සයිබර් අවකාශය අපේ ලයිෆ් ස්ටයිල් එකට කොච්චර බලපැමක කරලා තියෙනවද කියලා දැන ගන්න අවශ්‍ය නම කරන්න තියෙන එකම සහ හොඳම දේ ටික කාලෙකට එකෙන් එලියට පැනීම බව මේක කියෝන ඔහෙලාත් ලියන මම විභීෂණ ත් හොඳින්ම දන්නා කාරණයක් ය.
එත් ඒ හොඳම අවස්ථාව කැමැත්තෙන් ලබා ගන්න කිසි කෙනෙක් නැත. හිටියත් ඉන්නේ අතිශයින්ම සුළු ප්‍රමාණයක් පමණය.
බ්ලොග් අවකාශේ හැමෝම කතා කරන "සයිබර් අවකාශයෙන් බිමට බැසීම" ට වඩා "සයිබර් අවකාශයෙන් බිමට වැටීම" එක්තරා විදියකට අමුතු අත්දැකීමක් ය.
සයිබර් අවකාශයෙන් එලියට බැස්ස අය "අපි ඔන්න එලියට බැස්සා ය", "අපි අන්න අර අහවල් වැඩේ කළා ය","අහවල් තැන කතා කලාය" වගේ කරන කියන සේරම දේවල් ආපහු පබිලිස් කරන්නේ සයිබර් අවකාශය හරහා ය. එත් සයිබරයෙන් "එලියට වැටිච්ච " එකාට ඒ චාන්ස් එක නැත. අඩු ගානේ ඌ එලියට වැටුනා කියලා කියාගන්නත් විදියක් නැත.
ඌ එළියේ නේද කියලා ඇතුලේ ඉන්න එවුන්ට එකපාරට මීටර් වෙන්නෙත් නැත.
කාලයක් තිස්සේ ගොඩ නගාගෙන ආපු අච්චර මෙච්චර ගානක් වූ උගේ සයිබර් මිතුරු හවුල එක ඇසිල්ලකින් අතුරුදහන් වෙන්නේ හිතන්නත් වෙලාවක් ඉතිරි නොකරමින් ය.
තමුන්ව දන්නා හඳුනන සිය ගානක සමහරවිට දහස් ගානක සමාජයක වැජඹෙන එකා ට හදිසියේම ඒ සමාජය අත ඇරලා දාලා තමුන්ගේ පවුලේ තුන් හතරැ දෙනා එක්ක දවස ගෙවන්න සිද්ධ වීම සහ එහෙම වුනා කියලාවත් අර සැට් එකට කියාගන්න බැරි වීම එකතරා විදියක අමුතුම අත්දැකීමක් ය. එකේ ඇති කිසි නරකක් නැත. නමුත් අමුතුම වෙනසක් ඇත.
එත් ඒ අත්දැකීමේඑක්තරා වටිනාකමක්ද ඇත.
බොහෝ දෙනෙක්ට ලබා ගන්න බැරි වුනත් සයිබරයෙන් පිටමං වී සිටීම
ජීවිතේ තව ටිකක් ඉගෙන ගැනීමට ලැබෙන එක චාන්ස් එකක් කියලා හිතෙන්නේ මට
විතරක් වෙන්න බැරිය.
වෙනදා කී බෝඩ් එකේ යතුරු ඔබ ඔබා මවුසා මිරික මිරිකා , මැද ලික්විඩ් ක්‍රිස්ටල් පුරෝපු වීදුරු තහඩුවක මැවෙන අකුරු සහ රූප දිහා බලන් ඉන්න වෙලාව ගෙදර ඉන්න තමුන්ගේම එවුන් එක්ක තව ටිකක් වැඩිපුර කතා බහ කරන්න, පත්තරේ තියෙන දේවල් ටිකක් කියවන්න, ගෙවල් දොරවල් වල , වත්ත පිටියේ වැඩ තව ටිකක් වැඩිපුර කරන්න , (බොරු) බිසී නිසා අතපහු වෙච්ච ගමනක් බිමනක් යන්න පාවිච්චි කරනකොට ඔලුවට, මනසට දැනෙන වෙනස සැහැල්ලුව වචන වලින් කියන්න එච්චර ලේසි නැත. විඳලා ම බලන්න ඕනය.
එහෙම විඳින කොට සයිබරයෙන් එලියට වැටීම "එලියට බැසීමට වඩා " එක්තරා විදියක වටිනා කියන සිද්ධියක් බව විභීෂණ ට මොහොතකට සිතෙන්නේය.
මූ මොකක්ද මේ කියන්නේ, මූට මොකොද මේ වෙලා තියෙන්නේ කියලා දැන් ඔහෙලාට හිතෙනවා වෙන පුළුවන.
සිද්ධිය සැකෙවින් සරලව පැහැදිලිව මෙසේය.
රටම ගංවතුරින් සෙත්තපෝච්චි වෙලා තිබ්බ වෙලේ ඒ මහා වැස්ස නිසා විභීෂණ ද අවතැන් විය. එත් ඒ ඔහෙලා හිතන විදියේ අවතැන් වීමක් නොවේය,
දවස් දෙක තුනක් වැහැපු ඒ සුපිරි වැස්සේ අනුභාවයෙන් අපේ ගේ ඉස්සර හා තිබ්බ සිරි ලංකා ටැලිකොම් කනුව අංශක තිස් හයාමාරයි පොයින්ට් හතක් විතර ඇල විය. ටැලිකොම් කනුව ඇලවුණේ තනියම නොවේය.එකත් එක්ක පැටලිලා තිබ්බ සේරම ටැලිපෝන් කම්බි ටිකත් කඩා ගෙනය.
ඉතින් දෙයියන්ට සහ තව තව මෑණි වරුන්ට පින් සිද්ධ වෙන විභීෂණ නිවසට සහ අපෙන් පල්ලැහැ ගෙවල් තුනහතරක ට ටැලිෆෝන් හුටස් විය.
අන්තර් ජංජාලයට ත් බඩු බනිස් විය. විභීෂණ සයිබරයෙන් එලියට විසිවුනේ අන්න ඒ නිසා ය.
කොරේ පිට මරේ කියන්නා වගේ අපිට ටීවී බැලීමේ වාසනාව ද අහිමි විය. ඒ දැන් අවුරුදු තුන හතරක් තිස්සේ අපි බලන්නේ අර ටැලිෆෝන් කම්බිය ඇතුළෙන්ම එන අහවල් පියෝ ටීවී එක නිසාය.පියෝ ටීවී ලොවෙත් නැති වෙන එකක් නෙමෙයි ය කියලා තියන් හිටපු මන්සගාත අහංකාරකම නිසා එක නැති වෙලාවට ටීවී එක බලන්න්න පුළුවන් වෙන්න කියලා පොඩි ඇන්ටනා කටුවක්ව්ත් ගේ හරියේ තිබ්බේ නැත.
රටේ තොටේ වෙච්ච දේවල් දැන කියා ගත්තේ දැන් මාස දෙක තුනකට කලින් විභීෂණ ගෙදර ගෙනාපු පොඩි රේඩියෝ කෑල්ලකට පින් සිද්ධ වෙන්නය.
වයි පයි නැති වුනත් මොබයිල් ඩේටා වලින් සයිබරේට ගොඩ අවුනත් වැඩි වෙලා ඉන්න හම්බුනේ නැත්තේ කාඩ් ඉවර වීමේ සහ රීලෝඩ් කිරීමේ වේගය එන්න එන්නම වැඩි වෙච්ච නිසාත් ඒ වේගෙන්ම පර්ස් එකේ බර අඩු වෙන්න පටන් ගැනීමත් නිසාය.
කොහොම හරි වැඩේ සැටල් කරන්න ඒ කියන්නේ අර කනුව යථා තත්වයට තතා අයුරින් පත් කරන්න අපේ සිරි ලංකා ටැලිකෝන් එකට සතියකට වඩා කල් ගියේය. දවස් හතක් එකද දිගට කම්ප්ලේන් කරලා කරලා බැරිම තැන "අපි ආපහු මේ ගැන කෝල් කරන්නේ නැහැ. කැමති වෙලාවක ඇවිත් හදලා පලයවූ" කීවාට පස්සේ අර ලොකු කස්කුරුප්පුවයි බූම් එකද මොකක්ද එකයි ඇවිත් වැඩේ ගොඩ දාලා ගියේය.
දැන් ඉතින් විභීෂණ ආපහු සයිබරයේ සැනසිල්ලේ සරි සරන්නේ ය.
ඒ මොනා වුනත් සතිදෙකක විතර සැබෑ ලෝකය එක්ක අලුත් වුනු බැඳීම ඒ විදියටම ඉස්සරහට යනු ඇත.
ඒ මොකද කියනවා නම් සයිබරේ ඇතුලේ අපි කොච්චර වැඩකාරයෝ වුනත් කරන්ට් එක ගිය දාට සහ ටැලිෆෝන් කම්බිය කැඩිච්ච දාට ඒ සේරම ඇහිපිය ගහන්න කලින් අතුරුදහන් වෙන බවත් එදාට කතා බහ කරන්නත් ඉතුරු වෙන්නෙත් ගෙදර සැට් එක විතරක් බව හොඳහැටි සහසුද්දෙන්ම දැන ඇඳින අවබෝධ කරගත් නිසා ත් ය.
එහෙනම් ඉතින් පොස්ටුවක් එක්කඅපහු හම්බුවෙන්කන් අදට මේ ඇති වගෙය.
මේ කාලය ඇතුලේ කමෙන්ට් දාන්න බැරිවෙච්චි පොස්ට් බර ගානක් ය.
කරන්න දෙයක් නැත. ඇත්තේ කනගාටුව පල කිරීම පමණි.
ඒකත් එහෙමද...
ReplyDeleteස ර ස තුමා හිතන් හිටියේ ඔහෙ අර කැම්පස් වල රැග් කොරනා හීනමානිකයන් ට කන පැලෙන්න ගැහුව වාඩුව අල්ලන්න උන්නැහේලා ඔහේව සුදුවැන්කරනය කොලා කියලා හිටන්.....
ඔවු බන්. නෙට් නැති වෙච්ච මුල් දවස දෙක ගෙවුනේ හරියට තෝන්තුවෙන් වගේ. කිසි දෙයක් අක්රන්න හිතෙන්නේ නැහැ. පස්සේ පස්සේ රියල් ලයිෆ් එකට ටියුන් වුන...
Delete----------
//රැග් කොරනා හීනමානිකයන් ට කන පැලෙන්න ගැහුව වාඩුව//
-----එහෙම නම් වුනේ නැහැ. එත් ඒ තියෙනවා ය කියපු උප ස්න්ස්කුරුතියට නම් ටිකක් රිදුනා වගේ දැනුනා...
//සුදුවැන්කරනය//
------සුදු වැන් නෙවයි බන් දැන් තියෙන්නේ "බ්ලැක් ඩිෆෙන්ඩර්". දන්නේ නැද්ද???
"Black Defenderization ...."
Delete----ඔන්න මම අදාළ වචනෙත් හදලා ම දුන්නා...
"කාල ආරක්ෂාකරණය"
Deleteසති දෙකක විවේකයක් ලබා දුන් අසප්පුරුස කාලගුණයට ස්තුති කලා නම් නොවැ වටින්නේ
ReplyDeleteදැන් පරක්කු වැඩියි බන්.
Deleteවැහි දෙයියෝ යන්න ගිහින්...
welcome back
ReplyDeleteOK oK
Deletewelcome back X 2
Deleteඅපි මේ කතා උනේ උඹ කාලෙකින් හිටියෙ නෑ කියලා. කොහෙද බං ඔය ලංකාවෙ ටෙලිකොම් හරියට වැඩක් කරලා තියෙන්නෙ. කියනකොට කියන දේ කරනකොට නෑ. එහෙමයි අපේ සන්නිවේදකයෝ. හරි ආයේ පෝස්ට් එකකින්ම හමුවෙමු.
ReplyDeleteසති එකහමාරකට පස්සේ හරි හදපු එකත් ලොකු දෙයක් බන්.
Deleteපුහ්..අපේ සන්නිවේදකයෝ..මෑණියන්ගේ වස්තරේ තමයි ඉතින්..
-----
ඉක්මනටම හම්බුවෙමු පොස්ට් එහෙකින් ම...
කොහොමහරි ආපහු එන්ඩ ලැබිච්ච එක ලොකු දෙයක් නේ. දැන් ඉතිං යමු අධි වේගෙන්.
ReplyDeleteයන් යන් යන් යන්
Deleteඅපි සැනසිල්ලේ,,.යන් යන් යන් යන්
යන් යන් යන් යන්
අපි නැළවිල්ලේ ..යන් යන් යන් යන්
ආ මේ ඇවිත් ඉන්නේ...
ReplyDeleteඅපි මේ අන්තර්ජාලේ එල්ලී ඉන්න විදිහට නැති උනාම ලොකු වෙනසක් දැනෙනවා තමයි... ඒක ඇත්ත විභීෂණ.....
දැන් ඉතින් ඒ දවස්ල්වල ලබපු අද්දැකීම් ලියන්නත් පුලුවන්නේ....
හම්මේ ඔවු...
Deleteපුදුම තෝන්තු ගතියක් තිබ්බේ බන්...
අන්තර්ජාලය නැති වීම මං හදුන්ව්නේ මගෙ සාමාන්‍ය ජන ජීවිතය අඩාල උනා කියලා.. එතකොට අපේ ගෙදර අය දන්නව මොකක්ද කරන්න ඕනෙ කියලා...
Deleteහපොයි අපේ ටෙලිකොමාට හෙනයක් වැදිල.මාත් ඩොංගල් රාජයාගේ පිහිටෙන් දැන් ගොඩ යන්නෙ..කිවුවට මුං හදන්ඩ ආවෙ නෑ
ReplyDeleteඩොන්ගල් රාජයගෙන් නෙට් යනවා වගෙයි නෙමෙයි බං රී ලෝඩ් කරන්නයි බිල් ගෙවන්නයි වෙනකොට..
Deleteඅහසේ තරු පොළොවේ පේනවා...
විසිවෙලා හිටියට දැන් ආවනෙ.ආයෙම විසි නොවී ඉන්න බලන එකයි තියෙන්නෙ.
ReplyDeleteඅපිනම් විසිවෙන්න බලන්නේ නැහැ හැලපේ..
Deleteකතාව ඇත්ත බං. ඒ වගේම තමයි ගෙදර විදුලිය නැතිවුනාම තමයි හද එලියේ ලස්සන දැනෙන්නේ. මිනිස්සු හද එලියට මේ තරම් කවි ලියන්න මේ තරම් ආදරේ කරන්න හේතුව ඒකයි.
ReplyDeleteජයවේවා!!!
නිදහසේ හඳ බලා කියා ගන්න එකත් මේ කාලේ හැටියට බරපතල වැඩක්...
Deleteමචං මේකයි සිද්ධිය. බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ ප්‍රධාන අංග තමයි ලෝකය මිනිසා වෙනුවෙන් මවා හෝ මැවී ඇතැයි සිතීම. අසීමිතලෙස ඉන්ද්‍රිය පිනවීම සදාචාරයක්ලෙස සැලකීම. සාමූහිත්වයට වඩා පුද්ගලවාදය (සිංහලෙන් කියන්නේ ඒකීය පුද්ගලයා කියලා) උසස්ලෙස සැලකීම.
ReplyDeleteබටහිර ක්‍රිස්තියානි නූතනත්වය මමත්වය වර්ධනය කරන ක්‍රමයක්. එය මාර බන්ධනයක් ලෙස සැලකිය හැකියි.
මේ සන්ධර්භය යටතේ සයිබර් අවකාශය යෙදවෙන්නේ ප්‍රෝෆයිල් සාදාගැනීම හරහා මමත්වය බහුගුන කරගැනීමටයි. මේ හරහා අවසානයේ සසර සුක වැඩිවෙනවා.
හරි හරි...
Deleteමමත් හිතුවේ උඹ අර උගත් කැම්පස් කාරයන්ට බය උනාය කියලා...
ReplyDeleteඋගත් එවුන්ට ගොඩක් දේවල් බැහැල්ලු...
Deleteමමනම් ගමේ ගියාම මේ හුට්ටපර මුකුත් නැතුව රස්තියාදු පාරක් ගහලා යාළුවො එක්ක සෙට්වෙලා අඩියක් පුඩියක් ගහල ආතල් පාරක් ගන්නවා...
ReplyDeleteගමේදී නෙට් යන්නේ නැතිම තරං...
අපිට ඉතින් ගමේ යනවා කියලා සංසිද්ධියක් නැහැ බන්..
Deleteවැඩට යනවා ගෙදර එනවා...
නෙට් යනවා නිදියනවා..
උඹ ආපු එක හොදයි...... නැත්තං අර උගත් කැම්පස් කාරයෝ ටික එෆ්සීඅයිඩීයට ගෙන්නාවි.......
ReplyDeleteඑෆ්සීඅයිඩී එක කියන්නේ බන් අලුත් ආණ්ඩුවෙන් දාපු රෙස්ටුරන්ට් එකක් වගේ තැනක් වෙලා ...
Deleteයනවා එනවා..
සිරා මූණක් දාගෙන යනවා...පට්ට ෆන් මූණක් දාගෙන එලියට එනවා..ඇවිත් එළියේ ඉන්න කැමරා වලට ටෝක් එකක් දෙනවා...ආතල් එකේ ගෙදර යනවා..