2016-06-18

සීයක් ලිව්වා හිටං _අද ඉඳන් ටිකක් වෙනස් හිටං

අද මේ ලියවෙන්නේ විභීෂණ අඩවියේ සියවෙනි පොස්ටුව ය.

පොස්ටු සීයක් ලියා ගන්න තරම් හයියක් ආවේ කොහෙන්ද කියලා නම් විභීෂණ වත් දන්නේ නැති කාරණයක් නිසා ඔබ තුමන්ලා තුමී ලා ඒ ප්‍රශ්නය අහන්න ගිහින් නිස්කාරනේ විභීෂණ ගේ සුරතල් යක්ෂයා ආරුඪ කරගැනීමෙන් වලකුනාට කම් නැත.

කොහොම හරි ඉතින් අර මම මීට මාස ගානකට කලින් කිව්වා වගේ අනේකාකාර එක්ස්පෙරිමන්ට් ගොඩකට පස්සේ පටන් ගත්තු විභීෂණ අඩවිය අද වෙනකන් ඒ කියන්නේ පොස්ට් සීයක් වෙනකම්ම ලියාගෙන එන්න තිබ්බ ලොකුම් හයිය වුනේ මම ලියෝපුවා කියෝලා ගල් හෝ මල් සහිත කමෙන්ට් වලින් සහයෝගය දක්වපු ඔබ තමුන්නාන්න්සේ ලා ය.
ඔබ ලා නොහිටින්න විභීෂණ අඩවිය වැළලිලා ඒ තැන් වල ගසුත් පැලවෙලා ය.



ඒ එක්කම විභීෂණ අඩවිය තම තමුන්ගේ සින්ඩි වලට එකතුකරගෙන සහයෝගය ලබා දුන්නු මාතලන්, අජිත් කුමාර ,අටමා, කුවෙනියා සහ කුරුට්ටෝ ටික ටත්  ලාංකීය සිතුවිලි, බ්ලොග් සිතියම ,විකසිත සින්ඩිය සහ අවකාශය සින්ඩිය වල ඇඩ්මින් වරුන්ටත්  මගේ ස්තුතිය ඉතසිතින් පිරිනමන්නට කැමතිය.

අර කිව්ව වෙනස?????>>>>

පොස්ටුවේ ටයිටලේ පරිදිම විභීෂණ අඩවිය ලැස්ති වෙලා ඉන්නේ ඊළඟ පොස්ටුවේ ඉඳන් ඒ කියන්නේ 101 වෙනි පොස්ටුවේ ඉඳන් පුංචි වෙනසක් එක්ක ගමන් කරන්න ය .

මෙච්චර කාලෙකට විභීෂණ අඩවියේ නව තාක්ෂණය  එහෙම  නැත්තන් New Technology ගැන පොස්ටු ලියවුනෙම නැත.ඒ විභීෂණ අඩවියේ මූලික හැඩය හෙවත් තීම් theme එක ඒ ජාතියේ නොවීම නිසාය.
එත් ඉස්සරහට ඒ ජාතියේ පොස්ටුත් විභීෂණ අඩවියේ පලවෙනු ඇත.
එත් දෙවැනි විභීෂණ නම් ලොවෙත් ඒ ජාතියේ පොස්ටු නොලියනු ඇත.

දැන් මොකක්ද ඒ අපබ්‍රන්ශේ ???

කාරණය මෙසේය.
මීට සතියකට දෙහෙකට  කලින් බිසෙක වික්‍රමගේ (Biseka Wickramage ) කියලා කෙනෙක්  සයිබරය ඇතුලෙන් විභීෂණ ව  හොයාගෙන ඇවිත් පොඩි ප්‍රපොසල් එකක් කළේය.

ඒ මගේ විභීෂණ අඩවිය ඇතුලේ Guest Posts ලිවීමට ය.
කියාපු විදියට නම් එයා ලියන්නේ Latest Technology ගැනය.
එත් විභීෂණ අඩවිය ඔය වැඩේට ඒ කියන්නේ Latest Technology සීන් වලට එච්චර ටියුන් වෙලා නැතත් වෙනසකටත් එක්ක බිසේක ට ත් විභීෂණ අඩවියේ ආරාධිත ලිපි ලියන්න අවස්ථා වක්  ලබා දෙන්න තීරණය කළේය.

මේ පොස්ටුවේ අවසානයට මේ සම්බන්ධයෙන් බිසෙකත් මමත් අතර ඇතිවෙච්ච ඊමේල් ගනුදෙනුව ඉදිරිපත් කර ඇත. ඒ මේ ගෙස්ට් පොස්ටින්ග් වැඩේ කිසිදුමුදල් ගනුදෙනුවක් මත නොවුණු බව ඔබලා ටදැන්වීමට ය.
මේ ඊමේල් ත්‍රෙඩ් එකට එහා කිසිම දෙයක් මම බිසෙක ගැන දන්නේ නැත. අඩුම ගානේ මේ ඉන්නේ ඉස්තිරියක්ද පුරුසයෙක් ද කියලාවත් විභීෂණ දන්නේ නැත. අවස්තාව ලබා දුන්නේ බිසෙක ව විශ්වාස කරන්න පුළුවන් කියලා හිතුනු නිසා ය.

කොහොම හරි ඉතින් ඊළඟ පොස්ටුව හෙවත් 101 වෙනියට විභීෂණ අඩවියේ පලවෙන්නේ බිසෙක ගේ පොස්ටුවක් ය.
බිසෙක දැනටමත් ඒ ජාතියේ එක පොස්ටුවක්  විභීෂණ ට ඊමේල් කර ඇත. ඒක හෙට අනිද්දා පබිලිස් වෙනු ඇත.

එතනින් එහාටත් බිසෙක එවන එවන විදියට පොස්ටු විභීෂණ අඩවියේ පලවෙනු ඇත.

ඒ පොස්ටුවලට  විභීෂණ එක කොමෙන්ටුවකින් දායක වෙන අතර කියෝන ඔබ තමුන්නාන්න්සේලාගේ කමෙන්ට් වලට බිසෙක රිප්ලයි කරනු ඇත. සියලු ගනුදෙනු බිසෙක එක්ක විසදා ගැනීම මැනවි.

එහෙනම් ඉතින් ඉස්සරහටත් සුපුරුදු හිතවත්කමින් විභීෂණ අඩවියේදී මුණගැහෙන්න බලාගෙන අදට විභීෂණ සමුගන්නේය.

එහෙනම් ඉතින්ආයුබෝ වේවා...

ඒස්වා හිටං..

===============================
මේ ඊමේල් කෝමිනිකේෂන් එක අග සිට මුලට කියවනු මැනවි.

From: Biseka Wickramage <bisekawickramage@gmail.com>
Date: Wed, Jun 15, 2016 at 10:09 PM
Subject: Re: Requesting for guest posting
To: විභීෂණ II <vibheeshana2@gmail.com>


I'll try to reply comments when i have time. Don't worry. It's nice that we're reaching 100 and congratulations on that!
Let me know when it's published.

----------------------------------------
On Jun 14, 2016 10:53 PM, "විභීෂණ II" <vibheeshana2@gmail.com> wrote:
Hello Biseka,
I'll publish your article as the 101st post in my blog.
Please wait few days until I write  more posts & reach the 100.
However I'll publish your posts with your name. Because I have to be honest.
I think it is more suitable if YOU can reply to the comments for that & future posts.
Therefore I hope you will be keep in touch with the blog & reply to any comment to your post with your own Google/Blogger profile.
BR,
VB II
-------------------------------------------
On Mon, Jun 13, 2016 at 8:01 PM, Biseka Wickramage <bisekawickramage@gmail.com> wrote:
Hi Vibheeshana II, (Hahha I really like that name)

Yeah I know you don't have tech articles so wanted to make the site more useful for another set of readers.
I'm hoping to open up a blog but I think it'd be nice to seed current awesome blogs like yours and get all subjects at one place other than making the number of blogs to read. It'll be a pain for our readers. I really want to improve sinhala content because we're the only people who can help rise our language from the whole world. Let's do it!

I don't mind if you publish it in your name, I just wanna share the knowledge. Please find the attached document. Hope you'd like it.

Thanks!
Hoping to write more.


Biseka.

---------------------------------------------------

On Sun, Jun 12, 2016 at 3:09 PM, විභීෂණ II <vibheeshana2@gmail.com> wrote:
Hi Biseka,

Glad to hear that you like to write some guest posts.

Most of the times in my blog I write about "Political & Current Affairs".
Never  written about "Latest Technology".
Therefore I think that if you are allowed to write guest posts, it will change the main theme of my blog at least a little.
Since "VIbheeshana II" is always ready to welcome any kind of positive changes, I WOULD LIKE TO ACCEPT YOUR REQUEST.🔔🔔🔔🔔🔔🔔🔔🔔
As in your email , you can send me those WORD files. I 'll review them & post them.
By the way I would like to know whether you are having a blog of your own, because you have mentioned that you are having experience in Blogger & Wordpress.
If you have a blog, kindly share the URL with me.
Then I can publish that too in the post.
Best Regards,
Vibheeshana II

-------------------------------------------------------
On Sun, Jun 12, 2016 at 9:44 AM, Biseka Wickramage <bisekawickramage@gmail.com> wrote:
Hi,

I'm a Sri Lankan blogger and read this awesome site daily to find the newest content. It's nice of you to keep this going and I really love the site.

I wanted too to write some article about latest technology if you allow for guest posts. No need of a payment, just doing it as a contribution. I can send it in a word document so you can review and give it a go. Also I have experience with WordPress and Blogger interfaces too.

Please let me know.

Keep it up!

Thanks,
B. Wickramage.





37 comments:

  1. දිගටම එයාගේ ලිපි දමන්න එපා. තමුන්නැහෙගේ ලිපිත් දාන්න. එයාව උනන්දු කරන්න නුදුරු අනාගතේදී එයාගෙම බ්ලොග් එකක් පටන්ගන්න. මොනවහරි උදව්වක් අවශ්‍යනම් අපිත් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. //දිගටම එයාගේ ලිපි දමන්න එපා.//
      ----ආ එහෙම වෙන්නේ නැහැ විචෝ,
      අනිවා මම තමයි ලියන්නේ. බිසෙක ගේ ලිපි ත් ඒ අතර පළවෙයි.

      //එයාව උනන්දු කරන්න නුදුරු අනාගතේදී එයාගෙම බ්ලොග් එකක් පටන්ගන්න//
      අනිවාරයෙන්ම විචා.

      එයාගෙම බ්ලොග් එකක් පටන් ගන්න අපි උනන්දු කරන්න ඕන.ඕනෑම සපෝර්ට් එකක් දෙන්න කට්ටිය ඕන තරම් අපි එක්ක ඉන්නවා නේ.

      බලමු. එයාට තේරුම් ගන්න හුරු කරමු තමුන්ගේම බ්ලොග් එහෙක වැඩ කරනකොට දැනෙන සතුට කොයිතරම් ද කියන එක.

      Delete
    2. තාක්ෂණය ගැන ලියන එකෙකුට බ්ලොග් එකක් අටවා ගන්ඩ බැරිද බං ...විකාර

      Delete
    3. අටමෝ,
      උඹ කියනකන් ඔය වග මගේ ඔලුවට ආවේ නැහැ.
      අනිවා මූව උගේම බ්ලොගකට සැට් කරන්න ඕන.

      Delete
  2. සුබ පැතුම්.............Oba obe wanna

    ReplyDelete
    Replies
    1. තැනක් යූ..

      අනිවාර්යයෙන්ම මම මමම තමයි. මගේ බ්ලොග් ලියන රටාව වෙනස් වෙන එකක් නැහැ.

      Delete
  3. පෝස්ට් සීයට උණුසුම්ම සුබ පැතුම් විභීෂණ... දිගින් දිගටම ලියන්න හයිය හත්තිය ලැබේවා. බිසේකටත් වෙල්කම්.(නයිස් නේම්, අන්කොමන් නේම්)

    ReplyDelete
    Replies
    1. තැනක් යූ වේවා..

      ----
      ප.ලි/
      අනේ බන් , ඔයිට වැඩ හොඳ නමක් තිබ්බෙම නැද්ද බන් දා ගන්න. අහනකොටත් බයයි නේ..

      Delete
  4. පලවෙනි පාරටයි ගොඩවුනේ.. දිගටම ලියන්න සුබපතනවා ..ජයෙන් ජය!

    ReplyDelete
    Replies
    1. තැනක් යූ..

      පිලිගන්නවා සාදරයෙන් ආදරයෙන් විභීෂණ අඩවියට.

      Delete
  5. පොස්ට්ස් සෙන්චරියට සුබ පැතුම්

    ReplyDelete
  6. සියයට මගෙන් ළකුණු සීයයි හිටං. ඉතින් මේ සුභ පැතුම් විභී....ටයි හිටං..

    ජයවේවා!!!

    ReplyDelete
  7. මට කියන්න තියෙන්නේ බිසෙක වැඩ කාරය්ක් කියලා විතරයි.. ඉතිරි ටික අන් අය සිතා ගනිත්වා...

    විචා කියලා තියෙන දෙයටත් එකඟයි

    ReplyDelete
    Replies
    1. මාතො,

      කමෙන්ට් එකට තැනක් යූ.
      එත් මට ටිකක් පැහැදිලි මදි.

      Delete
  8. සීයට සුබ පැතුම් !!
    රන්දිකා නෝන රවි අයියට බ්ලොගේ දීල වෙච්ච වැඩේ වෙයිද දන්නෑ. හැක්..

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      මේ උදේ පාන්දර මගෙ ලේ රත් කරන්නෙ නැතුව ඉඳහං හෝතඹුවො..මොකද දැං රන්දිකා නෝනට වෙලා තියෙන්නෙ?

      Delete
    2. මේ උතුම් පුන් පොහෝ දින කෝපකාරී සිතුවිලි පහල නොකරගන්න. සුවපත් වේවා !! හැක්..

      Delete
    3. හුටා අද පෝයද? අප්පට සිරි...කිව්වත් වාගෙ වහ වහා ප්‍රකෝපකාරී සිතුවිලි දූරිම්බූත කොට මෙත්සිත් පහදවා ගත යුතුය.

      Delete
    4. මොකක්ද බන් මේ වුනේ..
      මට සුබ පතන්න ඇවිත් තොපි දෙන්නා මරා ගන්නවා නේද?

      Delete
  9. මේ ගල් බමුණෙක් හින්ද මල්ලි උඹට සුබ පතන්ටත් බැරිවුනා...සුබපැතුම් සීයට!!!

    ReplyDelete
    Replies
    1. ගල් බමුණ කියන්නෙ අර බැටරි කෑලිවල මදේ දාල හදන ඩ්‍රින්ක් එකක් නේද?

      Delete
    2. මදේ නෙවෙයි බං ..මැද තියෙන කූර..ඕක දෙහි ඇඹුලෙං ගල ගාල දෙතුං පාරක් දිවේ ගාගත්තම ඇති. නන්-ස්ටොප් ගිහිල්ල නවතින්නෙ අකනිටා බ්‍රහ්ම ලෝකෙටත් එහා හෝල්ට් එකේ...සඟටොප් කියල කියන්නෙත් ඕකට වෙන්න ඕන මගෙ හිතේ... :)

      Delete
    3. පෝය දවසෙ බාර්රුත් වහල හින්ද අන්න කරනවනං වැඩේ.

      Delete
    4. යකුනේ අද පෝය, බාර් එහෙමත්ව හල තියෙන දවසේ ඔය වගේ දේවල් ජනතාවට දැනුම් දෙන එක හරිද මං අහන්නේ...

      Delete
    5. ලොක්කා,

      මොනවද බං උඹේ මේ දිව දෙකේ කතා? උඹ අර බිසේකට හොඳ කියනව දැනුම බෙදා දෙන්ට හදනවයි කියල. ඉතිං අපිත් ඒකම කරන්ට හැදුවම ඇඟට ගොඩවෙනව....:(

      Delete
    6. ඔන්න ඔන්න ඉතින් ආයේ මරා ගන්නවා..

      නව්ත්තන්නයි කිව්වේ දෙන්නටම...

      Delete
  10. 100 ට සුබ පැතුම් මචං...

    බිසේක කියපු කතාව හරි මචං...
    නව තාක්ෂණය ගැන පමණක් ලියවෙන බ්ලොග් එකක් මිනිස්සු කියවනවා අඩුයි, වැඩිදෙනා කියවන බ්ලොග් එකක් තුළ එවැනි පෝස්ට් පල කිරීම ප්‍රතිපල දායකයි...
    ඔහුගේ අරමුණ තමන්ට කියා බ්ලොගයක් ආරම්භ කිරීම නොව දැනුම බෙදා දීම බැවින් ඔහුගේ යෝජනාව නිවැරදි බවයි මගේ අදහස...

    ReplyDelete
    Replies
    1. සුබපැතුමට තැනක් යූ..

      ------
      උඹේ කතාව හරි,

      එයාගේ අරමුණ එක්ක බළකොට සාර්ථකයි තමයි. එත් එත් බිසෙකට බහ තමුන්ගේම බ්ලොගක් ඇතුලේ ලියන අපි ලබන සතුට ලබන්න .

      මගේ න, යෝජනාව එයාටත් අලුත් බ්ලොගක් එක්ක ඉදිරිපත් වෙන්නය කියන එක තමයි.
      මගේ බ්ලොගේ චාන්ස් එක දෙන්නේ එහෙම හිතෙන්නත් එක්ක තමයි..

      Delete
  11. මගේ සුබ පැතුම් ද එක් කරමි

    ReplyDelete
  12. සීයට සුභ පැතුම්... අලුත් ලිපිත් කියවන්න බලන් ඉන්නවා...

    ReplyDelete
    Replies
    1. බොහොම සන්තෝසයි..

      ඉස්සරහටත් හම්බුවෙමු.

      Delete
  13. සීයෙන් සියයි.. සුභ පැතුම් කෝටියයි..!!
    ජයවේවා..!!

    ReplyDelete

කමෙන්ට් කලාපය....