2016-06-20

කේස් එකක් අවශ්‍ය නැති රළු දුරකථන 5ක්



ස්මාර්ට් දුරකථන අපි වැඩියෙන් ම ආදරය කරන අත්‍යවශ්‍ය දෙයක් වෙලා තියෙනවා. ඒ නිසා අපි දුරකථනයක් මිල දී ගත්විට එය ආරක්ෂිතව තියාගන්න උපරිම උත්සහා කරනවා. ඒ අපි ඒ වෙනුවෙන් ගෙවන මිල නිසාම නොවේ ස්මාර්ට් දුරකථනයකින් කළ හැකි දේ බොහෝ නිසා එහි වටිනාකම තවත් වැඩිවෙනවා. මෙවායේ ආරක්ෂාවට විවිධ කේස් සහ බෑග් වර්ග තිබෙනවා නමුත් සමහර දුරකථන වලට මේවා අවශය වෙන්නේ නෑ. ඒ කියන්නේ මේ දුරකථන  වල ආරක්ෂාවට කේස් එකක් අවශ්‍ය වෙන්නේ නෑ. මේ දුරකතන එවා විසින්ම ආරක්ශා වීමට තරම් ශක්තිමත්. මේ සුවිශේෂි වාසිය නිසා භාවිත කරන්නන්ට කේස් වලට යන මුදල් ඉතිරිකරගැනීම්ට වගේම නිරන්තර අලුත්වැඩ්යා  කිරීම් සහ නඩත්තු කිරීම් වලින් බේරෙන්නත් පුළුවන්.


ඔබටත් මෙවැනි දුරකථනයක් ඔබේ සාක්කුවේ තියෙන්න ඔනේ කියා හිතෙනවානම් පහත ලයිස්තුව බලන්න.


LG G Flex 2

දකුණු කොරියාවේ සමාගමක් වන LG Electronics සමාගම මීට පෙරත් හොඳ සන්නිවේදන උපකරණ වෙළඳපොළට හදුන්වාදුන් සමාගමක්, 2015 වසරේදී ඔවුන් සුවිශේෂී දුරකථනයක් හඳුන්වා දුන්නා. එ තමයි LG G Flex 2. රතු සහ තද අළු පාට වලින් සහ පිටුපස වක්‍රාකාර හැඩයකින් එන මේ දුරකථනය LG දුරකථන මිලට සාධාරණ මුදලකට ලබා ගත හැකියි. මේ ඔක්කොටම වඩා වටන පහසුකම් තමයි මේහි ශක්තිමත් බව. මෙහි ඇති වඩාත් සංකීරණ සෙල්ෆ් හීලින්ග් පහසුකම් මගින් විනාඩ් දහයකට අඩු කාලයකදී සුළු සීරීම් යථා තත්වයට පත්වෙනවා.
 

Samsung Galaxy 7/ Samsung Galaxy Edge 7

දුරකථන සන්නිවේදන ක්‍ෂෙත්‍රයේ වෙනස්කම් රැසක් කළ සමාගමක් තමයි Samsung මීට පෙර ඔවුන් ඉතා හොඳ දුරකථන සහ ඉලෙක්ට්‍රොනික් උපාංග රැසක් නිෂ්පාදනය කර තිබෙනවා, මෙවර ඔවුන් ඉතා සිත් ඇදගන්නා සුළු දුරකථන දෙකක්  නිකුත් කර තිබෙනවා. Samsung Galaxy 7 සහ Samsung Galaxy Edge 7 වන මේ දුරකථන දෙකේම ඉතා උසකින් වැටුම් වලින් ආරක්ෂා වන්නට හැකි කේස් එකක් අතුළත් වෙනවා. 2016දී නිකුත් වූණු මේ දුරකථන දෙක ශ්‍රි ලංකවේ දී මෙන්ම ලෝකයේ ඕනෑම තැනකින් ඉතාම ලෙහෙසියෙන් සැම්සුන්ග් දුරකථන මිලට මිළදීගන්න Amazon ඔස්සේ පුළුවන්.
 

Xiaomi Mi5






කොර්නින්ග් ගොරිල්ලා ග්ලාස් 4 සහ මල්ටි ටච් සමග එන Xiaomi Mi5  ඩිජිටල් යුගයට පිවිසෙන්න අලුත් මාර්ගයක් සපයනවා. එපමණක්ම නොවේ මෙහි ඇති දෘඩාංග පහසුකම් නිසාද මේ දුරකථනය අවට පරිසරයෙන් හා වැටීම් වලින් ආරක්ෂා කරනවා. සුදු, කලු සහ රන්වන් පාට වලින් එන මේ දුරකථනයේ නිමාව තරමක් දිලිසෙන සුළුයි.


Droid Turbo 2
ශ්‍රි ලංකාවේ මෙන්ම ලොව පුරාම ජනප්‍රිය වුණු දුරකථන නිෂ්පාදනය කළ Motorola සමාගමේ නිෂ්පාදනයක් තමයි Droid Turbo 2. පසුගිය වසරේ නිකුත් වූ මේ දුරකථනයේ විශේෂ නොබිදෙන දර්ශණ තිරයක් එහි ඉන්ජිනේරුවන් ඇතුළත් කර තිබෙනවා. දර්ශණ තිරයේ ඇති ආරක්ෂිත ලේයරයන් නිසා මෙය නොබිදියහැකි දුරකථනයක් වෙනවා. ඔබේ අතින් ලිස්සා දුරකථනය පාරට වැටුණත් ඔබට ඒ ගැන වදවෙන්න වුවමනා නෑ. නොමිලේ භාණ්ඩ ප්‍රවාහනය සිදුකරන, ආරක්ෂිතවඅන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ විකුණුම් සිදුකරන Kaymu වැනි අන්තර්ජාල වෙළඳපොළ හරහාද මේ දුරකථනය මිලදී ගන්න පුළුවන්.
 


CAT S60





ඔබ සමහරවිට හොලිවුඩ් චිත්‍රපට වල සමහර දර්ශන වලදී මෙවැනි දුරකථන දැක ඇති, විශේෂයෙන්ම සුපිරි වීරයන් ගේ චිත්‍රපට වල. CAT S60 කියන්නේ ඒ වගේ රළු භාවිතයට සුදුසු කේස් එකක් සහිත දුරකථනයක්. මේ දුරකථනවල ප්‍රධානම අරමුණ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියාවල නිරතවන්නන්ට භාව්ත කරන්නට පුළුවන් ලෙස නිෂ්පාදනය කිරීමයි.

තාක්ෂණය දිනෙන් දින වැඩිදියුණු වෙනවා එනිසාම දැන් අපට මුදල් ඉතිරිකරගනිමින් අලුත් ක්‍රමෞපායන් අතහදා බලන්න පුළුවන් වෙලා තියෙනවා. ස්මාර්ට් දුරකථන වල රළු ගතිය අවශ්‍යයි කියා ඔබ සිතනවානම් ඉහත ලයිස්තුවෙන් දුරකථනයක් තොරාගන්න ඔබට පුළුවන්.

-----------------------------------------------------------------------------------------------------------------------
රචනය :- Biseka Wickramage <bisekawickramage@gmail.com>
----------------------------------------------------------------------------------------------------------------------- 

18 comments:

  1. අපේ පුතා ඔය ෆෝන් විස්තර ඔක්කොම දන්නවා ; මම නම් ලාබ දුරකථනය තමයි ගන්නේ

    ReplyDelete
  2. අපූරු විස්තරයක්...

    ReplyDelete
  3. මේක සමහරක්විට සමහරක් අය පඩ ෂෝ කියල හිතයි. එත් සැම්සුන් ෆෝන් කොච්චර මාර්කට් උනත් බොහොම ඉක්මනට ස්ක්‍රීන් එක බිදෙනව. මේ කොයි අතින් බැලුවත් අයි ෆෝන් එක ආරක්ෂාකාරී වගේම හාර්ඩ් වර්කින් ෆෝන් එකක් කියල මම අත්දැකීමෙන් කියන්නෙ අවුරුදු 6ක් අයි ෆෝන් 4ක අත්දැකීමෙන්. ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. මගේ ලඟ මෑතක් වෙනකල් තිබුනෙ ගැලැක්සි එස් ටූ එකක්. අනන්ත වාරයක් බිම වැටිලත් මොකුත් වුනේ නෑ.

      Delete
    2. උබ වාසනාවන්තයි මචන් රාජ් එහෙනම්. මගෙ අතින් s1 එකකුයි s mini එකකුයි ලොන්තපොල් උනා කියහන්කො 😩

      Delete
    3. මමත් දන්න විදියට අපේ කොල්ලගෙ සැම්සුං ෆෝන් එකේ කොන් හතරම තැලිල තියෙන්නෙ බල්ලා බිමට ඇදලා දාලා ඒකෙ කේස් එකත් ගලවලා තියෙනකොට. ඒත් ස්ක්‍රීන් එකට මොකුත් ව්වුනේ නෑ කොන් හතරම පොඩ්ඩ පොඩ්ඩ ඇදවෙලා. මගෙත් තියෙන්නෙ සැම්සුං එකක් හැබැයි තාම වැට්‍ටුවෙ නෑ, මම නම් පරිස්සං කරනවා බං අමාරුවෙන් ගත්ත නිසා

      Delete
    4. සැම්සුන්, හැක, හැක!

      Delete
  4. එකක් ගන්නත් හිතෙනවා. මිළ ?

    ජයවේවා!!!

    ReplyDelete
  5. http://ratathota1.blogspot.com/2016/06/small-story.html

    ReplyDelete
  6. මට නම් ෆෝන් වැටිලා ඉරකුත් ගියාට පස්සෙ තමා හොඳ කේස් එකක් ගන්න ඕන කියල මතක් උනේ :/

    ReplyDelete
  7. මි 5 කියන්නේ වැරදි ඇතුලත් කිරීමක්.. මි ෆොන් ලොකුවට රළු පාවිච්චිය මාකට් කරන්නේ නෑ..ඔය ෆෝන් එක ගැන තියෙන ටෙක්නිකල් ස්පෙක් වලත් එහෙමට ලොකු සේෆ්ටි එකක් ගැන කියල නෑ.. එහමෙ බැලුවොත් අද තියෙන ප්‍රධාන ධාරාවේ ගොඩක් හයි එන්ඩ් ෆෝන් තරමක් රළු පාවිච්චියට තමයි හදල තියෙන්නේ..
    ඔය අතර තියෙන මිල අඩු අපිට ගන්න පුලුවන් එකක් තමයි මෝටරෝල මොටෝ ජී 3 මොටෝ ජී එක දැන් නම් ටිකක් පරණයි මොකද මොටෝ ජී 4 ලගදි ආපු නිසා..හැබැයි මොටෝ ජී 3 එක වගේ ෆුල් වෝටර් රෙසිස්ටන් නෑ ජී 3 එක..

    ReplyDelete
  8. විභීෂණ ට නම් තියෙන්නේ ඔන් සැම්සුන් ගැලැක්සි ජේ 7 එකක්.
    3ජි ද 4ජි ද කැමරා ද අරවද මෙව්වා ද ඔක්කොම එක්ක මහන්සි නැතිව ජාලේ රස්තියාදු වෙන්න පුළුවන් සයිස් ස්ක්‍රීන් එහෙකුත් තියෙනවා.
    තව වෙන මොනා ද ඉතින්.

    අඩුවකට තියෙන්නේ මල් කඩන්න කෙල්ලෙක් නැති එක විතරයි. ෆෝන් එක පට්ට පාලුවෙන් ඉන්නේ.

    ReplyDelete
  9. මටනම් සැම්සුන් තරම් වෙන ඒව හරියන්නේ නෑ. ඇපල් කොච්චර හොඳ උනත් ගන්න බෑ. වන්ප්ලස් ට්‍රයි කරලා බලන්නෝනෙ.

    ReplyDelete
  10. ස්තුතියි

    ReplyDelete
  11. මට ලැබුනු පලවෙනි phone එකෙ ඉඳලා හැම phone එකක්ම ලැබුනේ තැගි විදිහට මාව සම්බන්ධ කර ගන්න එක එයාලට නැතුවම බැරි දෙයක් උනු මල්ලිගෙනුයි, සැමියගෙනුයි.. අතට ලැබෙන කොටම කරන්න පුලුවන් හැම ආරක්ෂක විධිවිධානයක්ම දාලා තමා අදටත් මගේ අතට phone එකක් දෙන්නේ ඒ දෙන්නම.. ඒ තරන් හොඳයි පාවිච්චිය..:)

    ReplyDelete
  12. The large chassis allows for an equally large keyboard and usability is fantastic. The keyboard is well fixed and smooth to use, as are the touchpad and mouse buttons. A full pad of number-keys is also included for easy data input and making calculations on the fly.
    gta 5 apk

    ReplyDelete

කමෙන්ට් කලාපය....