්නේ වත් නැත. කොයිවෙලේ බැලුවත් මොකක් හරි ලබ්බක් අල්ලාගෙන මහපාරේය.
මුන්ට උගන්නන්න හා දුක් විඳලා හම්බ කරන දුප්පත් අම්මලා තාත්තලා ගැන අපිට දුක් වෙනවා හැර  කරන්න දෙයක්  නැත.
ඒවුනාට මුන්ගේ ආච්චිලාට හාල් ගරන්ට අපිට උගන්නන්න එන්නේ 'නිදහස් අධ්‍යාපනයේ මගුලක් ගැනය.
මේ කාලකන්නි හැත්ත අඩුම ගානේ මුන් මුන්ගේ අම්මලා තාත්තලා මුන් වෙනුවෙන් විදින දුක, මුන්ට උගන්නන්න වෙන මහන්සිය වත් තේරුම් ගන්නේ නැත.
කොටින්ම කිව්වොත් තේරුම් ගන්න උවමනාවක් නැත.

ඒ වෙන මොකක්වත් හින්දා නොව රටේ නිදහස් අධ්‍යාපනය විනාශ කර දැමීමේ බරපතල කොන්ත්‍රාත්තුව ඒ හැම එකටම වඩා මුන්ට වටිනා නිසාය.
මහා ලොකුවට මයික් ටයිසන් ලා වෙලා "අපේ අනාගත පරපුර වෙනුවෙන් අද අපි නිදහස් අධ්‍යාපනේ රකිනවාය " කියලා බෙරිහන් දුන්නාට මුන් භාර අරගෙන කරගෙන යන්නේ  "නිදහස් අධ්‍යාපනේ මළගම"සංවිධානය කරන එකය.
මුන්ගේ ලොක්කෝය කියන රතු පාට හම් පොරෝගත්තු තක්කඩි හිවල් නායකයෝ මුන්ගේ මොළ හෝදලා තියෙන්නේ රටේ අධ්‍යාපනය  විනාශ කරන්න , රටේ කොඳු නාරටිය වෙන උගත් තරුණ පරපුරක් ඇතිවෙන එක වලක්වන්න ගහන ප්ලෑන් වල ගේම් වල ට මුන්ව පාවිච්චි කරන්න පුළුවන් විදියට ය.

ඇත්තෙන්ම සරලව කිව්වොත් මුන්ට තියෙන්නේ සාමාන්‍ය ජන සමාජය පිලිබඳ අතිශය අසාමාන්‍ය වෛරයක් ය සහ තමන් පිලිබඳ හීන මානයක් ය.

සාමන්‍ය ජන සමාජය ඇතුලේ හැදිලා වැදිලා මහන්සි වෙලා ඉගෙන ගෙන එන එවුන්ව කොහෙවත් නැති  සහ මුන්ගේ විකාර ඔලු ඇතුලේ විතරක් තියෙන "උප සංස්කෘතිය " කියලා එහෙකට බලෙන් හෝ බලහත්කාරයෙන් ඇතුල් කරගෙන තුප්පහි සක්කිලි විදියට වද  දෙන්නේ ආන්න ඒ අසාමන්‍ය සමාජ වෛරය නිසා ය.

සාමන්‍ය සමාජය ඇතුලේ ජීවත් වෙන්න හැකියාව දක්ෂතාවය තියෙන එකෙක්ට ආපහු උප සංස්කෘතියක් කියලා එකක් හදා ගන්න අවශ්‍ය නැත.
හදා ගත්තත් කමක් නැත.තමුන්ගේ ම සහෝදරසහෝදරියන් වගේ ඉන්න කොල්ලෝ කෙල්ලන්ට වද දෙන්න කිසිම යුතුකමක් හෝ අයිත්යක් හෝ වෙන මොන පකක් වත් නැත.
ඒ වගේ දේවල් අයිති ත්‍රස්තවාදී කල්ලි වලටය.

මහා ලොකු අධ්‍යාපන අයිත්වාසිකමක් රකින්න දඟලනවා ය කියලා පම්පෝරි ගහන කියන මුන් නවක වදේ ය කියලා , අලුතෙන් කැම්පස් එන කොල්ලෝ කෙල්ලන්ට කක්කුස්සි වතුර පොවන කොට , උන්ව හෙළුවෙන් ඩිප්ස් ගස්සන කොට , සාය අඳින්නේ නැති කෙල්ලන්ගේ ඩෙනිම් ගලෝන කොට ,  කෙල්ලොන්ව කැළා වලට එක්කන් ගිහින්රෙදි ගලෝලා හෙළුවෙන් බිම රෝල් කරෝන කොට රකින්නේ මොන ලබ්බද මොන අයිතිවාසිකම්ද කියලා අහන්න ඇස් කන් තියෙන සහ එව්වා හොඳින් තවමත් වැඩකරන රටේ සාමන්‍ය ජනතාව විදියට අපි අහන්න කැමතිය.

මුන්ට අපි ත්‍රස්තවාදීන් කියන්නේ නිකම්ම් නොවේය. ඒ මුන් කරනගොඩක් දේවල්  ඇත්තම ත්‍රස්තවාදී කල්ලිත් කරන නිසා ය.

ත්‍රස්තවාදීන් කවදාවත් ෆේස් ටු ෆේස් හටන් වලට සැට් වෙන්නේ නැත. දෙන සේරම ගේම් දෙන්නේ හැංගිලා ය. ගොඩක් වෙලාවට හැංගිලා ඉන්නේ සාමන්‍ය මිනිස්සු අතරය. ඒ තම තමුන්ගේ ශරීරක්ශාව වෙනුවෙන්ය. කවුරු හරි ඇවිත් නෙලන්න පටන් ගත්තොත් සාමාන්‍ය මිනිස්සුන්ව ඉස්සරහට දාලා පස්ස දොරෙන් පැනලා ගොහින් පන බේරගන්න එතකොට උන්ට පුළුවන.


අන්තරෙත් එහෙමය.
උනුත් කවදාවත් කිසිම ප්‍රශ්නයක් වෙනුවෙන් ෆේස් ටු ෆේස් එලි බහින්නේ නැත. එලි බහිනවානම් බහින්නේ හැත්ත බුරුත්ත ඔක්කොම අරගෙනය. එහෙම බොහොමයක් එවුන් ඔව්වට එන්නේ නෑවිත් බැරිකමට සහ මේ කැරි බල්ලන්ට තියෙන භය පක්ෂපාත බව නිසා ය. පොලොසියෙන් නෙලන කොට මුලින්ම වදින්නේ ලීඩ් කරපු එවුන්ට නොව නිස්කාරනේ එලියට බැහැපු අහිංසක කොල්ලෝ කෙල්ලන්ට ය.

ත්‍රස්තවාදීන් උන්ගේ හොර ඇජෙන්ඩා  මොනා තිබ්බත්  උන් සාමන්‍ය මිනිස්සුන්ට කියන්නේ "ඔහෙලා වෙනුවෙන් ඉන්නේ අපි" ය, "අපි ජීවිත පර්ත්යාග කරන්නේ ඔහෙලා වෙනුවෙන්" ය, "ඔහෙලා අපිට ණයගැති ය", "මෙච්චර කල් ඔහෙලාට ලැබිච්ච දේවල් සේරම ලැබුනේ අපි නිසාය" කියලා ය. එහෙම කියලා ඊට පස්සේ කරන්නේ ඒ සාමන්‍ය අහිංසක මිනිස්සුන්ව තම තමුන්ගේ වහල් වැඩ වලට තව තව  නොයෙකුත් දේවල වලට පාවිච්චි කරන එකය.
තමුන්ගේ බලය ප්‍රශ්න කරන හෝ ඊට විරුද්ධ වෙන ඕනෑම කෙනෙක්ට විවිධාකාර වධ  බන්ධන වලට ලක්වෙන්නට ද සිදුවන්නේ ය.
බොක්ක දෙන්න වගේ පම්පෝරි ගැහුවාට උන් සාමන්‍ය මිනිස්සු වෙනුවෙන් කැප කරන ලබ්බක් නැත. උන්ගේ ෆොකස් එක තියෙන්නේ වෙන වෙන දිහාස් වල ය.

අන්තරේ එක්ක කැම්පස් වල තත්වයද මීට ලොකු වෙනසක් නැත.
අන්තරේ හැත්ත උන් කැම්පස් එකේ කොල්ලෝ කෙල්ලෝ න්ට පෙන්නනේ තමුන්  දෙවිවරු වගේ පොරවල් කියලා ය.
උන් නැත්තම් සේරම කපෝතියි කියලා ය, උන් මේ සේරම කැපකරලා සටන් කරන්නේ තමුන්ගේ බාල පරපුර වෙනුවෙන් කියලා ය, නිදහස් අධ්‍යාපනේ අද වෙනකන් රැකිලා තියෙන්නේ උන් නිසාය කියලා ය.
එහෙම කියලා උන්ව කෙක්කෙන් හෝ කොක්කෙන් නමම ගෙන ඊට පස්සේ තමුන්ටඕන  ඕනා විදි වලට නටවන්න ගන්නේය.
මේ දේට විරුද්ධ වෙන ඕනෑම කෙනෙක්ට  ශාරිරීක, මානසික සහ ලිංගික අඩන්තේට්ටම්  කිරීම , වගේ ඒ ඒ විදි වලට ඒ ඒ වෙලාවට සිලෙක්ට් කරන ක්‍රම වලට සංග්‍රහ කරනු ලබන්නේ ය.
මේ වගේ දේවල් ඇරෙන්න උන් මෙතුවක් කාලෙකට රටට කරපු ලබ්බක් නැත. කරපු සේරම පාඩු විතරය.


අන්තරේ ඉන්න සක්කිලි හැත්ත ඉගෙන ගන්නේ නැත.
ඒ වගේම ඉගෙන ගන්න එකාට ඉගෙන ගන්න දෙන්නේ ත් නැත.
සරලව ම ගත්තොත් මුන්ට තියෙන එකම අභියෝගය කොල්ලෝ කෙල්ලෝ මොන හරි කරලා කොහොම හරි කරලා හොඳට ඉගෙන ගන්න එකය.
මුන් වෛර කරන්නේ ඉගෙන ගන්න එකාට ය.
කවුරුහරි මහන්සි වෙලා ඉගෙන ගෙන ගොඩ යනවාට මුන් මාර අකැමති ය.
ඒ වෙන මොකක්වත් හින්දා නොව එතකොට උගතුන්ගේ ගොඩ වැඩි වෙලා මේ වගේ නසරානි කාලකන්නි උන්ගේ තුප්පහි ගොඩ ටිකෙන් ටික කුඩා වෙන නිසා ය.
ඒ හොඳට ඉගෙන ගත්තු දාට එකෙක්වත් මුන්ගේඒ තුප්පහි ත්‍රස්තවාදී සංවිධාන වලට බැඳෙන්නේ නැති නිසා ය.

මේ වෙන එක වලක්වන්න උන් කරන්නේ එක්කෝ ඉගෙන ගන්න එන එවුන්ව එකෙන් පිට පන්නලා තමුන්ගේ ත්‍රස්තවාදී සංවිධාන වලට බන්දවා ගන්න එකය. එහෙම නැත්තන් ඉගෙන ගන්න එකාට ඉගෙන ගන්න බැරිවෙන විදියට අතවර කරලා, මානසිකව වට්ටලා පිස්සු හදවන එකය. ඒ වගේම මේ වගේ තුප්පහි සිද්ධි ඇති කරලා  එළියේ කැම්පස් එන්න බලාගෙන ඉන්න කොල්ලෝ කෙල්ලන්ට ඒ අදහස අත්හැරගන්න තැනට වැඩ සලස්වන එකය.
ආණ්ඩුවේ කැම්පස් වල අවුරුදු ගණන් පලවෙන්නේ නැතුව සල්ලි වියදම් කරගෙන හරි ලෝකෙම පිළිගත්තු උපාධියක් ප්‍රයිවට් කැම්පස් එහෙකින් හරි ගන්න රටේ ජන සමාජය පෙළෙඹෙන්නේමේ නිසා ය.

මේ තුන කරනවා කියන්නේ සරලව ම නිදහස් අධ්‍යාපනය වලපල්ලට යවනවා කියන එකය.
එහෙනම් වැරදි වැඩේ කවුද කරන්නේ කියන එක, රටේ උසස් අධ්‍යාපනය නාස්ති කලේ වල පල්ලට යැව්වේ යවන්නේ ප්‍රයිවට් කැම්පස් ඇතිවෙන තැනට වැඩ කලේ හා කරන්නේ කවුද කියන එක ඔහෙලාට අමුතුවෙන් තේරුම් කරන්න අවශ්‍ය නැත.

කන්නන්ගර උන්නැහේ සහ ඒ කාලේ හිටපු ආණ්ඩුව නිදහස් අධ්‍යාපනය හඳුන්වා දුන්නේ අල්මාරි වල දාලා දුම් අල්ලන්න නොව හරි විදියට ප්‍රයෝජනයක් ලැබෙන විදියට පාවිච්චි කරන්න ටය.

නිදහස් අධ්‍යාපනේ හොඳටම රකින්නේ එකෙ පිහිටෙන් අධ්‍යාපනය ලබා ගෙන ජීවිතේ ගොඩ ගිය ගොඩ යන එව්වෝ මිස පාරවල් වල රස්තියාදු වෙන වේසිගෙ පුතාලා නොවන කනගාටුවෙන් හෝ සන්තෝසයෙන් මතක් කරන්නට කැමතිය.

අවසාන වශයෙන් ඔය "අන්තරේ" ඉන්න හැමෝටම සාමාන්‍ය සිවිල් පුරවැසියෙක් වශයෙන්මෙන්න මෙහෙම  පුංචි අභියෝගයක් කරන්න විභීෂණ කැමතිය.

සයිටම් වහන්නේ නැත්තන් පුළුල් ජනතා බලවේගයක් ගොඩනගනවා කියලා තමුසෙලා දැන් ආණ්ඩුවට තර්ජනය කර ඇත.
තමුන් කියන විදියට සයිටම් වලට දැන් රටම විරුද්ධ වෙලා වගෙය. ඒ කියන්නේ ඔහේලාගේ මතය හැමෝම පිලි අරගෙන කියන එකය. රටේ හෙණ පුළුල් ජන කොට්ටාශයක් දැන් ඔහේලාගේ පැත්තේ ය.

එක එහෙමනම් අපි අභියෝග කරන්නේ  ඔය කියන පුළුල් බලවේගය අරගෙන සතියේ ඕනෑම දවසක හවස ඔෆිස් ඇරෙන වෙලාවට පොලිස් හෝ හමුදා ආරක්ෂාව ලබා නොගෙන පුලුවන් නම් කොළඹ එන ලෙසය.

ජනතාවගේ බහුතරය ඔහේලාගේ පැත්තේ නම්, ඔහෙලාට තියෙන්නේ පුළුල් ජන බලවේගයක් නම් නම් ඔහෙලා බය වෙන්න දෙයක් නැත. පොලිස් හෝ හමුදා ආරක්ෂාවක් ඔහෙලාට ලොවෙත් අදාළ වන්නේ නැත .එනිසා පොලිස්/හමුදා ආරක්ෂා ඉල්ලා ඉල්ලීම් කරන්න මහන්සි වෙන්න උවමනා ත් නැත.

කරන්න තියෙන්නේ රටේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කැපවුණු උදාර වීර දූ පුතුන් වගේ පපු කැවුතු ඉස්සරහට දාගෙන කස්ටිය කොළඹ දක්කාගෙන අරගෙන ඇවිත් ආණ්ඩුවට ගූ හුජ්ජ පිටවෙන්න උද්ගෝෂණයක් කරන එකය.

මේ කොන්දේසි සම්පූර්ණ කරගෙන කස්ටිය කොළඹ එනවා නම් ඔහෙලා හැමෝවම එක එකා ගානේ සාදරයෙන් ආදරයෙන්  පිළිගන්න අපි සැවොම සූදානම් ය.
බලාපොරොත්තු ආකාරයට වැඩේ සිද්ධ වුනොත් පුළුල් ජනතා බලවේගය එදා හවසට අපිට ටීවී චැනල් වලින් බලා ගන්න පුළුවන් වනු ඇත.

එහෙනම් ඉතින්

අන්තරේ කට්ටිය කොළඹදී හම්බුවෙන බලාපොරොත්තුවෙන් අදට විභීෂණ සමුගන්න්නේය.

ගොහින් එන්නම්..


19 comments:

  1. හපොයි යකා නැගලා වගේ...කැම්පස් ගිහින් නැති බැවින් අනතරේ ගැන නොදනිමි.
    එයාල කතා කරන්ාන් හරියට පුහුණු නොවුනු වෛද්‍යවරු නිසා රෝගීන් අමාරුවේ වැටෙයි කියල නෙමෙයිද

    ReplyDelete
    Replies
    1. නැහැ නැහැ. ඒ වගේ සුළු ප්‍රශ්න ගැන ඒ ගොල්ලෝ වැඩ වෙන්නේ නැහැ.

      Delete
  2. වසර පහකට පමන කලා උපාදි ඉගැන්වීම ලන්කාවේ තහනම් කලොත් වැඩේ ගොඩ!

    අපි නම් බීසනේ කාලෙවත් අන්තරේ ගනන් ගත්තේ නැත...

    මීට ස ර ස තුමා
    පේරාදෙනි විස්ස විජ්ජාලේ කුඩා අල පත්තිකරුවන් ගේ සන්ගමයේ හිටපු ගරු සාමාජික.

    ReplyDelete
    Replies
    1. එකෙන්ම රෙස්පෙක්ට් බොස් . පේරා ගිහින් අල වෙලා ඉන්නවයි කියන්නේ සුළුපටු සෙල්ලමක් නෙවෙයි. මම පේරා නොවුනට පේරා ගිහින් රැග් වලට පට්ටල් වුනු කීප දෙනෙක් ඉන්නවා මම දන්න.
      මං දැකල තියෙන දෙයක් තමා ඔය රැග් වලට උඩපැනගෙන ගිය එව්වෝ සාමාන්‍ය ජීවිතේදී ෆේල් වෙද්දී උන් අලයෝ කියල කොන් කරපු එවුන් ලස්සනට ඉන්නවා.

      Delete
    2. සාරස තුමා ++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    3. සරසෝ,

      උඹේ කතාව ඇත්ත කියලා මටත් හිතෙනවා.

      Delete
  3. අපොයි දෙයියනේ මේ මොන අපරාදයක්ද? ගෑණු ලමයින්ට කුණුහරප කියලා, අදිරාජ්‍යවාදී කලිසම් ගලවලා, සුවිසයිඩ් කොර ගන්නා තරමට හද්ද වන්නියෙන් වුනත් ආපු ධනපති ප්‍රතිගාමී අදිරාජවාදී නවකයන්ට වද දීලා, හවස වැඩ ඇරී ගෙදරයන ප්‍රතිගාමී කුමණ්ත්‍රනකාරී පෙටි බූසුවා බස් කාර් වෑන් මගීන්ට පාර අවහිරකරලා නොනවතින අරගොල සටන් කොරලා වෙන කොහේවත් නැති නිදහස් අජාපනය බේරා ගැනීමට අවුරුදු 10 ක් විතර කැම්පස් ඉන්නා වෘත්තීමය ප්‍රගතිසීලී උතුමන්ට නේද මේ අපහාසකොරන්නේ.
    සූ..... මාක්ස් එන්ගල්ස් ට්‍රොට්ස්කි මාවෝ ඇතුලු සියලු දෙය්යෝ කෝපවෙලා ලංකාව නූගත් රටක් කොරයි

    ReplyDelete
    Replies
    1. ඔවු ඔවු , උන් හතර දෙනා ඇවිත්ම මේක නූගත් කරන්න ඕනා. නැත්තන් මේක හෙණ පට්ට බුද්ධිමත් වැසියෝ ඉන්න රටක් නෙව..

      Delete
  4. රටට ගුණාත්මක පෞද්ගලික අධ්‍යාපන ක්‍රමයක අවශ්‍යතාව අනිවාර්‍යයි.ඒත් SAITM කියන්නේ සම්පූර්ණ බොරු හා වන්චා ගොඩක් මැද කරගෙන එන උපාධි පාඨමාලවක්.ඒකට SLMC එකේ අනුමැතිය ලැබිලත් නැති එකේ ඒක ගැන කතා 2ක් නෑ.SAITM එක ගැන කෙලින් තීන්දුවක් ගන්න ආණ්ඩුව මැලි වෙන්නේ ඒක පිටිපස්සේ තියන සල්ලි කන්දරාව නිසා බව පැහැදිලියි.මේකට විරුද්ධ වෙන්න ඕනි අන්තරේට බයේ නෙවී.ඒක ලොවෙත් වන්චාවක් නිසා.ආණ්ඩුව එක්කො එකට නිසි පිලි ගැනීමක් ලබා ගන්නට පුලුවන් කොන්දේසි මාලාවක්වත් දාන්න ඕනි.හැබැයි ඒ මෙතෙක් කල වන්චාවට එහි අයිතිකරුවන්ට විරුද්ධව පියවරක්ද සමගින්

    ReplyDelete
    Replies
    1. දසුන් සිල්වා සරසවි මානවකයෙක්ද නැතිද යන වග අප නොදනිමු. නමුත් ඔහු විභීෂණ නමැති බ්ලොග්කරු තම සටහන හරහා මතුකරනා සමාජ ප්‍රශ්න ගැන අවධානය යොමු නොකර සයිටමය ගැනම කියවීම නොහොබී. මෙම අන්තර් විශ්වවිද්‍යාලයීය සිසු බලමඩුල්ල මගින් සිදුවන සමාජ හානිය ගැන දසුන් කුමක් සිතන්නේද? සයිටමය මගින් සිදුවන හානියට වඩා එය ප්‍රබල නොවන්නේද? සයිටම් සරසවිය නුසුදුසු නම් අහෝසි කිරීම රජයේ වගකීමකි. එහෙත් අහෝසි කල යුත්තේ එපමණක්ද?අනෙකුත් පෞද්ගලික සරසවි ගැන දසුන් සිල්වා දරන්නේ කුමනාකාර මතයක්ද?

      Delete
    2. http://naiyageni.blogspot.com/2015/10/blog-post_31.html
      http://naiyageni.blogspot.com/2016/05/blog-post_8.html
      http://naiyageni.blogspot.com/2016/05/blog-post_7.html
      http://naiyageni.blogspot.com/2016/07/saitm.html
      http://naiyageni.blogspot.com/2016/09/campus.html
      මේවාට අම්තරව දෙයක් සාරාන්ශ කරනවානම්
      1. අන්තරේ පසුපස දේශපාලන ව්‍යාපෘතියක් තියන්වා.ඔවුන් මේ කරමින් ඉන්නේ ඒ සටන.ඔවුන් ඒකට ශිෂ්‍යන්ව පාවිච්චි කරනවා
      2. අසූ ගනන් වලදී නැග ආ පෞද්ගලික වි.වි සම්බන්ධ ස්ටන් පාඨ අදත් එලෙසම කරපින්නගෙන යාම ගැටලුවක්.
      3. අන්තරේට පුලුවන් ඕනි නම් වි.වි තුල ඇති න්වවක වදය සම්පූර්ණයෙන් අයින් කරන්න මැදිහත් වෙන්න.නමුත් නොකරන්නේ තමන්ට අවශ්‍ය සිසු බලය ඒක නතර උනොත් නැතිවෙයි කියන සිතුවිල්ලට වෙන්න පුලුවන්.

      අන්තරේ කරන වැඩ බොහොමයක ඔවුන්ගේ යටි දේශපාලන අරමුනු තිබෙනවා.ඒ පිලිබද විවේචන මටත් තිබුනත් විභීශණගේ ප්‍රකෝපකාරී ලියවිල්ලට මට සම්පූර්ණයෙන් එකග වෙන්න බෑ.මොකද අන්තරෙන් මේ රටේ ගොඩක් වි.වි වල ශිශ්‍යන්ගේ පැත්තෙන් සිදු උනු සටන් වලට සහය දීල ශිශ්‍යන්ගේ අයිතීන් හා අධ්‍යාපනයේ අයිතීනුත් දිනාගන්න උදව් වෙලා තියනවා.ඒ නිසා අන්තරය සමග පෙල ගැසෙන සිසු ප්‍රජාව සවිඥානික වෙන්න ඕනි තමන් මේ දායක වෙන්නේ අදිසි දේශපාලන ව්‍යාපෘතියකටද නැත්නම් සැබෑ අධ්‍යාපන අයිතියක් සදහාද කියන එක වටහාගන්න.

      Delete
    3. අන්තරෙන් සිද්ධ වෙච්ච ලොකුම සේවය
      ------------------------------
      අන්තරෙන් සිද්ධ වෙච්ච ලොකුම සේවය තමයි අවුරුදු හතරේ උපාධිය අවුරුදු පහක් හයක් හෝ ඊට වඩා වැඩි කාලයක් දක්වා සහනදායි ලෙස දික් කිරීම.


      අන්තරය සමග පෙල ගැසෙන සිසු ප්‍රජාව
      --------------------------------
      සිසු ප්‍රජාව අන්තරෙත් එක්ක හිට ගන්නෙම සවිඥානික බව ඇත ඇරලා. ඊට පස්සේ උන් රූකඩ විතරයි.



      විභීශණගේ ප්‍රකෝපකාරී ලියවිල්ල
      ----------------------
      පිස්සු අන්තරේ ඇවිත් පිස්සු කෙලින්කොට ප්‍රකෝපකාරී ලියවිලි නොලියා රස වැහෙන කවි ලියන්න මේ විභීෂණ ට බැරි බව දැනගන්න.

      Delete
  5. අපොයි මේගොල්ලෝ විශ්ව විද්‍යාලෙන් පිටවුණාට පස්සේ ආයේ අන්තරේ දිහා ඇහැක් ඇරලා බලන්නේ නෑ ජොබක් හොයනවා මිසක්. ඊටපස්සේ කසාදයක් බැඳගෙන තැන්පත් වෙලා, අන්තරේ එවුන්ට බනිනවා මුන්ට පිස්සු කියලා.

    ReplyDelete
  6. සාමාන්‍ය ජන සමාජය පිලිබඳ අතිශය අසාමාන්‍ය වෛරයක් ය සහ තමන් පිලිබඳ හීන මානයක් ය.//////// true

    ReplyDelete
  7. අන්තරයට ජය වේවා - http://archive.sinhala.lankanewsweb.net/index.php/news/13526-2014-08-20-05-49-33

    ReplyDelete
    Replies
    1. උන්ගේ ආච්චිලාට හාල් ගැරේවා

      Delete
  8. විභීශන,
    ඔබගේ ලියවිල්ල ඉතාම කාලෝචිතයි.
    මේ ප්‍රෂ්ණය ගැන මම කිහිප විටක්ම ලියන්න ගිහිල්ලා ආයෙත් අතහැරලා දැම්මා භාෂාව ශිෂ්ඨව ලියැවෙන්නේ නැති නිසා.

    මොවුන්ගේ සටනේ එකීය අරමුණ රටේ උගතුන් බුද්ධිමතුන් බිහිවීම සීමා කිරීම පමණයි.

    එහි අන් කිසිදු අරමුනක් නැහැ.
    දෙක මුන් සැම විරුද්ධ සයිටම් විශ්ව විද්‍යාලයට පමණයි. ඇයි අනික්වා, ඒවා එහෙම්නම් හොඳයි නේද? සයිටම් පමණක් අධ්‍යාපන කඩේ හේතුව එහි වෛද්‍ය පීඨයක් තිබීම.
    අන්තරේ ගැත්තනි හැකිනම් මෙයට නැහැ කියන්න .

    ReplyDelete
  9. මගේ අදහස් ඔබගෙන් ලිය උනාට ස්තුතියි ......!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete

කමෙන්ට් කලාපය....