Followers

2016-04-13

සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

සතුරු කම්  දුරු වෙන
මිතුරු කම්  ඇති වෙන


මසුරු සිත දුරු වෙන
කරුණා සිත් පහළවන

දුක් කඳුළු වියැකෙන
තුටු කඳුළු මතුවෙන 

වෛර  සිත්  දුරුවෙන
ප්‍රේමය පැතිරෙන  

ක්‍රෝධය පහවෙන
සහෝදරත්වය  ඇති වෙන

ද්වේශය වියැකෙන
කරුණාව පහල වෙන  

ඊර්ෂ්‍යාව මලිනවෙන
සමාදානය පැන  නැගෙන 

දිළිඳු කම දුරුවෙන
දුප්පත් පෝසත් සැම මුවග
සතුටු සිනහවක් මතුවන 

සැමට
කිරෙන්  පැණියෙන් ඉතිරෙන
බත බුලතින් සරුවෙන
අටුකොටු පිරෙන
සිත් තුටු පහටු වෙන 
සාමය සතුට රජයන 
සුබ අලුත් අවුරුද්දක් වේවා....





11 comments:

  1. ඔබ සැමට සුබ නව වසරක් වේවා

    ReplyDelete
  2. බ්ලොග් ලියන නොලියන, දුප්පත් පෝසත් හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!!

    ReplyDelete
  3. උබලා හැම දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා

    මෙන්ඩා සදු පොඩි මෙන්ඩ

    ReplyDelete
  4. විභීෂණටත් සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා !!

    ReplyDelete
  5. සුබ අළුත් අවුරුද්දක් වේවා...!

    ReplyDelete
  6. සුබ අලුත් අවුරුද්දක් වේවා! සියලු පැතුම් ඉටු වේවා!

    ReplyDelete

පිස්සු හැදුනද? කේන්ති ගියාද ? දුම් පිටවුනාද ? හිනා ගියාද ?
මේ ලියපු දේවල් ගැන මොනවහරි හිතුනද ?
හොඳ නරක ඕන දෙයක් .මෙතන කමෙන්ට් කරලා යනවා හොඳයි...

සුබ දවසක්..