2016-04-17

අවුරුද්දේ අපි

ටීවී එකේ නැකතට
පන්සල් ගිය පු
ලිප ගිනි මොලොවපු
කෑම මේසේ හදපු 
කෑම කාපු
ගනුදෙනු කරපු
තෙල් ගාපු 


ටීවී එකෙ
රබන් ගහනව
කවි කියනවා
සින්දු කියනවා
ඔලිඳ කෙලිනවා
එළුවන් කනවා
බලන් හිටපු 
ඔස්තාර් ලාගෙන් බයිලා අහපු

බුකියේ ජී අයි එෆ් (GIF) වලින්
කඹ ඇදපු
අලියා ට ඇහැ තියපු
කණා මුට්ටි බිඳපු 
රතිඤ්ඤා ත් පත්තු කරපු
ලිස්සන ගස් නැගපු 
එව්වයෙ ස්ක්‍රීන් ෂොට් අරන් කමෙන්ට් කරාපු

අපි 
-
-
-
-
-
-

කියනවාලු මේක
සූර්ය මංගල්‍යය කියලා

කියනවාලු මේක
හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය කියලා
-
-
-
-
-

අම්මට හුඩු...



33 comments:

  1. අනේ ද කියන්නේ.

    ReplyDelete
  2. මිඩියා වල ඉන්න එවුන්ට තමයි අවුරුදු
    උන් අවුරැද්ද අපිට පෙන්නන්න කියල උන් උන්ගේ ආතල් එක ගන්නවා
    අපි...... FUfff......

    ReplyDelete
    Replies
    1. අපි ඉතින් උන්ගේ මැජික් බල බල ඉන්නවා..

      Delete
  3. ආ තව ඒ විතරක් ද. අවුරුද්ද පුරාම බාගෙට විලි වහ ගත්ත නලු නිලියෝ රෙදි හැට්ට සරම් ජාතික ඇදුම් ඇදන් පොල් ගානව, රබන් ගහනවා. තව අවුරුදු කෑම හදනවා.
    ඕන්න මීඩියා අවුරුදු...

    ReplyDelete
    Replies
    1. අපේ සංස්කෘතිය ලු නේ ..

      Delete
  4. ඕවත් අවුරුදු සමරණ ක්‍රමනේ. පුළුවන්නම් උඹ කියපන් කොහොමද කරන්න ඕන කියලා.
    මම කියවපු පරණ ඥාණාර්ථ ප්‍රදීපය සඟරාවලත් නත්තල කිට්ටුවෙනකොට "මේකද සැබෑ නත්තල" යන තේමාව යටතේ ඔහොම ලිපි පලවෙනවා දැක තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. ටීවී රේඩියෝ ෆේස්බුක් නැතිවෙච්ච දවසට අලුත් අවුරුදු සැමරීම නවතින්නේ නැති ඕන විදියකට කලාට කමක් නැත. දැන් යන විදියට සංස්කෘතික මංගල්ලේ තියෙන්නේ මීඩියා ඇතුලේ විතරයි.

      --------------
      ඥාණාර්ථ ප්‍රදීපය සඟරාවක් නෙමෙයි.

      පරණ එව්වා ල විතරක් නෙමයි අලුත් එව්වලත් ඔය ජාතියේ ලිපි තියෙනවා.

      Delete
  5. අම්මට උඩු විබියෝ, පට්ටනේ. :p

    ReplyDelete
  6. අප්පටත් හුඩු............

    ReplyDelete
  7. නැකතට වැඩ කොලා අම්මගේ කීමට

    ReplyDelete
  8. නැකතට වැඩ කොලා අම්මගේ කීමට

    ReplyDelete
  9. අවුරුදු ජන ක්‍රීඩාවක් කියන ඔළිඳකෙලිය ,කෙලින හැටි දන්නෙ කී දෙනයිද....
    සූර්ය මංගල්‍යය කියන්නෙ... නෙස්ට මෝල්ට්, ලාඕජී හා නෝ චිකං කියුබ් වලින් බලය, ජවය, ශක්තිය ලබා ගන්නා හැටි ගැන කියවෙන උත්සවයක් ලු...

    ReplyDelete
    Replies
    1. මටත් ආරංචියි එහෙම එකක් කියලා...
      :)

      Delete
  10. ටීවි බලන ඒකත් ඒපා වෙනවා ඒතකොට....

    ReplyDelete
    Replies
    1. මේ සැරේ නම් ටීවී ඔක්කාරෙටත් ආව කියහන්කෝ...

      Delete
  11. අපේ කාලේ අවුරුදු .... ඒකත් අහවරලු ඉතින් .. මේ පාර කොහා ආවෙත් නැහැ. මං හිතන්නෙ ඌටත් කලකිරිල :/

    ReplyDelete
    Replies
    1. කොහා දෙමල පන්තියකට ගියාලු නේ දෙමලෙන් කොහෝ කියන්න ඉගෙන ගන්න.

      මම හිතන්නේ ඌ තාම ඒ කොස් එකේ...

      Delete
  12. අපිටනං ඕව බලන්න වෙලාවක් තිබුණෙ නෑ. නොනගතේ වෙලාවෙ තමයි ගෙවල් අස්පස් කරන වැඩ ටික කළේ.

    ReplyDelete
    Replies
    1. එකත් කොච්චර සුබ කටයුත්තක් ද ?

      Delete
  13. මං දැක්ක
    කොහා
    අපේ ගේ ඉස්සරහ
    නා ගහේ වහල උන්න
    මං ඌට කොහෝ කිව්ව
    ඌ මං දිහා බලල
    ලැජ්ජාවෙං පියාඹලා ගියා

    ReplyDelete
    Replies
    1. අනේ පවු අසරණ කොහා..

      මම හිතන්නේ ඌ ලජ්ජා වෙලා නෙමෙයුඉ ගියේ.
      උඹ ර කොහෝ කියපු වෙලේ උඹේ අර ෆේමස් දත් දෙක පෙනිලා බය වෙලා ගිහින් තියෙන්නේ...

      Delete
  14. ටීවී අවුරුදුත් ඒ හැටි ජයක් නෑ කියල හිතුණ. අම්මප ඒව බලද්දි ඔක්කාරෙට එනව. ඇයි මැති ඇමති අවුරුදු...? කස්ටිය සින්දු "කියනව" බලන්ටෙපැයි..

    ReplyDelete
    Replies
    1. වාසනාවට බයිලා තරඟයක් නොතිබ්බේ..

      Delete
  15. නියමයි මචෝ කන පැලෙන්න ලියවිලා

    ReplyDelete
  16. ඇත්ත තමයි. මෙහෙම ගියොත් හෙට අනිද්දට අවුරුද්ද නමට විතරක් ඉතිරි වෙවි.

    ReplyDelete
    Replies
    1. එකවත් ඉතුරු වෙලා තිබ්බොත් ඇති.
      මට නම් හිතෙන්නේ තව ටික කාල්යාක් ගිහින් නෙස්ටමෝල්ට් , ලාඔජී වගේ නම් ටිකක් විතරක් ඉතුරු වේවි කියලා...

      Delete
  17. අම්මට හුඩු...

    අවුරුද්ද කුඩේ කුඩු ...

    ReplyDelete

කමෙන්ට් කලාපය....